Friday, November 27, 2015

හුලං කාර් සහ ප්‍රෝඩා නිර්මාණකරුවන්(Truth about wind powered car)

දැනට වසර කිහිපයකට පෙර ලංකාවේ ඉන්ධන මිල වැඩිවීම සමග ප්‍රචලිත කරන ලද නව නිර්මාණ දෙකක් තමයි ජලයෙන් දුවන මෝටර් රථය සහ සුළඟින් දුවන මෝටර් රථය. ඒවා මාධ්‍ය වල ගිය මුල් කාලයේම මටනම් වැඩේ තේරුනා. කනබොන වෙලාවට යාළුවන් සමග මේ ගැන විවේචනය කරත් මේ ගැන මෙහෙම වත් ලියන්න බ්ලොග් කියලා දෙයක් තියෙන බව මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ. මේවා ප්‍රෝඩා බව තේරුණා අයගේ මතයන් සමාජ ගත නොවීම නිසා වතුරෙන් දුවන වාහන නිර්මාණ කාරයා මිනිසුන් රවටා මුදල් ගරාගෙන තිබුණු බවත් ආරංචියි.

හුලං කාර් පරණ නිවුස් එකක් උනත් මේ ගැන සාකච්චාවට ලක් කරන්න  දම්පාට දේදුන්න බ්ලොග් අඩවිය  මාස කිහිපයකට කලින් දාපු ලිපිය මට අහුවුනේ අදයි.  එම ලිපියට දැන් කමෙන්ට් කරොත් ලිපිය පරණ නිසා බොහෝ දෙනාගේ ඇස නොගැටෙන බැවින් මම මේ ගැන පොස්ට් එකක් දාන්න හිතුවා 

මුලින්ම මේගැන සඳහන් facebook පිටුවේ සඳහන් විස්තරය සලකා බලමු .

"ලොවෙ ප්‍රථම, සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය ලංකාවෙන්"

ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.

පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.


ඒ වගේම මෙහි නිර්මාණකරු alibaba.com හි දැමු පහත විස්තරයත් බලමු.


Specifications

100% Electric Car with self charging system.

1)Dimensions (L x W x H): 2,608 x 1,515 x 1,526mm
2) Drive type: rear wheel drive
3) Wheelbase: 1,800mm
4) Steering system: rack-and-pinion steering gear
5) Wheel type (front/rear): 155-80R1277T / 155-80R1277T
6) Mi. ground clearance: 200mm
7) Parking brake: hand / rear-wheel brake
8) Net weight: 600kg
9) Battery type: lead-acid maintenance battery
10) Power: 5kW/48V DC
11) Weight of battery: 160kg
12) Electric system: 12V DC
13) Battery life: recharging for 500< times
14) Charger: 48V, 25A
15) Controller: 48V
16) Battery: 6V/225Ah x 8 and 12/200Ah lead-acid
17) Max speed: 70 < km/h (can be restricted below 40km/h)
18) Max climbing capability: 30 degrees
19) Min. turning diameter: 4.6m
20) Braking distance: within 6m
21) Running distance: 120 < km
22) Charging time: within 8< h
23) Speed control: pedal control / automatic

මේ විස්තර අනුව මේක විදුලි මෝටර් රථයක් සුළඟ මගින් ස්වයං ආරෝපණ පධ්දතියක් සහිත. මෙතන ප්‍රශ්නය තියෙන්නේ සුළඟ මගින් ආරෝපණය වෙන්න හදපු පධ්දතියේ. මෙම වාහනයේ ඉදිරිපස සුළඟ මගින් විදුලිය නිපදවීමට ටර්බයින් දෙකක් සවිකර ඇති බව පේනවා. සරලවම භෞතික විද්‍යාව අනුව සුළඟ මහින් විදුලි ටර්බයිනය කරකවන්න නම් සුළඟ මගින් ටර්බයිනය මත බලයක් ඇතිවෙන්න ඕන. එය මෝටර් රථයේ චලිතයට එරෙහි බලයක් මෝටර් රථය ඉදිරියට යන්න නම් එය මැඩ පවත්වන්න එහි මෝටර් මගින් අමතර බලයක් යොදන්න ඕන. එය සඳහා මෝටර් රථයේ බැටරි වලින් ශක්තිය දෙන්න ඕන. එය මගින් දෙන්න ඕන ශක්තිය සමාන වෙනවා සුළඟ මගින් රථයේ චලිතයට බාධාකරමින් ටර්බයිනය මතට ලබාදෙන සුලන්ගේ චාලක ශක්තියට. ගැටලුව තියෙන්නේ ලෝකේ තියෙන කිසිම ටර්බයිනයක් වත් විදුලි උත්පාදකයක් වත් 100% කාර්යක්ෂම නොවන නිසා  සුළඟින් ටර්බයිනයට දෙන ශක්තියෙන් සුළු කොටසක් විතරයි විදුලිය නිපදවන්න භාවිතා වෙන්නේ.  එබැවින් සමස්තය සලකා බැලුවම සිදුවන්නේ සුලන්ගේ ශක්තියෙන් විදුලිය ටිකක් හදාගන්න ගිහින් රථයේ බැටරි වලින් ඊට වඩා ශක්තියක් නාස්ති කරන එක. ඒක නිසා දැන් ඔය කාරය එක සැරයක් චාජ් කරහම 120km යනවා නම් ඔය රථයේ ඔය කියන ටර්බයින් සහිත ස්වයං ආරෝපණ පධ්දතිය(self charging system) ගලවලා නිසාන් ලීෆ් වගේ හොඳ වායු ප්‍රතිරෝධ අඩු හැඩයකට බොඩිය හැදුවා නම් අඩුගානේ 140km වත් යන්න පුළුවන් වේවි. 

ඔන්න මම සිද්දිය ගණිතය සමීකරණ නැතිව පැහැදිලි කළා. ඔය කියන රථය එහි නිර්මාණ කරු කියන විදියට වැඩකරනවා නම් මේ විදියට 

ඩයිනමොවකට මෝටරයක් සම්බන්ද කරලා මුලින් බැටරියක් ගහලා ටිකක් මෝටරය කරකවලා දෙනවා. මෝටරය කැරකෙන විට එයට සම්බන්ද ඩයිනමොව විදුලිය හදනවා ඒ විදුලියෙන් නැවත මෝටරය කරකවනවා. ඔය විදියට සදාකල් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔයවිදියට විදුලිය ලාබෙට හදන්නේ නැතිව ඇයි මෙච්චර ඉන්ධන නාස්තිකරන්නේ. ලෝකේ ඉන්න ඔක්කොම ඉංජිනේරුවන්ට  පිස්සුද?

අනේ නැහැ.ලෝකේ වෙන රටවල මේවා ගැන සංකල්ප බිහිවුනේ එක්දහස් අටසිය ගණන්වල. ඔහොම සැලසුම් කරපු යන්තර වලට කියනවා සදා චලිත යන්ත්‍ර කියලා (perpetual motion machine)  දැනුත් සමහරක් පොරවල්  හිටී ගමන් මේවා ගැන සැලසුම් ඉදිරිපත් කරනවා. භෞතික විද්‍යාව අනුව ඔය හැම එකක්ම වැඩකරන්නේ නැත්තේ ඇයි කියලා සරලව පැහැදිලි කරන්න පුළුවන්. එක තමයි ශක්ති සංස්ථිතිය. ඔන්න සින්හලුනේ දැන් ඔප්පු කරපල්ලා ශක්ති සංස්ථිතිය බොරුයි කියලා.

අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.ඕවා කියන්න මල්ලී කොන්දේ බැඳපු පරණ චීනෙකුට. දැන් චීන්නු නම් ඕවාට රැවටෙන්නේ නැහැ. ඔය මල්ලී සල්ලි හොයන්න හදන විදියට ඉස්සර කට්ටිය ගෝනි එලලා සල්ලි හෙවුවා. දැනුත් මේවට රැවටෙන චීන්නු නොවෙයි සිංහල රට හරක් ලංකාවේ ඉන්න බව මම මුලින් දුන්න facebook පිටුවේ කමෙන්ට් වලින් පේනවා...

Sunday, November 22, 2015

අඩුමිලට හීලියම් කාර්(Helium cars for sale in Sri Lanka)

අයවැයෙන් පස්සේ බහුතරයක් හූල්ලනවා වාහන මිල වැඩිවීම ගැන. සහ දුම් පරීක්ෂණ ගාස්තු වැඩිවීම පිළිබඳව. ඒ වුනාට මේ සැරේ අයවැය මගින් හීලියම් වාහන වල බදු අඩුකරලා තියෙන්නවා. හීලියම් කියන්නේ අපේ ගැහැණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බැරිව හිටපු JR මුත්තාටත් දහනය කරන්න බැරි වායුවක් නිසා. හීලියම් වාහන වලට දුම් පරීක්ෂණ වාර්තා අවශ්‍ය නැහැ. එක නිසා සාක්කුවට ප්‍රශ්නයක් නොවී එන අවුරුද්දේ ඉඳලා  දුවන්න පුළුවන් එකම වාහනය හීලියම් කාර් විතරයි. 
හීලියම් කාර් එකක මම පින්තුරයක් කොහෙන් හොයන්නද? සමහර විට රවියා ගාව ඇති.
අයවැය දවසේ ප්‍රවුර්ති අහපු මට වාහන වල බදු ගැන කියනකොට ලොකු දුකක් ආවා. බදු වැඩිකිරීම නිසා නොවේ දුක හිතුනේ හීලියම් වාහන ගැන කියපු නිසයි. ලෝකේ කොහෙද හීලියම් ඉන්ධනයක්  වන වාහන තියෙන්නේ. හීලියම් කියන්නේ කිසිම විටක ඉන්ධනයක් වන දෙයක් නොවේ. විශ්වයේ තියන රසායනික ප්‍රතික්‍රියා වලට දායක නොවන මෙන්ම ස්ථාවරම න්‍යෂ්ටිය හිමි හීලියම් කියන්නේ න්‍යෂ්ටික ඉන්ධනයක් ලෙසවත් භාවිත කළහැකි මුලද්‍රවයක් නොවේ. විද්‍යාව අනුව හීලියම් වාහන කියන්නේ විහිළුවක් බව  සාමාන්‍ය පෙළ විද්‍යාව ඉගෙන ගත් කෙනෙකුට උනත් තේරෙන දෙයක්. හීලියම් වාහන ගැන අයවැයේ බදු අඩුකරන වාහන ලෙස සඳහන් කලාම ලංකාවේ ප්‍රතිපත්ති හදන ලොක්කන්ගේ සාමාන්‍ය විද්‍යා දැනුම ගැන වගේම අයවැය අහලා මේ හීලියම් වාහන නැති බව තෙරුම්ගන්නවත් දැනුමක් නැති උගතුන් සිටීම ගැන ලොකු දුකක් ඇතිවුනා.(තාම මේ ගැන FB එකේවත් කවුරුවත් අදහසක් වත් දාලා නැහැ)

අයවැයක් කියන්නේ ඉතා විද්‍යානුකුලව සැකසිය යුතු දෙයක්. යමක බදු වැඩි හෝ අඩුකරනවා නම් එමගින් (කෙලින් හෝ වක්‍රව) රටේ ආදායමට දායක වන ප්‍රමාණය නිර්ණය කල යුතුයි. රටක ආර්ථික ප්‍රතිපත්තියෙන් රටට වන දේ කලින් නිගමනය කර තිබිය යුතුයි. මේ අයවැයේ එහෙම දෙයක් සිදුවී නොමැති බව මේ හීලියම් කතාවෙන් හොඳට පැහැදිලි වෙනවා. අයවැය හදන විට මේ කියන හීලියම් වාහන වල බදු අඩු කිරීම නිසා රටේ බදු ආදායම අඩුවෙන්නේ කුමන ප්‍රතිෂතයකින්ද කියා එස්ටිමෙට් කරන්න ගියානම් හීලියම් වාහන කියන ඒවා වෙළඳ පොලේ නැතිබවවත් තේරෙන්න ඕන.

පින්තුරය ගත්තේ මෙතනින් 
http://www.toonpool.com/cartoons/Helium_102644



Tuesday, May 19, 2015

මගේ කතාව(War for Peace)


අපි අප අතරින් වැඩි පිරිසක් ජීවිතයෙන් වැඩි කලක් යුධ ගිනි අවුලුනු රටක ජීවත් වුනා. 83 කාලෙදී මම අත දරුවෙක් නමුත් මට රටේ යම් සිදුවීමක් වූ බව මතකයේ තෙබෙනවා. මීට වසර 6 කට පෙර අපි හිටියේ සිතියම බල බල යුදය ඉවර වීම දැක දැක සතුටු වෙමින්. මම පිලි නොගත් නමුත් කවදාවත් ඉවර කරන්න බැරි යයි  සමාජ මතයක් තිබුණු යුධය ඉවර් වීම අප සැමගේ ජයග්‍රනයක්. 

මම දකින විදියට නම් ලංකාවේ සිංහලයන්ට නැති උතුරු නැගෙනහිර මිනිසුන්ට පමණක් අනන්‍ය ගැටළුවක් නැහැ. මෙතන බෙදුම්වාදය පෝෂණය කරන්නේ තම දේශපාලන වාසි සලකා දේශ පාලකයන්. මේ රටේ යම් යම් ආගමික හෝ ජාතීන් නියෝජානය කරන දේශපාලන පක්ෂ තමයි බෙදුම් වාදය ඇතිකරන්නේ. මුලුන්ම පරාජය කල යුත්තේ එයයි. අපට එක් ශ්‍රී ලාංකික ජාතියක් කියන සංකල්පය තුලට යන්න බැරිනම් කවදාවක් එක්සත් ශ්‍රී ලංකාවක් දකින්න බැරි වේවි. 

මෙතනින් පසු දැක්වෙන්නේ අප බෙහොදෙනෙකු අත්විඳි අතීතයයි.

********************************

මේ පින්තුර ටික මගේ ජීවිතේ අවරුදු තිහක නොකිව්ව කතාව කියනවා.. ඒ කතාව ඔයාලගේ කතාවද කියන්න මම දන්නේ නෑ..

මගේ ජීවිතේ දන්නා කාලේ ඉදලම නිව්ස් වලට කිව්වෙම ආමි එකේ අයයි ත්‍රස්තවදියෝයි මරා ගත්ත එක ගැන විතරයි.. එයාල මරා ගන්නේ ඇයි කියල නම් කිව්වේ නෑ..
කොබ්බැකඩුව බෝම්බෙකට අහුවෙලා මැරිලාලු අම්ම කම්පා වෙනවා.. තව හමුදාවේ ලොක්කෝ ගොඩක් අහු වෙලා එකට කියලා ගෙදර අය කතා වෙනවා.. ආයේ යුද්දේ දිනන්න බැරි වෙයි කියලා එයාල ඔක්කොම කියනවා..

මගේ ජීවිතේ දන්නා කාලේ ඉදලම නිව්ස් වලට කිව්වෙම ආමි එකේ අයයි ත්‍රස්තවදියෝයි මරා ගත්ත එක ගැන විතරයි.. එයාල මරා ගන්නේ ඇයි කියල නම් කිව්වේ නෑ..
කොබ්බැකඩුව බෝම්බෙකට අහුවෙලා මැරිලාලු අම්ම කම්පා වෙනවා.. තව හමුදාවේ ලොක්කෝ ගොඩක් අහු වෙලා එකට කියලා ගෙදර අය කතා වෙනවා.. ආයේ යුද්දේ දිනන්න බැරි වෙයි කියලා එයාල ඔක්කොම කියනවා..

අලිමංකඩ කෑම්ප් එකට කොටි ගහන්න ඇවිත්.. බුල්ඩෝසර් එකක බෝම්බ හයි කරලා කෑම්ප් එක ඇතුලට ගෙනල්ල පුපුරවන්න ගිහින්.. හසලක ගාමිණි කියල කෙනෙක් ඒ අව බුල්ඩෝසර් එකට බෝම්බයක් එක්ක පැනලා ආමි එකේ කොල්ලන්ගේ ජීවිත බේරගෙනලු.. තමන්ගේ ජීවිතේ පූජා කරලා හරි රට රකින්න ඕනි කියන එක මගේ හිතට අවේ ඒකෙන් වෙන්න ඇති.. හසලක ගාමිණි කියලා උස මහත තේජවන්ත මනුස්සයෙක්ගේ පින්තුරයක් මගේ හිතේ අඳුනා... දවස් දෙකකට විතර පස්සේ tv එකේ හසලක ගාමිණි කියලා කෙනෙක්ගේ පින්තුරයක් පෙන්නනවා.. හීන්දෑරි ඇඟක් තියන උඩු රෑව්ලක් තියන කොල්ලෙක් ආන්බාන් කරන්න අමාරු වගේ පේන තුවක්කුවක් අල්ලගන ඉන්න පින්තුරයක් ඒක.. ඒ පුංචි මනුස්සයා එච්චර වීරකමක් කරා කියලා හිතෙනකොට මට හරි ආඩම්බරයක් දැනුනා..

මුලතිව් කෑම්ප් එකට කොටිගහලලු.. 1500 විතර කොල්ලෝ කොටුවෙලා කියලා tv එකේ කියනවා.. කෑම්ප් එකේ හිටිය සහෝදර සෙබළු බේරගන්න විශේෂ බලකායේ අණදෙන නිලධාරී ෆස්ලි ලෆීර් එක්ක 275 ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙච්ච සෙබළු ගුවනින් ඉයක්කච්චි වෙරළට ගොඩ බහිනවා.. බිහිසුණු සටන් අතරේ දරුණු තුවාල වෙන අණදෙන නිලධාරී තුමා තමන්ගේ සහෝදර සෙබළු අරමුණ කරා අභිතව මෙහෙයවනවා.. තුවාල වල දරුණු කමට එයාගේ ධෙර්යය උදුරා ගන්න බැරි උනත් එයාගේ ජීවිතේ උදුරා ගන්නවා... ඒත් මේ රටට ආදරේ කරන මිනිස්සුන්ට එයාගේ සුන්දර හිනාව නම් අමතක කරන්න බැරි වෙයි කවදාවත්....

නොනවතින රැල්ල කියලා කොටි එල්ල කරපු ප්‍රහාර එක්ක අලිමංකඩ කදවුර තවදුරටත් අපේ හමුදාවට අල්ලාගෙන ඉන්න බැරි වෙනවා.. මහා දවල් කදවුර අතැරලා පසුබහින්න හමුදාවට එන ලැබෙනවා.. දවස් ගානක් 

වතුර නැතුව හිටපු සෙබළු ගොඩක් දෙනෙක් දැඩි උණුසුම දරා ගන්න බැරුව මිය යනවා ...

තමන්ගේ දරුවෝ රට නිදහස් කරගන්න හමුදාවට බර දුන්න අම්මලා තාත්තලා උන් යේ ගෙදර එනකල් කමක් බීමක් නැතුව බලන් හිටිය යුගයක් මේ රටේ මෑතම ඉතිහාසේ තිබ්බා.. තමන්ගේ දරුවාගේ හෙට දවස වෙනුවෙන් දෙමාපියන්ගෙන් එක්කෙනෙක් වත් ජීවත්ව ඉන්න ඕනි කියල හිතල එකම තැනට රස්සාවට ගිය අම්මල තාත්තලත් බස් දෙකක කොච්චි දෙකක ගිය යුගයක් තිබ්බා..කොයි වෙලාවේ බෝම්බයක් පිපිරිලා කව්රු මැරෙයිද කයන්න බැරි තරම් අවිනිශ්චිත කාලයක් තිබ්බා...
රටේ හමුදාවේ බුද්ධි අංශයේ සමජිකයෝන්ගේ නම් ගම් ඔක්කොම ප්‍රසිද්ධ කරලා උන් මැරෙන කල් බලන් හිටිය කුහක දේශපක්ලකයෝ රට කරපු යුගයක් අපි පහු කෙරුවා.. 
කොටි කදවුරු ඇතුලට ගිහින් මහා කොටියෝ මරල දාන සෙට් එකක් හමුදාවේ ඉන්නවා කියලා කටකතාවක් යන්න පටන් ගත්තා එකවරම.. ශංකර් මරළලු.. ඇතුලටම ගිහින් ඇටැක් කරලා තියෙන්නේ.. තන්ගේමරන්, චාර්ල්ස් ඔය වගේ මහා කොටියෝ දුසිම් ගණන් උන්ගේ බලය තියන ප්‍රදේශ වලම මියැදෙන්න පටන් ගත්තා.. හමුදාවේ මහසොහොන් බලකායේ වැඩ... විශේෂ බලකාය ගැන එක එක්කෙනා කියපු කතා අහන ගොඩක් අයට මේ යුද්දේ අපිට දිනන්න පුළුවන් කියන පුංචි බලාපොරොත්තුවක් අයෙත් අවා..
කිලෝමීටර් 50-60 සතුරු කලාප ඇතුලට ගිහින් තමන්ගේ ඉලක්කේ සාර්ථක කර ගන්න දවස් ගණන් එහෙම සැගවිලා ඉන්න ඒ අභීත වීරයෝ ගැන කතා හැමෝම කියන්න ගත්තා.. තමන්ගේ කණ්ඩායමේ 8 දෙනෙක් එක්ක ඒ වගේ මෙහෙයුමකට ගිය ලලිත් ජයසිංහ ඉලක්කේ සාර්ථක කරගෙන අපහු එද්දී සතුරු වෙඩි පහරකින් මිය යනවා..අදටත් එතුමාගේ පින්තුරේ ළඟ තියාගෙන එතුමාගේ නොදැකපු දියණියට අකුරු කියවන ආදරණීය බිරිදගේ පින්තුරේ මට මැවිලා පේනවා.. එයාලගේ කැප වීම නිසා මේ රටේ කාන්තාවෝ කීදෙනෙක් තන්මන්ගේ සැමියා දරුවෝ එක්ක අද සතුටෙන් ඉන්නවද?? 

සිංහ කොඩියෙන් වහපු මිනි පෙට්ටි වලින් තමන්ගේ නෑදෑයෝ අන්තිම වතාවට බලන්න ගෙදර අපු අපේ රණවිරුවෝ කී දාහක් මේ පොලවේ අද නිදනවා ඇද්ද?? ඒ වගේම කවදාකවත් තමන්ගේ අවසන් ගමන තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝන්ගේ කර මතින් යන්න බැරි උන මෙරටේම නොදන්නා තැනක මිහිදන් උන වීරයෝ කී දාහක් ඇත්ද???ඔබට අද දිනය නිදහසේ ගතකිරීමට සිය තරුණ ජීවය පුදකල දහස් ගණනක් වීර පුතුන් ඔබට මතකද ? අද ඔබ හුස්ම ගන්නේ ඔවුන් දිවි පුදා දිනු දේශයේ බව ඔබට මතකද ?

ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔව්හු.... ලොව කිසිදා කාලය හමුවේ නොමියෙති, නොම පිරිහෙති ඔව්හු ...
හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු දිවිදුන් සොහොයුරන් ...!

උපුටා ගත්තේ මෙතැනිනි.

********************************

Saturday, April 25, 2015

පන්සලේ ජරමරේ...!!!(Crisis of ------------------------)


එක ගමක පන්සලක 'කපටි' පොඩි හාමුදුරු නමක් බණක් භාවනාවක් එහෙම කරං ගමේ මිනිස්සුන්ට ප්‍රශ්ණ ආවම ඒවටත් උපකාර කරං හිටියා... එයාට හැමෝම ලොකු හාමුදුරුවන්ටත් වඩා ගරු සත්කාර කරා.. කාලයක් යන කොට මෑන් බැලුවා දැන් මම තමයි පන්සලේ ජනප්‍රියම.. දැන් තමයි වෙලාව ලොකු හාමුදුරුවොන්ට ගේමක් දීලා පන්සලේ බලේ අල්ල ගන්න කියලා.. මේ පොඩි නම කාලයක් තිස්සෙ හිතේ හංගං හිටපු ආසාවක් තමයි... මේ පන්සලේ මහ පුටුව..

ඔහෝම ඉන්න කොට තමයි දවසක් අල්ලපු භාරත ගම හොල්ලන් ඉන්න කසිප්පු මුදලාලි මේ පොඩි නමට මුලිච්චි වෙන්නෙ.. මේ කසිප්පු මුදලාලිගෙ බිස්නස් වලට අංචි ඇදපු නිසා මෙයාටත් ලොකු හාමුදුරුවො මල ඇණයක් වෙලයි තිබුනෙ.. ඕක පොඩි නම හොඳටම දැන ගෙන හිටියා.. දැන් දෙන්නා ගැහුවා ප්ලෑනක් ලොකු හාමුදුරුවො එලවලා දාන්න.. ප්ලෑන අනුව මුලින්ම තිබුනෙ පන්සලේ සෑහෙන්න කාලයක් ඇබිත්තිකම කරන් හිටපු තලත්තෑනි සේන මාමට සිවුරක් අන්දලා පංසලේ මහ පුටුවට ගේන්න.. මොකෝ එහෙම කරේ.. ගමේ අය පොඩි නමට කැමති උනාට දැන්ම මහ පුටුව භාර දෙන්න ලැහැස්ති නැති බව මේ කපටි පොඩි නම දැනගෙන හිටියා.. ටික කාලයකින් ලේසියෙන්ම සේනයා එලෙව්වම තමන්ට නිකම්ම පන්සල අයිති කරගන්න තමයි පොඩි නම ප්ලෑන් කරේ...

දැන් දෙන්නා කතිකා කර ගත් විදිහට වැඩේට බැස්සා... උපතින්ම කුලෑටි චරිතයක් වෙච්ච සේන මාමා මුලින්ම බය උනා.. අදිමදි කරා... කැමති උනේ නෑ වැඩේට... ඒත් සේන මාමාව පොඩි කාලෙ ඉදන් නාවලා කවලා පොවලා බලාගත්තු චන්ද්‍රා ඇන්ටි ලව්වා සේන මාමාව කැමති කර ගන්න පුළුවන් උනා.. සේනයා චන්ද්‍රා ඇන්ටිට ලොකු හාමුදුරුවන්ටත් වඩා ගූ බයයි... එයා කියන ඕනැ දෙයක් කරනවා කියලා පොඩි නම දැනගෙන උන්නා.. තමන් කුළඟන සමිතියේ සභාපතිකමින් පන්නපු වාඩුව තමන්ට පෙන්නන්න බැරි ලොකු හාමුදුරුවන්ගෙන් ගන්න චන්ද්‍රා ඇන්ටි කල් යල් බලනවා කියලත් පොඩි නම දැනගෙන උන්නා..

ප්ලෑනට අනුව සේන මාමාව කරලියට ගේන්න කලින් ලොකු හාමුදුරුවන්ගෙ චරිතය නැති කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක උනා.. කසිප්පු මුදලාලි ඒකට යොදා ගත්තෙ උඩින් හතුරු වෙසින් හිටියත් තමන්ගෙ ගජම මිතුරෙක් වෙච්ච අරුණ කුමාර කියලා මැදිවියේ මනුස්සයෙක්.. මෙයා කැම්පස් එහෙම ගියපු උගත් කපටියෙක්.. දහම් පාසලේ ඉගැන්නුවා.. ගමේ මළ ගෙවල්වල නයිට ගහලා කථා කිව්වා..

මෙයාට තියෙන්නෙ අමුතුම ආසාවක්.. මෙයාට ඕනැ උනේ සියළුම හාමුදුරුවො පන්නලා පන්සල බිමට සමතලා කරලා ඒ ඉඩමේ රතුපාට තින්ත ගාපු ගෙයක් හදන්න.. එයා කැම්පස් යනකාලෙ බලපු රුසියන් ෆිල්ම් එකක තිබුනු රතු ගෙයක් දැකලා තමයි මෙයාට මේ පිස්සුව හැදුනෙ.. මෙයා හොඳ කට මුකරියා හින්දා තමන්ගෙ ආසාව ඉශ්ඨ කර ගන්න රසවත් කථා කිව්වා.. පන්සල විවේචනය කරා... හාමුදුරුවො කෙටෙව්වා.. උපාසක අම්මලාට සමච්චල් කරා.. ගමේ කොළු කුරුට්ටො මෙයාගෙ කථාවලට නැට්ටෙ ඉදන් ඇඳලා හිටියෙ.. ඉතින් මෙයා ලොකු හාමුදුරුවන්ගේ චරිතය නැති කිරීමේ කොන්ත්‍රාත්තුව පැනලා බාර ගත්තා.. ලොකු හාමුදුරුවො වටේ හිටපු සමහර ගෝලයො දායකයො කරපු මජර වැඩ පවා ලොකු හාමුදුරුවන්ගෙ එකවුන්ට් එකට දැම්මා..

ලොකු හාමුදුරුවොම කරපු සමහර මංඤ්ඤං වැඩ දෙගුණ තෙගුණ නොව දහ ගුණ කර ප්‍රචාරය කරා... ආවාසයේ ඇඳ යට ඇතෙක් බරට වස්තුව ඇති බව කිව්වා.. පන්සලේ මල් අසුන, බණ මඩුව ඉදි කරන විට ගසා කෑ බව කිව්වා.. සිවුරේ ගණන් හිලව් පවා කිව්වා... මේ ළණු ගම්මු බොහොමයක් කන අතරේ සේන මාමාට සිවුරු පටලවිල්ලත් සිදු උනා...

මෙසේ ප්ලෑන ක්‍රමයෙන් ඉදිරියට ආ අතරේ දායක සභාව කැදවන දිනයත් එලැබුනා.. පොඩි නම, සිවුර දරා සිටි සේන, චන්ද්‍රා ඇන්ටී, අල්ලපු ගමේ කසිප්පු මුදලාලිගේ මේ ගමේ ගෝල බාලයන්, අරුණගේ ළණු කෑ කොළු කුරුට්ටන්, බොරුවට රැවටුනු දායකයන් එක පිලකට පැන ලොකු හාමුදුරුවන් පන්සලෙන් පලවා හරින්නට කටයුතු කරා.. සුළුතරයක් වූ ලොකු හාමුදුරුවන්ගේ අගය දත් දායකයන් කම්පා වන විට ලොකු හාමුදුරුවන්ට සිදු වූයේ ගම කෙලවර වන ලැහැබටම පලා යන්නටය...

ඒ අතරේ චීවරදාරී සේන විහාරාධිපති ලෙස මහ ආවාසයට ගිය අතර දායකයන් අතර කුජීත චරිතයක් බවට පත්ව කලකට පෙර දායක සභාව විසින් පන්සලෙන් එලවා සිටි වික්‍රමවංශ දෙවනියා ලෙස ඊලඟ ආවාසයේ පදිංචි උනා ..කපටි පොඩි නම කල් මැරීම සදහා හිටපු ආවාස ගෙයිම නැවතුනා.. අරුණ පන්සලේ ස්ථීරවම පදිංචි නොවුනත් පන්සලෙන්ම කා බී බොහෝ විට නයිට ගැසුවේ බණ මඩුවේය..

නමුත් මේ නඩයේ සොමිය වැඩිකල් පැවතුනේ නැත... සේන සිවුරු දරා මුල් පුටුවේ සිටියද ඔහු තවම හැසිරෙන්නේ ඇබිත්තයෙකු ලෙසය.. හිටි ගමන් අමතක වී සාමනේර නමට පවා වදියි.. පන්සල නැවත පැමිණ මාසයක් යන්නට පෙර වික්‍රමවංශ පිං පෙට්ටිය භාර දුන් එකා එය කඩා අතේ මාට්ටුය... චන්ද්‍රා ඇන්ටී මහ ආවාසයේ කාමරයක පදිංචි වූයේ තරුණ පිරිසකගේ හූ හඩ මැද්දේය.. බාගෙට හැදූ ඝන්ඨාර කුළුන ලත් තැනම ලොප්ය...

වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබූ පොකුණ ලොවෙත් නැත... ඇඳ පල්ලෙන් ලොකු හාමුදුරුවන්ගේ ඇතෙක් බරට තබා කටුස්සෙක් බරට වස්තුව සොයාගත නොහැකි වීමෙන් අරුණ කුමාර ගම්මුන්ගෙන් මග හරිමින් සිටී... කියූ හොරකම් කිසිවක් ඔප්පු කර ගත නොහැකිව තමන්ම ලියූ ගණන් හිලව් පත්‍රයද සගවා ආවාසය තුල සැගවෙන්නට පොඩි නමට සිදුවී ඇත්තේ ගම්මුන්ගේ හරුපවලින් ගැලවීම සදහාය... පන්සල් භූමිය වල් බිහි වී ඇත.. අල්ලපු ගමේ කසිප්පු මුදලාලිගේ ගෝලයෝ මහ දවාලේ පන්සල් වත්තේ හොර පොල් කඩන්නේ උන්ට ලියා දුන් ඉඩමක් සේ සලකාය...

මේ විගඩම් දකින ගැමියෝ තමන් කෑ ළණුව ගැන විස්සෝප වී සිටිති... ලොකු හාමුදුරුවන්ගේ අගය සිහිපත් කරති... වනයේ ඇති කුටියට ලොකු හාමුදුරුවන් සොයා යති... තවමත් පන්සල් වත්තේ වන විගඩම් වලට එහෙයි කියන්නෙ කවදත් පන්සලට ආදරයක් නොතිබුනු උන්.. අරුණගේ ළණුව සහ පොඩි නමගේ ළණුව වමාරන්නට නොහැකි උන්.. එදා සිටම ලොකු හාමුදුරුවන් ඇලජික් උන්.. කසිප්පු මුදලාලිගේ මේ ගමේ ගෝල බාලයන් වැනි කිහිපදෙනෙකි..

දායක සභාවේ බහුතර ගැමියන් දත කට මදිමින් ඉන්නේ.. මීලඟ රැස්වීම එලැබෙන තෙක්ය.. ඒ පන්සලට රිංගා සිටින බොරු ප්‍රෝඩාකාර අපත නඩය කැලෑවෙනුත් එපිටට පන්නා.. නැවත ලොකු හාමුදුරුවන්ට පන්සල භාර දීම සඳහා ය... උනු වැරැද්ද නිවැරදි කර ගැනීම සදහාය...!!!

උපුටා ගැනීමකි.  

සත්‍ය සිදුවීමකි නමුත් සිදුවුයේ පන්සලක නොවේ නම් ගම් වෙනස් කර ඇත.

Monday, January 12, 2015

ලැජ්ජාව මවටද?(Fucking sons of mother Sri Lanka)

ලොව විවිධ හැසිරීම් සහිත මිනිසුන් වෙසෙයි. ලංකාවේද එසේය විවිධ ලක්ෂන සහිත අය සිටියි. සමහරෙකුගේ අභ්‍යන්තර හැසිරීම ඉතා පිළිකුල් නමුත් එය භාහිරට නොපෙන්වයි. නමුත් ටික කලක් නිරීක්ෂණය කරන විට ඔවුන්ගේ සැබෑ තතු හෙළිවේ. සමහරෙක් හැසිරෙන්නේ පට්ට රැඩිකල් ලෙසය. දේශප්‍රේමී පොරවල් ලෙසය. දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරුණු දෙදෙනෙක් ගැන විස්තර පසුගිය  ලිපියේ පලවිය. එම ලිපියේ සඳහන් කලයුතු ප්‍රධාන චරිතය ගැන විස්තරය මම මෙවර ගෙන ඒමට පොරොන්දු වුයේ ඔහු හරහා සාකච්චා කිරීමට ලොකු කාරනාවක් ඇති බැවිනි. අද අපි ඒ ගැන විමසා බලමු.

එක ශේණියේ සිට ලොකු ලොකු උපාදි දක්වා ලංකාවේ ළමයින්ට සම්පුර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනය ලැබීමේ පහසුකම් පවතී. වෙන එකක් තබා පාඩම් පොත් මෙන්ම ඇඳුම්ද නොමිලේ ලබාදෙයි. එසේ පහසුකම් දෙන්නේ අධ්‍යාපනය යනු මුලික මිනිස් අවශ්‍යතාවක් නිසාම නොවේ. අධ්‍යාපනය යනු රටට ආයෝජනයක් බැවිනි. උගත් බුද්ධිමතුන්ගෙන් තොරව රටක් දියුණු කිරීමට ඇති හැකියාව අවමය. ලංකාව ණය මත යැපෙන රටකි එබැවින් අප රටේ අධ්‍යාපනයට වැය වන මුදලට ණය මුදල්ද වැය වේ. එනම් අවසානයේ බලන විට පොලියත් සමග ගෙවිය යුතු බැවින් එය හිතනවාට වඩා විශාල මුදලක් වේ. එනම් වසරකට වෙන් කරන මුදල පමණක් නොව ගෙවන පොලි වල කොටසකුත් අනිවාර්යෙන් අධ්‍යාපන වියදම් තුල සැගව පවතී.

තම හැකියාව අනුව පහ සමත්, අට සමත්, සාමාන්‍ය පෙළ සමත්, උසස්පෙළ සමත්, ඩිප්ලෝමා සහිත, සහ උපාදි සහිත ලෙස විවිද කඩඉම් වලදී අධ්‍යාපනය හමාර කලත් අධ්‍යාපනය ලබන්නන්ගෙන් බොහෝ දෙනෙක් ගෙන් රටට යම් තරමක හෝ සේවයක් සිදුවේ. රටක අධ්‍යාපනයේ රටේ දියුණුවට ඍජු දායකත්වයක් ලබා ගත හැකි අග්‍ර ඵලය  වන්නේ ඉංජිනේරු, වෛද්‍ය, කළමනාකරණ, විද්‍යා, නීති සහ වාණිජ(තවත් මේ ගොඩට අයිති ඒවා ඇත නොකියවුනා නම් සමාවන්න) උපාධි ධාරීන් ගෙන්ය. කලා උපාධි ධාරීන් ද අග්‍ර ඵලයක් වුවත් ඔවුන් බහුතරයකගෙන් ගෙන් වන රටක දියුණුවට වන්නේ වක්‍ර සේවයකි. මෙම උපාදි පාඨමාලා වලින් වසරකට බිහි කරන ප්‍රමාණය රැකියා ඉල්ලුම මත පාලනය කල යුතුය. එසේම අනාගත සංවර්ධන සැලසුම් මත අදාල කාලයට අදාළ අය බිහිවෙන සේ සකස් විය යුතුය. නැත්නම් සිදුවන්නේ බිහිවන උපාධි දාරීන් රටට බරක් වීම සහ ඔවුන්ට කෙසේ හෝ රැකියා සකස් කිරීමෙන් රට තවත් පහලට යාමය. මෙසේ රටට පාඩුවක් නොවී අධ්‍යාපන වියදම් පුරණය වන ලෙස අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතුය. අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල වක්‍ර ලෙස හෝ පුරණය නොවේ නම් එය ගඟට ඉනි කැපීමකි.  ලංකාවේ අධ්‍යාපනය නිසි කළමනාකරණයකින් යුක්ත නොවන බැවින් මෙමගින් රටට බොහෝ පාඩු සිදුවේ. මෙම ලිපිය ඒ ගැන නොවේ ඒ ගැන පසුව ලිපියක් බලාපොරොත්තු වන්න.

ලංකාවේ තෙවන ලෝකයේ රටකි. එනම් මෙහි වැඩි පුර සිටින්නේ යන්තම් එදා වේල හොයා ගන්නා පුද්ගලයන් වේ. එනම් රජයේ බදු ආදායමට ලොකු දායකත්වයක් ඔවුන්ගෙන් සිදුවේ. එසේ ලැබෙන මුදලින් කොටසක් අධ්‍යාපනය සඳහා වැයවේ එබැවින් මෙම මුදල් වංචා කිරීමද අපරාදයකි. මෙසේ මහජන මුදලින් ඉගෙන ගන්නා කෙනෙක් රටට තම සේවය සපයා ණය ගෙවීම යුතු කමකි.එය සිදු නොකිරීමද මහජන මුදල් වංචාවකි. රටක දියුණුවට කෙලින්ම දායකත්වය තාක්ෂණ අංශයේ උගතුන් මගිනි. ඒ අතරින් ඉංජිනේරුවෝ රටක දියුණුවට අවශ්‍යම පිරිසකි. වෛද්‍ය උපාදිය හැරුණු කොට විශාල වියදමක් වැයවන උපාදි යක් වන්නේ ඉංජිනේරු උපාදියයි. එසේම තාක්ෂණික හා ඉංජිනේරු අංශයේ හැකියා හැමෝටම නැත එබැවින් මෙම අංශයේ ඉගෙන ගත් අයෙක් ගේ වටිනා කම මිල කිරීමට අමාරුය. එබැවින් එවැනි පුද්ගලයෙක් තමාගෙන් රටට විය යුතු යුතුකම් ඉටු නොකර විදේශ ගතවීම තම මවුබිමට කරන ලොකු වංචාවකි.

ඉංජිනේරු වැනි අංශ වල අය සඳහා විදේශ වල ලොකු ඉල්ලුමක් පවතී. එබැවින් එහි සේවය කර තම රටට විදේශ විනිමය එවීම කරන්නන්ගෙන් රටට සේවයක් සිදුවේ ඔවුන්ට මගේ ප්‍රණාමය හිමිවේ.ඔවුන් රට විරුවෝය. මැදපෙරදිග, මැලේසියාව, සිංගප්පුරුව වැනි රටවල සේවය කරන එවැන්නෝ බොහොමයකි. මේ අතර එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාවට යන අයගේ තත්වය එසේ නොවේ. ඔවුන් සදහටම එහි පදිංචි වේ. මෙම රටවල් වලින් ජන ගණත්වය අඩු ඔස්ට්‍රේලියාවට විදේශ වලින් උගතුන් ගැනීමේ කෑදර කමින් සිටී. අවසානයේ ලංකාව වැපුරු දේහි ඵල නෙලන්නේ එම රටවල් වේ.

මෙසේ යන අය නගන පොදු තර්කය නම් තම හැකියාවෙන් වැඩ කිරීමට රැකියා මෙරට නැති බවයි. නැත්නම් මෙරට පඩිය අඩු බවයි. එම නිසා විදේශ ගත වන බවයි. කුමන තර්කය තිබුනත් මවුබිමට යුතුකම ඉටුකළ යුතුය. යුතුකම ඉටු කළහැකි ක්‍රම කිහිපයකි. එම රටවල සේවය කලාට ඒවායේ පදිංචි නොවීම, එහි උපයන මුදල් ලංකාව තුල ආයෝජනය, නැත්නම් තම උපයන මුදලින් ලංකාවට ප්‍රජා සත්කාරයක් කිරීම.  මෙහි ප්‍රජා සත්කාරයක් ලෙස හදුන්වන්නේ ඉගෙන ගන්නා ළමයෙකුට පොත් ටිකක් පැන්සලක් අරන්දීම වැනි දෙයක් නොවේ. තමා මසකදී උපයන මුදල වැනි ප්‍රමාණයක් වත් වාර්ෂිකව ගෙවීම ඔවුන්ගේ  යුතු කමයි. මක් නිසාද යත් ඔවුන් උපයන්නේ ඔවුන් ගත් දැනුම නිසාය එය ලබා දුන්නේ ලංකාවේ මහජන මුදලිනි.

දැන් අද නිරුවත්කරන පොර පිලිබදව සලකා බලමු. ඔහුට තිබුණු පරණ ජනප්‍රිය ප්‍රොෆයිල් එක ඉවත දා දැන් පණ්ඩිත ප්‍රොෆයිල් එකකින් පැමිණ සිටින ඔහු අලුත් වචන හදන උන්මාදයකින් පෙලේ. මෙන්න ඔහුගේ පරණ ප්‍රොෆයිල් එක හදුන්වන විස්තරය

"කියන්න කතන්දර ගොඩාක් තියෙන කතන්දරකාරයෙක් මං. 

හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි. 

මානුෂිකයි. ජාතිවාද නෑ. 

රියල් කතන්දර විතරයි. හැබැයි මං කැමති කතන්දර."

ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහු කෙලින්ම කියනවා ඔහු හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි කියා.බලන්න එම කියමන ඔහුට වලංගුද? කෙලින්ම නැහැ. ඔහු උපන් රටට ණය නොගෙවන මහජන මුදල් වංචා කල අයෙක්. ඔන්න ඕවාට තමයි කියන්නේ තමන්ගේ අඩුපාඩු හංගාගෙන සාන්තුවරු වෙන්න හදනවා කියා. ඔහු මානුෂික නම් ඔහොම හොරකම් කරන්න පුලුවන්ද?

ජාතිවාද නෑ කියන කතාව සලකා බලමු. ඔහු කොහොමද ඔස්ට්‍ර්ලියාවේ ඉඳන් ජාතිවාදී වෙන්නේ. පස්සේ වැස්ලින් ගාගෙන ඉන්න වෙයි සුද්දොන්ට විරුද්දව ජාතිවාදී වෙන්න ගියොත් එහෙදී. සමහරක් සුද්දෝ ඔය වගේ උන් දිහා බලන්නේ ලංකාවේ ජාතිවාදීන් කල්ලතෝනි දෙස බලනවා වගේ. ලෝකේ හැම තැනම වර්ගවාදේ තියෙනවා ජාතිවාදේ කියන්නේ වර්ග වාදයේ උප කුලකයක්. අනිවාර්යෙන්ම අපි වර්ගවාද වලට විරුද්ධ වෙන්න ඕන. මොහුගේ අලුත් ප්‍රොෆයිල් එකේ පින්තුරයට දාලා තියෙන්නේ මෙම stand against racism හෙවත් anti-racism ලාංචනය. මෙන්න ඒක 



මේ පින්තුරයේ මැද තියෙන්නේ ලංකාව. ඕස්ට්‍රේලියා ජාතිකයෙක් වන ඔහු ඔහුගේ ඕස්ට්‍රේලියාවේ පින්තුරය නොදා මෙතන දාගෙන ඉන්නේ ලංකාවේ පින්තුරය. මොහුට උපන්බිමට වඩා පිට රටක් වටිනා නිසා එහි ගියාට ලංකාව ගැන ලොකු ඊනියා කැක්කුමක් තියෙනවා. ඇත්තට කැක්කුමක් ඇත්නම් මෙහෙ ඇවිත් සේවය කරන්න ඕන. හරි ඒවා කමක් නැහැ කියමු. මොහුගේද මවුබිම ලංකාව නිසාත් ලංකාවේ ජාතික ප්‍රශ්නයට මුල ජාතිවාදය නිසාත් එය තුරන් කිරීමේ මග ජාතිවාදය තුරන් කිරීම නිසාත්. ලංකාවේ පවතින ජාතිවාදයට විරුද්ද වීම නම් හොඳයි. නමුත් ඔවුන්ගේ හැසිරීම බලමු.

ඔය පින්තුරේ දාගෙන නටන කිහිප දෙනෙක් ඉන්නවා  ඔවුන් කතා කරන්නේ සිංහල ජාතිවාදය ගැන විතරයි. එය සමග බැදී පවතින දෙමල සහ මුස්ලිම් ජාතිවාද ගැන කතා කරන්නේ නැහැ. ජාතිවාදී නොවන සිංහලයෙක් දෙමල සහ මුස්ලිම් ජාතිවාද වලට එරෙහිව කතා කිරීම පවා ජාතිවාදය ලෙස දකින මොවුන්ට දෙමල සහ මුස්ලිම් ජාතිවාද පෙන්නේ නැහැ. දැන් ලංකාවේ තියෙන සිංහල ජාතිවාදී සංවිදාන වල ක්‍රියාකාරීත්වය සහ එය නිසා ෆෝම් වී fb සහ වෙනත් තැන්වල හි ජාතිවාදී ප්‍රකාශ කිරීම වැරදි වැඩක් තමයි. (මමත් ඒවාට විරුද්ධයි) ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳන්න නම් සිංහල ජාතිවාදය විතරක් නොවේ අනෙක් ජාතිවාදත් නැති කරන්න ඕන.

ඔය පින්තුරේ දාගෙන වැඩ කරන අයගේ ක්‍රියාව නිසා වෙන්නේ බයානක දෙයක්. ඔවුන් සිංහල ජාතිවාදය මර්දනය කරනවා නමුත් දෙමල සහ මුස්ලිම් ජාතිවාද තියෙන්න හරිනවා එවිට වන්නේ. දෙමල සහ මුස්ලිම් ජාතිවාද වලින් පීඩාවට පත්වන්නන් හරහා සිංහල ජාතිවාදයට තවත් පෝර වැටීමයි. එවිට සියලු ජාතිවාද වර්ධනය වෙනවා. එවිට ඔවුන්ගේ පැවැත්මට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වැනි සංවිදාන හරහා මුදල් ලැබීම දිගටම තියා ගන්න පුළුවන්. අපේ කතාවේ වීරයා ගැන කොහොම උනත් මේ පින්තුරය දාගෙන බොහෝ අය කරන්නේ වර්ගවාදය විකුණන එක. ඒ වගේම වර්ග වාදී ගැටළු වැඩිවන විට ලංකාව ජීවත් වෙන්න අපහසු රටක් ලෙස පවතින විට තම හිතවතුන්ද තමා ඉන්න රටට ගැනීමට පහසු වීම.  අපි එයට මෙන්ම සියලු ජාතිවාද වලට විරුද්ද වෙන්න ඕන. නමුත් එය මගින් පුද්ගලික ලාබ බලාගෙන එයට විරුද්ද මුවාවෙන් වර්ධනය කරන එක වැරදියි.

දැන් බලමු මේ පුද්ගලයා මවුබිමට වින කරන විදිය.
1-තමා ඉගෙන ගැනීම වෙනුවෙන් මවුබිම කල ආයෝජනය මංකොල්ල කෑම.
2-තමා ජාතිවාදී නෑ කියමින් ලංකාවේ වර්ගවාදය පෝෂණය කිරීම මගින් වාසි ලබා ගැනීම.

රටට වින කරන මොහු වැනි පුතුන් ජාතක කල මවුපියවරු පවා වැරදි කරුවෝ වේ. මන්ද තම පුතාට මවුබිමට ආදරය කිරීමට ඉගැන්නුවේ නැති බැවිනි. බොහෝ විට එම මවුපියවරු එම පව මේ ආත්මයේම ගෙවයි මන්ද මවුබිමට නොසලකන මොවුන් තම වයසට ගිය මවුපියන්ට පවා නොසලකන බැවිනි.

මෙවන් අපතයන් බිහිවීම මවුබිමේ අවාසනාවකි.

(අප සියලු ජාතිවාදීන්ට විරුද්ද විය යුතුය, ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සංවිදාන ජාතිවාදය පෝෂණය කරයි. අප ඔවුන් මැඩ පැවැත්විය යුතුය. ජාතිවාදය නැති කල හැක්කේ ජාතීන් අතර විශ්වාසයෙන් හා එකාවන්ව ජීවත් වීමෙන් පමණි. එසේ නොකර මහා ජාතියේ ජාති වාදය මැඩ පැවැත්වීමට යාම විහිළුවකි. ලෝකයේම පවතින සමාජ වල ප්‍රබල ජාතිවාදයක් ඇති වන්නේ සුළු ජාතීන් අතර මිස මාහා ජාතිය මගින් නොවේ. ලංකාවේද එසේය)

මාහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.

Friday, January 9, 2015

සංක්‍රාන්ති සමය.(Friday Of Change)


වෙනස් වීමෙන් තොර දෙයක් නැත. වෙනස් වීම පිළිඹඳ කනගාටු විය යුතු නොවේ. අද සිට ඉදිරි දින 100 හෝ කිහිපය තුල අපේ රට තුල යම් වෙනසක් සිදුවේ. මේ වෙනසට පෙර බොහෝ කටකතා තිබුනත් එම කටකතා බොරු බව ඇස්පනාපිට සනාථ විය. මහින්ද රාජපක්ෂ මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් ලෙස රට පාලනය කර පරාජය පිළිගෙන සමුගත්තේය. ඔහුගේ අවසන් ප්‍රකාශ වලින් පැහැදිලිව ඔහුගේ නොසලීමේ ගුණය ප්‍රකට වේ. ඔහු නියම අවංක නායකයෙකි.

මහින්ද රාජපක්ෂ ගේ පරාජය හෙවත් මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පිලිම්බන්දව ජාති පිළිඹඳ කතා නොකර කතා කිරීම විහිළුවකි මහින්ද රාජපක්ෂ මහතාගේ චන්ද අඩු වීමට හේතුව වන්නේ ඔහුගේ පාලනයේ දුෂිත බව පිළිඹඳ පැතිර ගිය කට කතා වේ. ඒවා ට සමාජ ජාලා අඩවි වලින් ලැබුණු සහය සැලකිය යුතුය. එම කට කතාවල ඇති ශෝක්තියක් ඇතත් ගතයුතු දෙයක් පැහැදිලිවම තිබේ. එම දුෂණ වලට එකම වැරදි කාරයා ඔහු පමණක් නොවේ ඔහුගේ වටේ සිටින අය මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ චාන්චා කාරයෝ බොහෝ වෙසෙති. රජයේ තිබුණු දුර්වල ස්වබාවය නිසා මහින්ද රාජපක්ෂට සිදු වුයේ පාරිමෙන්තුවේ බහුතරය රැක ගැනීමට විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමත් ඔවුන් හොඳින් තබාගැනීමට ය. ඒ අනුව ඔහුටද ඔහුට පෙර සිටි චන්ද්‍රිකා ට මෙන්ම ඒවා පිලිම්බන්දව ඇස්පියා ගෙන පවතින ක්‍රමයට අනුගත වීමට සිදු විය. යුද සමයේ නම් එම හැසිරීම රජයේ ස්ථිරත්වය තබාගැනීම පිණිස ද ඉන් පසුව එය තම බලය රැකගැනීමටද භාවිත විය. මෙසේ වත්මන් මැතිවරණ ක්‍රමය යටතේදී රජයකට පාර්ලිමේන්තුවේ ලැබෙන ආසන ප්‍රමාණය සීමා කාරී වීම නිසා එම ගැටලුව පන නගී. එබැවින් රටේ යහපතට එය වෙනස් විය යුතුමය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වුවත් ඔහු වටා සිටගන්නේද මහින්දට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලා නිසා ඔහුගේ පොරොන්දුව ඉටුකිරීමට නම් බොහෝ ප්‍රශ්න වලට මුහුණදිය යුතුය. එසේම ඔහු සැබෑ ජනතාවාදී පාලකයෙක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලාගේ පැන්ෂන් අරමුණු සහ වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුව විසිරුවීම කල්දමා  පාර්ලිමේන්තු මන්ත්රීවාදී ජනපති කෙනෙක් නොවේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා නව රජයක් පත්කළ යුතුය. එහිදී පාර්ලිමේන්තුව විසිරුවීමට ප්‍රථම දැනට පවතින බල්ලන් මෙන් කාකොටා ගන්නා මැතිවරණ ක්‍රමය වෙනස්කල ආසන මට්ටමෙන් වැඩ කරන පිරිසක් පාර්ලිමේන්තුවට ගැනීමට අවස්තාව සැලසිය යුතුය.එමගින් පහසුවෙන් ජනතාව අතර ජනප්‍රිය නමුත් ලොකු මුදලක් සහිත කෙනෙකුට වුවත් ජයගැනීමට අවස්තාව ලබාදීමෙන් අදුෂිත නව දේශපාලකයන් පිරිසකට පාර්ලිමේන්තුව විවුර්ත කල යුතුය.

මා කියන ඉහත ක්‍රමය මගින් එන්නේ ප්‍රදේශයේ සිටින වැඩ කරන කෙනෙක් බැවින් ජාති හෝ ආගම් ලෙස වැඩ කරන පක්ෂ වල නියෝජිතයන් නොව වැඩ කරන ඕනෑම කෙනෙකුට අවස්තාව ලැබේ. රටේ සදාකාලිකව විසදා සන්වර්දනයකට යාමට නම් අනිවාර්යෙන්ම ජාතිවාදී බෙදීම් තුරන් කල යුතුය.ඒ සඳහා අනිවාර්යෙන් ජාතින් ලෙස නියෝජනය වන දේශපාලන ක්‍රමය නැවැත්විය යුතුය. එසේ නැතුව ජාතින් ලෙස බෙදීම ගැටලුව විසදීමට නම් ඒකීය නොව සන්ධීය රාජ්‍යකට අප මාරු විය යුතුය. නමුත් එය සියුම්ව කල යුතුය නැත්නම් එයම මගින් රට බෙදේ(මේවා පසුව ලිපියකින් සාකච්චා කරමු). කෙසේ කලත් එමගින් ඇති අවධානම වැඩි වන්නේ ලංකාවේ දෙමල සහ මුස්ලිම් ජාතිවාදීන් මාස්ටර් පැලෑන් අනුව වැඩ කරන බැවිනි.

මෛත්‍රීගේ ජයට හේතු වූ දෙමල සහ මුස්ලිම් චන්ද සලකා බලමු. ඔහුට දීනීමට හේතුවුයේ සුලුජාතික් චන්ද බැවින් සමහරුන් මෙම මැතිවරණය දකින්නේ ජාතිවාදයට වැදුණු පහරක් ලෙසිනි. එසේම මෙය සුලුජාතිකයන් ජාතිවාදය ප්‍රතිෂේප කිරීමක් ලෙස දකිති. සිංහලයන්ගේ පටු චින්තනය ගැන දුකයි. සුලුජාතිකයන් සිරිසේන වෙනුවෙන් චන්දය දීමට හේතුව ඔවුන්ට නොතෙරීම පුදුමය. සිංහල ජනයා මෙන් නොව ඔවුන් බහුතරය වැඩ කරන්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ වල නායක තීරණ උඩය. මෙහිදී ජාතින් නියෝජනය කරන ඔවුන්ගේ ජාතිවාදී පක්ෂ මහින්දගෙන් වෙන්වීම නිසා එම පළාත්වල මහින්ද පරාජය විය. මහින්ද ඔවුන්ගේ රටට විරුද්ද තීරණ වලට කැමති නොවීම ඔහුගේ පරාජයට ප්‍රබල හේතුව විය. මහින්දට විරුද්දව ප්‍රබල අපේක්ෂකයෙක් සිටියදී ඔහු අවස්ථාවාදී නොවී එම ජාතිවාදීන් සමග එක් නොවීම නිසා. ඔහු පැරදුනේ රට වෙනුවෙන් වැඩ කිරීම නිසාය. එබැවින් සිරිසේන මහතා සමග  ජාතිවාදී පක්ෂ සිටින බැවින් ඔහු පරිස්සමෙන් වැඩ කල යුතුය. නැත්නම් වන්නේ රටේ බෙදීමය. වටේ අය කෙසේ වෙතත් සිරිසේන මහතා නම් රටට ආදරේ කෙනෙක් බව මම විශ්වාස කරමි. මහින්දට මෙවර උතුරු නැගෙන හිරින් ලැබුණු චන්ද සුළු වුවත් සැලකිය යුතු ප්‍රමාණය නම් ජාතිවාදය නිරුපනය නොකරන දෙමල සහ මුස්ලිම් චන්ද වේ. මහින්ද ගේ  දුෂණ හෝ ඒ පිළබඳ කතා  අඩු වූවානම් එම චන්ද තවත් වැඩි වනු නොඅනුමානය.

සමාජ ජාල යනු සීමා පැනවිය නොහැකි සන්නිවේදන මාර්ගයක් බැවින්.දුෂණයට විරුද්දව දේශ පාලකයන් මෙල්ල කිරීමට එය හොඳ ආයුධයකි. මෙවර මහින්දට එමගින් පාඩමක් ලැබිණි. එම පාඩම සිරිසේන මහතාද වැරදි පාරේ යන්න ගියොත් එම පාඩම ලැබෙනු ඇත. මේ සංක්‍රාන්ති සමය සිරිසේන මහතා ගේ හැසිරීම්ම අධ්‍යනය කමු. කවුරු ආවත් කවුරු දිනුවත් මේ රට අපගේය. එබැවින් අවස්ථාවාදී නොවී එය රැක ගැනුම අපගේ යුතු කමයි.

ලංකාවට අවශ්‍ය සියලු ජනතාව බේදයකින් තොරව සිටිය යුතු රටකි.
මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.

Friday, January 2, 2015

රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය(Shame of the bloggers)

සිංහල බ්ලොග් කරුවෝද සිරිලංකා ජනතාවගෙන් ගත් සාම්පලයක් ය. එබැවින් සාමාන්‍ය සමාජයේ මෙන් පට්ට ලෙස රැඩිකල් නමුත් විලිලජ්ජාවක් නැති පිරිසක් මෙහි වැජබෙන්නේය. එම අයගේද ක්‍රියාකාරීත්වය මේ දිනවල දේශපාලන උණුසුම සමග වැඩි වී තිබෙන්නේය. මොවුන්ගෙන් බහුතරය අදහන බුදු දහම අනුව ගත්තොත් යමක් අහවල් උන්නාන්සේ කියුවා, අහවල් පොතේ තිබුනා, කොටින්ම කියනවා නම් අහවල් රෙෆරන්ස් එක අනුව මෙසේ වන්නේය කියූ පමණින් පිළිගැනීම මෝඩ කමක් වන්නේය. නමුත් මේ පට්ට රැඩිකල් වල්ලාපටටා ඩයල් කරන්නේ ඒ දේමය. එසේම ඔවුන් ලියන්නේදේ එසේමය. මේ සතියේ එසේ රෙද්ද පල්ලෙන් දේශප්‍රේමය බේරුණු ඩයල් කිහිපයක් මම දැක්කේය. ඒ අතරින් තුන් දෙනෙක් ගැන මෙම ලිපියේ සඳහන් කරන්නේය. ඉන් අඩුවෙන්ම බඩ ගිය කෙනා හෙවත් තෙවැනියා මුලින් ගනිමු.


මෙන්න ඔහුගේ ගූ ගඳ ගහන ලිපිය //මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි. // මෙම ලිපිය ලියන පුද්ගලයා යුධ උපක්‍රම හොඳින් දන්නා රණ විරුවෙකි. මම ඉතා ගරුකරන පුද්ගලයකි. නමුත් මෙවැනි වැඩිහිටියන් අතින් මේ වගේ වගකීම් විරහිත ලිපි පලවීම නුසුදුසු දෙයකි. තමන් යම් දේශපාලන මතයක් දැරීම හෝ ඒ වෙනුවෙන් කඩේ යාම කිසිම අවුලක් නැත. නමුත් වගකීම් විරහිත කට කතා පැතිරවීම හෙළුවෙන් කඩේ යාමකි. පුද්ගලයන් වයසට යන විට මෙවැනි මොන්ටිසෝරි වැඩ කරයි. දුකම කරුණ වන්නේ රටක් ගරුකරන මෙවැනි පුද්ගලයන් මෙවැනි මෝඩ කතා නිසා පිරිහීමයි. හොඳින් බලන්න මෙම ලිපියේ ඇත්තේ එක ආරංචියකි එයද ආ තැන සඟවයි. එම ආරංචිය වන්නේ  "සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව" මෙයයි අනෙක් සියලු දේ ඔහුගේ සිතේ පහල වූ දේවල් වේ. සාක්ෂි රහිත ආරංචියක් හරහා ඔහු ප්‍රබන්දයක් ලියයි. මහින්දට හිතවත් හෝ සිරිසේනට හිතවත් කාගේන්හෝ ඇසුවොත් කියන්නේ අපි මෙවර කෙසේ අනිවාර්යෙන් දිනන බවයි. සමහරක් දෙනා එය අපි කෙසේහෝ මෙවර දිනනවා කියන්නට ඉඩ ඇත. එවැනි ප්‍රකාශයක් අරභයා මොහු ලස්සාන කතා ගොතයි. සිරිසේනගේ හිතවාතුන් හුරේ දමයි. ඊයේ මට කෙනෙක් කියුවා කුරුණෑගල පැත්තේ ඉන්නා දුලා දෙන්නෙක් ඉන්න විශ්‍රාම ගිය හමුදා නිලදාරියෙක් තම සේවිකාව දුෂණය කළා කියා. ඉතින් මම බ්ලොග් ලිපියක් ලියනවා විචාරක නමින් පෙනී සිටින නාකි අවලමා තම සේවිකාව දුෂණය කළා කියා තව තොරතුරු අතින් දමා ලිපියක් ලියනවා නම් එය කොතරම් සදාචාරවත් ලියවිල්ලක්ද? විචාරක මහාතා පරණ ලිපියක කියා තියෙනවා සතුරන් පරාජය කරන්න බොරු ප්‍රචාර යවන යුධ උපක්‍රමයක් ගැන. විචාරක මහාතා නිරුවතිම මහින්දට විරුද්දව කටකතා පැතිරවීමෙන් ඔහු එම උපක්‍රමයේ ප්‍රවීනයෙක් බව පෙනේ.


එතකොට දෙවනියා කවුද? ඔහුගේ ලිවීම් රටාව මම මුල් චේදයේ අනුගමනය කරන ලදී. මම හිතන්නේ කවුරුත් ඔහුගැන දන්නාවාය. ඔහුද අමුතුම පොරකි. කොතරම් රැඩිකල් බව පෙන්වුවත් රනිල් වන්දනා කරන්නෙකි. පසුගිය සති දෙකතුනේ මහින්ද වෙනුවෙන් බොරුවට කඩේ ගිය ඔහු දැන් නියම ස්රුපයෙන් පෙනී සිටී. නාවතම ප්‍රචාරක කටයුතු වන්නේ පදනම් විරහිත කටකතා වලින් පෝෂිත බ්ලොග් ලිපි සහ කමෙන්ට් පළකිරීමයි. ඔහු ගේ ජොබ් එක බ්ලොග් ලිවීම තරමට ලිපි ලියන සහ කමෙන්ට් කරන ඔහු සින්ඩි දෙකක ඇඩ්ඩින් කෙනෙකි. සින්ඩි ඇඩ්ඩින් කෙනෙක් නිසාද. ප්‍රබල කමෙන්ට් කරුවෙක් නිසාද. ප්‍රවීණ බ්ලොග් කරුවෙක් නිසාද මොහු හෙළුවෙන් සිටියත් බොහෝ බ්ලොග් කරුවන් එය විවේචනය නොකරන බැවින් ඔහු මනසින් ලොකු පොරක් වී ඇත. මංකොල්ල කරුවෙකුගේ නමින් පෙනී සිටින මොහු ගේ නම් නොකියුවත් මේ කතා කරන්නේ මාතලන් ගැන බව කවුරුත් දනී. මෙන්න ඔහුගේ පසුගිය ලිපියේ ඔහු පණපොවන කටකතා කිහිපයක් සහ ඒවාට පිළිතුරු
//කොටි බලය විනාශ කොලා කියන්නේත් එයාලාමය. ඉතිරි කොටි ඉන්නේත් එයාලා ළඟය. එකෙක් අම්මට සිරි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිය.//  රජයේ සිටින හිටපු කොටි නැවත ඊලම ඉල්ලන්නේ නැත. නමුත් කොටි සිටින කාලේ සිට ඔවුන්ට දේශපාලනමය ලෙස සම්බන්ද TNA ඊළාම් වාදී මතයක සිටියි. ඔවුන්ගේ අදහස් සහ ඉල්ලීම් වලින් එය මානාව පැහැදිලි වේ. එසේම නැගෙනහිරට මුස්ලිම් පාලන ප්‍රදේශයක් අවශ්‍ය බව පසුගිය් සතියේ ඔවුන් ප්‍රකාශ කළා. පැහැදිලිවම මේ දෙගොල්ලාට අවශ්‍ය ආගමික හෝ ජාතින් ලෙස වෙන්වීමයි.කොටින්ම කියනවා නම් ඔවුන්ට අවශ්‍ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් නොව කොටස් වලට බෙදීගිය (නමුත් නාමිකව ඒකීය හෙවත් ෆෙඩරල්) ශ්‍රී ලංකාවකි. 

//මන් ගොන් පිල නොහොත් රුපියල් සීයේ හිඟන්නා අපෙන් අහන්නේ,  කරුණා අම්මාන්ලා, පිල්ලෙයානලා කර වැරදි මොනවාද කියාය.// ගම්මන්පිල මහතා ගේ සාකච්චාවක කොටසක් පමණක් වැරදියට ගෙන හැර දක්කවාගෙන උඩ පනී. ගන්මන්පිල කියන ලද කරුණ දැන ගැනීමට මෙයට දින කිහිපයකට පෙර සහභාගී වූ අතුලාන්තය වැඩසටහන නරබන්න. 

//ඔය කියනා තරම්, බටහිර බලවේග වලට මේ රට පාළණය කරන්නවත්, කොටින්ට ඊළම දෙන්නවත් ඕනෑ කම තිබුනා නම්, 1994 සිට 2005 දක්වා කිසිම අවුලක් නැතිව වැඩේ කර ගන්න තිබුනේය. එයිටත් වඩා රනිල් සාම ගිවිසුම් ගහපු වෙලාවේ හිතේ හැටියට කර ගන්න තිබුනේය. ඒත් උන් එහෙම නොකරන්නේ මේ රටේ ඇති ලබ්බක් නැති නිසාය. ඔය උතුරේ ප්‍රශ්ණයට උනත් හොට දාන්නේ, සුළු ජන වර්ගයකට වෙනස් කම් කොරනා සීන් එක නිසාය.// බටහිර බලවේග වල අවශ්‍යතා කිහිපයක් පවතී. ලංකාවේ පාලනයට බටහිර බලවේග බලපෑම් කරනවා කියන කතාව විහිළුවක් නොවේ. එය විහිළුවක් වන්නේ ලෝක දේශපාලන ස්වභාවය නොදන්නා මිනිසුන්ටය. දැන් ලස්සනම කතාව බටහිර බලවේග විහිළුවක් ලෙස සැලකීමයි. බටහිර බලවේග ලංකාවට ඇඟිලි ගැසීමට හේතු ගණනාවක් වේ.
1-තම රටේ සිටින දෙමල ජනතාවගේ චන්දය ලබාගැනීමේ උපක්‍රම ලෙස.
2-තම රටවල ජීවිතාරක්ෂාව මුවාවෙන් (ව්‍යාජ)සරණාගතයන් ලෙස එන දෙමල සහ  අනෙකුත් ජන ප්‍රමාණය අඩු කිරීමට
3-රටවල යුධ ගැටුම් වර්ධනයෙන් තම අවි වෙළඳ පොළ පුළුල් කිරීම 
4-ගැටුම් සහිත රටවල සුභසාධන කටයුතුවලට මුවා වී ආගම් ප්‍රචාරය 
5-ලංකාව පිහිටි ස්ථානය නිසා යුදමය වැදගත්කම. මේ ගැන අපේ ප්‍රා ජේ ලස්සන තර්කයක් ගෙනාව නමුත් එය වලංගු නැහැමෙන්න එය//ලංකාව ඔයතරම් උපායමාර්ගිකව ලෝක බලවතුන්ට වැදගත් කියන එකට සාධාරණ හේතු රුවල් නැව් කාලයේ සිට දෙවන ලෝක යුද්ධය දක්වා තිබුන. දැන් එහෙම නෑ. බැලිස්ටික් මිසයිල් , චන්ද්‍රිකා තාක්ෂණය, එයාක්‍රාෆ්ට් කැරියර්ස්, නැව්වල විශාලත්වය සහ විශේයයෙන්ම දැන් තියන ආර්තික හා යුද්ධමය උපක්‍රම නිසා ලංකාවට තියෙන්නේ යුදමය වශයෙන් ඉතා අඩු වටිනාකමක්. තෙල්, රන් හෝ අනිකුත් මිනරල්ස් වලින් ආර්ථික වටිනාකමකුත් ලංකාවට නෑ. 
වෙන එකක් තියා ඉන්දියාවට හා චීනයටවත් ලංකාව අතිශය වටිනා රටක් නෙමෙයි වර්තමානයේ// කොතරම් තාක්ෂනය දියුණු වුවත් ගොඩබිමක අවශ්‍යතාවයට හිලවු වෙන්නේ නැහැ ආරක්ෂාව සහ වෙනත් තාක්ෂණික හේතු නිසා. වෙන එකක් තියා ඉන්දියන් සාගරයේ මාලදිවයිනට පහලින් ඇති Diego Garcia වැනි දුපත් වල බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදා කඳවරු තියෙනවා ඒ වගේම ලෝකයේ තැනින් තැන කඳවුරු තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් Diego Garcia තියෙද්දී ලංකාව කුමකටද කියා නමුත් එක්සත් ජනපදයට සහ එක්සත් රාජදාණියට ඩියේගෝ ගාර්ශියා තියෙනවා නමුත් ඒ වගේ තැනක් නැති චීනය ලංකාවේ යම් යම් දේ කරනවා. ඔන්න දැන් අර කට්ටිය ට ඕන ලංකාවේ චීන ක්‍රියා වලක්වන්න. ඔන්න ඕක තමයි දැන් යන තත්වය.ඊට අමතරව එක බෝම්බෙන් සුනුවිසුනු කල හැකි වර්ග කිලෝමීටර් 44 තියෙන අටෝල්ලට වඩා ලංකාව උන්ට කොහොමත් වටිනවා. ඒ වගේම අපේ ගාව හොඳ යුරේනියම් ටයිටේනියම් තියෙනවා. නමුත් සුළු මුදලට අපි ඛනිජ වැලි යවන නිසා දැනට ඔවුන්ට අවුලක් නැතත් චීනයට ඒවා සින්න වේද කියා බයක් සුද්දොන්ට එන්න පුළුවන්. මේ මට මතක්වෙච්ච කිහිපයක් පමණයි තව හේතු තියෙන්න පුළුවන්.

කියන්න තව දේවල් ඇත කියන්න හොඳම දේ නම් සාරුවා සුනිල්ගේ කතාවය මේක තිබුනේ කමෙන්ට් එකකය  //මහින්ද රාජපක්ෂයි එයාගේ ගෝලයෝ රොත්තයි කරන්නෙ සුද්දා කලාට හපන් දේවල්. උදා - ළමයි 100 රේප් කරපු ප්‍රාදේශියේ සභාපති..// මෙන්න කට කතා යවන අපුරුව. ළමයි 100 රේප් කරපු එකෙක් ලංකාවේ නැත ඉන්නවා නම් එය ලෝක වාර්තාවකි. සාරුවා සුනිල් සුද්ද කිරීමට මට අවශ්‍ය නැත ඔහු ගැහැණු 500 සමග හිටියත් ඒවා දුෂණ නොවේ. ලංකාවේ විවාහක බිරිඳගෙන් පිට ලිංගික හැසිරීම නීතියානුකුල වරදක් හෝ දුෂණයක් නොවේ. දුෂණය ලෙස සල කෙන්නේ බලෙන් කිරීම හෝ බාල වයස් කාරියක් බලෙන් හෝ කැමැත්තෙන් සමග ලිංගිකව හැසිරීමයි. සුනිල්ට වරදක් කියන්න පුළුවන් වන්නේ බාල වයස් කාරියක් සමග ලිංගිකව හැසිරීමයි. මෙම දැරියගේ පසුබිම සහ වෙනත් කරුණු අදාළ වැඩක් නැත ඒවා කෙසේ වෙතත් මෙම ක්‍රියාව වරදක් ලෙස ගන්නේ(මා දන්නා පරිදි නීතිය අනුව වරදකරුවෙක් වී නැත) නම් දුෂණ 1 කි එය 100 කර අර කපුටෝ 7 දෙනෙක්ක් වමනේ දැමු කතාව මෙන් ගිනි අවුලවයි. මෙතනදී මාතලන් ප්‍රවුර්තියක් දුෂණය කර ඇත.මාතලන් මේ ප්‍රසිද්දියේ දුෂණය කරන්නේ බ්ලොග් අවකාශයයි.

ලිපිය දිග වැඩි බැවින් මෙතනින් නවතිමි. සුපිරිම ඩයල් එක ගැන විස්තර පසුව බලා පොරොත්තු වන්න. අද තරගය. වැඩිපුරම රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය සහිත බ්ලොග් කරුවා කවුද? ඔහු නම් කර තෑගී දිනන්න.

මේ දිනවල අලුත් ප්‍රොෆයිල් ගොඩක් fb එකේ බ්ලොග් අවකාශයේ සහ ෆෝරම් වල කට කතා පතුරුවයි. එසේම ප්‍රවීණ බ්ලොග් කරුවෝ කිහිප දෙනෙක් මේ ගොඩට එක් වී ඇත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුධ්දියෙන් ඇසිය යුතුය. අපි සැබෑ ජීවිතයීදී ගන්නා තීරණ කිසිදා undo කළා නොහැක. මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි. එළබෙන නව වසරේ අප රටට සුබ අනාගතයක්.

Monday, December 22, 2014

ගුගල් පරිවර්තකය සහ සිංහල භාෂාව සහ අනාගතය.(Future of Google Sinhala Translator)


මෑතකදී ගුගල් සිංහල පරිවර්තකය වැඩ අරඹන ලදී. ඒය ක්‍රියාත්මක වූ විට හුරේ කියා ඇතැම්හු ලිපි පළකලද. මටනම් එය ලොකු ජයක් නොවේ. මෙය මේ මට්ටමට ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳව  ඒ සඳහා මහන්සි වූ සැමට ස්තුතිය පිරිනැමිය යුතුය. මෙහි ඉදිරිය යහපත් කිරීම ගුගල් සතු වගකීමක් නොව අප සතු වගකීමකි. අපගේ යුතුකම නම් එය භාවිතා කර එහි වැරදි පෙන්වා දීමයි. දැනට පරිවර්තකය වැඩ කලද එය ප්‍රයෝගිකව සාර්ථක නොවේ. එසේ වුවත් අඩු තරමින් දිනකට වාක්‍ය 10 හෝ සහිත ලිපියක් එමගින් පරිවර්තනය කර එහි වැරදි අපි පෙන්වාදෙන්නේ නම්. ඉංග්‍රීසි බැරි අපගේ හිතවතුන්ට එය අනගාතයෙදී ලොකු උපකාරයක් වනු නියතය.
මුලින්ම එය ප්‍රයෝගිකව කරන ආකාරය සලකා බලමු 

මෙහි සිංහල පරිවර්තනය පෙන්වන කොටුව පහල වම් පැත්තේ ඇති පැන්සල සහිත අයිකනය ක්ලික් කරන්න. ඉන්පසු 
නිවැරදි වැකිය ඇතුලත් කර contribute කරන්න.

මෙසේ නිවැරදි කරන විට අනිවාර්යෙන්ම අක්ෂර වින්‍යාසය සහ වියරණ සැලකිල්ලට ගන්න. එසේම ඉංගීසි ලිපියේ කාල භේදය සහ කර්මකාරක කතෘකාරක වැනි ස්වාරුපයන් එසේම සිංහල පරිවර්තනයට එන පරිදි පරිවර්තනය දෙන්න. ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස නොසලකා ගුගල් පරිවර්තකය වැඩි දියුණු කරන්න අපේ අය ගියොත් වන්නේ එහි නිවැරදි තාවය තවත් හීන වීමයි. එබැවින් එය කරන විට වගකීම් සහිතව කරන්න. දැනටම අපේ අය එහි මලපහ කර ඇති බව පෙනේ.

කෘතීම බුද්ධියක් රහිතව කවදාවත් පරිවර්තන කාර්යක් 100 % සාර්තක්කව යන්ත්‍රයකට කල නොහැක. දැනට එම ක්ෂේත්‍ර පරීක්ෂණ මට්ටමේ පවතී. ගුගල් පරිවර්තකය ක්‍රියාත්මක වන්නේ කෘතීම බුද්ධියට ආදාලම ක්ෂේත්‍රයක් වන machine learning ක්‍රමය යටතේය මෙහිදී යම් ඉංග්‍රීසි වාක්‍යකට ගැලපෙන සිංහල වාක්‍ය රටාව අඳුනා ගැනීම පුද්ගලයකුගේ පෙන්වා දීමකින් තොරව ඉබේ හඳුනා ගනු ලබයි. සිංහල සහ ඉංග්‍රීසි යනු වියරණ නීති වලින් දුරස්ථ භාෂා දෙකකි. සිංහල භාෂාවේ ඇති ලිංග භේදය, ගෞරවාර්ථ වාක්‍ය රටා. ඉංග්‍රීසිය තුල නැත. ඒවා අඳුනා ගැනීමට ගුගල් දැනට භාවිතා කරන ඇල්ගොරිතමය වලට පහසු නොවේ. වත්මන් ක්‍රමවේද යටතේ 100% තියා තේරුම අතින් 90% සහ වයාකරණ අතින් 70% වත් නිවැරදි තාවයක් බලාපොරෝහ්තු වීම විහිළුවකි. කෙසේ වුවත් ඒ මට්ටමට හෝ අපේ උනන්දුව මත ගත හැක. එසේ වුවහොත්. ඉන් ලබා ගන්නා දල පරිවාර්තනය මිනිස් සහය සහිහව වැඩි දියුණු කර වැඩි ලිපි ප්‍රමාණයක් පහසුවෙන් පරිවර්තනය සඳහා එය යොදා ගත හැක.

එසේම ගුගල් පරිවර්තකය තුල සැඟවුණු රාක්ෂයෙක් සිටී. එනම් දායක වන්නන්ගේ වගකීම් විරහිත ස්වභාවය  නිසා සහ ගුගල් පරිවර්තකයේ නොහැකියාව නිසා පිටවන වැරදි අක්ෂර වින්‍යාස සහ වයාකරණ නිසා සිංහල බසට වන හානියයි. මේ හානියට ගුගල් පරිවර්තකය මගින් වෙබ් අඩවියක් පරිවර්තනය කර එසැනින් බලා ගැනීමේ හැකියාව හේතු වේ. එබැවින් ඉගෙන ගන්න සිසුවෙක්  හෝ වෙනත් අයෙකුට  වැරදි වාක්‍ය රටා සහිත ලිපි විමර්ශනයක් රහිතව කියවා වැරදි වාක්‍ය රටා මනසට ගියවිට ඔහුටද වැරදි වාක්‍ය රටා නොදැනුවත්ව ලියවීමට හේතු වේ. එය බසට වන හානියකි.

මෙන්න ගුගල් පරිවර්තකයෙන් එන  විහිළු.
My sister in law is pregnant = නීතිය මගේ සහෝදරිය ගැබිනි වේ.
he wash his hand after going toilet = ඔහු වැසිකිළි යාමෙන් පසු ඔහුගේ අත සෝදන්න
i will fuck you = මම ඔයාට බැරිද ඇත
he is throwing rice to pigeons to eat = ඔහු කෑම කන්න පරෙවි සහල් වීසි කරයි
What makes a guy enjoy a female's company? = මොන ගයි කාන්තා මහතාගේ සමාගම භුක්ති වන්නේ කෙසේද?
We finished the test at the same time.= ඒ විධියට පරීක්ෂණ අවසන්.

Tuesday, December 16, 2014

හුරේ මෙවරත් අපිම තමයි එක (We are the first)


ලංකාව කියන්නේ ආසියාවේ ආශ්චර්යම තමයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නැත්නම් දැනට බලන්න පුළුවන් දත්ත අනුව පසුගිය වසර 4 දී  මේ අංශයෙන් ලෝකයෙන්ම එක වෙලා තියෙන්නේ අපේ අය. අපිව පරද්දන්න බංගලි කාරයෝ, ඉන්දියන් කාරයෝ, ඉතියෝපියන් කාරයෝ ලොකු ට්‍රයි එකක් ගත්තා මෙවරත් එත් අපි දිනුවා. මේ ජයග්‍රහණයට දායක වූ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්, රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්, විශ්‍රාමික පුද්ගලයන් ඇතුළු සැමට සුබපැතුම්.

කෝ කෝ තවම කියන්න බැරි වුනා නේ මේ ජයග්‍රහණය කුමන අංශයකින්ද කියලා. මෙවරත් අපි දිනුවේ ගුගල් වල sex සර්ච් කරලා. මෙන්න ජයග්‍රාහී රටවල්
google sex search 2014
ලොකු කරන්න ක්ලික් කරන්න

වෙන එකක් තබා අපි කොතරම් දියුණුද කියනවා නම් ජොබ් ගැන ගොසිප් ගැන සින්දු ගැන සොයනවාටත් වඩා අපි සෙක්ස් ගැන හොයනවා. මෙන්න දියුණුව
Compare Sex. Gossip, Jobs, Video, Songs
ලොකු කරන්න ක්ලික් කරන්න
එසේම ලෝකයේ පසුගිය වසරේදී වැඩිපුරම සොයන ලද වචනය facebook වේ. එම වචනය ලංකාවේදී sex වලට පරාජය වීමද තවත් ජයකි. එනම් අප සාමාන්යෙන් දන්නා පරිදි අපේ බොහෝ දෙනා facebook බාවිතා කරයි ලංකාවේ එයටත් වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය මගින් සෙක්ස් සොයයි.



මෙහෙම උනත් ගිය වසර වල වගේම මේ වතාවෙත් තවත් වැදගත් අංශ වලින් ඉදිරියෙන් ඉන්නවා මෙන්න ගියවර ඒ ගැන මම විස්තර කල ලිපිය 

සොයා බැලීමට දත්ත පවතින පසුගිය වසර 10 සඳහා ගතහොත් සමස්තයක් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ අපි වේ. සමහර විට ලංකාවට ඉන්ටර්නෙට් ආ දවසේ සිට සිටින්නේද අපිම විය හැක. පසුගිය වසර 10 යේ දී අප පළමු 6 දෙනා අතර සිටීමද විශේෂත්වයකි

2004 - 6 වෙනියා
2005 - 4 වෙනියා
2006 - 4 වෙනියා
2007 - 5 වෙනියා
2008 - 3 වෙනියා
2009 - 5 වෙනියා
2010 - 4 වෙනියා
2011- 1 වෙනියා
2012- 1 වෙනියා
2013- 1 වෙනියා
2014- 1 වෙනියා

මේකත් තව ටික දවසකින් ගොසිප් කාරයෝ, පත්තර කාරයෝ පට්ට ගහන නිවුස් එකක් වේවි. ගුගල් සමාගමෙන් නිකුත් කල වාර්ෂික වාර්තාව අනුව මෙවරත් අපි සෙක්ස් වලින් එක කියලා. නමුත් මේ එහෙම වාර්තාවක් නොවේ. මේක පසුගිය කාලයේ මිනිසුන් ගුගල් හි සෙවුම් කලේ කෙසේද කියා බලා තම වෙබ් අඩවි සාර්ථක කරගැනීමට වෙබ් අඩවි හිමිකරුවන් සඳහා ඇති මෙවලමක්. ඕන වචනයකට ඇති ඉල්ලුම බලන්න මේකේ සර්ච් කර බලන්න
http://www.google.com/trends/

2014/12/15 දින පලකරන ලද ලිපියේ අඩුපාඩු කිහිපයක් තිබුණු බැවින් අද(2014/12/16) දින වැදගත් තව  කරුණු කිහිපයක් එක් කරන ලද බැවින් එයට පෙර කියවූ අය නැවත කියවා බලන්න.

Tuesday, September 16, 2014

ඉමිතියාස්‌ බාකීර් මාකර් හෙළිකරන බෙදුම්වාදයේ මුල.(Truth Of Separatism In Sri Lanka.)


ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලයේ පසුගිය 14 වැනිදා පැවැති විශේෂ මහා සභා රැස්‌වීම අමතමින් ජාතික සමගිය සඳහා වූ බාකීර් මාකර් මධ්‍යස්‌ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස්‌ බාකීර් මාකර් මහතා පවසන ලද මේ අදහස බෙදුම් වාදයේ මුල ලෙස කළු ජුලිය හෝ බණ්ඩාරනායක මහතා කල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ලෙස දකින පුද්ගලයන්න්ට හොඳ පිළිතුරකි.

//ශ්‍රී ලාංකික ජාතියක්‌ හැටියට නිදහස ඉල්ලා සිටි අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය පාලකයන් එදා නිදහස්‌ අරගලය මෙහෙයවූ දිවංගත අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතාට පැවසුවේ "නුඹලා බෙදුන ජාතියක්‌. නිදහස දුන්නොත් එකිනෙකා ඇනකොටා ගනීවි මරා ගනීවිZ කියලයි. ඇත්ත වශයෙන් අපි එදා සිංහල මහ සභාව, මුස්‌ලිම් ලීගය, ද්‍රවිඩ කොන්ග්‍රස්‌, ඉන්දියන් කොන්ග්‍රස්‌, බර්ගර් යුනියන් ජාතික කොන්ගස්‌, මැලේ ලීග් හා මුවර් සංවිධානය යනුවෙන් බෙදී සිටියා. ඩී. එස්‌. සේනානායක වැනි අතීතයේ සිටි ජනනායකයින් ඒ සියලු ජාතීන් හැකිතරම් දුරට එකතු කිරීමට උත්සාහ ගත්තා.//(සම්පුර්ණ ලිපිය දිවයින පුවත් පතේ පලවිය)

ඇත්ත වශයෙන්ම නිදහස ලැබීමටත් පෙර සිට බෙදුම්වාදී අදහස් ජාතීන් අතර තිබුනා. මුල් කාලයේ සිට ජාතීන් සිටියේ වෙන වෙනම සංවිධානය වී. එමගින් අනාගතයේ ඇතිවන බෙදීම සුද්දෝ දැක්කා. (එම බෙදීම ඇති කිරීමටත් සුද්දෝ වක්‍රව සහය වුනා.) දැනටත් එක් එක් ජාතීන් නියෝජනය කරන දේශපාලනය අපේ රටේ අනාගත ප්‍රශ්න වලට මුලයි ඒ බව විශේෂයෙන් ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා වැන්නවුන් තේරුම් ගත යුතුයි.

විශේෂයෙන් දෙමල ජන නායකයන් බලා සිටියා රටේ ප්‍රධානියා වන්නට එයට ප්‍රධාන හේතුව වන්නේ උගත් දෙමල ජාතිකයන් බොහොමයක් රටේ මුල් පුටුවල සිටීම සහ ඉන්ගීසින් රට අල්ලා ගැනීමට පෙර සිටියේ දෙමල රජෙක් වීමයි.  නමුත් සර්වජන චන්දබලය ලැබීම සමග එය ඔවුන්ට සිහිනයක් වුනා ඊළමක් ඉල්ලීමේ මුල එයයි.

ඉන්දියවේ මහත්මා ගාන්ධි විසින් සියලු ජාතීන් එක් කර ඉන්දියානු ජාතියක් බිහි කළා. එයට අනුගත නොවූ අය පකිස්ථානය බංගලිදේශය වැනි රටවල් බිහිකර ගත්තා. අදටත් ඔවුන් ළඟ ඇති අපි ඉන්දියානුවෝ කියන සංකල්පය ඇති කලේ මහත්මා ගාන්ධි. මේ වෙනකම් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් සමාජ ගත කිරීමට ලංකාවේ කිසිම ජන නායකයෙකුට නොහැකි වුනා මෙන්ම ඔවුන් ඒ සඳහා කැපවුණේ නැහැ.

ඩයස්පෝරා ලෙස වෙන්වූ ද්‍රවිඩයන්, පකිස්ථානය දිනන විට රතික්ඥ පත්තු කරන මුස්ලිම් ජාතිකයන්. සහ ජාතිවාදී සිංහලයන් සිටින තෙක් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් ඇති නොවේ. අනාගත ලංකාව වෙනුවෙන් අප පරාජය කල යුත්තේ ඉහත දේවල් වේ.

ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවෙන් සැවොම පෙළ ගැසෙමු.

Tuesday, September 9, 2014

රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව.(Is Sinhalese becoming a minority?)

යමෙක් අන් මත විවේචනය කරයි නම් මුලින්ම තම මතය නිවැරදිදැයි මුලින්ම විමසා බැලිය යුතුය තමන් වැරදිනම් සිදුවන්න්නේ තමාම විවේචනයට ලක්වීමකි. මේ සිද්දියට ලක්වන පුද්ගලයා නම් මාතලන්ගේ බ්ලොග් එකෙහි පලකරන ලද "සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි" නම් ලිපිය ලියන ලද චානුක වත්තේගම නම් පුද්ගලයාය.

ඔහු විසින් ලියන ලද ඉහත සඳහන් ලිපිය අනුව පැහැදිලිව පෙනෙන කරුණක් නම් ඔහු තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය දත්ත පමණක් ගෙන අන් දත්ත නොසලකා ගණනය කිරීමයි මෙයට හේතුව ඔහුගේ නොදන්නා කමද නැත්නම්  තමන්ට සිදුවන වාසියක් හේතුවෙන් වැරදි මතයක් පෙන්වීම සඳහා ලැජ්ජාවක් රහිතව අංක විද්‍යාවක් පෙන්වීමද?

මුලින්ම ඔහු විසින් පෙන්වන ලද පළමු වගුව සලකමු 

සිංහල
දෙමළ
මුස්ලිම්
ඉන්දියානු දෙමළ
වෙනත්
1981 තත්ත්වය
73.95 %
12.71 %
7.05 %
5.51 %
0.78 %
2011
තත්ත්වය
74.88 %
11.12 %
9.23 %
4.16 %
0.52 %
දෘශ්‍ය වෙනස
0.93 %
- 1.5 %
2.18 %
- 1.35 %
0.04 %
සත්‍ය වෙනස (සංඛ්‍යාත්මක)
4,184,420
384,024
822,920
23,623
- 9,000
සත්‍ය වෙනස (පෙර තරමට ප්‍රතිශතය)
38.2 %
20.35 %
78.61 %
2.89 %
- 7.82 %

මේ වගුව ඇසුරෙන් ඔහු සඳහන් කල දේ බලමු 

"සිංහල ජනතාව වඳ වේය යන මතය ගොඩ නඟන්නන් ඒ සඳහා උපයෝගී කොට ගන්නේ පළමු පෙළ තුනෙහි ඇති ඉලක්කම්ය. 1981 සිට 2011 දක්වා ජනවර්ග අනුපාතයන්හි යම් වෙනසක් සිදුවේ. සමහර ජන වර්ග ප්‍රතිශතයක් වශයෙන් වැඩිව ඇත. සමහර ඒවා අඩුව ඇත. නිදසුනක් හැටියට සිංහල ප්‍රතිශතය 74% පමණ සිට 75% ක් වෙද්දී මුස්ලිම් ප්‍රතිශතය 7% පමණ සිට 9.2% ට ඉහළ යයි. බැලූ බැල්මට “අපේ රැහැ” පොඩ්ඩකින් ප්‍රසාරණය වෙද්දී  “උන්ගේ රැහැ” මාර විදිහට පිම්බී ඇත. එසේම මේ දෙක අතර දෘශ්‍ය වෙනස සිංහල බෞද්ධ බහුතරය බිය ගන්වන සුළුය."

"මම මෙහි දෘශ්‍ය වෙනස සේ දක්වා ඇති ඉලක්කම් සීරියස් නොගනිමි. එය සංඛ්‍යාකයක් වශයෙන් අවැදගත් වනවා පමණක් නොව වැරදි චිත්‍රයක්ද මවා පායි. ඊට වඩා අදාළ හා වැදගත් අවසාන පෙළ  දෙකෙහි ඇති දත්තය. එකක් සංඛ්‍යාත්මකව එක් එක් ජනවර්ගය වසර තිහක් තුළ ප්‍රසාරණය වූයේ කවර ප්‍රමාණ වලින්ද දක්වයි. අවසාන පෙළෙහි දැක්වෙන්නේ 1981 දී එක් එක් ජනවර්ගයන්හි ප්‍රමාණයට සාපේක්ෂව 2011 දී එම ජනවර්ගය ප්‍රසාරණය වී ඇති ප්‍රමාණයයි."

ජනග්‍රහණ වර්ධනය සඳහා අනාවැකි කීම සඳහා යම් තරමින් හෝ භාවිතා කලහැක්කි දත්තයකට මෙහි ඇත්තේ අවසාන පේලිය පමණි එය මගින් 1981 සිට 2011 අතර කාලය සඳහා ජනග්‍රහණ වර්ධන වේගය ගණනයට  අවශ්‍ය දත්තයක් ලැබේ. මෙමගින් පෙනෙන කරුණ නම් මුස්ලිම් ජනයාගේ  ජනග්‍රහණ වර්ධන වේගය සිංහලයාගේ මෙන් දෙගුණයක් වන බවයි සිංහල සහ මුස්ලිම් ජනග්‍රහණ වර්ධනය අනාගතය සඳහා එස්ටිමෙට් කිරීමට වැදගත්ම දත්තය එයයි. එනම් මෙහි වැදගත්ම පේලිය වන්නේ අවසාන පේලිය වේ.  චානුක වත්තේගම විසින්  "වැදගත් අවසාන පෙළ  දෙකෙහි ඇති දත්තය" ලෙස සඳහන් කලද අවසාන පේලිය ඇසුරෙන් කිසිම නිගමනයක් නොකරයි. එය ඇසුරෙන් නිගමන පවසන්න ගියානම් ඔහුට කියන්න වන්නේ වෙනත් දෙයකි. 

එම නිසා ඔහු ඉහත වගුවේ 4 වන පේලිය ඇසුරෙන් මෙසේ ගොන් කතාවක් පවසයි "උදාහරණයක් හැටියට මේ කියන වසර තිහ තුළදී මුස්ලිම් ජනහගණයේ ප්‍රසාරණය ලක්ෂ අටකි. ඒ කාලයටම අනුරූප සිංහල ජනගහණයේ ප්‍රසාරණය එමෙන් පස් ගුණයකට ආසන්න අගයක් ගනියි. ලක්ෂ හතළිස් එකක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් ලක්ෂ අටක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් තමන්ගේ තැන ගනිතැයි අනියත බියක් පළ කර ගැන්ම තරම් තවත් ගොන් කමක් වේද?" ජාතීන් දෙකක ජනග්‍රහණ වර්ධනය සැසදීමේදී අනාවැකි පැවසීමේදී වැදගත්ම කරුණ වන වර්ධන වේගය අමතක කර ඔහු ප්‍රමාණ සැසදීම කරයි.  පසුගිය 30 වසර තුල අප ඔවුන් මෙන් පස් ගුණය කින් වැඩි වුවත් ඔවුන්ගේ වර්ධන වේගය වැඩි නිසා ඊළඟ 30 වසර තුල අප ඔවුන් මෙන් 3-4 ගුනයකටද තව කල් යාමේදී අප වැඩිවන ප්‍රමාණයට සමාන ප්‍රමනයකටද පැමිණේ අවසානයේ ඔවුන් අප පසුකර යයි.(අනාගතය සඳහා අගයන් විද්‍යානුකුලව ගණනය කර ඇති වගු අවසානයෙදේ පෙන්වමි) 

දැන් ඔහුගේ දෙවන වගුව සලකා බලමු 
ලංකාවේ ජනවාර්ගිකමය වාර්ෂික වර්ධනය (1911 සිට 2011 දක්වා)
දශකය (ආරම්භක වර්ෂය)
සිංහල %
දෙමළ %
මුස්ලිම් %
ඉන්දියානු දෙමළ %
වෙනත් %
1911
1.0
(0.2)
0.6
1.2
1.8
1921
1.3
1.4
1.3
2.6
1.2
1931
1.7
1.2
1.4
(0.3)
1.4
1941
1.8
1.7
2.0
2.0
(0.3)
1951
2.5
2.4
2.5
1.3
(14.4)
1961
2.2
2.3
2.5
0.6
7.1
1971
1.7
2.5
1.8
(4.3)
0.9
1981
1.5
1.4
2.0
0.8
2.3
1991
1.0
0.3
2.0
(0.2)
(1.4)
2001
0.9
0.3
1.7
(0.2)
(1.7)
(මෙය  චානුක වත්තේගම විසින් කරන ලද ගණනයකි )

මෙය ඇසුරෙන් ඔහු පවසන මෙම කරුණ හැර අන් කරුණු සත්‍ය වේ නමුත් ඔහු විසින් අසත්‍යයි කියන දෙය සත්‍ය වීමට අවශ්‍ය හොඳ සාක්ෂියක් මෙමගින් ඔහු සඟවයි(ඔහු ඔහුගේ මතය ඉලිප්පීමට මෙම සත්‍ය කරුණු සැඟවෙන්නේ හිතාමතාම පුද්ගලික වාසියක් සඳහාද නැත්නම් මෝඩ කම නිසාද)
"2. සාමාන්‍ය හා සාමකාමී අවස්ථා වලදී මේ ජනවර්ග තුනේම වාර්ෂික වර්ධන වේගයින් දළ වශයෙන් සමානය. උදාරහණයක් හැටියට 1931 දශකයේ සිට 1981 දශකය දක්වා දත්ත සලකන්න. දර්ශකයක් සේ 1951 න් ඇරැඹෙන දශකය ගනිමු. මේ දශකයේ ප්‍රධාන ජනවර්ග තුනෙහිම වර්ධනය ඉතාම සමීප අගයන් ගනියි."

අප සම දන්නා කතාවක් නම් 1931 දශකයේ සිට 1981 දශකය දක්වා කාලය තුල දරුවන් සාදන ලද අපගේ සීයලා ආච්චිලා සහ අම්මලා තාත්තලා දරුවන් 4-5 වත් සාදන ලද බවයි මේ කාලයේ සිංහල පවුල්වල ළමයින් හැදීම ද මුස්ලිම් පවුල්වල ළමයින් හදීමද අතර ලොකු වෙනසක් නොවිණි. නමුත් 1981 පසු සමාජ ගතකරන ලද උපත්පාලනය හා එයට අධාල පෙළඹවීම් නිසා සිංහල සමාජයේ ළමයින් හැදීම අඩුවිය නමුත් මුස්ලිම් සමාජයට එය ලොකුවට බලපෑවේ නැත.  1981 පසු ළමයින් හදන ලද අපගේ මාමාලා නැන්දලා ළමයින් හැදුවේ 4  කට අඩු ප්‍රමාණයකි එසේම 2001 පසු ළමයින් හදන අපේ යාළුවන් ළමයින් හදන්නේ 1-2 කි නමුත් මුස්ලිම් සමාජයේ මේ තත්වය ලොකුවට නැත. 1981 පසු ලංකාවේ මුස්ලිම් හැර අන් ජාතිවල ජනග්‍රහණ වර්ධන වේගය අඩුවීමට හේතුව මෙයයි. එනම් 1931 දශකයේ සිට 1981 දශකය දක්වා කාලය සියලු ජාතිවල ජනග්‍රහණ වර්ධන වේගය සමාන වුවත් උපත්පාලන ක්‍රම නිසා සිංහලයන්ගේ ජනග්‍රහණ වර්ධන වේගය මුස්ලිම් අයගේ මෙන් අර්ධයක් වනතෙක් අඩුවිය (1991 සහ 2001 සඳහා වගුව බලන්න)

මෙමගින් පෙනෙන්නේ ඔහු විසින් ගණනය කරන ලද මේ වගුවෙන්ම පැහැදිලිවන කාලය සමග සිදුවූ සිංහල ජාතියේ වර්ධන වේගය අඩුවීම ගැන නොපවසා තම මතය හුවාදැක්වීමට බයිලා කියන බවයි. 

දැන් අපි ඔහු ඉදිරිපත් කල 3 වගුව සලකමු 
ලංකාවේ සිංහල හා අනෙකුත් සියළු ජනවර්ග ප්‍රතිශතයක් සේ (1911 සිට 2011 දක්වා)
සංගණන වර්ෂය
සිංහල (ප්‍රතිශතය)
අනෙකුත් සියළු (ප්‍රතිශතය)
1911
66
34
1921
67
33
1931
65
35
1945
69
31
1953
69
31
1963
71
29
1971
72
28
1981
74
26
1989
74
26
2001
74
26
2011
75
25
(මෙය  චානුක වත්තේගම විසින් කරන ලද ගණනයකි )
තමා සියලුදේ දන්නවා සිතා ඔහුගේ මතයට විරුද්ද සියලු දෙනා මෝඩයන් සහ හරක් මෙන් දුටුව චානුක වත්තේගම ගේ නොදන්නුවත්කම පෙන්වන හොඳම උදාහරණය මෙයයි. මේ ගැන ඔහු කියන දේ බලමු

"සිංහල ජනවර්ගයක් සේ මොනම ආකාරයකින් වත් (අනෙකුත් ජනවර්ගයින්ට සාපේක්ෂව) ඍණ වර්ධනයක් නොපෙන්වන බැව් මෙයින් ඉතා පැහැදිළිව ඔප්පු වේ. පසුගිය සියවසෙක පමණ කාලය තුළ ඉතාම සුළු වශයෙන් වුවද වී ඇත්තේ (අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව) සිංහල ජනවර්ගයක් සේ නොකඩවා වර්ධනය වීමයි. නැවත කියමි: නොකඩවා වර්ධනය වීමයි."

අනිවාර්යෙන්ම මෙතනදී චානුක වත්තේගම සත්‍ය පවසයි  ඔහුගේ වගුව අනුව මෙන්ම අතටම සිදුවුයේ එයයි නමුත් ඔහුකරන වැරැද්ද නම් අවසානයේ මේ වගුවේ පරිදි සිංහලයා අනාගතයේදීද වර්ධනය වනබව කියවන්නන්ට දැනෙන සේ මෙසේ කියයි.

"මේ නිසා මොනම ආකාරයකින්වත් සිංහල ජනවර්ගය වඳවීමේ හෝ සුළුතරයක් වීමේ පෙනෙන අවදානමක් නොපවතී. ඔබ බිය වන්නේ ඒ නිසා නම් අද සිට ඔබට බිය සැක නැතිව නිදා ගත හැකිය."

සිදු නොවන්නේ එයයි. ඔහු මෙතනදී ගණිත දැනුමක් අඩු පාඨකයාට ඉදිරියත් මෙසේ මෙම වගුව පරිදි සිංහලයන් වර්ධනය වේ යයි ඉඟි කරයි නමුත් එය සිදුවන්නේ තව දශක කිහිපයක් දක්වා පමණි මේ බව මම විද්‍යානුකුලව අන්තිමට පෙන්වමි දැන් බලමු චානුක වත්තේගම වරද්දා ගත්තේ හෝ අපට වරද්දන්න යන්නේ කොතනද කියා.

කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය යනු අදාළ රාශි දෙක රේඛීයව බැදී පවතින්නක් නොවේ.  කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය රේඛීයව බැදී පවතීනම් ඉහත 3 වගුවම දීර්ග වී දිගටම සිංහල ජන අනුපාතය වැඩිවේ. චානුක වත්තේගම අපිට පෙන්වන්න ගියේ එයයි. නමුත් එසේ නොවේ ඒ බව පෙන්වීමට මම 1991 සහ 2011 යන වර්ෂවල සංඝණන දත්ත ඇසුරෙන් ලබාගත් එක් එක් ජන වර්ගවල වර්ධන වේගය දිගටම පවතීයි උපකල්පනය කරමින් ඉදිරි සංඝණන පවත්වන වර්ෂ සඳහා නිමානය කරන ලද ජනසංඛ්‍ය පහත ප්‍රස්ථාරයේ පෙන්වයි. මෙහි 2011 සඳහා සත්‍ය අගයන්ද ඉන්පසු ගණනය කල අගයන්ද වේ.

ශ්‍රී ලංකාවේ ජාතීන් අනුව ජනසංඛ්‍යා වර්ධනය
මේ අනුව පෙනෙන්නේ වත්මන් ජන වර්ධන වේගය දිගටම පැවතුනහොත් 2261 වනවිට සිංහල සහ මුස්ලිම් ජන සංඛ්‍යා සමාන වන බවයි ඉන් පසු සිංහලයන් සුලුජාතිය බවට පත්වේ.

දැන් බලමු මෙම වර්ධනය යටතේ ජනවර්ග වල ප්‍රතිශතය වෙනස්වන ආකාරය.
ශ්‍රී ලංකාවේ ජාතීන් ගේ අනාගත ප්‍රතිශතය
මෙම ප්‍රස්ථාරයෙන් පෙනෙන්නේ 2041 වනතෙක් සිංහලයන්ගේ ප්‍රතිශතය ඉහල යන බවයි ඉන් පසු එය ක්‍රමයෙන් පහල බැස 2261 දී මුස්ලිම් ජන ප්‍රතිශතය සමග සමාන වේ. චානුක වත්තේගම ඉදිරිපත්කල 3 වගුව ට මෙම ප්‍රස්ථාරයේ 2011 දක්වා අගයන් සමාන වේ ඉන්පසු ඔහු විසින් පෙන්වන්නට ගිය පරිදි සිංහල ජන අනුපාතය වැඩිවේ නමුත් නිදහසේ නිදාගත හැක්කේ 2041 ජන සංගණනය දක්වා පමණි ඉන්පසු සිංහල ජන අනුපාතය දිගටම අඩුවේ.

කලින් මම සඳහන් කල පරිදි මෙම අනුමානය වලංගු වන්නේ පසුගිය වසර 20 පැවතුන ජන වර්ධන වේගය දිගටම තිබුනොත් පමණි නමුත් දැනට පෙනෙන විදියට පහත හේතු නිසා සිංහල ජන වර්ධන වේගය ඉහත සඳහන් ගණනයට භාවිතා කල අගයට වඩා අඩුවේ එසේම මුස්ලිම් ජන වර්ධන වේගය වැඩිවේ.

  • 80 දශකයේ හදුන්වාදුන් උපත්පාලන ක්‍රම නිසා එම කාලයෙන් පසුව බිහිවූ පිරිස අඩු අගයක් ගැනීම නිසා සිංහල සමාජයේ සිටින බාල සහ තරුණ පරපුර මුස්ලිම් අයට වඩා බොහෝසෙයින් අඩුවීම නිසා අනාගත වාර්ෂික සිංහල දරු උපත් අඩුවීම
  • ඉහත පෙන්වූ පරිදි සිංහල අතර මුස්ලිම් අයට වඩා වැඩි ප්‍රමාණයක් සිටින 80 දශකයට පෙර උපන් අය මිය ගිය පසු ජන විශාලව ප්‍රමාණය පහත වැටීම 
  • මුස්ලිම් අය බහුල විට සිංහලයන් සහ ද්‍රවිඩයන් ඒ ආගමට හැරීයාම වැඩිවීම.
  • මුස්ලිම් අය බහුල වනවිට ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිංහලයන් සහ ද්‍රවිඩයන් ඝාතනය වීම සහ රට හැරයාම(මේ සිද්දි මුස්ලිම් ජන අනුපාතය 25% වැඩි රටවල දැනට සිදුවේ.)
එබැවින් ඉහත ගණනය කල කාල වලට බොහෝ කලින් මේවා සිදුවන බව සත්‍යයකි. අනිවාර්යෙන් මම 2041 න් වනවා සිංහල ජන අනුපාතය දිගටම අඩුවීමට පටන්ගැනීම බොහෝවිට එයට පෙර අපගේ ජීවිත කාලය තුල දැකගත හැකිවනු ඇත. එම නිසා එතෙක් සැපසේ නිදාගන්න. අන්අයටත් එසේ කරන්න කියන්න.

අවසාන වශයෙන් කිව යුත්තේ ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් දැරීමට නිදහස ඇත නමුත් තම මතය යනු නිවැරදි මතයම නොවන නිසා එය සමාජ ගතකිරීමට පෙර දෙවරක් සිතිය යුතුය. එම නිසා දැන හෝ නොදැන වැරදි මත සමාජ ගත කිරීම වරදකි. විශේෂයෙන්ම තම මතයට විරුද්ද අයට ගොනා මෝඩයා කීම උගතුන්ගේ වැඩක් නොවේ. එය මෝඩ ගොන් වැඩකි. 
තමන් නොදන්නා අනුන් ලියන ලද රෙද්දවල් පල කිරීමට ප්‍රථම විමිසිලිමත් වන ලෙස මාතලන් ගෙන් ඉල්ලමි.

ප.ලි.
චානුක ලියන ලද ලිපිය රාවය පුවත්පතේද පලවී ඇත. ඒ ගැන මා දැනුවත්කළ නිර්නාමික සොයුරාට ස්තුතියි. මෙන්න රාවය ලිපිය. 
තම දේශපාලන මතය තහවුරු කිරීම පිණිස නිසි විමර්ශනයකින් තොරව ඕනෑම කුණුගොඩක් පුවත් පත් වල පලවන බවට මෙය හොඳ උදාහරණයකි.