Sex search in Sri lanka |
sex යනු ඇසැබි වෙබ් අඩවි සෙවීමට භාවිතා කරන එක් යෙදුමක් පමණි. එය මේ අංශයේ ඇති ඉතා ප්‍රථමික යෙදුමක් වන අතර ඉංග්‍රීසි ප්‍රවීනයන් එම වචනය මේ සඳහා භාවිතා නොකරයි. එබැවින් ඉංගිරිසිය දෙවන භාෂාව වන රටවල් මේ වචනයෙන් ඉදිරියට එම පුදුමයක් නොවේ. ඇසැබි වෙබ් අඩවි වලට පිවිසීමට හැකි සෙවුම් වචන ඉතා විශාල සංඛ්‍යාවක් පවතී ඉංගිරිසිය හුරු පුද්ගලයන් තම රුචිකත්වය අනුව සෙවීමට යොදන යෙදුම වෙනස් වන බැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් වල ඇසැබි වෙබ් අඩවි සොයන්නෝ එකම වචනයකට කේන්ද්‍ර ගත නොවේ. එබැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් මෙවැනි වාර්තාවල පසුපසට යෑම පුදුමයක් නොවේ. එසේම ප්‍රංශය, ජර්මනිය, රුසියන් රටවල්, චීනය,ජපානය වැනි බොහෝ රටවල් ඇසැබි වෙබ් අඩවි සොයන්නේ ඔවුන්ගේ බසින් විනා ඉන්ගිරිසි sex යන වචනය යොදා නොවේ. එසේම ලොව සමහර රටවල ජනප්‍රිය සෙවුම් යන්තරය ගුගල් නොවේ. එසේම ඇසැබි වෙබ් අඩවි වලට යන එම අංශයේ ප්‍රවීනයන් කෙලින්ම එම සයිට් වල නම් භාවිත කර ඇතුල් වන අතර නොඑසේ නම් බුක් මාර්ක් යොදා ගනී.
එබැවින් අප තේරුම් ගත යුත්තේ මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ ලංකාව sex යන වචනය යොදා ගුගල්කරන රටවල් වලින් අංක එක නමුත් වැඩිපුරම ඇසැබි වෙබ් අඩවි වලට යන්නන් සිටින රට නොවන බවය.
කෙසේ නමුත් ලංකාවේ පුද්ගලයන් මෙම අඩවි වලට හුරුවී වටිනා කාලය විනාශ කරන බව අමතක නොකළ යුතුය. එයට හොඳම සාක්ෂිය වන්නේ ලංකාවේ ජනප්‍රිය අඩවි අතර ලෝකයේ ප්‍රධාන ඇසැබි අඩවිද පැවතීමයි.
ඇසැබි වෙබ් අඩවි වලට යාමට භාවිතා කල හැකි තවත් ප්‍රථමික සෙවුම් වචන වන porn, xxx, sex videos මෙන්ම ජනප්‍රිය වෙබ් අඩවි වල නම් google trends යොදා සෙවූ විටද ඉහත රටවල් සෙට් එකම පෙරමුණ ගනී. එනම් මෙම රටවල ලිංගික නිදහස සීමා වීම නිසා යම් අසහනයක් මෙම රටවල තිබීම මෙම වාර්තා මගින් ප්‍රකට වේ. ඇසැබි වෙබ් අඩවි තහනම් කිරීම මගින් මෙම සමාජ ව්‍යසනය නතර කල නොහැකි බව බලධාරීන් තේරුම් ගත යුතුය.
බොහෝ මිනිසුනේ සිරිත වැරදි සෙවීම විනා හොඳ දැකීම නොවේ. අපේ අය බොහෝ වැදගත් තොරතුරු සෙවීම අතින් ද ඉදිරියෙන් සිටී. 2013 සඳහා ගත් එවැනි සෙවුම් කිහිපයක් google trends වාර්තා මගින් මම පෙන්වන්නම්.
Spoken English පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Spoken English |
Internet money සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක
Internet money |
Web hosting පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Web hosting |
Web design පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Web design |
තවද house design, house plans, c#.net, vb.net, asp.net, java, php වැනි බොහෝ සෙවුම් වලදීද ලංකාව පලවෙනි තැන නොවුනත් මුල් පිහිටුම් වල සිටී.
මේ මම සෙවූ කිහිපයක් පමණි. අපරටට වඩා මිනිසුන් විශාල ලෙස සිටින බොහෝ රටවල් අතරින් අන්තර්ජාලයේ විවිද දේ සෙවීම් අතින් ලංකාව ඉදිරියට පැමිණීම ලංකාවේ පරිගණක සාක්ෂරතාවයේ දියුණුව පිළිබිඹු කරයි. ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහල රටක එය හොඳ මෙන්ම නරක පැත්තටද යෙදීම පිළිඹඳ තාක්ෂණයට බය විය යුතු නොවේ. සිදු විය යුත්තේ පිළිකාවක් මෙන් පැතිර ඇති ලිංගික අසහනය අප සමාජයෙන් තුරන් කිරීමයි.