එක ගමක පන්සලක 'කපටි' පොඩි හාමුදුරු නමක් බණක් භාවනාවක් එහෙම කරං ගමේ මිනිස්සුන්ට ප්‍රශ්ණ ආවම ඒවටත් උපකාර කරං හිටියා... එයාට හැමෝම ලොකු හාමුදුරුවන්ටත් වඩා ගරු සත්කාර කරා.. කාලයක් යන කොට මෑන් බැලුවා දැන් මම තමයි පන්සලේ ජනප්‍රියම.. දැන් තමයි වෙලාව ලොකු හාමුදුරුවොන්ට ගේමක් දීලා පන්සලේ බලේ අල්ල ගන්න කියලා.. මේ පොඩි නම කාලයක් තිස්සෙ හිතේ හංගං හිටපු ආසාවක් තමයි... මේ පන්සලේ මහ පුටුව..
ඔහෝම ඉන්න කොට තමයි දවසක් අල්ලපු භාරත ගම හොල්ලන් ඉන්න කසිප්පු මුදලාලි මේ පොඩි නමට මුලිච්චි වෙන්නෙ.. මේ කසිප්පු මුදලාලිගෙ බිස්නස් වලට අංචි ඇදපු නිසා මෙයාටත් ලොකු හාමුදුරුවො මල ඇණයක් වෙලයි තිබුනෙ.. ඕක පොඩි නම හොඳටම දැන ගෙන හිටියා.. දැන් දෙන්නා ගැහුවා ප්ලෑනක් ලොකු හාමුදුරුවො එලවලා දාන්න.. ප්ලෑන අනුව මුලින්ම තිබුනෙ පන්සලේ සෑහෙන්න කාලයක් ඇබිත්තිකම කරන් හිටපු තලත්තෑනි සේන මාමට සිවුරක් අන්දලා පංසලේ මහ පුටුවට ගේන්න.. මොකෝ එහෙම කරේ.. ගමේ අය පොඩි නමට කැමති උනාට දැන්ම මහ පුටුව භාර දෙන්න ලැහැස්ති නැති බව මේ කපටි පොඩි නම දැනගෙන හිටියා.. ටික කාලයකින් ලේසියෙන්ම සේනයා එලෙව්වම තමන්ට නිකම්ම පන්සල අයිති කරගන්න තමයි පොඩි නම ප්ලෑන් කරේ...
දැන් දෙන්නා කතිකා කර ගත් විදිහට වැඩේට බැස්සා... උපතින්ම කුලෑටි චරිතයක් වෙච්ච සේන මාමා මුලින්ම බය උනා.. අදිමදි කරා... කැමති උනේ නෑ වැඩේට... ඒත් සේන මාමාව පොඩි කාලෙ ඉදන් නාවලා කවලා පොවලා බලාගත්තු චන්ද්‍රා ඇන්ටි ලව්වා සේන මාමාව කැමති කර ගන්න පුළුවන් උනා.. සේනයා චන්ද්‍රා ඇන්ටිට ලොකු හාමුදුරුවන්ටත් වඩා ගූ බයයි... එයා කියන ඕනැ දෙයක් කරනවා කියලා පොඩි නම දැනගෙන උන්නා.. තමන් කුළඟන සමිතියේ සභාපතිකමින් පන්නපු වාඩුව තමන්ට පෙන්නන්න බැරි ලොකු හාමුදුරුවන්ගෙන් ගන්න චන්ද්‍රා ඇන්ටි කල් යල් බලනවා කියලත් පොඩි නම දැනගෙන උන්නා..
ප්ලෑනට අනුව සේන මාමාව කරලියට ගේන්න කලින් ලොකු හාමුදුරුවන්ගෙ චරිතය නැති කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක උනා.. කසිප්පු මුදලාලි ඒකට යොදා ගත්තෙ උඩින් හතුරු වෙසින් හිටියත් තමන්ගෙ ගජම මිතුරෙක් වෙච්ච අරුණ කුමාර කියලා මැදිවියේ මනුස්සයෙක්.. මෙයා කැම්පස් එහෙම ගියපු උගත් කපටියෙක්.. දහම් පාසලේ ඉගැන්නුවා.. ගමේ මළ ගෙවල්වල නයිට ගහලා කථා කිව්වා..
මෙයාට තියෙන්නෙ අමුතුම ආසාවක්.. මෙයාට ඕනැ උනේ සියළුම හාමුදුරුවො පන්නලා පන්සල බිමට සමතලා කරලා ඒ ඉඩමේ රතුපාට තින්ත ගාපු ගෙයක් හදන්න.. එයා කැම්පස් යනකාලෙ බලපු රුසියන් ෆිල්ම් එකක තිබුනු රතු ගෙයක් දැකලා තමයි මෙයාට මේ පිස්සුව හැදුනෙ.. මෙයා හොඳ කට මුකරියා හින්දා තමන්ගෙ ආසාව ඉශ්ඨ කර ගන්න රසවත් කථා කිව්වා.. පන්සල විවේචනය කරා... හාමුදුරුවො කෙටෙව්වා.. උපාසක අම්මලාට සමච්චල් කරා.. ගමේ කොළු කුරුට්ටො මෙයාගෙ කථාවලට නැට්ටෙ ඉදන් ඇඳලා හිටියෙ.. ඉතින් මෙයා ලොකු හාමුදුරුවන්ගේ චරිතය නැති කිරීමේ කොන්ත්‍රාත්තුව පැනලා බාර ගත්තා.. ලොකු හාමුදුරුවො වටේ හිටපු සමහර ගෝලයො දායකයො කරපු මජර වැඩ පවා ලොකු හාමුදුරුවන්ගෙ එකවුන්ට් එකට දැම්මා..
ලොකු හාමුදුරුවොම කරපු සමහර මංඤ්ඤං වැඩ දෙගුණ තෙගුණ නොව දහ ගුණ කර ප්‍රචාරය කරා... ආවාසයේ ඇඳ යට ඇතෙක් බරට වස්තුව ඇති බව කිව්වා.. පන්සලේ මල් අසුන, බණ මඩුව ඉදි කරන විට ගසා කෑ බව කිව්වා.. සිවුරේ ගණන් හිලව් පවා කිව්වා... මේ ළණු ගම්මු බොහොමයක් කන අතරේ සේන මාමාට සිවුරු පටලවිල්ලත් සිදු උනා...
මෙසේ ප්ලෑන ක්‍රමයෙන් ඉදිරියට ආ අතරේ දායක සභාව කැදවන දිනයත් එලැබුනා.. පොඩි නම, සිවුර දරා සිටි සේන, චන්ද්‍රා ඇන්ටී, අල්ලපු ගමේ කසිප්පු මුදලාලිගේ මේ ගමේ ගෝල බාලයන්, අරුණගේ ළණු කෑ කොළු කුරුට්ටන්, බොරුවට රැවටුනු දායකයන් එක පිලකට පැන ලොකු හාමුදුරුවන් පන්සලෙන් පලවා හරින්නට කටයුතු කරා.. සුළුතරයක් වූ ලොකු හාමුදුරුවන්ගේ අගය දත් දායකයන් කම්පා වන විට ලොකු හාමුදුරුවන්ට සිදු වූයේ ගම කෙලවර වන ලැහැබටම පලා යන්නටය...
ඒ අතරේ චීවරදාරී සේන විහාරාධිපති ලෙස මහ ආවාසයට ගිය අතර දායකයන් අතර කුජීත චරිතයක් බවට පත්ව කලකට පෙර දායක සභාව විසින් පන්සලෙන් එලවා සිටි වික්‍රමවංශ දෙවනියා ලෙස ඊලඟ ආවාසයේ පදිංචි උනා ..කපටි පොඩි නම කල් මැරීම සදහා හිටපු ආවාස ගෙයිම නැවතුනා.. අරුණ පන්සලේ ස්ථීරවම පදිංචි නොවුනත් පන්සලෙන්ම කා බී බොහෝ විට නයිට ගැසුවේ බණ මඩුවේය..
නමුත් මේ නඩයේ සොමිය වැඩිකල් පැවතුනේ නැත... සේන සිවුරු දරා මුල් පුටුවේ සිටියද ඔහු තවම හැසිරෙන්නේ ඇබිත්තයෙකු ලෙසය.. හිටි ගමන් අමතක වී සාමනේර නමට පවා වදියි.. පන්සල නැවත පැමිණ මාසයක් යන්නට පෙර වික්‍රමවංශ පිං පෙට්ටිය භාර දුන් එකා එය කඩා අතේ මාට්ටුය... චන්ද්‍රා ඇන්ටී මහ ආවාසයේ කාමරයක පදිංචි වූයේ තරුණ පිරිසකගේ හූ හඩ මැද්දේය.. බාගෙට හැදූ ඝන්ඨාර කුළුන ලත් තැනම ලොප්ය...
වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබූ පොකුණ ලොවෙත් නැත... ඇඳ පල්ලෙන් ලොකු හාමුදුරුවන්ගේ ඇතෙක් බරට තබා කටුස්සෙක් බරට වස්තුව සොයාගත නොහැකි වීමෙන් අරුණ කුමාර ගම්මුන්ගෙන් මග හරිමින් සිටී... කියූ හොරකම් කිසිවක් ඔප්පු කර ගත නොහැකිව තමන්ම ලියූ ගණන් හිලව් පත්‍රයද සගවා ආවාසය තුල සැගවෙන්නට පොඩි නමට සිදුවී ඇත්තේ ගම්මුන්ගේ හරුපවලින් ගැලවීම සදහාය... පන්සල් භූමිය වල් බිහි වී ඇත.. අල්ලපු ගමේ කසිප්පු මුදලාලිගේ ගෝලයෝ මහ දවාලේ පන්සල් වත්තේ හොර පොල් කඩන්නේ උන්ට ලියා දුන් ඉඩමක් සේ සලකාය...
මේ විගඩම් දකින ගැමියෝ තමන් කෑ ළණුව ගැන විස්සෝප වී සිටිති... ලොකු හාමුදුරුවන්ගේ අගය සිහිපත් කරති... වනයේ ඇති කුටියට ලොකු හාමුදුරුවන් සොයා යති... තවමත් පන්සල් වත්තේ වන විගඩම් වලට එහෙයි කියන්නෙ කවදත් පන්සලට ආදරයක් නොතිබුනු උන්.. අරුණගේ ළණුව සහ පොඩි නමගේ ළණුව වමාරන්නට නොහැකි උන්.. එදා සිටම ලොකු හාමුදුරුවන් ඇලජික් උන්.. කසිප්පු මුදලාලිගේ මේ ගමේ ගෝල බාලයන් වැනි කිහිපදෙනෙකි..
දායක සභාවේ බහුතර ගැමියන් දත කට මදිමින් ඉන්නේ.. මීලඟ රැස්වීම එලැබෙන තෙක්ය.. ඒ පන්සලට රිංගා සිටින බොරු ප්‍රෝඩාකාර අපත නඩය කැලෑවෙනුත් එපිටට පන්නා.. නැවත ලොකු හාමුදුරුවන්ට පන්සල භාර දීම සඳහා ය... උනු වැරැද්ද නිවැරදි කර ගැනීම සදහාය...!!!
උපුටා ගැනීමකි.
සත්‍ය සිදුවීමකි නමුත් සිදුවුයේ පන්සලක නොවේ නම් ගම් වෙනස් කර ඇත.
අනේ අපි නොදන්න Quote ලොකු හාමුදුරුවෝ Unquote.
ReplyDeleteඕකා දේවදත්ත නිකායේ ගණ ගෙඩියෙක්!
මෙයානම් පිනාව ගේන්න ෆන්ඩ් කරපු කෙනෙක් වගේ නේහ්....., :D
Deleteමෙයානම් පිනාව ගේන්න ෆන්ඩ් කරපු කෙනෙක් වගේ නේහ්....., :D
Deleteඔය ලොකු හාමුදුරුවෝ එලවන්න අන්තර්ජාලයේ කැලෑ පත්තර ගහපු එකෙක් තමයි ඔය
Deleteසමාවෙන්න දේවදත්තට අපහාසයක් වෙලා. දේවදත්ත මොනවා කළත් හොර ගෙඩියෙක් නොවෙයි!
DeleteQuote දායක සභාවේ බහුතර ගැමියන් Unquote
ReplyDeleteබහුතරය?
සිනා.
බහුතරය? ... Yep
Deleteලංකාවේ වර්තමාන තත්වය නොදන්නා ටොයියන්ට සභාවේ හු හඬ
\\ලංකාවේ වර්තමාන තත්වය නොදන්නා ටොයියන්ට සභාවේ හු හඬ\\
Delete+++++++++++++++
ඒ කියන්නේ දැන් ජනවාරි 9 දා සිටි බයියන් ලක්ෂ 58 දැන් වැඩි වෙලාද?
Delete\\ලංකාවේ වර්තමාන තත්වය නොදන්නා ටොයියන්ට සභාවේ හු හඬ\\
Delete+++++++++++++++
පොඩි නම කවුද කියන එක පැහැදිලි නෑනේ, ඊ්ටත් ලංකාවේ නං ඔහොම වෙන්නේ නෑ, මොකද ලංකාවේ කසිප්පුවෝ පොඩිනමවල් සමඟ සෙට් වෙන මෝඩයෝ නෙවෙයි.
ReplyDeleteපොඩිනම තමා රණ-වක
Deleteපොඩි නම කවුද කියලා හිතා ගන්න මටත් ටිකක් අමාරු වුනා
Delete//... එයාට හැමෝම ලොකු හාමුදුරුවන්ටත් වඩා ගරු සත්කාර කරා.. කාලයක් යන කොට මෑන් බැලුවා දැන් මම තමයි පන්සලේ ජනප්‍රියම.. // ඒ කවුදෑ, ජනප්‍රිය වෙන්න අවසර තිබුන ඈයො හිටියේ 3 නෙව. අනන්තැරිය පාප කරුමයක් වත් වෙන්ට ගොහින්ද?
ReplyDeleteඉන්දික උඩින් කියලා තියෙනවා ඒ කවුද කියා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුපිරිම සුපිරි පෝස්ටුවක්. මකසි ආයෙ ලියන්න ගත්ත එක සතුටුයි. ඒත් ආයෙ ලොකු හාමුදුරුවන්ට එන්න බැරි වෙයි. පොඩි නමව නම් දැන් මිනිස්සුන්ට පෙන්නන්න බෑ.
ReplyDeleteහැබැයි අර කසිප්පු පොලට පොලෝසියෙන් පැනපුදා කෝලහාලෙ වෙලේ අරුණල හිටියෙ අවංකවමයි . එතනදි පොඩි නම කළේ බොරුවක්. කකුලෙන් ඇදල කොහොමහරි වික්රමවංශව ගේන්නයි ඒ කාලෙත් උප්පරවැට්ටි යෙදුවෙ. ඒක හරි ගියෙ නෑ.ඊට පස්සෙ බොරුවට ලොකු හාමුදුරුවො එක්ක හිතවත් වුනා.
පොඩි නමට වගේම අරුණ කුමාරටත් කවදාවත් ගොඩ ඒමක් නෑ. අරුණට නම් කැමති පිරිසක් ඉන්නවා.අරුණලට ඕන වුනේ කළකිරෙන දායකයො තමන්ගෙ පැත්තට ගන්න. දැන් පොඩි නමගෙ නම ඇහෙනකොටත් මිනිස්සු දත්මිටි කනව. මොකද දායකයො රවටන්න ඉස්සරලම එළියට බැස්සෙ පොඩිනම නිසා.
ඉස්සරහට වෙන දේ පැහැදිලියි. අල්ලපු ආවාසෙ ඉන්න වික්‍රමවංශ ලොකු හාමුදුරුවො වෙයි. අලුත් සේන ලොකු හාමුදුරුවොයි පරන ලොකු හාමුදුරුවොයි අතර දායකයො බෙදිල නිසා.
අල්ලපු ගමේ කසිප්පු මුදාලි පන්සල්වත්තෙ විතරක් නෙමේ ගමේ දායකයන්ගෙ වතුවලත් ලගදිම හොරපොල් කඩාවි. කරන්න දෙයක් නෑ.
කලින් කොමෙන්ටුව මැකුවේ වියරණ දෝෂයක් නිසයි
Deleteවික්‍රමවංශ දැන් පියමනාපව ඉන්නවා. දැන් මිනිහාගේ හිත නිදහස්. ළඟදීම ලොකුහාමුදුරුවෝ වෙන බලාපොරොත්තුවෙන් කුල්මත් වෙලා
Deleteමකසි ආයෙත් ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි.
ReplyDeleteජය වේවා!!!
මේක උපුටා දැක්වීමක්
Deleteජය වේවා!!! ජය වේවා!!!
ටමන් ඇති සිදුවූ වැරැද්ද නිවැරදි කිරීමට තම කැමැත්ත හරියට දීමට ඊළඟ දායක රැස්වීම එනකල් තමා සක්‍රිය දායකයෝ බලාගෙන ඉන්නෙ. ඉඳල හිටලා වත් පන්සල පලාතකවත් නොයන අය කියන කරන දේවල් දැන් මේ සක්‍රිය දායකයෝ ගනන් ගණන් ගන්නේ නැහැ.
ReplyDeleteඅනිවාර්යෙන්ම
Deleteපැන්සන් යවපු ලොකු උන්නාසේ දැං දොඩෝනෝලු...
ReplyDeleteජ ය වේ වා !!!
මචං මටත් මේ දවස් වල හතේ හත. අලුත් ජොබ් එකට සෙට් කරලා දියං කෝ. මට දෙන 1600 න් 500 ක් උඹට දෙන්නං. උඹේ තැනම වැඩ කරන්න හදල දියං. මට ගෙදර ඉඳන් සිරිකොතට එන්න ගන්න තියෙන්නේ 1 බස් එකයි. ප්ලීස් හොඳේ.
Deleteලොකු උන්නාසේ නොවෙයි දොඩවන්නේ ලොකු උන්නාසේ ආපහු එන බව පේන නිසා උන්වහන්සේ එලවන්න දායක වුන අය තමයි දොඩවන්නේ
Delete//ලොකු උන්නාසේ නොවෙයි දොඩවන්නේ ලොකු උන්නාසේ ආපහු එන බව පේන නිසා උන්වහන්සේ එලවන්න දායක වුන අය තමයි දොඩවන්නේ// +++++++++++++++
Deleteඕවට වග කියන්න ඕනා ලොකු නමම තමා. උන්නානසෙ කොච්චර පන්සල දියුනු කලත් කරපු සමහර වැඩ නිසා දායකයන්ව තමන්ගේ පැත්තට නම්ම ගන්න පිනා ඇතුලු කට්ටියට පුලුවන් වුනා. අපරාදෙ පන්සල.
ReplyDeleteඅර පිං කැටේ කඩපු එකාටම ඒක දීලා දාලලු නේද !
නැතුව නැතුව .. ලොකු නම හිටියේ ඉන්වින්සිබල් හලක් වගේ. 2010 ඉඳන් තමන්ට විපක්ෂයෙන් බොරු හද හද ගහන මඩ වලට වගේම , තමන්ගේ කුක්කෝ නටන නාඩගන් වලට , හයිරන් පාට් ගැන වගේ වගක් නැතුව හිටිය. ගම් වැසියන් ව පඩේකට ගනං ගන්නේ නැතුව උන් දුරින්ම දුරු කරලා ඉඳල කුඩු කාරයෝ , එතනෝල් කාරයෝ එක්ක බජව් දදා ඉඳල ... දායක සභාවේ රැස්වීම දවසට විතරක් උන්ව එක්කාසු කර ගන්න හැදුවට .. ගමේ මිනිස්සු හිටියේ කලකිරිලා.
Deleteඑත් පරාක්‍රම බාහු එලවලා පන්සල බාරදීලා තියෙන්නේ කාලිංඝ මාඝ ට බව ගම්මුන්ට තේරුනත් දැන් තියෙන්නේ පුක හපාගෙන බලං ඉන්දිල්ල විතරයි.
ලොකු උන්නාසේගේ ගේ තිබුණු අඩුපාඩු කම් ටික නොතිබුනානම් උන්නාන්සේ එලවනවා බොරු
Deleteකාට අඑරන් බලන් හිටහන් ලොකු හාමුදුරුවෝ ආපහු එනකන් !!!
ReplyDeleteහාන්
Deleteලොකු හාමුදුරුවො ආයෙ ලොවෙත් නෑ...කඩේ ගිය / යන උන්ගෙ ලෙඩේ ලගදිම හොද වෙයි.
ReplyDeleteඅනිවාර්යෙන්ම ලෙඩේ හොඳවෙයි
Deleteලොකු හාමුදුරුවන් ට නිවන් සැප ලැබේවා...
ReplyDeleteඔය වගේම කතාවක් කොටස් වශයෙන් යනවා අර ආණ්ඩුවේ හොරණෑ ව දින මිනේ ..
Deleteමට මතක විදියට එකේ නම "අඹ ගහ යට කතාව"
නිවන්සුව පතන්න ලොකු හාමුදුරුවෝ මලේ නැත
Deleteදින මිනේ වත්මන් ආණ්ඩුවේ හොරණෑ ව නේ
සැරද ලොකු නම :D
ReplyDeleteසැරදේ සැරදේ
Deleteකලටිපොල් - හොරපොල් ගැන පිරේ ගෙ කිසිම මනාපයක් නෑ ඕං!! අපි නං දන්නෑ, කලටි පොල් වලු පිටිං හෙණ වැදිලා!! අපි කන සම්බෝලෙ හැමදාම ලුණු වැඩියි!! ඒ නිසා ඔය කියන පංසලේ හොරපොල් කඩන අෑයො පොඩ්ඩක් පරිස්සං වෙනවා හොඳයි!! :v :v :v :v :v :v :v
ReplyDeleteඒක නෙවෙයි මං මේ අහන්නම හිටියේ, මකසි "මොකෝ" එකපාරටම "මකලා" වෙලා?? පොල් ප්‍රශ්ණයක් ද??
මකසි "මොකෝ" එකපාරටම "මකලා" වෙලා?? ඒක දිග කතාවක්.
Deleteදිග කතාවක්??
Deleteපංසලේ හාමුදුරු පෙරලියට පිංසිද්දවෙන්න කරගත්තු කලටි-පොල් වෙනසක් ද?? එහෙමත් නැත්නං එයාලා-මෙයාලා අැණකොටාගන්න නිසා ඒකට අකමැත්තෙන් කරගත්ත වෙනසක් ද??
එහෙමත් නැත්නම් අපිට කියන්න බැරි හේතුවක් ද??
කලටිපොල් කතාවක් නොවේ වැඩිහිටියන්ට ගරුකිරීමක් මේ කමෙන්ට් දෙක කියවලා එන්න
Deletehttp://lankapriyagesithivili.blogspot.com/2015/02/blog-post.html?showComment=1423036366012#c1201931503322461852
http://lankapriyagesithivili.blogspot.com/2015/02/blog-post_79.html?showComment=1423587172260#c8912647700822836463
පොලිටික්ස් වුනත් මෙහෙම චොකලට් එකක දවටලා දෙනව නම් හරි අගේ.
ReplyDeleteහැබැයි ලොකු හාමුදුරුවන්ට වරදින්න හේතු වෙච්ච ඇතැම් දේ නොකරන්නත්- ලොකු හාමුදුරුවන්ට මග හැරිච්ච ඇතැම් දේ ගමටම ලවුස්පීකර දාලා කරන්නත් මෙයාලා කටයුතු කළා. ලොකු හාමුදුරුවො අතගහපු ඇතැම් දේ නම් එතැනම තමයි. ඒ අතරෙ ලොකු හාමුදුරුවන්ගෙ කාලෙ සක්‍රීයව වැඩ පටන් අරන් 99%ක් වැඩ ඉවර කරලා තිබුණ, පන්සලේ ඉන්න සතාසිව්පාවෝ ටිකට ඉන්න හදපු ගෙවත්තත් අලුත් අය තමන්ගෙ නම ගහගෙනම විවෘත කරා.
ඒ සතාසිව්පාවෝ ටිකට ඉන්න හදපු ගෙවත්ත හදලා තියෙන්නේ අලුත් අයගේ සංකල්පයකට කියලා තමයි උළෙලේදී කියවුනේ. ඕවා අහලා පුකෙනුත් හිනා
Deleteමකසි නැවත දැකීම ලොකු සතුටක් මිත්‍රයා! :)
ReplyDeleteලොකු හාමුදුරුවෝ එයි කියන බය තමයි දැන් පන්සල අයිතිකරගත්ත උදවියට තියෙන ලොකුම හිසරදය! :D
නුසුදුස්සන් අනියම් ක්‍රම වලින් බලය ගත්තට ගත් බලය පවත්වා ගන්න අමාරුයි නොව.
Deleteදැන් ඊලඟ රැස්වීමේදි සේන මාමා ආයෙත් ඇබිත්තයා වෙයි ද එතකොට?
ReplyDeleteදැනටත් විහාරස්ථානාධිපතිකම නමට විතරයි නේ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක ලිවුව විශ්ව චින්තන කියන්නේ කවුද? අර මහින්දට අධෝමාර්ගය දුන්න එකා නේද? ඌ කිවුව නම් ඉතිං ලංකා සී නිවුස් එකේ තිබ්බ වගේ තමා
ReplyDelete