Buddha Head Table and Pouf |
විදෙස්වල මෙන්ම ලංකාවේද වෙසෙන බොහෝ දෙනා බුදුදහමට සහ එය හා බැදී පවතින දේට අපහාස කිරීමට නැබුරුවක් පවතී. මෙය අද ඊයේ සිදුවූවක් නොවේ. සමහර දේවල් නොදැනුවත් කමින් විදේශිකයන් අතින් වන අතර බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ දැනුවත් කමින් වේ. මේවා දකිනවිට මුස්ලිම් ජාතිකයන් මහමත්තුමාගේ රුපය භාවිතා නොකිරීමේ වටිනාකම පැහැදිලි වේ.
සුද්දෙක් බුදු හිමිගේ රුව පපුවේ හෝ උරහිසේ පච්චයකට කෙටුවාට එහි වැරද්දක් නම් මට නොතේරේ. ඔවුන් එය අපහාසයක් ලෙස නොසිතා කරන දෙයකි. ඔවුන් ජේසු,කුරුසිය මෙන්ම බුදු රුවද එසේ පච්ච සඳහා යොදා ගන්නේ ගරු කිරීමක් ලෙසයි. බුදු රුවට අපහාස කරන අවස්ථා දැක එවැනි පච්ච සහිත සුද්දන් එළවීම මෝඩ වැඩකි. මෙවැනි දේ වෙනුවෙන් අපි කුමක් කලයුතුද?
එසේම ලංකාවේ බුදුදහම අදහන අපේ වැඩ නිසා ද බුදු රුවට අවමන් සිදුවේ. පුවත් පත් ලිපි සහ වෙසක් සුබපැතුම් සහිත දැන්වීම් මෙන්ම වෙසක් සුබපැතුම් පත් සඳහා බුදු රුව යොදයි. පුවත් පත් පරණ වී කඩේට යයි. බඩු ඔතයි. බිම වැටී පෑගෙයි. බුදු රුව පන්සලේ තිබුනාට ගෙදර් වඳින්ට තිබුනාට කම් නැත පුවත් පත් පිටු වලට නිකරුනේ එය යොදා ගැනීම අවශ්‍ය නැත.
සුද්දියෝ අඳින බිකිනියට, වාඩිවන පුටුවට මේසයට, පුකේ ඇති පච්චයට බුදුරුව යොදා කරන අපහාස වලට එරෙහිව යාමට පෙර එයට වඩා පහසුවෙන් අපට වලක්වාගත හැකි දේද පවතී.
ඔබ සැමට බුදු සරණයි.