එක ශේණියේ සිට ලොකු ලොකු උපාදි දක්වා ලංකාවේ ළමයින්ට සම්පුර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනය ලැබීමේ පහසුකම් පවතී. වෙන එකක් තබා පාඩම් පොත් මෙන්ම ඇඳුම්ද නොමිලේ ලබාදෙයි. එසේ පහසුකම් දෙන්නේ අධ්‍යාපනය යනු මුලික මිනිස් අවශ්‍යතාවක් නිසාම නොවේ. අධ්‍යාපනය යනු රටට ආයෝජනයක් බැවිනි. උගත් බුද්ධිමතුන්ගෙන් තොරව රටක් දියුණු කිරීමට ඇති හැකියාව අවමය. ලංකාව ණය මත යැපෙන රටකි එබැවින් අප රටේ අධ්‍යාපනයට වැය වන මුදලට ණය මුදල්ද වැය වේ. එනම් අවසානයේ බලන විට පොලියත් සමග ගෙවිය යුතු බැවින් එය හිතනවාට වඩා විශාල මුදලක් වේ. එනම් වසරකට වෙන් කරන මුදල පමණක් නොව ගෙවන පොලි වල කොටසකුත් අනිවාර්යෙන් අධ්‍යාපන වියදම් තුල සැගව පවතී.
තම හැකියාව අනුව පහ සමත්, අට සමත්, සාමාන්‍ය පෙළ සමත්, උසස්පෙළ සමත්, ඩිප්ලෝමා සහිත, සහ උපාදි සහිත ලෙස විවිද කඩඉම් වලදී අධ්‍යාපනය හමාර කලත් අධ්‍යාපනය ලබන්නන්ගෙන් බොහෝ දෙනෙක් ගෙන් රටට යම් තරමක හෝ සේවයක් සිදුවේ. රටක අධ්‍යාපනයේ රටේ දියුණුවට ඍජු දායකත්වයක් ලබා ගත හැකි අග්‍ර ඵලය වන්නේ ඉංජිනේරු, වෛද්‍ය, කළමනාකරණ, විද්‍යා, නීති සහ වාණිජ(තවත් මේ ගොඩට අයිති ඒවා ඇත නොකියවුනා නම් සමාවන්න) උපාධි ධාරීන් ගෙන්ය. කලා උපාධි ධාරීන් ද අග්‍ර ඵලයක් වුවත් ඔවුන් බහුතරයකගෙන් ගෙන් වන රටක දියුණුවට වන්නේ වක්‍ර සේවයකි. මෙම උපාදි පාඨමාලා වලින් වසරකට බිහි කරන ප්‍රමාණය රැකියා ඉල්ලුම මත පාලනය කල යුතුය. එසේම අනාගත සංවර්ධන සැලසුම් මත අදාල කාලයට අදාළ අය බිහිවෙන සේ සකස් විය යුතුය. නැත්නම් සිදුවන්නේ බිහිවන උපාධි දාරීන් රටට බරක් වීම සහ ඔවුන්ට කෙසේ හෝ රැකියා සකස් කිරීමෙන් රට තවත් පහලට යාමය. මෙසේ රටට පාඩුවක් නොවී අධ්‍යාපන වියදම් පුරණය වන ලෙස අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතුය. අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල වක්‍ර ලෙස හෝ පුරණය නොවේ නම් එය ගඟට ඉනි කැපීමකි. ලංකාවේ අධ්‍යාපනය නිසි කළමනාකරණයකින් යුක්ත නොවන බැවින් මෙමගින් රටට බොහෝ පාඩු සිදුවේ. මෙම ලිපිය ඒ ගැන නොවේ ඒ ගැන පසුව ලිපියක් බලාපොරොත්තු වන්න.
ලංකාවේ තෙවන ලෝකයේ රටකි. එනම් මෙහි වැඩි පුර සිටින්නේ යන්තම් එදා වේල හොයා ගන්නා පුද්ගලයන් වේ. එනම් රජයේ බදු ආදායමට ලොකු දායකත්වයක් ඔවුන්ගෙන් සිදුවේ. එසේ ලැබෙන මුදලින් කොටසක් අධ්‍යාපනය සඳහා වැයවේ එබැවින් මෙම මුදල් වංචා කිරීමද අපරාදයකි. මෙසේ මහජන මුදලින් ඉගෙන ගන්නා කෙනෙක් රටට තම සේවය සපයා ණය ගෙවීම යුතු කමකි.එය සිදු නොකිරීමද මහජන මුදල් වංචාවකි. රටක දියුණුවට කෙලින්ම දායකත්වය තාක්ෂණ අංශයේ උගතුන් මගිනි. ඒ අතරින් ඉංජිනේරුවෝ රටක දියුණුවට අවශ්‍යම පිරිසකි. වෛද්‍ය උපාදිය හැරුණු කොට විශාල වියදමක් වැයවන උපාදි යක් වන්නේ ඉංජිනේරු උපාදියයි. එසේම තාක්ෂණික හා ඉංජිනේරු අංශයේ හැකියා හැමෝටම නැත එබැවින් මෙම අංශයේ ඉගෙන ගත් අයෙක් ගේ වටිනා කම මිල කිරීමට අමාරුය. එබැවින් එවැනි පුද්ගලයෙක් තමාගෙන් රටට විය යුතු යුතුකම් ඉටු නොකර විදේශ ගතවීම තම මවුබිමට කරන ලොකු වංචාවකි.
ඉංජිනේරු වැනි අංශ වල අය සඳහා විදේශ වල ලොකු ඉල්ලුමක් පවතී. එබැවින් එහි සේවය කර තම රටට විදේශ විනිමය එවීම කරන්නන්ගෙන් රටට සේවයක් සිදුවේ ඔවුන්ට මගේ ප්‍රණාමය හිමිවේ.ඔවුන් රට විරුවෝය. මැදපෙරදිග, මැලේසියාව, සිංගප්පුරුව වැනි රටවල සේවය කරන එවැන්නෝ බොහොමයකි. මේ අතර එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාවට යන අයගේ තත්වය එසේ නොවේ. ඔවුන් සදහටම එහි පදිංචි වේ. මෙම රටවල් වලින් ජන ගණත්වය අඩු ඔස්ට්‍රේලියාවට විදේශ වලින් උගතුන් ගැනීමේ කෑදර කමින් සිටී. අවසානයේ ලංකාව වැපුරු දේහි ඵල නෙලන්නේ එම රටවල් වේ.
මෙසේ යන අය නගන පොදු තර්කය නම් තම හැකියාවෙන් වැඩ කිරීමට රැකියා මෙරට නැති බවයි. නැත්නම් මෙරට පඩිය අඩු බවයි. එම නිසා විදේශ ගත වන බවයි. කුමන තර්කය තිබුනත් මවුබිමට යුතුකම ඉටුකළ යුතුය. යුතුකම ඉටු කළහැකි ක්‍රම කිහිපයකි. එම රටවල සේවය කලාට ඒවායේ පදිංචි නොවීම, එහි උපයන මුදල් ලංකාව තුල ආයෝජනය, නැත්නම් තම උපයන මුදලින් ලංකාවට ප්‍රජා සත්කාරයක් කිරීම. මෙහි ප්‍රජා සත්කාරයක් ලෙස හදුන්වන්නේ ඉගෙන ගන්නා ළමයෙකුට පොත් ටිකක් පැන්සලක් අරන්දීම වැනි දෙයක් නොවේ. තමා මසකදී උපයන මුදල වැනි ප්‍රමාණයක් වත් වාර්ෂිකව ගෙවීම ඔවුන්ගේ යුතු කමයි. මක් නිසාද යත් ඔවුන් උපයන්නේ ඔවුන් ගත් දැනුම නිසාය එය ලබා දුන්නේ ලංකාවේ මහජන මුදලිනි.
දැන් අද නිරුවත්කරන පොර පිලිබදව සලකා බලමු. ඔහුට තිබුණු පරණ ජනප්‍රිය ප්‍රොෆයිල් එක ඉවත දා දැන් පණ්ඩිත ප්‍රොෆයිල් එකකින් පැමිණ සිටින ඔහු අලුත් වචන හදන උන්මාදයකින් පෙලේ. මෙන්න ඔහුගේ පරණ ප්‍රොෆයිල් එක හදුන්වන විස්තරය
"කියන්න කතන්දර ගොඩාක් තියෙන කතන්දරකාරයෙක් මං.
හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි.
මානුෂිකයි. ජාතිවාද නෑ.
ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහු කෙලින්ම කියනවා ඔහු හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි කියා.බලන්න එම කියමන ඔහුට වලංගුද? කෙලින්ම නැහැ. ඔහු උපන් රටට ණය නොගෙවන මහජන මුදල් වංචා කල අයෙක්. ඔන්න ඕවාට තමයි කියන්නේ තමන්ගේ අඩුපාඩු හංගාගෙන සාන්තුවරු වෙන්න හදනවා කියා. ඔහු මානුෂික නම් ඔහොම හොරකම් කරන්න පුලුවන්ද?
ජාතිවාද නෑ කියන කතාව සලකා බලමු. ඔහු කොහොමද ඔස්ට්‍ර්ලියාවේ ඉඳන් ජාතිවාදී වෙන්නේ. පස්සේ වැස්ලින් ගාගෙන ඉන්න වෙයි සුද්දොන්ට විරුද්දව ජාතිවාදී වෙන්න ගියොත් එහෙදී. සමහරක් සුද්දෝ ඔය වගේ උන් දිහා බලන්නේ ලංකාවේ ජාතිවාදීන් කල්ලතෝනි දෙස බලනවා වගේ. ලෝකේ හැම තැනම වර්ගවාදේ තියෙනවා ජාතිවාදේ කියන්නේ වර්ග වාදයේ උප කුලකයක්. අනිවාර්යෙන්ම අපි වර්ගවාද වලට විරුද්ධ වෙන්න ඕන. මොහුගේ අලුත් ප්‍රොෆයිල් එකේ පින්තුරයට දාලා තියෙන්නේ මෙම stand against racism හෙවත් anti-racism ලාංචනය. මෙන්න ඒක
මේ පින්තුරයේ මැද තියෙන්නේ ලංකාව. ඕස්ට්‍රේලියා ජාතිකයෙක් වන ඔහු ඔහුගේ ඕස්ට්‍රේලියාවේ පින්තුරය නොදා මෙතන දාගෙන ඉන්නේ ලංකාවේ පින්තුරය. මොහුට උපන්බිමට වඩා පිට රටක් වටිනා නිසා එහි ගියාට ලංකාව ගැන ලොකු ඊනියා කැක්කුමක් තියෙනවා. ඇත්තට කැක්කුමක් ඇත්නම් මෙහෙ ඇවිත් සේවය කරන්න ඕන. හරි ඒවා කමක් නැහැ කියමු. මොහුගේද මවුබිම ලංකාව නිසාත් ලංකාවේ ජාතික ප්‍රශ්නයට මුල ජාතිවාදය නිසාත් එය තුරන් කිරීමේ මග ජාතිවාදය තුරන් කිරීම නිසාත්. ලංකාවේ පවතින ජාතිවාදයට විරුද්ද වීම නම් හොඳයි. නමුත් ඔවුන්ගේ හැසිරීම බලමු.
ඔය පින්තුරේ දාගෙන නටන කිහිප දෙනෙක් ඉන්නවා ඔවුන් කතා කරන්නේ සිංහල ජාතිවාදය ගැන විතරයි. එය සමග බැදී පවතින දෙමල සහ මුස්ලිම් ජාතිවාද ගැන කතා කරන්නේ නැහැ. ජාතිවාදී නොවන සිංහලයෙක් දෙමල සහ මුස්ලිම් ජාතිවාද වලට එරෙහිව කතා කිරීම පවා ජාතිවාදය ලෙස දකින මොවුන්ට දෙමල සහ මුස්ලිම් ජාතිවාද පෙන්නේ නැහැ. දැන් ලංකාවේ තියෙන සිංහල ජාතිවාදී සංවිදාන වල ක්‍රියාකාරීත්වය සහ එය නිසා ෆෝම් වී fb සහ වෙනත් තැන්වල හි ජාතිවාදී ප්‍රකාශ කිරීම වැරදි වැඩක් තමයි. (මමත් ඒවාට විරුද්ධයි) ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳන්න නම් සිංහල ජාතිවාදය විතරක් නොවේ අනෙක් ජාතිවාදත් නැති කරන්න ඕන.
ඔය පින්තුරේ දාගෙන වැඩ කරන අයගේ ක්‍රියාව නිසා වෙන්නේ බයානක දෙයක්. ඔවුන් සිංහල ජාතිවාදය මර්දනය කරනවා නමුත් දෙමල සහ මුස්ලිම් ජාතිවාද තියෙන්න හරිනවා එවිට වන්නේ. දෙමල සහ මුස්ලිම් ජාතිවාද වලින් පීඩාවට පත්වන්නන් හරහා සිංහල ජාතිවාදයට තවත් පෝර වැටීමයි. එවිට සියලු ජාතිවාද වර්ධනය වෙනවා. එවිට ඔවුන්ගේ පැවැත්මට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වැනි සංවිදාන හරහා මුදල් ලැබීම දිගටම තියා ගන්න පුළුවන්. අපේ කතාවේ වීරයා ගැන කොහොම උනත් මේ පින්තුරය දාගෙන බොහෝ අය කරන්නේ වර්ගවාදය විකුණන එක. ඒ වගේම වර්ග වාදී ගැටළු වැඩිවන විට ලංකාව ජීවත් වෙන්න අපහසු රටක් ලෙස පවතින විට තම හිතවතුන්ද තමා ඉන්න රටට ගැනීමට පහසු වීම. අපි එයට මෙන්ම සියලු ජාතිවාද වලට විරුද්ද වෙන්න ඕන. නමුත් එය මගින් පුද්ගලික ලාබ බලාගෙන එයට විරුද්ද මුවාවෙන් වර්ධනය කරන එක වැරදියි.
දැන් බලමු මේ පුද්ගලයා මවුබිමට වින කරන විදිය.
1-තමා ඉගෙන ගැනීම වෙනුවෙන් මවුබිම කල ආයෝජනය මංකොල්ල කෑම.
2-තමා ජාතිවාදී නෑ කියමින් ලංකාවේ වර්ගවාදය පෝෂණය කිරීම මගින් වාසි ලබා ගැනීම.
රටට වින කරන මොහු වැනි පුතුන් ජාතක කල මවුපියවරු පවා වැරදි කරුවෝ වේ. මන්ද තම පුතාට මවුබිමට ආදරය කිරීමට ඉගැන්නුවේ නැති බැවිනි. බොහෝ විට එම මවුපියවරු එම පව මේ ආත්මයේම ගෙවයි මන්ද මවුබිමට නොසලකන මොවුන් තම වයසට ගිය මවුපියන්ට පවා නොසලකන බැවිනි.
මෙවන් අපතයන් බිහිවීම මවුබිමේ අවාසනාවකි.
(අප සියලු ජාතිවාදීන්ට විරුද්ද විය යුතුය, ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සංවිදාන ජාතිවාදය පෝෂණය කරයි. අප ඔවුන් මැඩ පැවැත්විය යුතුය. ජාතිවාදය නැති කල හැක්කේ ජාතීන් අතර විශ්වාසයෙන් හා එකාවන්ව ජීවත් වීමෙන් පමණි. එසේ නොකර මහා ජාතියේ ජාති වාදය මැඩ පැවැත්වීමට යාම විහිළුවකි. ලෝකයේම පවතින සමාජ වල ප්‍රබල ජාතිවාදයක් ඇති වන්නේ සුළු ජාතීන් අතර මිස මාහා ජාතිය මගින් නොවේ. ලංකාවේද එසේය)
මාහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.