මෙම ලිපිය ලිවීමට පාදක වුයේ මෙයට වසර 13 කට පෙර මම උසස් පෙළ ලියනලද වසරේ මාගේ සංයුක්ත ගණිත උපකාරක පන්ති ගුරුවරයා වූ ජනක අබේවර්ධන මහතා දුන් නිබන්දනයක කවරයේ තිබුණු නිසදැසකි. එය මගේ හිතට හොඳටම අවශෝෂණය විය. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ද දෙයක් වන අතර සිංහල පරිවර්තනයකි. එහි පරිවර්තක කවුද කියා මා නොදන්නා අතර එම පරිවර්තනයද දැනට මා සතු නොවේ. ළඟදී එය අහබු ලෙස මට මතක් විය. අන්තර්ජාලය පීරා සෙවුව මුත් සිංහල පරිවර්තනයක් හමු නොවීය. එබැවින් එහි ඇතැයි සැක කරන ලද ඉංග්‍රීසි වචන යොදා සොයන ලදී. මට එය හමුවිය. එය ගුරුවරයෙක් මෙන්ම ළමා මනෝවිද්‍යාඥයෙක් වන ආචාර්ය හයිම් ගිනොට්(Haim Ginott) විසින් ලියන ලද නිසදැසකි. එය ඔබ අතට පත් කිරීමට මම එය පරිවර්තනය කරන ලදීමි.
දයාබර ගුරුවරුනි.
මම රැඳවුම් කඳවුරක සිට දිවිගලවා ගත්තෙක්මි. කිසිවෙක් නොදැකිය යුතු බොහෝ දේ මම දැක ඇත.
දැනුමැති ඉංජිනේරුවන් සාදන ලද ගෑස් කාමර.
උගත් වෛද්‍යවරු විසින් වසදුන් ළමයින්.
පුහුණු හෙදියන් විසින් මරණ ලද ළදරුවන්.
උසස් පාසල් සහ විශ්ව විද්‍යාල වල ඉගෙනගත් අය විසින්
මරා පුළුස්සන ලද ගැහැණු සහ ළමයින්.
මට සැකයි අධ්‍යාපන ක්‍රමය ගැන.
ගුරුවරුනි උදවු වෙන්න සිසුවන්ට මිනිසුන් වීමට.
ඔබගේ මහන්සිය මගින් උගත් රාක්ෂයන්, දක්ෂ මනෝව්‍යාධිකයන් සහ දැනුමැති වදකයන් බිහිවීමට ඉඩ නොතබන්න.
කියවීම, ලිවීම සහ ගණිතකර්ම වැදගත් වන්නේ එමගින් අපගේ ළමයින් මිනිසුන් වන්නේ නම් පමණි.
ඊස්රායල ජාතිකයෙක් වන ආචාර්ය හයිම් ගිනොට් 1922 උපත ලද්දෙකි. 1947 දී ප්‍රථමික පාසල් ගුරුවරයෙක් ලෙස වෘර්තීය දිවිය ආරම්භ කල ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය කර කොලොම්බියා සරසවිය මගින් 1952 දී සායනික මනෝවිද්‍යාව පිළිඹඳ ආචාර්ය උපාදිය ලබාගත්තෙකි. ළමා මානසික සංවර්ධනය පිළිඹඳ ක්‍රමවේද වල පුරෝගාමියෙක් වන ඔහුගේ ඉගැන්වීම් අද පවා භාවිතා වේ. එසේම ඔහුගේ Between Parent and Child නම් කෘතිය වර්තමානයේ පවා ඉහලින්ම අලවිවෙන කෘති අතර පවතී.
ඉංග්‍රීසි නිසදැස ද රසවිඳ බලන්න.
Dear Teachers,
I am a survivor of a concentration camp. My eyes saw what no man should witness.
Gas chambers built by learned engineers.
Children poisoned by educated physicians.
Infants killed by trained nurses.
Women & babies shot & burned by high
school & college graduates.
So I am suspicious of education.
My request is that teachers help students become human.
Your efforts must never produce learned monsters, skilled psychopaths, educated Eichmanns.
Reading, writing, and arithmetic are important only if they serve to make our children more human…..
ආශිත ලිපි
wikipedia
ඔහුගේ කෘති
goodreads
සේයාරූ
https://www.trumanlibrary.org/photographs/view.php?id=3858
https://www.goodreads.com/photo/author/212291.Haim_G_Ginott
පසුව ලියමි.
මෙම ලිපිය කියවූ හිතවතුන් කිහිප දෙනෙක්ම කමෙන්ට් වලදී මෙය රසවත්ව විවිද අයුරෙන් අනුවර්තන සහ පරිවර්තන පලකලා. එම සියලු දෙනාට විශේෂ ස්තුතිය.
-----------------------------------------------------------------------------------------------------------
මුලින්ම පරිවර්තනයක් දුන්නේ සඳුන් සෙවණ ලියන චන්දන ගුණසේකර සොයුරා.
ගුරැවරැන් වෙත දයාබරිණී,
මිඳුනෙමිය මා වධකාගාරයකින්....
එහිදී මා දුටුදේ
ලොවෙහි කිසිවෙකුත් නොදුටුව යුතුමය.....
ඉංජිනේරැවෝ ගෑස් කුටි තැනූහ
උගත් දොස්තරැන් ළමුන්ට වස කැවූහ
පුහුණු හෙඳියන් මැරීය ළඳරැවන්
උසස් උපාධි ඇත්තෝ වෙඩි තැබුවෝය ගැහැණුන්ට හා දරැවනට
ප්‍රිය සබඳ,
ගැටළුවකි මට මේ අධ්‍යාපනය
ඔබලා කලයුත්තේ සිසුන්ගෙන් මිනිසුන් බිහිකිරීම පමනක් බැව් මගේ ඉලිලීමයි..
එම උත්සහය කිසි කළෙක
උගත් අළුගෝසුවන් බිහි නොකල මනාය...
කියැවීම , ලිවීම හා ගණිතය අප දරැ කැළ උසස් මිනිසුන් කෙරැමට පමනක්ම වැදගත් වන්නේය....
-----------------------------------------------------------------------------------------------------------
අපේ දේශක මහතාගේ සංස්කරණය නොකළ අනුවර්තනය මෙන්න.
මේකයි මගේ කතාව
පුළුවන් නං තේරුං ගන්න
මං බේරුනෙ අනු නමයෙන් මහ බයානකම වදකාගාරයෙන්
මම ඒකෙදි දැක්ක දේවල් මොකාවක් දකින්න තියා හිතන්නෙවත් නැහැ.
ඒ තරං තුච්ඡයි.
මං හිටිය වදකාගාරේ වදක වැඩ කරේ කව්ද?
හොදට ඉගෙන ගත්ත ඈයෝ තමා ඉතිං. අහන්නකෝ
ඉංජිනිනේරුවෝ කරේ පුච්චන්න ගෑස් කාමර හදපු එක...
බෙහෙත් දෙන දොස්තරල කරේ පොඩි උන්ට වස දෙන එක
ඉපදෙන්න අත දෙන නර්ස්ලා කරේ අළුත උපන් බිළිදෝ මරණ එක
ඔය උපාධීකාරයෝ කරේ ගෑනූ ලමයි වෙඩි තියල මරල වීසි කරන එක
අන්න ඉගෙන ගත්තු අය කරන වැඩ
එතකොට මේකද මේ අධ්‍යාපනේ කියන්නේ.. නරුමකම.. අමනුස්සකම
අපි ළමයින්ට දැනුමද දෙන්න ඕන මනුස්සකමද
ඒකයි තේරුම් ගන්න ඕන
ඒක ඔබ තේරුම් ගත්තොත් නැවත කවදාවත්
උගත් නරුමයන් පමණක් ලොවට දායාද නොකරනු ඇත
අප ලියන කරන දෙයෙහි, උසස්ම වෘත්තීන්හි අගය රැදෙන්නේ
ඒ අය තුල උතුම් වූ මනුස්සකම ගෑවි හෝ තිබුනොත් පමණි...
------------------------------------------------------------------------------------------------------------
ඔමාගේ හීන ලියන අපුර්වී ඕමයා සොයුරිය අපුරු පරිවර්තනයක් කළා මෙන්න ඒක.
ආදරණීය ගුරුවරුණි,
දිටිමි මිහිබට නිරය
මා දෙනෙත විදි ඒ අපුල
නුබලානම් කෙදිනකවත් නොවිදිය යුතුමය
ලේ මස් නහරෙන් සැදි ජීවිතය යදින්නන්
අමු අමුවේ පුච්චන්න..
නැණබෙලෙන් පිරි ඉජිනේරුන්
තනන ලද වායු කුටි;
හෙදකමින් වෙදකමින් මහිමවත් අත්මතින්
මරණ යුරු ළදරුවන්,
ඉහළ හිණි පෙත්ත මත බුද්ධියෙන් අගතැන්වූ
ගැහැණු මිනිසුන් අතින්
වෙඩිතබා පුලුළුස්සපු....
දරු පැටවූ තුරුලේ හොත්
තරුණ මව්වරුන්ගේ අගුරු වූ මලකදන්
සිහිවෙද්දී ...
සැකය මට
අධ්‍යාපනේ කොයිබටද යන්නේ මේ ....
ගුරුවරුණි .......
නුබ අතින්
උගත් රාක්ෂයින් ,
නිපුනතා පිරි මානසික විකුර්තිකයන්
උගත් ඒච්මන්ස්ලා
තවත් නම් බිහි නොවිය යුතුමය.
ෂාක්ෂරතාවෙන් අංකගණිතයෙන්
මොන ප්‍රථිපලයක්ද
එයින් යහපත් මිනිසුන් බිහිනොකරන තාක්
------------------------------------------------------------------------------------------------------------
මෙන්න කුරුන්ද ලියන සෙන්නා ගේ අනුවර්තනය
ගෞරවණීය ගුරුවරුණී,
තොපලා මේ සිදු කළේ කුමක්ද ? කියවීම, ලිවීම, ගණිතය ඇසුරෙන් පමණක් මිනිසුන් බිහි නොවනා බව නුඹලා තේරුම් ගන්නේ කවදාද ?
තොපගේ උත්සහයෙන් බිහිවන්නේ මෘගයන්නම් තොපගේ උත්සහාය ගගට කැපූ ඉණි මෙනි. මම ඒ බවට සාක්ශි දරමි.
නුඹලාගේ සිසුන්, ඉන්ජිනේරුවන් වූ අති දක්ශයන් මිනිසුන් මැරීම උදෙසා වායු කුටීර තැනුවෝය. මම එය දුටිමි.
නුඹලාගේ සිසුන්, වෛද්‍යවරුන් වූ අති දක්ශයන්, ළදරුවනට වස පෙවූහ. මම එයද දුටිමි.
නුඹලාගේ සිසුන්, උපාධි ධරයන් අහිංසක ළදරුවන්ට හා කාන්තාවන්ට වෙඩි තබනා අයුරුද මම දුටිමි.
ඉඳින්, මා නුඹලා ගැන තවදුරටත් කුමක් සිතම්ද ?
අවසානයේදී ඔවුහූ මා නිදහස් කළහ. එබැවින් මා නුඹලාගේ වැරදි වෙනුවෙන් සාක්ෂි දරමි
------------------------------------------------------------------------------------------------------------
එකම නිසදැස විවිද අයුරින් එම තේරුම සහිතව රසවිඳින්න පුළුවන්. විවිද ආකාරයට නිර්මාණ ඉදිරිපත් කිරීමට අදහස් දුන් දේශකයාට විශේෂ ස්තුතිය.