හුලං කාර් පරණ නිවුස් එකක් උනත් මේ ගැන සාකච්චාවට ලක් කරන්න දම්පාට දේදුන්න බ්ලොග් අඩවිය මාස කිහිපයකට කලින් දාපු ලිපිය මට අහුවුනේ අදයි. එම ලිපියට දැන් කමෙන්ට් කරොත් ලිපිය පරණ නිසා බොහෝ දෙනාගේ ඇස නොගැටෙන බැවින් මම මේ ගැන පොස්ට් එකක් දාන්න හිතුවා
මුලින්ම මේගැන සඳහන් facebook පිටුවේ සඳහන් විස්තරය සලකා බලමු .
"ලොවෙ ප්‍රථම, සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය ලංකාවෙන්"
ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.
පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.
ඒ වගේම මෙහි නිර්මාණකරු alibaba.com හි දැමු පහත විස්තරයත් බලමු.
Specifications
100% Electric Car with self charging system.
1)Dimensions (L x W x H): 2,608 x 1,515 x 1,526mm
2) Drive type: rear wheel drive
3) Wheelbase: 1,800mm
4) Steering system: rack-and-pinion steering gear
5) Wheel type (front/rear): 155-80R1277T / 155-80R1277T
6) Mi. ground clearance: 200mm
7) Parking brake: hand / rear-wheel brake
8) Net weight: 600kg
9) Battery type: lead-acid maintenance battery
10) Power: 5kW/48V DC
11) Weight of battery: 160kg
12) Electric system: 12V DC
13) Battery life: recharging for 500< times
14) Charger: 48V, 25A
15) Controller: 48V
16) Battery: 6V/225Ah x 8 and 12/200Ah lead-acid
17) Max speed: 70 < km/h (can be restricted below 40km/h)
18) Max climbing capability: 30 degrees
19) Min. turning diameter: 4.6m
20) Braking distance: within 6m
21) Running distance: 120 < km
22) Charging time: within 8< h
23) Speed control: pedal control / automatic
මේ විස්තර අනුව මේක විදුලි මෝටර් රථයක් සුළඟ මගින් ස්වයං ආරෝපණ පධ්දතියක් සහිත. මෙතන ප්‍රශ්නය තියෙන්නේ සුළඟ මගින් ආරෝපණය වෙන්න හදපු පධ්දතියේ. මෙම වාහනයේ ඉදිරිපස සුළඟ මගින් විදුලිය නිපදවීමට ටර්බයින් දෙකක් සවිකර ඇති බව පේනවා. සරලවම භෞතික විද්‍යාව අනුව සුළඟ මහින් විදුලි ටර්බයිනය කරකවන්න නම් සුළඟ මගින් ටර්බයිනය මත බලයක් ඇතිවෙන්න ඕන. එය මෝටර් රථයේ චලිතයට එරෙහි බලයක් මෝටර් රථය ඉදිරියට යන්න නම් එය මැඩ පවත්වන්න එහි මෝටර් මගින් අමතර බලයක් යොදන්න ඕන. එය සඳහා මෝටර් රථයේ බැටරි වලින් ශක්තිය දෙන්න ඕන. එය මගින් දෙන්න ඕන ශක්තිය සමාන වෙනවා සුළඟ මගින් රථයේ චලිතයට බාධාකරමින් ටර්බයිනය මතට ලබාදෙන සුලන්ගේ චාලක ශක්තියට. ගැටලුව තියෙන්නේ ලෝකේ තියෙන කිසිම ටර්බයිනයක් වත් විදුලි උත්පාදකයක් වත් 100% කාර්යක්ෂම නොවන නිසා සුළඟින් ටර්බයිනයට දෙන ශක්තියෙන් සුළු කොටසක් විතරයි විදුලිය නිපදවන්න භාවිතා වෙන්නේ. එබැවින් සමස්තය සලකා බැලුවම සිදුවන්නේ සුලන්ගේ ශක්තියෙන් විදුලිය ටිකක් හදාගන්න ගිහින් රථයේ බැටරි වලින් ඊට වඩා ශක්තියක් නාස්ති කරන එක. ඒක නිසා දැන් ඔය කාරය එක සැරයක් චාජ් කරහම 120km යනවා නම් ඔය රථයේ ඔය කියන ටර්බයින් සහිත ස්වයං ආරෝපණ පධ්දතිය(self charging system) ගලවලා නිසාන් ලීෆ් වගේ හොඳ වායු ප්‍රතිරෝධ අඩු හැඩයකට බොඩිය හැදුවා නම් අඩුගානේ 140km වත් යන්න පුළුවන් වේවි.
ඔන්න මම සිද්දිය ගණිතය සමීකරණ නැතිව පැහැදිලි කළා. ඔය කියන රථය එහි නිර්මාණ කරු කියන විදියට වැඩකරනවා නම් මේ විදියට
ඩයිනමොවකට මෝටරයක් සම්බන්ද කරලා මුලින් බැටරියක් ගහලා ටිකක් මෝටරය කරකවලා දෙනවා. මෝටරය කැරකෙන විට එයට සම්බන්ද ඩයිනමොව විදුලිය හදනවා ඒ විදුලියෙන් නැවත මෝටරය කරකවනවා. ඔය විදියට සදාකල් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔයවිදියට විදුලිය ලාබෙට හදන්නේ නැතිව ඇයි මෙච්චර ඉන්ධන නාස්තිකරන්නේ. ලෝකේ ඉන්න ඔක්කොම ඉංජිනේරුවන්ට පිස්සුද?
අනේ නැහැ.ලෝකේ වෙන රටවල මේවා ගැන සංකල්ප බිහිවුනේ එක්දහස් අටසිය ගණන්වල. ඔහොම සැලසුම් කරපු යන්තර වලට කියනවා සදා චලිත යන්ත්‍ර කියලා (perpetual motion machine) දැනුත් සමහරක් පොරවල් හිටී ගමන් මේවා ගැන සැලසුම් ඉදිරිපත් කරනවා. භෞතික විද්‍යාව අනුව ඔය හැම එකක්ම වැඩකරන්නේ නැත්තේ ඇයි කියලා සරලව පැහැදිලි කරන්න පුළුවන්. එක තමයි ශක්ති සංස්ථිතිය. ඔන්න සින්හලුනේ දැන් ඔප්පු කරපල්ලා ශක්ති සංස්ථිතිය බොරුයි කියලා.
අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.ඕවා කියන්න මල්ලී කොන්දේ බැඳපු පරණ චීනෙකුට. දැන් චීන්නු නම් ඕවාට රැවටෙන්නේ නැහැ. ඔය මල්ලී සල්ලි හොයන්න හදන විදියට ඉස්සර කට්ටිය ගෝනි එලලා සල්ලි හෙවුවා. දැනුත් මේවට රැවටෙන චීන්නු නොවෙයි සිංහල රට හරක් ලංකාවේ ඉන්න බව මම මුලින් දුන්න facebook පිටුවේ කමෙන්ට් වලින් පේනවා...