Friday, January 9, 2015
සංක්‍රාන්ති සමය.(Friday Of Change)
වෙනස් වීමෙන් තොර දෙයක් නැත. වෙනස් වීම පිළිඹඳ කනගාටු විය යුතු නොවේ. අද සිට ඉදිරි දින 100 හෝ කිහිපය තුල අපේ රට තුල යම් වෙනසක් සිදුවේ. මේ වෙනසට පෙර බොහෝ කටකතා තිබුනත් එම කටකතා බොරු බව ඇස්පනාපිට සනාථ විය. මහින්ද රාජපක්ෂ මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් ලෙස රට පාලනය කර පරාජය පිළිගෙන සමුගත්තේය. ඔහුගේ අවසන් ප්‍රකාශ වලින් පැහැදිලිව ඔහුගේ නොසලීමේ ගුණය ප්‍රකට වේ. ඔහු නියම අවංක නායකයෙකි.
මහින්ද රාජපක්ෂ ගේ පරාජය හෙවත් මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පිලිම්බන්දව ජාති පිළිඹඳ කතා නොකර කතා කිරීම විහිළුවකි මහින්ද රාජපක්ෂ මහතාගේ චන්ද අඩු වීමට හේතුව වන්නේ ඔහුගේ පාලනයේ දුෂිත බව පිළිඹඳ පැතිර ගිය කට කතා වේ. ඒවා ට සමාජ ජාලා අඩවි වලින් ලැබුණු සහය සැලකිය යුතුය. එම කට කතාවල ඇති ශෝක්තියක් ඇතත් ගතයුතු දෙයක් පැහැදිලිවම තිබේ. එම දුෂණ වලට එකම වැරදි කාරයා ඔහු පමණක් නොවේ ඔහුගේ වටේ සිටින අය මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ චාන්චා කාරයෝ බොහෝ වෙසෙති. රජයේ තිබුණු දුර්වල ස්වබාවය නිසා මහින්ද රාජපක්ෂට සිදු වුයේ පාරිමෙන්තුවේ බහුතරය රැක ගැනීමට විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමත් ඔවුන් හොඳින් තබාගැනීමට ය. ඒ අනුව ඔහුටද ඔහුට පෙර සිටි චන්ද්‍රිකා ට මෙන්ම ඒවා පිලිම්බන්දව ඇස්පියා ගෙන පවතින ක්‍රමයට අනුගත වීමට සිදු විය. යුද සමයේ නම් එම හැසිරීම රජයේ ස්ථිරත්වය තබාගැනීම පිණිස ද ඉන් පසුව එය තම බලය රැකගැනීමටද භාවිත විය. මෙසේ වත්මන් මැතිවරණ ක්‍රමය යටතේදී රජයකට පාර්ලිමේන්තුවේ ලැබෙන ආසන ප්‍රමාණය සීමා කාරී වීම නිසා එම ගැටලුව පන නගී. එබැවින් රටේ යහපතට එය වෙනස් විය යුතුමය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වුවත් ඔහු වටා සිටගන්නේද මහින්දට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලා නිසා ඔහුගේ පොරොන්දුව ඉටුකිරීමට නම් බොහෝ ප්‍රශ්න වලට මුහුණදිය යුතුය. එසේම ඔහු සැබෑ ජනතාවාදී පාලකයෙක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලාගේ පැන්ෂන් අරමුණු සහ වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුව විසිරුවීම කල්දමා පාර්ලිමේන්තු මන්ත්රීවාදී ජනපති කෙනෙක් නොවේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා නව රජයක් පත්කළ යුතුය. එහිදී පාර්ලිමේන්තුව විසිරුවීමට ප්‍රථම දැනට පවතින බල්ලන් මෙන් කාකොටා ගන්නා මැතිවරණ ක්‍රමය වෙනස්කල ආසන මට්ටමෙන් වැඩ කරන පිරිසක් පාර්ලිමේන්තුවට ගැනීමට අවස්තාව සැලසිය යුතුය.එමගින් පහසුවෙන් ජනතාව අතර ජනප්‍රිය නමුත් ලොකු මුදලක් සහිත කෙනෙකුට වුවත් ජයගැනීමට අවස්තාව ලබාදීමෙන් අදුෂිත නව දේශපාලකයන් පිරිසකට පාර්ලිමේන්තුව විවුර්ත කල යුතුය.
මා කියන ඉහත ක්‍රමය මගින් එන්නේ ප්‍රදේශයේ සිටින වැඩ කරන කෙනෙක් බැවින් ජාති හෝ ආගම් ලෙස වැඩ කරන පක්ෂ වල නියෝජිතයන් නොව වැඩ කරන ඕනෑම කෙනෙකුට අවස්තාව ලැබේ. රටේ සදාකාලිකව විසදා සන්වර්දනයකට යාමට නම් අනිවාර්යෙන්ම ජාතිවාදී බෙදීම් තුරන් කල යුතුය.ඒ සඳහා අනිවාර්යෙන් ජාතින් ලෙස නියෝජනය වන දේශපාලන ක්‍රමය නැවැත්විය යුතුය. එසේ නැතුව ජාතින් ලෙස බෙදීම ගැටලුව විසදීමට නම් ඒකීය නොව සන්ධීය රාජ්‍යකට අප මාරු විය යුතුය. නමුත් එය සියුම්ව කල යුතුය නැත්නම් එයම මගින් රට බෙදේ(මේවා පසුව ලිපියකින් සාකච්චා කරමු). කෙසේ කලත් එමගින් ඇති අවධානම වැඩි වන්නේ ලංකාවේ දෙමල සහ මුස්ලිම් ජාතිවාදීන් මාස්ටර් පැලෑන් අනුව වැඩ කරන බැවිනි.
මෛත්‍රීගේ ජයට හේතු වූ දෙමල සහ මුස්ලිම් චන්ද සලකා බලමු. ඔහුට දීනීමට හේතුවුයේ සුලුජාතික් චන්ද බැවින් සමහරුන් මෙම මැතිවරණය දකින්නේ ජාතිවාදයට වැදුණු පහරක් ලෙසිනි. එසේම මෙය සුලුජාතිකයන් ජාතිවාදය ප්‍රතිෂේප කිරීමක් ලෙස දකිති. සිංහලයන්ගේ පටු චින්තනය ගැන දුකයි. සුලුජාතිකයන් සිරිසේන වෙනුවෙන් චන්දය දීමට හේතුව ඔවුන්ට නොතෙරීම පුදුමය. සිංහල ජනයා මෙන් නොව ඔවුන් බහුතරය වැඩ කරන්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ වල නායක තීරණ උඩය. මෙහිදී ජාතින් නියෝජනය කරන ඔවුන්ගේ ජාතිවාදී පක්ෂ මහින්දගෙන් වෙන්වීම නිසා එම පළාත්වල මහින්ද පරාජය විය. මහින්ද ඔවුන්ගේ රටට විරුද්ද තීරණ වලට කැමති නොවීම ඔහුගේ පරාජයට ප්‍රබල හේතුව විය. මහින්දට විරුද්දව ප්‍රබල අපේක්ෂකයෙක් සිටියදී ඔහු අවස්ථාවාදී නොවී එම ජාතිවාදීන් සමග එක් නොවීම නිසා. ඔහු පැරදුනේ රට වෙනුවෙන් වැඩ කිරීම නිසාය. එබැවින් සිරිසේන මහතා සමග ජාතිවාදී පක්ෂ සිටින බැවින් ඔහු පරිස්සමෙන් වැඩ කල යුතුය. නැත්නම් වන්නේ රටේ බෙදීමය. වටේ අය කෙසේ වෙතත් සිරිසේන මහතා නම් රටට ආදරේ කෙනෙක් බව මම විශ්වාස කරමි. මහින්දට මෙවර උතුරු නැගෙන හිරින් ලැබුණු චන්ද සුළු වුවත් සැලකිය යුතු ප්‍රමාණය නම් ජාතිවාදය නිරුපනය නොකරන දෙමල සහ මුස්ලිම් චන්ද වේ. මහින්ද ගේ දුෂණ හෝ ඒ පිළබඳ කතා අඩු වූවානම් එම චන්ද තවත් වැඩි වනු නොඅනුමානය.
සමාජ ජාල යනු සීමා පැනවිය නොහැකි සන්නිවේදන මාර්ගයක් බැවින්.දුෂණයට විරුද්දව දේශ පාලකයන් මෙල්ල කිරීමට එය හොඳ ආයුධයකි. මෙවර මහින්දට එමගින් පාඩමක් ලැබිණි. එම පාඩම සිරිසේන මහතාද වැරදි පාරේ යන්න ගියොත් එම පාඩම ලැබෙනු ඇත. මේ සංක්‍රාන්ති සමය සිරිසේන මහතා ගේ හැසිරීම්ම අධ්‍යනය කමු. කවුරු ආවත් කවුරු දිනුවත් මේ රට අපගේය. එබැවින් අවස්ථාවාදී නොවී එය රැක ගැනුම අපගේ යුතු කමයි.
ලංකාවට අවශ්‍ය සියලු ජනතාව බේදයකින් තොරව සිටිය යුතු රටකි.
මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.
Friday, January 2, 2015
රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය(Shame of the bloggers)
සිංහල බ්ලොග් කරුවෝද සිරිලංකා ජනතාවගෙන් ගත් සාම්පලයක් ය. එබැවින් සාමාන්‍ය සමාජයේ මෙන් පට්ට ලෙස රැඩිකල් නමුත් විලිලජ්ජාවක් නැති පිරිසක් මෙහි වැජබෙන්නේය. එම අයගේද ක්‍රියාකාරීත්වය මේ දිනවල දේශපාලන උණුසුම සමග වැඩි වී තිබෙන්නේය. මොවුන්ගෙන් බහුතරය අදහන බුදු දහම අනුව ගත්තොත් යමක් අහවල් උන්නාන්සේ කියුවා, අහවල් පොතේ තිබුනා, කොටින්ම කියනවා නම් අහවල් රෙෆරන්ස් එක අනුව මෙසේ වන්නේය කියූ පමණින් පිළිගැනීම මෝඩ කමක් වන්නේය. නමුත් මේ පට්ට රැඩිකල් වල්ලාපටටා ඩයල් කරන්නේ ඒ දේමය. එසේම ඔවුන් ලියන්නේදේ එසේමය. මේ සතියේ එසේ රෙද්ද පල්ලෙන් දේශප්‍රේමය බේරුණු ඩයල් කිහිපයක් මම දැක්කේය. ඒ අතරින් තුන් දෙනෙක් ගැන මෙම ලිපියේ සඳහන් කරන්නේය. ඉන් අඩුවෙන්ම බඩ ගිය කෙනා හෙවත් තෙවැනියා මුලින් ගනිමු.
මෙන්න ඔහුගේ ගූ ගඳ ගහන ලිපිය //මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි. // මෙම ලිපිය ලියන පුද්ගලයා යුධ උපක්‍රම හොඳින් දන්නා රණ විරුවෙකි. මම ඉතා ගරුකරන පුද්ගලයකි. නමුත් මෙවැනි වැඩිහිටියන් අතින් මේ වගේ වගකීම් විරහිත ලිපි පලවීම නුසුදුසු දෙයකි. තමන් යම් දේශපාලන මතයක් දැරීම හෝ ඒ වෙනුවෙන් කඩේ යාම කිසිම අවුලක් නැත. නමුත් වගකීම් විරහිත කට කතා පැතිරවීම හෙළුවෙන් කඩේ යාමකි. පුද්ගලයන් වයසට යන විට මෙවැනි මොන්ටිසෝරි වැඩ කරයි. දුකම කරුණ වන්නේ රටක් ගරුකරන මෙවැනි පුද්ගලයන් මෙවැනි මෝඩ කතා නිසා පිරිහීමයි. හොඳින් බලන්න මෙම ලිපියේ ඇත්තේ එක ආරංචියකි එයද ආ තැන සඟවයි. එම ආරංචිය වන්නේ "සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව" මෙයයි අනෙක් සියලු දේ ඔහුගේ සිතේ පහල වූ දේවල් වේ. සාක්ෂි රහිත ආරංචියක් හරහා ඔහු ප්‍රබන්දයක් ලියයි. මහින්දට හිතවත් හෝ සිරිසේනට හිතවත් කාගේන්හෝ ඇසුවොත් කියන්නේ අපි මෙවර කෙසේ අනිවාර්යෙන් දිනන බවයි. සමහරක් දෙනා එය අපි කෙසේහෝ මෙවර දිනනවා කියන්නට ඉඩ ඇත. එවැනි ප්‍රකාශයක් අරභයා මොහු ලස්සාන කතා ගොතයි. සිරිසේනගේ හිතවාතුන් හුරේ දමයි. ඊයේ මට කෙනෙක් කියුවා කුරුණෑගල පැත්තේ ඉන්නා දුලා දෙන්නෙක් ඉන්න විශ්‍රාම ගිය හමුදා නිලදාරියෙක් තම සේවිකාව දුෂණය කළා කියා. ඉතින් මම බ්ලොග් ලිපියක් ලියනවා විචාරක නමින් පෙනී සිටින නාකි අවලමා තම සේවිකාව දුෂණය කළා කියා තව තොරතුරු අතින් දමා ලිපියක් ලියනවා නම් එය කොතරම් සදාචාරවත් ලියවිල්ලක්ද? විචාරක මහාතා පරණ ලිපියක කියා තියෙනවා සතුරන් පරාජය කරන්න බොරු ප්‍රචාර යවන යුධ උපක්‍රමයක් ගැන. විචාරක මහාතා නිරුවතිම මහින්දට විරුද්දව කටකතා පැතිරවීමෙන් ඔහු එම උපක්‍රමයේ ප්‍රවීනයෙක් බව පෙනේ.
එතකොට දෙවනියා කවුද? ඔහුගේ ලිවීම් රටාව මම මුල් චේදයේ අනුගමනය කරන ලදී. මම හිතන්නේ කවුරුත් ඔහුගැන දන්නාවාය. ඔහුද අමුතුම පොරකි. කොතරම් රැඩිකල් බව පෙන්වුවත් රනිල් වන්දනා කරන්නෙකි. පසුගිය සති දෙකතුනේ මහින්ද වෙනුවෙන් බොරුවට කඩේ ගිය ඔහු දැන් නියම ස්රුපයෙන් පෙනී සිටී. නාවතම ප්‍රචාරක කටයුතු වන්නේ පදනම් විරහිත කටකතා වලින් පෝෂිත බ්ලොග් ලිපි සහ කමෙන්ට් පළකිරීමයි. ඔහු ගේ ජොබ් එක බ්ලොග් ලිවීම තරමට ලිපි ලියන සහ කමෙන්ට් කරන ඔහු සින්ඩි දෙකක ඇඩ්ඩින් කෙනෙකි. සින්ඩි ඇඩ්ඩින් කෙනෙක් නිසාද. ප්‍රබල කමෙන්ට් කරුවෙක් නිසාද. ප්‍රවීණ බ්ලොග් කරුවෙක් නිසාද මොහු හෙළුවෙන් සිටියත් බොහෝ බ්ලොග් කරුවන් එය විවේචනය නොකරන බැවින් ඔහු මනසින් ලොකු පොරක් වී ඇත. මංකොල්ල කරුවෙකුගේ නමින් පෙනී සිටින මොහු ගේ නම් නොකියුවත් මේ කතා කරන්නේ මාතලන් ගැන බව කවුරුත් දනී. මෙන්න ඔහුගේ පසුගිය ලිපියේ ඔහු පණපොවන කටකතා කිහිපයක් සහ ඒවාට පිළිතුරු
//කොටි බලය විනාශ කොලා කියන්නේත් එයාලාමය. ඉතිරි කොටි ඉන්නේත් එයාලා ළඟය. එකෙක් අම්මට සිරි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිය.// රජයේ සිටින හිටපු කොටි නැවත ඊලම ඉල්ලන්නේ නැත. නමුත් කොටි සිටින කාලේ සිට ඔවුන්ට දේශපාලනමය ලෙස සම්බන්ද TNA ඊළාම් වාදී මතයක සිටියි. ඔවුන්ගේ අදහස් සහ ඉල්ලීම් වලින් එය මානාව පැහැදිලි වේ. එසේම නැගෙනහිරට මුස්ලිම් පාලන ප්‍රදේශයක් අවශ්‍ය බව පසුගිය් සතියේ ඔවුන් ප්‍රකාශ කළා. පැහැදිලිවම මේ දෙගොල්ලාට අවශ්‍ය ආගමික හෝ ජාතින් ලෙස වෙන්වීමයි.කොටින්ම කියනවා නම් ඔවුන්ට අවශ්‍ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් නොව කොටස් වලට බෙදීගිය (නමුත් නාමිකව ඒකීය හෙවත් ෆෙඩරල්) ශ්‍රී ලංකාවකි.
//මන් ගොන් පිල නොහොත් රුපියල් සීයේ හිඟන්නා අපෙන් අහන්නේ, කරුණා අම්මාන්ලා, පිල්ලෙයානලා කර වැරදි මොනවාද කියාය.// ගම්මන්පිල මහතා ගේ සාකච්චාවක කොටසක් පමණක් වැරදියට ගෙන හැර දක්කවාගෙන උඩ පනී. ගන්මන්පිල කියන ලද කරුණ දැන ගැනීමට මෙයට දින කිහිපයකට පෙර සහභාගී වූ අතුලාන්තය වැඩසටහන නරබන්න.
//ඔය කියනා තරම්, බටහිර බලවේග වලට මේ රට පාළණය කරන්නවත්, කොටින්ට ඊළම දෙන්නවත් ඕනෑ කම තිබුනා නම්, 1994 සිට 2005 දක්වා කිසිම අවුලක් නැතිව වැඩේ කර ගන්න තිබුනේය. එයිටත් වඩා රනිල් සාම ගිවිසුම් ගහපු වෙලාවේ හිතේ හැටියට කර ගන්න තිබුනේය. ඒත් උන් එහෙම නොකරන්නේ මේ රටේ ඇති ලබ්බක් නැති නිසාය. ඔය උතුරේ ප්‍රශ්ණයට උනත් හොට දාන්නේ, සුළු ජන වර්ගයකට වෙනස් කම් කොරනා සීන් එක නිසාය.// බටහිර බලවේග වල අවශ්‍යතා කිහිපයක් පවතී. ලංකාවේ පාලනයට බටහිර බලවේග බලපෑම් කරනවා කියන කතාව විහිළුවක් නොවේ. එය විහිළුවක් වන්නේ ලෝක දේශපාලන ස්වභාවය නොදන්නා මිනිසුන්ටය. දැන් ලස්සනම කතාව බටහිර බලවේග විහිළුවක් ලෙස සැලකීමයි. බටහිර බලවේග ලංකාවට ඇඟිලි ගැසීමට හේතු ගණනාවක් වේ.

1-තම රටේ සිටින දෙමල ජනතාවගේ චන්දය ලබාගැනීමේ උපක්‍රම ලෙස.
2-තම රටවල ජීවිතාරක්ෂාව මුවාවෙන් (ව්‍යාජ)සරණාගතයන් ලෙස එන දෙමල සහ අනෙකුත් ජන ප්‍රමාණය අඩු කිරීමට
3-රටවල යුධ ගැටුම් වර්ධනයෙන් තම අවි වෙළඳ පොළ පුළුල් කිරීම
4-ගැටුම් සහිත රටවල සුභසාධන කටයුතුවලට මුවා වී ආගම් ප්‍රචාරය
5-ලංකාව පිහිටි ස්ථානය නිසා යුදමය වැදගත්කම. මේ ගැන අපේ ප්‍රා ජේ ලස්සන තර්කයක් ගෙනාව නමුත් එය වලංගු නැහැමෙන්න එය//ලංකාව ඔයතරම් උපායමාර්ගිකව ලෝක බලවතුන්ට වැදගත් කියන එකට සාධාරණ හේතු රුවල් නැව් කාලයේ සිට දෙවන ලෝක යුද්ධය දක්වා තිබුන. දැන් එහෙම නෑ. බැලිස්ටික් මිසයිල් , චන්ද්‍රිකා තාක්ෂණය, එයාක්‍රාෆ්ට් කැරියර්ස්, නැව්වල විශාලත්වය සහ විශේයයෙන්ම දැන් තියන ආර්තික හා යුද්ධමය උපක්‍රම නිසා ලංකාවට තියෙන්නේ යුදමය වශයෙන් ඉතා අඩු වටිනාකමක්. තෙල්, රන් හෝ අනිකුත් මිනරල්ස් වලින් ආර්ථික වටිනාකමකුත් ලංකාවට නෑ.
වෙන එකක් තියා ඉන්දියාවට හා චීනයටවත් ලංකාව අතිශය වටිනා රටක් නෙමෙයි වර්තමානයේ// කොතරම් තාක්ෂනය දියුණු වුවත් ගොඩබිමක අවශ්‍යතාවයට හිලවු වෙන්නේ නැහැ ආරක්ෂාව සහ වෙනත් තාක්ෂණික හේතු නිසා. වෙන එකක් තියා ඉන්දියන් සාගරයේ මාලදිවයිනට පහලින් ඇති Diego Garcia වැනි දුපත් වල බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදා කඳවරු තියෙනවා ඒ වගේම ලෝකයේ තැනින් තැන කඳවුරු තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් Diego Garcia තියෙද්දී ලංකාව කුමකටද කියා නමුත් එක්සත් ජනපදයට සහ එක්සත් රාජදාණියට ඩියේගෝ ගාර්ශියා තියෙනවා නමුත් ඒ වගේ තැනක් නැති චීනය ලංකාවේ යම් යම් දේ කරනවා. ඔන්න දැන් අර කට්ටිය ට ඕන ලංකාවේ චීන ක්‍රියා වලක්වන්න. ඔන්න ඕක තමයි දැන් යන තත්වය.ඊට අමතරව එක බෝම්බෙන් සුනුවිසුනු කල හැකි වර්ග කිලෝමීටර් 44 තියෙන අටෝල්ලට වඩා ලංකාව උන්ට කොහොමත් වටිනවා. ඒ වගේම අපේ ගාව හොඳ යුරේනියම් ටයිටේනියම් තියෙනවා. නමුත් සුළු මුදලට අපි ඛනිජ වැලි යවන නිසා දැනට ඔවුන්ට අවුලක් නැතත් චීනයට ඒවා සින්න වේද කියා බයක් සුද්දොන්ට එන්න පුළුවන්. මේ මට මතක්වෙච්ච කිහිපයක් පමණයි තව හේතු තියෙන්න පුළුවන්.
කියන්න තව දේවල් ඇත කියන්න හොඳම දේ නම් සාරුවා සුනිල්ගේ කතාවය මේක තිබුනේ කමෙන්ට් එකකය //මහින්ද රාජපක්ෂයි එයාගේ ගෝලයෝ රොත්තයි කරන්නෙ සුද්දා කලාට හපන් දේවල්. උදා - ළමයි 100 රේප් කරපු ප්‍රාදේශියේ සභාපති..// මෙන්න කට කතා යවන අපුරුව. ළමයි 100 රේප් කරපු එකෙක් ලංකාවේ නැත ඉන්නවා නම් එය ලෝක වාර්තාවකි. සාරුවා සුනිල් සුද්ද කිරීමට මට අවශ්‍ය නැත ඔහු ගැහැණු 500 සමග හිටියත් ඒවා දුෂණ නොවේ. ලංකාවේ විවාහක බිරිඳගෙන් පිට ලිංගික හැසිරීම නීතියානුකුල වරදක් හෝ දුෂණයක් නොවේ. දුෂණය ලෙස සල කෙන්නේ බලෙන් කිරීම හෝ බාල වයස් කාරියක් බලෙන් හෝ කැමැත්තෙන් සමග ලිංගිකව හැසිරීමයි. සුනිල්ට වරදක් කියන්න පුළුවන් වන්නේ බාල වයස් කාරියක් සමග ලිංගිකව හැසිරීමයි. මෙම දැරියගේ පසුබිම සහ වෙනත් කරුණු අදාළ වැඩක් නැත ඒවා කෙසේ වෙතත් මෙම ක්‍රියාව වරදක් ලෙස ගන්නේ(මා දන්නා පරිදි නීතිය අනුව වරදකරුවෙක් වී නැත) නම් දුෂණ 1 කි එය 100 කර අර කපුටෝ 7 දෙනෙක්ක් වමනේ දැමු කතාව මෙන් ගිනි අවුලවයි. මෙතනදී මාතලන් ප්‍රවුර්තියක් දුෂණය කර ඇත.මාතලන් මේ ප්‍රසිද්දියේ දුෂණය කරන්නේ බ්ලොග් අවකාශයයි.
ලිපිය දිග වැඩි බැවින් මෙතනින් නවතිමි. සුපිරිම ඩයල් එක ගැන විස්තර පසුව බලා පොරොත්තු වන්න. අද තරගය. වැඩිපුරම රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය සහිත බ්ලොග් කරුවා කවුද? ඔහු නම් කර තෑගී දිනන්න.
මේ දිනවල අලුත් ප්‍රොෆයිල් ගොඩක් fb එකේ බ්ලොග් අවකාශයේ සහ ෆෝරම් වල කට කතා පතුරුවයි. එසේම ප්‍රවීණ බ්ලොග් කරුවෝ කිහිප දෙනෙක් මේ ගොඩට එක් වී ඇත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුධ්දියෙන් ඇසිය යුතුය. අපි සැබෑ ජීවිතයීදී ගන්නා තීරණ කිසිදා undo කළා නොහැක. මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි. එළබෙන නව වසරේ අප රටට සුබ අනාගතයක්.

Monday, December 22, 2014
ගුගල් පරිවර්තකය සහ සිංහල භාෂාව සහ අනාගතය.(Future of Google Sinhala Translator)
මුලින්ම එය ප්‍රයෝගිකව කරන ආකාරය සලකා බලමු
මෙහි සිංහල පරිවර්තනය පෙන්වන කොටුව පහල වම් පැත්තේ ඇති පැන්සල සහිත අයිකනය ක්ලික් කරන්න. ඉන්පසු
නිවැරදි වැකිය ඇතුලත් කර contribute කරන්න.
මෙසේ නිවැරදි කරන විට අනිවාර්යෙන්ම අක්ෂර වින්‍යාසය සහ වියරණ සැලකිල්ලට ගන්න. එසේම ඉංගීසි ලිපියේ කාල භේදය සහ කර්මකාරක කතෘකාරක වැනි ස්වාරුපයන් එසේම සිංහල පරිවර්තනයට එන පරිදි පරිවර්තනය දෙන්න. ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස නොසලකා ගුගල් පරිවර්තකය වැඩි දියුණු කරන්න අපේ අය ගියොත් වන්නේ එහි නිවැරදි තාවය තවත් හීන වීමයි. එබැවින් එය කරන විට වගකීම් සහිතව කරන්න. දැනටම අපේ අය එහි මලපහ කර ඇති බව පෙනේ.
කෘතීම බුද්ධියක් රහිතව කවදාවත් පරිවර්තන කාර්යක් 100 % සාර්තක්කව යන්ත්‍රයකට කල නොහැක. දැනට එම ක්ෂේත්‍ර පරීක්ෂණ මට්ටමේ පවතී. ගුගල් පරිවර්තකය ක්‍රියාත්මක වන්නේ කෘතීම බුද්ධියට ආදාලම ක්ෂේත්‍රයක් වන machine learning ක්‍රමය යටතේය මෙහිදී යම් ඉංග්‍රීසි වාක්‍යකට ගැලපෙන සිංහල වාක්‍ය රටාව අඳුනා ගැනීම පුද්ගලයකුගේ පෙන්වා දීමකින් තොරව ඉබේ හඳුනා ගනු ලබයි. සිංහල සහ ඉංග්‍රීසි යනු වියරණ නීති වලින් දුරස්ථ භාෂා දෙකකි. සිංහල භාෂාවේ ඇති ලිංග භේදය, ගෞරවාර්ථ වාක්‍ය රටා. ඉංග්‍රීසිය තුල නැත. ඒවා අඳුනා ගැනීමට ගුගල් දැනට භාවිතා කරන ඇල්ගොරිතමය වලට පහසු නොවේ. වත්මන් ක්‍රමවේද යටතේ 100% තියා තේරුම අතින් 90% සහ වයාකරණ අතින් 70% වත් නිවැරදි තාවයක් බලාපොරෝහ්තු වීම විහිළුවකි. කෙසේ වුවත් ඒ මට්ටමට හෝ අපේ උනන්දුව මත ගත හැක. එසේ වුවහොත්. ඉන් ලබා ගන්නා දල පරිවාර්තනය මිනිස් සහය සහිහව වැඩි දියුණු කර වැඩි ලිපි ප්‍රමාණයක් පහසුවෙන් පරිවර්තනය සඳහා එය යොදා ගත හැක.
එසේම ගුගල් පරිවර්තකය තුල සැඟවුණු රාක්ෂයෙක් සිටී. එනම් දායක වන්නන්ගේ වගකීම් විරහිත ස්වභාවය නිසා සහ ගුගල් පරිවර්තකයේ නොහැකියාව නිසා පිටවන වැරදි අක්ෂර වින්‍යාස සහ වයාකරණ නිසා සිංහල බසට වන හානියයි. මේ හානියට ගුගල් පරිවර්තකය මගින් වෙබ් අඩවියක් පරිවර්තනය කර එසැනින් බලා ගැනීමේ හැකියාව හේතු වේ. එබැවින් ඉගෙන ගන්න සිසුවෙක් හෝ වෙනත් අයෙකුට වැරදි වාක්‍ය රටා සහිත ලිපි විමර්ශනයක් රහිතව කියවා වැරදි වාක්‍ය රටා මනසට ගියවිට ඔහුටද වැරදි වාක්‍ය රටා නොදැනුවත්ව ලියවීමට හේතු වේ. එය බසට වන හානියකි.
මෙන්න ගුගල් පරිවර්තකයෙන් එන විහිළු.
My sister in law is pregnant = නීතිය මගේ සහෝදරිය ගැබිනි වේ.
he wash his hand after going toilet = ඔහු වැසිකිළි යාමෙන් පසු ඔහුගේ අත සෝදන්න
i will fuck you = මම ඔයාට බැරිද ඇත
he is throwing rice to pigeons to eat = ඔහු කෑම කන්න පරෙවි සහල් වීසි කරයි
What makes a guy enjoy a female's company? = මොන ගයි කාන්තා මහතාගේ සමාගම භුක්ති වන්නේ කෙසේද?
We finished the test at the same time.= ඒ විධියට පරීක්ෂණ අවසන්.
Tuesday, December 16, 2014
හුරේ මෙවරත් අපිම තමයි එක (We are the first)
ලංකාව කියන්නේ ආසියාවේ ආශ්චර්යම තමයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නැත්නම් දැනට බලන්න පුළුවන් දත්ත අනුව පසුගිය වසර 4 දී මේ අංශයෙන් ලෝකයෙන්ම එක වෙලා තියෙන්නේ අපේ අය. අපිව පරද්දන්න බංගලි කාරයෝ, ඉන්දියන් කාරයෝ, ඉතියෝපියන් කාරයෝ ලොකු ට්‍රයි එකක් ගත්තා මෙවරත් එත් අපි දිනුවා. මේ ජයග්‍රහණයට දායක වූ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්, රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්, විශ්‍රාමික පුද්ගලයන් ඇතුළු සැමට සුබපැතුම්.
කෝ කෝ තවම කියන්න බැරි වුනා නේ මේ ජයග්‍රහණය කුමන අංශයකින්ද කියලා. මෙවරත් අපි දිනුවේ ගුගල් වල sex සර්ච් කරලා. මෙන්න ජයග්‍රාහී රටවල්
![]() |
| google sex search 2014 ලොකු කරන්න ක්ලික් කරන්න |
![]() |
| Compare Sex. Gossip, Jobs, Video, Songs ලොකු කරන්න ක්ලික් කරන්න |
මෙහෙම උනත් ගිය වසර වල වගේම මේ වතාවෙත් තවත් වැදගත් අංශ වලින් ඉදිරියෙන් ඉන්නවා මෙන්න ගියවර ඒ ගැන මම විස්තර කල ලිපිය
සොයා බැලීමට දත්ත පවතින පසුගිය වසර 10 සඳහා ගතහොත් සමස්තයක් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ අපි වේ. සමහර විට ලංකාවට ඉන්ටර්නෙට් ආ දවසේ සිට සිටින්නේද අපිම විය හැක. පසුගිය වසර 10 යේ දී අප පළමු 6 දෙනා අතර සිටීමද විශේෂත්වයකි
2004 - 6 වෙනියා
2005 - 4 වෙනියා
2006 - 4 වෙනියා
2007 - 5 වෙනියා
2008 - 3 වෙනියා
2009 - 5 වෙනියා
2010 - 4 වෙනියා
2011- 1 වෙනියා
2012- 1 වෙනියා
2013- 1 වෙනියා
2014- 1 වෙනියා
මේකත් තව ටික දවසකින් ගොසිප් කාරයෝ, පත්තර කාරයෝ පට්ට ගහන නිවුස් එකක් වේවි. ගුගල් සමාගමෙන් නිකුත් කල වාර්ෂික වාර්තාව අනුව මෙවරත් අපි සෙක්ස් වලින් එක කියලා. නමුත් මේ එහෙම වාර්තාවක් නොවේ. මේක පසුගිය කාලයේ මිනිසුන් ගුගල් හි සෙවුම් කලේ කෙසේද කියා බලා තම වෙබ් අඩවි සාර්ථක කරගැනීමට වෙබ් අඩවි හිමිකරුවන් සඳහා ඇති මෙවලමක්. ඕන වචනයකට ඇති ඉල්ලුම බලන්න මේකේ සර්ච් කර බලන්න
http://www.google.com/trends/
2014/12/15 දින පලකරන ලද ලිපියේ අඩුපාඩු කිහිපයක් තිබුණු බැවින් අද(2014/12/16) දින වැදගත් තව කරුණු කිහිපයක් එක් කරන ලද බැවින් එයට පෙර කියවූ අය නැවත කියවා බලන්න.
Tuesday, September 16, 2014
ඉමිතියාස් බාකීර් මාකර් හෙළිකරන බෙදුම්වාදයේ මුල.(Truth Of Separatism In Sri Lanka.)
ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලයේ පසුගිය 14 වැනිදා පැවැති විශේෂ මහා සභා රැස්‌වීම අමතමින් ජාතික සමගිය සඳහා වූ බාකීර් මාකර් මධ්‍යස්‌ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා පවසන ලද මේ අදහස බෙදුම් වාදයේ මුල ලෙස කළු ජුලිය හෝ බණ්ඩාරනායක මහතා කල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ලෙස දකින පුද්ගලයන්න්ට හොඳ පිළිතුරකි.
//ශ්‍රී ලාංකික ජාතියක් හැටියට නිදහස ඉල්ලා සිටි අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය පාලකයන් එදා නිදහස් අරගලය මෙහෙයවූ දිවංගත අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාට පැවසුවේ "නුඹලා බෙදුන ජාතියක්. නිදහස දුන්නොත් එකිනෙකා ඇනකොටා ගනීවි මරා ගනීවිZ කියලයි. ඇත්ත වශයෙන් අපි එදා සිංහල මහ සභාව, මුස්‌ලිම් ලීගය, ද්‍රවිඩ කොන්ග්‍රස්, ඉන්දියන් කොන්ග්‍රස්, බර්ගර් යුනියන් ජාතික කොන්ගස්, මැලේ ලීග් හා මුවර් සංවිධානය යනුවෙන් බෙදී සිටියා. ඩී. එස්. සේනානායක වැනි අතීතයේ සිටි ජනනායකයින් ඒ සියලු ජාතීන් හැකිතරම් දුරට එකතු කිරීමට උත්සාහ ගත්තා.//(සම්පුර්ණ ලිපිය දිවයින පුවත් පතේ පලවිය)
ඇත්ත වශයෙන්ම නිදහස ලැබීමටත් පෙර සිට බෙදුම්වාදී අදහස් ජාතීන් අතර තිබුනා. මුල් කාලයේ සිට ජාතීන් සිටියේ වෙන වෙනම සංවිධානය වී. එමගින් අනාගතයේ ඇතිවන බෙදීම සුද්දෝ දැක්කා. (එම බෙදීම ඇති කිරීමටත් සුද්දෝ වක්‍රව සහය වුනා.) දැනටත් එක් එක් ජාතීන් නියෝජනය කරන දේශපාලනය අපේ රටේ අනාගත ප්‍රශ්න වලට මුලයි ඒ බව විශේෂයෙන් ඉමිතියාස් බාකීර් මාකර් මහතා වැන්නවුන් තේරුම් ගත යුතුයි.
විශේෂයෙන් දෙමල ජන නායකයන් බලා සිටියා රටේ ප්‍රධානියා වන්නට එයට ප්‍රධාන හේතුව වන්නේ උගත් දෙමල ජාතිකයන් බොහොමයක් රටේ මුල් පුටුවල සිටීම සහ ඉන්ගීසින් රට අල්ලා ගැනීමට පෙර සිටියේ දෙමල රජෙක් වීමයි. නමුත් සර්වජන චන්දබලය ලැබීම සමග එය ඔවුන්ට සිහිනයක් වුනා ඊළමක් ඉල්ලීමේ මුල එයයි.
ඉන්දියවේ මහත්මා ගාන්ධි විසින් සියලු ජාතීන් එක් කර ඉන්දියානු ජාතියක් බිහි කළා. එයට අනුගත නොවූ අය පකිස්ථානය බංගලිදේශය වැනි රටවල් බිහිකර ගත්තා. අදටත් ඔවුන් ළඟ ඇති අපි ඉන්දියානුවෝ කියන සංකල්පය ඇති කලේ මහත්මා ගාන්ධි. මේ වෙනකම් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් සමාජ ගත කිරීමට ලංකාවේ කිසිම ජන නායකයෙකුට නොහැකි වුනා මෙන්ම ඔවුන් ඒ සඳහා කැපවුණේ නැහැ.
ඩයස්පෝරා ලෙස වෙන්වූ ද්‍රවිඩයන්, පකිස්ථානය දිනන විට රතික්ඥ පත්තු කරන මුස්ලිම් ජාතිකයන්. සහ ජාතිවාදී සිංහලයන් සිටින තෙක් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් ඇති නොවේ. අනාගත ලංකාව වෙනුවෙන් අප පරාජය කල යුත්තේ ඉහත දේවල් වේ.
ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවෙන් සැවොම පෙළ ගැසෙමු.
Tuesday, September 9, 2014
රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව.(Is Sinhalese becoming a minority?)
යමෙක් අන් මත විවේචනය කරයි නම් මුලින්ම තම මතය නිවැරදිදැයි මුලින්ම විමසා බැලිය යුතුය තමන් වැරදිනම් සිදුවන්න්නේ තමාම විවේචනයට ලක්වීමකි. මේ සිද්දියට ලක්වන පුද්ගලයා නම් මාතලන්ගේ බ්ලොග් එකෙහි පලකරන ලද "සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි" නම් ලිපිය ලියන ලද චානුක වත්තේගම නම් පුද්ගලයාය.
ඔහු විසින් ලියන ලද ඉහත සඳහන් ලිපිය අනුව පැහැදිලිව පෙනෙන කරුණක් නම් ඔහු තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය දත්ත පමණක් ගෙන අන් දත්ත නොසලකා ගණනය කිරීමයි මෙයට හේතුව ඔහුගේ නොදන්නා කමද නැත්නම් තමන්ට සිදුවන වාසියක් හේතුවෙන් වැරදි මතයක් පෙන්වීම සඳහා ලැජ්ජාවක් රහිතව අංක විද්‍යාවක් පෙන්වීමද?
මුලින්ම ඔහු විසින් පෙන්වන ලද පළමු වගුව සලකමු
සිංහල
|
දෙමළ
|
මුස්ලිම්
|
ඉන්දියානු දෙමළ
|
වෙනත්
| |
1981 තත්ත්වය
|
73.95 %
|
12.71 %
|
7.05 %
|
5.51 %
|
0.78 %
|
2011
තත්ත්වය
|
74.88 %
|
11.12 %
|
9.23 %
|
4.16 %
|
0.52 %
|
දෘශ්‍ය වෙනස
|
0.93 %
|
- 1.5 %
|
2.18 %
|
- 1.35 %
|
0.04 %
|
සත්‍ය වෙනස (සංඛ්‍යාත්මක)
|
4,184,420
|
384,024
|
822,920
|
23,623
|
- 9,000
|
සත්‍ය වෙනස (පෙර තරමට ප්‍රතිශතය)
|
38.2 %
|
20.35 %
|
78.61 %
|
2.89 %
|
- 7.82 %
|
මේ වගුව ඇසුරෙන් ඔහු සඳහන් කල දේ බලමු
"සිංහල ජනතාව වඳ වේය යන මතය ගොඩ නඟන්නන් ඒ සඳහා උපයෝගී කොට ගන්නේ පළමු පෙළ තුනෙහි ඇති ඉලක්කම්ය. 1981 සිට 2011 දක්වා ජනවර්ග අනුපාතයන්හි යම් වෙනසක් සිදුවේ. සමහර ජන වර්ග ප්‍රතිශතයක් වශයෙන් වැඩිව ඇත. සමහර ඒවා අඩුව ඇත. නිදසුනක් හැටියට සිංහල ප්‍රතිශතය 74% පමණ සිට 75% ක් වෙද්දී මුස්ලිම් ප්‍රතිශතය 7% පමණ සිට 9.2% ට ඉහළ යයි. බැලූ බැල්මට “අපේ රැහැ” පොඩ්ඩකින් ප්‍රසාරණය වෙද්දී “උන්ගේ රැහැ” මාර විදිහට පිම්බී ඇත. එසේම මේ දෙක අතර දෘශ්‍ය වෙනස සිංහල බෞද්ධ බහුතරය බිය ගන්වන සුළුය."
"මම මෙහි දෘශ්‍ය වෙනස සේ දක්වා ඇති ඉලක්කම් සීරියස් නොගනිමි. එය සංඛ්‍යාකයක් වශයෙන් අවැදගත් වනවා පමණක් නොව වැරදි චිත්‍රයක්ද මවා පායි. ඊට වඩා අදාළ හා වැදගත් අවසාන පෙළ දෙකෙහි ඇති දත්තය. එකක් සංඛ්‍යාත්මකව එක් එක් ජනවර්ගය වසර තිහක් තුළ ප්‍රසාරණය වූයේ කවර ප්‍රමාණ වලින්ද දක්වයි. අවසාන පෙළෙහි දැක්වෙන්නේ 1981 දී එක් එක් ජනවර්ගයන්හි ප්‍රමාණයට සාපේක්ෂව 2011 දී එම ජනවර්ගය ප්‍රසාරණය වී ඇති ප්‍රමාණයයි."
ජනග්‍රහණ වර්ධනය සඳහා අනාවැකි කීම සඳහා යම් තරමින් හෝ භාවිතා කලහැක්කි දත්තයකට මෙහි ඇත්තේ අවසාන පේලිය පමණි එය මගින් 1981 සිට 2011 අතර කාලය සඳහා ජනග්‍රහණ වර්ධන වේගය ගණනයට අවශ්‍ය දත්තයක් ලැබේ. මෙමගින් පෙනෙන කරුණ නම් මුස්ලිම් ජනයාගේ ජනග්‍රහණ වර්ධන වේගය සිංහලයාගේ මෙන් දෙගුණයක් වන බවයි සිංහල සහ මුස්ලිම් ජනග්‍රහණ වර්ධනය අනාගතය සඳහා එස්ටිමෙට් කිරීමට වැදගත්ම දත්තය එයයි. එනම් මෙහි වැදගත්ම පේලිය වන්නේ අවසාන පේලිය වේ. චානුක වත්තේගම විසින් "වැදගත් අවසාන පෙළ දෙකෙහි ඇති දත්තය" ලෙස සඳහන් කලද අවසාන පේලිය ඇසුරෙන් කිසිම නිගමනයක් නොකරයි. එය ඇසුරෙන් නිගමන පවසන්න ගියානම් ඔහුට කියන්න වන්නේ වෙනත් දෙයකි.
එම නිසා ඔහු ඉහත වගුවේ 4 වන පේලිය ඇසුරෙන් මෙසේ ගොන් කතාවක් පවසයි "උදාහරණයක් හැටියට මේ කියන වසර තිහ තුළදී මුස්ලිම් ජනහගණයේ ප්‍රසාරණය ලක්ෂ අටකි. ඒ කාලයටම අනුරූප සිංහල ජනගහණයේ ප්‍රසාරණය එමෙන් පස් ගුණයකට ආසන්න අගයක් ගනියි. ලක්ෂ හතළිස් එකක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් ලක්ෂ අටක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් තමන්ගේ තැන ගනිතැයි අනියත බියක් පළ කර ගැන්ම තරම් තවත් ගොන් කමක් වේද?" ජාතීන් දෙකක ජනග්‍රහණ වර්ධනය සැසදීමේදී අනාවැකි පැවසීමේදී වැදගත්ම කරුණ වන වර්ධන වේගය අමතක කර ඔහු ප්‍රමාණ සැසදීම කරයි. පසුගිය 30 වසර තුල අප ඔවුන් මෙන් පස් ගුණය කින් වැඩි වුවත් ඔවුන්ගේ වර්ධන වේගය වැඩි නිසා ඊළඟ 30 වසර තුල අප ඔවුන් මෙන් 3-4 ගුනයකටද තව කල් යාමේදී අප වැඩිවන ප්‍රමාණයට සමාන ප්‍රමනයකටද පැමිණේ අවසානයේ ඔවුන් අප පසුකර යයි.(අනාගතය සඳහා අගයන් විද්‍යානුකුලව ගණනය කර ඇති වගු අවසානයෙදේ පෙන්වමි)
දැන් ඔහුගේ දෙවන වගුව සලකා බලමු
ලංකාවේ ජනවාර්ගිකමය වාර්ෂික වර්ධනය (1911 සිට 2011 දක්වා)
දශකය (ආරම්භක වර්ෂය)
|
සිංහල %
|
දෙමළ %
|
මුස්ලිම් %
|
ඉන්දියානු දෙමළ %
|
වෙනත් %
|
1911
|
1.0
|
(0.2)
|
0.6
|
1.2
|
1.8
|
1921
|
1.3
|
1.4
|
1.3
|
2.6
|
1.2
|
1931
|
1.7
|
1.2
|
1.4
|
(0.3)
|
1.4
|
1941
|
1.8
|
1.7
|
2.0
|
2.0
|
(0.3)
|
1951
|
2.5
|
2.4
|
2.5
|
1.3
|
(14.4)
|
1961
|
2.2
|
2.3
|
2.5
|
0.6
|
7.1
|
1971
|
1.7
|
2.5
|
1.8
|
(4.3)
|
0.9
|
1981
|
1.5
|
1.4
|
2.0
|
0.8
|
2.3
|
1991
|
1.0
|
0.3
|
2.0
|
(0.2)
|
(1.4)
|
2001
|
0.9
|
0.3
|
1.7
|
(0.2)
|
(1.7)
|
(මෙය චානුක වත්තේගම විසින් කරන ලද ගණනයකි )
මෙය ඇසුරෙන් ඔහු පවසන මෙම කරුණ හැර අන් කරුණු සත්‍ය වේ නමුත් ඔහු විසින් අසත්‍යයි කියන දෙය සත්‍ය වීමට අවශ්‍ය හොඳ සාක්ෂියක් මෙමගින් ඔහු සඟවයි(ඔහු ඔහුගේ මතය ඉලිප්පීමට මෙම සත්‍ය කරුණු සැඟවෙන්නේ හිතාමතාම පුද්ගලික වාසියක් සඳහාද නැත්නම් මෝඩ කම නිසාද)
"2. සාමාන්‍ය හා සාමකාමී අවස්ථා වලදී මේ ජනවර්ග තුනේම වාර්ෂික වර්ධන වේගයින් දළ වශයෙන් සමානය. උදාරහණයක් හැටියට 1931 දශකයේ සිට 1981 දශකය දක්වා දත්ත සලකන්න. දර්ශකයක් සේ 1951 න් ඇරැඹෙන දශකය ගනිමු. මේ දශකයේ ප්‍රධාන ජනවර්ග තුනෙහිම වර්ධනය ඉතාම සමීප අගයන් ගනියි."
අප සම දන්නා කතාවක් නම් 1931 දශකයේ සිට 1981 දශකය දක්වා කාලය තුල දරුවන් සාදන ලද අපගේ සීයලා ආච්චිලා සහ අම්මලා තාත්තලා දරුවන් 4-5 වත් සාදන ලද බවයි මේ කාලයේ සිංහල පවුල්වල ළමයින් හැදීම ද මුස්ලිම් පවුල්වල ළමයින් හදීමද අතර ලොකු වෙනසක් නොවිණි. නමුත් 1981 පසු සමාජ ගතකරන ලද උපත්පාලනය හා එයට අධාල පෙළඹවීම් නිසා සිංහල සමාජයේ ළමයින් හැදීම අඩුවිය නමුත් මුස්ලිම් සමාජයට එය ලොකුවට බලපෑවේ නැත. 1981 පසු ළමයින් හදන ලද අපගේ මාමාලා නැන්දලා ළමයින් හැදුවේ 4 කට අඩු ප්‍රමාණයකි එසේම 2001 පසු ළමයින් හදන අපේ යාළුවන් ළමයින් හදන්නේ 1-2 කි නමුත් මුස්ලිම් සමාජයේ මේ තත්වය ලොකුවට නැත. 1981 පසු ලංකාවේ මුස්ලිම් හැර අන් ජාතිවල ජනග්‍රහණ වර්ධන වේගය අඩුවීමට හේතුව මෙයයි. එනම් 1931 දශකයේ සිට 1981 දශකය දක්වා කාලය සියලු ජාතිවල ජනග්‍රහණ වර්ධන වේගය සමාන වුවත් උපත්පාලන ක්‍රම නිසා සිංහලයන්ගේ ජනග්‍රහණ වර්ධන වේගය මුස්ලිම් අයගේ මෙන් අර්ධයක් වනතෙක් අඩුවිය (1991 සහ 2001 සඳහා වගුව බලන්න)
මෙමගින් පෙනෙන්නේ ඔහු විසින් ගණනය කරන ලද මේ වගුවෙන්ම පැහැදිලිවන කාලය සමග සිදුවූ සිංහල ජාතියේ වර්ධන වේගය අඩුවීම ගැන නොපවසා තම මතය හුවාදැක්වීමට බයිලා කියන බවයි.
දැන් අපි ඔහු ඉදිරිපත් කල 3 වගුව සලකමු
ලංකාවේ සිංහල හා අනෙකුත් සියළු ජනවර්ග ප්‍රතිශතයක් සේ (1911 සිට 2011 දක්වා)
සංගණන වර්ෂය
|
සිංහල (ප්‍රතිශතය)
|
අනෙකුත් සියළු (ප්‍රතිශතය)
|
1911
|
66
|
34
|
1921
|
67
|
33
|
1931
|
65
|
35
|
1945
|
69
|
31
|
1953
|
69
|
31
|
1963
|
71
|
29
|
1971
|
72
|
28
|
1981
|
74
|
26
|
1989
|
74
|
26
|
2001
|
74
|
26
|
2011
|
75
|
25
|
තමා සියලුදේ දන්නවා සිතා ඔහුගේ මතයට විරුද්ද සියලු දෙනා මෝඩයන් සහ හරක් මෙන් දුටුව චානුක වත්තේගම ගේ නොදන්නුවත්කම පෙන්වන හොඳම උදාහරණය මෙයයි. මේ ගැන ඔහු කියන දේ බලමු
"සිංහල ජනවර්ගයක් සේ මොනම ආකාරයකින් වත් (අනෙකුත් ජනවර්ගයින්ට සාපේක්ෂව) ඍණ වර්ධනයක් නොපෙන්වන බැව් මෙයින් ඉතා පැහැදිළිව ඔප්පු වේ. පසුගිය සියවසෙක පමණ කාලය තුළ ඉතාම සුළු වශයෙන් වුවද වී ඇත්තේ (අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව) සිංහල ජනවර්ගයක් සේ නොකඩවා වර්ධනය වීමයි. නැවත කියමි: නොකඩවා වර්ධනය වීමයි."
අනිවාර්යෙන්ම මෙතනදී චානුක වත්තේගම සත්‍ය පවසයි ඔහුගේ වගුව අනුව මෙන්ම අතටම සිදුවුයේ එයයි නමුත් ඔහුකරන වැරැද්ද නම් අවසානයේ මේ වගුවේ පරිදි සිංහලයා අනාගතයේදීද වර්ධනය වනබව කියවන්නන්ට දැනෙන සේ මෙසේ කියයි.
"මේ නිසා මොනම ආකාරයකින්වත් සිංහල ජනවර්ගය වඳවීමේ හෝ සුළුතරයක් වීමේ පෙනෙන අවදානමක් නොපවතී. ඔබ බිය වන්නේ ඒ නිසා නම් අද සිට ඔබට බිය සැක නැතිව නිදා ගත හැකිය."
සිදු නොවන්නේ එයයි. ඔහු මෙතනදී ගණිත දැනුමක් අඩු පාඨකයාට ඉදිරියත් මෙසේ මෙම වගුව පරිදි සිංහලයන් වර්ධනය වේ යයි ඉඟි කරයි නමුත් එය සිදුවන්නේ තව දශක කිහිපයක් දක්වා පමණි මේ බව මම විද්‍යානුකුලව අන්තිමට පෙන්වමි දැන් බලමු චානුක වත්තේගම වරද්දා ගත්තේ හෝ අපට වරද්දන්න යන්නේ කොතනද කියා.
කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය යනු අදාළ රාශි දෙක රේඛීයව බැදී පවතින්නක් නොවේ. කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය රේඛීයව බැදී පවතීනම් ඉහත 3 වගුවම දීර්ග වී දිගටම සිංහල ජන අනුපාතය වැඩිවේ. චානුක වත්තේගම අපිට පෙන්වන්න ගියේ එයයි. නමුත් එසේ නොවේ ඒ බව පෙන්වීමට මම 1991 සහ 2011 යන වර්ෂවල සංඝණන දත්ත ඇසුරෙන් ලබාගත් එක් එක් ජන වර්ගවල වර්ධන වේගය දිගටම පවතීයි උපකල්පනය කරමින් ඉදිරි සංඝණන පවත්වන වර්ෂ සඳහා නිමානය කරන ලද ජනසංඛ්‍ය පහත ප්‍රස්ථාරයේ පෙන්වයි. මෙහි 2011 සඳහා සත්‍ය අගයන්ද ඉන්පසු ගණනය කල අගයන්ද වේ.
මේ අනුව පෙනෙන්නේ වත්මන් ජන වර්ධන වේගය දිගටම පැවතුනහොත් 2261 වනවිට සිංහල සහ මුස්ලිම් ජන සංඛ්‍යා සමාන වන බවයි ඉන් පසු සිංහලයන් සුලුජාතිය බවට පත්වේ.
දැන් බලමු මෙම වර්ධනය යටතේ ජනවර්ග වල ප්‍රතිශතය වෙනස්වන ආකාරය.
මෙම ප්‍රස්ථාරයෙන් පෙනෙන්නේ 2041 වනතෙක් සිංහලයන්ගේ ප්‍රතිශතය ඉහල යන බවයි ඉන් පසු එය ක්‍රමයෙන් පහල බැස 2261 දී මුස්ලිම් ජන ප්‍රතිශතය සමග සමාන වේ. චානුක වත්තේගම ඉදිරිපත්කල 3 වගුව ට මෙම ප්‍රස්ථාරයේ 2011 දක්වා අගයන් සමාන වේ ඉන්පසු ඔහු විසින් පෙන්වන්නට ගිය පරිදි සිංහල ජන අනුපාතය වැඩිවේ නමුත් නිදහසේ නිදාගත හැක්කේ 2041 ජන සංගණනය දක්වා පමණි ඉන්පසු සිංහල ජන අනුපාතය දිගටම අඩුවේ.
කලින් මම සඳහන් කල පරිදි මෙම අනුමානය වලංගු වන්නේ පසුගිය වසර 20 පැවතුන ජන වර්ධන වේගය දිගටම තිබුනොත් පමණි නමුත් දැනට පෙනෙන විදියට පහත හේතු නිසා සිංහල ජන වර්ධන වේගය ඉහත සඳහන් ගණනයට භාවිතා කල අගයට වඩා අඩුවේ එසේම මුස්ලිම් ජන වර්ධන වේගය වැඩිවේ.
කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය යනු අදාළ රාශි දෙක රේඛීයව බැදී පවතින්නක් නොවේ. කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය රේඛීයව බැදී පවතීනම් ඉහත 3 වගුවම දීර්ග වී දිගටම සිංහල ජන අනුපාතය වැඩිවේ. චානුක වත්තේගම අපිට පෙන්වන්න ගියේ එයයි. නමුත් එසේ නොවේ ඒ බව පෙන්වීමට මම 1991 සහ 2011 යන වර්ෂවල සංඝණන දත්ත ඇසුරෙන් ලබාගත් එක් එක් ජන වර්ගවල වර්ධන වේගය දිගටම පවතීයි උපකල්පනය කරමින් ඉදිරි සංඝණන පවත්වන වර්ෂ සඳහා නිමානය කරන ලද ජනසංඛ්‍ය පහත ප්‍රස්ථාරයේ පෙන්වයි. මෙහි 2011 සඳහා සත්‍ය අගයන්ද ඉන්පසු ගණනය කල අගයන්ද වේ.
![]() |
| ශ්‍රී ලංකාවේ ජාතීන් අනුව ජනසංඛ්‍යා වර්ධනය |
දැන් බලමු මෙම වර්ධනය යටතේ ජනවර්ග වල ප්‍රතිශතය වෙනස්වන ආකාරය.
![]() |
| ශ්‍රී ලංකාවේ ජාතීන් ගේ අනාගත ප්‍රතිශතය |
කලින් මම සඳහන් කල පරිදි මෙම අනුමානය වලංගු වන්නේ පසුගිය වසර 20 පැවතුන ජන වර්ධන වේගය දිගටම තිබුනොත් පමණි නමුත් දැනට පෙනෙන විදියට පහත හේතු නිසා සිංහල ජන වර්ධන වේගය ඉහත සඳහන් ගණනයට භාවිතා කල අගයට වඩා අඩුවේ එසේම මුස්ලිම් ජන වර්ධන වේගය වැඩිවේ.
- 80 දශකයේ හදුන්වාදුන් උපත්පාලන ක්‍රම නිසා එම කාලයෙන් පසුව බිහිවූ පිරිස අඩු අගයක් ගැනීම නිසා සිංහල සමාජයේ සිටින බාල සහ තරුණ පරපුර මුස්ලිම් අයට වඩා බොහෝසෙයින් අඩුවීම නිසා අනාගත වාර්ෂික සිංහල දරු උපත් අඩුවීම
- ඉහත පෙන්වූ පරිදි සිංහල අතර මුස්ලිම් අයට වඩා වැඩි ප්‍රමාණයක් සිටින 80 දශකයට පෙර උපන් අය මිය ගිය පසු ජන විශාලව ප්‍රමාණය පහත වැටීම
- මුස්ලිම් අය බහුල විට සිංහලයන් සහ ද්‍රවිඩයන් ඒ ආගමට හැරීයාම වැඩිවීම.
- මුස්ලිම් අය බහුල වනවිට ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිංහලයන් සහ ද්‍රවිඩයන් ඝාතනය වීම සහ රට හැරයාම(මේ සිද්දි මුස්ලිම් ජන අනුපාතය 25% වැඩි රටවල දැනට සිදුවේ.)
එබැවින් ඉහත ගණනය කල කාල වලට බොහෝ කලින් මේවා සිදුවන බව සත්‍යයකි. අනිවාර්යෙන් මම 2041 න් වනවා සිංහල ජන අනුපාතය දිගටම අඩුවීමට පටන්ගැනීම බොහෝවිට එයට පෙර අපගේ ජීවිත කාලය තුල දැකගත හැකිවනු ඇත. එම නිසා එතෙක් සැපසේ නිදාගන්න. අන්අයටත් එසේ කරන්න කියන්න.
අවසාන වශයෙන් කිව යුත්තේ ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් දැරීමට නිදහස ඇත නමුත් තම මතය යනු නිවැරදි මතයම නොවන නිසා එය සමාජ ගතකිරීමට පෙර දෙවරක් සිතිය යුතුය. එම නිසා දැන හෝ නොදැන වැරදි මත සමාජ ගත කිරීම වරදකි. විශේෂයෙන්ම තම මතයට විරුද්ද අයට ගොනා මෝඩයා කීම උගතුන්ගේ වැඩක් නොවේ. එය මෝඩ ගොන් වැඩකි.
තමන් නොදන්නා අනුන් ලියන ලද රෙද්දවල් පල කිරීමට ප්‍රථම විමිසිලිමත් වන ලෙස මාතලන් ගෙන් ඉල්ලමි.
ප.ලි.
චානුක ලියන ලද ලිපිය රාවය පුවත්පතේද පලවී ඇත. ඒ ගැන මා දැනුවත්කළ නිර්නාමික සොයුරාට ස්තුතියි. මෙන්න රාවය ලිපිය.
තම දේශපාලන මතය තහවුරු කිරීම පිණිස නිසි විමර්ශනයකින් තොරව ඕනෑම කුණුගොඩක් පුවත් පත් වල පලවන බවට මෙය හොඳ උදාහරණයකි.

Wednesday, July 9, 2014
ඔබ සැමට අබ සරණයි!!! (#@#!@#! ^%$^$ @@##@$)
අබසරණයි කියන ප්‍රකාශය පසුගිය දිනවල ලොකු ආන්දෝලනයක් ඇතිකළා. සිංහලයන්ගේ සිංහල දැනුම පිළිඹඳ හෙළුව එමගින්ම ලස්සනට පේනවා. අබ කියන වචනයේ එක අර්ථයක් බුදුන් වන බව දන්නේ කීදෙනෙක්ද? අබසරණයි කියන ප්‍රකාශයේ නියම තේරුම් බුදු සරණයි කියන එකම බව දන්නේ නම් ඔය වචනය ගැන ලොකු කතාවක් යන්නේ නැහැ නේද? අපගේ භාෂා දැනුම ගැන ලජ්ජා වෙන්න ඕන.
කාටර් ශබ්ද කෝෂය අනුව අබ කියන වචනය යෙදෙන තැන්
1. අදස්න (page 24) අදසුන්, a. E. for P. අදස්සන, fr. අදර්‍ශන: invisible. අදස්න, n. mustard, අබ. අදහනවා, v. t. to believe in, trust in, worship; pret. ඇදහුවා; v. n. ඇදහීම.
2. අබ (page 49) අඵලකම, අ ඵලතාව, අ ඵලත්වය, n. unfruitfulness &c., ඵලනැතිකම &c., fallowness, පුරන් කම. අබ, n. cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of
3. අබ (page 49) n. unfruitfulness &c., ඵලනැතිකම &c., fallowness, පුරන් කම. අබ, n. cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ
4. අබ ඇටය (page 49) අබ, n. cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ කුප්පිය, n. mustard-cruet.
5. අබ ඇටය (page 49) cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ කුප්පිය, n. mustard-cruet. අබතුර. n. E. of
6. අබ කුප්පිය (page 49) අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ කුප්පිය, n. mustard-cruet. අබතුර. n. E. of අභ්‍යන්තරය: the inside, ඇතුළ. අබතුරු, n.
7. අබ පිටි (page 49) අබන්ධුර, a. unlovely, displeasing. E. S. අ බඳ, ad, continually, නිබඳ, නිතරම. අබ පිටි, n. mustard flour, ground mustard. අබ්බ, n. name of one of the hells; a number, ගණනක්.
8. අබ බෙහෙත් කඩ (page 49) පිටි, n. mustard flour, ground mustard. අබ්බ, n. name of one of the hells; a number, ගණනක්. අබ බෙහෙත් කඩ, n. mustard poultice, sinapism. අ බය, a. See අභය. අ බර, a. not heavy, light:
9. අබලුව (page 49) අබලිවෙනවා, v. i. to waste away, become feeble, බෙලහීන වෙනවා, perish, නාස්තිවෙනවා. අබ ලුව, n. lobe of mustard seed, අබපියල්ල. අබවස, n. E. of අභ්‍යවකාශ, open place, එළිමහන.
10. කටුක (page 145) කටුක, a. pungent, piquant, acrid, කුළු, කට දන; severe, painful, සැර. කටුක, n. mustard, අබ; compound of three pungent substances, viz. black pepper, long pepper and dried ginger. කටුකකම, කටුක රස, n. pungency &c. (see adj.), කුළු
11. ආසුරී (page 98) n. for ආශීවිෂයා. ආසුර, n. black salt, කළු ලුණු. ආසුරී, n. mustard, අබ. ආ සේචනය, n. (ආ on, සිච් to sprinkle), sprinkling, ඉසීම. ආ සේධය,
12. තීක්‍ෂණ•ගන්‍ධා, තීක්‍ෂණගන්‍ධිනී (page 260) n. acute person, precisian. තීක්‍ෂණ•ගන්‍ධා, තීක්‍ෂණගන්‍ධිනී, n. mustard, අබ. තීක්‍ෂණ•දෘෂ්ටි, a. lit. and fig. sharp-sighted, quick-sighted.
13. තීව්‍රා (page 261) තීත්‍රතාව, තීව්‍රය, n. sharpness &c. තීව්‍රා, n. medicinal plant, black mustard, කළු අබ; name of a river in Eastern Bengal, පද්මවති. තු, int. fie, shame.
14. පස්•මල් (page 370) වසවර්‍තතියා, අභි සංස්කාරය. See පංචමාර. පස්•මල්, n. pl. five kinds of flowers or flower-like substances, viz. හෙළ අබ, සුන්සාල්, දෑස මන්, ඊතණ, විලඳ. පස්•මස්, n. dry-ground food, viz. කුරක්කන්, which is not grown in a swamp.
15. රාජික, රාජිකා, රාජිය (page 535) n. (රාජ ආ:), royal seat, throne, සිංහාසනය. රාජික, රාජිකා, රාජිය, n. black mustard, අබ; field, පිට්ටනිය, row, range, පේළිය. රාජිත, a. (රාජ් to shine), shining, irradiated, resplendent,
16. වලයබරණය (page 568) sore throat, වණවූ උගුර inflammation of the throat, උගුර දැවිල්ල; army, යුද්ධ සේනාව. වලයබරණය, n. (•වලය අබ:), ring-ornament, viz. armlet, bangle, අත්වළල්ල වලයා, a. kind of fish. වලයිත, a. (වල
17. වැලබරණය (page 581) වැලපෙනවා, v. i. to utter lamentation, lament, wail, mourn; pret. වැලපුණා. වැලබරණය, n. (වැල් අබ:), row or string of jewels, as a necklace, bracelet &c. වැලමිට,වැලිමිට, n. elbow; pl. වැලමිටි, වැලිමිටි.
18. ශ්වේත•සර්‍ෂප (page 632) ශ්වේත•ශෝඵය, n. white swelling. ශ්වේත•සර්‍ෂප, n. white mustard, හෙළ අබ. ශ්වේත•සීස, n. white-lead, සුදු ඊයම්. ශ්වේත•හංසයා,
19. සරිෂප (page 663) සරි•ලනවා, v. t. to meet, find, receive, සම්බ වෙනවා; get, සම්බකරගන්නවා. සරිෂප, n. mustard, අබ. See ශර්‍ෂප. සරිසපයා, n. See සරිසෘපයා. සරීසෘපයා,
20. සිතසර්‍ෂප (page 679) සිතව්ව, n. confusion of mind, perplexity, සිත් වියවුල. සිතසර්‍ෂප, n. white mustard, හෙළ අබ. සිතාංකයා, n. (සිත white, අංක mark, spot), a species of fish, lacertus cincus.
21. සිදු•බිජු (page 680) සිදු•පෙණ, n. sea foam: see මුදුපෙණ. සිදු•බිජු, n. mustard seed, mustard, අබ. සිදුර, n. E. of ජීද්‍රය: hole, cavity, perforation; pl. සිදුරු.
22. හබ (page 714) v. c. of හපනවා: to cause to touch or strike against; pret. හැප්පුවා; v. n. හැප්පීම. හබ, n. mustard, අබ. හබක, n trap or snare, උගුළ; pl. හබක්. හබකරනවා, v. to dispute, quarrel,
23. අබ (page 735) අපත්‍ර, see පතුක්. අපරාජිත, see නිල්කටරොළු. අබ, mustard, Brassica juncea (Crucif.). අභය, see අරත්න and සැවැන්දරා. අභයා, see
24. අසුරී (page 736) අසිපත්‍ර, අසි•පත්‍රක, lit. sword-leaf: sugar-cane, Saccharum officinarum, උක්. අසුරී, black mustard, Sinapis nigra, see අබ. අසෝක, see අශෝක. අස්•කන්, E. of අශ්වකර්‍ණ.
25. කදම්බි, කදම්බික (page 740) a sp. of plantain. කදම්බි, කදම්බික, see කොළොම් and පොළොල්; also for mustard, Sinapis campestris, අබ. කදම්බි•පුෂ්පී, a medicinal plant, see මුඩමහණ. කදලී.
වැඩි විස්තර සඳහා මෙය බලන්න.
https://www.facebook.com/groups/SinhalaBasha/permalink/320645758101828/

Subscribe to:
Posts (Atom)