Friday, February 7, 2014

ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ (A Story Of Touch Hole)


ගොම්මන් අඳුර වැටීම සමග රතු බණ්ඩා ගෙට ගොඩවූයේ රෑට මොනවා හෝ කා හේනේ පැල් රැකීමට යාමටයි. දින කිහිපයකට උඩදී කැන්දාගෙන ආ තම හාමිනේ ගෙදර තනිකර යාමට ඔහු සිත නොදෙයි. ඇයගේ මුහුණෙන් ඉරියවු වලින්ද අකමැත්ත ප්‍රකාශ වේ.  ඔහේ රෑට පැලට යනවිට මමත් ඇන්න යන්න බැරිද? ලෙස ඇය ඇසුවේ බැරිම තැනය. තනියෙන් පැලේ සිටිනවාට වඩා හාමිනේ සමග යාමට රතු බණ්ඩා උඩින්ම කැමති වුයේ ගෙදර මවුපියන් සිටින නිසා ඇය සමග නිදහසේ ගතකිරීමට අපහසු බැවිනි.

පැලට තම හාමිනේ කැටුව ගිය රතු බණ්ඩා ගිනිමැලයක් දල්වා ගත් ඔහු තම ගිනි කඳයා සුද්ද පවිත්‍ර කර වෙඩිබෙහෙත් දමා මුනිස්ස්ම් දමා සුදානම් කර ගත්තේ තම හේන පාලුකිරීමට එන වල් සතෙකු දඩයම් කර ගැනීමටය. තමා බිරිඳ සමග පැමිණි බව දත් අසල්වැසි හේන් වල සිටින ගොවියන්ගේ විහිළු කවිවලට පිළිතුරු දීම මගහරිමින් ජීවිතය රසවිඳිමින් සිටි බැවින් හාමිනේ විඩාබරව නින්දට වැටිණි.

මැදියම් රැය පසුවී ඇති බැවින් රතු බණ්ඩාට අඩනින්දේ මෙන් සිටින විට එක වරම රැහැයි නාදය අතරින් වියලි කොළ පොඩිවෙන සද්දයක් ඇසීම සමග රතු බණ්ඩා විමසිලිමත් විය. ඔහුට දැක ගන්නට ලැබුනේ ඔහුගේ හේනට පැමිණ සිටි වල් ඌරු තඩියෙකි. හීන් සීරුවේ තම තුවක්කුව අතට ගත් රතු බණ්ඩා ඉලක්කය ගන්නා ලදී. ඔහු සතුව තිබුනේ කැප් තුවක්කුවක් නොව වෙඩිබෙහෙත් සහ මුනිස්සම් පුරවා ගිනි ඇවිලිය යුතු තුවක්කුවකි. නිදිමත විකාරයේ සිටි ඔහුට ඉලක්ක ගැනීමට පෙර තුවක්කුව පත්තු කිරීමට ගිනි පෙනෙල්ලක් අසලට ගැනීමට බැරිවිය. තමා ගිනිමැලය අසලට ගියහොත් තමා ගත් ඉලක්කය මගහැරෙන බැවින්  නිදන තම හාමිනේ කූද්දන ලදී.

රතු බණ්ඩා - (රහසින් මෙන්)මේ මේ පොඩ්ඩකට එනවාද?
හාමිනේ - මොකෑ මගේ ඇත්තෝ මේ රෑ?.
රතු බණ්ඩා - අන්න ඌරෙක් ඇවිත් මම ඌට ගිනි කඳයා මානනවා.
හාමිනේ - ඉතින්.
රතු බණ්ඩා - සද්ද නැතිව ගොහින් අතනින් ගිනි පෙනෙල්ලක් ගෙනෙන්.
(හාමිනේ හිමින් ගොස් ගිනිපෙනෙල්ලක් ගෙන ආවේය.)
හාමිනේ - ආ ගන්න.
රතු බණ්ඩා - මම ගිනි බිදින්න ගියොත් මානම වරදින්න පුළුවන්. මම හොඳට එල්ල කරලා ඉන්නේ. දැන් ඕක ඉක්මනට මේ කණේ ඔබන්න.
හාමිනේ - අනේ මට බයයි.
රතු බණ්ඩා - මොකෑ බයවෙන්නේ ඉක්මනට ඔබපිය.
හාමිනේ - අනේ මයේ දෙය්යෝ බීරි උනොත්.
රතු බණ්ඩා - මම ගිනිබිදින්න කෝඩුකාරයෙක් යැ. වෙඩි සද්දෙට කණ පැලෙන්න. මගෙන් මොනවත් නාහා ඉක්මනට ඔබපිය.
හාමිනේ - මයේ ඇත්තෝ කියන නිසා කොරන්නම්.
රතු බණ්ඩා - තවත් කියවන්නේ නැතිව ඕක ඔබාපිය. නැත්නම් උබේ අදෝනාවට අරූ වහන්වෙයි.
(හාමිනේ ගිනි පෙනෙල්ල කණේ ඔබයි.)
රතු බණ්ඩා - @#$$@@@#$%$^&$%& මගේ අම්මෝ! ඔය කණේ නොවෙයි ගෑනියේ මේ කණේ.
හාමිනේ - මට බැනලා හරියනවයි කලින් කියුවානම් නරකෙයි.
(හාමිනේ ගිනි පෙනෙල්ල අනෙක් කණේ ඔබයි.)
රතු බණ්ඩා - පට්ට @#$$ තෝ මගේ අනෙක් කණත් පිච්චුවා නෙව. @#$$@@@#$%$^&$%& මදැයි මමත් ඉඳලා ඉඳලා කැන්දන් අවේ ගොන් බඳින කණුවක්. ගෑනියේ මම ගිනිපෙනෙල්ල ඔබන්න කියුවේ මගේ කණේ නොවේ තුවක්කුවේ කණේ. මෙන්න මේ මගේ අත තියෙන තැනට ඉස්සරහා හිලේ ඔබපිය තවත් මගෙන් කුණුහරුප අහගන්නේ  නැතිව.

එවර නම් ගිනි කඳයා පත්තුවිය. නමුත් මේ කලබලය අස්සේ ඌරා දුවා ඇති බැවින් පලක් නොවීය. මෙම තුවක්කු වල ගිනි ඇවිලවීමට ඇති සිදුර(Touch hole/Flash hole) සිංහලෙන් කණ ලෙස හදුන්වන ලදී. රතු බණ්ඩා කියුවේ තුවක්කුවේ කණ ට ගිනි පෙනෙල්ල ඇතුල් කරන ලෙස වුවත් හාමිනේ තේරුම් ගත්තේ වැරදියටයි.  වැරදි කරු තුවක්කුවේ කණ නොදත් හාමිනේද? ඇය තුවක්කුවේ කණ පිළිබඳව දන්නවා ලෙස උපකල්පනයෙන් කල යුතු දේ නිවැරදිව පැහැදිලි නොකළ රතු බණ්ඩා ද? අදටත් බොහෝ වලි වලට හේතුව මෙසේ වැරදි අවබෝදය සහ සන්නිවේදන දෝෂ වේ.

තුවක්කුවේ කණ

අසමි දකිමි සොයමි බ්ලොග් එකෙහි විචාරක මහතාගේ  සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස)  ලිපිය කියවන විට මතකයට නැගුනු කුඩා කල මා අසා ඇති කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලදී.

සේයාරූ
http://www.vikingsword.com/vb/showthread.php?t=10481&highlight=matchlock
http://www.shutterstock.com/pic-53896900/stock-photo-portrait-of-young-caucasian-couple-on-gray-portrait-of-young-caucasian-couple-on-gray-girl-is.html

64 comments:

  1. කතාව අනෙක් කනේ ඔබපු තැනින් නැවත්තුවනම් පට්ට.. ඒත් රහම රහයි..

    ReplyDelete
    Replies
    1. එහෙම කලොත් ලස්සනයි. පස්සේ එහෙම කතාවක් ලියනවා. ලිවීමට ආධුනික මට උපදෙස් බොහෝ වටිනවා.

      Delete
    2. මටත් හිතුනෙ ඒක.

      Delete
  2. අහපු කතාවක් නං තමයි.
    ඒත් ලෙසටම කරල.ජය වේවා!
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. දැන් බලන විට බොහෝ දෙනෙක් කලින් අහලා වගේ. පැමිණීම ගැන ස්තුතියි. නැවත එන්න.

      Delete
  3. සූටිකාලෙ කියෝපු ගමරාළගෙ කතා පොතක තිවුනා ඔහොම කතාවක්. ලියැවිල්ල රහයි යාලු.

    ReplyDelete
    Replies
    1. මම ලියපු එක නම් පොඩි උන්ගේ කථා පොතකට හරියන්නේ නැහැ. මේක වැඩිහිටි වර්ෂන් එක.

      Delete
  4. සම්පූර්ණ කතාව කිසිම අඩුවක් නැතුව ලියලා තියනවා. රසය උපරිමයි. තුවක්කු කණ කියලා කිව්වානම් අර මෝඩ ගමයාගේ කන්දෙක ඉතුරු වෙනවනේ.

    ඒකයැ වැඩේ. ඊයේ පෙරේදා සිරිපාල කොල්ලට හරි වැඩක් උනානේ. මුගේ ජරා පුරුද්දක් තියනවනේ නිතරම ඇඟිල්ල කටේ දාගෙන උරණ එක. ඉතින් උගේ අම්මා ඌට ගහනවා හැමදාම ඔය ජරා පුරුද්ද නවත්තපිය කියලා. ඔන්න ඉතින් ඊයේ පෙරේදා දවසක මහ රෑ මූට ඇහැරුනා චූ බර හැදිලා. මේකා ඇඟිල්ලත් කටේ ගහගෙන චූ කරන්න යනගමන් නිකමට අම්මයි තාත්තයි ඉන්න කාමරේ යතුරු හිලෙන් බලලා. ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඇඟිල්ල කටේ තියාගෙනම මූ තනියම කියා කියා යනවලු 'හුහ්.....මම ඇඟිය්ය කචේ ගැහුවොච් චමා අම්මච්ච් චජ වෙඤ්ෙඤ්'

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක මහතා.
      පොඩි එකා ට විතරයි ඔක්කොම නීති. ඌට ඇඟිල්ල කටේ දාන්නත් තහනම්. අපේ අල්ලපු ගෙදර පොඩි එකාගේ අතේ රෙදි බැඳලා තියෙන්නේ ඇඟිලි කටේ දානවට.

      Delete
  5. මරු කතාව.....නියමෙට ලියලා තියෙනවා....මේක කියවනකොට මට මතක් උනේ තංගච්චි කතාව....මෙතනින් බලන්න

    ReplyDelete
    Replies
    1. පැමිණ ඇගයීම ගැන ස්තුතියි යටලියන්නා. තංගච්චි කතාව නියමයි.

      Delete
  6. පරණ කතාව අයෙත් අලුතෙන් ඇහුවා. ඒකනෙමෙයි. කනේ ගිනි පෙනෙල්ල එබුවම ගොළු වෙන්නේ කොහොමැයි. "හාමිනේ - අනේ මයේ දෙය්යෝ ගොළු උනොත්." මේක වැරදිමක්ද?

    ReplyDelete
    Replies
    1. මළ පැනලා බනිනවටත් ගොලු වෙනවා . ගොලු ගන්නවා කියලා කියනවා

      Delete
    2. //මම ගිනිබිදින්න කෝඩුකාරයෙක් යැ. වෙඩි සද්දෙට කණ පැලෙන්න.// කියලත් තියන නිසා 'බීරි වුනොත්' කියල නේද එන්න ඕනෙ..

      Delete
    3. වැරැද්ද පෙන්වූවාට ස්තුතියි චාමින්ද සහ චන්දන. ගොළු කියලා මම වැරදියට ලියලා තියෙන්නේ එතනට ගැලපෙන වචනය බීරි කියන එක. මම වරද හැදුවා.

      අටම් ගොළු කියන වචනේ නොදන්නා තේරුම් පෙන්වූවාට ස්තුතියි. ඔබ ගැමි වහර හොඳට දන්න කෙනෙක්.

      Delete
    4. not ගොළු - ගෝළු

      Delete
  7. දන්න කථාවක් ඒත් මතකය අළුත් වුනා. ජය!!

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ජන කථා බොහෝ ඇති. මතක ඒවා ලියලා දාන්න. නැත්නම් තව කලකින් මේවා හොයන්න නැති වෙයි. ජය වේවා.

      Delete
  8. මේ කතාව මම අහලා තිබුනේ නෑ.. මරු..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්. තව ඒවා මතක් වුනහම ලියන්නම්.

      Delete
  9. ලෙසටම ලියල මකසි.
    මම අහල තිබුනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අය්යා බොහොම ස්තුතියි.

      Delete
  10. ලෙසටම ලියලා ඇත.... ගෑනිට "ක" යන්න "ත" යන්න වගේ ඇහුනා නම තමයි කෙලිය වෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන්. එහෙම ඇහුනා නම් වෙන කතාවක්.

      Delete
  11. පිස්සු හැදෙනවා. ඇත්තට එකම වචනෙ මොන මොන අතර හරවන්න පුළුවන්ද? අර ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියපු කතාව වගේ.

    ReplyDelete
    Replies
    1. එකම වචනේ වෙනස් තේරුම් ඇති නිසා බොහෝ පැතිවලට හරවන්න පුළුවන්. නීති ය එකක් වැඩ වලදී වචන ගැන හොඳට හිතන්න ඕන. බොහොම ස්තුතියි චතුරංග

      Delete
  12. අගේ ඇති කතාවක්. ඔහොම ලස්සන ගැමි කතා බොහොමයක් තියනව නේද.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන. ලස්සන ගැමිකතා වලින් ගතයුතු දේ බොහෝ ඇත.

      Delete
  13. පරණ කතාවක් උනත් කියවල් රස වින්ද. විචාරකගෙ කමෙන්ට් එක ඊට වඩා වින්ද. දෙන්නටම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉන්දික. පරණ උනත් කථා රසයි නොවැ.

      Delete
  14. එල කතාව - ගමයගේ කණ් දෙක මැවිලා පේනවා..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි විදානේ. ජය වේවා.

      Delete
  15. මේ කතාව කියවන විට මට සිතට නැගුනෙ මම මුලින්ම මේ කතාව කියවන කොට නැගුන චිත්ත රූපයමයි.විජය පත්තරේ චිත්‍රකතාවෙ රූප තමයි මතක් වුනේ.මේ කතාව සැබෑම සිද්ධියක් වෙන්න ඇති.නමුත් ඒ හරහා ජනකතාකරු ගොඩ නැගූ කතාව අපූරුයි.ඊටත් වඩා බ්ලොග්කතා කරු කතාව ගොඩ නගන හැටි ඊටත් අපූරුයි

    ReplyDelete
    Replies
    1. බොහෝ විට සැබෑ සිද්දියක් යම් දුරකට පාදක වෙන්න ඇති කතාවට. බොහොම ස්තුතියි යකා.

      Delete
  16. භාෂා භාවිතය නිවැරදිව දැන කළ යුත්තක්... නැත්තං මේ වගේ අලකලංචි සිදුවීමට ඉඩ තියෙනව..
    ඒ ඒ ක්ෂේත්‍රයට අදාල ව්‍යවහාර යෙදුම් නිවැරදිව දැන සිටීම එවන් විශේෂ වූ ක්ෂේත්‍රයක නිපුණයෙක් වීමට හොද අවස්තාවක්.
    මොනා වුණත් ගමරාළ හාමිනේට නිවැරදි ලෙස අදාල කර්තව්‍ය ඉෂ්ට සිද්ද කිරීමට පැහැදිලි කරා නම් ඔහුට මෙවන් අලකලංචියක් සිදුවන්නේ නැහැ නොවැ

    ReplyDelete
    Replies
    1. කියන කෙනා හරියට කියන්නත් ඕන අසන කෙනා හරියට තුරුම් ගන්නත් ඕන නැත්නම් ප්‍රශ්න. බොහොම ස්තුතියි මහේෂ්.

      Delete
  17. හි හි නියමයි ,,කලින් අහලා තිබ්බට ඔයා ලියලා තියෙන විදිය ශෝක්..

    ReplyDelete
    Replies
    1. මම වැඩිහිටි වර්ෂන් එකක් නේ පලකලේ. බොහොම ස්තුතියි ඔබට.

      Delete
  18. හොඳ වෙලාවම මිනිහෙකුට කන් දෙකක් විතරක් තිබුනේ. ඇයි මහා කලු සිංහලයා උඹ දන්නවද එක පොරක් කන් දෙකටම ප්ලාස්ටර් අලවගෙනෙ ඉන්නවා දැකලා යාලුවෙක් ඇහුවලු, 'මොකෝ බං උනේ?' කියලා.
    'මම අයන් කර කර ඉන්නකොට ෆෝන් එක රිං වුනානේ බං.'
    යාලුවා මේකට හිනාවෙලා හිනාවෙලා ආයෙම ඇහුවලු.
    'ඉතින් ඒ එක කනක්නේ. අනිත් කනට මොකෝ වුනේ?'
    'ඒ පරයා ආයෙම කතා කරානේ බං.'
    (තව වර්ෂන් එකක මූ 911 කතා කරලා)

    ReplyDelete
    Replies
    1. එකත් මාරු කතාව ඒක මම අහලා නැහැ. ඔබට ජය.

      Delete
  19. කලින් අහළ තිබ්බත් ඔබ කතාව රසකරල ලියල තියෙනව,බාසාවෙන් මොන මොන දේවල් කරන්න පුලුවන්ද හැබෑට.

    ReplyDelete
    Replies
    1. හැමදේටම වෙන වෙන වචන නැතිව එකම වචනෙට තේරුම් දෙකක් තියන එකේ රසයකුත් තියෙනවා නේද? බාසාව හරියට ඉගෙන ගන්න බැරිවීම ගැන මට දුකයි. බොහොම ස්තුතියි හැලප අය්යා.

      Delete
  20. Meka dakala edi aminta lankawe baduwak earphone gahilla purudu karapu aka mathak una ....lol

    ReplyDelete
    Replies
    1. එකත් හොඳ කතාව. මට මතක නැහැ ඒක තිබුණු බ්ලොග් එක. ඕවා කියන්න නිර්නාමික වෙන්න ඕනද?

      Delete
    2. http://raj1st.blogspot.com/2013/11/21.html

      Delete
    3. ආ ඒක රාජ් ගේ කතාවක් නේ. දැන් තමයි මතක් වුනේ.

      Delete
  21. උබ කණ ගැන ලිව්වා නිසා වෙන එවුන් දෙතුන් දෙනෙක්ම ක වෙනුවට ත දාගෙන කතා ලියලා බ්ලොග් ලෝකේ විනාස කොරලා

    ReplyDelete
    Replies
    1. ගැමි ජන කථා කිහිපයක් මේ සතියේ නැගලා ගියා. වෙන ඒවා දාලත් ලියයි ද දන්නේ නැහැ.

      Delete
  22. මකසියෝ.......මම නම් මේ කතාව අහලා තිබුනේ නැහැ. රසවත්ව ලියා තිබෙනවා. මෙවැනි කතා බොහොමයක් මම දැණ ගත්තේ බ්ලොග් හරහා. දිගටම ලියහන් මකසියෝ.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු මතක්වුන ඒවා ලියන්න. ලියන්න කලින් හොයන්න ඕන කලින් පලවෙලාද කියලා. නැත්නම් යටලියන්නාට සහ මාතලන්ට වුන වැඩේ වෙයි. දෙන්නම එකම දවසේ එකම කතාව ලියලා එක එක කලින් දුකා ලියලා

      Delete
  23. මොනව වුනත් වල් ඌර වාසනාවන්තය..

    ReplyDelete
    Replies
    1. ඌරා ගේ වාසනාව තමයි උමේෂ්.

      Delete
  24. දන්නෙ නැද්ද අර ඌරට වෙඩි තියන්න වෙඩි බෙහෙත් කොටපු කතාව

    ReplyDelete
  25. ඌරට ඕක අහගෙන ඉදල මොනව හිතුනද දන්නෙ නෑ නේද?? ඇඩෙනව....

    ReplyDelete
    Replies
    1. මුන් වගේ ඌරො කියලා හිතෙන්න ඇති

      Delete
  26. කතාව අහලා තිබුණා ..එත් එල ඈ

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි සහෝ මේක මම හිතුවට වඩා පිරිසක් මුලින් අහලා තියෙනවා

      Delete
  27. ඌරා නම් ඇත්තටම වාසනාවන්තයි..!
    කතාව බොහොම ලස්සන ශෛලියකින් ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත.
      ස්තුතියි

      Delete
  28. ලියල තියෙනව ලෙසටම හොඳේ...

    කලින් අහල තියෙනව වගේ මතකයි. ඒත් පට්ට

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි ධනා මේක මම හිතුවට වඩා පිරිසක් මුලින් අහලා තියෙනවා

      Delete
  29. සුපිරි ලිවිල්ල සහෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආචාර්ය තුමනි

      Delete