ගොම්මන් අඳුර වැටීම සමග රතු බණ්ඩා ගෙට ගොඩවූයේ රෑට මොනවා හෝ කා හේනේ පැල් රැකීමට යාමටයි. දින කිහිපයකට උඩදී කැන්දාගෙන ආ තම හාමිනේ ගෙදර තනිකර යාමට ඔහු සිත නොදෙයි. ඇයගේ මුහුණෙන් ඉරියවු වලින්ද අකමැත්ත ප්‍රකාශ වේ. ඔහේ රෑට පැලට යනවිට මමත් ඇන්න යන්න බැරිද? ලෙස ඇය ඇසුවේ බැරිම තැනය. තනියෙන් පැලේ සිටිනවාට වඩා හාමිනේ සමග යාමට රතු බණ්ඩා උඩින්ම කැමති වුයේ ගෙදර මවුපියන් සිටින නිසා ඇය සමග නිදහසේ ගතකිරීමට අපහසු බැවිනි.
පැලට තම හාමිනේ කැටුව ගිය රතු බණ්ඩා ගිනිමැලයක් දල්වා ගත් ඔහු තම ගිනි කඳයා සුද්ද පවිත්‍ර කර වෙඩිබෙහෙත් දමා මුනිස්ස්ම් දමා සුදානම් කර ගත්තේ තම හේන පාලුකිරීමට එන වල් සතෙකු දඩයම් කර ගැනීමටය. තමා බිරිඳ සමග පැමිණි බව දත් අසල්වැසි හේන් වල සිටින ගොවියන්ගේ විහිළු කවිවලට පිළිතුරු දීම මගහරිමින් ජීවිතය රසවිඳිමින් සිටි බැවින් හාමිනේ විඩාබරව නින්දට වැටිණි.
මැදියම් රැය පසුවී ඇති බැවින් රතු බණ්ඩාට අඩනින්දේ මෙන් සිටින විට එක වරම රැහැයි නාදය අතරින් වියලි කොළ පොඩිවෙන සද්දයක් ඇසීම සමග රතු බණ්ඩා විමසිලිමත් විය. ඔහුට දැක ගන්නට ලැබුනේ ඔහුගේ හේනට පැමිණ සිටි වල් ඌරු තඩියෙකි. හීන් සීරුවේ තම තුවක්කුව අතට ගත් රතු බණ්ඩා ඉලක්කය ගන්නා ලදී. ඔහු සතුව තිබුනේ කැප් තුවක්කුවක් නොව වෙඩිබෙහෙත් සහ මුනිස්සම් පුරවා ගිනි ඇවිලිය යුතු තුවක්කුවකි. නිදිමත විකාරයේ සිටි ඔහුට ඉලක්ක ගැනීමට පෙර තුවක්කුව පත්තු කිරීමට ගිනි පෙනෙල්ලක් අසලට ගැනීමට බැරිවිය. තමා ගිනිමැලය අසලට ගියහොත් තමා ගත් ඉලක්කය මගහැරෙන බැවින් නිදන තම හාමිනේ කූද්දන ලදී.
රතු බණ්ඩා - (රහසින් මෙන්)මේ මේ පොඩ්ඩකට එනවාද?
හාමිනේ - මොකෑ මගේ ඇත්තෝ මේ රෑ?.
රතු බණ්ඩා - අන්න ඌරෙක් ඇවිත් මම ඌට ගිනි කඳයා මානනවා.
හාමිනේ - ඉතින්.
රතු බණ්ඩා - සද්ද නැතිව ගොහින් අතනින් ගිනි පෙනෙල්ලක් ගෙනෙන්.
(හාමිනේ හිමින් ගොස් ගිනිපෙනෙල්ලක් ගෙන ආවේය.)
හාමිනේ - ආ ගන්න.
රතු බණ්ඩා - මම ගිනි බිදින්න ගියොත් මානම වරදින්න පුළුවන්. මම හොඳට එල්ල කරලා ඉන්නේ. දැන් ඕක ඉක්මනට මේ කණේ ඔබන්න.
හාමිනේ - අනේ මට බයයි.
රතු බණ්ඩා - මොකෑ බයවෙන්නේ ඉක්මනට ඔබපිය.
හාමිනේ - අනේ මයේ දෙය්යෝ බීරි උනොත්.
රතු බණ්ඩා - මම ගිනිබිදින්න කෝඩුකාරයෙක් යැ. වෙඩි සද්දෙට කණ පැලෙන්න. මගෙන් මොනවත් නාහා ඉක්මනට ඔබපිය.
හාමිනේ - මයේ ඇත්තෝ කියන නිසා කොරන්නම්.
රතු බණ්ඩා - තවත් කියවන්නේ නැතිව ඕක ඔබාපිය. නැත්නම් උබේ අදෝනාවට අරූ වහන්වෙයි.
(හාමිනේ ගිනි පෙනෙල්ල කණේ ඔබයි.)
රතු බණ්ඩා - @#$$@@@#$%$^&$%& මගේ අම්මෝ! ඔය කණේ නොවෙයි ගෑනියේ මේ කණේ.
හාමිනේ - මට බැනලා හරියනවයි කලින් කියුවානම් නරකෙයි.
(හාමිනේ ගිනි පෙනෙල්ල අනෙක් කණේ ඔබයි.)
රතු බණ්ඩා - පට්ට @#$$ තෝ මගේ අනෙක් කණත් පිච්චුවා නෙව. @#$$@@@#$%$^&$%& මදැයි මමත් ඉඳලා ඉඳලා කැන්දන් අවේ ගොන් බඳින කණුවක්. ගෑනියේ මම ගිනිපෙනෙල්ල ඔබන්න කියුවේ මගේ කණේ නොවේ තුවක්කුවේ කණේ. මෙන්න මේ මගේ අත තියෙන තැනට ඉස්සරහා හිලේ ඔබපිය තවත් මගෙන් කුණුහරුප අහගන්නේ නැතිව.
එවර නම් ගිනි කඳයා පත්තුවිය. නමුත් මේ කලබලය අස්සේ ඌරා දුවා ඇති බැවින් පලක් නොවීය. මෙම තුවක්කු වල ගිනි ඇවිලවීමට ඇති සිදුර(Touch hole/Flash hole) සිංහලෙන් කණ ලෙස හදුන්වන ලදී. රතු බණ්ඩා කියුවේ තුවක්කුවේ කණ ට ගිනි පෙනෙල්ල ඇතුල් කරන ලෙස වුවත් හාමිනේ තේරුම් ගත්තේ වැරදියටයි. වැරදි කරු තුවක්කුවේ කණ නොදත් හාමිනේද? ඇය තුවක්කුවේ කණ පිළිබඳව දන්නවා ලෙස උපකල්පනයෙන් කල යුතු දේ නිවැරදිව පැහැදිලි නොකළ රතු බණ්ඩා ද? අදටත් බොහෝ වලි වලට හේතුව මෙසේ වැරදි අවබෝදය සහ සන්නිවේදන දෝෂ වේ.
තුවක්කුවේ කණ |
අසමි දකිමි සොයමි බ්ලොග් එකෙහි විචාරක මහතාගේ සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස) ලිපිය කියවන විට මතකයට නැගුනු කුඩා කල මා අසා ඇති කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලදී.
සේයාරූ
http://www.vikingsword.com/vb/showthread.php?t=10481&highlight=matchlock
http://www.shutterstock.com/pic-53896900/stock-photo-portrait-of-young-caucasian-couple-on-gray-portrait-of-young-caucasian-couple-on-gray-girl-is.html
කතාව අනෙක් කනේ ඔබපු තැනින් නැවත්තුවනම් පට්ට.. ඒත් රහම රහයි..
ReplyDeleteඑහෙම කලොත් ලස්සනයි. පස්සේ එහෙම කතාවක් ලියනවා. ලිවීමට ආධුනික මට උපදෙස් බොහෝ වටිනවා.
Deleteමටත් හිතුනෙ ඒක.
Deleteඅහපු කතාවක් නං තමයි.
ReplyDeleteඒත් ලෙසටම කරල.ජය වේවා!
දුලාගේ අඩවිය ලියන දුලා
දැන් බලන විට බොහෝ දෙනෙක් කලින් අහලා වගේ. පැමිණීම ගැන ස්තුතියි. නැවත එන්න.
Deleteසූටිකාලෙ කියෝපු ගමරාළගෙ කතා පොතක තිවුනා ඔහොම කතාවක්. ලියැවිල්ල රහයි යාලු.
ReplyDeleteමම ලියපු එක නම් පොඩි උන්ගේ කථා පොතකට හරියන්නේ නැහැ. මේක වැඩිහිටි වර්ෂන් එක.
Deleteසම්පූර්ණ කතාව කිසිම අඩුවක් නැතුව ලියලා තියනවා. රසය උපරිමයි. තුවක්කු කණ කියලා කිව්වානම් අර මෝඩ ගමයාගේ කන්දෙක ඉතුරු වෙනවනේ.
ReplyDeleteඒකයැ වැඩේ. ඊයේ පෙරේදා සිරිපාල කොල්ලට හරි වැඩක් උනානේ. මුගේ ජරා පුරුද්දක් තියනවනේ නිතරම ඇඟිල්ල කටේ දාගෙන උරණ එක. ඉතින් උගේ අම්මා ඌට ගහනවා හැමදාම ඔය ජරා පුරුද්ද නවත්තපිය කියලා. ඔන්න ඉතින් ඊයේ පෙරේදා දවසක මහ රෑ මූට ඇහැරුනා චූ බර හැදිලා. මේකා ඇඟිල්ලත් කටේ ගහගෙන චූ කරන්න යනගමන් නිකමට අම්මයි තාත්තයි ඉන්න කාමරේ යතුරු හිලෙන් බලලා. ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඇඟිල්ල කටේ තියාගෙනම මූ තනියම කියා කියා යනවලු 'හුහ්.....මම ඇඟිය්ය කචේ ගැහුවොච් චමා අම්මච්ච් චජ වෙඤ්ෙඤ්'
ස්තුතියි විචාරක මහතා.
Deleteපොඩි එකා ට විතරයි ඔක්කොම නීති. ඌට ඇඟිල්ල කටේ දාන්නත් තහනම්. අපේ අල්ලපු ගෙදර පොඩි එකාගේ අතේ රෙදි බැඳලා තියෙන්නේ ඇඟිලි කටේ දානවට.
මරු කතාව.....නියමෙට ලියලා තියෙනවා....මේක කියවනකොට මට මතක් උනේ තංගච්චි කතාව....මෙතනින් බලන්න
ReplyDeleteපැමිණ ඇගයීම ගැන ස්තුතියි යටලියන්නා. තංගච්චි කතාව නියමයි.
Deleteපරණ කතාව අයෙත් අලුතෙන් ඇහුවා. ඒකනෙමෙයි. කනේ ගිනි පෙනෙල්ල එබුවම ගොළු වෙන්නේ කොහොමැයි. "හාමිනේ - අනේ මයේ දෙය්යෝ ගොළු උනොත්." මේක වැරදිමක්ද?
ReplyDeleteමළ පැනලා බනිනවටත් ගොලු වෙනවා . ගොලු ගන්නවා කියලා කියනවා
Delete//මම ගිනිබිදින්න කෝඩුකාරයෙක් යැ. වෙඩි සද්දෙට කණ පැලෙන්න.// කියලත් තියන නිසා 'බීරි වුනොත්' කියල නේද එන්න ඕනෙ..
Deleteවැරැද්ද පෙන්වූවාට ස්තුතියි චාමින්ද සහ චන්දන. ගොළු කියලා මම වැරදියට ලියලා තියෙන්නේ එතනට ගැලපෙන වචනය බීරි කියන එක. මම වරද හැදුවා.
Deleteඅටම් ගොළු කියන වචනේ නොදන්නා තේරුම් පෙන්වූවාට ස්තුතියි. ඔබ ගැමි වහර හොඳට දන්න කෙනෙක්.
not ගොළු - ගෝළු
Deleteදන්න කථාවක් ඒත් මතකය අළුත් වුනා. ජය!!
ReplyDeleteඔය වගේ ජන කථා බොහෝ ඇති. මතක ඒවා ලියලා දාන්න. නැත්නම් තව කලකින් මේවා හොයන්න නැති වෙයි. ජය වේවා.
Deleteමේ කතාව මම අහලා තිබුනේ නෑ.. මරු..
ReplyDeleteබොහොම ස්තුතියි දිනේෂ්. තව ඒවා මතක් වුනහම ලියන්නම්.
Deleteලෙසටම ලියල මකසි.
ReplyDeleteමම අහල තිබුනෙ නැහැ.
කෙන්ජි අය්යා බොහොම ස්තුතියි.
Deleteලෙසටම ලියලා ඇත.... ගෑනිට "ක" යන්න "ත" යන්න වගේ ඇහුනා නම තමයි කෙලිය වෙන්නේ
ReplyDeleteබොහොම ස්තුතියි ඉවාන්. එහෙම ඇහුනා නම් වෙන කතාවක්.
Deleteපිස්සු හැදෙනවා. ඇත්තට එකම වචනෙ මොන මොන අතර හරවන්න පුළුවන්ද? අර ගොයම් කොලේට මුවා වෙලා වෙඩි තියපු කතාව වගේ.
ReplyDeleteඑකම වචනේ වෙනස් තේරුම් ඇති නිසා බොහෝ පැතිවලට හරවන්න පුළුවන්. නීති ය එකක් වැඩ වලදී වචන ගැන හොඳට හිතන්න ඕන. බොහොම ස්තුතියි චතුරංග
Deleteඅගේ ඇති කතාවක්. ඔහොම ලස්සන ගැමි කතා බොහොමයක් තියනව නේද.. :)
ReplyDeleteබොහොම ස්තුතියි චන්දන. ලස්සන ගැමිකතා වලින් ගතයුතු දේ බොහෝ ඇත.
Deleteපරණ කතාවක් උනත් කියවල් රස වින්ද. විචාරකගෙ කමෙන්ට් එක ඊට වඩා වින්ද. දෙන්නටම ස්තූතියි!
ReplyDeleteබොහොම ස්තුතියි ඉන්දික. පරණ උනත් කථා රසයි නොවැ.
Deleteඑල කතාව - ගමයගේ කණ් දෙක මැවිලා පේනවා..
ReplyDeleteජය වේවා!!!
බොහොම ස්තුත්යි විදානේ. ජය වේවා.
Deleteමේ කතාව කියවන විට මට සිතට නැගුනෙ මම මුලින්ම මේ කතාව කියවන කොට නැගුන චිත්ත රූපයමයි.විජය පත්තරේ චිත්‍රකතාවෙ රූප තමයි මතක් වුනේ.මේ කතාව සැබෑම සිද්ධියක් වෙන්න ඇති.නමුත් ඒ හරහා ජනකතාකරු ගොඩ නැගූ කතාව අපූරුයි.ඊටත් වඩා බ්ලොග්කතා කරු කතාව ගොඩ නගන හැටි ඊටත් අපූරුයි
ReplyDeleteබොහෝ විට සැබෑ සිද්දියක් යම් දුරකට පාදක වෙන්න ඇති කතාවට. බොහොම ස්තුතියි යකා.
Deleteභාෂා භාවිතය නිවැරදිව දැන කළ යුත්තක්... නැත්තං මේ වගේ අලකලංචි සිදුවීමට ඉඩ තියෙනව..
ReplyDeleteඒ ඒ ක්ෂේත්‍රයට අදාල ව්‍යවහාර යෙදුම් නිවැරදිව දැන සිටීම එවන් විශේෂ වූ ක්ෂේත්‍රයක නිපුණයෙක් වීමට හොද අවස්තාවක්.
මොනා වුණත් ගමරාළ හාමිනේට නිවැරදි ලෙස අදාල කර්තව්‍ය ඉෂ්ට සිද්ද කිරීමට පැහැදිලි කරා නම් ඔහුට මෙවන් අලකලංචියක් සිදුවන්නේ නැහැ නොවැ
කියන කෙනා හරියට කියන්නත් ඕන අසන කෙනා හරියට තුරුම් ගන්නත් ඕන නැත්නම් ප්‍රශ්න. බොහොම ස්තුතියි මහේෂ්.
Deleteහි හි නියමයි ,,කලින් අහලා තිබ්බට ඔයා ලියලා තියෙන විදිය ශෝක්..
ReplyDeleteමම වැඩිහිටි වර්ෂන් එකක් නේ පලකලේ. බොහොම ස්තුතියි ඔබට.
Deleteහොඳ වෙලාවම මිනිහෙකුට කන් දෙකක් විතරක් තිබුනේ. ඇයි මහා කලු සිංහලයා උඹ දන්නවද එක පොරක් කන් දෙකටම ප්ලාස්ටර් අලවගෙනෙ ඉන්නවා දැකලා යාලුවෙක් ඇහුවලු, 'මොකෝ බං උනේ?' කියලා.
ReplyDelete'මම අයන් කර කර ඉන්නකොට ෆෝන් එක රිං වුනානේ බං.'
යාලුවා මේකට හිනාවෙලා හිනාවෙලා ආයෙම ඇහුවලු.
'ඉතින් ඒ එක කනක්නේ. අනිත් කනට මොකෝ වුනේ?'
'ඒ පරයා ආයෙම කතා කරානේ බං.'
(තව වර්ෂන් එකක මූ 911 කතා කරලා)
එකත් මාරු කතාව ඒක මම අහලා නැහැ. ඔබට ජය.
Deleteකලින් අහළ තිබ්බත් ඔබ කතාව රසකරල ලියල තියෙනව,බාසාවෙන් මොන මොන දේවල් කරන්න පුලුවන්ද හැබෑට.
ReplyDeleteහැමදේටම වෙන වෙන වචන නැතිව එකම වචනෙට තේරුම් දෙකක් තියන එකේ රසයකුත් තියෙනවා නේද? බාසාව හරියට ඉගෙන ගන්න බැරිවීම ගැන මට දුකයි. බොහොම ස්තුතියි හැලප අය්යා.
DeleteMeka dakala edi aminta lankawe baduwak earphone gahilla purudu karapu aka mathak una ....lol
ReplyDeleteඑකත් හොඳ කතාව. මට මතක නැහැ ඒක තිබුණු බ්ලොග් එක. ඕවා කියන්න නිර්නාමික වෙන්න ඕනද?
Deletehttp://raj1st.blogspot.com/2013/11/21.html
Deleteආ ඒක රාජ් ගේ කතාවක් නේ. දැන් තමයි මතක් වුනේ.
Deleteඋබ කණ ගැන ලිව්වා නිසා වෙන එවුන් දෙතුන් දෙනෙක්ම ක වෙනුවට ත දාගෙන කතා ලියලා බ්ලොග් ලෝකේ විනාස කොරලා
ReplyDeleteගැමි ජන කථා කිහිපයක් මේ සතියේ නැගලා ගියා. වෙන ඒවා දාලත් ලියයි ද දන්නේ නැහැ.
Deleteමකසියෝ.......මම නම් මේ කතාව අහලා තිබුනේ නැහැ. රසවත්ව ලියා තිබෙනවා. මෙවැනි කතා බොහොමයක් මම දැණ ගත්තේ බ්ලොග් හරහා. දිගටම ලියහන් මකසියෝ.
ReplyDeleteබලමු බලමු මතක්වුන ඒවා ලියන්න. ලියන්න කලින් හොයන්න ඕන කලින් පලවෙලාද කියලා. නැත්නම් යටලියන්නාට සහ මාතලන්ට වුන වැඩේ වෙයි. දෙන්නම එකම දවසේ එකම කතාව ලියලා එක එක කලින් දුකා ලියලා
Deleteමොනව වුනත් වල් ඌර වාසනාවන්තය..
ReplyDeleteඌරා ගේ වාසනාව තමයි උමේෂ්.
Deleteදන්නෙ නැද්ද අර ඌරට වෙඩි තියන්න වෙඩි බෙහෙත් කොටපු කතාව
ReplyDeleteඒ මොකක්ද?
Deleteඌරට ඕක අහගෙන ඉදල මොනව හිතුනද දන්නෙ නෑ නේද?? ඇඩෙනව....
ReplyDeleteමුන් වගේ ඌරො කියලා හිතෙන්න ඇති
Deleteකතාව අහලා තිබුණා ..එත් එල ඈ
ReplyDeleteස්තුත්යි සහෝ මේක මම හිතුවට වඩා පිරිසක් මුලින් අහලා තියෙනවා
Deleteඌරා නම් ඇත්තටම වාසනාවන්තයි..!
ReplyDeleteකතාව බොහොම ලස්සන ශෛලියකින් ලියලා තියෙනවා..
එකනම් ඇත්ත.
Deleteස්තුතියි
ලියල තියෙනව ලෙසටම හොඳේ...
ReplyDeleteකලින් අහල තියෙනව වගේ මතකයි. ඒත් පට්ට
ස්තුත්යි ධනා මේක මම හිතුවට වඩා පිරිසක් මුලින් අහලා තියෙනවා
Deleteසුපිරි ලිවිල්ල සහෝ
ReplyDeleteබොහොම ස්තුතියි ආචාර්ය තුමනි
Delete