Thursday, January 9, 2014

වැරදිකරු ගුරුවරයාද?(Who is Haim Ginott)

Concentration camps

මෙම ලිපිය ලිවීමට පාදක වුයේ මෙයට වසර 13 කට පෙර මම උසස් පෙළ ලියනලද වසරේ මාගේ සංයුක්ත ගණිත උපකාරක පන්ති ගුරුවරයා වූ ජනක අබේවර්ධන මහතා දුන් නිබන්දනයක කවරයේ තිබුණු නිසදැසකි. එය මගේ හිතට හොඳටම අවශෝෂණය විය. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ද දෙයක් වන අතර සිංහල පරිවර්තනයකි. එහි පරිවර්තක කවුද කියා මා නොදන්නා අතර එම පරිවර්තනයද දැනට මා සතු නොවේ.  ළඟදී එය අහබු ලෙස මට මතක් විය. අන්තර්ජාලය පීරා සෙවුව මුත් සිංහල පරිවර්තනයක් හමු නොවීය. එබැවින් එහි ඇතැයි සැක කරන ලද ඉංග්‍රීසි වචන යොදා සොයන ලදී. මට එය හමුවිය. එය ගුරුවරයෙක් මෙන්ම ළමා මනෝවිද්‍යාඥයෙක් වන ආචාර්ය හයිම් ගිනොට්(Haim Ginott)  විසින් ලියන ලද නිසදැසකි. එය ඔබ අතට පත් කිරීමට මම එය පරිවර්තනය කරන ලදීමි.

දයාබර ගුරුවරුනි.
මම රැඳවුම් කඳවුරක සිට දිවිගලවා ගත්තෙක්මි. කිසිවෙක් නොදැකිය යුතු බොහෝ දේ මම දැක ඇත.
දැනුමැති ඉංජිනේරුවන් සාදන ලද ගෑස් කාමර.
උගත් වෛද්‍යවරු විසින් වසදුන්  ළමයින්.
පුහුණු හෙදියන් විසින් මරණ ලද ළදරුවන්.
උසස් පාසල් සහ විශ්ව විද්‍යාල වල ඉගෙනගත් අය විසින්
මරා පුළුස්සන ලද ගැහැණු සහ ළමයින්.
මට සැකයි අධ්‍යාපන ක්‍රමය ගැන.
ගුරුවරුනි උදවු වෙන්න සිසුවන්ට මිනිසුන් වීමට.
 ඔබගේ මහන්සිය මගින් උගත් රාක්ෂයන්, දක්ෂ මනෝව්‍යාධිකයන් සහ දැනුමැති වදකයන් බිහිවීමට ඉඩ නොතබන්න.
කියවීම, ලිවීම සහ ගණිතකර්ම වැදගත් වන්නේ එමගින් අපගේ ළමයින් මිනිසුන් වන්නේ නම් පමණි.


ඊස්රායල ජාතිකයෙක් වන  ආචාර්ය හයිම් ගිනොට් 1922 උපත ලද්දෙකි. 1947 දී ප්‍රථමික පාසල් ගුරුවරයෙක් ලෙස වෘර්තීය දිවිය ආරම්භ කල ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය කර කොලොම්බියා සරසවිය මගින් 1952 දී සායනික මනෝවිද්‍යාව පිළිඹඳ ආචාර්ය උපාදිය ලබාගත්තෙකි. ළමා මානසික සංවර්ධනය පිළිඹඳ ක්‍රමවේද වල පුරෝගාමියෙක් වන ඔහුගේ ඉගැන්වීම් අද පවා භාවිතා වේ. එසේම ඔහුගේ Between Parent and Child නම් කෘතිය වර්තමානයේ පවා ඉහලින්ම අලවිවෙන කෘති අතර පවතී.

ඉංග්‍රීසි නිසදැස ද රසවිඳ බලන්න.
Dear Teachers,
I am a survivor of a concentration camp. My eyes saw what no man should witness.
Gas chambers built by learned engineers.
Children poisoned by educated physicians.
Infants killed by trained nurses.
Women & babies shot & burned by high
school & college graduates.
So I am suspicious of education.
My request is that teachers help students become human.
Your efforts must never produce learned monsters, skilled psychopaths, educated Eichmanns.
Reading, writing, and arithmetic are important only if they serve to make our children more human…..

ආශිත ලිපි
wikipedia

ඔහුගේ කෘති
goodreads

සේයාරූ
https://www.trumanlibrary.org/photographs/view.php?id=3858
https://www.goodreads.com/photo/author/212291.Haim_G_Ginott

පසුව ලියමි.
මෙම ලිපිය කියවූ හිතවතුන් කිහිප දෙනෙක්ම කමෙන්ට් වලදී මෙය රසවත්ව විවිද අයුරෙන් අනුවර්තන සහ පරිවර්තන පලකලා. එම සියලු දෙනාට විශේෂ ස්තුතිය.
-----------------------------------------------------------------------------------------------------------
මුලින්ම පරිවර්තනයක් දුන්නේ සඳුන් සෙවණ ලියන චන්දන ගුණසේකර සොයුරා. 

ගුරැවරැන් වෙත දයාබරිණී,

මිඳුනෙමිය මා වධකාගාරයකින්....
එහිදී මා දුටුදේ
ලොවෙහි කිසිවෙකුත් නොදුටුව යුතුමය.....
ඉංජිනේරැවෝ ගෑස් කුටි තැනූහ
උගත් දොස්තරැන් ළමුන්ට වස කැවූහ
පුහුණු හෙඳියන් මැරීය ළඳරැවන්
උසස් උපාධි ඇත්තෝ වෙඩි තැබුවෝය ගැහැණුන්ට හා දරැවනට
ප්‍රිය සබඳ,
ගැටළුවකි මට මේ අධ්‍යාපනය
ඔබලා කලයුත්තේ සිසුන්ගෙන් මිනිසුන් බිහිකිරීම පමනක් බැව් මගේ ඉලිලීමයි..
එම උත්සහය කිසි කළෙක
උගත් අළුගෝසුවන් බිහි නොකල මනාය...
කියැවීම , ලිවීම හා ගණිතය අප දරැ කැළ උසස් මිනිසුන් කෙරැමට පමනක්ම වැදගත් වන්නේය....

-----------------------------------------------------------------------------------------------------------
අපේ දේශක මහතාගේ සංස්කරණය නොකළ අනුවර්තනය මෙන්න.
මේකයි මගේ කතාව
පුළුවන් නං තේරුං ගන්න

මං බේරුනෙ අනු නමයෙන් මහ බයානකම වදකාගාරයෙන්
මම ඒකෙදි දැක්ක දේවල් මොකාවක් දකින්න තියා හිතන්නෙවත් නැහැ.
ඒ තරං තුච්ඡයි. 

මං හිටිය වදකාගාරේ වදක වැඩ කරේ කව්ද? 
හොදට ඉගෙන ගත්ත ඈයෝ තමා ඉතිං. අහන්නකෝ

ඉංජිනිනේරුවෝ කරේ පුච්චන්න ගෑස් කාමර හදපු එක...
බෙහෙත් දෙන දොස්තරල කරේ පොඩි උන්ට වස දෙන එක
ඉපදෙන්න අත දෙන නර්ස්ලා කරේ අළුත උපන් බිළිදෝ මරණ එක
ඔය උපාධීකාරයෝ කරේ ගෑනූ ලමයි වෙඩි තියල මරල වීසි කරන එක

අන්න ඉගෙන ගත්තු අය කරන වැඩ

එතකොට මේකද මේ අධ්‍යාපනේ කියන්නේ.. නරුමකම.. අමනුස්සකම
අපි ළමයින්ට දැනුමද දෙන්න ඕන මනුස්සකමද
ඒකයි තේරුම් ගන්න ඕන

ඒක ඔබ තේරුම් ගත්තොත් නැවත කවදාවත්
උගත් නරුමයන් පමණක් ලොවට දායාද නොකරනු ඇත
අප ලියන කරන දෙයෙහි, උසස්ම වෘත්තීන්හි අගය රැදෙන්නේ
ඒ අය තුල උතුම් වූ මනුස්සකම ගෑවි හෝ තිබුනොත් පමණි...

------------------------------------------------------------------------------------------------------------
ඔමාගේ හීන ලියන අපුර්වී ඕමයා සොයුරිය අපුරු පරිවර්තනයක් කළා මෙන්න ඒක.

ආදරණීය ගුරුවරුණි,

දිටිමි මිහිබට නිරය
මා දෙනෙත විදි ඒ අපුල 
නුබලානම් කෙදිනකවත් නොවිදිය යුතුමය
ලේ මස් නහරෙන් සැදි ජීවිතය යදින්නන්
අමු අමුවේ පුච්චන්න.. 
නැණබෙලෙන් පිරි ඉජිනේරුන් 
තනන ලද වායු කුටි;
හෙදකමින් වෙදකමින් මහිමවත් අත්මතින් 
මරණ යුරු ළදරුවන්,
ඉහළ හිණි පෙත්ත මත බුද්ධියෙන් අගතැන්වූ 
ගැහැණු මිනිසුන් අතින් 
වෙඩිතබා පුලුළුස්සපු....
දරු පැටවූ තුරුලේ හොත් 
තරුණ මව්වරුන්ගේ අගුරු වූ මලකදන් 
සිහිවෙද්දී ...
සැකය මට 
අධ්‍යාපනේ කොයිබටද යන්නේ මේ ....
ගුරුවරුණි .......
නුබ අතින් 
උගත් රාක්ෂයින් ,
නිපුනතා පිරි මානසික විකුර්තිකයන් 
උගත් ඒච්මන්ස්ලා 
තවත් නම් බිහි නොවිය යුතුමය.
ෂාක්ෂරතාවෙන් අංකගණිතයෙන් 
මොන ප්‍රථිපලයක්ද 
එයින් යහපත් මිනිසුන් බිහිනොකරන තාක් 

------------------------------------------------------------------------------------------------------------
මෙන්න කුරුන්ද ලියන සෙන්නා ගේ අනුවර්තනය 

ගෞරවණීය ගුරුවරුණී,

තොපලා මේ සිදු කළේ කුමක්ද ? කියවීම, ලිවීම, ගණිතය ඇසුරෙන් පමණක් මිනිසුන් බිහි නොවනා බව නුඹලා තේරුම් ගන්නේ කවදාද ?
තොපගේ උත්සහයෙන් බිහිවන්නේ මෘගයන්නම් තොපගේ උත්සහාය ගගට කැපූ ඉණි මෙනි. මම ඒ බවට සාක්ශි දරමි.
නුඹලාගේ සිසුන්, ඉන්ජිනේරුවන් වූ අති දක්ශයන් මිනිසුන් මැරීම උදෙසා වායු කුටීර තැනුවෝය. මම එය දුටිමි.
නුඹලාගේ සිසුන්, වෛද්‍යවරුන් වූ අති දක්ශයන්, ළදරුවනට වස පෙවූහ. මම එයද දුටිමි.
නුඹලාගේ සිසුන්, උපාධි ධරයන් අහිංසක ළදරුවන්ට හා කාන්තාවන්ට වෙඩි තබනා අයුරුද මම දුටිමි.
ඉඳින්, මා නුඹලා ගැන තවදුරටත් කුමක් සිතම්ද ?

අවසානයේදී ඔවුහූ මා නිදහස් කළහ. එබැවින් මා නුඹලාගේ වැරදි වෙනුවෙන් සාක්ෂි දරමි

------------------------------------------------------------------------------------------------------------
එකම නිසදැස විවිද අයුරින් එම තේරුම සහිතව රසවිඳින්න පුළුවන්. විවිද ආකාරයට නිර්මාණ ඉදිරිපත් කිරීමට අදහස් දුන් දේශකයාට විශේෂ ස්තුතිය.

87 comments:

  1. ඔය ජනක අබේවර්ධන කියන්නේ මාතර පැත්තේ කෙනෙක් නේද?? අනේ මන්ද මේ අවකාශයේ මාතර ලෑතරයොම නේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. පර්වර්තනය හොදයි. ඒත් එහි නියම අදහස නොඑන බවයි මගේ හැගීම. නැවත කියවා බලන්න දෙවරක්වත් ඔබට එය දැනේ යයි සිතමි..

      Delete
    2. ඔවු දේශක මම මාතර. ඔබත් ඒ පළාතේද? මම කවිකාරයෙක් නොවේ පරිවර්තනයකින් හරි නිසදැසක් ලියපු පළමු වතාව. මට දැන් නැවත කකියෙවුවාට ලොකු අදහසක් එන්නේ නැහැ. ඔබ හරි වෙනත් කෙනෙක් හරි සුපිරියට පරිවර්තනය කර දුන්නොත් මම එය දමන්නම්.

      Delete
    3. මම අහල තියෙනවා ජනක ගැන.. ඒකයි කිව්වේ.. ඔබ කවිකාරයෙක්ද මොකෙක්ද කියන එක අදාළ නැහැ. ඒ කියපු දෙයක් හරියටම හිතට දැනුන විදියට ලියනවනං තමා සාර්ථක.. මම ඒකයි කිවවේ.. අපිත් ඒ තරං ලොකු මිනිසුසු නෙමෙය් බං ඕවා හරියටම කරන්න. මං බොට පොඩි උපදෙසක් දුන්නේ.. යම් දෙයක් බොක්කට වැදුනම ඒක හරියටම තේරුනාම තමා අපි කියන දේ පැහැදිලි වෙන්නේ. තේරුනාද නැතිව මේක දෝසාරෝපනයක් නෙමෙයි. ඒකනේ ඔබගේ කටයුත්ත මම අගය කලේ...

      Delete
    4. ඔබ කියන දේ පැහැදිලියි යාලු. ඔබේ උපදෙස පිලිගන්නවා. මම එය දෝෂාරෝපණයක් ලෙස ගත්තේ නැහැ. මම කියුවේ මෙය මම පරිවර්තනයක් ලෙස හෝ ලියපු පළමු නිසදැස බවයි. බොක්කට වදින ගතිය වැඩි කරන්න තව උත්සාහා කරන්නම්. නැවතත් නැවත නැවතත් ඉඩ තියෙන විදියට කරලා බලන්නම්.

      Delete
    5. අන්න හොදයි... පළමු එකේදිම මෙහෙම දෙයක් කිව්වම ඒවා මතක හිටිනවා. ස්තුතියි..

      Delete
    6. දේශක තුමත් අර අහවල් ගඟෙන් එහාද ඈ O:

      Delete
    7. ඒම තමයි ලු ඒ ගඟෙන් එහා ඉන්නෙ වැඩ්ඩොලු....

      Delete
    8. ගඟෙන් එහා ඉඳලා ආපු වැඩ්ඩො ගැන දන්න කෙනෙක් ඇවිත් ඉන්නේ :)

      Delete
    9. ගගෙන් එහාට මගේ මයිලක්වත් තියල එන්න කැමැත්තක් නැහැ.. හැක් හැක්..

      Delete
    10. මකසි,

      උබ ඔය පිස්සු දේශකයා කියන ඒවා ගනන් ගන්න එපා. පායන කාලෙට පොරට ටිකක් ඔහොම වෙනවා..

      Delete
    11. @ දේශක
      ජනක අබේවර්ධන කියන්නේ මාතර පැත්තෙ මනුස්සයෙක් තමයි.

      ගඟෙන් මෙහාට ආවොත් මයිලක්වත් ඉතිරිවෙනකක් නෑ. හැක් හැක්...

      Delete
    12. ඒකනේ මං කිව්වේ.. හැක් හැක්

      Delete
    13. දේශක බය වුනාට අපිනම් නිතරම එගොඩ මෙගොඩ යනවා.

      Delete
    14. යාලුවනේ මෙතන මේ නිසදැසෙන් දෙන පණිවිඩයතේරුම්යන මට්ටමට මෙක හොඳින් පරිවර්තනය වෙලා තියෙනව නේද? අපි මෙතනදි ඒකෙන් දීපු පණිවිඩේ වැඩගත්කම ගැන කතා කළානම් නේද හොඳ.

      Delete
  2. පන්ති යන කාලේ පිටුපස්සේ සර්ලා ගහලා දීපු සමහරක් ඒවා තවමත් මතකයි. ඇත්තටම විෂයය දැනුමට වඩා යමක් ඒවාගෙන් ලැබුණා.

    ReplyDelete
    Replies
    1. එහෙම දේ නම් හොඳට මටත් මතකයි. පිටුපස්සේ සර්ලා ගහලා දීපු සමහරක් ඒවා වගේම කියපු කථා මතකයේ තියෙනවා.

      Delete
  3. ෂඃ................. හරිම අගෙයි. පරිවර්තනයත් හොඳට කරලා තියනවා. මෙවැනි නිර්මාණ සර්වකාලීනයි. සර්වදේශිකයි. සර්වජාතිකයි. හැබැයි ඉතින් කරුමේ කියන්නේ මෙව්වා කියවිය යුතු එවුන් නොකියවන එකයි.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත විචාරක මහතා. තව වසර 1000 කට පසු වුවත් වටිනාකම අඩුවෙන්නේ නැහැ. ගුරුවරයෙක් විෂය දැනුම දෙන අතරේ සියුම්ව දිය හැකි දෙයක් තමයි මානුෂිකව හිතන්න පුරුදු කිරීම. දෙමවුපියන්, ගුරුවරුන් සහ සමාජය හරහා එය ලැබෙනවා නම් ලෝකය සුන්දරයි.

      Delete
  4. ඉතාම වැදගත් දෙයක් මේ ඔබ කියන්නේ .... ඔබේ බ්ලොගය මගේ ෆලෝ ගොඩට එකතු කරගැනීමට නොහැකි වීම ගැන කණගාටුව... ( 300 සීමාව පැනලා )

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා. ඔබගේ ෆලෝ ගොඩට එකතු කරගැනීමට නොහැකි වුවත් ඒ ගැන හිතීම ගැන බොහොම ස්තුතියි. නැවත එන්න මමත් දිගටම ලියනවා.

      Delete
    2. 300 පැන්නට එකතුකරගන්න ක්‍රමයක් තියෙනවා සහන්.. මං කීප තැනක දැක්කා.. හිරු අක්කත් දන්නවා ඒක..

      Delete
    3. ඔය බොරුනේ අපු.. ඕකාගේ...

      Delete
  5. කළු මල්ලී උඹේ උත්සහය මනරම්!
    ගොඩක් ස්තූතියි අප සමඟ බෙදා හදා ගත්තට!!
    මේ නිසඳැස අපේ රටේ වුන දේටත් හරියටම වලංගුයි නේද?
    උඹ කිව්ව නිසා විනෝදෙට මාත් එය පරිවර්ථනය කලා. මමත් මීට කලින් කරලා නෑ. හොඳද බලපං.

    ගුරැවරැන් වෙත දයාබරිණී,

    මිඳුනෙමිය මා වධකාගාරයකින්....
    එහිදී මා දුටුදේ
    ලොවෙහි කිසිවෙකුත් නොදුටුව යුතුමය.....
    ඉංජිනේරැවෝ ගෑස් කුටි තැනූහ
    උගත් දොස්තරැන් ළමුන්ට වස කැවූහ
    පුහුණු හෙඳියන් මැරීය ළඳරැවන්
    උසස් උපාධි ඇත්තෝ වෙඩි තැබුවෝය ගැහැණුන්ට හා දරැවනට
    ප්‍රිය සබඳ,
    ගැටළුවකි මට මේ අධ්‍යාපනය
    ඔබලා කලයුත්තේ සිසුන්ගෙන් මිනිසුන් බිහිකිරීම පමනක් බැව් මගේ ඉලිලීමයි..
    එම උත්සහය කිසි කළෙක
    උගත් අළුගෝසුවන් බිහි නොකල මනාය...
    කියැවීම , ලිවීම හා ගණිතය අප දරැ කැළ උසස් මිනිසුන් කෙරැමට පමනක්ම වැදගත් වන්නේය....

    ReplyDelete
    Replies
    1. බෝම හොදයි නෙව....

      Delete
    2. මට කලකට් පෙර හිතට වැදුණු එය සිංහලෙන් අන්තර්ජාලයට දමන්න හිතුන නිසා මමත් නොකරපු පරිවර්තනයක් කළා. මගේ එකට වඩා හිතට දැනෙනවා වගේ. මෙහි තේරුම අප රටටත් ගැලපෙනවා විචාරක මහතා කියුවා වගේ සර්වකාලීනයි. සර්වදේශිකයි. සර්වජාතිකයි ඕන තැනකට ගැලපෙනවා.

      Delete
    3. ස්තූතියි දේශක තුමා හා කළු මල්ලීට!!

      Delete
    4. මාත් එකක් ලිව්වා.. දාන්නෙයි...

      Delete
    5. සංස්කරණය නොකළ අනුවර්තනයකි..

      මේකයි මගේ කතාව
      පුළුවන් නං තේරුං ගන්න

      මං බේරුනෙ අනු නමයෙන් මහ බයානකම වදකාගාරයෙන්
      මම ඒකෙදි දැක්ක දේවල් මොකාවක් දකින්න තියා හිතන්නෙවත් නැහැ.
      ඒ තරං තුච්ඡයි.

      මං හිටිය වදකාගාරේ වදක වැඩ කරේ කව්ද?
      හොදට ඉගෙන ගත්ත ඈයෝ තමා ඉතිං. අහන්නකෝ

      ඉංජිනිනේරුවෝ කරේ පුච්චන්න ගෑස් කාමර හදපු එක...
      බෙහෙත් දෙන දොස්තරල කරේ පොඩි උන්ට වස දෙන එක
      ඉපදෙන්න අත දෙන නර්ස්ලා කරේ අළුත උපන් බිළිදෝ මරණ එක
      ඔය උපාධීකාරයෝ කරේ ගෑනූ ලමයි වෙඩි තියල මරල වීසි කරන එක

      අන්න ඉගෙන ගත්තු අය කරන වැඩ

      එතකොට මේකද මේ අධ්‍යාපනේ කියන්නේ.. නරුමකම.. අමනුස්සකම
      අපි ළමයින්ට දැනුමද දෙන්න ඕන මනුස්සකමද
      ඒකයි තේරුම් ගන්න ඕන

      ඒක ඔබ තේරුම් ගත්තොත් නැවත කවදාවත්
      උගත් නරුමයන් පමණක් ලොවට දායාද නොකරනු ඇත
      අප ලියන කරන දෙයෙහි, උසස්ම වෘත්තීන්හි අගය රැදෙන්නේ
      ඒ අය තුල උතුම් වූ මනුස්සකම ගෑවි හෝ තිබුනොත් පමණි...

      Delete
    6. කෙලින්ම කරන ලද මගේ පරිවර්තනයකට වඩා ඔබ කල අනුවර්තනය දැනෙනවා වැඩියි. දේශක තුමනි. එකම දෙය විවිද ප්‍රබේද වලින් රසවිඳින්න අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි.

      ඔබගේ කලින් කමෙන්ට් එකට මා කල ප්‍රතිචාරය වැරදිලා මැකිලා එය නැවත දමන විට එයට පෙර ඔබ මෙය පලකල තිබුන නිසා එයත් මැකුවා.

      Delete
    7. චන්දන +++++++++++++++++++++++++++++++++++++++
      දේශක තුමා +++++++++++++++++++++++++++++++++++++

      නියමයි .... ගෝලයෝ ටික ලස්සනට වැඩේ කරලා මං පරිවර්ථනය කරන්න ඕනේ නැහැ එතරම් ම විශිෂ්ඨයි ,,,

      මහා කළු සිංහලයා ස්තුතී ලිපිය පළකිරීම ගැන

      Delete
    8. @අපූර්වී
      ඔබත් පරිවර්තනයක් දෙන්න. තව විදියකට බලන්න රසවිඳින්න අපිට අවස්ථාවක් දෙන්න.

      Delete
    9. හරිම අපූරැයි දේශක තුමා නියමම නියමයි!
      ඒක තමා අපූර්වි නඟාත් ඔයාගේ පරිවර්ථනය පළකරන්න. අපි රස විඳින්න ආසයි.
      කළු මල්ලීට නැවතත් මගේ ස්තූතිය අපට මේ අවස්ථාව සැලසුවාට!
      ජයෙන් ජයම වේවා!!!

      Delete
    10. චන්දන අය්යා අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි.

      Delete
    11. http://chamithar.blogspot.com/2011/06/blog-post.html

      මේකත් බලන්න උඹ වගේම ලියල තියෙන්නේ..

      Delete
    12. කලින් බ්ලොග් එකකත් තිබිලා තියෙනවා නේ. මම සේවුවට හමුනොවූ එකක්. දැනුවත් කිරීමට ස්තුතියි

      Delete
    13. මෙන්න ඉතාම වැදගත් විදිහට යන සංවාදයක්....ආසාවේ බැහැ.

      Delete
  6. ඇත්‍ත සිංහලයො බොහෝ ගුරුවරු විශය දැනුම දුන්නට මනුස්ස කම දෙන්නෑ. දැනුම දෙනවා බුද්ධිමතෙක් වෙන හැටි කියලා දෙන්නෑ.

    නිසදැස නම් අගෙයි. බොහොම ස්‍තූතියි.

    ReplyDelete
    Replies
    1. මනුස්සකම දුන්නේ නැත්නම් කොතරම් විෂය දැනුම දුන්නත් වැඩක් නැහැ. ආචාර්ය හයිම් ගිනොට් වගේ අයගේ පොත් මෙහෙ ගුරුවරු පරිශීලනය කරනවා නම්. රටට වැඩදායක ළමයින් බිහිවෙන්න එය පිටුවහලක් වෙයි.

      Delete
  7. ජානක සර් නේද ටියුට් එක ඉස්සරහ කතා පල කරන්නෙ. මට මතකයි අපේ බස්සාගෙ මැත්ස් ටියුට් වල තිවුනා ඔය කතන්දර.....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බස්සී යන්න ඉන්නේ ගගෙන් එහාට. අපි ගිය කාලෙනම් ඔහොම එකක් දෙකක් තිබුනා. සමහර විට පස්සේ වැඩියෙන් දාලා තියෙන්න ඇති.

      Delete
  8. ආදරණීය ගුරුවරුණි,

    දිටිමි මිහිබට නිරය
    මා දෙනෙත විදි ඒ අපුල
    නුබලානම් කෙදිනකවත් නොවිදිය යුතුමය
    ලේ මස් නහරෙන් සැදි ජීවිතය යදින්නන්
    අමු අමුවේ පුච්චන්න..
    නැණබෙලෙන් පිරි ඉජිනේරුන්
    තනන ලද වායු කුටි;
    හෙදකමින් වෙදකමින් මහිමවත් අත්මතින්
    මරණ යුරු ළදරුවන්,
    ඉහළ හිණි පෙත්ත මත බුද්ධියෙන් අගතැන්වූ
    ගැහැණු මිනිසුන් අතින්
    වෙඩිතබා පුලුළුස්සපු....
    දරු පැටවූ තුරුලේ හොත්
    තරුණ මව්වරුන්ගේ අගුරු වූ මලකදන්
    සිහිවෙද්දී ...
    සැකය මට
    අධ්‍යාපනේ කොයිබටද යන්නේ මේ ....
    ගුරුවරුණි .......
    නුබ අතින්
    උගත් රාක්ෂයින් ,
    නිපුනතා පිරි මානසික විකුර්තිකයන්
    උගත් ඒච්මන්ස්ලා
    තවත් නම් බිහි නොවිය යුතුමය.
    ෂාක්ෂරතාවෙන් අංකගණිතයෙන්
    මොන ප්‍රථිපලයක්ද
    එයින් යහපත් මිනිසුන් බිහිනොකරන තාක්



    අනේ ඔන්න මාත් මගේ සෑම්පලේට මෙවුවා කළා ඉදගෙන :)

    ReplyDelete
    Replies
    1. එළකිරිස්... ඔමා..

      Delete
    2. ඔබේ සෑම්පලේ අපුරුයි අපුර්වී. බොහොම ස්තුතියි.

      Delete
    3. ගොඩක්ම ලස්සයි අපූර්වී නඟේ!!!

      Delete
    4. ඔහේ පලයන් ඔමා.....නියමයිනේ!!!!

      Delete
    5. කවියේ හැඟීම හොඳින්ම දැනෙන ලෙස පරිවර්තනය වෙලා තියෙන්නේ මෙතන මට හිතෙන්නේ...

      Eichmann සාමාන්‍යයෙන් උච්චාරණය කරන්නේ අයික්මාන් කියලා...

      Delete
    6. ස්තුතී තිසර වචනයේ ශබ්ද කරන විදිය දැනන් හිටියේ නැහැ මං.ඉහත මගේ සහෝදරයන්ගේ පරිවර්තන වලදී Eichmann වචනයට විවිධ නම් දීලා තිබුණ නිසා ඒ ගැන හොයද්දි තව දේවල් හම්බුණා ඒ චරිතය ගැන,,

      Delete
  9. පොතේ දැනුම විතරක් දීලා බුද්ධිමතුන් බිහි කලාට මනුස්සකම ඇති බුද්ධිමතුන් බිහි කරන්න හැමෝටම බෑ.. කලාතුරකින් හම්බුවෙන ගුරුවරයෙක්ට විතරයි එහෙම දෙයක් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔවු දිනේෂ් එහෙම ගුරුවරු අඩු එක තමයි ගැටලුව. හයිම් ගිනොට් ගුරු උපදේශ පොත් වල මේවා ලියලා තියෙන්නේ. හැම ගුරුවරයකුගේම සිත මේ අදහසට යොමු කරවන්නයි.

      Delete
  10. ශහ් මරුනෙ.. කට්ටිය ඔට්ටුවට පරිවර්තන, අනුවර්තන කරලා. මකසි, චන්දන, දේශක උන්නැහේ, අපූර්වි, නියමයි ඈ.. හොඳට රස වින්දා.

    මකසි, උඹට ආයෙ ස්තූතියි මේ කොලේ ඇදලා ගැහුවට..

    ReplyDelete
    Replies
    1. මම ඇදපු කොලේ මට පෙන්වූ මගේ ගුරුවරයෙක් වූ ජනක අබේවර්දන මහතාට තමයි ඒ ස්තුතිය දෙන්න ඕන.

      Delete
  11. මෙන්න මගේ සත පහ.
    --------------------------------------
    ගෞරවණීය ගුරුවරුණී,

    තොපලා මේ සිදු කළේ කුමක්ද ? කියවීම, ලිවීම, ගණිතය ඇසුරෙන් පමණක් මිනිසුන් බිහි නොවනා බව නුඹලා තේරුම් ගන්නේ කවදාද ?
    තොපගේ උත්සහයෙන් බිහිවන්නේ මෘගයන්නම් තොපගේ උත්සහාය ගගට කැපූ ඉණි මෙනි. මම ඒ බවට සාක්ශි දරමි.
    නුඹලාගේ සිසුන්, ඉන්ජිනේරුවන් වූ අති දක්ශයන් මිනිසුන් මැරීම උදෙසා වායු කුටීර තැනුවෝය. මම එය දුටිමි.
    නුඹලාගේ සිසුන්, වෛද්‍යවරුන් වූ අති දක්ශයන්, ළදරුවනට වස පෙවූහ. මම එයද දුටිමි.
    නුඹලාගේ සිසුන්, උපාධි ධරයන් අහිංසක ළදරුවන්ට හා කාන්තාවන්ට වෙඩි තබනා අයුරුද මම දුටිමි.
    ඉඳින්, මා නුඹලා ගැන තවදුරටත් කුමක් සිතම්ද ?

    අවසානයේදී ඔවුහූ මා නිදහස් කළහ. එබැවින් මා නුඹලාගේ වැරදි වෙනුවෙන් සාක්ෂි දරමි.

    ReplyDelete
    Replies
    1. ඕන් මං ආස විදියේ තව එකක්

      Delete
    2. බොහොම ස්තුතියි සෙන්නා. ඒවගේම හිත් ඇදගන්න ආකාරයට ඔබත් එය කරලා.

      Delete
    3. දැං පුරස්නේ අයිතිකාරයගේ එකට වැඩිය උඹේ එක හිතටම වදිනවා නෙව..

      Delete
    4. නියමයි සෙන්නා ! එළම එළ!!

      Delete
    5. සෙන්නා......මෙන්න මේක තමයි මම පතන බ්ලොග් ලෝකය.....

      Delete
    6. අඩෝ අරූ.. සබද.. නුඹ කිමද අප නිබද පෙලනු මේ ලෙස.. තෝ හිතන තෝ පතන දෙය අප කළ යුත්තේ මන්ද.. හැක්

      Delete
    7. එම්බා දේශකය,

      ඔහු හිතන ඔහු පතන දෑ නම් දැන් අවැසි අපට,
      එයට එරෙහි වන තොප, පලවා හරිමි බඩෑබන්කඩටත් අස්වාමික කොට.

      ගනු කඩුව, එනු සටනට.

      :D

      Delete
    8. @ දේශා & සෙන්නා........කවදා ඉඳලාද බං උඹලට රජ පිස්සුව ගැහුවේ...ලඟකදි රජගෙදර දන්සලකටවත් එන්න කිව්වාද?

      Delete
  12. pariwarthanyedi apita uwana akarayata eya kala noheka ehemanam eya nokara inna palamu eka hari

    ReplyDelete
    Replies
    1. මට අවශ්‍ය වුනේ පණිවිඩය දෙන්න. දැන් එම පණිවිඩයෙන් සාකච්චාවක් බිහිවුණා මගේ පරිවර්තනයට වඩා සාර්ථක අනුවර්තන බිහිවුණා. මට එම ඉංග්‍රීසි නිසදැස පමණක් දාලා වුනත් මේ ලිපිය ලියන්න තිබුනා. නමුත් මම පුළුවන් විදියට පරිවර්තනය කළා. අඳුර මකන්න පහනක් දල්වන්න කලින් ගිනිකූරක් දල්වන්න ඕන. මම බැරිය කියා නොසිට එය කිරීම වැරදිද?

      Delete
    2. පැමිණ අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි නිර්නාමික සහෝදරයා. නැවත එන්න.

      Delete
    3. මකසි,

      මම හිතන්නෙ ඇනෝ කියලා තියෙන්නෙ උඹ මුලින්ම ලියපු එක හරි කියලා.

      Delete
    4. ඔවු සෙන්නා අනෝ එහෙම අදහස් කළා වෙන්නත් පුළුවන්. සින්ග්ල්ෂ් කමෙන්ට් මගේ ඔලුවට යනවා හොරයි.

      Delete
    5. පරිවර්තනය කියන්නේ ඉතා පුළුල් විෂයයක්. කොහොම නමුත් මේ වගේ උත්සාහයන් ඇති වෙන එක හොඳයි. සමහර විට වචන ටික පරිවර්තනය කල පමණින් එය සාර්ථක වෙන්නේ නෑ. විශේෂයෙන්ම කවියකදි, වචන වගේම කවියේ සම්පූර්ණ අදහස, සම්ප්‍රේෂණය කර හැඟීම ගැනත් අපි හිතන්න ඕනේ...

      දැන් ඉංග්‍රීසියෙන් යම් කිසි ක්‍රියාවක අමාරුකම, පහසුකම ගැන ප්‍රශ්න කලාම ලැබෙන්න පුළුවන් පිළිතුරක් තමයි 'A piece of cake' කියලා. අපි ඕක සිංහලෙන් කේක් කෑල්ලක් කිව්වට හරි යන්නෙ නැහැනේ... එතන දක්වන්න හදන අර්ථය තමයි "ඉතාම ලේසියි" කියන එක. ඕක "ලේසියි", "කජු කනවා වගේ", "සිම්පල්නෙ", වගේ ඕනෙම සිදිහකට කියන්න පුළුවන්, අර සමස්ත නිර්මාණයේම තියන හැඟීම්, අර්ථය වටහාගෙන.

      Delete
    6. ඔවු තිසර ඔබගේ අදහසට සම්පුර්ණයෙන් එකඟයි.

      Delete
  13. කළුවා...චන්දන අපූර්වී බොහොම අපූරුයි...දෙශයාට ස්තුතියි දේශකයා නිසා තමයි අනිත් පරිවර්තන දෙක එලියට ආවේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පවුලුෂා. චන්දන සහ අපුර්වී විතරක් නොවේ දේශක තුමා සහ සෙන්නාත් ලස්සන අනුවර්තන දෙකක් කරලා දැක්කේ නැද්ද?

      Delete
    2. ඇඟැයීමට ස්තූතියි පව්ලූෂා මලේ!!

      Delete
    3. thanks ඉවාන්

      Delete
  14. මකසි......හයිම් ගිනොට්ලා වගේ අයට අවශ්‍ය වෙන්න ඇත්තෙත් මෙන්න මේ වගේ සොඳුරු සාකච්ඡා තුලින් දැණුම බෙදීම. උඹේ පෝස්ටුව සහ කමෙන්ට්ස් තුලින් එය මතුවෙනවා..

    හයිම් ගිනෝට්ලා, ජනක අබේවර්ධනලා සතුටු වෙයි.

    ReplyDelete
    Replies
    1. එක හරි අරූ. බ්ලොග් තුලින් විය යුත්තේ වලි නැතිව සුහදව කටයුතු කිරීම.

      Delete
  15. හරියට හරි කලු.

    මගේ හොඳම යාලුවෙක්වන ඩොකෙක් මෙඩිකල් කොලේජ් ඉන්න කාලේ එක ප්‍රොෆෙසර් කෙනෙක් පළවෙනිම ලෙක්චර් එකේදි මෙහෙම කිව්වලු.

    "දොස්තරලා වෙන්න පුලුවන් බං. ඊට ඉස්සෙල්ලා මනුස්සයෝ වෙයල්ලා. "

    නමුත් කරුමෙකට වගේ, ගුරුවරුන්ට මනුස්සයෝ බිහි කරන්න තියෙන අවස්ථාවට අකුල් හෙලන්නෙත්, ඉස්කෝලෙම පරිපාලනය කියලා කලූ දන්නවද? විදුහල්පතිට ඕනේ මනුස්සයෝ නෙවෙයි. සුපිරි විභාග ප්‍රතිඵල විතරයි. ඒ තමන්ගේ පැවැත්මට. ඒකට අනුබල දෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි. දෙමව්පියෝ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීම සහ අදහස් වලට ස්තුත්යි. ගුරුවරුන්ගේ ගැටළු තේරෙන්නේ ගුරුවරුන්ටම නේ. අන්තිමට වැරදිකරු දෙමවුපියෝ නේ. අපේ සමාජයේ දෙමවුපියෝ සලකන්නෙත් ගුරුවරුන් විදියටම නේ එකනේ දෙගුරුන් කියන්නෙත්. කළා සහ භාෂා ගුරුවරුන්ට නම් මනුස්ස කම හදන්න පහසුයි නේද?

      Delete
  16. ඔය නිබන්ධනය තවමත් මගේ ලහ තියෙනවා.
    පරිවර්තනය සහ අනුවර්තන හරි ලස්සනයි.

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබත් ගගෙන් එහා කෙනෙක් වාගෙයි. ඒ නිබන්දනයේ තිබුන පරිවර්තනය ඉඩ ඇති විටක මෙහි පලකරන ලෙස ඉල්ලා සිටිමි.
      ඔබටත් ජය වේවා.

      Delete
    2. මම ගෙදර ගියගමන් එම පරිවර්ථනය ඔබ වෙත ලබා දෙන්නම්..

      Delete
    3. ගෙදර් ගිහින්ම දාන්න. ඉස්සර හිතේ රැදුණු දෙයක් නැවත බලන්න ආසයි.

      Delete
  17. බලන්න මකසි කමෙන්ට්ස් වලින් කරන්න පුලුවන් වැඩ.
    පෝස්ට් එකටත් වඩා රසවත්, බලවත් කමෙන්ට්ස් ටික.
    ස්තූතියි වෙඩිනූල පත්තු කලාට.

    සියලුම අනුවර්තන / පරිවර්තන වලින් මටනම් හොදම අපූර්විගෙ එක.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට කමෙන්ට්ස් කියන දෙය නැති වුනානම් අද බ්ලොග් කියා දෙයකුත් නැහැ නේ. ලස්සන නිර්මාණ ටික කමෙන්ට්ස් වල. අන්තිමට ඒ ටික පොස්ට් එකට එක් කරනවා.

      Delete
  18. ඇත්තටම සෑහෙන්න දැනුන.. හුගක් ළමයි අනුකරණය කරන්නෙ තමන් හැදෙන වැඩෙන සමාජ වටපිටාව. ඒ වටපිටාවෙ ගුරුවරුත් ඉන්නව කියනෙක එයාල අමතක කරනව. සමහර වෙලාවට ගුරුවරුත් කරන්නෙ ළමයින්ට වැරදි ආදර්ශ දෙන එක. ඒ අතින් ම.ක. සි ගෙ ගුරුවරය අදහන්න වටින කෙනෙක්..
    ඔයා පර්වර්තනය කරපු එක වගේම අනෙත් ඒවත් කියෙව්ව එකිනෙකට වෙනස් ගතිවක් ගෙනාවත් දැනෙන හැගීම අසමසමයි කීවොත් තමා හරි

    ReplyDelete
    Replies
    1. මවුපියන් සහ ගුරුවරුන් සහ මාධ්‍ය වල වගකීමක් තමයි මිනිසුන් හැදීම. මොන සමාජෙක හැදුනත් නිසි මගපෙන්වීමක් දෙනවා නම් හරි මගට ගන්න පුළුවන්. හැබැයි පොඩි කාලේ ඉඳලා ආකල්ප හදන්න ඕන. පැමිණ අදහස් දැක්වීම ගැන ස්තුතියි. දිගටම එන්න

      Delete
  19. මේ නිසදැස සමාජයට හොඳ පණිවිඩයක් දීලයි තියෙන්නේ. ඒක අවිවාදයෙන් පිලිගන්න ඕන දෙයක්. මෙක පරිවර්තනය කර ඉදිරිපත් කිරීම ගැන මම ඔබට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

    ReplyDelete
    Replies
    1. පැමිණ ඇගයීම ගැන ඔබට බොහොම ස්තුතියි. නැවත එන්න

      Delete