Monday, December 22, 2014

ගුගල් පරිවර්තකය සහ සිංහල භාෂාව සහ අනාගතය.(Future of Google Sinhala Translator)


මෑතකදී ගුගල් සිංහල පරිවර්තකය වැඩ අරඹන ලදී. ඒය ක්‍රියාත්මක වූ විට හුරේ කියා ඇතැම්හු ලිපි පළකලද. මටනම් එය ලොකු ජයක් නොවේ. මෙය මේ මට්ටමට ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳව  ඒ සඳහා මහන්සි වූ සැමට ස්තුතිය පිරිනැමිය යුතුය. මෙහි ඉදිරිය යහපත් කිරීම ගුගල් සතු වගකීමක් නොව අප සතු වගකීමකි. අපගේ යුතුකම නම් එය භාවිතා කර එහි වැරදි පෙන්වා දීමයි. දැනට පරිවර්තකය වැඩ කලද එය ප්‍රයෝගිකව සාර්ථක නොවේ. එසේ වුවත් අඩු තරමින් දිනකට වාක්‍ය 10 හෝ සහිත ලිපියක් එමගින් පරිවර්තනය කර එහි වැරදි අපි පෙන්වාදෙන්නේ නම්. ඉංග්‍රීසි බැරි අපගේ හිතවතුන්ට එය අනගාතයෙදී ලොකු උපකාරයක් වනු නියතය.
මුලින්ම එය ප්‍රයෝගිකව කරන ආකාරය සලකා බලමු 

මෙහි සිංහල පරිවර්තනය පෙන්වන කොටුව පහල වම් පැත්තේ ඇති පැන්සල සහිත අයිකනය ක්ලික් කරන්න. ඉන්පසු 
නිවැරදි වැකිය ඇතුලත් කර contribute කරන්න.

මෙසේ නිවැරදි කරන විට අනිවාර්යෙන්ම අක්ෂර වින්‍යාසය සහ වියරණ සැලකිල්ලට ගන්න. එසේම ඉංගීසි ලිපියේ කාල භේදය සහ කර්මකාරක කතෘකාරක වැනි ස්වාරුපයන් එසේම සිංහල පරිවර්තනයට එන පරිදි පරිවර්තනය දෙන්න. ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස නොසලකා ගුගල් පරිවර්තකය වැඩි දියුණු කරන්න අපේ අය ගියොත් වන්නේ එහි නිවැරදි තාවය තවත් හීන වීමයි. එබැවින් එය කරන විට වගකීම් සහිතව කරන්න. දැනටම අපේ අය එහි මලපහ කර ඇති බව පෙනේ.

කෘතීම බුද්ධියක් රහිතව කවදාවත් පරිවර්තන කාර්යක් 100 % සාර්තක්කව යන්ත්‍රයකට කල නොහැක. දැනට එම ක්ෂේත්‍ර පරීක්ෂණ මට්ටමේ පවතී. ගුගල් පරිවර්තකය ක්‍රියාත්මක වන්නේ කෘතීම බුද්ධියට ආදාලම ක්ෂේත්‍රයක් වන machine learning ක්‍රමය යටතේය මෙහිදී යම් ඉංග්‍රීසි වාක්‍යකට ගැලපෙන සිංහල වාක්‍ය රටාව අඳුනා ගැනීම පුද්ගලයකුගේ පෙන්වා දීමකින් තොරව ඉබේ හඳුනා ගනු ලබයි. සිංහල සහ ඉංග්‍රීසි යනු වියරණ නීති වලින් දුරස්ථ භාෂා දෙකකි. සිංහල භාෂාවේ ඇති ලිංග භේදය, ගෞරවාර්ථ වාක්‍ය රටා. ඉංග්‍රීසිය තුල නැත. ඒවා අඳුනා ගැනීමට ගුගල් දැනට භාවිතා කරන ඇල්ගොරිතමය වලට පහසු නොවේ. වත්මන් ක්‍රමවේද යටතේ 100% තියා තේරුම අතින් 90% සහ වයාකරණ අතින් 70% වත් නිවැරදි තාවයක් බලාපොරෝහ්තු වීම විහිළුවකි. කෙසේ වුවත් ඒ මට්ටමට හෝ අපේ උනන්දුව මත ගත හැක. එසේ වුවහොත්. ඉන් ලබා ගන්නා දල පරිවාර්තනය මිනිස් සහය සහිහව වැඩි දියුණු කර වැඩි ලිපි ප්‍රමාණයක් පහසුවෙන් පරිවර්තනය සඳහා එය යොදා ගත හැක.

එසේම ගුගල් පරිවර්තකය තුල සැඟවුණු රාක්ෂයෙක් සිටී. එනම් දායක වන්නන්ගේ වගකීම් විරහිත ස්වභාවය  නිසා සහ ගුගල් පරිවර්තකයේ නොහැකියාව නිසා පිටවන වැරදි අක්ෂර වින්‍යාස සහ වයාකරණ නිසා සිංහල බසට වන හානියයි. මේ හානියට ගුගල් පරිවර්තකය මගින් වෙබ් අඩවියක් පරිවර්තනය කර එසැනින් බලා ගැනීමේ හැකියාව හේතු වේ. එබැවින් ඉගෙන ගන්න සිසුවෙක්  හෝ වෙනත් අයෙකුට  වැරදි වාක්‍ය රටා සහිත ලිපි විමර්ශනයක් රහිතව කියවා වැරදි වාක්‍ය රටා මනසට ගියවිට ඔහුටද වැරදි වාක්‍ය රටා නොදැනුවත්ව ලියවීමට හේතු වේ. එය බසට වන හානියකි.

මෙන්න ගුගල් පරිවර්තකයෙන් එන  විහිළු.
My sister in law is pregnant = නීතිය මගේ සහෝදරිය ගැබිනි වේ.
he wash his hand after going toilet = ඔහු වැසිකිළි යාමෙන් පසු ඔහුගේ අත සෝදන්න
i will fuck you = මම ඔයාට බැරිද ඇත
he is throwing rice to pigeons to eat = ඔහු කෑම කන්න පරෙවි සහල් වීසි කරයි
What makes a guy enjoy a female's company? = මොන ගයි කාන්තා මහතාගේ සමාගම භුක්ති වන්නේ කෙසේද?
We finished the test at the same time.= ඒ විධියට පරීක්ෂණ අවසන්.

26 comments:

  1. අැත්ත ම.ක.සි.
    මේක භයානක තත්ත්වයක්.
    සිංහල හරියට භාවිතා කරන එකම රට වන මේ සිරි ලංකාව තුළ ම කීයක් දෙනා බස් වහරන්න නොදැන පිස්සු දොඩනවාද කියා ගණන් බැලුවොත් අැත්තටම අපිටම අපි ගැන දුක හිතේවි.

    ගොඩක් තරුණ පිරිස් මේ භාෂාව විහිලුවක් කරගෙන නිසා තත්වය වඩාත් දරුණුයි. Facebook සමාජ ජාලය සිංහල භාෂාව යොදාගන්න පටන් ගත් කාලෙත් මේ ගැටළුව පැන නැගුණා. ගොඩක් ළමයි සමහර යෙදුම් වැරදියට පරිවර්තනය කරලා යෝජනා කරලි තිබුණා

    මේකත් ඒ වගේ ඕනෑම කෙනෙකුට තමුන්ට හිතෙන හිතෙන හැම කුණුහරපයක් ම දාන්න තවම පුළුවන් නිසා, විනාශ වෙන්න ඉඩ වැඩියි.

    මූලිකම හේතුව, මානසික රෝගීන් විනෝදයට ඒ වගේ සදොස් පරිවර්තන යෝජනා කලත්, දැනුම් තේරුම් අැති උගතුන් නිවැරදි පරිවර්තන යෝජනා කරන ප්‍රමාණය ඉතාම අල්ප වීමයි.

    මමත් පුළුවන් උපරිමයෙන් ඔබ කී විලස, දන්නා දේවල් යොදන්නම්. දන්න උදවිය එයට යොමු කරන්නම්. අපි
    එකතු වෙමු. ගොඩ දාගන්න පුළුවන් වෙයි!!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ගයාන්.
      දැන් ඉතින් මේක භාවිතා කරන්න හැකි විදියට දියුණු කරන එක අපි කරන්න ඕන දෙයක්

      Delete
  2. මම කලින් බුරාලගෙ ස්යිට් එකේදිත් මේ ගැන කිව්ව. යමක් කමක් දන්න උන් මේකට උදව් නොවී වැඩේ ගොඩ දාගන්න බෑ. ඒත් ගොඩක් උන් කරන්නෙ බනින එක් විතරමයි, උදව් කරන්නෙ නෑ.

    සමහරවිට ගොඩක් අය මේ ට්‍රාන්ස්ලේටරේ අවුල් කියල කම්ප්ලේන් කරොත් උන් නවත්තන්නත් තීනව, ඒ නිසා රැක ගන්න එක අපේ යුතුකම.

    ReplyDelete
    Replies
    1. මේක හදනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. සිංහල හරියට හදනවා කියන්නේ දැනට ඉවර කර ඇති සියලු භාෂා වල ලිපි සිංහලෙන් කියවන්න පුළුවන් කියනවා කියන එකයි

      Delete
    2. ලොකු කමෙන්ට් එකක් කෙටුවා , කාලයක් මේකත් එක්ක ඉදලා මම දැක්ක දේවල් ගැන .පබ්ල්ස් කලාට පබ්ලිෂ් උනේ නැ , ආයේ කොටන්නත් හිත දෙන්නේ නැ , දුකයි බං , ඒකවත් මොකටද කියල හිතෙනව .

      අපි නිදි මැරුවේ මේහෙම අවුට් පුට් එකක් ගන්ඩද බං

      මේ බලහං

      මේ බලහල්ලකෝ පරිවර්තනේ කරන වදුරු කුණුහාරප
      Pleasuring your man manually — whether it's a prelude to penetration or an erotic act in itself — is an incredibly sexy sack skill that's often overlooked. When you and your man are fooling around, have him lie on his back and straddle his thighs. Then, gently rub some water-based lube on his penis. To perform the basic hand job, firmly, but gently, wrap your fingers around his member and move your fist up and down his shaft in a slow,steady motion.
      අතින් ඔබගේ මිනිසා Pleasuring - තොරතුරු තාක්ෂණ දැනුම උචිත කිරීම සඳහා මෙය ආරම්භයක් හෝ ඵලයක් ලෙසින් ශෘංගාරාත්මක පනත වේවා - බොහෝ විට නොසලකා තියෙන්නේ බව පාන්ඩියන් ෂඩ් ගෝනියක විස්කමක්. ඔබ සහ ඔබේ මිනිසා වටා අවශ්ය තන්හි කරන විට, ඔහුට තම පිට මත බොරු සහ ඔහුගේ කලවා straddle ඇත. එවිට, මෘදු ඔහුගේ ලිංගයෙහි වතුර මත පදනම් ලිහිසි තෙල් අරියාලේ. දැඩි ලෙස, මූලික අත රැකියාව, නමුත් මෘදු, ඔහුගේ සාමාජික පමණ ඔබගේ ඇඟිලි ආවරණය කරනවා දක්වා සහ මන්දගාමි, ස්ථාවර යෝජනාව ඔහුගේ තවකෙක් වසා ඔබගේ හස්තයකින් යනවා. කිරීම

      Delete
    3. ඔය පරිවර්තනේ කියෙවුවම පිස්සු හැදෙනවා. මේකේ නම් තේරුම කිසිම ගැලපීමක් නැහැ නේ. ගොඩක් මම බලපු චේද වල නම් අදහස් ගන්න බැරි වුනාට පද සම්මබන්ද වීම වැරදි වුනාට ගැලපෙන වචන ටික හරි ආදේශ වෙලා එනවා.
      තවම සිංහලේ වාක්‍ය රටා හඳුනා ගෙන නැහැ. සිංහල වල රටාවට සමාන හින්දි සහ දෙමල වගේ බාශා බොහෝ කලක සිට වැඩ කලත් ඒවාත් මෙහෙමද දාන්නේ නැහැ. දන්න කෙනෙක් ලවා ඒ භාෂා හරියට තියේද කියා බලන්න ඕන දැන්නම්. නැත්නම් ගගට ඉනි කපපු වැඩැක් වෙයි වගේ.

      Delete
    4. //ලොකු කමෙන්ට් එකක් කෙටුවා , කාලයක් මේකත් එක්ක ඉදලා මම දැක්ක දේවල් ගැන .පබ්ල්ස් කලාට පබ්ලිෂ් උනේ නැ , ආයේ කොටන්නත් හිත දෙන්නේ නැ , දුකයි බං , ඒකවත් මොකටද කියල හිතෙනව .// මටත් ඔය වැඩේ වෙලා තියෙනාව බොහෝ විට දැන් නම් දිග කමෙන්ට් නෝට් පෑඩ් එකේ කොට කොට සෙවූ කරලා ඉවර වෙලා තමයි පබ්ලිෂ් කරන්නේ.

      Delete
  3. සිංහලයේ ......................

    කතාවට ඒකගයි.......... මමත් ඔ්ක ටිකක් භාවිතා කරලා බැලුවා.. අවුල් තැන් ගොඩක් දැක්කා... දැන් ඒවා හදතඅැහැකි............. ස්තූතියි............

    ReplyDelete
    Replies
    1. ටික ටික අහුවෙන ඒවා හදන එක අපි හැමෝම කලොත් තව මාස 5-6 යනකොට හොඳ මට්ටමකට එවි.

      Delete
  4. ඇත්තටම මේ ලිපිය ගොඩක් වැදගත්. අර ඉන්දික උපශාන්ත උඩින් කිවා වගේ මේක නැති කරන්න නොදී රැක ගන්න එක අපේ වගකීම. මකසි කියල තියෙන විදිහට අපිත් හැම වෙලේම කරනව. මේකට හැම කෙනෙක්ටම සම්මාදන් වෙන්න පුළුවන් නිසා වැරදි ව්‍යාකරණ, වැරදි අක්ෂර වින්‍යාස ඕනෑම කෙනෙක්ට එකතු කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනව. ඉතින් ඒකත් භයානක තත්ත්වයක්. කොහොම හරි අපිට පුළුවන් විදිහට හැම වෙලේම නිවැරදි සිංහල භාෂාව ඇතුලත් කරන්න උනන්දු උනොත් එම තත්වය අවම කරගන්න පුළුවන් වෙයි. කොහොම හරි මේ පිලිබන්ධව දැනුවත් කරන්න මේ ලියපු පෝසට් එක ගොඩක් වටිනව. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් මනා
      අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ.

      Delete
    2. ආයුබෝවන් මකසි :). මම මුලින්ම කමෙන්ට් කලේ මේ ලිපියට.
      මම දැක්ක Techguru.lk එකේ මේ සම්බන්ධව දාල තිබ්බ ලිපියෙ පරිවර්ථන දත්ත ගූගල් වෙත දීල තිබ්බෙ https://www.facebook.com/groups/google.translate.si/ ඔන්න ඕකෙ ඉන්න නියෝජිතයින් කියල. ඒ වගේම මෙන්න මේ https://translate.google.com/community එක හරහාත් ට්‍රාන්ස්ලේට් කරන්න උදව් වෙන්න පුළුවන් කියල එකෙ තිබ්බ.

      Delete
    3. ඔය ගෘප් ගැන දැනුම් දුන්නාට බොහොම ස්තුතියි

      Delete
  5. ඇත්ත.. කිව්වත් වගේ ගුගල් පරිවර්තකය තුල සැඟවුණු රාක්ෂයෙක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. රාක්ෂයාගේ සැර අඩු කරන හැකියාව අපිට දීලා තියෙන නිසා ලොකුවට බයවෙන්න වැඩක් නැහැ. ප්‍රයෝගික මට්ටමට ආවම අපි තේරුම් ගන්න ඕන මේක යාන්ත්‍රික පරිවර්තකයක්ක් පමණක් බව. යාන්ත්‍රික පරිවර්තක සඳහා පසු නිවැරදි කිරීම් අත්‍යවශ්‍යයි

      Delete
  6. මේ අඩුපාඩු ගැන ගූගල්ට කියන්න ක්‍රමයක් නැද්ද

    ReplyDelete
    Replies
    1. අඩුපාඩු අපිම එකතුවෙලා හදාගන්න ඕන. අපේ රජයවත් නොකරපු වැඩක් ගුගල් නොමිලේ දුන්නම තව ඉල්ලන තියෙන්නේ මොනවාද?

      Delete
  7. ගූගල් සිංහල පරිවර්තන සේවාවනම් කාලෝචිතයි. ඔබ කියන කාරනෙත් වැදගත් අපට මේ සේවාව තව වැඩිදියුණු කරගන්න

    ReplyDelete
  8. අවශ්‍ය වාක්‍ය ගූගල් වලට යවලා පරිවර්තනය කරවා ගන්න පුලුවන් මෘදුකාංගයක් හදන්න අදහසක් තියෙනවා. මම හොයලා බැලුවා පොඩි දෙයයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ගුගල් හරහා පරිවර්තන මෘදුකාංග හදන්න කලින් ගුගල් නිවැරදි කරවන්න ඕන.

      Delete
  9. ස්තූතියි බොලං...මේ තොරතුරු වලට..මමත් ඔය ඉසව්වට ගිහින් බැලුවා...වැරදි අඩුපාඩු ගොඩාක් තියෙනවා...ඔබ කියූ ආකාරයෙන් වැරදි නිවැරදි කරන්න හැල්ප් එකක් දෙන්නං....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අපි ගුගල්ට් උදවු කරන්න ඕන.

      Delete
  10. මහා කළු සිංහලයාට සුබ නව වසරක් වේවා

    ReplyDelete
  11. සිංහල භාෂාවේ අප විසින් වරද්දවන ලද තැන්...(අපේ සිංහල-අපෙන් මත්තට)
    http://techno-lanka.blogspot.com/2015/04/sinhalausing.html

    සිංහල වූ කලී ලෝකයේ ඇති අද්භූත භාෂාවන්ගෙන් දෙ වන ස්ථානය ලබා ඇති සිංහලයාගේ භාෂාව යි. අතීත්යේ පටන් සිංහලයාගේ දියුණුව මෙම සිංහල බස හරහා මොනවට පිළිබිඹු වේ. සිංහලයා යනු, ගසක් නම් එහි පැවැත්ම ස්ථිර කරන පතංගාලෝකය සිංහල බසයි. පතංග යනු සූර්යයා යි. මෙසේ සිංහල බසින් ගලපා ගත් විට කුණුහරපයක් පවා රසවත් වන බව අතීත වියත්හු පැවසුවෝ ය. එ බැවින් සිංහල බස නිරවද්‍යය ලෙස භාවිත කළ යුතු ය.

    ReplyDelete
  12. අම්මා වෙනයි බඩුව වෙනයි.
    බඩුවට බඩුව නොකියා වෙන මොනවා කියන්නද.හැම කැත වැඩක්ම කරලා.අන්තිමට පත්තිනි වෙන්න උබලා කියන්නෙ.ඔක උතුම් මව් පදව්‍ය තමයි ගාවගන්නෙ...මෙ ට්ක්ටොක් එක කරපු උබ මෙ ගෘප් එකෙ ඉන්නවා නම් රිප්ලයි කමෙන්ට් එකක් දාපන්.අම්මා වෙනයි බඩුව වෙනයි.කියලා වෙනස පෙන්නලා දෙන්න

    ReplyDelete