Tuesday, September 16, 2014

ඉමිතියාස්‌ බාකීර් මාකර් හෙළිකරන බෙදුම්වාදයේ මුල.(Truth Of Separatism In Sri Lanka.)


ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලයේ පසුගිය 14 වැනිදා පැවැති විශේෂ මහා සභා රැස්‌වීම අමතමින් ජාතික සමගිය සඳහා වූ බාකීර් මාකර් මධ්‍යස්‌ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස්‌ බාකීර් මාකර් මහතා පවසන ලද මේ අදහස බෙදුම් වාදයේ මුල ලෙස කළු ජුලිය හෝ බණ්ඩාරනායක මහතා කල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ලෙස දකින පුද්ගලයන්න්ට හොඳ පිළිතුරකි.

//ශ්‍රී ලාංකික ජාතියක්‌ හැටියට නිදහස ඉල්ලා සිටි අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය පාලකයන් එදා නිදහස්‌ අරගලය මෙහෙයවූ දිවංගත අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතාට පැවසුවේ "නුඹලා බෙදුන ජාතියක්‌. නිදහස දුන්නොත් එකිනෙකා ඇනකොටා ගනීවි මරා ගනීවිZ කියලයි. ඇත්ත වශයෙන් අපි එදා සිංහල මහ සභාව, මුස්‌ලිම් ලීගය, ද්‍රවිඩ කොන්ග්‍රස්‌, ඉන්දියන් කොන්ග්‍රස්‌, බර්ගර් යුනියන් ජාතික කොන්ගස්‌, මැලේ ලීග් හා මුවර් සංවිධානය යනුවෙන් බෙදී සිටියා. ඩී. එස්‌. සේනානායක වැනි අතීතයේ සිටි ජනනායකයින් ඒ සියලු ජාතීන් හැකිතරම් දුරට එකතු කිරීමට උත්සාහ ගත්තා.//(සම්පුර්ණ ලිපිය දිවයින පුවත් පතේ පලවිය)

ඇත්ත වශයෙන්ම නිදහස ලැබීමටත් පෙර සිට බෙදුම්වාදී අදහස් ජාතීන් අතර තිබුනා. මුල් කාලයේ සිට ජාතීන් සිටියේ වෙන වෙනම සංවිධානය වී. එමගින් අනාගතයේ ඇතිවන බෙදීම සුද්දෝ දැක්කා. (එම බෙදීම ඇති කිරීමටත් සුද්දෝ වක්‍රව සහය වුනා.) දැනටත් එක් එක් ජාතීන් නියෝජනය කරන දේශපාලනය අපේ රටේ අනාගත ප්‍රශ්න වලට මුලයි ඒ බව විශේෂයෙන් ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා වැන්නවුන් තේරුම් ගත යුතුයි.

විශේෂයෙන් දෙමල ජන නායකයන් බලා සිටියා රටේ ප්‍රධානියා වන්නට එයට ප්‍රධාන හේතුව වන්නේ උගත් දෙමල ජාතිකයන් බොහොමයක් රටේ මුල් පුටුවල සිටීම සහ ඉන්ගීසින් රට අල්ලා ගැනීමට පෙර සිටියේ දෙමල රජෙක් වීමයි.  නමුත් සර්වජන චන්දබලය ලැබීම සමග එය ඔවුන්ට සිහිනයක් වුනා ඊළමක් ඉල්ලීමේ මුල එයයි.

ඉන්දියවේ මහත්මා ගාන්ධි විසින් සියලු ජාතීන් එක් කර ඉන්දියානු ජාතියක් බිහි කළා. එයට අනුගත නොවූ අය පකිස්ථානය බංගලිදේශය වැනි රටවල් බිහිකර ගත්තා. අදටත් ඔවුන් ළඟ ඇති අපි ඉන්දියානුවෝ කියන සංකල්පය ඇති කලේ මහත්මා ගාන්ධි. මේ වෙනකම් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් සමාජ ගත කිරීමට ලංකාවේ කිසිම ජන නායකයෙකුට නොහැකි වුනා මෙන්ම ඔවුන් ඒ සඳහා කැපවුණේ නැහැ.

ඩයස්පෝරා ලෙස වෙන්වූ ද්‍රවිඩයන්, පකිස්ථානය දිනන විට රතික්ඥ පත්තු කරන මුස්ලිම් ජාතිකයන්. සහ ජාතිවාදී සිංහලයන් සිටින තෙක් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් ඇති නොවේ. අනාගත ලංකාව වෙනුවෙන් අප පරාජය කල යුත්තේ ඉහත දේවල් වේ.

ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවෙන් සැවොම පෙළ ගැසෙමු.

28 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි සෙන්නා හොඳ බ්ලොග් එකක් හදුන්වාදුන්නාට. රට හදන නියම විදිය ඔය සරත් අයියා කියලා තියෙන්නේ

      Delete
    2. ඈහ්.. මකසි එතකොට ඒක කලින් දැනගෙන උන්නෙ නැද්ද ? මට ඕනා වුනේ රට හදන විදිහ ගැන කියන්න නෙමේ. සරත් අයියා ඒ සිංදුවෙන් දෙන පණිවිඩේ උඹේ මේ ලිපියට ගලපන්නයි...

      Delete
    3. මම අද තමයි සරත් අයියා ගේ බ්ලොග් එක දැක්කේ. අදම බ්ලොග් රෝල්ට දාගත්තා.

      මට කලබලේට මේක කමෙන්ට් ලින්ක් එකක් කියා දැක්කේ නැහැ. ඇත්තටම ඒ සින්දුවේ නියම පණිවිඩය තියෙනවා. නැවත පැහැදිලි කලාට බොහොම ස්තුතියි.

      Delete
  2. ඉමිතියාස් බාකිර් මාකර් කියන්නේ මම ආසම කරපු දේශපාලකයෙක් ඒ වගේම හොඳ කථිකයෙක්.. කථාවක් තියවා ලියන්න.. මගේ සමිපතම දේශපාලකයාගැන ලියන්න ඕන ඉඩ ලැබිච්ච වෙලාවක.. කවුරුත් ගැන නෙවෙයි පියදාස අබේවික්‍රම ගැන..

    ජ ය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ලියන්න. පොරගේ කපටි හිනාව මැවිලා පේනවා.

      Delete
  3. ඒ වගේම බුද්ධාගම අපේ කියලා හිතාගෙන දෙමළු මරමු, තම්බි මරමු ව්‍යාපරා ගෙනියන බොදු බලු සේනා, සිහළ උරුමය, රාවණාගේ බලකායා, වගේ ඒවත් නවත්තනවනම් අගේ නේද..

    ඔන්න මකසො ඔයාගේ ඇහේ පොල් පරාලයක්...

    ReplyDelete
    Replies
    1. මාතලන් හරියට කියවලාම කමෙන්ට් කලානම් නරකද මම කියන්නේත් ඔය ඔක්කොම නවත්වන්න ඕන කියාම තමයි. සිංහල අයගේ, බෞද්ධ අයගේ ජාතිවාදී අදහස් අනිවාර්යෙන් අයින් වෙන්න ඕන එව නැති නොකර අනෙක් අයගේ දේවල් නවත්වන්න බැහැ. මාතලන් දැක්කේ නැද්ද මම ලිපියේ මෙහෙම ලියලා තියෙනවා

      //ඩයස්පෝරා ලෙස වෙන්වූ ද්‍රවිඩයන්, පකිස්ථානය දිනන විට රතික්ඥ පත්තු කරන මුස්ලිම් ජාතිකයන්. සහ ජාතිවාදී සිංහලයන් සිටින තෙක් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් ඇති නොවේ. අනාගත ලංකාව වෙනුවෙන් අප පරාජය කල යුත්තේ ඉහත දේවල් වේ.//

      මම ජාතිවාදියෙක් යන ආකල්පයෙන් හිතේ ඇති දෙයට නොව ලිපියේ ලියා ඇති දෙයට කමෙන්ට් කරන්න.

      Delete
    2. කලබල වෙන්න එපා. එසේනම් ඔබේ ලිපියට යමක් එක් කිරීම ගැන සතුටු වන්න..

      Delete
    3. //කලබල වෙන්න එපා. එසේනම් ඔබේ ලිපියට යමක් එක් කිරීම ගැන සතුටු වන්න..// pපැහැදිලි නැහැ ආයුබෝවන්

      Delete
    4. තොපි දෙන්න හැමදාම ඔරොප්පුවෙන් මොකෝ....

      Delete
    5. වරද පිළිගැනීම ලජ්ජාවට කරුණක් නොවේ මාතලන්.

      Delete
  4. //අදටත් ඔවුන් ළඟ ඇති අපි ඉන්දියානුවෝ//

    ඇත්ත කතාව​, මටත් අනන්තවත් සිතුනු දෙයක් ඕක​. උතුරු ඉන්දියානුවන් ගැන දන්නෑ නමුත් දකුනු ඉන්දියානුවන් නම් ආගම මොකක් වුනත් 'මම ඉන්දියානුවා' ලෙස කියන්නේ ආඩම්බරයෙනි.

    ReplyDelete
    Replies
    1. උතුරේ අයගෙත් ඔය තත්වය වෙනසක් නැහැ. අපි ඉන්දියානුවෝ කියන සංකල්පය නැත්නම් අද ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත ගන්නට වඩා රටවල් වලට කැඩෙනවා.ඉන්දියාව වෙනුවෙන් අවංක මහත්මා ගාන්ධි තරම් පෞර්ෂයක් ඇති නායකයෙක් මේ රටේ බිහි නොවීමයි අපේ අවාසනාව. ලංකාවෙත් ජාතියේ පියාලා සිටිනවා නමුත් ඔවුන්ගේ මෙහෙය මදි.

      Delete
  5. මකසි ජාති වාදය සහ ජාතික වාදය කියල වෙන වෙනම නං වලිං හදුන්වාගෙන ඒකජාතියකට තැන දීම සිදු වෙන්න ගත්තෙ සුද්දගෙ කාලෙ ඉදන්... පස්සෙ පස්සෙ ඒක අපේ මිනිස්සුන්ට පත්තියන් වෙන්න ගත්ත.. දැං ජාති මාමකත්වයද මොකද්ද එකක් අල්ලගන අන්‍ය ජාතීන්ට ගරහනව... එයාල විතරක් නෙවී මෙයාලත් එකයි... කාිටවත් සමගියක් ඕන නෑ...

    විශේශයෙන්ම බො බ සෙ ට හා දෙමළ ජාතික සන්ධානයට... ඔක්කටම ඕන ජාතිකත්වය... මොකද හැම පොලිටික්කම අරක මේකම දන්නව ජාති වාදය තමා හොදම වෙපන් එක කියල

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සියලු ජාතීන් එකතුව ජාතිවාදී දේශපාලන පක්ෂ සහ නායකයන් පරාජය කල යුතුයි. නැත්නම් ගොඩ ඒමක් නැහැ.

      Delete
  6. //අපි එදා සිංහල මහ සභාව, මුස්‌ලිම් ලීගය, ද්‍රවිඩ කොන්ග්‍රස්‌, ඉන්දියන් කොන්ග්‍රස්‌, බර්ගර් යුනියන් ජාතික කොන්ගස්‌, මැලේ ලීග් හා මුවර් සංවිධානය යනුවෙන් බෙදී සිටියා.//

    නිදහස ලැබෙන කලෙ ඔය බෙදීම්වලට අමතරව උඩරට පහතරට සිංහල බේදය හුඟක් තිබුන. (සමහරු උඩරටට වෙනම ඉල්ලුව )

    ReplyDelete
    Replies
    1. මුන් රට බෙදලා සුද්දාගෙන් ඉල්ලපු නැති එක පුදුමයි බලාගෙන ගියාම.

      Delete
  7. Replies
    1. ඇවිත් ගිහින් හරියන්නේ නැහැ.

      Delete
    2. මම මකසි ලියන ඒවාට කැමති ඒත් ලොකු අය කථාකරන තැන්වලට කට දාන්න එපා කියලා තියනවනේ.

      Delete
    3. හැදිච්ච පොඩි එකා

      Delete
  8. අනේ මන්ද බං ......
    ලංකාවෙ ජීවත්වෙන්න කිසිම අදහසක් නැති නිසා මට නම් ඕන රෙද්දක්ය......

    ReplyDelete
    Replies
    1. තව ටිකක් බලලා රට හැදෙන පාටක් නැත්නම් අපිටත් ඔය වැඩේ තමයි කරන්න වෙන්නේ.

      Delete
    2. රට හදන්න කතා කරන්නේ මෙහෙම මිනිස්සු.

      Delete
    3. @AnonymousSeptember 19, 2014 at 9:43 AM
      තම මතය නියම ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ඉදිරිපත්කරන්න එඩිතරකමක් නැති ඔබ වැනි නිවට මිනිස්සු ඉන්න කම් රට හැදේද?

      Delete
  9. ලංකාවෙ තියෙන කාලකණ්නි දේශපාලනේ තමයි ලංකාවට හෙනේ වෙලා තියෙන්නෙ...ඉස්කෝලෙ ගියාට ඉගෙනගත්තෙ නැති මෝඩ මී හරක් වගේම මංකොල්ක කාරයො / ස්ත්‍රී දූෂකයො තමන්ගෙ බඩ රස්සාව විදියටයි දැන් දේශපාලනය කරන්නෙ...ඉතිං රටක් හැදෙයිද...

    ReplyDelete
    Replies
    1. //ඉස්කෝලෙ ගියාට ඉගෙනගත්තෙ නැති මෝඩ මී හරක් වගේම මංකොල්ක කාරයො / ස්ත්‍රී දූෂකයො තමන්ගෙ බඩ රස්සාව විදියටයි දැන් දේශපාලනය කරන්නෙ// උන් දේශපාලනේ කරාට උන් ඉස්සරහට එන්නේ චන්දෙ දෙන හරක් නිසා නේද?

      Delete