Wednesday, January 1, 2014

අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව(Truth Of Internet Money In Sri Lanka)

මම කලින් ලිපිය මහින් අප රට 2013 වසරේ ගුගල් සෙවීම් වලින් වෙන රටවලට සාපේක්ෂව ඉදිරියෙන් ඉන්නේ sex වලින් පමණක් නොවන බව පෙන්වා දෙන ලදී. එසේ ඉදිරියෙන් ඉන්න අනෙක් අංශ වලින් එකක් වන්නේ  Internet Money හෙවත් අන්තර්ජාල මුදල් වේ. එබැවින් අනිවාර්යෙන් ඔබ ඒ ගැන අසා ඇති. සමහර විට ඔබ අන්තර්ජාලය මගින් මුදල් සොයනවා වෙන්න පුළුවන්.  අනිවාර්යෙන්ම මෙය කියවන අය අතර ඉන්නවා මේ ගැන නිවැරදි අවබෝදයක් නැති පිරිසක්. අන්න ඒ පිරිස ඉලක්ක කරගෙන බිහිවූ ප්‍රෝඩා කාරයන් සහ වංචා කාරයන් පිරිසක් මේ වෙන විට බිහිවී අවසානයි. ඔවුන් දැනට වසර ගණනාවක සිට ක්‍රියාත්මකයි. මෙම ලිපියේ අරමුණ එවැන්නන්ට යමෙක් රැවටීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. මම මේ ලිපිය ලියන්නේ මේ පිළිඹඳ කිසිවක් නොදන්නා අය මෙන්ම දන්නා අයටද යමක් ගත හැකිවන පරිදි වේ. එබැවින් ඔබ සියලු දෙනාට මෙය වැදගත්වේ යයි සිතමි. මේ ගැන ඔබට ඇති විය හැකි ගැටළු කිහිපයක් සහ ඒවාට මගේ පිළිතුරු.

අන්තර්ජාලය මගින් මුදල් සොයන්න පුලුවන්ද?

ඔවු අනිවාර්යෙන්ම පුළුවන්. අන්තර්ජාලය කියන්නේ එක් ව්‍යාපාර ක්ෂේත්‍රයක්. බොහෝ වෙබ් අඩවි වල පරමාර්ථයම මුදල් සෙවීම. ඒ සඳහා විවිද ක්‍රම තියෙනවා. පොඩ්ඩක් හිතන්න Google, Facebook, eBay, Paypal, Amazon වගේ විශාල වෙබ් අඩවි කියන්නේ අන්තර්ජාලයේ සිදුවන ව්‍යාපාර. ඔවුන් කරන්නෙත් අන්තර්ජාලය මගින් මුදල් සොයන එක. අපිටත් වෙබ් අඩවි හෝ  බ්ලොග් එකක් සාදා ගැනීම මගින් සල්ලි හොයන්නත් පුළුවන් නැත්නම් අන්තර්ජාලය හරහා අපේ බාණ්ඩ සහ සේවා විකුණා මුදල් සොයන්න පුළුවන්. තව ලංකාවේ කොටස් වෙළඳපොල වැනි දේ සමග ගනුදෙනු සඳහා අන්තර්ජාලය බාවිතා කරන්න පුළුවන් නමුත් එය අන්තර්ජාලය මගින් සිදු කරන මුදල් සෙවීමක් ලෙස නම් කරන්න බැහැ. එයට අමතරව මුදල් මිලදීගැනීම සහ හුවමාරු කිරීම හෙවත් Forex මගින් මුදල් සොයන්න පුළුවන් එය මම දන්නා පරිදි ලංකාවේදී තහනම් දෙයක් ඒ වගේම මම මෙය අනුමත කරන්නේ නැහැ.

අන්තර්ජාලය මගින් මුදල් සොයන්න පුළුවන් කාටද?

බබෙක් නොවන ඕනෑම කෙනෙකුට පුළුවන්. සමහර පාසල් සිසුන් පවා මේවාට යොමු වීම එක ව්‍යසනයක්. එබැවින් ඔවුන්ට වැඩිදුර ඉගෙන ගැනීමට ඇති අවස්ථා පවා මින් අහිමි වෙන්න පුළුවන්. ඒක නිසා මගේ අදහස මෙය ඔවුන්ට එතරම් හොඳ නැහැ. ඔවුන් හැර සියලු දෙනාට අමතර මෙන්ම ප්‍රධාන අදායම් මග ලෙස මෙය යොදා ගන්න පුළුවන්. ගෘහනියන්ට මෙන්ම විශ්‍රාමික පුද්ගලයන්ටත් මෙය පහසුවෙන් කරන්න පුළුවන්. උපාධි ඇති කෙනෙකුට මෙන්ම සාමාන්‍ය පෙළ සමත් නොවන කෙනෙකුට වුවත් මුදල් සොයන්න ක්‍රම අන්තර්ජාලයේ තියෙනවා. ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් සමග යම් ක්ෂේත්‍රයක  දැනුමක් සහ කාලය කළමනාකරණයට සමත් කෙනෙකුට හොඳ කැපවීමක් ඇත්නම් පහසුවෙන් මුදල් සොයන්න පුළුවන්. පහසුවෙන් කියුවේ නිකන් ගෙදර ඉඳගෙන නොවේ. වැඩ කරලා.

අන්තර්ජාලය මගින් මුදල් සොයන්නේ කෙසේද?

මම මුලින්ම කියුවා වෙබ් අඩවියක්  හෝ  බ්ලොග් එකක් පවත්වා ගැනීම මගින් සල්ලි හොයන්නත් පුළුවන් නැත්නම් අන්තර්ජාලය හරහා අපේ බාණ්ඩ සහ සේවා විකුණා මුදල් සොයන්න පුළුවන්.  Forex සහ සුදුව හැර අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රම දෙක මගින් පමණයි. මේවත් මම කරුණු ලෙස පැහැදිලි කරන්නම්.

වෙබ් අඩවියක්  හෝ  බ්ලොග් එකක් පවත්වා ගැනීම මගින් මුදල් සොයන්නේ කෙසේද?

මේ මගින් මුදල් සොයන්න පුළුවන් ක්‍රම 4 ක් තියෙනවා. වෙබ් අඩවිය මගින් යමක් විකිණීම හෝ වෙබ් අඩවිය ලබාදෙන සේවා සඳහා මුදල් අය කිරීම, වෙබ් අඩවිය මත දැන්වීම් දර්ශනය කිරීම, වෙනත් වෙබ් අඩවියක නිෂ්පාදනයක් විකිණීමට උදවු වී කොමිස් ගැනීම සහ තම වෙබ් අඩවිය මත වෙන වෙබ් අඩවියක් ගැන හෝ නිෂ්පාදනයක් ගැන සඳහන් කරන ලින්ක් සහිත ලිපි පළකර මුදල් සෙවීම.  වෙබ් අඩවියකට මේ ක්‍රම 4 ම හෝ කිහිපයක් මගින් මුදල් සොයන්න පුළුවන්. තම අඩවියට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව මත මෙහිදී ලැබෙන මුදල් තීරණය වන බැවින් ඒ සඳහා යම් කැපකිරීමක් සිදුකල යුතුය.

තම වෙබ් අඩවිය හරහා යම් සේවාවක් හෝ දෙයක් විකිණීමට නම් එම අඩවිය ජනප්‍රිය කර ගැනීමට අමතර වෙහෙසක් විය යුතුය. එය මේ ක්‍රමයේ අවාසියකි. තනි පුද්ගලයෙකුට අපහසු වන අතර මෙය බොහෝ විට යොදාගන්නේ ලොකු සහ කුඩා  සමාගම් මගින් වේ.

වෙබ් අඩවිය මත දැන්වීම් දර්ශනය කිරීම මගින් මුදල් සෙවීමේදී කෙලින්ම දැන්වීම් ලබා ගැනීමට අපහසු බැවින් එම සේවාව සපයන අතර මැදි ආයතන පවතී Google Adsense ඉන් ප්‍රධාන වේ. මෙයට අමතරව buysellads, media.net සහ තවත් සේවා පවතී.

වෙනත් වෙබ් අඩවියක නිෂ්පාදනයක් විකිණීමට උදවු වී කොමිස් ගැනීමට පවතින වැඩසටහන් Affiliate Programs හෝ Affiliate Marketing ලෙස හදුන්වයි. මේ සඳහා ඔබගේ කපටිකම උපරිමෙන් වැදගත් වේ. ඔබ අධ්‍යාපනික වෙබ් අඩවියක් කරනවා නම් ඔබට පහසුවෙන් පොත් විකුණන වෙබ් අඩවියක නිෂ්පාදන විකිණීමට හවුල් විය හැක. මෙවැනි දේ ඔබට ගැලපෙන ලෙස තෝරාගත යුතුය. ඔබ වෙබ් අඩවි සැලසුම් පිළිඹඳ වෙබ් අඩවියක් කරනවා නම් ඔබට web hosting අඩවියක  නිෂ්පාදන විකිණීමට හවුල් විය යුතුය. මෙවැනි  Affiliate Programs සහිත වෙබ් අඩවි බොහොමයක් පවතින අතර ඉන් උදාහරණ ලෙස ඉන් කිහිපයක් නම් amazon.com, godaddy.com,  iTunes, Hotwire.com, Themeforest.net වේ. බොහෝ විට මෙවැනි සයිට් වල footer එකෙහි Affiliate Programs, Make money with us වැනි වගන්ති පවතී එවැනි වෙබ් අඩවියක් දුටු විට එමගින් මුදල් එවන ක්‍රම ලංකාවට සහය වන්නේද කියා සොයා බැලිය යුතුය.

ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එක ජනප්‍රිය නම් හෝ වැඩි Google page rank එකක් සහිත නම්. වෙන වෙබ් අඩවියක් හෝ නිෂ්පාදනයක් පිළිඹඳ සඳහන් කර මුදල් සෙවිය හැක. ජනප්‍රිය බ්ලොග් එකකට මෙය වඩා පහසු අතර මේ සඳහාම කරන වෙබ් අඩවිද වේ. මේ සඳහා Microworkers වැනි වෙබ් අඩවි යොදා ගත හැක.

තමන්ගේ නොවන වෙබ් අඩවියක් හරහා බාණ්ඩ සහ සේවා විකුණා මුදල් සෙවීම.

ඔබට පරිගණක වැඩසටහන් හැදීම, වෙබ් අඩවි හැදීම, වෙබ් අඩවි සැලසුම් කිරීම, logo සැකසීම, graphic නිර්මාණ කිරීම වැනි දෙයක් නොපුළුවන් නම් අඩු තරමින් data entry වැඩක් හරි කරන්න පුළුවන් නම් ඔබට කළහැකි එම සේවය අනුව ව්‍යාපෘතියක් බාරගෙන නිමකර මුදල් ලබාගත හැක. ඒ සඳහා බාවිතා කළහැකි වෙබ් අඩවි අතරින් ජනප්‍රිය වන්නේ odesk.com, freelancer.com, elance.com වැනි වෙබ් අඩවි වේ. මේවා ඉතා විශ්වසනීය අඩවි වන අතර වැඩක් ඉල්ලීමට ප්‍රථම වැඩය දෙන කෙනා ගේ පෙර චර්යාව බලා ඔහු විශ්වාස කල හැකි නම් වැඩේ බාරගත හැක.

ඉහත අඩවි වල තමන්ට වැඩය දෙනකම් බාලා සිටිය යුතුවීම ලක්ෂණය වුවත් මේ අඩවි මගින් වටිනා ව්‍යාපෘති ලබා ගත හැක. එවැනි ලොකු වැඩ කිරීමට වෙලාවක් නැති කෙනෙකුට සුදුසු අඩවියක් වන්නේ Microworkers.com වේ. මෙහි ඇත්තේ පොඩි වැඩ වන අතර ඒවා ලැබෙනකම් බලා සිටිය යුතු නොවේ. තියෙන වැඩක් කර මුදල් ගත හැක.

පොඩි පොඩි වැඩ කර එක වැඩකට ඩොලර් 5 ලබා ගත හැකි වෙබ් අඩවියක් පවතී. එය නමින්  fiverr.com වේ. එහිදී තමන්ට කළහැකි වැඩය තමන් කියන අතර කෙනෙකුට එම වැඩය අවශ්‍ය නම් සහ ඔබ හොඳ කියා සිතෙනවා නම් ඔබ ලවා වැඩේ කරගෙන මුදල් ලබා දේ.

තමන්ගේ නිෂ්පාදනයක් විකිණීම හෝ අනුන්ගේ නිෂ්පාදනයක් අතර මැදියෙක් ලෙස විකිණීම සඳහා යොදා ගත හැකි වෙබ් අඩවි පවතී ප්‍රචලිත අඩවි දෙකක් නම් eBay.com සහ amazon.com වේ. සමහර පුද්ගලයන් වෙන අඩවි වලින් මිලදීගෙන eBay හරහා order එක ලබාගත් ලිපිනයට බඩුව යවනු ලබයි. මේ ක්‍රමය drop shipping ලෙස හදුන්වයි.

ඔබ වෙබ් අඩවි සැලසුම් කරුවෙක්, වෙබ් අඩවි සකසන්නෙක්, පරිගණක graphic අංශයේ ප්‍රවීනයෙක් හෝ හොඳ ජායාරූප ශිල්පියෙක් නම්. ඔබගේ නිර්මාණ විකිණිය හැකි වෙබ් අඩවි පවතී. themeforest.net, codecanyon.net, 123rf.com, fotolia.com එවැනි වෙබ් අඩවි වලට උදාහරණ වේ.

මෙයට අමතරව ad ක්ලික් කරන bux නම් හිඟන ක්‍රමයක් ඇති අතර මම එය විස්තර නොකරයි. එයට වඩා හිඟා කන එක හොඳයි.

මම ඉහත තොරතුරු මගින් අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි බවත් එම සොයන ප්‍රමාණය තම හැකියාව මත තීරණය වන බවත් පෙන්වා දෙන ලදී. යථාර්තය වන්නේ කෙනෙක්  අන්තර්ජාලයෙන් මුදල් සොයා සාර්ථක වීමට නම් ඔහුට රැකියාවක් මෙන්ම මහන්සි විය යුතු බවයි. එසේ මහන්සි වුවත් ඔහු දක්ෂ නම් පිටරටක රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරනවා සමානව මුදල් සෙවිය හැක. ඔන්න මම දැන් අන්තර්ජාලයෙන් මුදල් වල යථාර්තය පෙන්වූවා.

දැන් බලමු ප්‍රෝඩාව කුමක්ද කියා. ලංකාව තුල සිටිනවා කවුරු හරි රවටා මුදල් හොයන පිරිසක් හොර වෙද්දු, සාත්තර කාරයෝ, හොර ජෝතිෂවේදීන්, ෆෙන්ෂුයි මාස්ටර් ලා වගේ අය. මේ අය දැක්කා මේ ඊ මනී සිද්දිය. ලස්සනම දේ තමයි ඔවුන්ට ඊ මනී හොයන්න දැනුමක් නැහැ නමුත් කියලා දෙන්න පුළුවන්. දානවා පත්තරේ හෝ TV එකේ දැන්වීම් මාසෙට ලක්ෂයක් සොයන්න වගේ ලස්සන කථා කියලා. සහතිකයකුත් දෙනවා ලු. තව ජාත්‍යන්තර බැංකු කාඩ් වගේ දේවල් දෙනවලු. එහෙම කියලා 5000 ක් වගේ අරන් දවසින් කියලා දෙනවා මම ඔය උඩ කියපු ටිකෙන් කොටසක්. ඒ වගේම ඒ සයිට් වල ලියා පදිංචි වන විදිය වගේ දේවල් ටිකක්. අන්තිමට අර නොමිලේ දෙන ජාත්‍යන්තර බැංකු කාඩ් එකටත් ලියාපදිංචි වන විදිය කියලා දීල ගෙදර යවනවා. ඔහොම යන බහුතරයක් තනියෙම ඊමේල් ගිණුමක් හදන්න වත් පරිගණක බැරි පිරිසක්. ඉතින් එහෙම අය ඔය සයිට් වල ලියා පදිංචි වුනා කියලා කොහොමද සල්ලි හොයන්න වැඩ කරන්නේ. අන්තිමට වෙන්නේ අර කියන ජාත්‍යන්තර බැංකු කාඩ් එවන Payoneer සමාගමටත් ලංකාව චාටර් වෙන එක. මොකද ගනුදෙනු නොවන කාඩ් එවන එකෙන් ඔවුන්ට පාඩුයි. ඊ මනී සොයන්න ඕන සහතික නොවේ වැඩ පුළුවන් වීම. ඉති ඔවුන් සහතිකේ දුන්නා කියලා කවුද පිළිගන්නේ ඒක. අනෙක් එක ඔය දෙකයි පනහේ සහතික විතරක් නොවේ Phd තිබුනත් වැඩ බැරිනම් ඊ මනී හොයන්න් බැහැ රජයේ රස්සාවල් කරනවා වගේ.

මෙම වැඩේදී මට පෙන විදියට නීතියානුකුලව ඔවුන් වැරදි නැහැ. මොකද ඔවුන් දැන්වීම් වල දාන සංඛ්‍යා වලින් මුදල් හොයන්න පුළුවන්. ඔවුන් පෙන්වන්නේ සත්‍ය කරුණු.

ඊළඟට බලමු e money නමින් වෙන මහා වංචා මොනවාද කියලා. ලංකාව තුල සිටිනවා හැමදාම රැවටෙන බහුතරයක්. සක්විති, දඬුවම්, golden key වගේ ගොඩකට රැවටුනා. තව පිරමීඩ වලට රැවටුනා. ඉතින් මේ හැම එකටම නීති ය ක්‍රියාත්මක වුනා. දැන් පිරමීඩ වලට කවුරුවත් රැවටෙන්නේ නැහැ. මහා බැංකු මෙහෙයුම් වලින් හැමෝම දැනුවත් වුනා අන්තිමට කවුරුත් පිරමීඩ දන්නා නිසා. පිරමීඩ බව නොපෙනෙන්න ජාවාරම කරනවා. මුලින්ම පිරමීඩය වැහුවේ ජාල වෙළඳාම(network marketing) වලින් අන්තිමට ඒ කත් එලිවුනා. අන්තිමට පිරමීඩේ වහන්නේ  e money වලින්. මේ ගමන කට්ටිය ලස්සනට ඔය  e money පස්සේ යනවා. සම්බන්ද වෙන්න මුලින් 60000 ක් ගෙවන්න ඕන. ලොකු වැඩක් කරන්න නැහැ සතියකට දැන්වීම් 5 ක් බලන්න ඕන දැන්වීමකට රුපියල් 1000 ක් දෙනවා. හරිම පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් කියලා කට්ටිය පොරකාගෙන යනවා. මුලින්ම මේ ක්‍රමය ක්‍රියාත්මක කලේ localadclick නමින් එක කැඩුනා එතනදී රැවටුන මිනිසුන් නැවතත් ඒ වගේම  panora සහ luminous නම් වලින් ආපු වංචාවට රැවටුනා. ඒවත් දැන් බිඳ වැටිලා. ළඟදී මහා බැංකුව ක්‍රියාත්මක වුනා දකින්න ඇති. ඔන්න ඔහොමයි අර ලස්සන ඊ මනී නමින් ප්‍රෝඩාකාර් සහ වංචාකාර මිනිසුන් ගොඩගියේ. ඒ ගැටලුව මෙතනින් ඉවර වෙන එකක් නැහැ ඉස්සරහාට ඔය පිරමීඩයම තව දෙයකින් වහලා ගෙනේවි. අපේ අයත් නිකන් ඉඳන් සල්ලි හොයන්න නේ යන්නේ කෙලින්ම ආයෙත් රැවටේවී.

සියලු පැතුම් ඉටුවන වංචාකාරයන්ට සහ ප්‍රෝඩාකාරයන්ට නොරවෙටෙන සුබ ප්‍රීතිමත් නව වසරක් ඔබ සැමට.

51 comments:

  1. ඔබටත් සුභ නව වසරක්
    නව වසරෙ ඉස් ඉස්සෙල්ලාම වටින ලිපියක්..
    ගොඩක් අයට වැදගත් වෙයි..

    ReplyDelete
    Replies
    1. මුලින්ම ආවට ස්තුතියි.
      ඔබටත් සුබ නව වසරක්

      Delete
  2. කරුණු නොදන්නා කම හින්දා ගොඩාක් අය නොමග යනවා. මේ ලිපිය ගොඩාක් වැදගත් ඒ හින්දා.
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් යකෝ.

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා....
    කාලයක් තිස්සේ හිත හිත හිටපු ප්‍රශ්න කීපයකට උත්තර හම්බුණා ..ස්තුති ඔබට
    මේ විදියට දීගු ගමනක් යන්න ...

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක්.
      තව ගැටළු තියෙනවා නම් කමෙන්ට් කරන්න.

      Delete
  4. අපේ මිනිස්සු වංචාකාරයොන්ට අහු වෙන්න ආසයි සිංහලයො. නැත්නම් නිකමට හිතලා බලන්න. අර එක සක්විත්තෙක් අහු වෙලා මහා කාලයක් ගියායෑ දැන් ඉඩම් සක්විත්තෙක් කියලා එකෙකුත් ඉන්නවා. අර රජයෙ ඉඩම්ම අක්කර දහස් ගනන් හොර ඔප්පු හදලා විකුණන එකා.

    ඔබටත් සුභම සුභ අවුරුද්දක් වේවා!!!!

    ඔබේ බ්ලොගෙන් සෑහෙන්න රටට වැදගත් ලිපි ලියවෙයි කියලා පේනවා. එයටත් සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රීතිමත් සුබ නව වසරක් චතුරංග.
      එකම දේට උනත් කිහිප වතාවක් රැවටෙනවා. ලාබෙ පෙන්නුවහම කවුරු දැනුවත් කලත් වන්චකාරයාට අහුවෙනවා.

      Delete
  5. සුභ නව වසරක් වේවා...!
    මෙවැනි වටින ලිපි ලිපි උඩින් පල්ලෙන් කියවල වැඩක් නැහැ.
    හෙට නිවාඩු පාඩුවම කියවනවා බං.
    දිගට ම අපේ ගොන්නුන්ගේ ඇස් අරවන්න මෙවැනි වටිනා ලිපි ලියන්න ශක්තිය ලැබේවා...

    ReplyDelete
    Replies
    1. සියලු පැතුම් ඉටුවන නව වසරක් කෙන්ජී අය්යා.
      නිවාඩු පාඩුවේ කියවලා අදහස අර ගන්න.

      Delete
  6. සුබ නව වසරක්. වැදගත් ලිපියක්. ඇත්තටම ෆොරෙක්ස් ලංකාවේ තහනම්ද? මොනවා උනත් ලංකාවේ මිනිස්සු රැවටෙන්න හරි දක්ෂයි.

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක්!
      මම දන්නා තරමින් නම් ෆොරෙක්ස් ලංකාවේ තහනම්. මේගැන TV නිවුස් එක්ක කිවුවා කලකට පෙර. ෆොරෙක්ස් කරන හැමෝටම සාර්ථක වෙන්න බැහැ.සමස්තයක් ලෙස බැලුවොත් රටට පාඩු ඇති.

      Delete
  7. හොද කරුණු ඉදිරිපත් කිරීමක්. මෙවැනි දැනුවත් කිරීම් අවශ්‍යයි. ඔසුනවවේ!!

    ReplyDelete
    Replies
    1. ඔසුනවවේ!! ඔසුනවවේ!!
      බොහොම ස්තුතියි දේශකයා.

      Delete
  8. සහතික ඇත්ත සහෝ.... odesk එකේ newbie කෙනෙක්ට project එකක් ගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා. ඒ වගේමයි Fiverr. ඒකෙත් buyer කෙනෙක්ව අල්ලා ගන්න සෑහෙන වැඩ කෑලි දාන්න වෙනවා. හැබැයි නිසි පරිඝනක දැනුමත්, අලෙවිකරණ හැකියාවත් ඇත්නම් e-money කියන්නෙ මැජික් එකක් නෙමෙයි. හැබැයි මාන්සි වෙන්න ඕනෙ ජොබ් එකක් කරනවා වගේම. මොකද තරඟ කරන්න වෙන්නෙ China,India වගේ රටවල් වල cheap workers ලා එක්කයි.

    නව වසරේ ඔබේ පළමු ලිපිය ඉතා වැදගත්. සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. සත්‍ය වශයෙන්ම ඔවු නගේ. මුලින් ව්‍යාපෘති ලබාගන්න සෑහෙන අමාරුයි odesk.com, freelancer.com, elance.com වැනි වෙබ් අඩවි වල ඒ වගේම ටිකක් දුර ගියහම එතරම් අමාරු නැහැ. මම සමහර විට එකකට bit කරන්න පැය 7-8 පවා කැපකරලා සාම්පල් පෙන්වලා තියෙනවා. හොඳට සල්ලි හොයන්න පුළුවන් වුනාට හිතට ලොකු බරක්.

      ඔබටත් සුබ පැතුම්.

      Delete
  9. බොහොම වටිනා ලිපියක්. ලේසියෙන් සල්ලි හොයන්න යන අය ‍රැවටෙන එක ටිකක් හරි අඩු වෙන්න මේ වගේ ලිපි ඉවහල් වේවි.

    අනිත් එක මේකෙන් මටත් පොඩි අදහසක් ආවා. උත්සහා කරලා බලන්න ඕනා.

    දන්නවද අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ගිහින් බ්ලොග් කියලා ජාතියක් තියනවා කියලා හොයාගෙන බ්ලොග්කරුවන් වෙච්ච පිරිසකුත් ඉන්නවා කියලා..

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් සෙන්නා.
      ආපු අදහස උත්සාහ කරලම බලන්න ඔබට ජය.
      අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ඇවිත් හරි බ්ලොග් ගැන දැනගෙන ආපු අය ඉන්නවා නම් එකත් එක වටිනවා.

      Delete
  10. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා...!!! සෑහෙන්න වටින ලිපියක්.දක්ෂිණ ලංකා ඊ මනි ගුරා තමයි මං දන්න විදියට මේක පටන් ගත්තේ.අදනම් පත්තරයක් ගත්තොත් ඕන තරම් ඊ මනි ඇඩ් තියනවා

    ReplyDelete
    Replies
    1. සුබ නවවසරක් ඔබටත්. ආරම්බකයා ඔහුද කියා දන්නේ නැහැ. නමුත් මුලිකයෙක් බව නම් දන්නවා.

      Delete
  11. සුභ නව වසරක්
    හුඟක් වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක්. දිගටම එන්න

      Delete
  12. මම නම් කවදත් මේ පැත්තට වැඩිය උනන්දුවක් නොදක්වපු හන්දා හරි හමන් දෙයක් කියන්න දන්නේ නෑ මේ ගැන..

    සුභ අළුත් අවුරුද්ද වේවා..

    ReplyDelete
    Replies
    1. උනන්දුවක් නැති පැත්තක් වුනත් දැනගෙන ඉන්න එක වටිනවා. පැමිණියාට ස්තුතියි.
      සුබ නව වසරක්

      Delete
  13. නව වසරේ නියම ලිපියකින් අරඹා තිබෙනවා. තව කීපවරක් කියවිය් යුතුයි. නමුත්කොපමන දැනුවත් කලත් වැඩියෙන් මුදල් ලැබෙන බව කී ගමන් සියල්ල අමතක් වීම අපේ ස්වභාවය වෙලා

    ReplyDelete
    Replies
    1. උඩින් දකින වාසියට හැමදාම රැවටෙනවා. ස්තුතියි දිගටම එන්න පවුලුෂා

      Delete
  14. බොහෝම වටිනා ලිපියක් මහා කළු සිංහලයෝ. වැඳගත් කරැණු රාශියක් දැන ගත්තා.
    ඔබටත් සුභම සුභ නව වසරක් පතනවා!
    නැවත එන්නම්! උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. මොනවා හරි මේකෙන් ගත්තා නම් එක තමයි මගේ සතුට. ජයවේවා.

      Delete
  15. බොහොම හොඳ දැනුවත් කිරීමේ ලිපියක්. මමත් වැදගත් කරුණු දැනගත්තා. ඒ වගේම මට හිතෙනවා උත්සාහයක් දරලා බලන්න. පසුව ඔබෙන් විමසන්නම්. මම ඔබේ අඩවිය මගේ බ්ලොග් රෝලටත් දාගත්තා.

    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. පැමිණ ඇගයීම සහ රෝලටත් දාගැනීම පිළිඹඳ ස්තුත්යි. ගැටළුවක් තිබුනොත් අහන්න.
      සියලු පැතුම් ඉටු වන සුබ නා වසරක් වේවා.

      Delete
  16. //සම්බන්ද වෙන්න මුලින් 60000 ක් ගෙවන්න ඕන. ලොකු වැඩක් කරන්න නැහැ සතියකට දැන්වීම් 5 ක් බලන්න ඕන දැන්වීමකට රුපියල් 1000 ක් දෙනවා.//

    2002 අවුරුද්ෙද් විතර ෙදහිවල රත්නමලාන පැත්ෙත් තැන් කීෙපකටම මිනිස්සු ෙපාරකකා ගියා,
    සමහර මිනිස්සු computer අරං මිනිස්සුන්ට දවස් පඩි ෙගව ෙගවා ෙම් ජාවාරමට අහුෙවලා හිටියා. වැඩි කල් ගිෙය් නැ ඒ් සියල්ල බිද වැටුනා.
    ෙමානව උනත් ෙමානම අාකාෙරක උනත් පිරමීඩ ජාවාරම කියන්ෙන් වසංගතයක්. මම අහල තියන විදියට අප්‍රිකාෙව් සමහර රටවල් පවා පිරමීඩ ජාවාරම් නිසා අගාෙදටම වැටිලා තිෙයනවා..

    ජය ෙව්වා!!

    ReplyDelete
    Replies
    1. ඔවු මට මතකයි ඔය 2002 සිද්දිය ඒ කාලේ දැන්වීම් බැලීමක් නොවේ වෙන වැඩක් තිබුනේ. අන්තිමට කෙස් එක ප්‍රවෘර්ති වලටත් ගියා නේද? එක එක කාලෙට විවිද මුහුණු සහිතව එකම වංචාව එනවා.
      සුබ නව වසරක් විදානේ ජය වේවා.

      Delete
    2. ඔව් එකම වංචාව අලුත් විදියකින් එනවා..
      http://geek.lk/discussion/comment/70922#
      මේ ලින්ක් එකෙන් පිරමීඩ ජාවාරම ගැන විස්තර ටිකක් තියනවා පුළුවන්නම් ගිහින් බලන්න.

      Delete
    3. ඔවු එහි සරලව විස්තරය තියෙනවා. මම පිරමීඩ ගැන මෙතන වැඩි හැදින්වීමක් නොකරේ . පොස්ට් එක දිග වන නිසා සහ කතාව වෙන පැත්තකට යන නිසා.

      Delete
    4. තිස්සමහාරාම පැත්තෙ තමයි දැන් ඕක රන් වෙන්නෙ

      Delete
    5. ඔවු මල් මල් සමහර ගොවියෝ කුඹුරු උගස් කරලා ගිහින් තියෙන්න ඔය වැඩේට.

      Delete
  17. පට්ට ලිපියක් දිගටම ලියන්න...
    හෙටදින බ්ලොග්

    ReplyDelete
    Replies
    1. හෙටදින ලියන යාලු. පැමිණීම සහ අදහස් දැක්වීම ගැන ස්තුතියි. දිගටම එන්න.

      Delete
  18. වැඩ පුළුවන් නම් Freelancing වලින් හොද ගානක් හොයාගන්න පුළුවන්. (උදා- http://blog.electronicinside.com/2012/02/phpmysql.html) Paid To Click නම් මං කියන්නේ කාලේ කන වැඩ. (මමත් කරානේ) කොහොමත් Internet Money කියන්නේ පත්තරේක දාන්න තරම් දෙයක් නෙමේ. නොදැනුවත්කම හින්දා තමා ගොඩක් අය රැවටෙන්නෙ. ස්තූතියි දැනුවත් කරනවට අනෙක් අයව.

    ReplyDelete
    Replies
    1. ඔවු මල්ලී Freelancing ගොඩක් හොඳයි. Freelancing කරන්න දැනුම තියෙන කෙනෙකුට පත්තර දැන්වීම් වලින් එක දින වැඩමුළු වලට යන්න අවශ්‍ය නැහැ. අන්තර්ජාලයේම දැනුම තියෙනවා. රැවටෙන්නේ නොදන්නා අයම තමයි.
      අපෝ Paid To Click පැත්ත පළාතේ යන්න එපා.

      Delete
  19. බොහොම හොඳ ලිපියක්....මම දන්න මල්ලි කෙනෙක් කිව්වා, මගේ බ්ලොග් එක බොහෝ අය බලන නිසා...ගූගල් ඇඩ් එකක් දාගන්න කියලා...කීයක්ද ලැබෙනවාලු..ඒක ඇත්තද?

    ReplyDelete
    Replies
    1. ගූගල් ඇඩ් හෙවත් ඇඩ්සෙන්ස් කියන්නේ හොඳ ක්‍රමයක්. මේකෙදී එක ක්ලික් එකකට නිශ්චිත ගණනක් නැහැ ඔබගේ අඩවියේ අන්තර්ගතයට සඳහා දැන්වීම් සඳහා පවතින ඉල්ලුම මත ලැබෙන ගණන වෙනස් වෙනවා සාමාන්යෙන් එක කිල්ක් එකකට ඩොලර් සත 2 වගේ ගණන් වල සිට ඩොලර් 2 වගේ වෙන්නත් පුළුවන්. ඩොලර් 100 එකතු වූ විට චෙක් එකක් මගින් මුදල් එනවා.
      යම් සයිට් එකක් ගෝ බ්ලොග් එකක් සඳහා ඇඩ්සෙන්ස් ගන්න නම් එය ඇඩ්සෙන්ස් Policies වලට එකඟ වෙන්න ඕන ඒ සඳහා අනිවාර්යෙන් එය සහය දක්වන භාෂාවකින් පැවතිය යුතුයි. සිංහල සඳහා දැනට ඇඩ්සෙන්ස් ලබා නොදේ. ඔබට ඇඩ්සෙන්ස් Policies වලට එකඟ English බ්ලොග් එකක් පවතී නම් පහසුවෙන් ගන්න පුළුවන්.
      මෙන්න ඇඩ්සෙන්ස් Policies
      වැඩි විස්තර
      Terms and Conditions

      Delete
    2. පැමිණ අදහස් දැක්වීම ගැන ස්තුත්යි නැවත එන්න.

      Delete
    3. මකසි.......උඹේ පහදා දීම ඉහලින් අගය කරනවා. ස්තූතියි.

      Delete
  20. අද ලංකාවේ වැඩි දෙනෙක් හිතන්නේ නිකන් කීබෝර්ඩ් එකේ අකුරක් දෙකක් කෙටුවම ඩොලර් 1000 ක් 2000 ක් හොයන්න පුළුවන් කියලා.. පැනෝරා එකේ සහ ලුමිනස් එකේ මුදල් තැන්පත් කරපු අය වැඩි හරියක් තිස්සමහාරාමය පැත්තේ ගොවියොනේ...අර ආයතන වලින් එවන බ්‍රෝකර්ලට රැවටිලා..අන්තිමට ඒ අසරණයින්ට තිබ්බ සල්ලි ටිකවත් නෑ..ප්‍රධානම හේතුව නොදැනුවත්කම.. ඒක නිසා මේ ලිපිය ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය තුල නිවැරදි අවබෝධයක් නැහැ මේ ගැන. ඒ වගේම බ්රෝකර්ලා කියන කථා වලට රැවටුනාම අන් අය කියන දේවල් අහන්නේ නැහැ. ඉරිසියාවට කියන දේ කියලා සිතාගෙන. අදහස් දැක්වීමට ස්තුත්යි.

      Delete
  21. සිරාම පොස්ට් එක සිංහලය.මමත් අන්තර්ජාල පහසු කම යොදාගෙන වසර දෙකකට අදික කාලයක සිට මුදල් උපයනවා. මම emoney කියල කිව්වේ නැත්තේ මම කැමති නැ වචනය යොදා ගන්න. අනික emoney කියන්නේ ඉලෙක්ට්‍රොනික මුදල් කියන එක.අන්තර්ජාලයෙන් නිකන් සල්ලි ලැබෙන්නේ නැ. නිකන් ලැබෙනවානම් ඒ paid to click වගේ හිඟන ක්‍රමේකට තම. මහා කළු සිංහලයට සුබ පතනවා මම.

    ReplyDelete
    Replies
    1. වැඩක් නොකර සල්ලි හොයන්න නො ගොඩක් අය හිතන්නේ. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට emoney කියන එක නිවැරදි නැහැ. නමුත් යොදන වචනය වී හමාරයි. පැමිණ ඇගයීමට ස්තුතියි නැවත එන්න.

      Delete
  22. ලිපිය ටිකක් පරණ උනාට . මට හම්බ උනේ නම් අද....... මේ post එකෙනුත් මං නොදන්නා ගොඩක් දේ දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් නිහිංසා. පහුවෙලා හරි අවානේ දිගටම එන්න.

      Delete
    2. ජාල වෙළදාම උපයෝගී කරගෙන පිරමීඩ ජාවාරම කරනවා තමයි .නමුත් ඇත්තටම ජාල වෙළදාම කරන ආයතනත් ලංකාවේ තියනවා .මාර්ක් වෝ කියන්නේ එහෙම ආයතනයක් .අනිත් එක ඔරිප්ලේම් . අන්න ඒ ආයතන දෙක ඇරෙන්න අනිත් හැම එකක්ම පිරමීඩ ජාවාරම් තමයි .

      Delete