Saturday, April 25, 2015

පන්සලේ ජරමරේ...!!!(Crisis of ------------------------)


එක ගමක පන්සලක 'කපටි' පොඩි හාමුදුරු නමක් බණක් භාවනාවක් එහෙම කරං ගමේ මිනිස්සුන්ට ප්‍රශ්ණ ආවම ඒවටත් උපකාර කරං හිටියා... එයාට හැමෝම ලොකු හාමුදුරුවන්ටත් වඩා ගරු සත්කාර කරා.. කාලයක් යන කොට මෑන් බැලුවා දැන් මම තමයි පන්සලේ ජනප්‍රියම.. දැන් තමයි වෙලාව ලොකු හාමුදුරුවොන්ට ගේමක් දීලා පන්සලේ බලේ අල්ල ගන්න කියලා.. මේ පොඩි නම කාලයක් තිස්සෙ හිතේ හංගං හිටපු ආසාවක් තමයි... මේ පන්සලේ මහ පුටුව..

ඔහෝම ඉන්න කොට තමයි දවසක් අල්ලපු භාරත ගම හොල්ලන් ඉන්න කසිප්පු මුදලාලි මේ පොඩි නමට මුලිච්චි වෙන්නෙ.. මේ කසිප්පු මුදලාලිගෙ බිස්නස් වලට අංචි ඇදපු නිසා මෙයාටත් ලොකු හාමුදුරුවො මල ඇණයක් වෙලයි තිබුනෙ.. ඕක පොඩි නම හොඳටම දැන ගෙන හිටියා.. දැන් දෙන්නා ගැහුවා ප්ලෑනක් ලොකු හාමුදුරුවො එලවලා දාන්න.. ප්ලෑන අනුව මුලින්ම තිබුනෙ පන්සලේ සෑහෙන්න කාලයක් ඇබිත්තිකම කරන් හිටපු තලත්තෑනි සේන මාමට සිවුරක් අන්දලා පංසලේ මහ පුටුවට ගේන්න.. මොකෝ එහෙම කරේ.. ගමේ අය පොඩි නමට කැමති උනාට දැන්ම මහ පුටුව භාර දෙන්න ලැහැස්ති නැති බව මේ කපටි පොඩි නම දැනගෙන හිටියා.. ටික කාලයකින් ලේසියෙන්ම සේනයා එලෙව්වම තමන්ට නිකම්ම පන්සල අයිති කරගන්න තමයි පොඩි නම ප්ලෑන් කරේ...

දැන් දෙන්නා කතිකා කර ගත් විදිහට වැඩේට බැස්සා... උපතින්ම කුලෑටි චරිතයක් වෙච්ච සේන මාමා මුලින්ම බය උනා.. අදිමදි කරා... කැමති උනේ නෑ වැඩේට... ඒත් සේන මාමාව පොඩි කාලෙ ඉදන් නාවලා කවලා පොවලා බලාගත්තු චන්ද්‍රා ඇන්ටි ලව්වා සේන මාමාව කැමති කර ගන්න පුළුවන් උනා.. සේනයා චන්ද්‍රා ඇන්ටිට ලොකු හාමුදුරුවන්ටත් වඩා ගූ බයයි... එයා කියන ඕනැ දෙයක් කරනවා කියලා පොඩි නම දැනගෙන උන්නා.. තමන් කුළඟන සමිතියේ සභාපතිකමින් පන්නපු වාඩුව තමන්ට පෙන්නන්න බැරි ලොකු හාමුදුරුවන්ගෙන් ගන්න චන්ද්‍රා ඇන්ටි කල් යල් බලනවා කියලත් පොඩි නම දැනගෙන උන්නා..

ප්ලෑනට අනුව සේන මාමාව කරලියට ගේන්න කලින් ලොකු හාමුදුරුවන්ගෙ චරිතය නැති කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක උනා.. කසිප්පු මුදලාලි ඒකට යොදා ගත්තෙ උඩින් හතුරු වෙසින් හිටියත් තමන්ගෙ ගජම මිතුරෙක් වෙච්ච අරුණ කුමාර කියලා මැදිවියේ මනුස්සයෙක්.. මෙයා කැම්පස් එහෙම ගියපු උගත් කපටියෙක්.. දහම් පාසලේ ඉගැන්නුවා.. ගමේ මළ ගෙවල්වල නයිට ගහලා කථා කිව්වා..

මෙයාට තියෙන්නෙ අමුතුම ආසාවක්.. මෙයාට ඕනැ උනේ සියළුම හාමුදුරුවො පන්නලා පන්සල බිමට සමතලා කරලා ඒ ඉඩමේ රතුපාට තින්ත ගාපු ගෙයක් හදන්න.. එයා කැම්පස් යනකාලෙ බලපු රුසියන් ෆිල්ම් එකක තිබුනු රතු ගෙයක් දැකලා තමයි මෙයාට මේ පිස්සුව හැදුනෙ.. මෙයා හොඳ කට මුකරියා හින්දා තමන්ගෙ ආසාව ඉශ්ඨ කර ගන්න රසවත් කථා කිව්වා.. පන්සල විවේචනය කරා... හාමුදුරුවො කෙටෙව්වා.. උපාසක අම්මලාට සමච්චල් කරා.. ගමේ කොළු කුරුට්ටො මෙයාගෙ කථාවලට නැට්ටෙ ඉදන් ඇඳලා හිටියෙ.. ඉතින් මෙයා ලොකු හාමුදුරුවන්ගේ චරිතය නැති කිරීමේ කොන්ත්‍රාත්තුව පැනලා බාර ගත්තා.. ලොකු හාමුදුරුවො වටේ හිටපු සමහර ගෝලයො දායකයො කරපු මජර වැඩ පවා ලොකු හාමුදුරුවන්ගෙ එකවුන්ට් එකට දැම්මා..

ලොකු හාමුදුරුවොම කරපු සමහර මංඤ්ඤං වැඩ දෙගුණ තෙගුණ නොව දහ ගුණ කර ප්‍රචාරය කරා... ආවාසයේ ඇඳ යට ඇතෙක් බරට වස්තුව ඇති බව කිව්වා.. පන්සලේ මල් අසුන, බණ මඩුව ඉදි කරන විට ගසා කෑ බව කිව්වා.. සිවුරේ ගණන් හිලව් පවා කිව්වා... මේ ළණු ගම්මු බොහොමයක් කන අතරේ සේන මාමාට සිවුරු පටලවිල්ලත් සිදු උනා...

මෙසේ ප්ලෑන ක්‍රමයෙන් ඉදිරියට ආ අතරේ දායක සභාව කැදවන දිනයත් එලැබුනා.. පොඩි නම, සිවුර දරා සිටි සේන, චන්ද්‍රා ඇන්ටී, අල්ලපු ගමේ කසිප්පු මුදලාලිගේ මේ ගමේ ගෝල බාලයන්, අරුණගේ ළණු කෑ කොළු කුරුට්ටන්, බොරුවට රැවටුනු දායකයන් එක පිලකට පැන ලොකු හාමුදුරුවන් පන්සලෙන් පලවා හරින්නට කටයුතු කරා.. සුළුතරයක් වූ ලොකු හාමුදුරුවන්ගේ අගය දත් දායකයන් කම්පා වන විට ලොකු හාමුදුරුවන්ට සිදු වූයේ ගම කෙලවර වන ලැහැබටම පලා යන්නටය...

ඒ අතරේ චීවරදාරී සේන විහාරාධිපති ලෙස මහ ආවාසයට ගිය අතර දායකයන් අතර කුජීත චරිතයක් බවට පත්ව කලකට පෙර දායක සභාව විසින් පන්සලෙන් එලවා සිටි වික්‍රමවංශ දෙවනියා ලෙස ඊලඟ ආවාසයේ පදිංචි උනා ..කපටි පොඩි නම කල් මැරීම සදහා හිටපු ආවාස ගෙයිම නැවතුනා.. අරුණ පන්සලේ ස්ථීරවම පදිංචි නොවුනත් පන්සලෙන්ම කා බී බොහෝ විට නයිට ගැසුවේ බණ මඩුවේය..

නමුත් මේ නඩයේ සොමිය වැඩිකල් පැවතුනේ නැත... සේන සිවුරු දරා මුල් පුටුවේ සිටියද ඔහු තවම හැසිරෙන්නේ ඇබිත්තයෙකු ලෙසය.. හිටි ගමන් අමතක වී සාමනේර නමට පවා වදියි.. පන්සල නැවත පැමිණ මාසයක් යන්නට පෙර වික්‍රමවංශ පිං පෙට්ටිය භාර දුන් එකා එය කඩා අතේ මාට්ටුය... චන්ද්‍රා ඇන්ටී මහ ආවාසයේ කාමරයක පදිංචි වූයේ තරුණ පිරිසකගේ හූ හඩ මැද්දේය.. බාගෙට හැදූ ඝන්ඨාර කුළුන ලත් තැනම ලොප්ය...

වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබූ පොකුණ ලොවෙත් නැත... ඇඳ පල්ලෙන් ලොකු හාමුදුරුවන්ගේ ඇතෙක් බරට තබා කටුස්සෙක් බරට වස්තුව සොයාගත නොහැකි වීමෙන් අරුණ කුමාර ගම්මුන්ගෙන් මග හරිමින් සිටී... කියූ හොරකම් කිසිවක් ඔප්පු කර ගත නොහැකිව තමන්ම ලියූ ගණන් හිලව් පත්‍රයද සගවා ආවාසය තුල සැගවෙන්නට පොඩි නමට සිදුවී ඇත්තේ ගම්මුන්ගේ හරුපවලින් ගැලවීම සදහාය... පන්සල් භූමිය වල් බිහි වී ඇත.. අල්ලපු ගමේ කසිප්පු මුදලාලිගේ ගෝලයෝ මහ දවාලේ පන්සල් වත්තේ හොර පොල් කඩන්නේ උන්ට ලියා දුන් ඉඩමක් සේ සලකාය...

මේ විගඩම් දකින ගැමියෝ තමන් කෑ ළණුව ගැන විස්සෝප වී සිටිති... ලොකු හාමුදුරුවන්ගේ අගය සිහිපත් කරති... වනයේ ඇති කුටියට ලොකු හාමුදුරුවන් සොයා යති... තවමත් පන්සල් වත්තේ වන විගඩම් වලට එහෙයි කියන්නෙ කවදත් පන්සලට ආදරයක් නොතිබුනු උන්.. අරුණගේ ළණුව සහ පොඩි නමගේ ළණුව වමාරන්නට නොහැකි උන්.. එදා සිටම ලොකු හාමුදුරුවන් ඇලජික් උන්.. කසිප්පු මුදලාලිගේ මේ ගමේ ගෝල බාලයන් වැනි කිහිපදෙනෙකි..

දායක සභාවේ බහුතර ගැමියන් දත කට මදිමින් ඉන්නේ.. මීලඟ රැස්වීම එලැබෙන තෙක්ය.. ඒ පන්සලට රිංගා සිටින බොරු ප්‍රෝඩාකාර අපත නඩය කැලෑවෙනුත් එපිටට පන්නා.. නැවත ලොකු හාමුදුරුවන්ට පන්සල භාර දීම සඳහා ය... උනු වැරැද්ද නිවැරදි කර ගැනීම සදහාය...!!!

උපුටා ගැනීමකි.  

සත්‍ය සිදුවීමකි නමුත් සිදුවුයේ පන්සලක නොවේ නම් ගම් වෙනස් කර ඇත.

Monday, January 12, 2015

ලැජ්ජාව මවටද?(Fucking sons of mother Sri Lanka)

ලොව විවිධ හැසිරීම් සහිත මිනිසුන් වෙසෙයි. ලංකාවේද එසේය විවිධ ලක්ෂන සහිත අය සිටියි. සමහරෙකුගේ අභ්‍යන්තර හැසිරීම ඉතා පිළිකුල් නමුත් එය භාහිරට නොපෙන්වයි. නමුත් ටික කලක් නිරීක්ෂණය කරන විට ඔවුන්ගේ සැබෑ තතු හෙළිවේ. සමහරෙක් හැසිරෙන්නේ පට්ට රැඩිකල් ලෙසය. දේශප්‍රේමී පොරවල් ලෙසය. දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරුණු දෙදෙනෙක් ගැන විස්තර පසුගිය  ලිපියේ පලවිය. එම ලිපියේ සඳහන් කලයුතු ප්‍රධාන චරිතය ගැන විස්තරය මම මෙවර ගෙන ඒමට පොරොන්දු වුයේ ඔහු හරහා සාකච්චා කිරීමට ලොකු කාරනාවක් ඇති බැවිනි. අද අපි ඒ ගැන විමසා බලමු.

එක ශේණියේ සිට ලොකු ලොකු උපාදි දක්වා ලංකාවේ ළමයින්ට සම්පුර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනය ලැබීමේ පහසුකම් පවතී. වෙන එකක් තබා පාඩම් පොත් මෙන්ම ඇඳුම්ද නොමිලේ ලබාදෙයි. එසේ පහසුකම් දෙන්නේ අධ්‍යාපනය යනු මුලික මිනිස් අවශ්‍යතාවක් නිසාම නොවේ. අධ්‍යාපනය යනු රටට ආයෝජනයක් බැවිනි. උගත් බුද්ධිමතුන්ගෙන් තොරව රටක් දියුණු කිරීමට ඇති හැකියාව අවමය. ලංකාව ණය මත යැපෙන රටකි එබැවින් අප රටේ අධ්‍යාපනයට වැය වන මුදලට ණය මුදල්ද වැය වේ. එනම් අවසානයේ බලන විට පොලියත් සමග ගෙවිය යුතු බැවින් එය හිතනවාට වඩා විශාල මුදලක් වේ. එනම් වසරකට වෙන් කරන මුදල පමණක් නොව ගෙවන පොලි වල කොටසකුත් අනිවාර්යෙන් අධ්‍යාපන වියදම් තුල සැගව පවතී.

තම හැකියාව අනුව පහ සමත්, අට සමත්, සාමාන්‍ය පෙළ සමත්, උසස්පෙළ සමත්, ඩිප්ලෝමා සහිත, සහ උපාදි සහිත ලෙස විවිද කඩඉම් වලදී අධ්‍යාපනය හමාර කලත් අධ්‍යාපනය ලබන්නන්ගෙන් බොහෝ දෙනෙක් ගෙන් රටට යම් තරමක හෝ සේවයක් සිදුවේ. රටක අධ්‍යාපනයේ රටේ දියුණුවට ඍජු දායකත්වයක් ලබා ගත හැකි අග්‍ර ඵලය  වන්නේ ඉංජිනේරු, වෛද්‍ය, කළමනාකරණ, විද්‍යා, නීති සහ වාණිජ(තවත් මේ ගොඩට අයිති ඒවා ඇත නොකියවුනා නම් සමාවන්න) උපාධි ධාරීන් ගෙන්ය. කලා උපාධි ධාරීන් ද අග්‍ර ඵලයක් වුවත් ඔවුන් බහුතරයකගෙන් ගෙන් වන රටක දියුණුවට වන්නේ වක්‍ර සේවයකි. මෙම උපාදි පාඨමාලා වලින් වසරකට බිහි කරන ප්‍රමාණය රැකියා ඉල්ලුම මත පාලනය කල යුතුය. එසේම අනාගත සංවර්ධන සැලසුම් මත අදාල කාලයට අදාළ අය බිහිවෙන සේ සකස් විය යුතුය. නැත්නම් සිදුවන්නේ බිහිවන උපාධි දාරීන් රටට බරක් වීම සහ ඔවුන්ට කෙසේ හෝ රැකියා සකස් කිරීමෙන් රට තවත් පහලට යාමය. මෙසේ රටට පාඩුවක් නොවී අධ්‍යාපන වියදම් පුරණය වන ලෙස අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතුය. අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල වක්‍ර ලෙස හෝ පුරණය නොවේ නම් එය ගඟට ඉනි කැපීමකි.  ලංකාවේ අධ්‍යාපනය නිසි කළමනාකරණයකින් යුක්ත නොවන බැවින් මෙමගින් රටට බොහෝ පාඩු සිදුවේ. මෙම ලිපිය ඒ ගැන නොවේ ඒ ගැන පසුව ලිපියක් බලාපොරොත්තු වන්න.

ලංකාවේ තෙවන ලෝකයේ රටකි. එනම් මෙහි වැඩි පුර සිටින්නේ යන්තම් එදා වේල හොයා ගන්නා පුද්ගලයන් වේ. එනම් රජයේ බදු ආදායමට ලොකු දායකත්වයක් ඔවුන්ගෙන් සිදුවේ. එසේ ලැබෙන මුදලින් කොටසක් අධ්‍යාපනය සඳහා වැයවේ එබැවින් මෙම මුදල් වංචා කිරීමද අපරාදයකි. මෙසේ මහජන මුදලින් ඉගෙන ගන්නා කෙනෙක් රටට තම සේවය සපයා ණය ගෙවීම යුතු කමකි.එය සිදු නොකිරීමද මහජන මුදල් වංචාවකි. රටක දියුණුවට කෙලින්ම දායකත්වය තාක්ෂණ අංශයේ උගතුන් මගිනි. ඒ අතරින් ඉංජිනේරුවෝ රටක දියුණුවට අවශ්‍යම පිරිසකි. වෛද්‍ය උපාදිය හැරුණු කොට විශාල වියදමක් වැයවන උපාදි යක් වන්නේ ඉංජිනේරු උපාදියයි. එසේම තාක්ෂණික හා ඉංජිනේරු අංශයේ හැකියා හැමෝටම නැත එබැවින් මෙම අංශයේ ඉගෙන ගත් අයෙක් ගේ වටිනා කම මිල කිරීමට අමාරුය. එබැවින් එවැනි පුද්ගලයෙක් තමාගෙන් රටට විය යුතු යුතුකම් ඉටු නොකර විදේශ ගතවීම තම මවුබිමට කරන ලොකු වංචාවකි.

ඉංජිනේරු වැනි අංශ වල අය සඳහා විදේශ වල ලොකු ඉල්ලුමක් පවතී. එබැවින් එහි සේවය කර තම රටට විදේශ විනිමය එවීම කරන්නන්ගෙන් රටට සේවයක් සිදුවේ ඔවුන්ට මගේ ප්‍රණාමය හිමිවේ.ඔවුන් රට විරුවෝය. මැදපෙරදිග, මැලේසියාව, සිංගප්පුරුව වැනි රටවල සේවය කරන එවැන්නෝ බොහොමයකි. මේ අතර එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාවට යන අයගේ තත්වය එසේ නොවේ. ඔවුන් සදහටම එහි පදිංචි වේ. මෙම රටවල් වලින් ජන ගණත්වය අඩු ඔස්ට්‍රේලියාවට විදේශ වලින් උගතුන් ගැනීමේ කෑදර කමින් සිටී. අවසානයේ ලංකාව වැපුරු දේහි ඵල නෙලන්නේ එම රටවල් වේ.

මෙසේ යන අය නගන පොදු තර්කය නම් තම හැකියාවෙන් වැඩ කිරීමට රැකියා මෙරට නැති බවයි. නැත්නම් මෙරට පඩිය අඩු බවයි. එම නිසා විදේශ ගත වන බවයි. කුමන තර්කය තිබුනත් මවුබිමට යුතුකම ඉටුකළ යුතුය. යුතුකම ඉටු කළහැකි ක්‍රම කිහිපයකි. එම රටවල සේවය කලාට ඒවායේ පදිංචි නොවීම, එහි උපයන මුදල් ලංකාව තුල ආයෝජනය, නැත්නම් තම උපයන මුදලින් ලංකාවට ප්‍රජා සත්කාරයක් කිරීම.  මෙහි ප්‍රජා සත්කාරයක් ලෙස හදුන්වන්නේ ඉගෙන ගන්නා ළමයෙකුට පොත් ටිකක් පැන්සලක් අරන්දීම වැනි දෙයක් නොවේ. තමා මසකදී උපයන මුදල වැනි ප්‍රමාණයක් වත් වාර්ෂිකව ගෙවීම ඔවුන්ගේ  යුතු කමයි. මක් නිසාද යත් ඔවුන් උපයන්නේ ඔවුන් ගත් දැනුම නිසාය එය ලබා දුන්නේ ලංකාවේ මහජන මුදලිනි.

දැන් අද නිරුවත්කරන පොර පිලිබදව සලකා බලමු. ඔහුට තිබුණු පරණ ජනප්‍රිය ප්‍රොෆයිල් එක ඉවත දා දැන් පණ්ඩිත ප්‍රොෆයිල් එකකින් පැමිණ සිටින ඔහු අලුත් වචන හදන උන්මාදයකින් පෙලේ. මෙන්න ඔහුගේ පරණ ප්‍රොෆයිල් එක හදුන්වන විස්තරය

"කියන්න කතන්දර ගොඩාක් තියෙන කතන්දරකාරයෙක් මං. 

හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි. 

මානුෂිකයි. ජාතිවාද නෑ. 

රියල් කතන්දර විතරයි. හැබැයි මං කැමති කතන්දර."

ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහු කෙලින්ම කියනවා ඔහු හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි කියා.බලන්න එම කියමන ඔහුට වලංගුද? කෙලින්ම නැහැ. ඔහු උපන් රටට ණය නොගෙවන මහජන මුදල් වංචා කල අයෙක්. ඔන්න ඕවාට තමයි කියන්නේ තමන්ගේ අඩුපාඩු හංගාගෙන සාන්තුවරු වෙන්න හදනවා කියා. ඔහු මානුෂික නම් ඔහොම හොරකම් කරන්න පුලුවන්ද?

ජාතිවාද නෑ කියන කතාව සලකා බලමු. ඔහු කොහොමද ඔස්ට්‍ර්ලියාවේ ඉඳන් ජාතිවාදී වෙන්නේ. පස්සේ වැස්ලින් ගාගෙන ඉන්න වෙයි සුද්දොන්ට විරුද්දව ජාතිවාදී වෙන්න ගියොත් එහෙදී. සමහරක් සුද්දෝ ඔය වගේ උන් දිහා බලන්නේ ලංකාවේ ජාතිවාදීන් කල්ලතෝනි දෙස බලනවා වගේ. ලෝකේ හැම තැනම වර්ගවාදේ තියෙනවා ජාතිවාදේ කියන්නේ වර්ග වාදයේ උප කුලකයක්. අනිවාර්යෙන්ම අපි වර්ගවාද වලට විරුද්ධ වෙන්න ඕන. මොහුගේ අලුත් ප්‍රොෆයිල් එකේ පින්තුරයට දාලා තියෙන්නේ මෙම stand against racism හෙවත් anti-racism ලාංචනය. මෙන්න ඒක 



මේ පින්තුරයේ මැද තියෙන්නේ ලංකාව. ඕස්ට්‍රේලියා ජාතිකයෙක් වන ඔහු ඔහුගේ ඕස්ට්‍රේලියාවේ පින්තුරය නොදා මෙතන දාගෙන ඉන්නේ ලංකාවේ පින්තුරය. මොහුට උපන්බිමට වඩා පිට රටක් වටිනා නිසා එහි ගියාට ලංකාව ගැන ලොකු ඊනියා කැක්කුමක් තියෙනවා. ඇත්තට කැක්කුමක් ඇත්නම් මෙහෙ ඇවිත් සේවය කරන්න ඕන. හරි ඒවා කමක් නැහැ කියමු. මොහුගේද මවුබිම ලංකාව නිසාත් ලංකාවේ ජාතික ප්‍රශ්නයට මුල ජාතිවාදය නිසාත් එය තුරන් කිරීමේ මග ජාතිවාදය තුරන් කිරීම නිසාත්. ලංකාවේ පවතින ජාතිවාදයට විරුද්ද වීම නම් හොඳයි. නමුත් ඔවුන්ගේ හැසිරීම බලමු.

ඔය පින්තුරේ දාගෙන නටන කිහිප දෙනෙක් ඉන්නවා  ඔවුන් කතා කරන්නේ සිංහල ජාතිවාදය ගැන විතරයි. එය සමග බැදී පවතින දෙමල සහ මුස්ලිම් ජාතිවාද ගැන කතා කරන්නේ නැහැ. ජාතිවාදී නොවන සිංහලයෙක් දෙමල සහ මුස්ලිම් ජාතිවාද වලට එරෙහිව කතා කිරීම පවා ජාතිවාදය ලෙස දකින මොවුන්ට දෙමල සහ මුස්ලිම් ජාතිවාද පෙන්නේ නැහැ. දැන් ලංකාවේ තියෙන සිංහල ජාතිවාදී සංවිදාන වල ක්‍රියාකාරීත්වය සහ එය නිසා ෆෝම් වී fb සහ වෙනත් තැන්වල හි ජාතිවාදී ප්‍රකාශ කිරීම වැරදි වැඩක් තමයි. (මමත් ඒවාට විරුද්ධයි) ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳන්න නම් සිංහල ජාතිවාදය විතරක් නොවේ අනෙක් ජාතිවාදත් නැති කරන්න ඕන.

ඔය පින්තුරේ දාගෙන වැඩ කරන අයගේ ක්‍රියාව නිසා වෙන්නේ බයානක දෙයක්. ඔවුන් සිංහල ජාතිවාදය මර්දනය කරනවා නමුත් දෙමල සහ මුස්ලිම් ජාතිවාද තියෙන්න හරිනවා එවිට වන්නේ. දෙමල සහ මුස්ලිම් ජාතිවාද වලින් පීඩාවට පත්වන්නන් හරහා සිංහල ජාතිවාදයට තවත් පෝර වැටීමයි. එවිට සියලු ජාතිවාද වර්ධනය වෙනවා. එවිට ඔවුන්ගේ පැවැත්මට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වැනි සංවිදාන හරහා මුදල් ලැබීම දිගටම තියා ගන්න පුළුවන්. අපේ කතාවේ වීරයා ගැන කොහොම උනත් මේ පින්තුරය දාගෙන බොහෝ අය කරන්නේ වර්ගවාදය විකුණන එක. ඒ වගේම වර්ග වාදී ගැටළු වැඩිවන විට ලංකාව ජීවත් වෙන්න අපහසු රටක් ලෙස පවතින විට තම හිතවතුන්ද තමා ඉන්න රටට ගැනීමට පහසු වීම.  අපි එයට මෙන්ම සියලු ජාතිවාද වලට විරුද්ද වෙන්න ඕන. නමුත් එය මගින් පුද්ගලික ලාබ බලාගෙන එයට විරුද්ද මුවාවෙන් වර්ධනය කරන එක වැරදියි.

දැන් බලමු මේ පුද්ගලයා මවුබිමට වින කරන විදිය.
1-තමා ඉගෙන ගැනීම වෙනුවෙන් මවුබිම කල ආයෝජනය මංකොල්ල කෑම.
2-තමා ජාතිවාදී නෑ කියමින් ලංකාවේ වර්ගවාදය පෝෂණය කිරීම මගින් වාසි ලබා ගැනීම.

රටට වින කරන මොහු වැනි පුතුන් ජාතක කල මවුපියවරු පවා වැරදි කරුවෝ වේ. මන්ද තම පුතාට මවුබිමට ආදරය කිරීමට ඉගැන්නුවේ නැති බැවිනි. බොහෝ විට එම මවුපියවරු එම පව මේ ආත්මයේම ගෙවයි මන්ද මවුබිමට නොසලකන මොවුන් තම වයසට ගිය මවුපියන්ට පවා නොසලකන බැවිනි.

මෙවන් අපතයන් බිහිවීම මවුබිමේ අවාසනාවකි.

(අප සියලු ජාතිවාදීන්ට විරුද්ද විය යුතුය, ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සංවිදාන ජාතිවාදය පෝෂණය කරයි. අප ඔවුන් මැඩ පැවැත්විය යුතුය. ජාතිවාදය නැති කල හැක්කේ ජාතීන් අතර විශ්වාසයෙන් හා එකාවන්ව ජීවත් වීමෙන් පමණි. එසේ නොකර මහා ජාතියේ ජාති වාදය මැඩ පැවැත්වීමට යාම විහිළුවකි. ලෝකයේම පවතින සමාජ වල ප්‍රබල ජාතිවාදයක් ඇති වන්නේ සුළු ජාතීන් අතර මිස මාහා ජාතිය මගින් නොවේ. ලංකාවේද එසේය)

මාහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.

Friday, January 9, 2015

සංක්‍රාන්ති සමය.(Friday Of Change)


වෙනස් වීමෙන් තොර දෙයක් නැත. වෙනස් වීම පිළිඹඳ කනගාටු විය යුතු නොවේ. අද සිට ඉදිරි දින 100 හෝ කිහිපය තුල අපේ රට තුල යම් වෙනසක් සිදුවේ. මේ වෙනසට පෙර බොහෝ කටකතා තිබුනත් එම කටකතා බොරු බව ඇස්පනාපිට සනාථ විය. මහින්ද රාජපක්ෂ මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් ලෙස රට පාලනය කර පරාජය පිළිගෙන සමුගත්තේය. ඔහුගේ අවසන් ප්‍රකාශ වලින් පැහැදිලිව ඔහුගේ නොසලීමේ ගුණය ප්‍රකට වේ. ඔහු නියම අවංක නායකයෙකි.

මහින්ද රාජපක්ෂ ගේ පරාජය හෙවත් මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පිලිම්බන්දව ජාති පිළිඹඳ කතා නොකර කතා කිරීම විහිළුවකි මහින්ද රාජපක්ෂ මහතාගේ චන්ද අඩු වීමට හේතුව වන්නේ ඔහුගේ පාලනයේ දුෂිත බව පිළිඹඳ පැතිර ගිය කට කතා වේ. ඒවා ට සමාජ ජාලා අඩවි වලින් ලැබුණු සහය සැලකිය යුතුය. එම කට කතාවල ඇති ශෝක්තියක් ඇතත් ගතයුතු දෙයක් පැහැදිලිවම තිබේ. එම දුෂණ වලට එකම වැරදි කාරයා ඔහු පමණක් නොවේ ඔහුගේ වටේ සිටින අය මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ චාන්චා කාරයෝ බොහෝ වෙසෙති. රජයේ තිබුණු දුර්වල ස්වබාවය නිසා මහින්ද රාජපක්ෂට සිදු වුයේ පාරිමෙන්තුවේ බහුතරය රැක ගැනීමට විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමත් ඔවුන් හොඳින් තබාගැනීමට ය. ඒ අනුව ඔහුටද ඔහුට පෙර සිටි චන්ද්‍රිකා ට මෙන්ම ඒවා පිලිම්බන්දව ඇස්පියා ගෙන පවතින ක්‍රමයට අනුගත වීමට සිදු විය. යුද සමයේ නම් එම හැසිරීම රජයේ ස්ථිරත්වය තබාගැනීම පිණිස ද ඉන් පසුව එය තම බලය රැකගැනීමටද භාවිත විය. මෙසේ වත්මන් මැතිවරණ ක්‍රමය යටතේදී රජයකට පාර්ලිමේන්තුවේ ලැබෙන ආසන ප්‍රමාණය සීමා කාරී වීම නිසා එම ගැටලුව පන නගී. එබැවින් රටේ යහපතට එය වෙනස් විය යුතුමය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වුවත් ඔහු වටා සිටගන්නේද මහින්දට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලා නිසා ඔහුගේ පොරොන්දුව ඉටුකිරීමට නම් බොහෝ ප්‍රශ්න වලට මුහුණදිය යුතුය. එසේම ඔහු සැබෑ ජනතාවාදී පාලකයෙක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලාගේ පැන්ෂන් අරමුණු සහ වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුව විසිරුවීම කල්දමා  පාර්ලිමේන්තු මන්ත්රීවාදී ජනපති කෙනෙක් නොවේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා නව රජයක් පත්කළ යුතුය. එහිදී පාර්ලිමේන්තුව විසිරුවීමට ප්‍රථම දැනට පවතින බල්ලන් මෙන් කාකොටා ගන්නා මැතිවරණ ක්‍රමය වෙනස්කල ආසන මට්ටමෙන් වැඩ කරන පිරිසක් පාර්ලිමේන්තුවට ගැනීමට අවස්තාව සැලසිය යුතුය.එමගින් පහසුවෙන් ජනතාව අතර ජනප්‍රිය නමුත් ලොකු මුදලක් සහිත කෙනෙකුට වුවත් ජයගැනීමට අවස්තාව ලබාදීමෙන් අදුෂිත නව දේශපාලකයන් පිරිසකට පාර්ලිමේන්තුව විවුර්ත කල යුතුය.

මා කියන ඉහත ක්‍රමය මගින් එන්නේ ප්‍රදේශයේ සිටින වැඩ කරන කෙනෙක් බැවින් ජාති හෝ ආගම් ලෙස වැඩ කරන පක්ෂ වල නියෝජිතයන් නොව වැඩ කරන ඕනෑම කෙනෙකුට අවස්තාව ලැබේ. රටේ සදාකාලිකව විසදා සන්වර්දනයකට යාමට නම් අනිවාර්යෙන්ම ජාතිවාදී බෙදීම් තුරන් කල යුතුය.ඒ සඳහා අනිවාර්යෙන් ජාතින් ලෙස නියෝජනය වන දේශපාලන ක්‍රමය නැවැත්විය යුතුය. එසේ නැතුව ජාතින් ලෙස බෙදීම ගැටලුව විසදීමට නම් ඒකීය නොව සන්ධීය රාජ්‍යකට අප මාරු විය යුතුය. නමුත් එය සියුම්ව කල යුතුය නැත්නම් එයම මගින් රට බෙදේ(මේවා පසුව ලිපියකින් සාකච්චා කරමු). කෙසේ කලත් එමගින් ඇති අවධානම වැඩි වන්නේ ලංකාවේ දෙමල සහ මුස්ලිම් ජාතිවාදීන් මාස්ටර් පැලෑන් අනුව වැඩ කරන බැවිනි.

මෛත්‍රීගේ ජයට හේතු වූ දෙමල සහ මුස්ලිම් චන්ද සලකා බලමු. ඔහුට දීනීමට හේතුවුයේ සුලුජාතික් චන්ද බැවින් සමහරුන් මෙම මැතිවරණය දකින්නේ ජාතිවාදයට වැදුණු පහරක් ලෙසිනි. එසේම මෙය සුලුජාතිකයන් ජාතිවාදය ප්‍රතිෂේප කිරීමක් ලෙස දකිති. සිංහලයන්ගේ පටු චින්තනය ගැන දුකයි. සුලුජාතිකයන් සිරිසේන වෙනුවෙන් චන්දය දීමට හේතුව ඔවුන්ට නොතෙරීම පුදුමය. සිංහල ජනයා මෙන් නොව ඔවුන් බහුතරය වැඩ කරන්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ වල නායක තීරණ උඩය. මෙහිදී ජාතින් නියෝජනය කරන ඔවුන්ගේ ජාතිවාදී පක්ෂ මහින්දගෙන් වෙන්වීම නිසා එම පළාත්වල මහින්ද පරාජය විය. මහින්ද ඔවුන්ගේ රටට විරුද්ද තීරණ වලට කැමති නොවීම ඔහුගේ පරාජයට ප්‍රබල හේතුව විය. මහින්දට විරුද්දව ප්‍රබල අපේක්ෂකයෙක් සිටියදී ඔහු අවස්ථාවාදී නොවී එම ජාතිවාදීන් සමග එක් නොවීම නිසා. ඔහු පැරදුනේ රට වෙනුවෙන් වැඩ කිරීම නිසාය. එබැවින් සිරිසේන මහතා සමග  ජාතිවාදී පක්ෂ සිටින බැවින් ඔහු පරිස්සමෙන් වැඩ කල යුතුය. නැත්නම් වන්නේ රටේ බෙදීමය. වටේ අය කෙසේ වෙතත් සිරිසේන මහතා නම් රටට ආදරේ කෙනෙක් බව මම විශ්වාස කරමි. මහින්දට මෙවර උතුරු නැගෙන හිරින් ලැබුණු චන්ද සුළු වුවත් සැලකිය යුතු ප්‍රමාණය නම් ජාතිවාදය නිරුපනය නොකරන දෙමල සහ මුස්ලිම් චන්ද වේ. මහින්ද ගේ  දුෂණ හෝ ඒ පිළබඳ කතා  අඩු වූවානම් එම චන්ද තවත් වැඩි වනු නොඅනුමානය.

සමාජ ජාල යනු සීමා පැනවිය නොහැකි සන්නිවේදන මාර්ගයක් බැවින්.දුෂණයට විරුද්දව දේශ පාලකයන් මෙල්ල කිරීමට එය හොඳ ආයුධයකි. මෙවර මහින්දට එමගින් පාඩමක් ලැබිණි. එම පාඩම සිරිසේන මහතාද වැරදි පාරේ යන්න ගියොත් එම පාඩම ලැබෙනු ඇත. මේ සංක්‍රාන්ති සමය සිරිසේන මහතා ගේ හැසිරීම්ම අධ්‍යනය කමු. කවුරු ආවත් කවුරු දිනුවත් මේ රට අපගේය. එබැවින් අවස්ථාවාදී නොවී එය රැක ගැනුම අපගේ යුතු කමයි.

ලංකාවට අවශ්‍ය සියලු ජනතාව බේදයකින් තොරව සිටිය යුතු රටකි.
මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.

Friday, January 2, 2015

රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය(Shame of the bloggers)

සිංහල බ්ලොග් කරුවෝද සිරිලංකා ජනතාවගෙන් ගත් සාම්පලයක් ය. එබැවින් සාමාන්‍ය සමාජයේ මෙන් පට්ට ලෙස රැඩිකල් නමුත් විලිලජ්ජාවක් නැති පිරිසක් මෙහි වැජබෙන්නේය. එම අයගේද ක්‍රියාකාරීත්වය මේ දිනවල දේශපාලන උණුසුම සමග වැඩි වී තිබෙන්නේය. මොවුන්ගෙන් බහුතරය අදහන බුදු දහම අනුව ගත්තොත් යමක් අහවල් උන්නාන්සේ කියුවා, අහවල් පොතේ තිබුනා, කොටින්ම කියනවා නම් අහවල් රෙෆරන්ස් එක අනුව මෙසේ වන්නේය කියූ පමණින් පිළිගැනීම මෝඩ කමක් වන්නේය. නමුත් මේ පට්ට රැඩිකල් වල්ලාපටටා ඩයල් කරන්නේ ඒ දේමය. එසේම ඔවුන් ලියන්නේදේ එසේමය. මේ සතියේ එසේ රෙද්ද පල්ලෙන් දේශප්‍රේමය බේරුණු ඩයල් කිහිපයක් මම දැක්කේය. ඒ අතරින් තුන් දෙනෙක් ගැන මෙම ලිපියේ සඳහන් කරන්නේය. ඉන් අඩුවෙන්ම බඩ ගිය කෙනා හෙවත් තෙවැනියා මුලින් ගනිමු.


මෙන්න ඔහුගේ ගූ ගඳ ගහන ලිපිය //මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි. // මෙම ලිපිය ලියන පුද්ගලයා යුධ උපක්‍රම හොඳින් දන්නා රණ විරුවෙකි. මම ඉතා ගරුකරන පුද්ගලයකි. නමුත් මෙවැනි වැඩිහිටියන් අතින් මේ වගේ වගකීම් විරහිත ලිපි පලවීම නුසුදුසු දෙයකි. තමන් යම් දේශපාලන මතයක් දැරීම හෝ ඒ වෙනුවෙන් කඩේ යාම කිසිම අවුලක් නැත. නමුත් වගකීම් විරහිත කට කතා පැතිරවීම හෙළුවෙන් කඩේ යාමකි. පුද්ගලයන් වයසට යන විට මෙවැනි මොන්ටිසෝරි වැඩ කරයි. දුකම කරුණ වන්නේ රටක් ගරුකරන මෙවැනි පුද්ගලයන් මෙවැනි මෝඩ කතා නිසා පිරිහීමයි. හොඳින් බලන්න මෙම ලිපියේ ඇත්තේ එක ආරංචියකි එයද ආ තැන සඟවයි. එම ආරංචිය වන්නේ  "සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව" මෙයයි අනෙක් සියලු දේ ඔහුගේ සිතේ පහල වූ දේවල් වේ. සාක්ෂි රහිත ආරංචියක් හරහා ඔහු ප්‍රබන්දයක් ලියයි. මහින්දට හිතවත් හෝ සිරිසේනට හිතවත් කාගේන්හෝ ඇසුවොත් කියන්නේ අපි මෙවර කෙසේ අනිවාර්යෙන් දිනන බවයි. සමහරක් දෙනා එය අපි කෙසේහෝ මෙවර දිනනවා කියන්නට ඉඩ ඇත. එවැනි ප්‍රකාශයක් අරභයා මොහු ලස්සාන කතා ගොතයි. සිරිසේනගේ හිතවාතුන් හුරේ දමයි. ඊයේ මට කෙනෙක් කියුවා කුරුණෑගල පැත්තේ ඉන්නා දුලා දෙන්නෙක් ඉන්න විශ්‍රාම ගිය හමුදා නිලදාරියෙක් තම සේවිකාව දුෂණය කළා කියා. ඉතින් මම බ්ලොග් ලිපියක් ලියනවා විචාරක නමින් පෙනී සිටින නාකි අවලමා තම සේවිකාව දුෂණය කළා කියා තව තොරතුරු අතින් දමා ලිපියක් ලියනවා නම් එය කොතරම් සදාචාරවත් ලියවිල්ලක්ද? විචාරක මහාතා පරණ ලිපියක කියා තියෙනවා සතුරන් පරාජය කරන්න බොරු ප්‍රචාර යවන යුධ උපක්‍රමයක් ගැන. විචාරක මහාතා නිරුවතිම මහින්දට විරුද්දව කටකතා පැතිරවීමෙන් ඔහු එම උපක්‍රමයේ ප්‍රවීනයෙක් බව පෙනේ.


එතකොට දෙවනියා කවුද? ඔහුගේ ලිවීම් රටාව මම මුල් චේදයේ අනුගමනය කරන ලදී. මම හිතන්නේ කවුරුත් ඔහුගැන දන්නාවාය. ඔහුද අමුතුම පොරකි. කොතරම් රැඩිකල් බව පෙන්වුවත් රනිල් වන්දනා කරන්නෙකි. පසුගිය සති දෙකතුනේ මහින්ද වෙනුවෙන් බොරුවට කඩේ ගිය ඔහු දැන් නියම ස්රුපයෙන් පෙනී සිටී. නාවතම ප්‍රචාරක කටයුතු වන්නේ පදනම් විරහිත කටකතා වලින් පෝෂිත බ්ලොග් ලිපි සහ කමෙන්ට් පළකිරීමයි. ඔහු ගේ ජොබ් එක බ්ලොග් ලිවීම තරමට ලිපි ලියන සහ කමෙන්ට් කරන ඔහු සින්ඩි දෙකක ඇඩ්ඩින් කෙනෙකි. සින්ඩි ඇඩ්ඩින් කෙනෙක් නිසාද. ප්‍රබල කමෙන්ට් කරුවෙක් නිසාද. ප්‍රවීණ බ්ලොග් කරුවෙක් නිසාද මොහු හෙළුවෙන් සිටියත් බොහෝ බ්ලොග් කරුවන් එය විවේචනය නොකරන බැවින් ඔහු මනසින් ලොකු පොරක් වී ඇත. මංකොල්ල කරුවෙකුගේ නමින් පෙනී සිටින මොහු ගේ නම් නොකියුවත් මේ කතා කරන්නේ මාතලන් ගැන බව කවුරුත් දනී. මෙන්න ඔහුගේ පසුගිය ලිපියේ ඔහු පණපොවන කටකතා කිහිපයක් සහ ඒවාට පිළිතුරු
//කොටි බලය විනාශ කොලා කියන්නේත් එයාලාමය. ඉතිරි කොටි ඉන්නේත් එයාලා ළඟය. එකෙක් අම්මට සිරි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිය.//  රජයේ සිටින හිටපු කොටි නැවත ඊලම ඉල්ලන්නේ නැත. නමුත් කොටි සිටින කාලේ සිට ඔවුන්ට දේශපාලනමය ලෙස සම්බන්ද TNA ඊළාම් වාදී මතයක සිටියි. ඔවුන්ගේ අදහස් සහ ඉල්ලීම් වලින් එය මානාව පැහැදිලි වේ. එසේම නැගෙනහිරට මුස්ලිම් පාලන ප්‍රදේශයක් අවශ්‍ය බව පසුගිය් සතියේ ඔවුන් ප්‍රකාශ කළා. පැහැදිලිවම මේ දෙගොල්ලාට අවශ්‍ය ආගමික හෝ ජාතින් ලෙස වෙන්වීමයි.කොටින්ම කියනවා නම් ඔවුන්ට අවශ්‍ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් නොව කොටස් වලට බෙදීගිය (නමුත් නාමිකව ඒකීය හෙවත් ෆෙඩරල්) ශ්‍රී ලංකාවකි. 

//මන් ගොන් පිල නොහොත් රුපියල් සීයේ හිඟන්නා අපෙන් අහන්නේ,  කරුණා අම්මාන්ලා, පිල්ලෙයානලා කර වැරදි මොනවාද කියාය.// ගම්මන්පිල මහතා ගේ සාකච්චාවක කොටසක් පමණක් වැරදියට ගෙන හැර දක්කවාගෙන උඩ පනී. ගන්මන්පිල කියන ලද කරුණ දැන ගැනීමට මෙයට දින කිහිපයකට පෙර සහභාගී වූ අතුලාන්තය වැඩසටහන නරබන්න. 

//ඔය කියනා තරම්, බටහිර බලවේග වලට මේ රට පාළණය කරන්නවත්, කොටින්ට ඊළම දෙන්නවත් ඕනෑ කම තිබුනා නම්, 1994 සිට 2005 දක්වා කිසිම අවුලක් නැතිව වැඩේ කර ගන්න තිබුනේය. එයිටත් වඩා රනිල් සාම ගිවිසුම් ගහපු වෙලාවේ හිතේ හැටියට කර ගන්න තිබුනේය. ඒත් උන් එහෙම නොකරන්නේ මේ රටේ ඇති ලබ්බක් නැති නිසාය. ඔය උතුරේ ප්‍රශ්ණයට උනත් හොට දාන්නේ, සුළු ජන වර්ගයකට වෙනස් කම් කොරනා සීන් එක නිසාය.// බටහිර බලවේග වල අවශ්‍යතා කිහිපයක් පවතී. ලංකාවේ පාලනයට බටහිර බලවේග බලපෑම් කරනවා කියන කතාව විහිළුවක් නොවේ. එය විහිළුවක් වන්නේ ලෝක දේශපාලන ස්වභාවය නොදන්නා මිනිසුන්ටය. දැන් ලස්සනම කතාව බටහිර බලවේග විහිළුවක් ලෙස සැලකීමයි. බටහිර බලවේග ලංකාවට ඇඟිලි ගැසීමට හේතු ගණනාවක් වේ.
1-තම රටේ සිටින දෙමල ජනතාවගේ චන්දය ලබාගැනීමේ උපක්‍රම ලෙස.
2-තම රටවල ජීවිතාරක්ෂාව මුවාවෙන් (ව්‍යාජ)සරණාගතයන් ලෙස එන දෙමල සහ  අනෙකුත් ජන ප්‍රමාණය අඩු කිරීමට
3-රටවල යුධ ගැටුම් වර්ධනයෙන් තම අවි වෙළඳ පොළ පුළුල් කිරීම 
4-ගැටුම් සහිත රටවල සුභසාධන කටයුතුවලට මුවා වී ආගම් ප්‍රචාරය 
5-ලංකාව පිහිටි ස්ථානය නිසා යුදමය වැදගත්කම. මේ ගැන අපේ ප්‍රා ජේ ලස්සන තර්කයක් ගෙනාව නමුත් එය වලංගු නැහැමෙන්න එය//ලංකාව ඔයතරම් උපායමාර්ගිකව ලෝක බලවතුන්ට වැදගත් කියන එකට සාධාරණ හේතු රුවල් නැව් කාලයේ සිට දෙවන ලෝක යුද්ධය දක්වා තිබුන. දැන් එහෙම නෑ. බැලිස්ටික් මිසයිල් , චන්ද්‍රිකා තාක්ෂණය, එයාක්‍රාෆ්ට් කැරියර්ස්, නැව්වල විශාලත්වය සහ විශේයයෙන්ම දැන් තියන ආර්තික හා යුද්ධමය උපක්‍රම නිසා ලංකාවට තියෙන්නේ යුදමය වශයෙන් ඉතා අඩු වටිනාකමක්. තෙල්, රන් හෝ අනිකුත් මිනරල්ස් වලින් ආර්ථික වටිනාකමකුත් ලංකාවට නෑ. 
වෙන එකක් තියා ඉන්දියාවට හා චීනයටවත් ලංකාව අතිශය වටිනා රටක් නෙමෙයි වර්තමානයේ// කොතරම් තාක්ෂනය දියුණු වුවත් ගොඩබිමක අවශ්‍යතාවයට හිලවු වෙන්නේ නැහැ ආරක්ෂාව සහ වෙනත් තාක්ෂණික හේතු නිසා. වෙන එකක් තියා ඉන්දියන් සාගරයේ මාලදිවයිනට පහලින් ඇති Diego Garcia වැනි දුපත් වල බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු හමුදා කඳවරු තියෙනවා ඒ වගේම ලෝකයේ තැනින් තැන කඳවුරු තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් Diego Garcia තියෙද්දී ලංකාව කුමකටද කියා නමුත් එක්සත් ජනපදයට සහ එක්සත් රාජදාණියට ඩියේගෝ ගාර්ශියා තියෙනවා නමුත් ඒ වගේ තැනක් නැති චීනය ලංකාවේ යම් යම් දේ කරනවා. ඔන්න දැන් අර කට්ටිය ට ඕන ලංකාවේ චීන ක්‍රියා වලක්වන්න. ඔන්න ඕක තමයි දැන් යන තත්වය.ඊට අමතරව එක බෝම්බෙන් සුනුවිසුනු කල හැකි වර්ග කිලෝමීටර් 44 තියෙන අටෝල්ලට වඩා ලංකාව උන්ට කොහොමත් වටිනවා. ඒ වගේම අපේ ගාව හොඳ යුරේනියම් ටයිටේනියම් තියෙනවා. නමුත් සුළු මුදලට අපි ඛනිජ වැලි යවන නිසා දැනට ඔවුන්ට අවුලක් නැතත් චීනයට ඒවා සින්න වේද කියා බයක් සුද්දොන්ට එන්න පුළුවන්. මේ මට මතක්වෙච්ච කිහිපයක් පමණයි තව හේතු තියෙන්න පුළුවන්.

කියන්න තව දේවල් ඇත කියන්න හොඳම දේ නම් සාරුවා සුනිල්ගේ කතාවය මේක තිබුනේ කමෙන්ට් එකකය  //මහින්ද රාජපක්ෂයි එයාගේ ගෝලයෝ රොත්තයි කරන්නෙ සුද්දා කලාට හපන් දේවල්. උදා - ළමයි 100 රේප් කරපු ප්‍රාදේශියේ සභාපති..// මෙන්න කට කතා යවන අපුරුව. ළමයි 100 රේප් කරපු එකෙක් ලංකාවේ නැත ඉන්නවා නම් එය ලෝක වාර්තාවකි. සාරුවා සුනිල් සුද්ද කිරීමට මට අවශ්‍ය නැත ඔහු ගැහැණු 500 සමග හිටියත් ඒවා දුෂණ නොවේ. ලංකාවේ විවාහක බිරිඳගෙන් පිට ලිංගික හැසිරීම නීතියානුකුල වරදක් හෝ දුෂණයක් නොවේ. දුෂණය ලෙස සල කෙන්නේ බලෙන් කිරීම හෝ බාල වයස් කාරියක් බලෙන් හෝ කැමැත්තෙන් සමග ලිංගිකව හැසිරීමයි. සුනිල්ට වරදක් කියන්න පුළුවන් වන්නේ බාල වයස් කාරියක් සමග ලිංගිකව හැසිරීමයි. මෙම දැරියගේ පසුබිම සහ වෙනත් කරුණු අදාළ වැඩක් නැත ඒවා කෙසේ වෙතත් මෙම ක්‍රියාව වරදක් ලෙස ගන්නේ(මා දන්නා පරිදි නීතිය අනුව වරදකරුවෙක් වී නැත) නම් දුෂණ 1 කි එය 100 කර අර කපුටෝ 7 දෙනෙක්ක් වමනේ දැමු කතාව මෙන් ගිනි අවුලවයි. මෙතනදී මාතලන් ප්‍රවුර්තියක් දුෂණය කර ඇත.මාතලන් මේ ප්‍රසිද්දියේ දුෂණය කරන්නේ බ්ලොග් අවකාශයයි.

ලිපිය දිග වැඩි බැවින් මෙතනින් නවතිමි. සුපිරිම ඩයල් එක ගැන විස්තර පසුව බලා පොරොත්තු වන්න. අද තරගය. වැඩිපුරම රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය සහිත බ්ලොග් කරුවා කවුද? ඔහු නම් කර තෑගී දිනන්න.

මේ දිනවල අලුත් ප්‍රොෆයිල් ගොඩක් fb එකේ බ්ලොග් අවකාශයේ සහ ෆෝරම් වල කට කතා පතුරුවයි. එසේම ප්‍රවීණ බ්ලොග් කරුවෝ කිහිප දෙනෙක් මේ ගොඩට එක් වී ඇත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුධ්දියෙන් ඇසිය යුතුය. අපි සැබෑ ජීවිතයීදී ගන්නා තීරණ කිසිදා undo කළා නොහැක. මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි. එළබෙන නව වසරේ අප රටට සුබ අනාගතයක්.

Monday, December 22, 2014

ගුගල් පරිවර්තකය සහ සිංහල භාෂාව සහ අනාගතය.(Future of Google Sinhala Translator)


මෑතකදී ගුගල් සිංහල පරිවර්තකය වැඩ අරඹන ලදී. ඒය ක්‍රියාත්මක වූ විට හුරේ කියා ඇතැම්හු ලිපි පළකලද. මටනම් එය ලොකු ජයක් නොවේ. මෙය මේ මට්ටමට ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳව  ඒ සඳහා මහන්සි වූ සැමට ස්තුතිය පිරිනැමිය යුතුය. මෙහි ඉදිරිය යහපත් කිරීම ගුගල් සතු වගකීමක් නොව අප සතු වගකීමකි. අපගේ යුතුකම නම් එය භාවිතා කර එහි වැරදි පෙන්වා දීමයි. දැනට පරිවර්තකය වැඩ කලද එය ප්‍රයෝගිකව සාර්ථක නොවේ. එසේ වුවත් අඩු තරමින් දිනකට වාක්‍ය 10 හෝ සහිත ලිපියක් එමගින් පරිවර්තනය කර එහි වැරදි අපි පෙන්වාදෙන්නේ නම්. ඉංග්‍රීසි බැරි අපගේ හිතවතුන්ට එය අනගාතයෙදී ලොකු උපකාරයක් වනු නියතය.
මුලින්ම එය ප්‍රයෝගිකව කරන ආකාරය සලකා බලමු 

මෙහි සිංහල පරිවර්තනය පෙන්වන කොටුව පහල වම් පැත්තේ ඇති පැන්සල සහිත අයිකනය ක්ලික් කරන්න. ඉන්පසු 
නිවැරදි වැකිය ඇතුලත් කර contribute කරන්න.

මෙසේ නිවැරදි කරන විට අනිවාර්යෙන්ම අක්ෂර වින්‍යාසය සහ වියරණ සැලකිල්ලට ගන්න. එසේම ඉංගීසි ලිපියේ කාල භේදය සහ කර්මකාරක කතෘකාරක වැනි ස්වාරුපයන් එසේම සිංහල පරිවර්තනයට එන පරිදි පරිවර්තනය දෙන්න. ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස නොසලකා ගුගල් පරිවර්තකය වැඩි දියුණු කරන්න අපේ අය ගියොත් වන්නේ එහි නිවැරදි තාවය තවත් හීන වීමයි. එබැවින් එය කරන විට වගකීම් සහිතව කරන්න. දැනටම අපේ අය එහි මලපහ කර ඇති බව පෙනේ.

කෘතීම බුද්ධියක් රහිතව කවදාවත් පරිවර්තන කාර්යක් 100 % සාර්තක්කව යන්ත්‍රයකට කල නොහැක. දැනට එම ක්ෂේත්‍ර පරීක්ෂණ මට්ටමේ පවතී. ගුගල් පරිවර්තකය ක්‍රියාත්මක වන්නේ කෘතීම බුද්ධියට ආදාලම ක්ෂේත්‍රයක් වන machine learning ක්‍රමය යටතේය මෙහිදී යම් ඉංග්‍රීසි වාක්‍යකට ගැලපෙන සිංහල වාක්‍ය රටාව අඳුනා ගැනීම පුද්ගලයකුගේ පෙන්වා දීමකින් තොරව ඉබේ හඳුනා ගනු ලබයි. සිංහල සහ ඉංග්‍රීසි යනු වියරණ නීති වලින් දුරස්ථ භාෂා දෙකකි. සිංහල භාෂාවේ ඇති ලිංග භේදය, ගෞරවාර්ථ වාක්‍ය රටා. ඉංග්‍රීසිය තුල නැත. ඒවා අඳුනා ගැනීමට ගුගල් දැනට භාවිතා කරන ඇල්ගොරිතමය වලට පහසු නොවේ. වත්මන් ක්‍රමවේද යටතේ 100% තියා තේරුම අතින් 90% සහ වයාකරණ අතින් 70% වත් නිවැරදි තාවයක් බලාපොරෝහ්තු වීම විහිළුවකි. කෙසේ වුවත් ඒ මට්ටමට හෝ අපේ උනන්දුව මත ගත හැක. එසේ වුවහොත්. ඉන් ලබා ගන්නා දල පරිවාර්තනය මිනිස් සහය සහිහව වැඩි දියුණු කර වැඩි ලිපි ප්‍රමාණයක් පහසුවෙන් පරිවර්තනය සඳහා එය යොදා ගත හැක.

එසේම ගුගල් පරිවර්තකය තුල සැඟවුණු රාක්ෂයෙක් සිටී. එනම් දායක වන්නන්ගේ වගකීම් විරහිත ස්වභාවය  නිසා සහ ගුගල් පරිවර්තකයේ නොහැකියාව නිසා පිටවන වැරදි අක්ෂර වින්‍යාස සහ වයාකරණ නිසා සිංහල බසට වන හානියයි. මේ හානියට ගුගල් පරිවර්තකය මගින් වෙබ් අඩවියක් පරිවර්තනය කර එසැනින් බලා ගැනීමේ හැකියාව හේතු වේ. එබැවින් ඉගෙන ගන්න සිසුවෙක්  හෝ වෙනත් අයෙකුට  වැරදි වාක්‍ය රටා සහිත ලිපි විමර්ශනයක් රහිතව කියවා වැරදි වාක්‍ය රටා මනසට ගියවිට ඔහුටද වැරදි වාක්‍ය රටා නොදැනුවත්ව ලියවීමට හේතු වේ. එය බසට වන හානියකි.

මෙන්න ගුගල් පරිවර්තකයෙන් එන  විහිළු.
My sister in law is pregnant = නීතිය මගේ සහෝදරිය ගැබිනි වේ.
he wash his hand after going toilet = ඔහු වැසිකිළි යාමෙන් පසු ඔහුගේ අත සෝදන්න
i will fuck you = මම ඔයාට බැරිද ඇත
he is throwing rice to pigeons to eat = ඔහු කෑම කන්න පරෙවි සහල් වීසි කරයි
What makes a guy enjoy a female's company? = මොන ගයි කාන්තා මහතාගේ සමාගම භුක්ති වන්නේ කෙසේද?
We finished the test at the same time.= ඒ විධියට පරීක්ෂණ අවසන්.

Tuesday, December 16, 2014

හුරේ මෙවරත් අපිම තමයි එක (We are the first)


ලංකාව කියන්නේ ආසියාවේ ආශ්චර්යම තමයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නැත්නම් දැනට බලන්න පුළුවන් දත්ත අනුව පසුගිය වසර 4 දී  මේ අංශයෙන් ලෝකයෙන්ම එක වෙලා තියෙන්නේ අපේ අය. අපිව පරද්දන්න බංගලි කාරයෝ, ඉන්දියන් කාරයෝ, ඉතියෝපියන් කාරයෝ ලොකු ට්‍රයි එකක් ගත්තා මෙවරත් එත් අපි දිනුවා. මේ ජයග්‍රහණයට දායක වූ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්, රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්, විශ්‍රාමික පුද්ගලයන් ඇතුළු සැමට සුබපැතුම්.

කෝ කෝ තවම කියන්න බැරි වුනා නේ මේ ජයග්‍රහණය කුමන අංශයකින්ද කියලා. මෙවරත් අපි දිනුවේ ගුගල් වල sex සර්ච් කරලා. මෙන්න ජයග්‍රාහී රටවල්
google sex search 2014
ලොකු කරන්න ක්ලික් කරන්න

වෙන එකක් තබා අපි කොතරම් දියුණුද කියනවා නම් ජොබ් ගැන ගොසිප් ගැන සින්දු ගැන සොයනවාටත් වඩා අපි සෙක්ස් ගැන හොයනවා. මෙන්න දියුණුව
Compare Sex. Gossip, Jobs, Video, Songs
ලොකු කරන්න ක්ලික් කරන්න
එසේම ලෝකයේ පසුගිය වසරේදී වැඩිපුරම සොයන ලද වචනය facebook වේ. එම වචනය ලංකාවේදී sex වලට පරාජය වීමද තවත් ජයකි. එනම් අප සාමාන්යෙන් දන්නා පරිදි අපේ බොහෝ දෙනා facebook බාවිතා කරයි ලංකාවේ එයටත් වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය මගින් සෙක්ස් සොයයි.



මෙහෙම උනත් ගිය වසර වල වගේම මේ වතාවෙත් තවත් වැදගත් අංශ වලින් ඉදිරියෙන් ඉන්නවා මෙන්න ගියවර ඒ ගැන මම විස්තර කල ලිපිය 

සොයා බැලීමට දත්ත පවතින පසුගිය වසර 10 සඳහා ගතහොත් සමස්තයක් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ අපි වේ. සමහර විට ලංකාවට ඉන්ටර්නෙට් ආ දවසේ සිට සිටින්නේද අපිම විය හැක. පසුගිය වසර 10 යේ දී අප පළමු 6 දෙනා අතර සිටීමද විශේෂත්වයකි

2004 - 6 වෙනියා
2005 - 4 වෙනියා
2006 - 4 වෙනියා
2007 - 5 වෙනියා
2008 - 3 වෙනියා
2009 - 5 වෙනියා
2010 - 4 වෙනියා
2011- 1 වෙනියා
2012- 1 වෙනියා
2013- 1 වෙනියා
2014- 1 වෙනියා

මේකත් තව ටික දවසකින් ගොසිප් කාරයෝ, පත්තර කාරයෝ පට්ට ගහන නිවුස් එකක් වේවි. ගුගල් සමාගමෙන් නිකුත් කල වාර්ෂික වාර්තාව අනුව මෙවරත් අපි සෙක්ස් වලින් එක කියලා. නමුත් මේ එහෙම වාර්තාවක් නොවේ. මේක පසුගිය කාලයේ මිනිසුන් ගුගල් හි සෙවුම් කලේ කෙසේද කියා බලා තම වෙබ් අඩවි සාර්ථක කරගැනීමට වෙබ් අඩවි හිමිකරුවන් සඳහා ඇති මෙවලමක්. ඕන වචනයකට ඇති ඉල්ලුම බලන්න මේකේ සර්ච් කර බලන්න
http://www.google.com/trends/

2014/12/15 දින පලකරන ලද ලිපියේ අඩුපාඩු කිහිපයක් තිබුණු බැවින් අද(2014/12/16) දින වැදගත් තව  කරුණු කිහිපයක් එක් කරන ලද බැවින් එයට පෙර කියවූ අය නැවත කියවා බලන්න.

Tuesday, September 16, 2014

ඉමිතියාස්‌ බාකීර් මාකර් හෙළිකරන බෙදුම්වාදයේ මුල.(Truth Of Separatism In Sri Lanka.)


ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලයේ පසුගිය 14 වැනිදා පැවැති විශේෂ මහා සභා රැස්‌වීම අමතමින් ජාතික සමගිය සඳහා වූ බාකීර් මාකර් මධ්‍යස්‌ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස්‌ බාකීර් මාකර් මහතා පවසන ලද මේ අදහස බෙදුම් වාදයේ මුල ලෙස කළු ජුලිය හෝ බණ්ඩාරනායක මහතා කල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ලෙස දකින පුද්ගලයන්න්ට හොඳ පිළිතුරකි.

//ශ්‍රී ලාංකික ජාතියක්‌ හැටියට නිදහස ඉල්ලා සිටි අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය පාලකයන් එදා නිදහස්‌ අරගලය මෙහෙයවූ දිවංගත අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතාට පැවසුවේ "නුඹලා බෙදුන ජාතියක්‌. නිදහස දුන්නොත් එකිනෙකා ඇනකොටා ගනීවි මරා ගනීවිZ කියලයි. ඇත්ත වශයෙන් අපි එදා සිංහල මහ සභාව, මුස්‌ලිම් ලීගය, ද්‍රවිඩ කොන්ග්‍රස්‌, ඉන්දියන් කොන්ග්‍රස්‌, බර්ගර් යුනියන් ජාතික කොන්ගස්‌, මැලේ ලීග් හා මුවර් සංවිධානය යනුවෙන් බෙදී සිටියා. ඩී. එස්‌. සේනානායක වැනි අතීතයේ සිටි ජනනායකයින් ඒ සියලු ජාතීන් හැකිතරම් දුරට එකතු කිරීමට උත්සාහ ගත්තා.//(සම්පුර්ණ ලිපිය දිවයින පුවත් පතේ පලවිය)

ඇත්ත වශයෙන්ම නිදහස ලැබීමටත් පෙර සිට බෙදුම්වාදී අදහස් ජාතීන් අතර තිබුනා. මුල් කාලයේ සිට ජාතීන් සිටියේ වෙන වෙනම සංවිධානය වී. එමගින් අනාගතයේ ඇතිවන බෙදීම සුද්දෝ දැක්කා. (එම බෙදීම ඇති කිරීමටත් සුද්දෝ වක්‍රව සහය වුනා.) දැනටත් එක් එක් ජාතීන් නියෝජනය කරන දේශපාලනය අපේ රටේ අනාගත ප්‍රශ්න වලට මුලයි ඒ බව විශේෂයෙන් ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා වැන්නවුන් තේරුම් ගත යුතුයි.

විශේෂයෙන් දෙමල ජන නායකයන් බලා සිටියා රටේ ප්‍රධානියා වන්නට එයට ප්‍රධාන හේතුව වන්නේ උගත් දෙමල ජාතිකයන් බොහොමයක් රටේ මුල් පුටුවල සිටීම සහ ඉන්ගීසින් රට අල්ලා ගැනීමට පෙර සිටියේ දෙමල රජෙක් වීමයි.  නමුත් සර්වජන චන්දබලය ලැබීම සමග එය ඔවුන්ට සිහිනයක් වුනා ඊළමක් ඉල්ලීමේ මුල එයයි.

ඉන්දියවේ මහත්මා ගාන්ධි විසින් සියලු ජාතීන් එක් කර ඉන්දියානු ජාතියක් බිහි කළා. එයට අනුගත නොවූ අය පකිස්ථානය බංගලිදේශය වැනි රටවල් බිහිකර ගත්තා. අදටත් ඔවුන් ළඟ ඇති අපි ඉන්දියානුවෝ කියන සංකල්පය ඇති කලේ මහත්මා ගාන්ධි. මේ වෙනකම් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් සමාජ ගත කිරීමට ලංකාවේ කිසිම ජන නායකයෙකුට නොහැකි වුනා මෙන්ම ඔවුන් ඒ සඳහා කැපවුණේ නැහැ.

ඩයස්පෝරා ලෙස වෙන්වූ ද්‍රවිඩයන්, පකිස්ථානය දිනන විට රතික්ඥ පත්තු කරන මුස්ලිම් ජාතිකයන්. සහ ජාතිවාදී සිංහලයන් සිටින තෙක් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් ඇති නොවේ. අනාගත ලංකාව වෙනුවෙන් අප පරාජය කල යුත්තේ ඉහත දේවල් වේ.

ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවෙන් සැවොම පෙළ ගැසෙමු.