Friday, November 27, 2015

හුලං කාර් සහ ප්‍රෝඩා නිර්මාණකරුවන්(Truth about wind powered car)

දැනට වසර කිහිපයකට පෙර ලංකාවේ ඉන්ධන මිල වැඩිවීම සමග ප්‍රචලිත කරන ලද නව නිර්මාණ දෙකක් තමයි ජලයෙන් දුවන මෝටර් රථය සහ සුළඟින් දුවන මෝටර් රථය. ඒවා මාධ්‍ය වල ගිය මුල් කාලයේම මටනම් වැඩේ තේරුනා. කනබොන වෙලාවට යාළුවන් සමග මේ ගැන විවේචනය කරත් මේ ගැන මෙහෙම වත් ලියන්න බ්ලොග් කියලා දෙයක් තියෙන බව මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ. මේවා ප්‍රෝඩා බව තේරුණා අයගේ මතයන් සමාජ ගත නොවීම නිසා වතුරෙන් දුවන වාහන නිර්මාණ කාරයා මිනිසුන් රවටා මුදල් ගරාගෙන තිබුණු බවත් ආරංචියි.

හුලං කාර් පරණ නිවුස් එකක් උනත් මේ ගැන සාකච්චාවට ලක් කරන්න  දම්පාට දේදුන්න බ්ලොග් අඩවිය  මාස කිහිපයකට කලින් දාපු ලිපිය මට අහුවුනේ අදයි.  එම ලිපියට දැන් කමෙන්ට් කරොත් ලිපිය පරණ නිසා බොහෝ දෙනාගේ ඇස නොගැටෙන බැවින් මම මේ ගැන පොස්ට් එකක් දාන්න හිතුවා 

මුලින්ම මේගැන සඳහන් facebook පිටුවේ සඳහන් විස්තරය සලකා බලමු .

"ලොවෙ ප්‍රථම, සුලං බලයෙන් ක්‍රියාකරන මෝටර් රථය ලංකාවෙන්"

ඔහු නමින් නිලංග සෙනෙවිරත්න ඈපා. තවමත් යොවුන් වියේ පසුවන තරුණ ඉංජිනේරු මහත්මයෙක්. කණගාටුවට කරුණ නම් ඔහුගේ මේ විශිෂ්ඨ සොයා ගැනීම ගැන මාධ්‍යය මගින් නිසි සැලකිල්ලක් නොලැබීමයි.

පැයට කි.මී. 60ක වේගයෙන් ධාවනය කල හැකි මෙහි blue prints සඳහා අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.


ඒ වගේම මෙහි නිර්මාණකරු alibaba.com හි දැමු පහත විස්තරයත් බලමු.


Specifications

100% Electric Car with self charging system.

1)Dimensions (L x W x H): 2,608 x 1,515 x 1,526mm
2) Drive type: rear wheel drive
3) Wheelbase: 1,800mm
4) Steering system: rack-and-pinion steering gear
5) Wheel type (front/rear): 155-80R1277T / 155-80R1277T
6) Mi. ground clearance: 200mm
7) Parking brake: hand / rear-wheel brake
8) Net weight: 600kg
9) Battery type: lead-acid maintenance battery
10) Power: 5kW/48V DC
11) Weight of battery: 160kg
12) Electric system: 12V DC
13) Battery life: recharging for 500< times
14) Charger: 48V, 25A
15) Controller: 48V
16) Battery: 6V/225Ah x 8 and 12/200Ah lead-acid
17) Max speed: 70 < km/h (can be restricted below 40km/h)
18) Max climbing capability: 30 degrees
19) Min. turning diameter: 4.6m
20) Braking distance: within 6m
21) Running distance: 120 < km
22) Charging time: within 8< h
23) Speed control: pedal control / automatic

මේ විස්තර අනුව මේක විදුලි මෝටර් රථයක් සුළඟ මගින් ස්වයං ආරෝපණ පධ්දතියක් සහිත. මෙතන ප්‍රශ්නය තියෙන්නේ සුළඟ මගින් ආරෝපණය වෙන්න හදපු පධ්දතියේ. මෙම වාහනයේ ඉදිරිපස සුළඟ මගින් විදුලිය නිපදවීමට ටර්බයින් දෙකක් සවිකර ඇති බව පේනවා. සරලවම භෞතික විද්‍යාව අනුව සුළඟ මහින් විදුලි ටර්බයිනය කරකවන්න නම් සුළඟ මගින් ටර්බයිනය මත බලයක් ඇතිවෙන්න ඕන. එය මෝටර් රථයේ චලිතයට එරෙහි බලයක් මෝටර් රථය ඉදිරියට යන්න නම් එය මැඩ පවත්වන්න එහි මෝටර් මගින් අමතර බලයක් යොදන්න ඕන. එය සඳහා මෝටර් රථයේ බැටරි වලින් ශක්තිය දෙන්න ඕන. එය මගින් දෙන්න ඕන ශක්තිය සමාන වෙනවා සුළඟ මගින් රථයේ චලිතයට බාධාකරමින් ටර්බයිනය මතට ලබාදෙන සුලන්ගේ චාලක ශක්තියට. ගැටලුව තියෙන්නේ ලෝකේ තියෙන කිසිම ටර්බයිනයක් වත් විදුලි උත්පාදකයක් වත් 100% කාර්යක්ෂම නොවන නිසා  සුළඟින් ටර්බයිනයට දෙන ශක්තියෙන් සුළු කොටසක් විතරයි විදුලිය නිපදවන්න භාවිතා වෙන්නේ.  එබැවින් සමස්තය සලකා බැලුවම සිදුවන්නේ සුලන්ගේ ශක්තියෙන් විදුලිය ටිකක් හදාගන්න ගිහින් රථයේ බැටරි වලින් ඊට වඩා ශක්තියක් නාස්ති කරන එක. ඒක නිසා දැන් ඔය කාරය එක සැරයක් චාජ් කරහම 120km යනවා නම් ඔය රථයේ ඔය කියන ටර්බයින් සහිත ස්වයං ආරෝපණ පධ්දතිය(self charging system) ගලවලා නිසාන් ලීෆ් වගේ හොඳ වායු ප්‍රතිරෝධ අඩු හැඩයකට බොඩිය හැදුවා නම් අඩුගානේ 140km වත් යන්න පුළුවන් වේවි. 

ඔන්න මම සිද්දිය ගණිතය සමීකරණ නැතිව පැහැදිලි කළා. ඔය කියන රථය එහි නිර්මාණ කරු කියන විදියට වැඩකරනවා නම් මේ විදියට 

ඩයිනමොවකට මෝටරයක් සම්බන්ද කරලා මුලින් බැටරියක් ගහලා ටිකක් මෝටරය කරකවලා දෙනවා. මෝටරය කැරකෙන විට එයට සම්බන්ද ඩයිනමොව විදුලිය හදනවා ඒ විදුලියෙන් නැවත මෝටරය කරකවනවා. ඔය විදියට සදාකල් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔයවිදියට විදුලිය ලාබෙට හදන්නේ නැතිව ඇයි මෙච්චර ඉන්ධන නාස්තිකරන්නේ. ලෝකේ ඉන්න ඔක්කොම ඉංජිනේරුවන්ට  පිස්සුද?

අනේ නැහැ.ලෝකේ වෙන රටවල මේවා ගැන සංකල්ප බිහිවුනේ එක්දහස් අටසිය ගණන්වල. ඔහොම සැලසුම් කරපු යන්තර වලට කියනවා සදා චලිත යන්ත්‍ර කියලා (perpetual motion machine)  දැනුත් සමහරක් පොරවල්  හිටී ගමන් මේවා ගැන සැලසුම් ඉදිරිපත් කරනවා. භෞතික විද්‍යාව අනුව ඔය හැම එකක්ම වැඩකරන්නේ නැත්තේ ඇයි කියලා සරලව පැහැදිලි කරන්න පුළුවන්. එක තමයි ශක්ති සංස්ථිතිය. ඔන්න සින්හලුනේ දැන් ඔප්පු කරපල්ලා ශක්ති සංස්ථිතිය බොරුයි කියලා.

අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.ඕවා කියන්න මල්ලී කොන්දේ බැඳපු පරණ චීනෙකුට. දැන් චීන්නු නම් ඕවාට රැවටෙන්නේ නැහැ. ඔය මල්ලී සල්ලි හොයන්න හදන විදියට ඉස්සර කට්ටිය ගෝනි එලලා සල්ලි හෙවුවා. දැනුත් මේවට රැවටෙන චීන්නු නොවෙයි සිංහල රට හරක් ලංකාවේ ඉන්න බව මම මුලින් දුන්න facebook පිටුවේ කමෙන්ට් වලින් පේනවා...

55 comments:

  1. ඒ කාලෙ අපි දන්න කෙනෙක් මැටි වලින් කෝච්චියක් හැදුවා... දවසක තාප්පෙක හැප්පිලා කෝච්චිය කුඩු උනා...

    :)

    ReplyDelete
    Replies
    1. උඹලගේ තාත්තා ඒකාලේ මැටි බඩු හැදුවා ගැහුවා

      Delete
    2. කෝච්චිය මැටිවලින් හැදුවත් මොකද මෙහෙම බොරු නොකර

      Delete
    3. ගනන් ගන්න එපා ලොක්කා... රවී තුමා හීලියම් වලින් දුවන කාර් හදන්නෙ.... සුලු දේවල් නේ..

      Delete
  2. අපේ උන් මොකක්ද බං අළුත් දෙයක් හදලා තියෙන්නේ... අළුත් දෙයක් තියා ඩුප්ලිකේට් එකක්වත් 100% මෙහේ හදා ගන්න බෑ.. හැබයි ළෝකයේ ඉන්න සෙරේස්ඨම ජාතිය..

    අම්මගෙ රෙද්ද...
    වැලේ දාලා තිබුනා මචං...

    ReplyDelete
    Replies
    1. ඇයි ලෝකේ පලවෙනි ගුවන් යානය හැදුවේ රාවණා නේ. ඒ කාලේ ලෝකෙම අපේ කියලා අර මිරැන්ඩෝ උන්නැහේ කියන්නේ

      Delete
  3. මේ කට්ටිය මේවා ප්‍ර‍වර්ධනය කරන්නේ කිසියම් මැජික් බලයක්, නො කියන රහසක් වැනි කුමන්ත්‍ර‍ණයක් ද සමගයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අතිශෝක්තිය දාලා ඔය නිර්මාණකරුවෝ කියනදේ මාධ්‍ය කාරයෝ එක හත කරලා ලියනවා. උන් දන්නා විද්‍යාවක් නැහැ. පත්තරවලට රූපවාහිනෙඑ වැඩසටහන් වලට නවනිර්මාන ගැන ලියන්න අඩුතරමින් විද්‍යා උපාදිධාරීන් වත් ගන්න ඕන නැත්නම් උන් ජාතියම මුලාවේ දානවා.

      Delete
  4. ෆොටෝ එකේ ඇටවුම අපේ රාජ්ජ සේවේ වගේමයි. මේ ඇටවුම හොඳයි ඉසකෝලේ ළමයින්ට ඇසයිමන්ට් එකකට දෙන්න මෙහි ශක්ති හානි වෙන අවශ්තා 50ක් නම් කරන්න කියා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දෙවැනි ෆොටෝ එක, අඩුවක් තියනවා බැටරි චාජරයකුත් අමුණන්න ඕන.

      Delete
    3. //ෆොටෝ එකේ ඇටවුම අපේ රාජ්ජ සේවේ වගේමයි. .// අනිවාර්යෙන්ම මේ සැරේ අයවයත් ඒ වගේ

      //මේ ඇටවුම හොඳයි ඉසකෝලේ ළමයින්ට ඇසයිමන්ට් එකකට දෙන්න මෙහි ශක්ති හානි වෙන අවශ්තා 50ක් නම් කරන්න කියා// මේ කාරෙක උදාහරණෙට අරගෙන විද්‍යා ගුරුවරයෙකුට ගොඩක් දේ ළමයෙකුට උගන්වන්න පුළුවන්.

      //දෙවැනි ෆොටෝ එක, අඩුවක් තියනවා බැටරි චාජරයකුත් අමුණන්න ඕන.// එක අඩුවක් තමයි ඕක ඉන්ටර්නෙට් එකේ තිබුණු රුපයක්. ගැලපෙන එකක් අහුවුනේ නැහැ.

      Delete
  5. කාර් ගැනනං කියන්න ඒපා........... අපි නෑ ඔ්වාට හරිය....... අායේ ගෙවපංකෝ 15,000ක්

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මට මේ මාසේ මුල ඕවා කරන්න තිබුනේ? ආදායම් බලපත්‍ර ගන්න කල් පනින්න ඕන නැහැ නේ. අයවැය ක්‍රියාත්මක වෙන්න කලින් කරගන්න

      Delete
  6. එක එක කාලෙට මේ වගේ එක එක ජාතියේ භූතයෝ මතු වෙනවා...

    ReplyDelete
    Replies
    1. එක එක ජාතියේ භූතයෝ මතු වෙනවා. පිරිසක් රැවටෙනවා

      Delete
  7. සාමාන්‍ය හයිබ්‍රිඩ් කාර් වල බ්රේක් කරන විට විදුලිය නිපදවලා බැටරි ආරෝපණය කරනවා. ඔය හුලං කාර් වගේ මල්ලිලාට හිතුනේ නැති එක පුදුමයි. බ්රේක් කරන විට නොවෙයි යනකොටත් කැරකෙන රෝදවලින් විදුලිය නිපදවන්න.

    මේ මනුස්සයා ඔය වෙනුවෙන් සල්ලි යටකරලා ඕක හදන්න කලින් භාවිත කල සංකල්පය විද්‍යාත්මකව අධ්‍යනය කලේ නැද්ද? නැත්නම් ඒ ගැන දන්නේ නැද්ද? හිතා මතා මිනිසුන් රවටා ආයෝජකයන් අන්දලා මුදල් හොයන සැලසුමක්ද මේ? කොහොම උනත් //අද වන විටත් යුරෝපීය සමාගම් වලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. නමුත් ඔහුගේ කැමැත්ත ඇත්තේ මෙය දකුණු ආසියාව තුළ ප්‍රචලිත කිරීමටයි.// යන කතාවෙන් ආයෝජකයෝ රවටලා මුදල් ගරන්න යන වගේ කතාවක් නම් පේනවා.

    ReplyDelete
    Replies
    1. /ඔය හුලං කාර් වගේ මල්ලිලාට හිතුනේ නැති එක පුදුමයි. බ්රේක් කරන විට නොවෙයි යනකොටත් කැරකෙන රෝදවලින් විදුලිය නිපදවන්න. /

      +++++++++++++++++++++++++++++++++++++++++++==

      Delete
    2. බ්රේක් කරන විට නොවෙයි යනකොටත් කැරකෙන රෝදවලින් විදුලිය නිපදවන්න පුළුවන් කම තියෙද්දී එහෙම නොවෙන්න එම රථ හදලා තියෙන්නේ එමගින් ඛනිජ තෙල් අලවිය නවතින නිසා එම රටවල් වලින් වාහන නිෂ්පාදකයෝ කප්පන් අරගන්න නිසාය කියලා. විදේශ කුමන්ත්රණ මවලා.ගමනේ යෙදෙන විටත් බැටරිය ආරෝපණය වන පරිදි දෙමුහුන් වාහන වල පරිගණක පද්ධතිය මොඩිෆයි කරන නිර්මාණ කරුවෙක් සමහර විට අදහෙටම ඒවි. විද්යාව නොදන්නා පිරිස අන්දවලා කියක් හරි හොයාගන්න පුළුවන් නේ.

      Delete
  8. ලංකාවේ මෙවැනි දේවල් සිදු නොවෙනවා ම නමෙයි නමුත් හරි අඩුයි,
    https://www.youtube.com/watch?v=Yu9SAwpxrWE
    ඔබ ඉදිරිපත් කරන ඇටවුම නම් කණගාටු දායකයි.

    ReplyDelete
    Replies
    1. වේගා ඇත්තටම හොඳ පියවරක්? නමුත් කයිය තමයි වැඩි. ඔවුන් හදන වාහනේ දැන්නම මිලගනනුත් කියනවා. සාමාන්‍යයෙන් වාහනයක මිල තීරණය වෙන්න එහි පහසුකම් වලට වාඩා බ්‍රෑන්ඩ් නේම් වගේ දේවල්. බලපානවා. මා ඔවුන්ගේ දකින ලොකු අඩුපාඩුවක් තමයි ඒක. සුපිරි කොටිපතින් ඉලක්ක කරලා වාහනයක් මුලින් හදනවාට වඩා ලක්ෂ 10-15 අතර විදුලි වාහනයක් සැලසුම් කාරානම් ඔයිට වඩා ප්‍රායෝගිකයි. යකඩ රාමුවකට එකතැනක හදපු ශෝකබ්සොබර්, තවතැනක හදපු මෝටර්. බැටරි අසේම්බල් කරලා සුපිරි වාහනයක් හදන්න අමාරුයි.

      Delete
    2. ඇත්තටම මෙය සිදුකරන්නේ තිස්ස දිසානායක නමැති ශ්‍රී ලංකික ඉංජිනේරුවරයෙක් ඔහු බෝඉන් සහ සිරෝක්ස් වැනි ආයතනවල ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කල අයෙක්, මෙහිදී ලෝකයේ පවතින නවීනතම තාක්ෂනය යොදාගන්නවා.
      මෙය තිස්සගේ මුදල් යොදවා කරන ආයෝජනයක්, මෙනිසා ඔවුන් විහිලු කිරීමක් නොකරනු ඇති.

      https://www.youtube.com/watch?v=TACTDRcc9WU

      ඔහු බලන්නේ මෙවැනි නිෂ්පාදනයක් මගින් නව නිපයුමක් කිරීමත් එමගින් ශ්‍රී ලංකාව ට නව තාක්ෂණික ආයෝජන ලබාගැනීමයි.
      මෙවැනි වාහන සදහා ඇත්තේ තොරාගත් වෙළද පොලක් ඔවුන් මෙය සැලකියයුතු අඩු මිලකට මෙය තම ගැනුම් කරුවන් වෙත
      ගෙනගියොත් සහ අදාළ භාණ්ඩය ඉතා හොද තත්වයේ එකක් නම් ඔහුගේ උත්සාහය සාර්ථක වෙයි.

      Delete
    3. මගේ යාළුවන් පවා ඔය ව්‍යාපෘතියට සම්බන්දයි. හැබැයි මට අවසන් ප්‍රතිපලය ෂුවර් නැහැ

      Delete
  9. මා හිතන්නේ නැහැ මේ න්‍යාය හරියටම ක්රියාත්ම වෙනවා නම්, මේ නිපැයුම්කරුට මොරටුව විශ්ව විද්‍යාලය වැනි ආයතනයක් සමග සම්බන්ධවී මෙය නිර්මාණය කරන්න එතරම් අපහසු වෙයි කියා.

    ReplyDelete
    Replies
    1. බොස් මේකේ නායේ තමයි අවුල තීන්නේ, ශක්ති පරිණාමණය වගේ වචනයක්,මට හිතෙන්නේ සාමාන්‍ය පෙළටත් කියා දෙනවා වෙන්නෝනෑ, එක් ශක්ති ප්‍රෙබ්දයක් තවත් එකකට හැරෝන කොට අපතේ යෑමක් වෙනවනේ, ඔය සදාකාලික මැශින් වැඩ කරන්න නම් එහෙම හානිවීම් නොවෙන්න ඕන, ඉංජිනේරුවෙකුට ඕහොම උනා කියන එක නම් විස්සාස කරන්න බැරි තරම්.

      Delete
    2. @විචාරක - Wicharaka
      මෙය නිර්මාණය කරපු කෙනා නම් ඉංජිනේරුවෙක් කියලා කියුවට උසස්පෙළ භෞතික විද්යාවවත් සමත් කෙනෙක් වෙන්න. තමන්ගේ අදහස ගැන මොරටුව විශ්ව විද්‍යාලය වැනි ආයතනයක්ක අයගෙන් උපදෙස් ගන්න ගියානම් මේ පුද්ගලයාට මෙතරම් වියදමක් දරලා ඔහොම පලක් නැති දෙයක් කරන්න වෙන්නේ නැහැ. පැහැදිලි කරලා දේවි මෙය ප්‍රයෝගික නොවන බව. එහෙම ආයතනයකින් තම අදහස හොරකම් කරාවි කියා බය හිතෙනවා නම් එහෙම යන්න කලින් පේටන්ට් ගන්න පුළුවන්. තමන්ගේ අදහස හරි උනත් වැරදි උනත් පේටන්ට් එකක් අරගන්න පුළුවන්.

      Delete
    3. @ඇණයා Nut Man
      පොරට ඉංජිනේරු උපාදිය දුන්නේ මාධ්‍ය කාරයෝ වෙන්න ඕන

      Delete
  10. නාත දෙය්යො හීනෙන් බ්ලූ ප්‍රින්ට් එක දීපු එකක් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. නාත දෙය්යො හීනෙන් දේවල් දෙන්නේ පුණ්‍ය වන්ත උගත් අයට. හැමෝටම දෙන්නේ නැහැ. Phd එහෙමත් ඕන.
      බ්ලූ ප්‍රින්ට් ළඟ තියාගන්න එපා පොලීසියෙන් අල්ලාවි ඇයි ඒවා අසැබි දේවල් නේ

      Delete
  11. වතුරින් දුවන කාර් එකක් ගැනත් කාලෙකට ඉස්සර කථාවක් ගියා නේද?

    ReplyDelete
    Replies
    1. මේ කතාවත් පත්තර වල මුලින් ගියේ ඒ කාලෙම තමයි.

      Delete
  12. මම මේ දවස්වල නමෝ නාරයන් හක්ගෙඩියෙන් දුවන කාර් එකක් නිපදවීම පිළිබඳ පරීක්ෂණ වල යෙදෙනවා..

    ReplyDelete
    Replies
    1. හරිගියාම කියන්න ජප ජීවං රීචාජ් ස්ටේෂන් පටන්ගන්න.

      හරිගියෙ නැත්නම් උල් හැඩයේ කොල තියන ගස්වලින් එන විස්ව සක්තිය ට්‍රයි කොරල බලන්න

      බැරිම වුනොත් ඉතින් පිරිත් කරපු එන්ජින් බෙල්ට් එකක් වත්....

      (බැනුම් එන්න කලින් යන්නම්.... ස්වස්ථි සිද්ධම් ! )

      Delete
    2. @Maathalan
      එහෙම නම් කාර් එකට හොඳ ඉල්ලුමක් එවි? කාරෙක හිමිකරුට ගැලපෙන හක් ගෙඩි තොරාදීමේ උපදේශක කම මට දෙන්න. හක් ගෙඩියට රසදිය ටිකක් පුරවලා වොටෙක්ස් එන්ජින් එකක් හදන්න පුළුවන් වෙයි. එක හදන හැටි තියෙන පොතක් මිරැන්ඩෝ මහාතා ළඟ ඇති

      Delete
    3. @Pra Jay
      කිලි අහුවෙන නිසා ඔය වාහන වලට ඩෙට් කාන්තාවන්ට යන්න පුළුවන් වේද?
      කිලි අහුවෙලා මගදී නැවතුනොත්

      Delete
    4. හක පුරවන වැඩේට ෆිලිං ස්ටේෂන් දාන්නත් වෙයි නේද?

      Delete
  13. http://economatta.blogspot.com/2015/06/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීම ගැන ස්තුතියි.
      ඇත්තටම ලංකාවේ තරුණයා ඉදිරිපත්කල වතුරෙන් දුවන කාර් සැලසුමත් ඔය මම කලින් කියුව සදා චලිත යන්ත්‍ර ආකෘතියේ කිසිදා සිදුනොවන දෙයක් මේ

      Delete
  14. මීට වඩා හොඳට සල්ලි හම්බකරන්න පුළුවන් බන් ගෝනි එළුවා , ඇත් දත් පුටුව ,මිනිස්සු කන කිඹුලා වගේ දේවල් පෙන්නලා.

    ----------
    මහා කළුවො, පොස්ට් එක නම් බොහොම වටිනවා අපේ රටේ ඉන්න ස්වදේශික හරකුන්ගේ ඔලු කටු පෑදෙන්න

    ReplyDelete
    Replies
    1. මේවා ගෝනි එළුවා ටයිප් එකේ වැඩම තමයි කොහොමත්.

      මේ ආකාරයේ නව ප්‍රෝඩා ඉස්සරහට ආවොත් පරක්කු නොවී ඒ ගැන ලියන්නම්.

      Delete
  15. උඹ ඔය කියන මෝටරයෙන් ඩයිනමෝව කරකවලා, ඒකෙන් මෝටරය කරකවන්න මාත් ට්‍රයක් දුන්නා... ඉස්කෝලෙ යන කාලෙ වගේ ඈත කාලෙක.. හැබැයි වැඩේ හරිගියේ නෑ... ඊට පස්සේ හිතන්න වෙන වෙන දේවල් තිබුන හින්දා මට ඕක මතක වෙලාම ගියා.. දැන් ඔන්න ආයෙත් මතක් වුනා... මම ඕය විදිහට කාරෙකක් හදලා කියනකම් පොඩ්ඩක් හිටහල්ල හරිද... ?

    ReplyDelete
    Replies
    1. ඔහොම අදහසක් ආවා කියන්නේ උබ ඇත්තටම හොඳ නිර්මාණාත්මක අදහස් තියෙන පොරක් . වැඩේ කෙරෙන දෙයක් උනත් නැතත් එවැනි අදහසක් එන්නේ නිර්මාණාත්මක පොරවල් වලට. එවැනි අදහසක් ආවම අනිවාර්යෙන් එය වේද කියා තියරිය අනුව හෝ පරීක්ෂණ මගින් සොයා බලන්න ඕන හැබැයි වැඩේ හරිගියේ නෑ නම් එහෙම වෙන්න හේතුවත් හොයාගන්න ඕන.

      //මම ඕය විදිහට කාරෙකක් හදලා කියනකම් පොඩ්ඩක් හිටහල්ල හරිද... ?// මටත් එකක් අඩුවට දීපන්

      Delete
    2. නිර්මාණාත්මක උලව්වක්නම් මන්දා බන් හිටපු ගමන් ඔය වගේ විකාර අදහස් මට පහල වෙනවා.. හැබැයි මට හිතුනෙම ඕක නොවෙන්න බැරි දෙයක් කියලා... හේතුව හොයන්න තරම් දැනුමක් නැති නිසා අල්ලලා දැම්මා....

      Delete
  16. අනේ බන්ද මං...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. හදමුද එතනෝල් වලින් යන කාර් එකක්? ජ ය වේ වා !!!!

      Delete
    2. //හදමුද එතනෝල් වලින් යන කාර් එකක්? ජ ය වේ වා !!!!//
      කාර්රෙකේ ටැංකිය හොරු ගනියි.

      Delete
    3. @surangamlr
      //කාර්රෙකේ ටැංකිය හොරු ගනියි.//
      එකත් ඇත්ත

      Delete
  17. ඔව්ව හොඳයි භෞතික විද්‍යාවේ මූලිකම සංකල්ප වත් නොදන්නා හරකුන්ට දෙන්න. වැඩේ කියන්නෙ අපේ එවුන් හෝ ගාල ඔව්ව දැක්ක ගමන් ප්‍රමෝට් කරන එක...

    ReplyDelete
    Replies
    1. අඩුගානේ මේවගේ දේවල් මාධ්‍යට ලියන මාධ්‍යවේදීන්ට උසස්පෙළ විද්‍යා අංශයෙන් පාස් වෙච්ච එකෙක් හරි ගන්නවා නම් මෙහෙම වැඩ ප්‍රමෝට් කිරීම ටිකක් හරි අඩුවේවි

      Delete
    2. මතකද එකෙක් වතුරෙන් දුවන කාර් එකක් හැදුව.. අර රත්නසිරි ලොක්කත් ඕක ප්‍රමෝට් කළා .. පස්සෙ බැලින්නං ඒක හදනවා කිව්ව එකා එක එකාගෙන් සල්ලි අරන් හිරේ... පිළිකා, ඒඩ්ස්, ඇදුම හොඳ කරන එවුන් සූ ගාල. මිනිස්සු කැමතියි මොකකින් නමුත් ආතල් එකක් ගන්න. ඔව්ව ප්‍රමෝට් කරන්නෙ නොදැනම නෙමෙයි සමහර වෙලාවට... අජිත් මුතුකුමාරණ රසවින්දින්නේ නන්දා මාලිනීගේ, අමරදේවගේ සිංදු. හැබැයි මාකට් කරන්න ඕන නිසා ඌ සිංදු කියන්නෙ බස් වලට... ඕකයි වැඩේ....

      Delete
    3. මාධ්‍ය කාරයෝ මාකට් එක බලා ගෙන ඕන බලු වැඩක් කරයි.

      Delete
  18. මතකද ඉස්සර පොතක් තිබුනා භෞතික විද්‍යා විනෝදය (Physics For Entertainment - Y Peralman) කියලා? ඒකෙ භෞතික විද්‍යා සංකල්ප ඉස්කෝලෙදි උගන්නන්නේ නැති විදියට සිත් ඇදගන්නා ආකාරයට කියලා දීලා තිබුනා. ඒකෙත් ඔය සදාචල යන්ත්‍ර ගැනත්, ඒවා අසාර්ථක වෙන්න හේතුවත් ලස්සනට විස්තර කරලා තිබුනා.
    මහා කලු ලාංකිකයට මතක නැතිනම් ඒක සෝවියට් පොතක්.

    ඉස්සර උඹේ නම මකසි කියලා කොටකලාට දැන් එහෙම කලොත් උඹ ඩිලීට් වෙලාම යනවා නේද මකලා? :D

    ReplyDelete
  19. අඩේ ඔහොම ශක්තිය නිපදවන්න පුලුවන්නම් මුලු ගෙදරටම එක වොට් 100 බල්බ් එකක් ගෙනාවම ඇති. ඇයි ඉතිං මුලු විදුලියම ආලෝකය වෙනවනේ...

    ReplyDelete