Tuesday, May 19, 2015

මගේ කතාව(War for Peace)


අපි අප අතරින් වැඩි පිරිසක් ජීවිතයෙන් වැඩි කලක් යුධ ගිනි අවුලුනු රටක ජීවත් වුනා. 83 කාලෙදී මම අත දරුවෙක් නමුත් මට රටේ යම් සිදුවීමක් වූ බව මතකයේ තෙබෙනවා. මීට වසර 6 කට පෙර අපි හිටියේ සිතියම බල බල යුදය ඉවර වීම දැක දැක සතුටු වෙමින්. මම පිලි නොගත් නමුත් කවදාවත් ඉවර කරන්න බැරි යයි  සමාජ මතයක් තිබුණු යුධය ඉවර් වීම අප සැමගේ ජයග්‍රනයක්. 

මම දකින විදියට නම් ලංකාවේ සිංහලයන්ට නැති උතුරු නැගෙනහිර මිනිසුන්ට පමණක් අනන්‍ය ගැටළුවක් නැහැ. මෙතන බෙදුම්වාදය පෝෂණය කරන්නේ තම දේශපාලන වාසි සලකා දේශ පාලකයන්. මේ රටේ යම් යම් ආගමික හෝ ජාතීන් නියෝජානය කරන දේශපාලන පක්ෂ තමයි බෙදුම් වාදය ඇතිකරන්නේ. මුලුන්ම පරාජය කල යුත්තේ එයයි. අපට එක් ශ්‍රී ලාංකික ජාතියක් කියන සංකල්පය තුලට යන්න බැරිනම් කවදාවක් එක්සත් ශ්‍රී ලංකාවක් දකින්න බැරි වේවි. 

මෙතනින් පසු දැක්වෙන්නේ අප බෙහොදෙනෙකු අත්විඳි අතීතයයි.

********************************

මේ පින්තුර ටික මගේ ජීවිතේ අවරුදු තිහක නොකිව්ව කතාව කියනවා.. ඒ කතාව ඔයාලගේ කතාවද කියන්න මම දන්නේ නෑ..

මගේ ජීවිතේ දන්නා කාලේ ඉදලම නිව්ස් වලට කිව්වෙම ආමි එකේ අයයි ත්‍රස්තවදියෝයි මරා ගත්ත එක ගැන විතරයි.. එයාල මරා ගන්නේ ඇයි කියල නම් කිව්වේ නෑ..
කොබ්බැකඩුව බෝම්බෙකට අහුවෙලා මැරිලාලු අම්ම කම්පා වෙනවා.. තව හමුදාවේ ලොක්කෝ ගොඩක් අහු වෙලා එකට කියලා ගෙදර අය කතා වෙනවා.. ආයේ යුද්දේ දිනන්න බැරි වෙයි කියලා එයාල ඔක්කොම කියනවා..

මගේ ජීවිතේ දන්නා කාලේ ඉදලම නිව්ස් වලට කිව්වෙම ආමි එකේ අයයි ත්‍රස්තවදියෝයි මරා ගත්ත එක ගැන විතරයි.. එයාල මරා ගන්නේ ඇයි කියල නම් කිව්වේ නෑ..
කොබ්බැකඩුව බෝම්බෙකට අහුවෙලා මැරිලාලු අම්ම කම්පා වෙනවා.. තව හමුදාවේ ලොක්කෝ ගොඩක් අහු වෙලා එකට කියලා ගෙදර අය කතා වෙනවා.. ආයේ යුද්දේ දිනන්න බැරි වෙයි කියලා එයාල ඔක්කොම කියනවා..

අලිමංකඩ කෑම්ප් එකට කොටි ගහන්න ඇවිත්.. බුල්ඩෝසර් එකක බෝම්බ හයි කරලා කෑම්ප් එක ඇතුලට ගෙනල්ල පුපුරවන්න ගිහින්.. හසලක ගාමිණි කියල කෙනෙක් ඒ අව බුල්ඩෝසර් එකට බෝම්බයක් එක්ක පැනලා ආමි එකේ කොල්ලන්ගේ ජීවිත බේරගෙනලු.. තමන්ගේ ජීවිතේ පූජා කරලා හරි රට රකින්න ඕනි කියන එක මගේ හිතට අවේ ඒකෙන් වෙන්න ඇති.. හසලක ගාමිණි කියලා උස මහත තේජවන්ත මනුස්සයෙක්ගේ පින්තුරයක් මගේ හිතේ අඳුනා... දවස් දෙකකට විතර පස්සේ tv එකේ හසලක ගාමිණි කියලා කෙනෙක්ගේ පින්තුරයක් පෙන්නනවා.. හීන්දෑරි ඇඟක් තියන උඩු රෑව්ලක් තියන කොල්ලෙක් ආන්බාන් කරන්න අමාරු වගේ පේන තුවක්කුවක් අල්ලගන ඉන්න පින්තුරයක් ඒක.. ඒ පුංචි මනුස්සයා එච්චර වීරකමක් කරා කියලා හිතෙනකොට මට හරි ආඩම්බරයක් දැනුනා..

මුලතිව් කෑම්ප් එකට කොටිගහලලු.. 1500 විතර කොල්ලෝ කොටුවෙලා කියලා tv එකේ කියනවා.. කෑම්ප් එකේ හිටිය සහෝදර සෙබළු බේරගන්න විශේෂ බලකායේ අණදෙන නිලධාරී ෆස්ලි ලෆීර් එක්ක 275 ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙච්ච සෙබළු ගුවනින් ඉයක්කච්චි වෙරළට ගොඩ බහිනවා.. බිහිසුණු සටන් අතරේ දරුණු තුවාල වෙන අණදෙන නිලධාරී තුමා තමන්ගේ සහෝදර සෙබළු අරමුණ කරා අභිතව මෙහෙයවනවා.. තුවාල වල දරුණු කමට එයාගේ ධෙර්යය උදුරා ගන්න බැරි උනත් එයාගේ ජීවිතේ උදුරා ගන්නවා... ඒත් මේ රටට ආදරේ කරන මිනිස්සුන්ට එයාගේ සුන්දර හිනාව නම් අමතක කරන්න බැරි වෙයි කවදාවත්....

නොනවතින රැල්ල කියලා කොටි එල්ල කරපු ප්‍රහාර එක්ක අලිමංකඩ කදවුර තවදුරටත් අපේ හමුදාවට අල්ලාගෙන ඉන්න බැරි වෙනවා.. මහා දවල් කදවුර අතැරලා පසුබහින්න හමුදාවට එන ලැබෙනවා.. දවස් ගානක් 

වතුර නැතුව හිටපු සෙබළු ගොඩක් දෙනෙක් දැඩි උණුසුම දරා ගන්න බැරුව මිය යනවා ...

තමන්ගේ දරුවෝ රට නිදහස් කරගන්න හමුදාවට බර දුන්න අම්මලා තාත්තලා උන් යේ ගෙදර එනකල් කමක් බීමක් නැතුව බලන් හිටිය යුගයක් මේ රටේ මෑතම ඉතිහාසේ තිබ්බා.. තමන්ගේ දරුවාගේ හෙට දවස වෙනුවෙන් දෙමාපියන්ගෙන් එක්කෙනෙක් වත් ජීවත්ව ඉන්න ඕනි කියල හිතල එකම තැනට රස්සාවට ගිය අම්මල තාත්තලත් බස් දෙකක කොච්චි දෙකක ගිය යුගයක් තිබ්බා..කොයි වෙලාවේ බෝම්බයක් පිපිරිලා කව්රු මැරෙයිද කයන්න බැරි තරම් අවිනිශ්චිත කාලයක් තිබ්බා...
රටේ හමුදාවේ බුද්ධි අංශයේ සමජිකයෝන්ගේ නම් ගම් ඔක්කොම ප්‍රසිද්ධ කරලා උන් මැරෙන කල් බලන් හිටිය කුහක දේශපක්ලකයෝ රට කරපු යුගයක් අපි පහු කෙරුවා.. 
කොටි කදවුරු ඇතුලට ගිහින් මහා කොටියෝ මරල දාන සෙට් එකක් හමුදාවේ ඉන්නවා කියලා කටකතාවක් යන්න පටන් ගත්තා එකවරම.. ශංකර් මරළලු.. ඇතුලටම ගිහින් ඇටැක් කරලා තියෙන්නේ.. තන්ගේමරන්, චාර්ල්ස් ඔය වගේ මහා කොටියෝ දුසිම් ගණන් උන්ගේ බලය තියන ප්‍රදේශ වලම මියැදෙන්න පටන් ගත්තා.. හමුදාවේ මහසොහොන් බලකායේ වැඩ... විශේෂ බලකාය ගැන එක එක්කෙනා කියපු කතා අහන ගොඩක් අයට මේ යුද්දේ අපිට දිනන්න පුළුවන් කියන පුංචි බලාපොරොත්තුවක් අයෙත් අවා..
කිලෝමීටර් 50-60 සතුරු කලාප ඇතුලට ගිහින් තමන්ගේ ඉලක්කේ සාර්ථක කර ගන්න දවස් ගණන් එහෙම සැගවිලා ඉන්න ඒ අභීත වීරයෝ ගැන කතා හැමෝම කියන්න ගත්තා.. තමන්ගේ කණ්ඩායමේ 8 දෙනෙක් එක්ක ඒ වගේ මෙහෙයුමකට ගිය ලලිත් ජයසිංහ ඉලක්කේ සාර්ථක කරගෙන අපහු එද්දී සතුරු වෙඩි පහරකින් මිය යනවා..අදටත් එතුමාගේ පින්තුරේ ළඟ තියාගෙන එතුමාගේ නොදැකපු දියණියට අකුරු කියවන ආදරණීය බිරිදගේ පින්තුරේ මට මැවිලා පේනවා.. එයාලගේ කැප වීම නිසා මේ රටේ කාන්තාවෝ කීදෙනෙක් තන්මන්ගේ සැමියා දරුවෝ එක්ක අද සතුටෙන් ඉන්නවද?? 

සිංහ කොඩියෙන් වහපු මිනි පෙට්ටි වලින් තමන්ගේ නෑදෑයෝ අන්තිම වතාවට බලන්න ගෙදර අපු අපේ රණවිරුවෝ කී දාහක් මේ පොලවේ අද නිදනවා ඇද්ද?? ඒ වගේම කවදාකවත් තමන්ගේ අවසන් ගමන තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝන්ගේ කර මතින් යන්න බැරි උන මෙරටේම නොදන්නා තැනක මිහිදන් උන වීරයෝ කී දාහක් ඇත්ද???ඔබට අද දිනය නිදහසේ ගතකිරීමට සිය තරුණ ජීවය පුදකල දහස් ගණනක් වීර පුතුන් ඔබට මතකද ? අද ඔබ හුස්ම ගන්නේ ඔවුන් දිවි පුදා දිනු දේශයේ බව ඔබට මතකද ?

ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔව්හු.... ලොව කිසිදා කාලය හමුවේ නොමියෙති, නොම පිරිහෙති ඔව්හු ...
හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු දිවිදුන් සොහොයුරන් ...!

උපුටා ගත්තේ මෙතැනිනි.

********************************

36 comments:

  1. මම හිතනවා හැම තැනකදී වගේම මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තිබෙනවා කියල. මගේ මල්ලි සුයිසයිඩ් බෝම්බෙකට අහුවෙලා යන්තම් බේරුනා. අනිත් අය මැරුණා. දෙමල අරගලය පටන් ගන්නකොට ඒක පටන්ගත්තේ උන්ට තිබ්බ ප්‍රශ්නත් එක්ක. ප්‍රභාකරන් ඒක හයි ජැක් කලේ නැත්නම් ඕක මිට වඩා සාධාරණ ලෙස විසදෙන්න තිබ්බ. අන්තිමේදී ප්‍රභකරන් ඉල්ලන් කනවයි කියල මම කියපු හැම වතාවෙකදිම මට ජාතිවාදියෙක් කියල හන්වඩුවක් ගැහුනා. නමුත් මැරුන හැම දුප්පත් අම්මා තාත්තා කෙනෙකුගේම දරුවෙක් ගැන දෙමල ද සිංහලද කියල බලන්නේ නැතුව හදවත දුක් වුණා. දෙමල එවුනුත් මේ විධිහටම ලියනවා ඇති උන්ගේ මරුන උන් ගැන නේද? ෆොන්සේකා ල හිරේට දාල යුද්දේ බෙදා ගන්න කොට හමුදාවේ කොටසකට මොනවා හිතෙන්න ඇත්ද? කරුණා කඩා ගෙන ගියහම ප්‍රභාකරන් උන්ගේ එකට හිටිය වුන් මරන්න අණ දෙන කොට අනිත් දෙමල උන්ට මොනවා හිතෙන්න ඇත්ද? මන් දන්න මඩකලපු දෙමෙලළෙක් හඬා වැටුනේ සිංහල උඹල මිට වැඩිය හොඳයි බන් කියල. එතකොට මන් ඌට කිව්වා නැහැ අපි 89 දී හෙම සහෝදරයෝ එකිනෙකා මරාගත්තා කියල . දැන් උඹල අපි මරා ගන්නවා කියල. එක රටේ නේ ඔය ඔක්කොම වෙන්නේ. වුනේ.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17029-war-for-peace

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මැරුණු හමුදා සාමාජිකයාගේ අම්මාට තියන දුකම තමා මැරුණු කොටි ත්‍රස්තවාදියාගේ අම්මාටත් තියෙන්නේ. ඒ වගේම කොළඹ බෝම්බයකට අහුවෙලා මැරුණු කෙනෙකුගේ හිතවතුට තියන දුකම තමයි උතුරේ අවසන් සටනේ දෙපැත්තට මැදිවෙලා හෝ කොටි මරපු අයගේ හිතවතුන්ට තියෙන්නෙත්.

      මම ඇසුරු කරලා තියෙන බොහෝ දෙමල අය නම් කොටි අප්‍රිය කරනවා නමුත් ඔවුන් ඒ ගැන සඳහන් කරන්න හෝ එළිපිට කියන්න බයයි. සෑම විටම රටක් පාලනයීදී ප්‍රශ්න තියෙනවා අපේ රට නොදියුණු රටක් එතනදේ අයට ඇතිවන ප්‍රශ්න දෙමල අයට අනන්‍ය ප්‍රශ්න ලෙස මතුකිරීම මෙන්ම ලංකාවේ මුල් ජනයා දෙමල අය වගේ ව්‍යාජ නිජබිම් සංකල්ප මතුකරලා සිංහලයන්ට් එරෙහි වෛරයක් ප්‍රේරණය කර තිබෙනවා ඒ හරහා ජාතිවාදී අදහස් ඔලුවට දමා බෙදුම්වාදයේ බීජ විසුරුවලා ඉවරයි.

      දැනට පවතින ජාතීන් නියෝජනය කරන පක්ෂ දේශපාලනය හරහා කවදාවත් දෙමල හෝ මුස්ලිම් අයෙකුට ජනාධිපති හො අගමති වෙන්න බැහැ. ඔවුන් හදන්නේ රට බෙදාගෙන රජ වෙන්න. ඒ සඳහා ඔවුන් බෙදුම්වාදය පෝෂණය කරයි. එකයි අපි ජාතීන් නියෝජනය කරන පක්ෂ දේශපාලනයට විරුද්ද විය යුත්තේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි සමස්ත ශ්‍රීලංකා ජාතිය නියෝජනය කරන පක්ෂ හරහා සුළුජාතික ප්‍රබල නායකයෙක් සිටියා නම් මම හිතනවා ප්‍රශ්නය ඉවරයි කියා.

      //දෙමල අරගලය පටන් ගන්නකොට ඒක පටන්ගත්තේ උන්ට තිබ්බ ප්‍රශ්නත් එක්ක.//
      ඔබ බොහෝ ඇසු පිරූ තැන් ඇති කෙනෙක්. විවිධ පුද්ගලයන් ඇසුරු කරපු කෙනෙක්. ඇත්තටම අරගලයට හේතු වූ සිංහලයන්ට නොතිබුණු දෙමල අයට අනන්‍ය වූ ප්‍රශ්න මොනවාද?

      Delete
    2. Oya byla gahana Ajith la danna bijjak naha e gena.
      Kawuru hari kiyana nisa kiyanawa.
      LTTE eka yudda kale nathnam eheth me hasamanawa diyunu wenawa
      Ehema nowune yudde nisa
      Mul kalinawa depaththatama thibuna prashna samanay
      Ajith laa $ walata kahinawa hinganno wage...

      Delete
    3. නැහැ ඩොලර් වලට නෙවේ පවුම් වලට. ඉන්නේ එංගලන්තෙ නිසා පවුම් වලට තමා කරන්නේ. මම වැඩ කරන තැන මෘදුකාංග අප්ඩේට් කරාම ගෙවන පඩියට අමතරව අපේ බොසා අහනවා දැන් ගිහිල්ල මම කියන විධිහට බ්ලොග් වල හෙම ලියපන් කියල. මේ සුද්දට වෙනම මෘදුකාංගයක් තියනවා මන් ලියන ඒවා ඔක්කොම හොයන්න. ඊට පස්සේ කියනවා මේ විධිහට කැහපන්, මේ විධිහට කැහපන් කියල.

      Delete
    4. //. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි සමස්ත ශ්‍රීලංකා ජාතිය නියෝජනය කරන පක්ෂ හරහා සුළුජාතික ප්‍රබල නායකයෙක් සිටියා නම් මම හිතනවා ප්‍රශ්නය ඉවරයි කියා.// කදිරගාමර් වගේ. එකත් අපේ පටුකම් නිසා නොකෙරුණ නේද.

      Delete
    5. //ඇත්තටම අරගලයට හේතු වූ සිංහලයන්ට නොතිබුණු දෙමල අයට අනන්‍ය වූ ප්‍රශ්න මොනවාද?// මේක මේ ගොඩක් අය ලියල වාද කරන දෙයක්නේ. අර දේවසිරි හෙම හෙන පත ලිපි වගයක් ලියල තිබුනේ. මගේ බිරිඳ මුල් කාලේදී මට කිසියම් ප්‍රශ්න එන්නේ ආසියානු හා දුඹුරු බව නිසාකියන කොට ඒවා මගේ හිතේ තිබෙන්නේ, එහෙම නැහැ කියල වාද කලා. නමුත් පස්සේදී එයාට තේරුණා මම කියන්නේ මොකක්ද කියල. තමන් එතන ඉන්නේ නැතුව ඒක තේරෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ වැරැද්ද සිංහල මිනිසුන්ට තෙරුන් නැති දේ තෙරුන් කරලා දෙන්නේ නැතුව මරල තේරුම කරන්න ගිය එක. අපි හැම වෙලේම උන්ට කිව්වේ මිනිහෙකුට ගහල මරල තේරුම් කරල දෙන්න බැහැ . කතා කරලා තේරුම් කරල දීපන් කියල.

      Delete
    6. //කදිරගාමර් වගේ. එකත් අපේ පටුකම් නිසා නොකෙරුණ නේද.// කදිරගාමර් හිටියා නම් ඔහුට ජනපති හෝ අගමැති වෙන්න අවස්තාව ආවා නම් එය දෙමල බෙදුම් වාදයේ අවසානය වේ. ඔහුට ඒ විභවය පැවතීමද ඔහුගේ මරණයට ප්‍රධාන හේතුවකි.

      Delete
    7. //මේක මේ ගොඩක් අය ලියල වාද කරන දෙයක්නේ. අර දේවසිරි හෙම හෙන පත ලිපි වගයක් ලියල තිබුනේ.// රට බෙදා විසඳ ගන්න තරම් ප්‍රශ්නයක් කිසි තැනක මම නම් දැකලා නැහැ. ඔක්කොම සහජීවනයෙන් සහ එක් ශ්‍රීලාංකික ජාතියක් වීමෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න. හරි පාරේ ගියා නම් 1975 වෙනකොට ඔක්කොම විසඳ ගන්න තිබුනා.

      //මගේ බිරිඳ මුල් කාලේදී මට කිසියම් ප්‍රශ්න එන්නේ ආසියානු හා දුඹුරු බව නිසාකියන කොට ඒවා මගේ හිතේ තිබෙන්නේ, එහෙම නැහැ කියල වාද කලා. නමුත් පස්සේදී එයාට තේරුණා මම කියන්නේ මොකක්ද කියල. තමන් එතන ඉන්නේ නැතුව ඒක තේරෙන්නේ නැහැ.// මටත් හමුවෙලා තියෙන බොහෝ සුද්දන් ගේ මම දැක්ක ආකල්පයක් තමයි සුදු හමක් නැති අය පහත කර හිතීම සුළුවෙන් හරි තිබීම. ලංකාවේ සමහර සිංහලයන් දෙමල අය පහත කර හිතනවා තමයි එයට වඩා කුල භේදය. උඩරට පහතරට අනුව සිංහලයන් තම අයම පහත කර සැලකීමක් තිබුනා නේද?ඒවා පහසුවෙන් විසදන්න පුළුවන් දේවල් ඇයි ඒවා අනුව රට බෙදන්න හදන්නේ.

      චෙල්වනායගම්ට ඕන උනේ මෙහි පාලකයා වන්න. බැරි නිසා තමන්ට පාලකයා වෙන්න වෙනම රටක් ඉල්ලුවා. ඒ අවුලවපු ගිනි පුපුරු වැලින් ප්‍රභාකරන්ගේ රජ වෙන්න ගියා දැන් පොර පරලොව ගිය පසු වෙනම රටක රජවෙන්න හීන දකින අය ඉතිරිවූ ගිනිපුපුරු දල්වන්න මයින හම අදිනවා

      Delete
    8. ඒක ඇත්ත. මෙහෙම හිතන්න. පැරිසියේ ගිය අවුරුද්දේ රයට් එක මතකද? කළු ජාතිකයෝ ඇරබ්බෝ හෙම පොලිසියට ගහල , ගෙවල් ගිනි තියල කර්කපු වැඩේ. උන්ට රස්සා නැහැ. ප්‍රංශය සමාජවාදී කීවත් (නමින්) ප්‍රංශ එවුන්ට රස්සා දීල තම බලන්නේ අනිත් අය ගැන. ඒ දෙන්නෙත් සුළු රැකියා. ඒක පුපුරලා ගියේ අරම. දැන් ඔබ කිව්වා වගේ, ඒ කළෙම සිනහලය විතරක් රාජ්‍ය භාෂාව කරපු වරද හදල ඉංග්‍රීසි සහ දෙමල දැන් වගේ රාජ්‍ය භාෂාව කරන්න තිබ්බ. ඒ වගේ උදාහරණ ඕන තරම් ගෙන්න පුලුවන්. ඒවා නූවිසන්ද දැඩි ස්ථාවරයක් ගැනීමේ හේතුවෙන් තමා ඔය අවි අතට ගැනීම ආවේ.

      Delete
    9. දිස්ත්‍රික් බෙසිස් එක බලන්න. මම දෙමල සිසුන් කීප දෙනෙකුට පැහැදිලි කරලා දෙන්නේ උත්සාහ කල එක අපටත් වුන කියල. මගේ සහෝදරිය ගමේ පාසලේ ශිෂ්‍යත්වය ලබල කොළඹ උසස් බලිකාවකට ආව. ඇයගේ a/l ප්‍රතිඵල වලට කොළඹින් ඇතුලත් වෙන්න බැහැ. නමුත් ඇ ගේ ප්‍රතිපල වලට අඩුවෙන් උසස්පෙළ ප්‍රතිපල ඇති අර පරණ ගමේ ඉස්කෝලෙම ළමයි වෛද්‍ය විද්‍යාලෙට ගියා . ඉතින් මගේ සහෝදරියව ශිෂ්‍යව්ත්වයට තියල කරපු මේ ගොන් වැඩේ ආණ්ඩුව කලේ මොකද? මම කියනෙන් නැහැ ගමේ ළමයින්ට විශ්ව විද්‍යාල වලට යන්න එපා කියල. ආණ්ඩුව එහෙම කරනවා නම් ශිෂ්‍යත්ව තියල ළමයි කොලමබ ගෙනල්ල අනත කරන්න ඕනේ නැහැ. යාපනේ ළමයින්ටත් ඔයඅසාධාරණය මයි වෙන්නේ.මම දෙමල උන්ට කිව්වම අපටත් ඕක වෙනවා කියල උන් පිලි ගන්නේ නැහැ. උන් කියන්නේ නැහැ අපට (දෙමල අයට )යන්න බැරිවෙන්නයි ඕක ගෙනාවේ කියල. එහෙම තමයි දෙමල ජාතිවාදී දේශපාලකයෝ උන්ට උගන්වල තියෙන්නේ. අපේ එවුන් වගේම කිසි වෙනසක් නැහැ. ඕව තමයි උඩු දුවල අර යුධ වලින් මරාගෙන මැරෙන තැනට ආවේ. විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න ඔඩු දදුවා ගත්තේ අපිමයි.

      Delete
    10. සිංහල රාජ්‍ය භාෂාව කලේ 1956 දී දෙමල රාජ්‍යක් පිහිටුවීම අරමුණු කරගත් ඉලංගෙයි තමිළ් අරසු කච්චි පිහිටුවූයේ 1949 දී. සිංහල බස රාජ්‍ය භාෂාව වීම ගින්නට පිදුරු දැමීමක් උනත් වෙනත් රටක් ඉල්ලීම පටන් ගත්තේ සිංහල බස රාජ්‍ය භාෂාව වුණායින් පස්සේ නොවේ.

      දිස්ත්‍රික් බෙසිස් එක මෙන්ම වෙනත් ගැටලුත් දෙමල අයට පමණක් අනන්‍ය බවට මතයක් තම පැවැත්ම සඳහා බෙදුම්වාදී දේශපාලකයෝ සමාජ ගත කරා. ඇත්තටම මෙතන තියෙන්න වෙනත් රටාවක් හදා ලේසියෙන් රජා වෙන්න දරණ දේශපාලන වෑයමක්.

      Delete
    11. ඉතා වැදගත් සංවාදයක්...
      තව ඉදිරියට යනවනම් කරුණු ගොඩක් දැනගන්න පුළුවන් වේවි...

      Delete
  2. I have been living with the war for many years. I have seen perished soldiers, and dead LTTE carders. All these people were the children of this land. The final days of the war were traumatic. I saw human suffering. I have seen enough blood. Those who cry for war and glorify the war from Colombo should have been there. Then they would know what the war is really like.
    I felt sorry for the Tamil civilians who followed a mirage. When I first came to the North as a schoolboy at the age of 16, I was touched by the kindness of the Tamil people. The Jaffna people were cultured and educated. They had a great civilization that cherished non-violence. When the conflict erupted in early seventies, things changed drastically. Then I had to come to the North in a combat fatigue.
    Tamil people in the North paid an immense price for the war. Their property were destroyed, children were forcibly recruited. They faced deaths and destruction. They lived under poverty. What happened to the millions of dollars that was pumped by the NGOs and by the Tamil Diaspora to the North? The people of Wanni had no infrastructure, people were malnourished. If this money was used to develop the North, they could have built a little Singapore.
    I am glad that the war is over. We must rebuild the North and work for the ethnic harmony. We must forget our petty racial differences and work for peace with our Tamil brothers. Otherwise, within 20 years there will be another bloody war………
    (War Trauma in Sri Lanka : http://transyl2014.blogspot.ca/2014/12/war-trauma-in-sri-lanka.html )

    ReplyDelete
    Replies
    1. actually we need solution. but it must not undo the victory.

      Delete
  3. ම.ක.සි.................

    මේක තමා තිබ්බ ඉතිහාසය.. හැබැයි මේ ඉතිහාසය හදා ගත්තෙත් අපිම තමා... ඉතින් අායෙම කවදාවත් ඒ විදිහ අනාගතයක් හදාගෙන දුක් විදින්නැති වෙන්නයි අපි උත්සහ ගත යුත්තේ.... අපි ඉතිහාසය ගැන කතා කළ යුතුයි.... නමුත් ඉන් හරි පාඩම් අරන් අනාගතය නිවැරදි කරගත යුතුයි..... විය යුත්තේ ඒකයි කියලයි අපිට නම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. //අපිට නම් හිතෙන්නේ// හිතෙන්නේ නොවෙයි හිතවන්නේ. ඔබ ලනුව ගිලලයි ඉන්නේ. බෙදුම්වාදය සඳහා මතවාද සමාජයේ ප්‍රේරණය කරනු ලබයි. ඒවා මාධ්‍ය සහ විවිද පුද්ගලයන්ගේ අදහස් හරහා සමාජ ගත කරයි. මෙහෙම ඒවා ගොඩක් පසු ගිය කාලයීදී ගියා.
      x-චන්ද්‍රිකාගේ කාලේ තවලම් ගියා සාම ප්‍රතික්ඥ පාසල්වල රජයේ ආයතන වල තැබුවා.
      x-හමුදා බටයන්ගේ මළසිරුරු දකුණට ඒ ම සහ බෝම්බ පිපිරවීම හරහා ඇතිකරන යුධ බය හා ඒවා උග්‍ර කරන මාධ්‍ය ක්‍රියාකාර කම්(බෝම්බයක් පිපිරුණු පසු දවසම බ්‍රේකින් නිවුන් දමමින් වෙනත් බෝම්බ ප්පිපිරුම් පවා විකාශය කරපු සිරස)
      x-කවදාවත් යුධ්දය දිනන්න බැහැ කියන සමාජ මතයක් ඇති කිරීම.
      මෙවැනි මත වාද ඇතිකිරීම කලේ යුදය නවතා සාමය රට බෙදීම සාධාරනී කරණය කරන්නයි. දැන් යුද්ධය නැහැ. නමුත් බෙදුම් වාදය තියනවා. ඉස්සර ඉහත මත හදලා ඒවා ඔබලාගේ මොලයට කවපු කට්ටියම දැන් අලුත් මත හදලා ඒවා ඔබලාගේ හිතට කවා අවසන්.
      සොම්බි කෙනෙක් හෙවත් පිල්ලියක් වන්න එපා තමාගේ සිතුවිලි අවදි කරන්න

      Delete
    2. එතකොට උඹ කාගේ පිල්ලියක්ද? නැත්නම් උඹත් පිල්ලි හදන එකෙක්ද? මහසොහොන් පිල්ලිය කියන එකාත්(බ්ලොග් කාරයත්) "පිල්ලියක් වෙන්න එපා" කියාල මධ්‍යස්ථ මතධාරියාගේ පෝස්ටි එකක තව එකෙක්ට පොඩි තගක් දාලා තිබ්බා....උඹලව පිල්ලි කරල එවන එකාද ඔය විදියට කමෙන්ට් කරන්න කියලා දුන්නේ

      Delete
  4. හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
    කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
    ඒ ලුනු රස පදමට ගෙන
    දෙහි ඇඹුලට මුසු කරගෙන
    මුළු රට කිරිබත් කන දිනයක් ගැන
    සිත විමසන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් විය යුත්තේ එයයි. නමුත් සමහරු සාමය වෙනුවෙන් කරන්න අදහස් කරන දේ වලින් නම් වෙන්නේ කිලිනොච්චියේ දෙහි ඉන්පොර්ට් කරන්න..

      Delete
    2. රසික : හොන්ඩ කවිය

      Delete
  5. ඇත්තටම ඇයි අපි යුද්ධ කරේ?

    ReplyDelete
    Replies
    1. අපරාදයක්. මුලින්ම ඊළම ඉල්ලපු එකාට කෑල්ලක් දුන්නා නම් කිසි යුද්දයක් නැහැ නේද? චෙල්වානායගම් ඉන්න තිබුනේ මේ කාලේ තමයි.

      Delete
    2. ඒ මදිනම් ඉතුරු ටිකත් දීල දාල උන්ගෙ වහලුන් වුනානන්ම් කිසි අවුලක් නෑ . යුද්ධත් නෑ. දහ නම වෙනිද කොටි සහෝදරයන් සමරල ඉටිපන්දම් පත්තු කිරිලිත් නෑ.

      Delete
    3. මධ්‍යස්ථ මතධාරියා +++++++++++++

      Delete
    4. ම.ක.සි. +++++++++++++++++++++
      මධ්‍යස්ථ මතධාරියා ++++++++++++++++++++

      Delete
  6. අතීතය හැමෝම මතක තියාගන්න ඕන.. ඒත් ඒක කාටවත් නින්දාවක් කරන්න නෙමෙයි.. වැරදුන තැන් මතක තියන් ආයේ එහෙම නොවෙන්න ඉඩ හදාගන්න..

    ReplyDelete
  7. යුද්ධය නිසා අපි රටක් හැටියට විඳපු කරදර අනාගත පරම්පරාවට නැවත අත් විඳින්න සිද්ද නොවෙන තැනට වැඩ කරන්න ඕනෙ. දැනට යුද්ධය ඉවර වෙලා තිබ්බත් බෙදුම්වාදී අදහස් සහ බෙදුම්වාදය නිසා නැවතත් යුද්ධයක් ඇති වීමේ හැකියාව වැඩියි. එහෙම කරුමෙට හරි යුද්ධයක් ඇති උනොත් ඒවා අපි අත්දැකපු යුද්ධ වලටත් වඩා කුරිරු සහ භයානක එකක් වේවි. එහෙම දෙයක් නොවෙන තැනට ජාති ආගම් පක්ෂ පාට බේදයකින් තොරව එකතු වී කටයුතු කිරීමට සියලු දෙනාටම සිතේවා, නුවණ පහල වේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් එයයි

      Delete
  8. අද විවිධ පරපුරුවලට කඩේ යන බොහෝ දෙනෙක් ඔය අතීතය දැකලා නැහැ.මොළ හෝදලා පොවලා තියෙන්නේ දීනත්වය.උන් මනුෂ්‍යත්වය සහ දීනත්වය පටලවාගෙනයි ඉන්නේ.ඉතින් හිතන්නේ දෙකට නැවීම මිනිස්කම සහ මානව දයාව කියලා.සත්‍යය වෙනුවෙන් කෙලින් ඉන්න බෑ, නූල ගස්සපු ගමන් දෙකටම නැවෙනවා..

    ReplyDelete
    Replies
    1. උන් ට උන්ගේ දීන කම පෙන්නේ නැහැ උන් හිතන්නේ උන් හරිම පොෂ් අය කියලා

      Delete
    2. උඹට අනන්‍යතා අර්බුදයක් තියෙනවා නේද? ඇත්ත කියපන් උඹ අඩු කුලේවත්ද? ඒ අවුල දෙමළුන්ගේ පිටින් ඇරපන් ඉතින්....

      Delete
  9. The EPS debacle was my worst experience

    The Elephant Pass debacle that occurred in 2000 due to poor leadership and inefficient strategic evacuation plan led to loss of many lives. It was a tactical withdrawal of the Elephant Pass camp but it was carried out in the hot sunny afternoon. Many soldiers died of dehydration and heat stroke. During the EPS debacle, 359 military personnel were killed, 349 were listed as Missing in Action and some 2500 were injured. Corporal K described the events that took place between the 21st and 22nd of April 2000.
    On the 21 of April 2000, I was at the FDL of the Elephant Pass Camp. We were told that the evacuation order would be given at any moment. The following day at about 10.30 am, the enemy attacked the Elephant Pass camp with heavy artillery. While the enemy was attacking, our soldiers withdrew towards Kilalli lagoon. There we met Brigadier Percy Fernando who was a brave officer. He tried to reorganize and launch an attack’ then to go for a safe withdrawal. We assaulted the enemy and moved toward Pallai. The LTTE attacked us with mortars and their snipers targeted our officers and signalmen. I saw Brigadier Percy Fernando sustain a gunshot injury. It was a disastrous moment. Brigadier Percy did not abandon us. Some cowardly senior officers saved their skin and got away leaving us to the enemy. But Brigadier Percy Fernando stayed with us and gave us leadership until the end. When he fell down, I knew that we were doomed.

    http://transyl2014.blogspot.ca/2014/12/war-trauma-in-sri-lanka.html

    ReplyDelete
    Replies
    1. i think no one like to war. but there is no way to solve the terrorism.

      Delete
  10. ලිපියෙ කියවෙන අපේ හමුදාවට දුෂ්කරම කාලෙ..ලබු ගෙඩි තම්බගෙන කාලා කඳවුරටම කොටුවෙලා හිටිය කාලෙ මම පොඩි එකා උනත් මතකයි. ඒ කාලෙ රජයේ ගුවන් විදුලියෙ නිතරම අමරදේවයන්ගෙ රට බාරයි නුඹට පුතේ ගීතය නොවරදවාම විකාශය උනා... යුද්ධය ඉවරයක් උනාට සුළු ජාතින්ගෙ හිත දිනාගෙන සහජීවනය ඇති කරගන්න මහ ජාතියට තවමත් බැරි වීම කණගාටුවට කරුණක්.

    ReplyDelete
  11. යුද්ධය අමිහිරියි... ආයෙත් යුද්ධයක් ඇති නොවන්න වැඩ කටයුතු කලයුතුයි...

    ReplyDelete