Monday, January 12, 2015

ලැජ්ජාව මවටද?(Fucking sons of mother Sri Lanka)

ලොව විවිධ හැසිරීම් සහිත මිනිසුන් වෙසෙයි. ලංකාවේද එසේය විවිධ ලක්ෂන සහිත අය සිටියි. සමහරෙකුගේ අභ්‍යන්තර හැසිරීම ඉතා පිළිකුල් නමුත් එය භාහිරට නොපෙන්වයි. නමුත් ටික කලක් නිරීක්ෂණය කරන විට ඔවුන්ගේ සැබෑ තතු හෙළිවේ. සමහරෙක් හැසිරෙන්නේ පට්ට රැඩිකල් ලෙසය. දේශප්‍රේමී පොරවල් ලෙසය. දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරුණු දෙදෙනෙක් ගැන විස්තර පසුගිය  ලිපියේ පලවිය. එම ලිපියේ සඳහන් කලයුතු ප්‍රධාන චරිතය ගැන විස්තරය මම මෙවර ගෙන ඒමට පොරොන්දු වුයේ ඔහු හරහා සාකච්චා කිරීමට ලොකු කාරනාවක් ඇති බැවිනි. අද අපි ඒ ගැන විමසා බලමු.

එක ශේණියේ සිට ලොකු ලොකු උපාදි දක්වා ලංකාවේ ළමයින්ට සම්පුර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනය ලැබීමේ පහසුකම් පවතී. වෙන එකක් තබා පාඩම් පොත් මෙන්ම ඇඳුම්ද නොමිලේ ලබාදෙයි. එසේ පහසුකම් දෙන්නේ අධ්‍යාපනය යනු මුලික මිනිස් අවශ්‍යතාවක් නිසාම නොවේ. අධ්‍යාපනය යනු රටට ආයෝජනයක් බැවිනි. උගත් බුද්ධිමතුන්ගෙන් තොරව රටක් දියුණු කිරීමට ඇති හැකියාව අවමය. ලංකාව ණය මත යැපෙන රටකි එබැවින් අප රටේ අධ්‍යාපනයට වැය වන මුදලට ණය මුදල්ද වැය වේ. එනම් අවසානයේ බලන විට පොලියත් සමග ගෙවිය යුතු බැවින් එය හිතනවාට වඩා විශාල මුදලක් වේ. එනම් වසරකට වෙන් කරන මුදල පමණක් නොව ගෙවන පොලි වල කොටසකුත් අනිවාර්යෙන් අධ්‍යාපන වියදම් තුල සැගව පවතී.

තම හැකියාව අනුව පහ සමත්, අට සමත්, සාමාන්‍ය පෙළ සමත්, උසස්පෙළ සමත්, ඩිප්ලෝමා සහිත, සහ උපාදි සහිත ලෙස විවිද කඩඉම් වලදී අධ්‍යාපනය හමාර කලත් අධ්‍යාපනය ලබන්නන්ගෙන් බොහෝ දෙනෙක් ගෙන් රටට යම් තරමක හෝ සේවයක් සිදුවේ. රටක අධ්‍යාපනයේ රටේ දියුණුවට ඍජු දායකත්වයක් ලබා ගත හැකි අග්‍ර ඵලය  වන්නේ ඉංජිනේරු, වෛද්‍ය, කළමනාකරණ, විද්‍යා, නීති සහ වාණිජ(තවත් මේ ගොඩට අයිති ඒවා ඇත නොකියවුනා නම් සමාවන්න) උපාධි ධාරීන් ගෙන්ය. කලා උපාධි ධාරීන් ද අග්‍ර ඵලයක් වුවත් ඔවුන් බහුතරයකගෙන් ගෙන් වන රටක දියුණුවට වන්නේ වක්‍ර සේවයකි. මෙම උපාදි පාඨමාලා වලින් වසරකට බිහි කරන ප්‍රමාණය රැකියා ඉල්ලුම මත පාලනය කල යුතුය. එසේම අනාගත සංවර්ධන සැලසුම් මත අදාල කාලයට අදාළ අය බිහිවෙන සේ සකස් විය යුතුය. නැත්නම් සිදුවන්නේ බිහිවන උපාධි දාරීන් රටට බරක් වීම සහ ඔවුන්ට කෙසේ හෝ රැකියා සකස් කිරීමෙන් රට තවත් පහලට යාමය. මෙසේ රටට පාඩුවක් නොවී අධ්‍යාපන වියදම් පුරණය වන ලෙස අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතුය. අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල වක්‍ර ලෙස හෝ පුරණය නොවේ නම් එය ගඟට ඉනි කැපීමකි.  ලංකාවේ අධ්‍යාපනය නිසි කළමනාකරණයකින් යුක්ත නොවන බැවින් මෙමගින් රටට බොහෝ පාඩු සිදුවේ. මෙම ලිපිය ඒ ගැන නොවේ ඒ ගැන පසුව ලිපියක් බලාපොරොත්තු වන්න.

ලංකාවේ තෙවන ලෝකයේ රටකි. එනම් මෙහි වැඩි පුර සිටින්නේ යන්තම් එදා වේල හොයා ගන්නා පුද්ගලයන් වේ. එනම් රජයේ බදු ආදායමට ලොකු දායකත්වයක් ඔවුන්ගෙන් සිදුවේ. එසේ ලැබෙන මුදලින් කොටසක් අධ්‍යාපනය සඳහා වැයවේ එබැවින් මෙම මුදල් වංචා කිරීමද අපරාදයකි. මෙසේ මහජන මුදලින් ඉගෙන ගන්නා කෙනෙක් රටට තම සේවය සපයා ණය ගෙවීම යුතු කමකි.එය සිදු නොකිරීමද මහජන මුදල් වංචාවකි. රටක දියුණුවට කෙලින්ම දායකත්වය තාක්ෂණ අංශයේ උගතුන් මගිනි. ඒ අතරින් ඉංජිනේරුවෝ රටක දියුණුවට අවශ්‍යම පිරිසකි. වෛද්‍ය උපාදිය හැරුණු කොට විශාල වියදමක් වැයවන උපාදි යක් වන්නේ ඉංජිනේරු උපාදියයි. එසේම තාක්ෂණික හා ඉංජිනේරු අංශයේ හැකියා හැමෝටම නැත එබැවින් මෙම අංශයේ ඉගෙන ගත් අයෙක් ගේ වටිනා කම මිල කිරීමට අමාරුය. එබැවින් එවැනි පුද්ගලයෙක් තමාගෙන් රටට විය යුතු යුතුකම් ඉටු නොකර විදේශ ගතවීම තම මවුබිමට කරන ලොකු වංචාවකි.

ඉංජිනේරු වැනි අංශ වල අය සඳහා විදේශ වල ලොකු ඉල්ලුමක් පවතී. එබැවින් එහි සේවය කර තම රටට විදේශ විනිමය එවීම කරන්නන්ගෙන් රටට සේවයක් සිදුවේ ඔවුන්ට මගේ ප්‍රණාමය හිමිවේ.ඔවුන් රට විරුවෝය. මැදපෙරදිග, මැලේසියාව, සිංගප්පුරුව වැනි රටවල සේවය කරන එවැන්නෝ බොහොමයකි. මේ අතර එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාවට යන අයගේ තත්වය එසේ නොවේ. ඔවුන් සදහටම එහි පදිංචි වේ. මෙම රටවල් වලින් ජන ගණත්වය අඩු ඔස්ට්‍රේලියාවට විදේශ වලින් උගතුන් ගැනීමේ කෑදර කමින් සිටී. අවසානයේ ලංකාව වැපුරු දේහි ඵල නෙලන්නේ එම රටවල් වේ.

මෙසේ යන අය නගන පොදු තර්කය නම් තම හැකියාවෙන් වැඩ කිරීමට රැකියා මෙරට නැති බවයි. නැත්නම් මෙරට පඩිය අඩු බවයි. එම නිසා විදේශ ගත වන බවයි. කුමන තර්කය තිබුනත් මවුබිමට යුතුකම ඉටුකළ යුතුය. යුතුකම ඉටු කළහැකි ක්‍රම කිහිපයකි. එම රටවල සේවය කලාට ඒවායේ පදිංචි නොවීම, එහි උපයන මුදල් ලංකාව තුල ආයෝජනය, නැත්නම් තම උපයන මුදලින් ලංකාවට ප්‍රජා සත්කාරයක් කිරීම.  මෙහි ප්‍රජා සත්කාරයක් ලෙස හදුන්වන්නේ ඉගෙන ගන්නා ළමයෙකුට පොත් ටිකක් පැන්සලක් අරන්දීම වැනි දෙයක් නොවේ. තමා මසකදී උපයන මුදල වැනි ප්‍රමාණයක් වත් වාර්ෂිකව ගෙවීම ඔවුන්ගේ  යුතු කමයි. මක් නිසාද යත් ඔවුන් උපයන්නේ ඔවුන් ගත් දැනුම නිසාය එය ලබා දුන්නේ ලංකාවේ මහජන මුදලිනි.

දැන් අද නිරුවත්කරන පොර පිලිබදව සලකා බලමු. ඔහුට තිබුණු පරණ ජනප්‍රිය ප්‍රොෆයිල් එක ඉවත දා දැන් පණ්ඩිත ප්‍රොෆයිල් එකකින් පැමිණ සිටින ඔහු අලුත් වචන හදන උන්මාදයකින් පෙලේ. මෙන්න ඔහුගේ පරණ ප්‍රොෆයිල් එක හදුන්වන විස්තරය

"කියන්න කතන්දර ගොඩාක් තියෙන කතන්දරකාරයෙක් මං. 

හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි. 

මානුෂිකයි. ජාතිවාද නෑ. 

රියල් කතන්දර විතරයි. හැබැයි මං කැමති කතන්දර."

ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහු කෙලින්ම කියනවා ඔහු හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි කියා.බලන්න එම කියමන ඔහුට වලංගුද? කෙලින්ම නැහැ. ඔහු උපන් රටට ණය නොගෙවන මහජන මුදල් වංචා කල අයෙක්. ඔන්න ඕවාට තමයි කියන්නේ තමන්ගේ අඩුපාඩු හංගාගෙන සාන්තුවරු වෙන්න හදනවා කියා. ඔහු මානුෂික නම් ඔහොම හොරකම් කරන්න පුලුවන්ද?

ජාතිවාද නෑ කියන කතාව සලකා බලමු. ඔහු කොහොමද ඔස්ට්‍ර්ලියාවේ ඉඳන් ජාතිවාදී වෙන්නේ. පස්සේ වැස්ලින් ගාගෙන ඉන්න වෙයි සුද්දොන්ට විරුද්දව ජාතිවාදී වෙන්න ගියොත් එහෙදී. සමහරක් සුද්දෝ ඔය වගේ උන් දිහා බලන්නේ ලංකාවේ ජාතිවාදීන් කල්ලතෝනි දෙස බලනවා වගේ. ලෝකේ හැම තැනම වර්ගවාදේ තියෙනවා ජාතිවාදේ කියන්නේ වර්ග වාදයේ උප කුලකයක්. අනිවාර්යෙන්ම අපි වර්ගවාද වලට විරුද්ධ වෙන්න ඕන. මොහුගේ අලුත් ප්‍රොෆයිල් එකේ පින්තුරයට දාලා තියෙන්නේ මෙම stand against racism හෙවත් anti-racism ලාංචනය. මෙන්න ඒක 



මේ පින්තුරයේ මැද තියෙන්නේ ලංකාව. ඕස්ට්‍රේලියා ජාතිකයෙක් වන ඔහු ඔහුගේ ඕස්ට්‍රේලියාවේ පින්තුරය නොදා මෙතන දාගෙන ඉන්නේ ලංකාවේ පින්තුරය. මොහුට උපන්බිමට වඩා පිට රටක් වටිනා නිසා එහි ගියාට ලංකාව ගැන ලොකු ඊනියා කැක්කුමක් තියෙනවා. ඇත්තට කැක්කුමක් ඇත්නම් මෙහෙ ඇවිත් සේවය කරන්න ඕන. හරි ඒවා කමක් නැහැ කියමු. මොහුගේද මවුබිම ලංකාව නිසාත් ලංකාවේ ජාතික ප්‍රශ්නයට මුල ජාතිවාදය නිසාත් එය තුරන් කිරීමේ මග ජාතිවාදය තුරන් කිරීම නිසාත්. ලංකාවේ පවතින ජාතිවාදයට විරුද්ද වීම නම් හොඳයි. නමුත් ඔවුන්ගේ හැසිරීම බලමු.

ඔය පින්තුරේ දාගෙන නටන කිහිප දෙනෙක් ඉන්නවා  ඔවුන් කතා කරන්නේ සිංහල ජාතිවාදය ගැන විතරයි. එය සමග බැදී පවතින දෙමල සහ මුස්ලිම් ජාතිවාද ගැන කතා කරන්නේ නැහැ. ජාතිවාදී නොවන සිංහලයෙක් දෙමල සහ මුස්ලිම් ජාතිවාද වලට එරෙහිව කතා කිරීම පවා ජාතිවාදය ලෙස දකින මොවුන්ට දෙමල සහ මුස්ලිම් ජාතිවාද පෙන්නේ නැහැ. දැන් ලංකාවේ තියෙන සිංහල ජාතිවාදී සංවිදාන වල ක්‍රියාකාරීත්වය සහ එය නිසා ෆෝම් වී fb සහ වෙනත් තැන්වල හි ජාතිවාදී ප්‍රකාශ කිරීම වැරදි වැඩක් තමයි. (මමත් ඒවාට විරුද්ධයි) ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳන්න නම් සිංහල ජාතිවාදය විතරක් නොවේ අනෙක් ජාතිවාදත් නැති කරන්න ඕන.

ඔය පින්තුරේ දාගෙන වැඩ කරන අයගේ ක්‍රියාව නිසා වෙන්නේ බයානක දෙයක්. ඔවුන් සිංහල ජාතිවාදය මර්දනය කරනවා නමුත් දෙමල සහ මුස්ලිම් ජාතිවාද තියෙන්න හරිනවා එවිට වන්නේ. දෙමල සහ මුස්ලිම් ජාතිවාද වලින් පීඩාවට පත්වන්නන් හරහා සිංහල ජාතිවාදයට තවත් පෝර වැටීමයි. එවිට සියලු ජාතිවාද වර්ධනය වෙනවා. එවිට ඔවුන්ගේ පැවැත්මට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වැනි සංවිදාන හරහා මුදල් ලැබීම දිගටම තියා ගන්න පුළුවන්. අපේ කතාවේ වීරයා ගැන කොහොම උනත් මේ පින්තුරය දාගෙන බොහෝ අය කරන්නේ වර්ගවාදය විකුණන එක. ඒ වගේම වර්ග වාදී ගැටළු වැඩිවන විට ලංකාව ජීවත් වෙන්න අපහසු රටක් ලෙස පවතින විට තම හිතවතුන්ද තමා ඉන්න රටට ගැනීමට පහසු වීම.  අපි එයට මෙන්ම සියලු ජාතිවාද වලට විරුද්ද වෙන්න ඕන. නමුත් එය මගින් පුද්ගලික ලාබ බලාගෙන එයට විරුද්ද මුවාවෙන් වර්ධනය කරන එක වැරදියි.

දැන් බලමු මේ පුද්ගලයා මවුබිමට වින කරන විදිය.
1-තමා ඉගෙන ගැනීම වෙනුවෙන් මවුබිම කල ආයෝජනය මංකොල්ල කෑම.
2-තමා ජාතිවාදී නෑ කියමින් ලංකාවේ වර්ගවාදය පෝෂණය කිරීම මගින් වාසි ලබා ගැනීම.

රටට වින කරන මොහු වැනි පුතුන් ජාතක කල මවුපියවරු පවා වැරදි කරුවෝ වේ. මන්ද තම පුතාට මවුබිමට ආදරය කිරීමට ඉගැන්නුවේ නැති බැවිනි. බොහෝ විට එම මවුපියවරු එම පව මේ ආත්මයේම ගෙවයි මන්ද මවුබිමට නොසලකන මොවුන් තම වයසට ගිය මවුපියන්ට පවා නොසලකන බැවිනි.

මෙවන් අපතයන් බිහිවීම මවුබිමේ අවාසනාවකි.

(අප සියලු ජාතිවාදීන්ට විරුද්ද විය යුතුය, ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සංවිදාන ජාතිවාදය පෝෂණය කරයි. අප ඔවුන් මැඩ පැවැත්විය යුතුය. ජාතිවාදය නැති කල හැක්කේ ජාතීන් අතර විශ්වාසයෙන් හා එකාවන්ව ජීවත් වීමෙන් පමණි. එසේ නොකර මහා ජාතියේ ජාති වාදය මැඩ පැවැත්වීමට යාම විහිළුවකි. ලෝකයේම පවතින සමාජ වල ප්‍රබල ජාතිවාදයක් ඇති වන්නේ සුළු ජාතීන් අතර මිස මාහා ජාතිය මගින් නොවේ. ලංකාවේද එසේය)

මාහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.

94 comments:

  1. @ ම.ක.සි සහබ්,

    මටත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා!

    ජාතිවාදය කියන්නේ සිංහල ජාතිවාදය විතරක් ම ද??

    බො.බ.සේ ට විරුද්ධව බ්ලොග් පෝස්ට් දහස් ගානක් ලියවෙනකොට බුදු දහමට අපහස කරන සීඩී තැටි බෙදා හරින තවුජිද් ජමාත් ලාට විරිද්ධව එක කමෙන්ට් එකක්වත් නැත්තේ ඇයි??

    83 සිද්ධියට හේතුව සිංහල දේශ්පාලකයෝ විතරක් ම ද???

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වුවාට ස්තුතියි.

      //ජාතිවාදය කියන්නේ සිංහල ජාතිවාදය විතරක් ම ද??//අනිවාර්යෙන්ම ඔය රසික වගේ උන්ට නම් ජාතිවාදය කියන්නේ සිංහල ජාතිවාදය විතරයි.

      //බො.බ.සේ ට විරුද්ධව බ්ලොග් පෝස්ට් දහස් ගානක් ලියවෙනකොට බුදු දහමට අපහස කරන සීඩී තැටි බෙදා හරින තවුජිද් ජමාත් ලාට විරිද්ධව එක කමෙන්ට් එකක්වත් නැත්තේ ඇයි??// ජාතිවාදී අරමුණක් නැති කෙනෙක් වුනත් මේවාට විරුද්ද වෙනවා නමුත් දැන් එහෙම කරන්න බයයි. මේවාට විරුද්ද වුනොත් ජාතිවාදී ලේබල් ගහනවා

      //83 සිද්ධියට හේතුව සිංහල දේශ්පාලකයෝ විතරක් ම ද???// දෙමල ජාතිවාදී ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා කාරීත්වයට විරුද්දව සිංහල ජාතිවාදීන් සහ සමාජයේ පහල ස්තිරවල අමනයන් සහ අවස්ථාවාදීන් කල කෘර වැඩක්. ජාතිවාදයට පිළිතුරු දීම සියුම්ව සිදුකල යුතුය

      Delete
    2. //බො.බ.සේ ට විරුද්ධව බ්ලොග් පෝස්ට් දහස් ගානක් ලියවෙනකොට බුදු දහමට අපහස කරන සීඩී තැටි බෙදා හරින තවුජිද් ජමාත් ලාට විරිද්ධව එක කමෙන්ට් එකක්වත් නැත්තේ ඇයි??//
      සුපුරුදු දීම තමයි ඉතින් අපේ උන්දැලගේ..සරව සාධාරණයි කියන්නේ අමූලික පට්ට පල් බොරු (සැටලයිට් ස්ටයිල්) :D :D

      Delete
    3. නරින් ඇවිත් හූ කියනා මහ රෑට
      හොරුන් අටුව බින්දයි කියමුද කාට?
      හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
      දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

      ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
      කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
      ''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
      යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..

      ගයාත්‍රි

      Delete
    4. තව ටික දවසකින්
      චන්දය දුන් අයට බේරෙයි පල්ලෙන් රෙද්දේ..

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මාතලන්ට මුලින් ඕන වුනේ මහින්ද එලවන්න මයිත්‍රී ගේන්න.
      දැන් මයිතී එළවලා රනිල් බලවත් කරන්න. මාතලන් සිරිසේනට බනීවි රනිල් ගේ ගුණ වයාවි.

      Delete
  2. කියන්න ඕන ඔක්කොම තියෙනවා.
    රට වලපල්ලට යන්න හේතුවක් තමයි ඔය වගේ කෙලෙහිගුණ නොදත් අපතයන් සිටීම.

    ReplyDelete
  3. හැම එකාම සිංහලයට විතරක්ම ගහන්නෙ ඇයි කියන එක මට තේරෙන්නෙ නෑ
    ම.ක.සි කවදාවත් කල්මුණේ ඉදල එන බස් එක්ක ඇවිත් නෑ වගෙයි
    ඊටත් පකිස්තාන් මැච් එකක් මුස්ලිම් සෙට් එකක් ඉන්න තැන බලල නෑ වගෙයි
    අපි විතරද සහජීවනය රකින්න ඕන
    වැදි බල එපා බං...
    දෙපැත්තම බැලන්ස් කරපං....

    රසික ට ගහල තියෙන ගැහිල්ල ගැන කියන්න දෙයක් නැත... යම් තාක් දුරකට එකග වෙමි

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස හරි මහේෂ්. මුන් මොනවා කලත් කමක් නැහැ අපි ඒවා සිදුවෙනවා කියුවත් ජාතිවාදීන් කරනවා.

      මම ඔය අත්දැකීම් විඳලා තියෙනවා. විඳපු අයගේ අදහස් අහලා තියෙනවා. උන් ට සහජීවනයක් ඕන නැහැ.

      Delete
    2. මහේෂ්..මටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි..! හොඳ මිනිස්සු ඉන්නවා නැත්තේ නෑ..හැබැයි උන්ගේ ඔළුවලට කවලා තියෙන්නේ සුළු ජාතිය ශක්තිමත් වෙන්න ඕන කියලා..උන් ඒක ගන්නේ දෙන්නම් ජම්බු කියන ආකල්පයෙන්...සිංහල එකෙක් වර්ගේ වෙනුවෙන් කතා කලොත් අපේ සාම ඔස්තාද්ලට සුළු දිය පහවෙනවා..අන්තිමට වර්ගේ වෙනුවෙන් අවංකව කතා කල එකා ජාතිවාදියා හෝ වර්ගවාදියා වෙනවා...

      Delete
  4. මේක නම් කකාගේ ඉල්ලගෙන කෑමක්. කකා අවස්ථා කිහිපයකදීම මකසි විවේචනය කළා. මකසි නම් නියම මීටරයක්.කොහෙන් හරි නියම පොයින්ට් හොයන් කට උත්තර නැතිවෙන්න ගහනවා. චානුක වත්තේගම, මාතලන්, රාජ්, විචාරක වගේ ඔක්කොටම කට උත්තර නැති වුනා. මෙවර කකාටත් ඒ ටිකමයි. පුළුවන් නම් මේ චෝදනා බොරු කරලා පෙන්වන්න.

    කියන දේ කෙලින්ම කියන මකසි වගේ උන් තමයි සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න ඕන. මේවට නියම නමින් කමෙන්ට් කරන්න බැරි වුනත් උබට අපේ සහයෝගය උපරිමෙන් දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි. කියන්න ඕන දේ කියන්න ඕන.මම ඉස්සරහටත් කිහිප දෙනෙක්ක්ගේ බොක්කේ තියෙන දඩ මස් එලියට ගන්නවා.

      Delete
    2. ඔහේගේ ජාතකෙත් අපි හෙට අනිද්දම එලියට දානවා. ඔහේගේ විතරක් නෙවෙයි පවුලේ විස්තර පින්තූර ඔහේ ජොබ් එකෙන් ගහන ගැහිලි ඔක්කොම දානවා. තව ටිකයි එකතුකරගන්න තියෙන්නේ.

      Delete
  5. ඔය ලිදෙන් වතුර බීලා මුහුදට ආවඩන එවුන් ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ.

    මෙ රටෙ යුද්දය අවුරුදු 30ක් ඇදන් ගියෙ සාම සාකච්චා විරුද්ද වෙන ඔක්කොටම ජාතිවාදී ලෙබලය ගහලා. අපි මෙ ප්‍රශ්නය දිහා බලන්න ඔනෙ අන්න ඒ කොනයෙන්. රනිල් ආයෙත් බලය බෙදීම ව්යාපෘතියට අත ගහනවා කියලා තෙරුම් ගන්න අමුතු මොලයක් ඔනෙ නෑනෙ. අන්න ඒ වෙද්දී රට ජාතිය ගැන හිතන හැම එකාගෙම කටවල් වහලා තියන්න ඔනෙ. අන්න ඒකට තමයි ඔය ජාතිවාදී ලෙබලෙ ගහගෙන එන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරිසේනට චන්දෙ ගිය විදිය විශ්ලේෂණය කලාමත් එක ජාති වාදී. අන්න දැන් පොරවල් කිහිපයක් සිරිසේන චන්දෙ දින්නේ බෙදුම්වාදී චන්ද නිසා නොවන බව පෙන්වන්න අංක විද්‍යා දානවා. අංක විද්‍යා වලින් කබරගොයා තලගොයා කරාට කබරගොයා අපේ සමාජේ ඔක්කොමලා අඳුනනවා.

      දැන් ජාතිවාදියා,මෝඩයා, හරකා වගේ ලේබල් ගහන නිසා ඇතැමෙක් තම මතය එලියට දාන්න බයයි.

      Delete
    2. ඒ කියන්නේ උඹ ජාතිවාදී මෝඩ හරකෙක් කියලා උඹ හොඳින්ම දන්නවා කියන එක නේද

      Delete
    3. කියන දේ තේරෙන්නේ නැති හරකෙක් ඇවිත්

      Delete
  6. මහා රජා මෙවර චන්ද ගත්තේ මෝඩ සින්හලයින්ව රවට්ටලා , විදුලි පුටුවට ගෙනියනවා , හේග් අදිකරණයට ගෙනියනවා , විජාතික කුමන්ත්‍රණ කියා කියා , රාජ්‍ය මාද්‍ය හා විමලේ හඩ් ඩා වැනි වන්දි බට්ටන් ලවා මන්තර ජපා කරන්නා වගේ කියවලා , දැන් කෝ විදුලි පුටු , දැන් අගමැති පුටුවේ ඉඳගන්න දඟලනවා , එය හිත ඉන්නේ තව සැරයක් රවටලා , මන්ත්‍රී ආසන දිනාගෙන අගමැති වෙන්න , ඒ වුනාට මිනිස්සු වරක් රැවටුනා , දෙවරක් රැවටුනා , 3 වරත් සමහරු මෙයාව මරණින් බේරාගන්න චන්දෙ දුන්න , ඊළඟ සැරේ මිනිස්සු රවටන්න මෙයාට රාජ්‍ය මාද්‍ය නැහැ , එක තේරුම් ගත්තොට් හොඳයි .

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ කාලේ මහින්ද කරපු ඔක්කොම වැරදියි කියමුකෝ...එතකොට...මහින්ද වටේ හිටිය අය අලුත් ආණ්ඩුවට එකතු වෙද්දී...හැම මාධ්‍ය ආයතනයක්ම වගේ සිරසෙන් ප්‍රචාරය වෙන දේවල් විතරක් කියද්දී...ඒ වෙන දේවල් හරියි කියලද ඔයාල හිතන්නේ?

      එක අතකට විමල් කිව්ව කතාවේ ඇත්තක් නැත්තෙත් නැහැ...අලුත් ආණ්ඩුවට එකතු වෙච්ච අය ක්ලෝරීන් වෙන්න ඇති...මහින්ද කරපුව වැරදි වෙලා අලුත් අය ඒවම කරද්දී හරි වෙන්න...

      අලුත් ජනපති තුමා කියපු විදිහට සහ ඒ අයට පක්ෂව චන්දෙ දුන්න අය බලාපොරොත්තු වුන විදිහට රට හදන්න නම් මෙහෙම වෙලා හරියන එකක් නැහැ...

      Delete
    3. @AnonymousJanuary 12, 2015 at 10:31 AM
      ලිපියට අදාළ නැති වුවත් මම පිළිතුරු දෙන්නම්
      මහින්දට විරුද්දව කේස් අදින තරමට මහින්ද වැඩි වැඩියෙන් ජනප්‍රිය වන බව උබ නොදන්නවට රනිල් සහ සිරිසේන දන්නවා. හිටිය මහින්දට වඩා පැරදුනු මහින්ද ජනප්‍රියයි.

      @~නෙතුපුල්~
      ++++++++++++++++++++++++

      Delete
    4. ඒ වගෙම ලියන මාරයට වඩා නොලියන මාරයා ජනප්‍රියද මන්දා ;-)පෝස්ටුවක් දාල මාරය ගියාට එතන යහපාලනේට ත් වඩා වේගෙන් කොමෙන්ටු පිරෙනවා.මේක මෙතන ලිව්වෙ, කොහෙන් හරි දැකලාවත් ආපහු ඒවා කියල පතා ගෙනයි.

      Delete
    5. දැන් මාරයා නැති එක ලොකු අඩුවක්

      Delete
  7. රසික ගේ හොඳ ගති ගුණ අතර පෙනෙන්න ඇති දුර්ගුණ තුනක් මම දකිනවා
    1. කිසිම විටක තමන්ගේ වරද පිලි නොගෙන ආත බූත පිළිතුරැ දී මග හැරීම. Narcissist ඇනෝ මෙය බොහෝ තැන වල පෙන්නා දී ඇත. එක තැනක් මෙතනින්

    2. අනුන්ගේ ප්‍රාග්විනිශ්චය (prejudice) ගැන ඉතාමත් තදින් සහ දරුණු ලෙස අදහස් දක්වන ඔහු තමන්ගේ ප්‍රාග්විනිශ්චයන් සම්බන්ධව අන්ධයෙකු මෙන් ක්‍රියා කිරීම.

    3. අතිශයින් අගතිගාමී ලෙස බෞද්ධ සංවිධාන සහ ස්වාමින් වහන්සේලා විවේචනය කරන අතරම කිසිදු ආකාරයකින් ද්‍රවිඩ , ඉස්ලාම් අන්තවාදය ගැන කතාකිරිමටවත් මතක් නොවීම. එය ප්‍රශ්න කල විට "මං කැමති දේ ලියනවා " කියා මග හැර යාම.

    රටක මහා ජාතිය අසරණ කර , පිඩනයට , නින්දාවට , රැවටීමට සහ අගතියට පත් කර එම රටේ සුලුජාතින් කරා සාමයක් ගෙන දීමට හැකියාවක් නැත. රසික , පැරා , බුවා , චන්ද්‍රිකා etc ඇතුළු ෆෙඩරල් නඩය එසේ සිතා සිටීමට හැකි නමුත් එය අතීතයේ සිදුවූ ලෙසම තවත් ලේ ගංගාවක් ගලා යාමට මාර්ගය සලසයි.

    රටක සාමය සහ සංහිඳියාව ඇති කර ගත හැක්කේ බෙදී වෙන්වීමෙන් නොව එකතුව එක ආකාරයකට පත් වීමෙනි.

    රටේ මහා ජාතිය සමග ඒකාකාරත්වයකට පත් නොවන ජන කොටස් ඇති තැන තුවාලයකි. ප්‍රංශය ලඟම උදාහරණයයි. එහි ඇත්තේ මිනිසුන් වරදවා වටහාගෙන ඇති පරිදි තර්ස්තවාදී ප්‍රශ්නයක් නොව එක සුළු කොටසක් , මහා ජාතියේ සංස්කෘතිය , තීරණ (freedom of press , speech , religion) , නීති පධතිය තුලට අනුගත නොවී වෙන්ව සිටීමට සහ විරුද්ධ වීමට දරන උත්සාහයේ ඝර්ශනයෙන් නගින ගිනි පුපුරු වේ.

    සිංහල නමක් ඇති
    සිංහල වහර ගෙන ඇති
    සිංහල සිරිත් ඇති
    දනෝ සිංහලයන්ය හැඳිනෙති

    අතීතයේ සිංහල රටේ මේ ප්‍රශ්න නොතිබුනේ මෙරටට පැමිණි වැසියන් රේ ස්වදේශික සිරිත් විරිත් , සංස්කෘතිය , භාෂාව සහ ජිවන රටාවට අනුගත වූ නිසාය. වෙනම මුස්ලිම් , ද්‍රවිඩ ජනවාර්ගිකත්වය පදනම් කොට ගෙන තව දුරටත් බෙදීමෙන් , රාජ්‍ය භාෂා තුනක් තිබීමෙන්, වර්ගවාදී අරමුණු උදෙසා චන්දය භාවිතා කිරීමෙන් රට තව දුරටත් බෙදෙමින් අඝාධයට යනවා මිස ගොඩ ඒමක් නැත. රසික යනු අප සියල්ලන් ඒ අඝාධයට යන පෙරහැරේ තවත් එක කස කරුවෙක් පමණි.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++
      බෙදී සිටීම් තමයි ඔක්කොම ප්‍රශ්න වලට මුල

      Delete
  8. මකසි මිනිස්සුන්ට පෞද්ගලික පහර දීම් වලට යන්න එපා.. ඔහුගේ මතයට ගහන්න. ඒත් පුදගලයට ගහන්න එපා.. උඹ විරුද්ධ මත පල කලත් මනුස්සයෙක් කියලා හිතන නිසයි මෙහෙම ලියන්නේ. මතවාදිව ගැටෙමු. පෞද්ගලිකත්වයට පහර ගහන්න එපා.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ ස්වාමියාගෙ විරුද්ද වාදීන්ට ලොකෙ නැති අවලාද නගපු මාතලන්ද මෙ? එකත් එකටම රසිකයා සින්හල විරොධියෙක් වෙන්නෙ ඇති. නැත්නම් කොහෙද මාතලන්ගෙ පපු කැවුත්ත රිදෙන්නෙ.

      Delete
    2. @Maathalan - Priyantha Hewage
      මම ඔහුගේ කළු සුදු බව ඇඟේ අඩුපාඩු. පවුල් ජීවිතය, කුලය,පාසල, වැනිදේට කෙලින්ම පුද්ගලික දේට පහර ගසා නැත.මම පහර ගැහුවේ ඔහු කල වංචා වලට සහ ඇන්ටි සිංහල මතවාද වලට පමණි.

      Delete
    3. //මතවාදිව ගැටෙමු. පෞද්ගලිකත්වයට පහර ගහන්න එපා.//
      යකෝ මාතලන්ගේ ප්‍රොෆයිල් එක හැක් කරලද මන්දා! :D :D :D

      Delete
    4. "Maathalan - Priyantha HewageJanuary 12, 2015 at 12:32 PM
      මකසි මිනිස්සුන්ට පෞද්ගලික පහර දීම් වලට යන්න එපා.. ඔහුගේ මතයට ගහන්න. ඒත් පුදගලයට ගහන්න එපා.. උඹ විරුද්ධ මත පල කලත් මනුස්සයෙක් කියලා හිතන නිසයි මෙහෙම ලියන්නේ. මතවාදිව ගැටෙමු. පෞද්ගලිකත්වයට පහර ගහන්න එපා."

      "Maathalan - Priyantha HewageJanuary 9, 2015 at 10:31 AM @ ctkumara.blogpost.com
      අධ්‍යාත්මවෙදී චන්ද්‍රසිරි බන්ඩාර

      රජගෙදර රිලවා නොහොත් විමල් වීරවංශ (ඌගේ කක්කුස්සියත් වහලා)

      ඩලස් අලහප්පෙරුම නම් ජඩ මාද්දියවේදියා..

      මොහාන් සමරනායක නම් මහා බුද්ධිමතා

      දයාන ජයතිලක නම් ළෝකයේ ළොකුම බුද්ධිමතා

      මම ගොන්පිල හෙවත් රුපියල් සීයේ හිඟන්නා..

      අධ්‍යාපනය උලා කෑ බන්දුල ගුණවර්ධන නම් ගොන් වස්සා

      ඇස් බී නම් වනචරයා"

      Delete
    5. ඔය තියෙන්නේ මාතලන්ගේ නිරුවත

      Delete
    6. මේ ලිපියම මාතලන් කියන කෙනාටත් එලෙසම අදාලයි.දෙන්නම සිංහලයට ගහන කොන්ත්‍රාත්තුව මත තමයි පිටරට රස්සා වලට අරන් තියෙන්නෙ.රසිකට අම්මා කෙනෙක් නැහැ. ඉන්නෙ ''අපේ ගෙදර අම්මි''. බ්ලොග් ලියන කාලෙ පටන් ගත්තෙ එහෙමයි.පස්සෙ හරි ගියා.මේ රටෙත් නැති එවුන් තමයි රට හදන්න එන්නෙ.ඉහත දේශද්‍රෝහී ගති වලට අමතරව මේ දෙන්නාගෙම මහා පොදු සාධකයක් තියෙනව. හැබැයි ඒක මෙතන කිව්වොත් මේ රටට ආදරේ කරන, හීනමානයක් නැති අනිත් වහුම්පුර මිනිසුන්ට අවමානයක් වෙනව.

      Delete
    7. අපි කුල භේදය කතා නොකර ඉමු. එයත් එක ආකාරයක වර්ගවාදයක්.

      Delete
  9. ඔය හාදයා දවසක මා ලියූ කැම්පස් එකේ සීයට හයේ ලැක්චරර් ලා ගැන මහා පඬි ටෝක් එකක් දුන්නේය. එයට මා ඔහුට පිලිතුරු වශයෙන් එම කොමෙන්ටුවටද ඔහු ගැවසෙන වෙනත් කීප තැනකද උත්තර දී ඔහු ගේ ප්‍රති උත්තර අසා සිටියෙමි...

    තවම අසා සිටිමි...

    පඩ සෝ පමනි!

    ReplyDelete
    Replies
    1. මමත් අවස්ථා දෙකකදී ඇහුවා පොර ගෙන් මවු බිමට ආදරේද කියා ඒක දැම්මට පස්සේ ඒ කමෙන්ට් එකට තියා වෙන අය දාන කමෙන්ට් වලටවත් පිළිතුරු නොදී මාරු.

      Delete
  10. රසික සුරියආරච්චිට ලැජ්ජාවක් තියෙනවා නම් තවත් බ්ලොග් ලියන එකක් නැහැ. රට පාවා දෙන පර බල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඕකුන්ට කියන්න ඕන පර බල්ලෝ කියලම තමයි

      Delete
  11. මටත් ඔය අතේ ගහන් ඉන්න සියළුම පොන්නයින්ව පේන්න බැහැ...
    ඕකුන් ඕක ගහගෙන අපේ රට විකුණනවා...
    සිංහලයෙක් දෙයක් කිව්වොත් උන් ජාතිවාදී වෙන්නත්, දෙමළ මුස්ලිම් උන් ජාති හිතෛෂී වෙන්නත් හේතුව මොකක්ද බං...

    ReplyDelete
    Replies
    1. සිංහල වීම මම හිතන්නේ..:D :D

      Delete
    2. හේතුව අම්මලාගේ වැරැද්ද.රටට ජාතියට ආදරය කරන්න කියා නොදීම.

      Delete
  12. මම පුද්ගලිකව කිසිම රටක පදිංචි වෙන්නෙ නෑ කියන ස්ථාවරයෙ ඉන්නෙ...ලංකාවෙන් පිටත ඕනෑම රටක අපිට ඉන්න වෙන්නෙ ආගන්තුකයො විදියට...අපි අවුරුදු දෙක තුනක් ගෙවාගන්නෙත් හරිම අමාරුවෙන්...එහෙව් එකේ ජීවිත කාලයක් ඉන්න හිත හදාගන්නෙ කොහොමද කියන එක මට නම් හිතාගන්න බෑ...

    ReplyDelete
    Replies
    1. සිරා ඔබ වැන්නවුන් රට විරුවෝය.ඔබලා ලංකාවට එවන විදේශ මුදල් ලංකාවේ රුපියල පහත නොයෑමට ලොකු දායකත්වයක් සපයනවා.

      Delete
  13. Translate to Sinhala if you can. Cat (Tiger) is out of the bag...

    http://www.ceylontoday.lk/90-82091-news-detail-time-to-stand-by-the-faith-of-north-east-voters.html

    ReplyDelete
    Replies
    1. actually LTTE(Tiger)s are currently of the bag. but consept of Tamil Eelam is already exists.

      Delete
  14. ජාතිවාදය . හනේ මන්දා මේ ජාති වාදයනම් . අන්තිමට මගේනම් පොඩිකාලේ ඉඳලා හිටපු යාළුවො ටිකක් නැති උනේ මේ නිසාම . කමක් නෑ මොනවෙආ උනත් . ලංකාට හොඳක් වෙනවනම් අපිට ඒ ඇති .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම වර්ගවාදය තුරන් කල යුතුය.ජාතික ප්‍රශ්නය විසඳීමේ එකම මාවත එයයි. රට බෙදුවොත් වන්නේ වර්ගවාදය තව ප්‍රබල වීමයි

      Delete
  15. මහා කලුවො ආයෙත් ෆෙඩරල් කතා පටන් ගන්න කොච්චර කල් යයි කියලා හිතනවද? ශ්‍රීලනිපය දිය කර හරියි ඊට කලින්. ඊනියා ප්‍රජාත්‍රන්තවාදියො ස්ව්යන් වාරනයක් දාගෙන ඉදියි රටෙ ප්‍රධාන විපක්ශය දියකර හරිද්දී.

    ReplyDelete
    Replies
    1. ශ්‍රීලනිප යේ සොහොන් ලකුණු මතුවෙනවා. බලමු වෙනදේ

      Delete
  16. අම්මලා දන්නවනම් තමන්ගෙ කකුල් දෙක අස්සෙන එන එකා අනාගතේදි හැසිරෙන්නෙ මෙහෙමයි කියලා ඒ වෙලේම බෙල්ල මිරිකලා මරලා දායි බන්. කරුමෙට එහෙම දැනගන්න ක්‍රමයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔහොම අපතයෝ ගොඩක් ඉන්නවා. මාත් එක්ක ඉගෙන ගත්ත උන් ගෙන් භාගයකට වඩා ඕස්ට්‍රේලියා, කැනඩා වගේ රට වල උන් ගෙන් අප රටට කිසි වැඩක් නැහැ.ආපරාදේ මහජන මුදල්.

      Delete
  17. මහා කලු සිoහලයා කියලා නම දාගෙන ඉන්න ගොබ්බයා උගේ නූගත්කම පෙන්නනවා හරි අපුරුවට.
    ඔනෑම තක්කඩියෙකුගේ අවසන් නෑවතුම ජාතිවාදයයි කියන මාක්ස්වාදීන්ගේ විග්‍රහය හරියට හරි වගේ.
    මහින්ද කියන බුදු පිළිමවල සිරස බිද නිදන් හෑරූ මහා සිoහලයාද ම.ක.සි කියන උගේ අසූචි බුදින්නාද යන සියලු තක්කඩීන් අපේ ජාතිය තුල සෑගවී ඈති ලස්සන.......

    වෑඩේ කියන්නේ මහා සිoහලයා පාලනය කල වසර 9 තුලම රටේ ප්‍රදාන අදායම උනේ සිoහල ගෑහෑනුන් තම්බි රටවලට පෑටවීම වීමයි.

    ReplyDelete
    Replies
    1. //සිoහල ගෑහෑනුන් තම්බි රටවලට පෑටවීම වීමයි.// මේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම ජාතිවාදීයි නේ. මම මේ ලිපිය ලියා ඇත්තේ ජාතිවාද වලට විරුද්දවයි. මෙම ලිපිය තේරුම් නොගෙන මට ජාතිවාදියා කියන ඔබ නියම ජාතිවාදියෙක් බව ඉහත ඔබගේ ප්‍රකාශයෙන්ම සනාථ වේ.

      Delete
    2. පක්ශ බදාගෙන රට උනත් පාවා දෙන්න ලෑස්ති අමනයො කියන්නෙම බොරු. මහින්ද එන්න කලිනුත් ලන්කාවෙ ලොකුම විදෙශ ආදායම උනෙ පිට රට ශ්‍රමිකයන් එවන සල්ලි තමයි. හැබැයි මහින්දගෙ කාලයෙ රටෙ අපනයන 100%න් වැඩි උන බව මෙ ගිරා පොතකයො දන්නෙ නෑ.

      රනිල්ට සුභ පතනවා මහින්ද දැමූ අඩි තාලම ඔස්සෙ රටෙ ආර්ථිකය හදන්න කියලා.

      Delete
    3. @මහා කළු සිංහලයා

      සිoහලයාට සිoහලයා කීමත් මුස්ලිමුන් හදුන්වන සුරතල් නාමය වන තම්බි(මෙය දෙමලෙන් මල්ලී වන අතර කුණුහරුපයක් නොවේ )කීමේත් ඈති ජාතිවාදය මොකක්ද?
      හද පෙන්නුවාහාම මෝඩයා බලන්නේ ඈගිල්ල දිහා.උබ නියම මෝඩයා.
      මම ඈහෑව්වේ මෙච්චර නම්බුකාර සිoහල ජාතියේ කාන්තාවන් මෑද පෙරදිග බෑලමෙහෙවරට යවන්න ජාතිය ගෑන වගාඩම්බර දොඩවන මහරජානෝ ඉදදෙන්නේ ඈයි කියලයි?

      @Anonymous

      //පක්ශ බදාගෙන රට උනත් පාවා දෙන්න ලෑස්ති අමනයො කියන්නෙම බොරු. මහින්ද එන්න කලිනුත් ලන්කාවෙ ලොකුම විදෙශ ආදායම උනෙ පිට රට ශ්‍රමිකයන් එවන සල්ලි තමයි. හැබැයි මහින්දගෙ කාලයෙ රටෙ අපනයන 100%න් වැඩි උන බව මෙ ගිරා පොතකයො දන්නෙ නෑ.//

      අපි නොදන්න මහින්දගෙ අපනයන ආදායම........ චීනෙට ඉන්දියාවට ඈමරිකාවට ලoකාවම උගස් තියලා දූපත් ටිකත් ඉන්දියාවට විකුනපු ඵකා.
      අපනයන අදායම ඵන්න ඈති රාජපස්ස පවුලේ ඵකවුන්ට් ඵකට.
      මහින්දගෙ සoඛ්‍යා ලේඛන අනුව 4 දෙනෙක්ගෙ පවුලේ මාසික ආදායම ලක්ශ 3ක් වෙන්න ඔන.
      මේක කියවන උන්ගෙනුත් කීයෙන් කීදෙනාගෙ පවුල් වලටද මාසෙකට ලක්ශ 3ක් ආදායමක් තියෙන්නේ?
      අපි නොදන්න මහින්දගෙ සoඛ්‍යා ලේඛණ.

      Delete
    4. මෙච්චර නම්බුකාර සිoහල ජාතියේ - මෙනන තවත් ජාතිවාදී ප්‍රකාශයක්. ඔබ කොහොම අදහස් දැක්වුවත් ඔබගේ යටි හිතේ තියෙන ජාතිවාදය එලියට එනවා.

      Delete
    5. //මෙච්චර නම්බුකාර සිoහල ජාතියේ - මෙනන තවත් ජාතිවාදී ප්‍රකාශයක්. ඔබ කොහොම අදහස් දැක්වුවත් ඔබගේ යටි හිතේ තියෙන ජාතිවාදය එලියට එනවා.//

      හෑක්....හෑක්.....
      සිoහල ජාතිය නම්බුකාර නෑද්ද?

      Delete
    6. මහ කලු පොන්සියෝ අහන ප්‍රශ්න වලට උත්තර දීපන් බල්ලා වගේ නෑට්ට අකුලගෙන පෑනලා යන්නෙ නෑතිව....ඵහෙම බෑරිනම් අපේ ජාතියට අපහාස නොකර මහා කලු සිහලයා කියන නම වෙනස්කරගනින්.......

      Delete
    7. පොන්න ඇනෝ...පුක නෝදී පලයං හුත්තො...තෝ කතන්දර පොන්නයා නේද ?

      Delete
    8. චන්ද්‍රිකා-රනිල්-පොන්ගල ද්‍රොහී නඩෙට කඩෙ යන උන්ගෙ සියලු දැනුම බින්දුවයි. මහබැන්කුවෙ සoඛ්‍යා ලේඛන අනුව ලක්ශ 3ක් වෙන්නෙ අවුරුද්දක ආදායමයි. රටෙ යුද්දෙ ඉවර කරපු එකෙවත් ගෞරවය නොදෙන ගුනමකුවො ආර්ථිකය හැදීමෙ ගෞරවය කොහොමත් මහින්දට දෙන්නෙ නෑ.

      Delete
    9. @ Anonymous

      නේ පල පුකදෙන්නෝ යන්ඩ.
      පොන්න හුත්තා පොයින්ට් ඵකට පොයින්ට් ඵකෙන් උත්තර දියන්....බෑරිනම් මහ කලු සිහලයා මහා කලු පොන්නයා කියලා වෙනස්කරගනින් ජාතියට ලෑජ්ජකරන්නෙ නෑතිව.

      Delete
    10. //චන්ද්‍රිකා-රනිල්-පොන්ගල ද්‍රොහී නඩෙට කඩෙ යන උන්ගෙ සියලු දැනුම බින්දුවයි. මහබැන්කුවෙ සoඛ්‍යා ලේඛන අනුව ලක්ශ 3ක් වෙන්නෙ අවුරුද්දක ආදායමයි. රටෙ යුද්දෙ ඉවර කරපු එකෙවත් ගෞරවය නොදෙන ගුනමකුවො ආර්ථිකය හැදීමෙ ගෞරවය කොහොමත් මහින්දට දෙන්නෙ නෑ.//

      හෑක්.....හෑක්...උඹ නම් නියම මෝඩයෙක්.
      ජීවිතේටවත් පොතක් පත්තරයක් කියවපු නෑති ඵක බලපු ඵකෙක්ද කොහෙද.
      යකෝ ඔය කියන්නේ මාසික ඵකපුද්ගල අදායම ...වාර්ශික නෙවෙයි(පවුලක ආදායම වාර්ශිකව බලන්න උබේ පවුල කොම්පෑනියක් ද? )

      හරි අපි ටිකකට හිතමු ලක්ශ 3 කියන්නේ වාර්ශික අදායම කියලා.......ඵහෙම උනොත්,
      පහුගිය මහ බෑoකු වාර්තාවට අනුව 4දෙනෙක්ගෙන් යුත් පවුලක මාසික වියදම රු55000+
      උබේ තර්කය අනුව ලක්ශ3 වාර්ශික ආදායම නම් ...පවුලක මාසික ආදායම හොයන්න ලක්ශ 3 ,12න් බෙදන්න වෙනවා.
      ඵතකොට සාමාන‍ය පවුලක මාසික අදායම 25000යි.

      මහින්දයගෙ ම මහබෑoකු වාර්තාව අනුව පවුලක මාසික වියදම 55000යි.මහින්දයගෙ ම වාර්තා අනුව සහ උබේ තර්කය අනුව පවුලක මාසික අදායම 25000යි.
      ආදායම වගේ 200%ක් වියදම.
      කොහොමද මහින්දයා රට හදලා තියන හෑදිල්ල.(මේ උබේ තර්කයට අනුව බෑලුවොත් හොදේ... )

      ගොන් රිලවො කොහොම කොහෙන් බෑලුවත් මහින්දය ආර්තිකේ කාලා තියෙන්නේ කියලා ඵකෙන්ම පේනවා.....අපි නොදන්න මහින්ද ඉකොනොමි...හුකෑස්....

      Delete
    11. @AnonymousJanuary 14, 2015 at 9:29 PM
      //සිoහල ජාතිය නම්බුකාර නෑද්ද?//
      පුද්ගල උස් පහත් බව හෝ නම්බුකාර බව ජාතිය අනුව තීරණය නොවේ. එය පුද්ගල ගුණයකි. කිසිම ජාතියක් තවත් ජාතියකට වඩා උස් පහත් හෝ නම්බුකාර කමක් නැත එසේ සලකනවා නම් එය ගෝත්‍රික ජාතිවාදී ප්‍රකාශනයකි.

      ඉතිහාසය අනුව සිංහලයන් බිහිවුයේ තම සහෝදරිය සමග සංසර්ගයෙන් බිහිවූ සිංහභාහු ගේ දුපුතුන්ගේ පරපුරෙ රටින් පිටමන් කල අධමයකු වූ විජය ගෙන් නම්. සිංහල ජාතියේ බිහිවීමේ හෝ නම්බුකාර කමක් තිබීද? අඩු ගන්නේ බහුතර වත්මන් සිංහලයන්ට රිය පැදවීමේ විනයක් හෝ තිබේද? අවස්ථාව ලැබුණු විට කොමිස් ගැනීම්, පෝලිම් පැනීම් හා අයතා ලෙස ළමුන් පාසලට දැමීමේ සිට හැම තැනම හොර කරන සිංහලයා සතුව නම්බුකාර කමක් තිබේද?

      Delete
    12. This comment has been removed by the author.

      Delete
  18. @ මහා කළු සිංහලයා

    //ඉතිහාසය අනුව සිංහලයන් බිහිවුයේ තම සහෝදරිය සමග සංසර්ගයෙන් බිහිවූ සිංහභාහු ගේ දුපුතුන්ගේ පරපුරෙ රටින් පිටමන් කල අධමයකු වූ විජය ගෙන් නම්. සිංහල ජාතියේ බිහිවීමේ හෝ නම්බුකාර කමක් තිබීද? අඩු ගන්නේ බහුතර වත්මන් සිංහලයන්ට රිය පැදවීමේ විනයක් හෝ තිබේද? අවස්ථාව ලැබුණු විට කොමිස් ගැනීම්, පෝලිම් පැනීම් හා අයතා ලෙස ළමුන් පාසලට දැමීමේ සිට හැම තැනම හොර කරන සිංහලයා සතුව නම්බුකාර කමක් තිබේද?//

    උබේ උදාහරන අනුව සිoහලයා නම්බුකාර යෑයි කිව නොහෑකි පට්ට පජාත වර්ගයකි.
    මහා කලු සිoහලයා මහා පට්ට පජාතයකු වියයුතුය.

    ReplyDelete
  19. @ මහා කළු සිංහලයා

    ////සිoහල ජාතිය නම්බුකාර නෑද්ද?//
    පුද්ගල උස් පහත් බව හෝ නම්බුකාර බව ජාතිය අනුව තීරණය නොවේ. එය පුද්ගල ගුණයකි. කිසිම ජාතියක් තවත් ජාතියකට වඩා උස් පහත් හෝ නම්බුකාර කමක් නැත එසේ සලකනවා නම් එය ගෝත්‍රික ජාතිවාදී ප්‍රකාශනයකි.//

    මහා කලුවා කටිනුයි පු_නුයි ඵකපාර කතාකරන්න පුලුවන් සුවිසේශී පොරක්නෙව.
    මූ චන්දෙට කලින්, සිoහලයා ද්‍රවිඩයන්ට යි මුස්ලිමුන්ටයි යටත් වෙන අනතුරක් තියෙන බවත් සිහල ජාතිය ගලවගන්න මරාට චන්දෙ දෙන්න ඔන බවත් කියමින් මෑරෙන්න ගියා.චන්දෙන් පස්සේ ද්‍රවිඩයින් මහරජාව පරද්දපු බවත් උන් ඊලාම් කාරයින් යෑයි කියමින් දෙගානෑටුවා.

    දෑන් මූ කියනවා සියලු ජාතීන් සමානයි ලු.
    ඵක ජාතියක් ගෑන කතාකරන ඵකා ජාතිවාදී ලු.
    ඵයා ජාතිවාදියෙක් නෙවෙයි කියලා පෙන්නන්න ලොකු ෆයිට් ඵකක් දෙනවා.

    මටනම් කියන්න තියෙන්නේ උඹ මරාටම හරියන මරා වගේම ඵකපාර දෙකොනින් කතාකරන මානසිකරෝගියෙක් කියලයි.

    ReplyDelete
    Replies
    1. මා දේශපාලන මත සහිත සියලුම පොස්ට් වල ලියා ඇත්තේ ජාතීන් අතර සහජීවනයක් අවශ්‍ය බවයි. රට බෙදීම සහ ජීවනය නොවේ. මහින්ද පැරදීම මගින් රට බෙදීම ආරම්භ විය හැක. මම එදත් අදත් හෙටත් ඉන්නේ මේ ස්ථාවරයේය. මා ලියපු කරුණු තේරුම් ගත නොහැක්කේ ඔබගේ මොලේ අබාදයක් නිසාවෙනි.

      Delete
    2. @මකලු
      ආණ්ඩුවෙ වැරදි තිබුන නිසා මුන් විරුද්ද පක්ශෙට චන්දය දුන්නා. ඒකෙ කිසි වැරැද්දක් නෑ. වරද තියෙන්නෙ මුන් ඒ කදවුර කියන ඔන කතාවක් විශ්වාස කරනවා. හෙට රාජ්ය දුර්වල කර පලාත් සභා ශක්තිමත් කරන විසදුමක් ගෙනාවත් මුන් ඒක ආරක්ශා කරනවා. උතුරු නැගෙනහිර පලාත් දෙක එකතු උනත් මුන් ඒක ආරක්ශා කරනවා. ශක්තිමත් රාජ්යක් හදන්න උත්සහ කිරීම ජාතිවාදියි කියලා මොකක් හරි NGO පඩන්ගුවක් කිව්වොත් මුන් ඒකත් විශ්වාස කරනවා. ඉස්සරහට බෙදුම්වාදය ලෙසියෙන් ඉස්සරහට ගන්න පුලුවන් බවනම් බොහො පැහැදිලියි මිනිස්සු යහපාලනයෙන් අන්ද වෙලා නිසා.

      Delete
    3. @Liberal One
      ඔබ කියන විදියට තමයි ඉස්සරහට වෙන්නේ.

      Delete
    4. //මා ලියපු කරුණු තේරුම් ගත නොහැක්කේ ඔබගේ මොලේ අබාදයක් නිසාවෙනි.//

      උබ ලියපුව උබට වත් තේරෙන්නේ නෑතුව උඹම විකාර කියවනකොට අනිත් උන් කොහොම තේරුම් ගන්නද?
      ම.ක.සි කියන්නේ මෝඩ මරා පාක්ශිකයෙක්......ඵච්චරයි.
      උබලා දේශප්‍රේමය උබලගෙ උබලගෙ අමුඩය කරගෙන ඉන්නේ.
      කොටින්ම උබලා ජාතිය පාවිච්චිකරන්නේ මරාගේ හෙලුව වහන්න විතරයි.(මේ ජනතාව තේරුම්ගත් නිසයි අමුඩෙත් නෑතිව මරාට යන්න උනේ....)
      වේලාවකට දෙමල චන්ද ඊලම් කාරයන්ට සමාන කරමින් අන්ත ජාතිවාදය කතා කරනවා වගේම හිටපු ගමන් පට්ට ජාතික සමානත්වය කතා කරනවා....වෙන කියන්න දෙයක් නෑති කමට.
      ඵකෙන්ම පේනවා මරාගේ දේශප්‍රේමී වෙලෙන්දන් නන්නත්තාර වෙලා තියන තරම.

      Delete
    5. කවුද නිවැරදි කියා ඔබ වැනි මෝඩයන්ට කාලය කියා දෙනු ඇත.

      Delete
  20. @ Liberal One

    //ආණ්ඩුවෙ වැරදි තිබුන නිසා මුන් විරුද්ද පක්ශෙට චන්දය දුන්නා. ඒකෙ කිසි වැරැද්දක් නෑ. වරද තියෙන්නෙ මුන් ඒ කදවුර කියන ඔන කතාවක් විශ්වාස කරනවා. හෙට රාජ්ය දුර්වල කර පලාත් සභා ශක්තිමත් කරන විසදුමක් ගෙනාවත් මුන් ඒක ආරක්ශා කරනවා. උතුරු නැගෙනහිර පලාත් දෙක එකතු උනත් මුන් ඒක ආරක්ශා කරනවා. ශක්තිමත් රාජ්යක් හදන්න උත්සහ කිරීම ජාතිවාදියි කියලා මොකක් හරි NGO පඩන්ගුවක් කිව්වොත් මුන් ඒකත් විශ්වාස කරනවා. ඉස්සරහට බෙදුම්වාදය ලෙසියෙන් ඉස්සරහට ගන්න පුලුවන් බවනම් බොහො පැහැදිලියි මිනිස්සු යහපාලනයෙන් අන්ද වෙලා නිසා//

    මරාට කඩේගිය උන් කොච්චර අසරන වෙලාද?
    පරණ ජාවාරම් කරගෙනයන්න බෑරි නිසා වෙන්න ඈති....නේද?
    මරාට කඩේ ගිය උන් විපක්ශයට චන්දෙ දුන උන් වගේ කමෙන්ට් දානව......හා........හා......හතර හිනා.

    කොලුවෝ රාජ්‍ය ශක්තිමත් කරනවා කියන්නේ ඵ්කාදිපති හොරෙක් කරේ තියාගෙන හොරකම් කරන ඵකද?
    මාර රාජ්‍ය ශක්තිමත් කිරීමක්නෙ බන් ඵක......මුන්ට අහින්සක දරුවන්ගේ කිරි පෑකට් පකෙන් බදු කෙලකෙල මගුල් නටන්නයි.....ජනතාව ඵ්වා ප්‍රශ්නකරපුහාම රාජ්‍ය ශක්තිමත් කොරන්නයි.......අනේ හුකේ !

    ReplyDelete
    Replies
    1. දැන් ඔබ පතපු වෙනස වුනාද? බලාගෙන ඉන්න හෙට වෙනකන්. යහපාලනය අද නොවේ හෙට

      Delete
  21. MKS.Islam Anthawadeen, France wala Charlie hebdo madyawedeen gathanaya gena ape madya wedeen monawadakale.Muslimmunta baye nikan hitiyada../Gehan

    ReplyDelete
    Replies
    1. දැන් මාධ්‍ය වල යන්නේ මයිතී ගුණ වැයුම්

      Delete
  22. W3 lanka.P th muslim Anthawadeenta kadegiya umba ewa liyannada

    ReplyDelete
  23. යහ පාලන බබා තාමත් නිදි යහනේ
    ජහ මනයා සොබාවික ෆැන්ටසි හීනේ
    සහ පිරිවර සමග ලණු සුප් හැදු නෝනේ,
    වහ වීලා වගෙයි බිව් හට ඒ පානේ.

    මහ අවුලක් වගේ මට පෙනෙනා මේක
    පහදා අහගන්න කෙනෙකුත් නැති සේක.
    වහ වූ ශ්රී.ල.නි. ප යලි රහ වූ සේක
    මහ ලේකම් තුමා අපගෙම වූ සේක

    මීයෙන් කැඩූ, අත ලෝනත් මදිය කියයි
    ඊයෙන් ගෙනා හොරු ටික අද සුපිරිසුදුයි
    රීයෙන් ගලේ, යහ පාලන ටිකිරි ළමයි
    සීයෙන් කොරන එක ඇහුවත් අපට බනියි

    ReplyDelete
    Replies
    1. යහ පාලනේ ට චන්දෙ දුන් අයට දැන් ටික ටික වෙන දේ තේරෙනවා. දැන් තෙල් මිල අඩුවීම සහ පඩි වැඩි වීම සමග දෑස් නිලංකාර වුන අය තවම ඉන්නවා. ලිප ගිනි මෙලවෙනකන් විතරයි ලංකා මුට්ටියේ කකුලුවොන්ට ආතල් ගන්න පුළුවන්

      Delete
  24. කෝ මේ මහින්දට කඩේ ගියපු මකසි,මාරයා,තනි තරුව, කසා පබ්බත,මීදුම, යුතුකම සංවාද කවය,සා රස, ප්‍රතිවාදියා,හිස් අහස, ගයාත්‍රි වගේ අය?අතුරුදහන් වෙලාද?

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි පුතේ! යකෝ මම මේ ලිස්ට් එකේ තුන්වෙනියා! තැන්කූ වෙන්න ඕන...ප්‍රොෆයිල් එකෙන්ම ආවනම් තමයි ඕකේ අගේ තියෙන්නේ! :D

      Delete
    2. වෙන්ඩ පොශ් ඇනෝ....

      අපි ඔබේ දකුනට යහපාලනේ, උතුරට ස්වයං පාලනේ, ගෙදරට යහනේ පාලනේ ආදී සිරිපාලන දිහා බලාගෙන ලීටරය රුපියල් හැටට දෙන සියලු බදු ඉවත් කල පැස්ටෝල් ගසමින් රට වටේ යමින් සිටිමු....

      Delete
    3. හී හී. මාවත් අරගෙන. හෙන ක්‍රෙඩිට් මට, මහින්දට කඩේ ගියයි කිව්වම.

      යහපාල සිරිසේන මහතා අර පත් කොරපු ටැලිකොං ලොක්ක එතුමාගේ මල්ලි නෙවෙයි, මගේ මල්ලි හොඳද?

      ඇනෝ, ඔයා වාගෙ හංසපාලලා සහ හංසමාලිලා තව ටික දවසකින් වීසා අරන් යාපනේ යනකොට අපිත් ආවට කමක් නැද්ද?

      Delete
    4. අපි මුල ඉදන් කියුවේ. දුෂණ සහ හිතවතුන්ට සැලකීම අතින් මහින්ද සහ මයිත්‍රී අතර වෙනසක් වෙන්නේ නැති බව හෙවත් චන්දේ දුන් අය පතන වෙනස ඇති නොවන බව. එය සත්‍ය බව දැන් පේනවා. අපි මුල ඉඳලාම කියුවේ මහින්දගෙන් බලය ගියොත් රට ෆෙඩරල්වී ඉන් පසු බෙදෙන බව. තව මාස දෙක තුනකින් ෆෙඩරල් වෙයි 2025 වෙන විට උතුරු නැගෙනහිර වෙනත් රටක් වෙයි. ඉන්පසු දේශසීමා යුද්ද බලාපොරොත්තු වන්න.

      Delete
  25. මේ දේශප්‍රේමී බ්ලොග් වේලෙනවානෙ චන්දෙන් පස්සෙ

    ReplyDelete
    Replies
    1. පිස්සුද වේලෙනවා නම් මෙච්චර කමෙන්ට් එන්නේ කොහොමද?

      Delete
  26. aluth post ekak daanna

    ReplyDelete
    Replies
    1. ඉල්ලීම පිළිඹඳ බොහොම ස්තුතියි.
      බාගෙට ලියපුවා තියෙනවා ඉවර කරන්න වෙලාව තමයි නැත්තේ.

      Delete
  27. මකසි ඔබේ නිහඬ බව තව බෑ දරාන ඉන්න..කිව්වෙ සිංදුවක්..ඒවුණාට අළුත් පෝස්ට් එකකට කාලේ හරි නේද? :D

    ReplyDelete
    Replies
    1. අපි විසින් පෙර කල උපකල්පිත මාවතේ රට යන විට හුරේ දමා වැඩක් නැත. අපගේ උපකල්පන හරිගොස් අප දිනුවත් අපගේ රට පරාජය වන විට නිහඬ වීම හැර දෙයක් තනි මට නොමැත.

      අලුත් පොස්ට් ඉල්ලීම පිළිඹඳ බොහොම ස්තුතියි.
      බාගෙට ලියපුවා තියෙනවා ඉවර කරන්න වෙලාව තමයි නැත්තේ.

      Delete
  28. කෙළ වෙන සීන් එකක් වගේ තමයි පේන හැටියට තියෙන්නේ..
    Reply
    Replies

    කුරුටු ගෑ ගී පවුරFebruary 3, 2015 at 8:27 PM

    ඔව් බං...මීට වඩා පරිණත දේශපාලන ක්‍රමයක් තමයි බලාපොරොත්තු වුණේ...
    Mahesh SharminFebruary 3, 2015 at 5:58 PM

    උනුත් එකයි මුනුත් එකයි... කුහකත්වයයි පලිගැනීමයි විතරයි තියෙන්නෙ.
    Reply
    Replies

    කුරුටු ගෑ ගී පවුරFebruary 3, 2015 at 8:31 PM

    සම්පූර්ණ ඇත්ත...අපි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ මේව නෙවෙයි...නියම වැඩ...ආදර්ශමත් වැඩ...යහපාලනය ආදර්ශයෙන් පෙන්නීමක්...අරයා ඒ කාලෙ කළා කියල මෙයත් මේ කාලෙ ඒවට ඉඩ දීමක් නෙවෙයි...ඊට වඩා රටේ සමස්ත ආකල්ප දියුණුව ගැනයි හිතන්න ඕන...
    සරත් ලංකාප්‍රියFebruary 3, 2015 at 7:03 PM

    අපිත් පොඩි ලමයි වගේ.
    Reply
    Replies

    කුරුටු ගෑ ගී පවුරFebruary 3, 2015 at 9:05 PM

    හැමදාම රැවටෙනවා..
    Maathalan - Priyantha HewageFebruary 3, 2015 at 9:15 PM

    ඒක නීතියක් නෙමෙයි.. පොරොන්දු පත්‍රයක් විතරයි.. මිනිස්සු පොරොන්දු කොයි තරම් කඩ කරනවද..?
    Reply
    Replies

    කුරුටු ගෑ ගී පවුරFebruary 3, 2015 at 10:15 PM

    ලංකාවෙ මෑත ඉතිහාසෙ තිබුණෙම කඩවුණු පොරොන්දු ගොඩක් විතරයි මාතලන්...ඒත් මිනිස්සුන්ගෙ බලාපොරොත්තු එක්ක සෙල්ලං කරන්න හොඳ නෑ...ඒක ශාපයක් වෙනවා කාලෙකදී...
    AnonymousFebruary 4, 2015 at 12:35 AM

    Maathalan - Priyantha HewageFebruary 3, 2015 at 9:15 PM

    //ඒක නීතියක් නෙමෙයි.. පොරොන්දු පත්‍රයක් විතරයි.. මිනිස්සු පොරොන්දු කොයි තරම් කඩ කරනවද..?//
    කටින් රීම!

    ඇත්තම කියන්න මට යහපාලන සොඳුරනි, ඔබලා නිකං වත් හිතුවේ නැද්ද, මෙහෙම නොවෙන්නත් හැකි නොවේද කියලා?
    අපි නම් ඕවා ඇන්ටිසිපේට් කොරා නෙව!-මෙහෙමත් විය හැක කියලා.

    නොදන්න යකා ගෙ එක එක වෙස් පෙරලෙන කොට, ඔබලාට තොල කට වේලී..., මන්දැයි නොදනිමි සිදු වුනෙ කාගෙ දොසා...;-)
    සහලෝලා උණ ගන්න පෙර කොත්තමල්ලි ගන්න තමයි මිල අඩු කරේ. බලන්න පින්වතුනි, කෙතරම් දූරදර්ශී අය වැයක්ද කියා. G

    ReplyDelete
  29. මට හිතෙන්නෙ මහ කලුව බය වෙලා. ඒකයි පෝස්ට් නැත්තෙ. නැත්නම් යහපාලනයට එකතු වුනාවත්ද?

    ReplyDelete
  30. මකසි මොනවා හරි ලියපන්කො :)

    ReplyDelete