Friday, January 9, 2015

සංක්‍රාන්ති සමය.(Friday Of Change)


වෙනස් වීමෙන් තොර දෙයක් නැත. වෙනස් වීම පිළිඹඳ කනගාටු විය යුතු නොවේ. අද සිට ඉදිරි දින 100 හෝ කිහිපය තුල අපේ රට තුල යම් වෙනසක් සිදුවේ. මේ වෙනසට පෙර බොහෝ කටකතා තිබුනත් එම කටකතා බොරු බව ඇස්පනාපිට සනාථ විය. මහින්ද රාජපක්ෂ මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් ලෙස රට පාලනය කර පරාජය පිළිගෙන සමුගත්තේය. ඔහුගේ අවසන් ප්‍රකාශ වලින් පැහැදිලිව ඔහුගේ නොසලීමේ ගුණය ප්‍රකට වේ. ඔහු නියම අවංක නායකයෙකි.

මහින්ද රාජපක්ෂ ගේ පරාජය හෙවත් මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය පිලිම්බන්දව ජාති පිළිඹඳ කතා නොකර කතා කිරීම විහිළුවකි මහින්ද රාජපක්ෂ මහතාගේ චන්ද අඩු වීමට හේතුව වන්නේ ඔහුගේ පාලනයේ දුෂිත බව පිළිඹඳ පැතිර ගිය කට කතා වේ. ඒවා ට සමාජ ජාලා අඩවි වලින් ලැබුණු සහය සැලකිය යුතුය. එම කට කතාවල ඇති ශෝක්තියක් ඇතත් ගතයුතු දෙයක් පැහැදිලිවම තිබේ. එම දුෂණ වලට එකම වැරදි කාරයා ඔහු පමණක් නොවේ ඔහුගේ වටේ සිටින අය මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ චාන්චා කාරයෝ බොහෝ වෙසෙති. රජයේ තිබුණු දුර්වල ස්වබාවය නිසා මහින්ද රාජපක්ෂට සිදු වුයේ පාරිමෙන්තුවේ බහුතරය රැක ගැනීමට විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමත් ඔවුන් හොඳින් තබාගැනීමට ය. ඒ අනුව ඔහුටද ඔහුට පෙර සිටි චන්ද්‍රිකා ට මෙන්ම ඒවා පිලිම්බන්දව ඇස්පියා ගෙන පවතින ක්‍රමයට අනුගත වීමට සිදු විය. යුද සමයේ නම් එම හැසිරීම රජයේ ස්ථිරත්වය තබාගැනීම පිණිස ද ඉන් පසුව එය තම බලය රැකගැනීමටද භාවිත විය. මෙසේ වත්මන් මැතිවරණ ක්‍රමය යටතේදී රජයකට පාර්ලිමේන්තුවේ ලැබෙන ආසන ප්‍රමාණය සීමා කාරී වීම නිසා එම ගැටලුව පන නගී. එබැවින් රටේ යහපතට එය වෙනස් විය යුතුමය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වුවත් ඔහු වටා සිටගන්නේද මහින්දට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලා නිසා ඔහුගේ පොරොන්දුව ඉටුකිරීමට නම් බොහෝ ප්‍රශ්න වලට මුහුණදිය යුතුය. එසේම ඔහු සැබෑ ජනතාවාදී පාලකයෙක් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ලාගේ පැන්ෂන් අරමුණු සහ වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුව විසිරුවීම කල්දමා  පාර්ලිමේන්තු මන්ත්රීවාදී ජනපති කෙනෙක් නොවේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසිරුවා නව රජයක් පත්කළ යුතුය. එහිදී පාර්ලිමේන්තුව විසිරුවීමට ප්‍රථම දැනට පවතින බල්ලන් මෙන් කාකොටා ගන්නා මැතිවරණ ක්‍රමය වෙනස්කල ආසන මට්ටමෙන් වැඩ කරන පිරිසක් පාර්ලිමේන්තුවට ගැනීමට අවස්තාව සැලසිය යුතුය.එමගින් පහසුවෙන් ජනතාව අතර ජනප්‍රිය නමුත් ලොකු මුදලක් සහිත කෙනෙකුට වුවත් ජයගැනීමට අවස්තාව ලබාදීමෙන් අදුෂිත නව දේශපාලකයන් පිරිසකට පාර්ලිමේන්තුව විවුර්ත කල යුතුය.

මා කියන ඉහත ක්‍රමය මගින් එන්නේ ප්‍රදේශයේ සිටින වැඩ කරන කෙනෙක් බැවින් ජාති හෝ ආගම් ලෙස වැඩ කරන පක්ෂ වල නියෝජිතයන් නොව වැඩ කරන ඕනෑම කෙනෙකුට අවස්තාව ලැබේ. රටේ සදාකාලිකව විසදා සන්වර්දනයකට යාමට නම් අනිවාර්යෙන්ම ජාතිවාදී බෙදීම් තුරන් කල යුතුය.ඒ සඳහා අනිවාර්යෙන් ජාතින් ලෙස නියෝජනය වන දේශපාලන ක්‍රමය නැවැත්විය යුතුය. එසේ නැතුව ජාතින් ලෙස බෙදීම ගැටලුව විසදීමට නම් ඒකීය නොව සන්ධීය රාජ්‍යකට අප මාරු විය යුතුය. නමුත් එය සියුම්ව කල යුතුය නැත්නම් එයම මගින් රට බෙදේ(මේවා පසුව ලිපියකින් සාකච්චා කරමු). කෙසේ කලත් එමගින් ඇති අවධානම වැඩි වන්නේ ලංකාවේ දෙමල සහ මුස්ලිම් ජාතිවාදීන් මාස්ටර් පැලෑන් අනුව වැඩ කරන බැවිනි.

මෛත්‍රීගේ ජයට හේතු වූ දෙමල සහ මුස්ලිම් චන්ද සලකා බලමු. ඔහුට දීනීමට හේතුවුයේ සුලුජාතික් චන්ද බැවින් සමහරුන් මෙම මැතිවරණය දකින්නේ ජාතිවාදයට වැදුණු පහරක් ලෙසිනි. එසේම මෙය සුලුජාතිකයන් ජාතිවාදය ප්‍රතිෂේප කිරීමක් ලෙස දකිති. සිංහලයන්ගේ පටු චින්තනය ගැන දුකයි. සුලුජාතිකයන් සිරිසේන වෙනුවෙන් චන්දය දීමට හේතුව ඔවුන්ට නොතෙරීම පුදුමය. සිංහල ජනයා මෙන් නොව ඔවුන් බහුතරය වැඩ කරන්නේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ වල නායක තීරණ උඩය. මෙහිදී ජාතින් නියෝජනය කරන ඔවුන්ගේ ජාතිවාදී පක්ෂ මහින්දගෙන් වෙන්වීම නිසා එම පළාත්වල මහින්ද පරාජය විය. මහින්ද ඔවුන්ගේ රටට විරුද්ද තීරණ වලට කැමති නොවීම ඔහුගේ පරාජයට ප්‍රබල හේතුව විය. මහින්දට විරුද්දව ප්‍රබල අපේක්ෂකයෙක් සිටියදී ඔහු අවස්ථාවාදී නොවී එම ජාතිවාදීන් සමග එක් නොවීම නිසා. ඔහු පැරදුනේ රට වෙනුවෙන් වැඩ කිරීම නිසාය. එබැවින් සිරිසේන මහතා සමග  ජාතිවාදී පක්ෂ සිටින බැවින් ඔහු පරිස්සමෙන් වැඩ කල යුතුය. නැත්නම් වන්නේ රටේ බෙදීමය. වටේ අය කෙසේ වෙතත් සිරිසේන මහතා නම් රටට ආදරේ කෙනෙක් බව මම විශ්වාස කරමි. මහින්දට මෙවර උතුරු නැගෙන හිරින් ලැබුණු චන්ද සුළු වුවත් සැලකිය යුතු ප්‍රමාණය නම් ජාතිවාදය නිරුපනය නොකරන දෙමල සහ මුස්ලිම් චන්ද වේ. මහින්ද ගේ  දුෂණ හෝ ඒ පිළබඳ කතා  අඩු වූවානම් එම චන්ද තවත් වැඩි වනු නොඅනුමානය.

සමාජ ජාල යනු සීමා පැනවිය නොහැකි සන්නිවේදන මාර්ගයක් බැවින්.දුෂණයට විරුද්දව දේශ පාලකයන් මෙල්ල කිරීමට එය හොඳ ආයුධයකි. මෙවර මහින්දට එමගින් පාඩමක් ලැබිණි. එම පාඩම සිරිසේන මහතාද වැරදි පාරේ යන්න ගියොත් එම පාඩම ලැබෙනු ඇත. මේ සංක්‍රාන්ති සමය සිරිසේන මහතා ගේ හැසිරීම්ම අධ්‍යනය කමු. කවුරු ආවත් කවුරු දිනුවත් මේ රට අපගේය. එබැවින් අවස්ථාවාදී නොවී එය රැක ගැනුම අපගේ යුතු කමයි.

ලංකාවට අවශ්‍ය සියලු ජනතාව බේදයකින් තොරව සිටිය යුතු රටකි.
මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.

100 comments:

  1. අරාජික හැගීමක් ආවා දිවුරුම් දෙනවා දැක්කම .

    ReplyDelete
    Replies
    1. රනිල් දිවුරුම් දෙනවා දැක්කම මගේ හැංගීම ඩබල් උනා

      Delete
    2. මම මේ නොදන්න කමටයි අහන්නේ...ජනාධිපතිවරණයකින් පස්සේ අගමැතිත් වෙනස් වෙනවද? කවුද අගමැතිවරයෙක් පත් කරගන්න චන්දෙ දුන්නේ? කවුරු හරි මට පැහැදිලි කරලා දෙන්නකෝ...

      Delete
    3. //ජනාධිපතිවරණයකින් පස්සේ අගමැතිත් වෙනස් වෙනවද? කවුද අගමැතිවරයෙක් පත් කරගන්න චන්දෙ දුන්නේ? //
      අගමැති යනු වෙනම චන්දයකින් පත්වන්නෙක් නොවේ. පාර්ලිමේන්තුවේ බලය සහිත පක්ෂයේ පක්ෂ නායකයා හෝ වෙන අයෙක් එම පක්ෂයේ කැමැත්ත මත එම තනතුර හොබවයි. මේ මොහොතේ එය වීමට හේතුව මට
      මේ මොහෙතේ අගමැති වෙනස් වීම මටත් ලොකු ගැටළුවක්. බලමු දන්නා කෙනෙක් විස්තර කරාවි.

      Delete
    4. වයලීනෝ.: මට ඒක දැනුණේ හදිස්සියේ කොටහළු මංගල්ලයක් ගත්තා වගේ..අරාජික තමයි ඒ හැඟීමට කියන නියමම වචනේ :(

      Delete
    5. කොහොම උනත් කුඩු ජයරත්ත්නයා අගමැති කමින් ඉවත් කරපු ඒකට නම් මම අත් දෙකම උස්සා සහාය පල කරනවා.

      Delete
    6. @මහා කළු සිංහලයා - ස්තුතියි පැහැදිලි කිරීමට. අනේ මන්දා...දැන් මේ අලුත් ජනාදිපති තුමා පක්ෂේ මාරු කරේ නෑ කිව්වනේ...එතකොට කොහොමද පාර්ලිමේන්තුවේ බලය සහිත පක්ෂය UNP වෙන්නේ? හංස ලකුණට වුනත් පාර්ලිමේන්තුවේ බලය තියේවිද කියල බලන්න පාර්ලිමේන්තුව රැස් වුනෙත් නැහැනේ...

      අනේ මන්දා...රටට ආපහු නරකක් නොවේවා!

      Delete
    7. මොන ගොන් වස්සා කුමන දේ කියුවත් ශ්‍රි ලන්කා දරනීතලය බෙදුම්වාදයෙන් බේරාගත්තේ මහින්ද මහත්තයා ය.
      නුදුරු අනාගතයේම ඉස්මතුවන එම බෙදුම්වාදය පරාජය කිරීමට අපි එකාවන්ව අත්වැල් බඳ ගනිමු!

      Delete
    8. ජාතිවාදය ඇවිස්සීම සිදු කරනුයේ දේශපාලකයන් නොවේ ඔබ වැනි පාට කන්නාඩි දමාගත් මහජනයායි. මෙය අප සින්හලයන්ට පමනක් නොව සියලු ජාතීන්ට පොදු කරුනකි. වර්ගවාදයක් ජාතිවාදයක් ඇතිවීම වැලැක්වීම අප සියලු දෙනාගේම වගකීමක්. මේ පුංචි රට ඇතුලෙ අපි හැමදෙනාටම ඉඩ තියනව. අපිට දියුනු වෙන්න ලබෙන්නෙ නැත්තෙ අපි මෙහෙම පාට කන්නාඩි වලින් බලන්න පුරුදු වෙලා නිසයි. කවුරුන් කොහොම කිව්වත් මම නම් පිලිගන්නෙ නැහැ අලුත් ජනාධිපතිතුමා හරි,අගමැතිතුමා හරි චන්ද්‍රිකා හරි බෙදුම් වාදයට ඉඩ දේවි කියල.මේ වෙලාවෙදි අපි කරන්න ඕන අලුත් ජනාධිපටිතුමාට රට සන්වර්ධනයට සාමය රකිමින් ඔහුගෙන් ඉ‍ටුවිය යුතු සේවාව රටට ලැබීමට සැලැස්විමයි.සෑඅම දෙනාම ඒ වෙනුවෙන් එකතු වෙන්න අපි හැම දෙනාම ජාති ආගම් බේද අතෑරල මෛත්‍රී යුගයක් කරා යන්න අත්වැල් බැදගමු.

      Delete
    9. රතු පාට කන්නාඩියක් දැමු කෙනාට හිරු රතුවට පෙනේ. හිරු සුදු බව කොතරම් කීවත් කන්නාඩිය දැමු නමුත් එය දැමු බව නොදන්නා කෙනා එය පිලි නොගනී.

      Delete
  2. කඩිමුඩියේ කල දිවුරුම්දීමෙන් ම කැඳ හැලියේ තරම පෙනුනි. රාජ තාන්ත්‍රිකයන් වාඩි වී සිටි අතරට පැමිණි රස්තියාදුකාරයන් පෝං ඔබමින් තාන්ත්‍රිකයන්ට තම පුකවල් පෙන්නමින් සිටියහ. වටේටම රැස් කමින් උඩට නැග සිටියේ රස්තියාදු කාරයින් ය. මය්ත්‍රී දිවුරුම් දෙනු කාටවත් ඇසුනේ නැත. වටේ සිටි කීප දෙනෙක්ට හැර කාටවත් පෙනුනේ නැත. කතාව ආරම්භයේත් අවසානයේත් රන්ජෝන් පිම්පියා විරිත්තමින් කනට කොඳුරනු පෙනුනි. එහි සිටිය යුතුව තිබුනේ රනිල් ය. දිවුරුම් දී යන විට ඇතිවූ තල්ලුව සහ පහර දීම නිසා ජනාධිපතිට ආරක්ෂාව දෙමින් මිනිසුන් ඉවත් කරමින් පසුපසින් යාමට සිදුවුයේ නාවික හමුදාපතිටය. දිවුරුම් දී සියළු වැදගත් අමුත්තන් මිරිස මැදින් මිරිකෙමින් පිටව ගිය පසු අගෞරවනිය ලෙස ජාතික ගීය හිස් පුටු වලට වාදනය කෙරුණි .

    රාජතාන්ත්‍රික වැදගත් උත්සවයක් තුට්ටු දෙකේ පේමන්ට් ගනුදෙනුවක් ආකාරයෙන් නිම විය. අනිත් වැඩත් එසේ උනොත් ලංකාවට අබ සරණයි. දැන් මාතලන් පිම්පියා ඇවිත් සියල්ල සාධාරණීකරණය කර මෙතන පහරා යනු ඇත.

    ReplyDelete
    Replies
    1. අඩු ගන්නේ ජාතික රුපවාහිනියේ දර්ශන පෙන්වූ සිරස දර්ශන පටිගත කල කැමරාව පවා හෙල්ලෙන්නේ නැතිව වීඩියෝ කිරීමට අපහසු විය. දිවුරුම් දීම මැනින් මාර්කට් එකේ පැවැත්වුවා වැනිය.

      තම ෆේවරිට් එක වූ රනිල් අගමැති වීම නිසා අප්‍රමාණ සන්තෝෂයෙන් සිටින මාතලන්ට ඕවා නොපෙනේ.

      Delete
    2. ඇනෝ: සහතික ඇත්තය..කිසිදු රාජ්‍ය තාන්ත්‍රික හැඟීමක් ගෙන නුදුන් ඒ දිවුරුමේ මොනවා කීවාදැයි ඇසුණේත් නැත...හරියට වෙන්දෙසියක් වාගේය...

      Delete
    3. චාම්, සරල, රාජ්‍ය උත්සවයක් කියලවත් හිත හදා ගම්මු.

      Delete
    4. හොර දිවුරුම.

      Delete
    5. හොර දිවුරුම කියා ඔබ ගරහන්නේ චන්දය දුන් මිනිසුන්ටය. එය වැරදි නැත්ද?

      Delete
    6. සාමාන්‍ය ජනතාවට ජනාධිපතිවරයා අසලම ගැවසෙන්නට ඉඩ දීම වරදක්ද?ඔහු තමන් රජකුසේ සිතා නොසිටින බවට මෙය හොදම උදාහරනයකි.ඔහු දිවුරුම් දීම අන් අයට නෑසුනද විනිසුරුවරයාට එය ප්‍රමානවත් ලෙස ඇසීම ප්‍රමානවත්ය.තමන්ගේ ජීවිතයට සිදුවිය හැකි අනතුරු ගැනවත් නොසිතා සාමාන්‍ය ජනතාවට ඉඩ දීම එතුමාගේ මහත්මා ගුනයන් පිලිබිබු වීමකි

      Delete
    7. @Ajith Dharma
      හොර දිවුරුම කියුවේ. මාධ්‍යට නොඇසෙන සේ රහසින් කල දිවිරුමක් බැවිනි. කියුවේ මොනවාද කියා මහජනයා නොදනී.

      Delete
    8. AnonymousJanuary 10, 2015 at 11:50 PM
      ඈ බං ඇනෝ..ජනතාව පත්කරගත් පාලකයා මක්කා කීවාද කියා දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත.අනික බොට ඕනෑ නැතිවූ පලියට අපටද ඕනෑ නැතිවන්නේ නැත..:D :D
      ජනධිපතිවරයාගේ ආරක්ෂාව තකා මිසක වෙන ඉටි ගෙඩියකට ලංවීම ගැන කියා නැත.අනික් අතට හිටපු ජනාධිපතිවරයාද සෙනඟ අතරට ගියේය.නව ජනාධිපතිවරයා ද යෑමේ වරදක් නැත.ඇයි බං ඇදේටම බලන්නේ..කෙලින් හිටගනිංකෝ හිටං!

      Delete
    9. ඔබේ ලිපිය නෙලුම්යායේ පළ කර ඇත.
      http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15312-friday-of-change

      Delete
  3. සම්ස්තයක් ලසෙ ඔබගේ අදහස් සමග මට එකග වන්නට හැකිය. මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනපතිවරණය ජයග්‍රහණය කිරීම අවශ්‍යව තිබුණත්, ඔහු ටීඑන්ඒ හා හකීම් ඇතුළු මුස්ලිම් ජාතිවාදීන්ගේ යෝජනාවලට කැමැති නොවන්නට ඇත්තේ රට ගැන යම් හැගීමක් තිබූ නිසා යැයි මට ද සිතේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවන්නට හේතුවූයේ මහින්ද ඉවත හෙළන ලද එම ඡන්දය. අනෙක මෙම සුළුජාතික පක්ෂවල නිධන්ව පවතින දේශපාලන අරමුණු ඔවුන් කිසිම අවස්ථාවක යටපත් කරගන්නේ නැත. සිරිසේන මහතාට කටයුතු කරන්නට සිදුවන්නේ එවැනි පිරිසක් සමගය. සන්ධීය ක්‍රමයකට රට ගෙන යාම අවදානම් කාර්යයක් විය හැක. මන්ද ෂයිලොක් මස් රාත්තලම ඉල්ලන්නා සේ සුළු ජාතික කොටස් ද නිතරම රටෙන් කෑල්ලක් ඉල්ලා සිටින බැවිනි. එබැවින් මෛත්‍රිලාප සිරිසේන මහතා මේ සියලු අභියෝග ජයගෙන ජනතා අභිලාෂයන් ද ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

    ReplyDelete
    Replies
    1. //එබැවින් මෛත්‍රිලාප සිරිසේන මහතා මේ සියලු අභියෝග ජයගෙන ජනතා අභිලාෂයන් ද ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු./// එය හැර වෙන බලාපොරොත්තුවක් ඇතිකර ගත නොහැක.

      Delete
  4. සිංහලයට තමන්ගේ ප්‍රධාන අරමුණු එක රැයෙන් අමතක වුනාට අනික් ජාතීන් එදා වගේම අදත්, අද වගේම හෙටත් තමන්ගේ අරමුණ වෙනුවෙන් එක වගේ නැගිටිනවා. AnonymousJanuary 9, 2015 at 10:22 PM කිව්ව කතාවත් හරියටම හරි. අපිත් අහන් හිටියට දුන්න දිව්රුම මොකද්ද කියල කවුරුවත් දන්නෙ නෑ...මොකද කිසිම දෙයක් ඇහුනේ නැහැ...

    මේ අරාජික හැඟීම නැවතත් අත් විඳින්න තරම් අපි අවාසනාවන්ත වුනා එහෙනම්...හෙට අනිද්දා වෙද්දී අපි තව කොයි තරන්නම් අවාසනාවන්ත දේවල් දකීවිද කියන එක ගැන මටනම් හිතට තියෙන්නේ බයක්...

    රටවැසියන් විදිහට කවුරු ජනපති වුනත් අපි එතුමන්ට ගරු කලත්...මහින්ද ජනාධිපති තුමන් මගේ හදවතින් නම් කිසි දවසක අමතක නොවේවි. ඔබ තුමන් වැනි රජෙක් අපේ සිංහලේට නැවත පහල නොවෙනු ඇති...

    ReplyDelete
    Replies
    1. එතුමාගේ මේ පරාජය කෙදිනක හෝ එතුමාගේ අගය වැඩි කරනු නියතය.

      Delete
  5. ආන්ඩුවේ ටොපි කෑ අම්බරුවෝ, තවමත් එහි රස විඳිති.. අපි ඉදිරියට යන්නෙමු.. තොපි නරා වලෙහි ඉන්ටවල් එකේ ආතල් ගනිත්වා...

    ReplyDelete
    Replies
    1. උබලා කියන දේ හරියනවාට මම කැමති වන්නේ මා දැක්වූ අදහස වන කැඳ හැලිය දිනුවොත් රට බෙදීම දැකීමට මම අකමැති බැවිනි. ඔබ කියන පරිදි ඔබද පෙනී සිටින්නේ රට වෙනේවෙන් නම් වැඩි කාලයක් යාමට පෙර ඔබ අප හා එක්වනු නොඅනුමානය.

      Delete
    2. අප කවදත් පෙනී සිටින්නේ රට වෙනුවෙනි.. මහ දවල් රට මංකොල්ල කෑ පජාත හොරෙකුගෙන් රට බෙරා ගැනීම අප ලද විජයග්‍රහණයකි... උඹට සාධක ඕන නේ.. සාධක දෙයි ළඟදීම.. එතකන් ඉවසපන...

      Delete
    3. මකසි, මචං උඹට හිතගන්න බැරිද ඇයි හදිසියෙන් දිව්රුම් දුන්නේ කියල ? පාන්දර ජාමේ මහින්ද දාපු සෙල්ලම් (සාධක ලඟදීම ඔබ හමුවට) නිසා ඊළඟ දවසවත් විස්වාස නැති බැවිනි. මහින්ද ඇතුළු ආණ්ඩුව චන්දෙ දවස හා එදින පාන්දර වෙනකම් කරපු තුච්ච වැඩ නිසාවෙන්ම ඔහුට අරලිය ගහ මන්දිරයෙන් එලියට බහින්න සිදු වුණා හා එලියට බස්සවන ලද බව අපගේ හැගීමයි. ඔබ වැන්නකුට මෙය "මහත්මා" පෙනුමක් වුවත් ඔහු වැනි ඒකාධිපතිකුට මෙය හොඳ වැඩිය. මොහොතකට සිතන්න, මහින්ද දිනුවානම් අද මෛත්රී හා ඔහුට උදව් කරපු වුන් සොයාගන්නට වන්නේ වැලිකඩ බන්ධනාගාරයෙනි.

      Delete
    4. ++++++++ Yes you are correct. If other person except My3 was there, definitely MR will be arrested due to the influence/misdeed done on yesterday morning. In 2010 MR did the same for SF shameless way. Shame on MR.

      Delete
    5. ඊයේ සවස මෛත්‍රීගේ ජග්‍රහණය සමරා පැවති මධුපානොත්සවයකදී සිරිකොතේ මාධ්‍ය අංශයේ ස** අබේ**** නැමැත්තා මෛත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස වී ක්‍රියා කල, තමන් ගේ මඩ ප්‍රශ්න කරන සියල්ලන්ටම හරකා නාමයෙන් ආමන්ත්‍රණය කරන ප්‍රසිද්ධ බ්ලොග් රචකයෙකුට කොම්පැක් ලැප්ටොප් බෑගයක ඇසිරු ලක්ෂ විස්සකට නොඅඩු මුදලක් ලබා දුන් කරුණ සත්‍යයක් ද ?

      එය වාහනයටම ගෙනගොස් ඉදිරිපස අසුනේ තබා ස්තුති කිරීමට තරම් මේ බ්ලොග් රචකයා සිරිකොතේ මාධ්‍ය අංශයට කල සේවය කුමක්ද ?

      Delete
    6. මිනිහා දැන් හිටු කියලා කඩේ යනවා කොහොමත්. කිසි අඩු පාඩුවක් දකින්නේ නැහැ.

      Delete
    7. // ඊයේ සවස මෛත්‍රීගේ ජග්‍රහණය සමරා පැවති මධුපානොත්සවයකදී සිරිකොතේ මාධ්‍ය අංශයේ ස** අබේ**** නැමැත්තා මෛත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස වී ක්‍රියා කල, තමන් ගේ මඩ ප්‍රශ්න කරන සියල්ලන්ටම හරකා නාමයෙන් ආමන්ත්‍රණය කරන ප්‍රසිද්ධ බ්ලොග් රචකයෙකුට කොම්පැක් ලැප්ටොප් බෑගයක ඇසිරු ලක්ෂ විස්සකට නොඅඩු මුදලක් ලබා දුන් කරුණ සත්‍යයක් ද ? //


      හැකියාවට රැකියාවක්?

      Delete
    8. Sa rasa: සාධාරණයි නේ මචං? :P :P

      Delete
    9. @Ajith Dharma
      වෘර්තීය බ්ලොග් කරු

      Delete
    10. ම වෘත්තීය බ්ලොග් කරුවෙකු නොවේ. මෛත්රිට අමුතු සහයෝගයකින් ලිව්වෙත් නැත. මා පරිගණක ඉන්ජිනේරුවෙකි.

      Delete
    11. @Ajith Dharma
      සමාවෙන්න Sa rasa වෙනුවට වැරදී ඔබේ නම පේස්ට් වී ඇත වැටුනේ තිබුනට මාතලන්ට යි කියුවේ මාතලන්ට වේ .

      Delete
    12. ම.ක.සි., පොඩ්ඩක් පැටලිලි සහගත නිසා අහන්නේ, මේ Sa rasa කියන බ්ලොග් රචකයා මාතලන් බවද ම.ක.සි. කියන්නේ?

      Delete
    13. මෙතන වුනේ මේකයි
      Sa rasa විසින් January 10, 2015 at 4:05 PM කල කමෙන්ට් එකේ සඳහන් කරන පුද්ගලයාට තමයි මම වෘර්තීය බ්ලොග් කරු කියා සඳහන් කලේ. එතන ටැග් කරන්න අවශ්‍ය පුද්ගලයා මාරු විය. එබැවින් අජිත් හිතුවේ වෘර්තීය බ්ලොග් කරු කියා ඔහුට කීවා ලෙසයි නමුත් මම වෘර්තීය බ්ලොග් කරු කියා සඳහන් කලේ Sa rasa විසින් සඳහන් කල මාතලන්ටයි. ලක්ෂ 20 අපහාසය යන්නේ මාතලන්ට වේ.

      Delete
    14. හැම විටම සාධක, සාක්ෂි ඉල්ලන ඔබට මාතලන් ලක්ෂ 20 ගත්තා යැ‍යි කියන්නට සාක්ෂි තිබේද? නැත්නම් නිකං අර අම්මාගෙන් ආතල් ගන්නවා වැනි මෝඩ චූන් එකක් පමණද?

      Delete
    15. @තිසර
      ඒවා මම කියන කතා නොවේ රට්ටු කියන කතාය. මම මාතලන් නම සඳහන් කලේ අජිත් ඔහුට කියන දෙයක් ලෙස තොප්පිය දාගත් නිසාවෙනි

      Delete
    16. මම තොප්පිය දාගත්තේ නැත. ඔබ @Ajith Dharma ලෙස දැමු නිසා එයට පිළිතුරක් දුනි. ඔබ වැරදීම පිළිගත් නිසා එතන ප්‍රශ්නයක් නැත. ඔබ මේ කියන්න අප දුන් සම්මානය නොවේ යයි සිතමු. මාතලන් අප දුන් සම්මාන මුදලද ප්‍රතික්ෂේප කල අයෙකි. එනිසා ඔහු මුදලට ලියන කතාව පිළිගත නොහැකි දෙයකි.

      Delete
    17. තිසර +1

      මකසි, මෙතනදි මාතලන්ට කෙලින්ම ඇගිල්ල දික් කලේ ඔබයි. එසේනම් ඔබේම තර්කය අනුව ඔබ සාක්ෂි පෙන්විය යුතුයි. නැතිනම් ඔබට මාතලන්ගෙන් සමාව ගන්න් වෙනවා. දැනටමත් ඔහුට පක්ෂව සාක්ෂියක් තියනවා.

      Delete
    18. //අනුව ඔබ සාක්ෂි පෙන්විය යුතුයි.// තව ටික දවසක් ඉවසන්න සාක්ෂි ලැබෙමින් පවතී.

      Delete
  6. මෛත්‍රී ප්‍රඥප්තිය අනුව දිවුරුම දෙනවායැයි කීවේ හෙටය..ඔය මහා කඩිමුඩියේ මාළු කඩයක් වාගේ තෙරපෙමින් මුමුණමින් දිවුරුම කලේ වෙනත් හේතු මතයැයි සාධාරණ සැකයක් ඇතිවේ.MR පිටවූ පසු මෙතුවක් කලක් උන්දෑ එලවාගන්නාතුරු නින්දක් නැතිවූ සමහරු පවා දුක් වූහ.මොකද්දෝ අහේතුක නොසන්සුන්කමකට පත්වූහ.MR එයින් වූ වාසිය ජනතාවට ඔහුගේ යම් අගයක් තේරුම් ගැනීමට හැකිවීමයි.එමෙන්ම ඔහු වටා යම් ජනබලයක් ඇතිබව ඉන් මනාව පිළිඹිබු වූයේය.කමක් නැත.අපි බලා සිටිමු.උතුරු නැගෙනහිර නොබෙදනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු..මන්ද යත්, මේ සමහරුන් කියන්නා සේ 'ගන්නට ඇති ලබ්බක් නැති' පුංචි රට අපට වටිනා නිසාය.එය නැවත බෙදා වෙන්කරන්නට නම් හීනෙකින්වත් බලාපොරොත්තුවක් නොතැබිය යුතුය..දැන් නැරඹුම් කාලයයි..

    ReplyDelete
    Replies
    1. මහින්ද ගැන කොච්චර විවේචන තිබ්බත්, මහින්ද කියන්නෙ මෙහෙම කිච වෙලා යන්න ඕනැ මිනිහෙක් නෙමේයි. අද උදේ ඔහුගේ සමු ගැනීම දැක්ක වෙලාව මටත් දැනුනෙ දුකක්, කොහොම ඉන්න තිබුන නායකයෙක්ද? ඒත් එකට වගකියන්න ඕනෙ ඔහුමයි. මේ ලැබිච්ච පරාජය ඔහුට හොඳ පාඩමක්. කියනවනෙ බලේ තියනකොට මොලේ නෑ කියල. හැබැයි ඔහු, ඔහුගෙ වැරදි හදාගන්න හිතනවනම් මේක තමයි වෙලාව. එතකොට පෙරහැර ගිහින් තියෙයිද?

      Delete
    2. MR පිටවූ පසු මෙතුවක් කලක් උන්දෑ එලවාගන්නාතුරු නින්දක් නැතිවූ සමහරු පවා දුක් වූහ.මොකද්දෝ අහේතුක නොසන්සුන්කමකට පත්වූහ.MR එයින් වූ වාසිය ජනතාවට ඔහුගේ යම් අගයක් තේරුම් ගැනීමට හැකිවීමයි //
      රට බේරා ගැනීම නිසා රටට සතුරු සියල්ලන්ගේම වෛරයට ලක් වූ මහින්ද ඉතිහාසයේ සදාකාලික වීරයා ලෙස අපෙන් සමු ගත්තේය.එහෙත් ඔහු ජාතියට දුන් ජීවය නොනැසී පවතී.තමන්ට ආන්ඩුවක් අවශ්‍ය වූ බඩගැත්තර එජාප අය,දෙමළ මුස්ලිම් ජාතිවාදීන් බටහිර බලවේග ජයග්‍රහණය කළේය.ඇත්තෙන්ම ඔහු දිනුවේද අහම්බෙනි.එහිදීද සතුරු බලවේග එරෙහි විය.අද ඔහුට වෛර කරන අය එදා ඔහුට විරුද්ධ විය.
      අපි 2005 දි මහින්දට දුන්න.2010 දි කළගුණ සළකන්න දුන්න.මේ පාර විරුද්ධව දෙන්නෙ අහවල් දේ නිසා යැයි කියන බ්ලොග්කාරයන් කියන්නේ බොරුය.උන් වැඩ කළේ කවදත් රටේ වෛරක්කායන් එක්කය.
      සිංහල ජනතාව කළ ගුණ සැළකූහ.සිංහල දිස්ත්‍රික්ක ඔහු ජයගත්තේය.සිදු වුනේ එය ප්‍රමාණවත් නොවීමයි.
      නිවට සතුරන් ඉදිරියේ ප්‍රතිපත්ති පාවා නොදී වැටුන වීර නායකයානෙනි ඔහු සදාකාලිකවම අමරණීයයි.ඔබ අවසන් වරට ශාපලත් සතුරන්ගේ බොරු චෝදනාවද ( බලය හැර නොයන බවට )බොරු කළේය.
      තව ටයිප් කරන්න බෑ. ඇසට කදුළු එනවා

      Delete
    3. @තනි තරුව
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      දැන් මහින්දගේ අගය පිරිසකට දැනී ඇත. ඔහුගේ ජනප්‍රියත්වය අඩු කරන මෙහෙයුම් අරබෙනු ඇත.

      Delete
    4. ජාතිවාදය ඇවිස්සීම සිදු කරනුයේ දේශපාලකයන් නොවේ ඔබ වැනි පාට කන්නාඩි දමාගත් මහජනයායි. මෙය අප සින්හලයන්ට පමනක් නොව සියලු ජාතීන්ට පොදු කරුනකි. වර්ගවාදයක් ජාතිවාදයක් ඇතිවීම වැලැක්වීම අප සියලු දෙනාගේම වගකීමක්. මේ පුංචි රට ඇතුලෙ අපි හැමදෙනාටම ඉඩ තියනව. අපිට දියුනු වෙන්න ලබෙන්නෙ නැත්තෙ අපි මෙහෙම පාට කන්නාඩි වලින් බලන්න පුරුදු වෙලා නිසයි. කවුරුන් කොහොම කිව්වත් මම නම් පිලිගන්නෙ නැහැ අලුත් ජනාධිපතිතුමා හරි,අගමැතිතුමා හරි චන්ද්‍රිකා හරි බෙදුම් වාදයට ඉඩ දේවි කියල.මේ වෙලාවෙදි අපි කරන්න ඕන අලුත් ජනාධිපටිතුමාට රට සන්වර්ධනයට සාමය රකිමින් ඔහුගෙන් ඉ‍ටුවිය යුතු සේවාව රටට ලැබීමට සැලැස්විමයි.සෑඅම දෙනාම ඒ වෙනුවෙන් එකතු වෙන්න අපි හැම දෙනාම ජාති ආගම් බේද අතෑරල මෛත්‍රී යුගයක් කරා යන්න අත්වැල් බැදගමු.

      Delete
    5. @AnonymousJanuary 10, 2015 at 11:55 PM
      ඔබගේ අදහස එක තැනක පලකිරීම ප්‍රමාණවත්ය

      Delete
  7. රට බේරා ගෙන සුළුජාතික ජාතිවාදී ඉල්ලීම් වලට නැමෙන්නේ නැතිව චන්දයට වඩා රට අගය කළ ඔහු අනාගත පරම්පරාවල් විසින් සිහි කරනු ඇත.දෙමළ මුස්ලිම් ජාතිවාදය සතුටු කළා නම් බටහිරට ගැති වුනා නම් ඔහු සදාකල් ජනපතිය.
    එහෙත් ඔහුට පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට විය.

    ReplyDelete
    Replies
    1. //පළමුවත් රට දෙවනුවත් රට තෙවනුවත් රට//
      මෙවර් පරාජය මගින් ඔහු ඒම ප්‍රකාශයකලේ අවංකවම බව සනාථ වේ.

      Delete
  8. ඔබ සාර්ථක ලෙස අදහස ඉදිරිපත් කරල තියෙනවා. ජාතික වාදයත්,ජාතිවාදයත් අතර වෙනස නොදන්නා මාතලන් වැන්නවුන් අද සිංහලයන් අතරේ වැඩිවීම මේ ගැටලුවට මුලයි.නමුත් අපි ඉවසිල්ලේ බලා ඉඳිමු. මහින්දගේ එකම වැරැද්ද දුෂිත නිලධාරින් සහ දුෂිත දේශ දේශපාලකයන්ගේ වැරදි වලට ඒ අවස්ථාවේදීම දඬුවම් නොකිරිමයි. මිඉන් ඉදිරියට එවැනි වැරදි නොකිරීමට තම සිත සකසා ගැනීමට ස්වයං විවේචනයක් කරගැනීමට මේක ඔහුට හොඳ අවස්ථාවක් වේවි.
    මට සිතෙන අන්දමට මේක ඉතිහාසය නැවත එලියට ඒමේ අවස්ථාවක්. 1815දි ඩොයිලිට තමන් රැවටුන බව බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ සිංහලයන්ට තේරුම් ගැනීමට වසර දෙකක් ගත උනා. මෙවර ඒකට කොපමණ කාලයක් යයිද?

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. //මහින්දගේ එකම වැරැද්ද දුෂිත නිලධාරින් සහ දුෂිත දේශ දේශපාලකයන්ගේ වැරදි වලට ඒ අවස්ථාවේදීම දඬුවම් නොකිරිමයි//

      එතකොට මහින්ද වැරදි කලේම නැද්ද ? ඔක්කොම කලේ අනික් උන්ද ? නොදන්නා මගුල් කථා නොකර ඉන්නවද ?


      //මිඉන් ඉදිරියට එවැනි වැරදි නොකිරීමට තම සිත සකසා ගැනීමට ස්වයං විවේචනයක් කරගැනීමට මේක ඔහුට හොඳ අවස්ථාවක් වේවි//

      බොහොම අමාරුවෙන් යවගත්තේ. ඇයි වැරදි හදාගෙන අයෙත් ගෙන්නන්නද ?

      Delete
    2. Yes. Mahinda will be back again soon. It will happen when this illusion of Common Opposition comprised of Tamil and Muslim separatists start to divide the country on ethnic basis.

      Delete
    3. දුෂණ වංචා වැරදි තමයි නමුත් මේ පාර මහනුවර සහ කොළඹ මිනිස්සු තමන්ගේ ප්‍රමුඛතාවය වරද්දගත්ත කියලයි මමනං හිතන්නේ. ඊළඟ මහ මැතිවරණයකදී හරියට කතිරේ ගැහුවනන් ලේසියෙන් හදාගන්න පුළුවන් වැරදි වලට ජනාධිපති තුමන් ගෙදර යැවීම නිසා රට අරාජික වෙයි කියලයි මට දැනෙන්නේ.

      බලමු...අලුත් ජනාධිපති තුමන්ට රට හරි මාර්ගයේ ගෙනියන්නත්...විදේශික බලපෑම් වලට සහ සුළු ජාතික බලපෑම් වලට යටත් නොවී සිංහල අනන්‍යතාවය රකින්න පුළුවන් වේවිද කියලත්....

      Delete
    4. අනේ නෙතුපුල්, බලෙන් හා තගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන තුන්වෙනි පාරත් ආවේ රට හරි මග ගෙනයන්න වෙන්න ඇති නේද? මොකක්ද ඔයා කියන ප්‍රමුකතාවය ? හැම දේම හොර කාලා අන්තිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ගේ බල ලෝබය වෙනුවෙන් වෙනස් කරපු ඒකාධිපති මහින්ද සහ හොරු කැළ තවත් පාරක් තෝරා පත් කර ගැනීමද? මොකද රට කොටින්ගෙන් (කොටි සිටියේත් ඔහු සමගයි) බේරා ගන්න මැරෙනකම් මහින්ද ජනාධිපති විය යුතුද ? මහිදට චන්දය දුන්නට කමක් නෑ. හරි දේට හරියට හා වැරදි දේ වැරදි යයි කියන්න කොන්දක් තියාගන්න.

      Delete
    5. නෙතුපුල්,

      මෛත්‍රීගේ ආගමනයෙන් රටට වෙන්නෙ විනාශයක්නම් ඒකට මහින්ද රාජපක්ෂගෙ වගකීම ඉතා ඉහලයි. මහින්ද ව්‍යවස්තානූකූලව තමන්ට නියමිත වාර දෙක කරලා ඊළඟ වාරෙට සුදුස්සෙක්ව තරගෙට දාලා වැදගත් විදිහට අයින් වුනානම් මේ විනාශය වෙන්නේ නෑ. සමහර විට මහින්දට මෛත්‍රීවම එජනිස ජනාදිපති අපේක්ෂකයා ලෙස නම් කරන්න තිබුනා. එහෙම වුනානම් මේ බෙදීම / කැඩීම වෙන්වයාම් හුඟක් නොවෙන්න තිබුනා. මහින්දට නැතිවුන හුඟක් චන්ද නැති වුනේ ඔය ව්‍යවස්තාව වෙනස් කරමින් සදාකාලික පාලකයෙකු ලෙස ඉන්න දරපු උත්සහයමයි.

      දැන් වෙන්න තියන දේ වෙලා ඉවරයි. රටේ බහුතරයකගේ කැමැත්ත මහින්ද ගෙදර යාම. ප්‍රජාතන්තරවාදයට ගරු කරණවනම් ආයේ ආයෙත් මෛත්‍රීව බලයට ගේන්න චන්දෙ දීපු මිනිස්සුන්ට අවලාද නගන එකේ තේරුමක් නෑ. අපි ප්‍රජාතාන්ත්‍රිකයිනම් බහුතරයේ කැමැත්ත පිළිගන්න වෙනවා..

      අපි බලන් ඉඳිමු, අහලා තියන දේවල හැටියට මෛත්‍රී කියන්නේ පිරිසිදු දේශපාලන චරිතයක්. චන්ද්‍රිකා, රාජිත වගේ හොර මගඩින්ගෙන් බේරිලා ඔහුට රටට යහපතක්ම කරන්න හැකියාව ලැබේවායි පතමු.

      Delete
    6. මහින්දට ඒකාධිපතියෙක් වෙන්න අවස්ථා ඕන තරම් තිබුනා නමුත් ඔහු එසේ කලේ නැහැ. රටට වැඩක් කරන කෙනෙකුට දෙවතාවක් නොවේ සිය වතාවක් වුවත් පත්වෙන්න අවස්තාව තියෙන්න ඕන. මහින්ද ඒ ප්‍රජත්‍රන්ත්රවාදී වෙනස කළා. එය ට විරුද්දව හුබස් බියක් කටකතාවලින් ඇති වීම මහින්දගේ පරාජය වෙනුවෙන් ක්‍රියාත්මක වුනා. මහින්ද තෙවන වර ඉල්ලනවාට අනෙක් දේශ පලන පක්ෂ බය වුනේ ඔහුගේ අසහාය නායකත්වය නිසා ඔහු පරාජය කරන්න අමාරු වීම.
      ඔක්කොම එකත්හු වෙලා කටකතා පතිරවුවේ නැත්නම් මහින්ද අනිවාර්යෙන්ම දිනුම්. තව චාන්ද ලක්ෂ 2.5 ගත්තා නම් මහින්ද අනිවාර්යෙන්ම දිනනවා.

      Delete
    7. // චන්ද්‍රිකා, රාජිත වගේ හොර මගඩින්ගෙන් බේරිලා ඔහුට රටට යහපතක්ම කරන්න හැකියාව ලැබේවායි පතමු //

      කාගෙන් බේරුනත් රාජිත ගෙන් බේරීමට අපහසුය!

      Delete
  9. සමරසේකර මහත්තයාගේ ජාතිවාදය හා ජාතික වාදය, මහින්ද මහත්තයාගේ දේශප්‍රේමීත්වය හා දේශද්‍රෝහීත්වය අතර කිසිඳු වෙනසක් නැත. සමරසේකර මහතා ජාතික වාදියෙක් නොව පට්ට ජාතිවාදියෙකි.

    ReplyDelete
    Replies
    1. ඔබ නම් පට්ට දේශ ද්‍රෝහියෙකි. කාලය මගින් එය සනත් කරනු ඇත

      Delete
    2. මචං මහින්දට කෙලවුනෙත් ඔය දේශප්‍රේමියයි/ දේශද්‍රෝහියයි පටලාගත් නිසාවෙනි.

      Delete
    3. මචං මහින්දට කෙලවුනෙත් ඔය දේශප්‍රේමියයි/ දේශද්‍රෝහියයි පටලාගත් නිසාවෙනි.+++++
      @මහා කළු සිංහලයා
      obage katha baha anuwa obata heta anidda wanawita niwase radi sitinnawath amaru wewi.oba dewathwayen salakuwada MR yanu thama yuthukamak ratata itu kara thawath wagakiim ha yuthukam rashiyak pahara hari ahinsaka janathaawage mudal nikarune wiyadam kara ewa sorakam karana lada rate hitapu baarakaruwai. ohu mewara yuda hamudawa pawa bawitha karamin balaye sitimata uthsaha kala bawa sathyak mata eya colombo mithuran ha nadatan kihipa denekugenma sanaatha karagatha haki una.

      Delete
  10. ඔබේ කරුනු විග්‍රහය ඉතා නිවැරදියි. රජයේ හා රාජ්‍ය සේවයේ සියළු දූෂණ අක්‍රමිකතා වංචා මහින්ද රාජපක්ෂ මහත්තයාට විතරක් පටවන්න බෑ. අනෙක් අතට වංචාව දූෂණය නාස්තිය මත පිහිටා රටේ ආරක්ෂාව හා ස්ථාවරත්වය රකින්න ක්‍රියාකළ රජයේ අන් සියළු යහපත් ක්‍රියා ප්‍රතික්ෂේප කරන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. හමුදාපතිගේ තරු ගලවා, නඩු පටලවා ඔහු පැහැරගේනගොස් හිරකර තබා වැලිකඩ ඇරීයේ කවුද?
      භාරතගේ මිනිමරුවන් ආරක්ෂා කලේ කවුද
      රාජ්‍ය සේවකයින් ගස් බැදි, මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීනට හිංසාකල, තරුණයන්ට මත පෙති අළෙවි කල, ප්‍රා. සබා මන්ත්‍රීවරුන් මරා දමන ලද මර්වින් වැනි පිස්සු බල්ලන් ආරක්ෂා කලේ කවුද?
      නීතය අවනීතිය කරමින් අග්‍ර විනිශ්වකරතුමිය බලෙන් ඉවත් කර හොර අග්‍රවිනිශ්චයවකාර වරයෙකු පත් කලේ කවුද?
      මුලු නාවුක හමුදාවම දෙවන ලුතිනන් වරයෙකු විසින් පාළනය කරන තත්වයකට පත් කලේ කවුද ?
      ඉතිහාසයේ ප්‍රථම වතාවට නීති විභාග හොරෙන්/ කාමරයක් ඇතුලෙ පවත්වන්නනට නියෝග දුන්නේ කවුද?
      අට පාස් නැති උන් එයාර් ලංකා ඇතුලු ආයතන ගණනාවක සභාපති/ ප්‍රධාන විධායක නිලධාරීන් ලෙස පත් කර ඒවා කම්බස් කරන තුරු බලා වුන්නේ කවුද?
      රටේ කීර්තිමත් උගත් මිනිසුන් සිටී විදේශ සේවයට නුගත් ගොබ්බයින් පිරිසක් පත් කලේ කවුද? මේ ටිකක් විතරයි.

      එතකොට මහින්ද බබා ද? එහෙම බබා මෝඩ් ජනාධිපතිවරුන් අපට අවශ්‍යද?

      Delete
    2. රටේ ආකල්ප හදන්න ඕන මුල සිට.
      පෑනක් හෆ්ශීට් එකක් ගෙදර ගෙනියන රාජ්‍ය සේවක්කයාත් හොරෙක් කියන මතය සමාජ ගත වෙන්න ඕන. හොරකම පගාව කොමිස් කියන ඒවා ලැජ්ජාවට කරුණු ලෙස සමාජ ගත් විය යුතුය

      Delete
    3. MR mepana kalak oya mula sita gadannata awashya deya wenuwen ekadu piyawarakwath me wasara 10tama thaba netha. ewan wu ayeku ratehi barakaru lesa thabagen sitimen aethi palaya kumakda?

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. //මහින්දගේ එකම වැරැද්ද දුෂිත නිලධාරින් සහ දුෂිත දේශ දේශපාලකයන්ගේ වැරදි වලට ඒ අවස්ථාවේදීම දඬුවම් නොකිරිමයි//

    SHAME ON YOU SAMARASEKARA !!! Are you living in SRI LANKA or foreign country. Are you deaf and/or blind ? Last five years, he has done thousands of things above the law. Unfortunately Mahinda and his activities were blindly appreciated and approved by you guys and that lead him to a dictatorship. Citizens like you are the ultimate reason of his crushing defeat.

    ReplyDelete
    Replies
    1. AnonymousJanuary 10, 2015 at 10:36 AM
      //මහින්දගේ එකම වැරැද්ද දුෂිත නිලධාරින් සහ දුෂිත දේශ දේශපාලකයන්ගේ වැරදි වලට ඒ අවස්ථාවේදීම දඬුවම් නොකිරිමයි//

      SHAME ON YOU SAMARASEKARA !!! Are you living in SRI LANKA or foreign country. Are you deaf and/or blind ? Last five years, he has done thousands of things above the law. Unfortunately Mahinda and his activities were blindly appreciated and approved by you guys and that lead him to a dictatorship. Citizens like you are the ultimate reason of his crushing defeat.
      ++++++++++++++++++++++++

      Delete
  13. @ Ajith Kumara : You are 100% correct sir!

    ReplyDelete
  14. දෙදහස් වසක් සිට අප සතුව පැවතිය
    නිදහස් කිරුළ අද සතුරන්ට අයිතිය
    උදහස කම නිසා සියදනගෙ විමතිය
    නිදහස් බව නසා ගති සිහළ ජාතිය

    මෙය මීට වසර 200 කට පෙර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තනතුර හැරයාමෙන් පසු වෙල්ලෝරයට නැවේ යන අතර කී කවියකි.
    එදා ජනතාව ඩොයිලිගෙන් රොබට් බ්‍රවුන් රිග් ගෙන් ඉල්ලා සිටියේ වෙනසකි.

    ඊළාම් ජිහාඩ් සමගිය දිනේවා

    ReplyDelete
    Replies
    1. ඉදිරි මැති වරනයෙදී පිළිතුරු දිය යුතුය

      Delete
  15. කටකතා වපුරා චන්දය දිනූ පොදු කස්ටිය වෙතය:

    ඔබ කටකතාවෙන් පරාජය කල ඔබේ විරුද්දවාදීන් තමන් ට වූ වැරදීම් ගැන සොය බලා සංවිදානය වී මෙවර අහන්නට දකින්නට ලැබුනු කටකතා වලට වඩා දස් ගුනයක් බියකරු කටකටා පතුරුවා ඔබව නන්නත්තාර කරන දිනය වැඩි ඈතක නොවේ....

    What goes around, comes around!

    ReplyDelete
  16. ජාතිකවාදය හා ජාතිවාදය කියන ඒරියා එකේ මට ලොකු ගනුදෙනු නැත. එහෙත් ඔබ කියන මූලික කාරනාවක් සැලකුවොත්;

    මේ චන්දය තුලද ලංකාවේ පවතින දේශපාලන ධ්‍රැවීකරණය පෙනේ. සුළු ජාතික පක්ෂ වලින් මෙහෙයවූ සුලුජාතිකයන් මෛත්‍රීට චන්දය් දුන්හ. සිංහල සමාජය තුල ජාති[ක]වාදී අදහසක් ප්‍රබලව සක්‍රිය නොවුනත් ඒ හා සමාන දෙයක් ජවිපෙ හෙළ උරුමය වගේ ඒවා හගන පවතින නිසා ඒ සිංහල චන්ද රාමුව දෙකට කැඩේ. වෙනදාට මහින්දට තිබ්බ ෆුල් හවුස් එක මෙවර හාෆ් ය.

    මහින්ද පැරදුනේ ඒ හාෆ් එක නිසාය. මහින්දට සුළුජාතික චන්ද කවදාවත් ලැබී නැත.

    එහෙත් වාර්ගික ලෙස ධ්‍රැවීකරණය වූ දේශපාලනය පවා යහපත් ප්‍රවනතාවයක් පෙන්වා තිබේ. එනම් එකම කඳවුරකට කොන්දේසි විරහිතව පැමිණීමත්, තමන්ගේ ව්වර්ගික මස් රාත්තල ම වනුවට අනිකාගේ රාමුවට තරමක් හෝ සමීප වීමත්ය. මෙය ලංකාවේ සිද්ධ වූ පළමු වතාවයි.

    ඒ නිසා පරිපූර්ණ ලෙස වර්ගවාදයෙන් තොර චන්දයක් නොවන මුත් චාර්ගවාදයේ දැඩි විකර්ශන හා දැඩි ස්ථාවර බිඳ ලූ චන්දයකි. ලද දෙයින් බෙහෙවින්ම තුටු වෙමු.

    ReplyDelete
    Replies
    1. // චාර්ගවාදයේ දැඩි විකර්ශන හා දැඩි ස්ථාවර බිඳ ලූ චන්දයකි. // එය කලේද වර්ග වාදයට වාසි ලබාගැනීමටයි

      Delete
  17. //පාලනයේ දුෂිත බව පිළිඹඳ පැතිර ගිය කට කතා// මේවා කට කතා නොව සත්‍ය දේවල්ය. ඉදිරියට මේවා එලියට එනු ඇත. රනිල් ඇතුළු කණ්ඩායම හොරකම් කරන්නට පටන් ගත්විට ඔවුන්ට පහර දෙන්නෙත් අපිය. එවිට ඔබලා අප සමග එකතුවනු ඇත. මේ දිනුව කට්ටිය හොඳින් හැමදේම කරතියි යන බොලඳ විශවාසයක් අප තුල නැත. නමුත් මේ දිනුම් තුලින් ජාතිවාදය ඇවිස්සීමට උත්සහ කිරීම වැරදිය.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ බොරු ය.

      කටකතා විස්වාස නොකරන ලෙස අද රාජිත තුමා රූපවාහිනියෙන් අපට කියන ලදී....

      Delete
    2. //මේවා කට කතා නොව සත්‍ය දේවල්ය. // නැත මම හොඳින්ම දන්නා කරුණු බොරු කර ප්‍රචාරය විය. මම ඒවාට විරුද්ධව මෙයට කලින් ලිපියේ ඒගැන විස්තර කරන ලදී.කිසිවෙක් මා ගෙන හැර දැක්වූ කරුණු අසත්‍ය බව ප්‍රකාශ කලේ නැත. ඒ වා බෝවූ නම් එතන තර්ක නගන්න. එම කටකතා කිහිපය බොරුබව සාධක සහිතව දනී. එසේනම් මා සතුව සාධක නැති කටකතා කෙසේ විශ්වාස කරන්නද?

      //රනිල් ඇතුළු කණ්ඩායම හොරකම් කරන්නට පටන් ගත්විට ඔවුන්ට පහර දෙන්නෙත් අපිය. එවිට ඔබලා අප සමග එකතුවනු ඇත. මේ දිනුව කට්ටිය හොඳින් හැමදේම කරතියි යන බොලඳ විශවාසයක් අප තුල නැත.// අනිවාර්යෙන්ම.

      //නමුත් මේ දිනුම් තුලින් ජාතිවාදය ඇවිස්සීමට උත්සහ කිරීම වැරදිය.//ජාතිවාදය ඇති තැනක ජාතිවාදය ගැන කතා කිරීම වැරදිද?

      Delete
    3. RANIL ATHULU KANDAYAMA HORAKAM KARANNTA PATANGATHWITA!!!!.
      ATHEETHAYE SITAMA ENE PATTA HORU NE MEUN.
      DANUWATH WENNA MEWANI DE LIYANNATA PERA.

      Delete
  18. දිවුරුම් දීම චාම් එකක් වුන එක ගැන සතුටු වෙනවා.. ඒ උනත් ඒක සිද්ද වුන ආකාරය ගැන පොඩි අසතුටක් තියෙනවා.. චාම් උනත් ක්‍රමවත් එකක් කරන්න පුළුවන් කම තිබුනා ඒක හොදටම..

    ReplyDelete
  19. (9) වෙනිදා උදෑසන තම පිලේ ජයග්‍රහණය සැක හැර දැනගත් හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා , ආරක්ෂක හමුදාවේ තම මිතුරු බ්‍රිගේඩියර් වරයෙකු ගේ සහය ලබාගෙන දියත් කිරීමට සැලසුම් කල කුමන්ත්‍රණය ව්‍යර්ථ වූ ආකාරය දැන් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයන්ගෙන් පිටවී තිබේ .

    තමන්හට කල අඩත්තේට්ටම් වලට පලිගැනීම උදෙසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා (9) වෙනිදා උදෑසන 7 වන විට පැහැරගෙන යාමට හෝ ඝාතනය කිරීමට සැලසුම් කල මේ කුමන්ත්‍රණය උදෑසන 4 ට පමණ දැනගත් රනිල් වික්‍රම සිංහ මහතා වහා ඒ ගැන දුරකථනයෙන් ජනපති දැනුවත් කරන විටත් බුද්ධි අංශ මාර්ගයෙන් ඒ පිළිබඳව දැනුවත්ව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය ආරක්ෂා ක්‍රියාමාර්ග සලසා තබා ගෙන ඇත.

    ඉන්පසු වහා ජනපති හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා , ඇතිව ඇති තත්වය හමුවේ ජනදිපතිගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන්ට හෝ අන් කිසිවෙකුට හැකියාවක් නොමැති තත්වයක් යටතේ ස්වකිය ආරක්ෂාව පතා අරලියගහ මන්දිරයෙන් පිටව යනලෙස දැනුම්දු පසු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වහා එයින් නික්ම පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත හිමිදිරි උදෑසනම පිටව ගිය බව වාර්තා වේ

    ReplyDelete
    Replies
    1. ඔය කරුණු සිදුවුවා නම් හංගන්නේ ඇයි. මාධ්‍ය නිදහසක් නැද්ද?

      Delete
  20. MR ගේ පරාජය උදෙසා පොද්දාගේ සයිඩ් එකෙන් ඩොලර් අරං කුලියට සින්හල බොග් සහ කටකතා ලියූ උන්දැලා තව මාසයක් පමන ගියාම පොද්දාට විරුද්දව කටකතා ලිවීම අරඹන බව ස ර ස තුමාට විස්වාසය.

    ඒ කුමන හේතුවකටද යත්, පොද්දාගේ ආන්ඩුව බිඳ දමා නවත MR ගේ ආන්ඩුවක් පත් කර ගත්තොත් පොද්දාට බැක් කල කස්ටිය නැවත කටකතා බලකාය සොයාගෙනවිත් MR පරාද කිරීමට අලුත් කොන්තරාත්තුවක් දෙන බැවිනි...

    රට වගේද මල්ලි සල්ලි???

    ReplyDelete
    Replies
    1. එහෙම උන් බ්ලොග් ලියනවා කියා මටද සැකයක් ඇතිවී ඇත

      Delete
  21. ප්‍රශ්නයක්.... සුළු ජාතික ජනතාව ඡන්දය පාවිච්චි කලේ තම තමන්ට කෑලි වෙන් කරගැනීමට කියලා අපි නිකමට උපකල්පනය කරමු. එහෙම කලා නම් ඒකේ ඇති වැරද්ද මොකද්ද?

    ReplyDelete
    Replies
    1. මේකට දෙන්න තියෙන පිළිතුර සැරයි නමුත් වෙන ගැලපෙන පිළිතුරක් නැති නිසා සමා වෙන්න.

      ඔබගෙන් කෙනෙක් ආතල් එකක් ගන්න ඔබේ අම්මා ඉල්ලනවා. කියා හිතන්න. එහෙම ඉල්ලීමක් කිරීමේ ඇති ඇති වැරද්දක් නැහැ කියලා ඔබ හිතනවා නම් මම තව දුරටත් පිළිතුරු දෙන්නම්.

      Delete
    2. තර්කානුකූල, සියලු දේ සාධක සහිතව පෙන්වා දෙනවා යැයි කියන ඔබ සුළු ජාතිකයන්ගේ ඡන්දය දැමීම, අම්මාගෙන් ආතල් ගැනීමට ඉල්ලීමකට සමාන කරන විට මොනවා කියන්නද?

      දැන් ඔබේම උපමාවම ගනිමු. අම්මාට උපමා කර ඇති රටට, සුළු ජාතීන්ගේ නෑකම මොකද්ද? එය ඔවුන්ගේත් අම්මා නොවේද? ඔබ නියෝජනය කරන්නේ සිංහල ජාතිය නම්, ඔබට සුළු ජාතීන්ට ඇති නෑකම මොකද්ද? ඔවුන් ඔබගේ සහෝදරයන් නොවේද? ආතල් ගැනීම ගැන කතා කලොත්, ඔබ කියන්නේ අම්මා ඉන්නේ ඔබට ආතල් ගැනීමට පමණක් බවද?

      මේ ටික නම් නම් ඔය ඉහල තර්කනයට අදාල නැත. නමුත් ඔබගේ උපමාවේ ද කිසිම තර්කානුකූලභාවයක් නැති නිසා ඔහේ කියා දමන්නට සිතුණි. අම්මා කැමති නම්, ඔබගේ කැමැත්ත නැති වුවද ආතල් ගැනීමට පුළුවන.

      Delete
    3. නෑයෝ හෝ නොනෑයෝ ලෙස සුළු ජාතින් අප රටේ සිටීම ඇත්තකි. ඔවුන්ට අප රටේ සිටීමට ඇති අයිතියට එහා යමින් එය කොටස් වශයෙන් වෙන්කර ඉල්ලීමට අයිතියක් ඇතැයි මමද නොසිතමි.
      උන් අතරින් සමහරක්ට ජන්ද අයිතිය ලැබුනේද මේ ඊයේ පෙරේදාය. එයද හු ඇන් පී එකට පින්සිදු වන්නටය.
      උන් දෙගොල්ලන්ට රටේ කොටස් වෙන්කර දුන්නත් කොළඹ, නුවරඑළිය වැනි ප්රකදේශ වලත් අනිකුත් දිස්ත්රිරක්ක වලත් සිටින දෙමළාත්, තම්බියාත් උන්ට වෙන්කර දෙන පෙදෙස් වලට යනු ඇතිද.
      එසේ ජනගහන අනුපාත අනුව රට කොටස් කර උතුරේ සහ නැගෙනහිර පෙදෙස් දෙමළුන්ට සහ මුස්ලිමුන්ට වෙන්කර දුන්නත් සිංහල අපට වාසිය. මන්ද යත් ජනගහන වර්ධන වේගය අධික ඔවුන් දෙවර්ගය මතු දිනෙක ඉල්ලන්නේ අදට වඩා ලොකු ප්රවමාණයක් බැවිනි.

      Delete
    4. @ලොකු පුතා
      ඕක තමයි තත්වය

      @තිසර
      මම අම්මා යන්න යෙදුවේ ඔබ සඳහන් කල් තරම් සංකීර්ණ ජාතීන් සම්බන්දයක් නිරුපණයට නොවේ. අන්සතු කල නොහැකි වටිනා දෙයක් නිසාය අවශ්‍ය නම් ඒ වචනයට සහෝදරිය බිරිඳ දියණිය දැමුවාට කමක් නැත.

      ආතල් එකක් ගන්න අම්මා, බිරිඳ දියණිය හෝ සොහොයුරිය ඉල්ලුවොත් ඇය කැමතිනම් මට කමක් නැහැ කියන පුද්ගලයාට සමාජය කියන නම් ඔබ නොදන්නවා පුදුමය.

      ලෝකයේ කිසිම රටක් තම රට කොටස් වෙනවාට කැමති නැත රටක ශක්තිය ඇත්තේ නොබෙදෙ එක්සත්ව ඇත්නම් වේ. ඊලම ලංකාවේ උතුරේ පිහිටුවීමට ඉන්දියාව උල්පන්දම් දුන්නේ ඉන්දියාව වෙන්වීම වලක්ක්වීමටයි. ලොව රටවල් හැසිරෙන්නේ එසේය.ඔබලා බණ කියන්න එන්නේය.

      මේ අප සියල්ලගේම රටයි. එහි ඕනෑම තැනක තම කැමැත්ත මත ජීවත් වීම්මට අප සැමට අයිතිය තිබිය යුතුය.යම් පාර්ශවයක්ක් කොටසක් අයිති කර ගතහොත් අන් අයගේ ඉහත සඳහන් කල අයිතිය නැතිවේ. එබැවින් රටින් කොටසක් එක් පාර්ශවයක් ඉල්ලීම වැරදිය. එබැවින් රට බෙදීමට අප විරුද්දය. එසේම රට බෙදේ ශක්ක්තිය හීන වූ විට විදේශ බලපෑම් වලට නතුවීමේ ඉඩ වැඩිය. එසේම රට බෙදුනා කියා ජතිවදේ ප්‍රශ්න නිම නොවන්නේ අනෙක් ප්‍රදේශ වලද දෙමල සහ මුස්ලිම් අය සිටින බැවිනි. එබැවින් කල යුත්තේ බෙදීම නොව සහජීවනයයි.

      දැන්වත් තේරුනාද?

      Delete
    5. මා කතා කලේ රට බෙදීම හරි ද වැරදිද, එය සිදු වුණොත් රටට සිදුවන වාසි පාඩු ගැන නොව, යමෙක් එවන් අදහසක් සහිතව ඡන්දය පාවිච්චි කිරීමේ කිසිම නීත්‍යානුකූල වරදක් නැති බව දැක්වීමටයි. රටේ බහුතරය එසේ සිතන දවසක් පැමිණියහොත් එය නීතිවිරෝධී නොවන බව පෙන්වීමටය. රට බෙදී වෙන් වූවාට පසු මෙසේ සිදුවිය හැකිය යන කරණු එයට අදාල නැත. ඡන්දය යනුම පුද්ගලයෙකුගේ අභිමතාර්ථ ඉටුකර ගැනීම වෙනුවෙන් ඔහුට / ඇයට ගතහැකි ඉතාම නීත්‍යානුකූල පියවරක් බව පෙන්වීමටය.

      //අන්සතු කල නොහැකි වටිනා දෙයක් නිසාය //
      ඔබට ඇති අවුල, රට ඔබගේ යැයි සිතා සිටීමයි. අන් අයට එහි අයිතියක් නැති බව සිතීමයි. මේ ලෙස සිතමින් සහජීවනය ගැන කතා කිරීමේ තේරුමක් නැත.

      ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල්, මහින්ද කිසිවෙක් හෝ රට බෙදෙන තැනට ආවේ නැත. අවුරුදු 30 තිස්සේ මේ පාලකයන් යටතේ පෙන්නුම් කලේ එයයි. මහින්ද හැරුණුකොට අනිත් පාලකයන්ගේ කාල වලදී යුද්ධය ජයග්‍රහණය නොකලත්, විවිධ දේ අත්හදා බලමින් ඔවුන් සියලු දෙනාම උත්සාහ කලේ රට ඒකීය රටක් වශයෙන් තියා ගැනීමටයි. ඒ සමහර දේ ගැන විවේචන තිබේ. නමුත් රට බෙදන තැනට ඔය කිසිවෙකුත් ආවේ නැති බව ඉතිහාසය දෙස බලන විට පැහැදිලි වේ. ඒ නිසා සුළු ජාතිකයන් මෛත්‍රී හා එක්වූයේ රට බෙදන්න යැ‍යි කීමම පදනම් විරහිතය. මහින්ද එකඟ නොවූ, නමුත් මෛත්‍රී එකඟ වූ, සුළු ජාතික පක්ෂ වල ඉල්ලීම් මොනවාදැ‍යි ඔබ හෙළි කල යුතුය.

      අවසානයේ කියන්නට තිබෙන්නේ සහජීවනය අගයන කෙනෙක්, "ඊලාම් ඡන්ද" කියා හැඳින්වීම අනුමත නොකරන බවයි. ඔවුන් දිනාගන්නට උත්සාහ කරන්නේ නැතිව, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජාතිවාදී ලෙස විග්‍රහ කිරීමෙන් ඔබ මෙන්ම මා ද බලාපොරොත්තු වන සහජීවනය උදාකර ගත නොහැක.

      Delete
    6. //ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල්, මහින්ද කිසිවෙක් හෝ රට බෙදෙන තැනට ආවේ නැත//
      -චන්දිකා ගියේ ෆෙඩරල් පාර කය ෆෙඩරල් යනු ඒකීය නොවේ
      -රනිල් ගියේ බලය පවරන්නැයි ගිවිසුම පවා දැක ඇති කිසිවෙක් නැති තැන ඔහු රට බෙදන්න ගියේ නැතැයි කීම විහිළුවකි. ගිවිසුම ප්‍රසිද්ද නොකරන්නේ එහි රට බෙදීම ඇති බැවිනි
      -මහින්ද යුධයෙන් LTTE පරාජය කර සහජීවනය දෙසට යමින් සිටියදේ රජය බිඳවැටිණි .
      මහින්ද හැර අන් අය ඒකීය රටක් තියා ගන්න උත්සහ කළා යයි කීම විහිළුවකි. මුලින්ම ඒකීය රට යනු කිමක්ද කියා ඉගෙන ගෙන එන්න

      //ඒ නිසා සුළු ජාතිකයන් මෛත්‍රී හා එක්වූයේ රට බෙදන්න යැ‍යි කීමම පදනම් විරහිතය. //පොදු අපේක්ක්ෂක සමග එක්වීමට සතියකට පෙර නැගෙනහිරට මුස්ලිම් පාලන ප්‍රදේශයක් ඉල්ලු මුස්ලිම් කොම්ග්රසය සහ සැමදා උතුර වෙනකර ඊලමක් ඉල්ලන TNA පසුගිය රජයෙන් කල ඉල්ලීම් රට බෙදීම වෙනුවෙන් නම් පොදු අපේක්ක්ෂක සමග කලේ වෙන ඉල්ලීම් ද? එනම් රට බෙදීමේ ඉල්ලෙම් වෙනුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් ලද චන්ද ඊළාම් චන්ද කීම වැරදිද?

      //මහින්ද එකඟ නොවූ, නමුත් මෛත්‍රී එකඟ වූ, සුළු ජාතික පක්ෂ වල ඉල්ලීම් මොනවාදැ‍යි ඔබ හෙළි කල යුතුය.// එක ඔවුන්ටම කියන්න හෙලිකරන්න් කියා.එය හෙළිවූ විට ඔවුන්ගේ නිරුවත පෙනෙන නිසා හෙලිකරයිද?

      //අවසානයේ කියන්නට තිබෙන්නේ සහජීවනය අගයන කෙනෙක්, "ඊලාම් ඡන්ද" කියා හැඳින්වීම අනුමත නොකරන බවයි.// ඊලම වෙනුවෙන් චන්දය දීම ඇස්පනා පිට පෙන විට ඒවා ගැන කතා කිරීමට සහජීවනය අගයන කෙනෙකුට අයිතියක් නැද්ද?

      //ඔවුන් දිනාගන්නට උත්සාහ කරන්නේ නැතිව, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජාතිවාදී ලෙස විග්‍රහ කිරීමෙන් ඔබ මෙන්ම මා ද බලාපොරොත්තු වන සහජීවනය උදාකර ගත නොහැක.//ජාතිවාදීව දිනාගැනීමට තැත්කරන අයිතිය ජාතිවාදී ලෙස විග්‍රහ කිරීම වැරදිද?

      ඔබ මරන්න කෙනෙක් පිහියෙකින් අනින්න සැරසෙන විට ඔහු ඔබ මරන්න එනවා කියා විග්‍රහ නොකර එය ඔබට අතට අත දෙන්න එනවා කියා විග්‍රහ කර කර ඉඳලා පිහිපාර කාලා මැරෙනවාද?

      Delete
    7. ෆෙඩරල් යනු රට බෙදීම නොවේ. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවල් ෆෙඩරල් පාලන ක්‍රම ඇති රටවල්ය. එම රටවල් වල කොටස් වෙනම රටවල් ලෙස කිසිවෙක් හඳුන්වන්නේ නැත. පෙන්වන්නේ ඔබට පාලන ක්‍රම පිළිබඳ ඇති අනවබෝධයයි.

      //රනිල් ගියේ බලය පවරන්නැයි ගිවිසුම පවා දැක ඇති කිසිවෙක් නැති තැන//
      වැඩි දුර කතා කිරීම අනවශ්‍යය... තර්කනයේ මූලික අංග පිළිබඳවත් ඔබට දැනුමක් නැත. ඔය කියන ආකාරයට මහින්ද හෙල්පින් හම්බන්තොට ගිනුම සම්බන්ධ පරීක්ෂණය වැලැක්වූයේ ඔහු ආධාර ගසා කෑ නිසා බව කිව හැකිය. පෙනෙන්නට නැති දෙයක් සම්බන්ධව ඔබට ඕනෑ තරම් කතා ගොඩනැගිය හැක. මන්ත්‍ර, හොල්මන්, දිෂ්ඨි මෝඩ මිනිසුන් අතර ප්‍රචලිත කල හැක්කේ එබැවිනි.

      එසේ නම් මහින්දට, බැසිල්ට නාමල්ට ඇති දූෂන, කොමිස්, චෝදනා ඔවුන්ම ඔප්පු කරගන්නා තුරු බලා සිටිමු. මෙන්න හැම චෝදනාවකටම සාක්ෂි ඉල්ලන, තර්කානුකූල පුද්ගලයාගේ දැනුම. යමෙකුට නඩු පවරා උසාවි ගොස්, චෝදනාව ඔවුන්ටම ඔප්පු කරගන්නා ලෙස කියන්න...

      ඔබගේ උපමා ද ඔබගේ තර්ක වැනිම අතිශය මෝඩ චූන්ය. ඡන්දය පාවිච්චි කිරීම පිහියෙන් අනින්න එනවා වැනි දේවලටද, රට තමන්ට පමණක් අයිති අම්මා කෙනෙක් ලෙසද ඔබ දක්වන උපමා පෙන්වන්නේ ඔබ 'මහා කළු මෝඩ සිංහලයෙකු' බව පමණකි.

      Delete
    8. //ෆෙඩරල් යනු රට බෙදීම නොවේ. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදී රටවල් ෆෙඩරල් පාලන ක්‍රම ඇති රටවල්ය. එම රටවල් වල කොටස් වෙනම රටවල් ලෙස කිසිවෙක් හඳුන්වන්නේ නැත. පෙන්වන්නේ ඔබට පාලන ක්‍රම පිළිබඳ ඇති අනවබෝධයයි.// ෆෙඩරල් යනු රට බෙදීම නොවේ රට නොබෙදා බලය බෙදීමයි. ලංකාවේ ගැටලුවට දෙන්න පුළුවන් එක් විසදුමක් ඒක(හොඳම විසදුම නොවේ). අනෙක් දේ ඊළාම් වාදීන් සමග මෙම ක්‍රමයට යාම බයානක බැවින් මේ ක්‍රමය භාවිත කරනවා නම් සියුම්ව කල යුතුය. මේ පිළිබද මෙම ලිපියේ දල සදහනක් ද ඇත. මේ පිලිබදව ලිපියක් ලියමින් පවතීන නිසා මෙම කමෙන්ට් එකට ඒ ගැන තවත් නොලියමි. නොවරදවා එම ලිපිය කියවන්න එන්න.

      //වැඩි දුර කතා කිරීම අනවශ්‍යය... තර්කනයේ මූලික අංග පිළිබඳවත් ඔබට දැනුමක් නැත.// රනිල් ගිවිසුමේ කරුණු හැංගීම මගින් ගිවිසුමේ රටට අවදානම් කරුණු තිබේ යයි ගම්‍ය වේ. තර්කන දැනුම නැත්තේ ඔබට මිස මට නොවේ.

      //එසේ නම් මහින්දට, බැසිල්ට නාමල්ට ඇති දූෂන, කොමිස්, චෝදනා ඔවුන්ම ඔප්පු කරගන්නා තුරු බලා සිටිමු. මෙන්න හැම චෝදනාවකටම සාක්ෂි ඉල්ලන, තර්කානුකූල පුද්ගලයාගේ දැනුම. යමෙකුට නඩු පවරා උසාවි ගොස්, චෝදනාව ඔවුන්ටම ඔප්පු කරගන්නා ලෙස කියන්න..// නීතිය මගින් ඔප්පු වනතුරු කිසිවෙක් වැරදි කරුවෙක් නොවේ. එතකන් අපහාස නොකරන්න.

      //ඔබගේ උපමා ද ඔබගේ තර්ක වැනිම අතිශය මෝඩ චූන්ය. ඡන්දය පාවිච්චි කිරීම පිහියෙන් අනින්න එනවා වැනි දේවලටද, රට තමන්ට පමණක් අයිති අම්මා කෙනෙක් ලෙසද ඔබ දක්වන උපමා පෙන්වන්නේ ඔබ 'මහා කළු මෝඩ සිංහලයෙකු' බව පමණකි.// ඔබ නැගු මෝඩ තර්ක වලට ඊට වඩා සරල උදාහරණ දිය නොහැක.

      Delete
    9. WENWENMA HADUNAMUTH EKA PRADESAYAKA INNA PIRISA OWUNGE UWAMANAWATA EKATHWEEMA PHEDARAL KRAMAYAY.

      EKAKAYAK LESA THIBUNA RATAK KALIWALATA KADEEMA PHEDARAL NEMEI, RATABEDAWENKARA GANEEMAI.

      Delete
  22. යහ පාලන බබා තාමත් නිදි යහනේ
    ජහ මනයා සොබාවික ෆැන්ටසි හීනේ
    සහ පිරිවර සමග ලණු සුප් හැදු නෝනේ,
    වහ වීලා වගෙයි බිව් හට ඒ පානේ.

    මහ අවුලක් වගේ මට පෙනෙනා මේක
    පහදා අහගන්න කෙනෙකුත් නැති සේක.
    වහ වූ ශ්‍රී.ල.නි. ප යලි රහ වූ සේක
    මහ ලේකම් තුමා අපගෙම වූ සේක

    මීයෙන් කැඩූ, අත ලෝනත් මදිය කියයි
    ඊයෙන් ගෙනා හොරු ටික අද සුපිරිසුදුයි
    රීයෙන් ගලේ, යහ පාලන ටිකිරි ළමයි
    සීයෙන් කොරන එක ඇහුවත් අපට බනියි

    ReplyDelete