Tuesday, September 9, 2014

රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව.(Is Sinhalese becoming a minority?)

යමෙක් අන් මත විවේචනය කරයි නම් මුලින්ම තම මතය නිවැරදිදැයි මුලින්ම විමසා බැලිය යුතුය තමන් වැරදිනම් සිදුවන්න්නේ තමාම විවේචනයට ලක්වීමකි. මේ සිද්දියට ලක්වන පුද්ගලයා නම් මාතලන්ගේ බ්ලොග් එකෙහි පලකරන ලද "සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි" නම් ලිපිය ලියන ලද චානුක වත්තේගම නම් පුද්ගලයාය.

ඔහු විසින් ලියන ලද ඉහත සඳහන් ලිපිය අනුව පැහැදිලිව පෙනෙන කරුණක් නම් ඔහු තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය දත්ත පමණක් ගෙන අන් දත්ත නොසලකා ගණනය කිරීමයි මෙයට හේතුව ඔහුගේ නොදන්නා කමද නැත්නම්  තමන්ට සිදුවන වාසියක් හේතුවෙන් වැරදි මතයක් පෙන්වීම සඳහා ලැජ්ජාවක් රහිතව අංක විද්‍යාවක් පෙන්වීමද?

මුලින්ම ඔහු විසින් පෙන්වන ලද පළමු වගුව සලකමු 

සිංහල
දෙමළ
මුස්ලිම්
ඉන්දියානු දෙමළ
වෙනත්
1981 තත්ත්වය
73.95 %
12.71 %
7.05 %
5.51 %
0.78 %
2011
තත්ත්වය
74.88 %
11.12 %
9.23 %
4.16 %
0.52 %
දෘශ්‍ය වෙනස
0.93 %
- 1.5 %
2.18 %
- 1.35 %
0.04 %
සත්‍ය වෙනස (සංඛ්‍යාත්මක)
4,184,420
384,024
822,920
23,623
- 9,000
සත්‍ය වෙනස (පෙර තරමට ප්‍රතිශතය)
38.2 %
20.35 %
78.61 %
2.89 %
- 7.82 %

මේ වගුව ඇසුරෙන් ඔහු සඳහන් කල දේ බලමු 

"සිංහල ජනතාව වඳ වේය යන මතය ගොඩ නඟන්නන් ඒ සඳහා උපයෝගී කොට ගන්නේ පළමු පෙළ තුනෙහි ඇති ඉලක්කම්ය. 1981 සිට 2011 දක්වා ජනවර්ග අනුපාතයන්හි යම් වෙනසක් සිදුවේ. සමහර ජන වර්ග ප්‍රතිශතයක් වශයෙන් වැඩිව ඇත. සමහර ඒවා අඩුව ඇත. නිදසුනක් හැටියට සිංහල ප්‍රතිශතය 74% පමණ සිට 75% ක් වෙද්දී මුස්ලිම් ප්‍රතිශතය 7% පමණ සිට 9.2% ට ඉහළ යයි. බැලූ බැල්මට “අපේ රැහැ” පොඩ්ඩකින් ප්‍රසාරණය වෙද්දී  “උන්ගේ රැහැ” මාර විදිහට පිම්බී ඇත. එසේම මේ දෙක අතර දෘශ්‍ය වෙනස සිංහල බෞද්ධ බහුතරය බිය ගන්වන සුළුය."

"මම මෙහි දෘශ්‍ය වෙනස සේ දක්වා ඇති ඉලක්කම් සීරියස් නොගනිමි. එය සංඛ්‍යාකයක් වශයෙන් අවැදගත් වනවා පමණක් නොව වැරදි චිත්‍රයක්ද මවා පායි. ඊට වඩා අදාළ හා වැදගත් අවසාන පෙළ  දෙකෙහි ඇති දත්තය. එකක් සංඛ්‍යාත්මකව එක් එක් ජනවර්ගය වසර තිහක් තුළ ප්‍රසාරණය වූයේ කවර ප්‍රමාණ වලින්ද දක්වයි. අවසාන පෙළෙහි දැක්වෙන්නේ 1981 දී එක් එක් ජනවර්ගයන්හි ප්‍රමාණයට සාපේක්ෂව 2011 දී එම ජනවර්ගය ප්‍රසාරණය වී ඇති ප්‍රමාණයයි."

ජනග්‍රහණ වර්ධනය සඳහා අනාවැකි කීම සඳහා යම් තරමින් හෝ භාවිතා කලහැක්කි දත්තයකට මෙහි ඇත්තේ අවසාන පේලිය පමණි එය මගින් 1981 සිට 2011 අතර කාලය සඳහා ජනග්‍රහණ වර්ධන වේගය ගණනයට  අවශ්‍ය දත්තයක් ලැබේ. මෙමගින් පෙනෙන කරුණ නම් මුස්ලිම් ජනයාගේ  ජනග්‍රහණ වර්ධන වේගය සිංහලයාගේ මෙන් දෙගුණයක් වන බවයි සිංහල සහ මුස්ලිම් ජනග්‍රහණ වර්ධනය අනාගතය සඳහා එස්ටිමෙට් කිරීමට වැදගත්ම දත්තය එයයි. එනම් මෙහි වැදගත්ම පේලිය වන්නේ අවසාන පේලිය වේ.  චානුක වත්තේගම විසින්  "වැදගත් අවසාන පෙළ  දෙකෙහි ඇති දත්තය" ලෙස සඳහන් කලද අවසාන පේලිය ඇසුරෙන් කිසිම නිගමනයක් නොකරයි. එය ඇසුරෙන් නිගමන පවසන්න ගියානම් ඔහුට කියන්න වන්නේ වෙනත් දෙයකි. 

එම නිසා ඔහු ඉහත වගුවේ 4 වන පේලිය ඇසුරෙන් මෙසේ ගොන් කතාවක් පවසයි "උදාහරණයක් හැටියට මේ කියන වසර තිහ තුළදී මුස්ලිම් ජනහගණයේ ප්‍රසාරණය ලක්ෂ අටකි. ඒ කාලයටම අනුරූප සිංහල ජනගහණයේ ප්‍රසාරණය එමෙන් පස් ගුණයකට ආසන්න අගයක් ගනියි. ලක්ෂ හතළිස් එකක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් ලක්ෂ අටක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් තමන්ගේ තැන ගනිතැයි අනියත බියක් පළ කර ගැන්ම තරම් තවත් ගොන් කමක් වේද?" ජාතීන් දෙකක ජනග්‍රහණ වර්ධනය සැසදීමේදී අනාවැකි පැවසීමේදී වැදගත්ම කරුණ වන වර්ධන වේගය අමතක කර ඔහු ප්‍රමාණ සැසදීම කරයි.  පසුගිය 30 වසර තුල අප ඔවුන් මෙන් පස් ගුණය කින් වැඩි වුවත් ඔවුන්ගේ වර්ධන වේගය වැඩි නිසා ඊළඟ 30 වසර තුල අප ඔවුන් මෙන් 3-4 ගුනයකටද තව කල් යාමේදී අප වැඩිවන ප්‍රමාණයට සමාන ප්‍රමනයකටද පැමිණේ අවසානයේ ඔවුන් අප පසුකර යයි.(අනාගතය සඳහා අගයන් විද්‍යානුකුලව ගණනය කර ඇති වගු අවසානයෙදේ පෙන්වමි) 

දැන් ඔහුගේ දෙවන වගුව සලකා බලමු 
ලංකාවේ ජනවාර්ගිකමය වාර්ෂික වර්ධනය (1911 සිට 2011 දක්වා)
දශකය (ආරම්භක වර්ෂය)
සිංහල %
දෙමළ %
මුස්ලිම් %
ඉන්දියානු දෙමළ %
වෙනත් %
1911
1.0
(0.2)
0.6
1.2
1.8
1921
1.3
1.4
1.3
2.6
1.2
1931
1.7
1.2
1.4
(0.3)
1.4
1941
1.8
1.7
2.0
2.0
(0.3)
1951
2.5
2.4
2.5
1.3
(14.4)
1961
2.2
2.3
2.5
0.6
7.1
1971
1.7
2.5
1.8
(4.3)
0.9
1981
1.5
1.4
2.0
0.8
2.3
1991
1.0
0.3
2.0
(0.2)
(1.4)
2001
0.9
0.3
1.7
(0.2)
(1.7)
(මෙය  චානුක වත්තේගම විසින් කරන ලද ගණනයකි )

මෙය ඇසුරෙන් ඔහු පවසන මෙම කරුණ හැර අන් කරුණු සත්‍ය වේ නමුත් ඔහු විසින් අසත්‍යයි කියන දෙය සත්‍ය වීමට අවශ්‍ය හොඳ සාක්ෂියක් මෙමගින් ඔහු සඟවයි(ඔහු ඔහුගේ මතය ඉලිප්පීමට මෙම සත්‍ය කරුණු සැඟවෙන්නේ හිතාමතාම පුද්ගලික වාසියක් සඳහාද නැත්නම් මෝඩ කම නිසාද)
"2. සාමාන්‍ය හා සාමකාමී අවස්ථා වලදී මේ ජනවර්ග තුනේම වාර්ෂික වර්ධන වේගයින් දළ වශයෙන් සමානය. උදාරහණයක් හැටියට 1931 දශකයේ සිට 1981 දශකය දක්වා දත්ත සලකන්න. දර්ශකයක් සේ 1951 න් ඇරැඹෙන දශකය ගනිමු. මේ දශකයේ ප්‍රධාන ජනවර්ග තුනෙහිම වර්ධනය ඉතාම සමීප අගයන් ගනියි."

අප සම දන්නා කතාවක් නම් 1931 දශකයේ සිට 1981 දශකය දක්වා කාලය තුල දරුවන් සාදන ලද අපගේ සීයලා ආච්චිලා සහ අම්මලා තාත්තලා දරුවන් 4-5 වත් සාදන ලද බවයි මේ කාලයේ සිංහල පවුල්වල ළමයින් හැදීම ද මුස්ලිම් පවුල්වල ළමයින් හදීමද අතර ලොකු වෙනසක් නොවිණි. නමුත් 1981 පසු සමාජ ගතකරන ලද උපත්පාලනය හා එයට අධාල පෙළඹවීම් නිසා සිංහල සමාජයේ ළමයින් හැදීම අඩුවිය නමුත් මුස්ලිම් සමාජයට එය ලොකුවට බලපෑවේ නැත.  1981 පසු ළමයින් හදන ලද අපගේ මාමාලා නැන්දලා ළමයින් හැදුවේ 4  කට අඩු ප්‍රමාණයකි එසේම 2001 පසු ළමයින් හදන අපේ යාළුවන් ළමයින් හදන්නේ 1-2 කි නමුත් මුස්ලිම් සමාජයේ මේ තත්වය ලොකුවට නැත. 1981 පසු ලංකාවේ මුස්ලිම් හැර අන් ජාතිවල ජනග්‍රහණ වර්ධන වේගය අඩුවීමට හේතුව මෙයයි. එනම් 1931 දශකයේ සිට 1981 දශකය දක්වා කාලය සියලු ජාතිවල ජනග්‍රහණ වර්ධන වේගය සමාන වුවත් උපත්පාලන ක්‍රම නිසා සිංහලයන්ගේ ජනග්‍රහණ වර්ධන වේගය මුස්ලිම් අයගේ මෙන් අර්ධයක් වනතෙක් අඩුවිය (1991 සහ 2001 සඳහා වගුව බලන්න)

මෙමගින් පෙනෙන්නේ ඔහු විසින් ගණනය කරන ලද මේ වගුවෙන්ම පැහැදිලිවන කාලය සමග සිදුවූ සිංහල ජාතියේ වර්ධන වේගය අඩුවීම ගැන නොපවසා තම මතය හුවාදැක්වීමට බයිලා කියන බවයි. 

දැන් අපි ඔහු ඉදිරිපත් කල 3 වගුව සලකමු 
ලංකාවේ සිංහල හා අනෙකුත් සියළු ජනවර්ග ප්‍රතිශතයක් සේ (1911 සිට 2011 දක්වා)
සංගණන වර්ෂය
සිංහල (ප්‍රතිශතය)
අනෙකුත් සියළු (ප්‍රතිශතය)
1911
66
34
1921
67
33
1931
65
35
1945
69
31
1953
69
31
1963
71
29
1971
72
28
1981
74
26
1989
74
26
2001
74
26
2011
75
25
(මෙය  චානුක වත්තේගම විසින් කරන ලද ගණනයකි )
තමා සියලුදේ දන්නවා සිතා ඔහුගේ මතයට විරුද්ද සියලු දෙනා මෝඩයන් සහ හරක් මෙන් දුටුව චානුක වත්තේගම ගේ නොදන්නුවත්කම පෙන්වන හොඳම උදාහරණය මෙයයි. මේ ගැන ඔහු කියන දේ බලමු

"සිංහල ජනවර්ගයක් සේ මොනම ආකාරයකින් වත් (අනෙකුත් ජනවර්ගයින්ට සාපේක්ෂව) ඍණ වර්ධනයක් නොපෙන්වන බැව් මෙයින් ඉතා පැහැදිළිව ඔප්පු වේ. පසුගිය සියවසෙක පමණ කාලය තුළ ඉතාම සුළු වශයෙන් වුවද වී ඇත්තේ (අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව) සිංහල ජනවර්ගයක් සේ නොකඩවා වර්ධනය වීමයි. නැවත කියමි: නොකඩවා වර්ධනය වීමයි."

අනිවාර්යෙන්ම මෙතනදී චානුක වත්තේගම සත්‍ය පවසයි  ඔහුගේ වගුව අනුව මෙන්ම අතටම සිදුවුයේ එයයි නමුත් ඔහුකරන වැරැද්ද නම් අවසානයේ මේ වගුවේ පරිදි සිංහලයා අනාගතයේදීද වර්ධනය වනබව කියවන්නන්ට දැනෙන සේ මෙසේ කියයි.

"මේ නිසා මොනම ආකාරයකින්වත් සිංහල ජනවර්ගය වඳවීමේ හෝ සුළුතරයක් වීමේ පෙනෙන අවදානමක් නොපවතී. ඔබ බිය වන්නේ ඒ නිසා නම් අද සිට ඔබට බිය සැක නැතිව නිදා ගත හැකිය."

සිදු නොවන්නේ එයයි. ඔහු මෙතනදී ගණිත දැනුමක් අඩු පාඨකයාට ඉදිරියත් මෙසේ මෙම වගුව පරිදි සිංහලයන් වර්ධනය වේ යයි ඉඟි කරයි නමුත් එය සිදුවන්නේ තව දශක කිහිපයක් දක්වා පමණි මේ බව මම විද්‍යානුකුලව අන්තිමට පෙන්වමි දැන් බලමු චානුක වත්තේගම වරද්දා ගත්තේ හෝ අපට වරද්දන්න යන්නේ කොතනද කියා.

කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය යනු අදාළ රාශි දෙක රේඛීයව බැදී පවතින්නක් නොවේ.  කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය රේඛීයව බැදී පවතීනම් ඉහත 3 වගුවම දීර්ග වී දිගටම සිංහල ජන අනුපාතය වැඩිවේ. චානුක වත්තේගම අපිට පෙන්වන්න ගියේ එයයි. නමුත් එසේ නොවේ ඒ බව පෙන්වීමට මම 1991 සහ 2011 යන වර්ෂවල සංඝණන දත්ත ඇසුරෙන් ලබාගත් එක් එක් ජන වර්ගවල වර්ධන වේගය දිගටම පවතීයි උපකල්පනය කරමින් ඉදිරි සංඝණන පවත්වන වර්ෂ සඳහා නිමානය කරන ලද ජනසංඛ්‍ය පහත ප්‍රස්ථාරයේ පෙන්වයි. මෙහි 2011 සඳහා සත්‍ය අගයන්ද ඉන්පසු ගණනය කල අගයන්ද වේ.

ශ්‍රී ලංකාවේ ජාතීන් අනුව ජනසංඛ්‍යා වර්ධනය
මේ අනුව පෙනෙන්නේ වත්මන් ජන වර්ධන වේගය දිගටම පැවතුනහොත් 2261 වනවිට සිංහල සහ මුස්ලිම් ජන සංඛ්‍යා සමාන වන බවයි ඉන් පසු සිංහලයන් සුලුජාතිය බවට පත්වේ.

දැන් බලමු මෙම වර්ධනය යටතේ ජනවර්ග වල ප්‍රතිශතය වෙනස්වන ආකාරය.
ශ්‍රී ලංකාවේ ජාතීන් ගේ අනාගත ප්‍රතිශතය
මෙම ප්‍රස්ථාරයෙන් පෙනෙන්නේ 2041 වනතෙක් සිංහලයන්ගේ ප්‍රතිශතය ඉහල යන බවයි ඉන් පසු එය ක්‍රමයෙන් පහල බැස 2261 දී මුස්ලිම් ජන ප්‍රතිශතය සමග සමාන වේ. චානුක වත්තේගම ඉදිරිපත්කල 3 වගුව ට මෙම ප්‍රස්ථාරයේ 2011 දක්වා අගයන් සමාන වේ ඉන්පසු ඔහු විසින් පෙන්වන්නට ගිය පරිදි සිංහල ජන අනුපාතය වැඩිවේ නමුත් නිදහසේ නිදාගත හැක්කේ 2041 ජන සංගණනය දක්වා පමණි ඉන්පසු සිංහල ජන අනුපාතය දිගටම අඩුවේ.

කලින් මම සඳහන් කල පරිදි මෙම අනුමානය වලංගු වන්නේ පසුගිය වසර 20 පැවතුන ජන වර්ධන වේගය දිගටම තිබුනොත් පමණි නමුත් දැනට පෙනෙන විදියට පහත හේතු නිසා සිංහල ජන වර්ධන වේගය ඉහත සඳහන් ගණනයට භාවිතා කල අගයට වඩා අඩුවේ එසේම මුස්ලිම් ජන වර්ධන වේගය වැඩිවේ.

  • 80 දශකයේ හදුන්වාදුන් උපත්පාලන ක්‍රම නිසා එම කාලයෙන් පසුව බිහිවූ පිරිස අඩු අගයක් ගැනීම නිසා සිංහල සමාජයේ සිටින බාල සහ තරුණ පරපුර මුස්ලිම් අයට වඩා බොහෝසෙයින් අඩුවීම නිසා අනාගත වාර්ෂික සිංහල දරු උපත් අඩුවීම
  • ඉහත පෙන්වූ පරිදි සිංහල අතර මුස්ලිම් අයට වඩා වැඩි ප්‍රමාණයක් සිටින 80 දශකයට පෙර උපන් අය මිය ගිය පසු ජන විශාලව ප්‍රමාණය පහත වැටීම 
  • මුස්ලිම් අය බහුල විට සිංහලයන් සහ ද්‍රවිඩයන් ඒ ආගමට හැරීයාම වැඩිවීම.
  • මුස්ලිම් අය බහුල වනවිට ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිංහලයන් සහ ද්‍රවිඩයන් ඝාතනය වීම සහ රට හැරයාම(මේ සිද්දි මුස්ලිම් ජන අනුපාතය 25% වැඩි රටවල දැනට සිදුවේ.)
එබැවින් ඉහත ගණනය කල කාල වලට බොහෝ කලින් මේවා සිදුවන බව සත්‍යයකි. අනිවාර්යෙන් මම 2041 න් වනවා සිංහල ජන අනුපාතය දිගටම අඩුවීමට පටන්ගැනීම බොහෝවිට එයට පෙර අපගේ ජීවිත කාලය තුල දැකගත හැකිවනු ඇත. එම නිසා එතෙක් සැපසේ නිදාගන්න. අන්අයටත් එසේ කරන්න කියන්න.

අවසාන වශයෙන් කිව යුත්තේ ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් දැරීමට නිදහස ඇත නමුත් තම මතය යනු නිවැරදි මතයම නොවන නිසා එය සමාජ ගතකිරීමට පෙර දෙවරක් සිතිය යුතුය. එම නිසා දැන හෝ නොදැන වැරදි මත සමාජ ගත කිරීම වරදකි. විශේෂයෙන්ම තම මතයට විරුද්ද අයට ගොනා මෝඩයා කීම උගතුන්ගේ වැඩක් නොවේ. එය මෝඩ ගොන් වැඩකි. 
තමන් නොදන්නා අනුන් ලියන ලද රෙද්දවල් පල කිරීමට ප්‍රථම විමිසිලිමත් වන ලෙස මාතලන් ගෙන් ඉල්ලමි.

ප.ලි.
චානුක ලියන ලද ලිපිය රාවය පුවත්පතේද පලවී ඇත. ඒ ගැන මා දැනුවත්කළ නිර්නාමික සොයුරාට ස්තුතියි. මෙන්න රාවය ලිපිය. 
තම දේශපාලන මතය තහවුරු කිරීම පිණිස නිසි විමර්ශනයකින් තොරව ඕනෑම කුණුගොඩක් පුවත් පත් වල පලවන බවට මෙය හොඳ උදාහරණයකි.

143 comments:

  1. මම එකඟ නොවූවද, මා කැමති පුද්ගලයකුගේ ළිපියක් පළකිරීමේ අයිතිය මට ඇති බවද කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳ කිසිවක් ප්‍රකාෂ නොකල මා කිසිවක් නොදන්නා කෙනෙක් බව පවසන්නේ කුමන කරුණු මතද..?

    ReplyDelete
    Replies
    1. මාතලන්, මීට පස්සේ ඔබේ බ්ලොග් එකේ පලකරන්න අදහස් කරන ලිපි මේ MKS ට පෙන්නලා අවසර ගන්න මතක තබා ගන්න.

      Delete
    2. @මාතලන්
      ඔබ එකඟ නොවන දෙයක් පලකිරීමට ඔබට අයිතියක් ඇත නමුත් යම් දේශපාලන මුල්‍යමය හෝ වෙන්ත් වාසියක් තකා ඇතැමුන් මුලාවේ වැටෙන ලිපි පලකිරීම ඔබ සතු යුතුකමක් නොවේ. විශේෂයෙන් වැරදි අංක විද්‍යා පෙන්වා ගණිතමය දැනුම අඩු අය මුලාකරන ඉහත ලිපිය ජාතිද්‍රෝහී ලිපියක් වේ තම ජාතියට දැනුවත් හෝ නොදැනුවත්ව වින කැටීම සහ විකුණාගෙන කෑම මව විකුණගෙන කෑම හා සමානය.

      @කකා
      පලකිරීමට පෙර අදාළ කරුණු අධ්‍යනය කර තම නැණ පමණින් විමසන්න.පලකල පසු වැරැද්ද පෙනේ නම් නිවැරදි මත ඉදිරිපත් කරන්නන්ගේ අදහස් පිළිගන්න නැත්නම් වාද කරන්න. මම සියල්ල දත් නොවෙමි.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. මකසි....... මාතලන් ගෙ බොගේ ඔහුට කැමති දෙයක් දැමිය හැකියි.....ඒ උගෙ කැමැත්ත & අයිතිය.......
      ගුණ දොස් අපිට කියන්න තමයි කමෙන්ට් වලින් ඉඩ දීල තියෙන්නෙ ......
      චානුකගේ හොද ලිපි තිබෙනව ....... ඔබ කියන ලිපිය කියෙව්වම මගෙ කොහොමත් කචල් මොලේ ත් අප්ෂට්....... මම අපේ එවුන් කමෙන්ට් කරල තිබ්බ ඒවට කමෙන්ට් කර නිකා හිටිය.....
      මම එතැනදී සිතුව උඹ ලිපියක් ලියයි කියල.....
      මේ ලිපියට චානුකත් පිළිතුරු දුන්නොත් හොදයි.....
      උඹ මාතලන්ට කියා තිබෙන දේ හැර අන් සියලු දෙයට එකගයි .....
      විය යුත්ත සිදුකර ඇත ඔබ......එයට තුති.......

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. @ Anonymous September 10, 2014 at 8:13 AM

      මෝඩයො දැක්කා මේ වගෙ එවුන් නොදැක්කා!

      Delete
    9. @කකා...+++++++++++++++++++++++++++++++++++

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. ජාතීවාදීන්ගේ සළු පිළි ගලවා නිරුවතින් කරණ රඟ දැක්වීම දැක ගැනීමට ඉඩ සැලැස්වීම පිළිබඳ මගේ ප්‍රණාමය.. මේ පිළිබඳ මගේ මතය දැන ගැනීමට කැමති නම්, කොත්තු සින්ඩියේ මගේ ජනප්‍රියම ළිපි කීපය කියවන්න..

      Delete
    12. වැදගත් වන්නේ සංවාදයක් ගොඩ නැගීමයි , චානුක වත්තේගම කීපමනින් එය පිළිගැනීමටත් , ඔබ කී පමණින් මෙය පිළිගැනීමටත් අපි බැඳී නැත, ඔබට එතනත් ,චානුකට මෙතනත් අදහස් දක්වා සංවාදයක් ඇති කරගත හැකිනම් එය ඉතාමත් වටි , නමුත් සංවාදය සංවාසයක් බවට පත් කර නොගෙන තර්කානුකූලව , අදහස් මත පමණක් ගැටීම අත්‍යවශ්‍ය වේ

      Delete
    13. මකසි,
      පෞද්ගලික අපහාස සහිත කමෙන්ට් අයින් කරන්නෙ නැති හේතුව කියන්න පුළුවන්ද?

      Delete
    14. මකසි,
      පෞද්ගලික අපහාස සහිත කමෙන්ට් අයින් කරන්නෙ නැති හේතුව කියන්න පුළුවන්ද?

      Delete
    15. @Kenji ඔහු කෙන්ජි එම ලිපියේ පරස්පර විරෝධී තැන් වැඩියි. කොහොමත් මොලේ කචල් වෙනවා ප්‍රයෝගිකව පෙනෙන්න මුස්ලිම් ජනග්‍රහණ වැඩිවීම බොරුවක් කියලා ඉලක්කම් සුත්‍ර දාලා පෙන්වන විට. මේ දවස්වල මට වෙලාව හිගයි ලිපි ලියන්න නමුත් චානුක වත්තෙගම ලියපු ලිපියට ගැලපෙන පිළිතුරක් කවුරුවත් ඉදිරිපත් නොකළ නිසා මම වැඩ පාඩුකරගෙන හරි මේක ලියුවා.

      Delete
    16. @ඉවාන් පවුලූශා
      ලංකාවේ සිටිනා බොහෝදෙනෙක් පත්තරේ, පොත්වල, අන්තර්ජාලයේ තිබෙන දෙයක් විමර්ශනයක් නැතව පිලිගන්නවා. ඇත්ටම සිදුවිය අවශ්‍ය වන්නේ කවුරු කෙසේ කීවත් තමන්ම කරුණු විමසා බලා අදහසක් ඇතිකර ගැනීමයි. ඔබ සමග එකඟයි.

      Delete
    17. @රාජ්
      අපහාස සහිත කමෙන්ට් කලින් දකින්න බොලොග් එකට අවේ නැහැ. දුටු විගස ඉවත් කළා.

      Delete
    18. රාජ්September 10, 2014 at 9:35 AM
      මකසි,
      පෞද්ගලික අපහාස සහිත කමෙන්ට් අයින් කරන්නෙ නැති හේතුව කියන්න පුළුවන්ද?
      .....
      කතන්දර කාරයාSeptember 9, 2014 at 8:41 PM
      මාතලන්, මීට පස්සේ ඔබේ බ්ලොග් එකේ පලකරන්න අදහස් කරන ලිපි මේ MKS ට පෙන්නලා අවසර ගන්න මතක තබා ගන්න.
      ...


      උත්තරේ කකාගේ කොමෙන්ටුවේම තියෙනවා. මේකේ පලවෙන කොමෙන්ටු රාජ්ට වෙන කෙනෙක්ට පෙන්නලා අවසර අරංද ප්‍රසිද්ධ කරන්න ඕනි?

      Delete
    19. @Maathalaන්
      කොත්තුවේ ලිපි නිදහස් වෙලාවක කියවලාම ඔබේ අදහසත් දැනගන්නම්

      Delete
    20. AnonymousSeptember 10, 2014 at 10:11 AM
      //උත්තරේ කකාගේ කොමෙන්ටුවේම තියෙනවා. මේකේ පලවෙන කොමෙන්ටු රාජ්ට වෙන කෙනෙක්ට පෙන්නලා අවසර අරංද ප්‍රසිද්ධ කරන්න ඕනි?//
      තර්කානුකූලව යමක් ලියාගන්න බැරිවුනාම සංවාද කිරිල්ල එප‍ා වෙනව.
      අංක එක ඔයා මට පාස් කරන්නෙ තවත් කෙනෙකුගෙ (කකාගෙ) බෝලයක්. කකා කියන කතා කකා එක්ක බේරගන්න. මට වෙනම උත්තර දෙන්න.

      අංක දෙක තමයි ඒ කමෙන්ටුව කොහොමත් අවුල්. (ඒක පේනව මකසි ඒක දැක්ක විගස මැකීමෙන්ම). ඒ කමෙන්ටුව සහ කකාගෙ කමෙන්ටුව එක විදියකට පෙනීම ඔහේගෙ අවුලක් මිසක් අපේ අවුලක් නෙවේ. විශේෂයෙන්ම කිසිදු අදාලත්වයක් නැතිව කතමෙන්ටු වලට පවුලේ අය සම්බන්ධ කරගන්නෙ තිරිසන්නු

      Delete
    21. චානුක වත්තේගම කියන්නේ තමුන්ගේ වාසියට ඕනි දෙයක් කණපිට ගහලා පෙන්නවන කෙනෙක්. මිනිහා ඔය ලියලා තියෙන කැත බොරුවත් එහෙම තමුන්ගේ වාසියට ඉලක්කම් හරබයක් පෙන්නමින් ලියපු හෑල්ලක් විතරයි.

      මහබැංකුවේ ඉන්න ඕනිම කෙනෙක්ගෙන් ඇහැව්වොත් ඔය චානුක වත්තේගම කියන මිනිහගේ වැඩ කිඩ ගැන කියල දෙයි. ලොක්කොන්ට පශ්චාත් භාගය දීලා,බොරු දෙසා බලා ,අනික් අය කොටවලා උඩට එන්න දගලපු දැගලිල්ල ඕනි කෙනෙක් කියලා දෙයි.

      මම දන්නා කියනා,මහ බැංකුවේ සේවය කරනා කිහිප දෙනෙක්ගෙන්ම චානුක වත්තේගම ගැන ඇහැව්වම ඔවුන්ගේ මුහුණේ මතුවුයේ මහා පිළිකුලක්.

      මේ වගේ මිනිහෙක් ගැන කතා කිරීමත් වචන නාස්තියක්. මොකද කවුරුත් මිනිහව සහ මිනිහ ලියන පච හෑලි ගණන් ගන්නේ නැති නිසා.

      Delete
    22. චානුක වත්තේගම කියන්නේ මුදලට ලිපි ලියන්නෙක්.

      Delete
    23. @Maathalan
      //මම එකඟ නොවූවද, මා කැමති පුද්ගලයකුගේ ළිපියක් පළකිරීමේ අයිතිය මට ඇති බවද කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳ කිසිවක් ප්‍රකාෂ නොකල මා කිසිවක් නොදන්නා කෙනෙක් බව පවසන්නේ කුමන කරුණු මතද..?//
      දැන් ඔබ සම්පුර්ණයෙන්ම නිරුවතින්. ඔබගේ අදහස මම හෙලාදකිමි

      Delete
    24. මාතලන්ගේ එම ප්‍රකාශයෙන් ඔහුගේ වගකීම් විරහිත ස්වභාවය සනාථ වේ.

      Delete
    25. මකසි මට කියන්න තියෙන්නෙත් ඔයා නිකන් බයිලා ගහනවා කියලා කියන්න විතරයි. ඔහොම ප්‍රස්ථාර මගේ ජීවීත කාළේ දැකලා නම් නෑ. ජනගහන වර්ධණය ගැන පොඩ්ඩක් හොයලා බලලා කියවන්න. ඔබේ තර්කයවත් චානුකගේ තර්කයවත් සම්පූර්ණයෙක් බැහැර කරන්නේ නෑ. දෙකම සාපේක්ෂයි. ඒත් මෑතක මේ මහ පොළොව මත සිඳු නොවන දෙයක් ගැන බොරු කියන්නේ චානුක නොව ඔබයි. මේකත් එක්තරා ෆෝබියාවක්. ෆෝබියා ගැන කියෙව්වම ඒක මොන ෆෝබියාවද කියලා ඔයාට තේරේවි. ඔයා හරි පව්.

      Delete
    26. @Maathalan
      ඔබ ලිපිය මගින් මතුකරපු කාරණයවත් ඔබ තේරුම් ගෙන නැති බව ඔබගේ ඔය ප්‍රකාශයෙන් සනාථ වේ. ලංකාවේ සිංහල හා අනෙකුත් සියළු ජනවර්ග ප්‍රතිශත 1911 සිට 2011 දක්වා විචලනය පෙන්වන වගුවක් පෙන්වා සිංහල ජාතිය දිගටම වර්ධනය වන බව පෙන්වීමට චානුක ගත් උත්සාහය වරදිබව පෙන්වීම මෙම ලිපියේ අරමුනයි. සිංහල, මුස්ලිම් සහ වෙනත් ජන ප්‍රතිශත නොගෙන සිංහල සහ වෙනත් ගැනීමෙන් සිංහල මෙන්ම මුස්ලිම් ජන ප්‍රතිශතයට වැඩිවන බව සැඟවීම සහ සිංහල ජනප්‍රතිශතය දිගටම වැඩිවී සිංහල සුලුජාතිය නොවන බව පෙන්වීම ඔහුගේ වෑයම වේ. එය වැරදි බව පෙන්වා දැනට ඇති ජන වර්ධන වේගයෙන් දිගටම ජන ග්‍රහණ වර්ධනය වේනම් සිංහල ජන ප්‍රතිශතය වැඩිවෙමින් පවතින්නේ තව දශක කිහිපයත් බවත් ඉන්පසුව දිගටම සිංහල ජන ප්‍රතිශතය අඩුවන බවත් පෙන්වීම මගේ වෑයම වේ. පවතින වේගය නියතයි කියාගැනීම සැබෑ ජනගණන යක් කිරීමට ප්‍රමාණවත් නොවුනත් ඉහත මාගේ අරමුණ වන "සිංහල ජන ප්‍රතිශතය වැඩිවෙමින් පවතින්නේ තව දශක කිහිපයත් බවත් ඉන්පසුව දිගටම සිංහල ජන ප්‍රතිශතය අඩුවන බවත්" ප්‍රකාශ කිරීමට මම ගත් උපකල්පන වැරදි නොවේ. එනම් චානුකගේ තර්කය සම්පුර්නයේම බැහැර කිරීමට මෙම ගණනය ප්‍රමාණවත් වේ.

      //මකසි මට කියන්න තියෙන්නෙත් ඔයා නිකන් බයිලා ගහනවා කියලා කියන්න විතරයි. ඔහොම ප්‍රස්ථාර මගේ ජීවීත කාළේ දැකලා නම් නෑ. ජනගහන වර්ධණය ගැන පොඩ්ඩක් හොයලා බලලා කියවන්න.// මම ජනග්‍රහණ වර්ධනය අධ්‍යනයට විශේෂක්ඥයෙක් නොවේ නමුත් මට ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරුණ සඳහා නිවැරදි යයි සැලකිය හැකි ගණිතමය ආකෘතියකට ජනවර්ධනය ගලපා ඒ ඇසුරෙන් නිගමනයක් ඉදිරිපත් කිරීම බයිලා ගැසීමක් නොවේ. මම යොදාගත් ආකෘතියට වඩා දියුණු ආකෘති යොදා දැනට අවුරුදු 400-500 දක්වාත් අවුරුදු 10000-15000 කට පෙර කාල දක්වාත් ජනග්‍රණය නිමානය කිරීමට අඳි ප්‍රස්ථාර වගු පවතී සියලු ගණනයන් කරන්නේ යම් උපකල්පන මත් සිටයි පිළිතුරු අවශ්‍ය කාරණය මත(සිදුකරන උපකල්පන සහ ගණිතමය ආකෘතියේ නිවරදිත්හාව තීරණය කරයි) එබවින් ඔබ යම් ගණිතමය ආකෘතියක් යටතේ ගණනය කර අනාගත අගයන් නිර්මාණය කරන ප්‍රස්ථාර ඔබ ජීවීත කාළේ දැකලා නැත්නම් එය ඔබගේ උගත්කම හෝ ඔබ උගත් අංශය මත තීරණය වන කරුණක් හෙවත් ඔබට සාපේක්ෂ කරුණක් මිස මට හෝ වෙනත් බොහෝ බ්ලොග් කියවන්නන්ට සාපේක්ෂ කරුණක් නොවේ.

      //ඒත් මෑතක මේ මහ පොළොව මත සිඳු නොවන දෙයක් ගැන බොරු කියන්නේ චානුක නොව ඔබයි. // මම මෙම ලිපිය මගින් පෙන්වාදුන් ප්‍රධාන කාරණය වන "සිංහල ජන ප්‍රතිශතය වැඩිවෙමින් පවතින්නේ තව දශක කිහිපයත් බවත් ඉන්පසුව දිගටම සිංහල ජන ප්‍රතිශතය අඩුවන බවත්" යන කරුණ බලා ගැනීමට කල්ප ගණන් බලාසිටීමට අවශ්‍යය නොවේ ඒ බව තව දශක කිරිපයකින් ඔබට අනිවාර්යෙන් එය දැකගත හැකිවනු ඇත. කිසිදා මහා පොලව මත සිදු නොවන දෙයක් වන සිංහල ජන ප්‍රතිශතය දිගටම වැඩිවේයැයි බොරු කලේ චානුක මිස මම නොවේ. ඔබ වැනි ගණිත දැනුම ශුන්‍ය පුද්ගලයන්ට මම කියන ගණිතය නොතෙරේනම් මම කියන දේ සත්‍ය බව ඉදිරි කාලයේදී පැහැදිලිවනු ඇත.

      //මේකත් එක්තරා ෆෝබියාවක්. ෆෝබියා ගැන කියෙව්වම ඒක මොන ෆෝබියාවද කියලා ඔයාට තේරේවි. ඔයා හරි පව්// මගේ අදහස් නොදැන මම එක්තරා ෆෝබියාවක් පෙලේ යයි කියන්නේ කෙසේද? මෙය මම පලකල එක් ලිපියක් පමණි. අනෙක් ජාතීන්ට හෝ මුස්ලිම් වරුන්ට ඇති බියක්(ෆෝබියාවක්) නමුත් ලංකාවේ සිදුවන සියලු වැරදි වලට සිංහල සංකෘතිය, බුදු දහම හෝ වත්මන් රජය(දැනට ඔබගේ ඒ තත්වය අඩුය) වැරදිකරු ලෙස දකින පටු මාසිකත්වයක් ඔබට පවතින බව ඔබගේ බ්ලොක් පාඨකයෝ සැවොම දනිති.
      මෙම ලිපියේ අන්තර්ගතය තේරුම් නොගැනීමෙන් ඔබට Hellenologophobia ව පවතින බව සනාථ වේ.

      Delete
    27. අනෙක් ජාතීන්ට හෝ මුස්ලිම් වරුන්ට ඇති බියක්(ෆෝබියාවක්) මට නැත. කියා අවසන් චේදයේ වැකිය නිවැරදි විය යුතුය.

      Delete
    28. හූ හූ මාතලන් කිච උනා. මාතලන් කොටියා කාපිය.

      Delete
    29. එල එල අපි අද තමයි මාතලන්ට තියන ලෙඩ දැන ගත්තේ

      Delete
    30. ඉහත කමෙන්ට් එකෙන් මම මාතලන්ට පවසන ලද
      //ලංකාවේ සිදුවන සියලු වැරදි වලට සිංහල සංකෘතිය, බුදු දහම හෝ වත්මන් රජය(දැනට ඔබගේ ඒ තත්වය අඩුය) වැරදිකරු ලෙස දකින පටු මාසිකත්වයක් ඔබට පවතින බව ඔබගේ බ්ලොක් පාඨකයෝ සැවොම දනිති.// මෙම කරුණ සඳහා මාතලන්ම අදද සාක්ෂියක් සපයන ලදී. බලන්න ඔහු කිසිම සම්බන්දයක් නැති තැනක මල්වතු අස්ගිරි හිමිවරුන්ට අපාහාස කරන හැටි.
      මෙන්න මාතලන්ගේ කමෙන්ට්ටුව

      Delete
    31. අනිවා ඔබ එය අමුතුවෙන් කිව යුතු නැත. මා එදත් අදත් හෙටත් කියන්නේ අප්ගේ ගොබ්බ සිංහළ සංස්කෘතිය, සිංහල බුද්ධාගම, (මතක තබා ගන්න බුදුන් දෙසූ ධර්මය නොවේ.) හා මේ රජය ඇතුලු සියළුම රජයන් මේ රටේ පරිහානියට වගකිව යුතුම බවය. එය එසේ නොවන්නේ නම් වෙන කුමක්ද..?

      වාලිමිකිගේ පොතක එල්ලි නටන ජාතියකට කුමන පැහැබර අනාගතයක්ද ලොක්ක..

      Delete
    32. කිසිම සම්බන්දයක් නැති තැන්වලද ඔබ ඉහත ඒවාට අපහාසයෙන් කතාකරනු දැක ඇත. උදාහරණ ලෙස ඉහත මල්වතු අස්ගිරි කතාවම ගත හැක. නමුත් සමහර කරුණු සඳහා අප්ගේ ගොබ්බ සිංහළ සංස්කෘතිය සහ මේ රජය ඇතුලු සියළුම රජයන් මේ රටේ පරිහානියට වගකිව යුතුම මමද පිලිගනිමි. සිංහල බුද්ධාගම යනු බුදු දහම නොදත් සින්හල බවුද්දයන්ගේ ආගම විය යුතුය.

      Delete
    33. එය මගේ අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතියයි. ඔබට මෙන්ම මටද හිතෙන දේ ලියන්නට නිදහස තිබිය යුතුමය. මතක තබා ගන්න. මේ පුරවැසි මාධ්‍යකරණය බව.

      Delete
    34. //එය මගේ අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතියයි. ඔබට මෙන්ම මටද හිතෙන දේ ලියන්නට නිදහස තිබිය යුතුමය. මතක තබා ගන්න. මේ පුරවැසි මාධ්‍යකරණය බව//
      පුරවැසි මාධ්‍ය මාධ්‍ය කරනදේ වුවත් තමන්ට අවශ්‍ය දෙයක් පලකිරීමට නිදහස නැත. තමා පලකරන දෙයින් සමාජයට හානියක් නොවිය යුතුය. වගකීම තමා අතේ තබා ගතයුතුය. ඔබට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇතිවාක් මෙන්ම ඔබ කියන දෙයින් පිරිසක් මුලාවේ නොවැටී තිබිය යතුය. ඔබ කියන පරිදි මෙහි බහුතරයක් ඉන්නේ තර්කානුකුලව බැලීමට නොහැකි මෝඩ සිංහල පිරිසකි. එසේ නම් ඔවුන් මුලාවේ දැමීම ඔබගේ අයිතිය නොවේ.

      පුර වැසි මාධ්‍ය කරණය වුවත් බ්ලොග් එහෙක තිබිය නොයුතු දේ පිළිඹදව ගුගල් සතුවද නීති මාලාවක් පවතින බව සහ ඔබ සිටින රටේ නීති වලට ඔබ යටත් බවද මතකතබා ගන්න.

      මෙන්න කියවන්න ගුගල් දෙයියන්ගේ කොන්දේසි

      දැන්වත් බ්ලොග් කියන්නේ පුරවැසි මාධ්‍ය කරණය. මගේ බ්ලොග් එකේ මට ඕන දෙයක් ලියන්න පුලුවන්න් වගේ මෝඩ ආකල්ප වලින් මිදෙන්න. ලිපි ලිවීමීදී පලකිරීමේදී සහ කමෙන්ට් කිරීමේදී මේ ඔවදන් හිතට ගන්න.

      Delete
  2. මේ එක ප්‍රස්තාරෙකවත් මිනිස්සුන්ගෙ අඩු වැඩි වීම පෙන්නන්නැත්තෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කල දේ පහැදිලි නැත.
      පළමු ප්‍රස්ථාරයේ එක් එක් ජාතිය නියෝජනය කරන මිනිසුන් සංඛ්‍යාවේ අඩු වැඩි වීම
      දෙවන ප්‍රස්ථාරයෙන් එක් එක් ජාතීන්ගේ ප්‍රතිශතයේ අඩු වැඩි වීම (චානුක වත්තේගම ඉදිරිපත් කල තෙවන වගුවට අදාළව අනාගතය නිර්ණය කල ප්‍රස්ථාරය)

      Delete
    2. මකසි,

      අදහස් කළ දේ පැහැදිලි වෙච්ච දාට මේ වගේ ලිපි ( චානුකගෙ, මකසිගෙ සහ තවත් මේ ජාතිය ඕනෑම ලිපි ) දකින්න නැති වෙයි.. එතකන් ඉතින් ඔහොම යමු.

      Delete
    3. සෙන්නා : +++++++++++++++++++++

      මම හිතන්නෙ ඒක පෙන්නන්න දත්ත නෑ.

      Delete
    4. "මේ එක ප්‍රස්තාරෙකවත් මිනිස්සුන්ගෙ අඩු වැඩි වීම පෙන්නන්නැත්තෙ ඇයි ?"
      පිස්සුද ඔය හොඳට පෙන්නේ

      Delete
  3. ඉතාම සරල ලෙස මේ වෙනස්වීම මීට කලකට ඉහත මා පෙන්වූවා.ඒ ජාතිවාදී අදහසකින් නොවෙයි.නිකමට
    මේ,බී කියා කියන විට කෘතිමබවක් පේන නිසා සිංහල,මුස්ලිම් කියාම කියන්නම්.

    සිංහලයන් 100 කුත් මුස්ලිම්වරු 10 කුත් සිටින බව උපකල්පනය කරන්න.මේ සියල්ලෝම විවාහ වන වයසේ අයයි.
    මුස්ලිවරු මෙන් දහ ගුණයක් සිංහලයන් සිටිනවා.අපේ ජන අනුපාතය වගෙයි.

    සින්හල පවුල් 50 යි. මුස්ලිම් පවුල් 10 යි.ඒ පළමුවැනි පරම්පරාව.

    සිංහල පවුල් වල ළමයි දෙන්නයි,මුස්ලිම් පවුල්වල ළමයි හතර දෙනයි.එතකොට දෙවෙනි පරම්පරාවෙ ජනගහනය සිංහල 200 යි මුස්ලිම් 30 යි.
    අලුතින් සිංහල ජාතියට 100 කුත් මුස්ලිම්වරුන්ට 20 කුත් එකතු වුනා.

    තුන්වෙනි පරම්පරාවෙ සිංහලයන්ට 100 කෙකතු වෙලා මුළු ජනගහනය 300ක් වෙනවා.මුස්ලිම් පවුල් 10 ට ළමයි 4 බැගින් 40 යි.ඔක්කොම 70 යි.

    හතරවෙනි පාරම්පරාවෙදි සිංහලයන්ට තව 100 ක් එකතුවෙලා 400 යි.මුස්ලිම් පවුල් 20 ට ළමයි 4 බැගින් 80 යි ඔක්කොම 150 යි.

    පස්වෙනි පරම්පරාවෙදි සිංහලයන්ට 100 ක් එක්වෙලා 500 වෙනකොට මුස්ලිම්වරුන්ට ඒ අයගෙ පවුල් 40 ට ළමයි 4 බැගින් 160 ක් එක් වෙනව.ඔන්න දැන් දරු උපත්වලින් මුස්ලිම් අය දිනුම්.මුලිම් ඔක්කොම 310 යි.තවම වැඩි සිංහලයො.

    හයවෙනි පරම්පරාවෙදි සිංහලයො 600 යි.මුස්ලිම් අය ගෙ පවුල් 80 ට ළමයි 4 බැගින් 320 යි.ඔක්කොම 630 යි.දැන් බලන්න හයවෙනි පරම්පරාවෙදි මුස්ලිම්වරු වැඩි වෙනව.

    හයවෙනි පරම්පරාව කියන්නෙ දල වශයෙන් පළමුවෙනි පරම්පරාවෙ අයට වයස අවුරුදු 120 ක් විතර.ඒ කියන්නෙ මේ වෙනකොට පළමුවෙනි පරම්පරාවෙ අය මැරිල.
    හයවෙනි පරම්පරාවෙ ශුද්ධ ගනනය වෙන්නෙ

    සිංහලයො 600 න් 100 ක් අඩුකරන්න වෙනව.මුස්ලිම් අය 630 න් 10 ක් අඩුකරන්න වෙනව.ඒ කියන්නෙ සිංහලයො 500 යි මුස්ලිම් අය 620 යි.

    මේක කිව්වෙ නිකම් ගණිත ගැටළුවක් කියනව වගෙ අදහසින් විතරයි.

    ReplyDelete
    Replies
    1. පළමුවෙනි පරම්පරාවෙ මුස්ලිම් පවුල් 10 නොවෙයි 5 යි.5 x 4=20
      ඒ බී කියල ගන්නෙ නැතිව කෙළින්ම සිංහල මුස්ලිම් කියල ගත්තෙ පහසුවට

      Delete
    2. යකාගේ ගණිතය හරියට හරි ප්‍රස්ථාර වගු වලට වඩා ඔය ක්‍රමය හොඳයි. නමුත් නොමග යවන සුළු ගණිතයක් පෙන්වා මුලාවේ හෙලන්න චානුක වත්තේගම හදපු වගු වලට ඒවා වලින්ම පිළිතුරු දෙන්න වුනා නේ.

      Delete
    3. සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සේ මේ වගේ ලස්සන නැමි තියෙන ප්‍රස්ථාර දැක්කමයි, ඇත්තටම හැම දාම ප්‍රශ්තාරත් එක්ක වැඩ කරත් මේ වගෙ ලස්සන ඒවා දැන් හම්බවෙන්නේ නෑ, හරි තන්තොසයි, බොහොම ස්තූතියි මහ කළු සිංහලට.

      Delete
    4. @AnonymousSeptember 9, 2014 at 10:49 PM
      ප්‍රස්ථාරය ලස්සන වුනාට ඉන් පෙන්වන දේ සිංහලයන්ට බයානකයි

      Delete
    5. ම.ක.සි
      ප්‍රස්තාරය ලස්සනයි කියලා මංකීවේ උපහාසයටයි. මෙහෙම ප්‍රස්තාර තියෙන්නේ ගණිතයේ තියරිවල විතරයි. එය ඔබ නොදන්නවා වෙන්න කොහමටවත් බෑ, ඔබත් මිනිසුන් මුලා කරන්න හදන තවත් කෙනෙක් විතරක් බව තවදුරටත් තේරුම් ගත්තා.

      රටක ආගමික හෝ ජාතික ප්‍රතිශතය වෙනස් වෙන්නේ සුළු ජාතිකයන්ගේ වර්ධන වේගය වැඩිවීමෙන් නෙවෙයි, එක්කෝ මර්ධනයෙන් නැත්නම් අනෙක් ජාතීන්ට තමන්ගේ ජාතිය ආගම එපාවෙලා වෙන එකක් වැලද ගැනීමෙන්, ඉන්දුනීසියාවේ, මැලේසියාවේ වගේ ආසියානු මුස්ලිම් රට වල බහුතර මුස්ලිම් අය ට තියෙන්නේ අරාබි පෙනුමක් නෙවෙයිනේ ඒවා ආසියාතික ජාන, ඒ කියන්නේ ඒ අය ආගම මාරුකරගෙන, අපිටත් සිංහලයෙක්, බොද්ධයෙක් බව කියන එක ලැජ්ජා සහගත එකක් වුනොත් අපිත් එහෙම කරයි, මතක තියාගන්න තගදාන වුන් ලැජ්ජාව කියන එකයි අහිංසක පුරවැසියන් ලැජ්ජාව කියන එකයි වෙනස් දේවල්.

      Delete
    6. ///ප්‍රස්තාරය ලස්සනයි කියලා මංකීවේ උපහාසයටයි///
      කොහොමත් මට තේරුණා උපහාසයක් වගේ බව ස්තුති නොකළේ එකයි.

      //ප්‍රස්තාර තියෙන්නේ ගණිතයේ තියරිවල විතරයි. එය ඔබ නොදන්නවා වෙන්න කොහමටවත් බෑ// ප්‍රස්ථාර ඉගෙන ගන්නේ මුලික ගණිතයේ තියරි වල නමුත් ප්‍රස්ථාර යොදාගන්නේ සංඛ්‍යාන දත්ත නිර්රුපනය, ශ්‍රිත යක හැසිරීම නිරුපණයට ,ප්‍රයෝගිකව පරීක්ෂණ ප්‍රතිපල ගණනයට, අනාගත තත්ත්ව නිර්ණයට (sales forecasting, demand forecasting, forex and stock market forecasting) වැනි ප්‍රයෝගික අවස්ථා වලට වේ. ගණිතයේ තියරිවල හැර වෙන අවස්ථා වල ප්‍රස්ථාර නොදකින්නේ a/l අඩු තරමින් o/l වලින් එහාට නොගොස් මොලය වෙහෙසන ජොබ් එකක් නොකරන කෙනෙක් නම් පමණි.

      //රටක ආගමික හෝ ජාතික ප්‍රතිශතය වෙනස් වෙන්නේ සුළු ජාතිකයන්ගේ වර්ධන වේගය වැඩිවීමෙන් නෙවෙයි, එක්කෝ මර්ධනයෙන් නැත්නම් අනෙක් ජාතීන්ට තමන්ගේ ජාතිය ආගම එපාවෙලා වෙන එකක් වැලද ගැනීමෙන්, // මෙහෙමයි ලංකාවේ මුස්ලිම් කියලා ඉන්නේ අරාබි කාරයෝ නොවෙයි නේ. ආගම මාරුකරගෙන හැරෙනවා උන් වර්ධනය වෙනවා
      ලංකාවේ මුස්ලිම් කියලා මුලින් අරාබි සහ වෙනත් ආසියාතික මුස්ලිම් අය ආවා ඔවුන් මෙහෙ කසාද බැඳලා පැලපදියම් වුනා. ඒ අතරේ සමහර ලාංකිකයෝ ඒ ආගමට හැරුනා. අපි මේ සංඛ්‍යා ලේඛන වල කතාකරන 1900 මෙහා කාලයේදී ලංකාවට විදේශවලින් ආපු මුස්ලිම් අය සහ මුස්ලිම් වූ දෙමල සහ සිංහලයන් ප්‍රමාණයට වඩා දරුවන් හැදීමෙන් වර්ධනය වූ ප්‍රමාණය තමයි වැඩි. අපිට මෙහෙ තත්වය ගණනයට මෙහේ සාධක මිස වෙන සාධක ගැලපෙන්නේ නැහැ. අනෙක මම කල ගණනයට ජාතීන් වැඩි වෙන්නේ දරුවෝ හදලාද, ආගම මාරු කරලාද, විදේශ වලින් අවිල්ලාද කියන එක ගැටළුවක් නැහැ. උපකල්පනය කරලා තියෙන්නේ ගිය සියවස අවසාන සහ මේ සියවස මුල තිබුණු වර්ධන වේගයන් දිගටම තියෙයි කියලා. මිස උපත් අනුපාතය නියත කරලා නොවේ. ප්‍රස්තාර වලින් වල අගයන්ට වඩා අනාගත නියම අගයන් අපගමනය වන බවත් ඒවා සිදුවීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයකුත් මම සාකච්චා කරලා ඇති.

      Delete
  4. Thank you for the explanation !!!

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගනිමි!!

      Delete
  5. වැඩිපුර පැටවූ ගහන හම්බයන් කවදාහෝ සිංහල ජාතිය සුලුජාතිය කරන බව තේරෙන එක කොමන් සෙන්ස් එකක්. නමුත් මාතලන් ගේ බ්ලොග් පොස්ට් එක දැකලා මොලේ අවුල් වුනා. නමුත් ගැටලුව ලිහාගන්න බැරිවුනා. මකසි බොහොම පින්. ලෙසටම කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මොලේ කචල් වෙනවා ප්‍රයෝගිකව පෙනෙන්න මුස්ලිම් ජනග්‍රහණ වැඩිවීම බොරුවක් කියලා ඉලක්කම් සුත්‍ර දාලා පෙන්වන විට. බොහොම ස්තුතියි ඔබගේ අදහසට

      Delete
  6. Estimating populations are a lot more complex than simple exponential growth. Do you really believe these numbers even remotely represent the true situation in AD 2260? And the biggest problem according to you is Muslims overtaking the Sinhalese when the population in Sri Lanka is 350 million (for your info its around 21 million now, so you are talking about a time when the population of Sri Lanka has grown by more than 16 times). That's why population calculations are a lot more complex, there are so many things in play and you can't just assume things keep growing at a constant rate over very long periods of time.

    It's no brainier that if one group has a bigger growth rate than the other, no matter the initial population, the group with the bigger rate will always win "if everything stay the same over the years". But given the long time it takes for the Muslims to overtake the Sinhalese, its almost certain things will not stay the same and its useless to look beyond the next 50 or so years. And Chanuka is absolutely right with the numbers we have so far, its almost certain it will never happen and I am happy to look at this again in 2050 with whatever numbers we have then.

    I'm really interested to know if anyone knows whether a "population scientist" in Sri Lanka had a look into this issues. Or is to too much to ask our scientist to do something useful?

    ReplyDelete
    Replies
    1. 1881 සිට 2011 දක්වා සිංහල සහ මුස්ලිම් ජන වර්ධනය ඝාතීය(exponential) ශ්‍රිතයකට ආසන්න වර්ධනයක් පෙන්නුම් කරන නිසා අනාගත අගයන් නිමානය කිරීම සඳහා එම වක්‍රය භාවිතය ලොකු ප්‍රශ්නයක් නොවේ. මෙතන පෙන්නුම් කරන්නේ ජාතිය මාරු නොවී දිගටම ප්‍රජනනය මගින් පමණක් දැනට යන උපත් සහ මරණ අනුපාතය සමග දිගටම ගියොත් ඇතිවන ප්‍රතිපලයයි. එසේම සත්‍ය වශයෙන්ම මුස්ලිම් වරු විසින් සිංහලයන් පසු කිරීම මම කියන කාලයට ප්‍රථම සිදුවේ. දැනට යන ඉහත සඳහන් අනුපාත දිගටම නියත යියි කිව නොහැක නමුත් අපට උපකල්පනය කල හැක. උපකල්පන රහිතව කිසිදු විද්‍යාත්මක ගණනයක් සිදු නොවේ. සෑම විටම විද්‍යාත්මක ගණනයන ගණිතමය ආකෘතියක් මත රඳා පවතී. අප සාධන ගණිතමය ආකෘතිය සහ සවභාවික්ක සංසිද්දීය අතර ගැලපීම මත පිළිතුරේ නිරවදිතාව රඳා පවතී. නිරවදිතාව අවශ්‍ය වන ප්‍රමාණය අනුව ආකෘතිය සැකසේ. මෙතනදී ජනප්‍රමාණ ගණනය කලේ ලංකාවේ ඉදිරි ආර්ථික සැලසුම් හැදීමට නොව චානුක 3 වගුව මගින් මේ තාක් ජාතීන්ගේ ප්‍රතිපල පෙන්වා ඉදිරියත් එසේම යයි පෙන්වීමට ගිය දේ ඉදිරියේදී ගණිතමය වශයෙන් කෙසේ හැසිරීදයි පෙන්වීමටයි.

      චානුක වත්තේගම ඉන්නේ හෝ සිටියේ මහා බැංකුවේ නම් ඔහු population scientist ලා කරන කාර්ය කරන්නට ගියේනම් අපේ රටට බුදුසරණයි.

      Delete
  7. සාමාන්‍ය පෙළ ගණිතය දන්නා ඕනෑම කෙනෙක්ට චානුක වත්තේගමගේ තඩි බොරුව තේරෙනවා. ඔය ලිපිය මුලින්ම ගියේ රාවය පත්තරේ. එදාම මාතලන් බ්ලොගයේත් දමා තිබුනා. මම හිතන්නේ මෙම වෙබ් අඩවියේ ඇති පැහැදිලි කිරීම,ඉහත 'යකා' දමා ඇති කොමෙන්ටුවේ අදහසුත් සමග යලි සකසා රාවය පුවත්පතට යැව්වොත් හොදයි.

    අනික ඔය චානුක වත්තේගම කියන්නේ ශ්‍රී ලංකා මහාබැංකුවේ හිටපු කෙනා නේද? මම මහා බැංකුවේ ඉන්නා මගේ හිතවත් අධ්‍යක්‍ෂවරයෙක් සමග කතාබහ කරමින් සිටිනා විට චානුක වත්තේගම ගැන ඇහැව්වා. මොකද මම දන්නවා චානුක වත්තේගම කියන්නේ මිට කලිනුත් එක එක ලිපි ලිව්ව කෙනෙක් කියලා.

    ඉතිං අර අධ්‍යක්ෂණය මට කිව්වේ චානුක වත්තේගම කියන්නේ එක එක ලොක්කොන්ට පශ්චාත් භාගය දීලා අනික් උදවියට කපාගෙන උඩට ආපු කෙනෙක් කියලයි. ඒ වගේම තමුන්ගේ වාසිය වෙනුවෙන් බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනා, බොරු කාරයෙක් කියලයි ඔහු මට සෘජුව ප්‍රකශ කලේ.

    ReplyDelete
    Replies
    1. චානුක වත්තේගම ලියපු ලිපිය රාවයේ ගියානම් තත්වය ගොඩක් අවුල්. ලංකාවේ සිටිනා බොහෝදෙනෙක් පත්තරේ, පොත්වල, අන්තර්ජාලයේ තිබෙන දෙයක් විමර්ශනයක් නැතව පිලිගන්නවා. රාවයත් යන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් නේ. උන්ගේ අරමුණ ඉටු වෙනවා නම් රට ජාතිය නැතිවුනත් උන්ට මොකෝ. මේ ගැන සංවාදාත්මක ලිපියක් රාවයේ යනවා නම් ඉතා වටිනවා. ඕන කෙනෙක් මෙහි අදහස විකුර්ති නොකර අන්තර්ගතය තවත් දියුණු කර ඕනෑම තැනක පලකිරීමට මගේ විරුද්දත්වයක් නොමැත.

      චානුක වත්තේගම කියන්නේ ස්වාභිවෘද්ධිය පිණිස දත්ත හා සංඛ්‍යාන විකෘති කරන්ට තමුන්ට ලයිසමයක් ඇත්තාක් සේ හැසිරෙන කෙනෙක් කියලා නම් හොඳටම පේනවා. මුදල් දුන්නොත් ඕන වැඩක් කරගන්න පොරගෙන් පුලුවන් වගේ.

      Delete
    2. මෙන්න මිත්‍රයා ඔය කියනා ලිපිය රාවය පත්තරේ පලව ඇති අයුරු. සැප්තැම්බර් 7 වැනි ඉරිදා පුවත්පතේ පලව ඇත්තේ. ඒ වගේම රාවය පුවත්පත බ්‍රහස්පතින්දා මුද්‍රණය කොට සිකුරාදා වෙළදපලට එන බවත් සදහන් කරන්න කැමතියි.

      එම නිසා මම හිතන්නේ මේ සතියේ පල වීමට නම් අදම ඔබගේ මෙම බ්ලොග් අඩවියේ පළව ඇති ලිපිය ඉහත 'යකා' සදහන් කර ඇති පහැදිලි කිරීමද සමගම නැවත සස්කරණය කර යැවිය යුතුයි.

      සාමාන්‍ය පෙළ ගණිත ගැටලුවක් තිබෙනවා වැවක ජපන්ජබර කියන ජාතිය බෝවී වැව වැසීමට ගතවන කාලය ගැන අසා. ප්‍රසිද්ධ ගණිත ගැටලුවක්. එකේදී පැහැදිලි වෙනවා ඔබ මෙම ලිපියේ පැහැදිලි කර ඇති දෙගුණ වීමට ගතවන කාලය ගැන ඉතා සරලව.

      Delete
    3. බොහොම සිතුතියි මුල් ලිපිය එවුවාට.

      Delete
    4. @AnonymousSeptember 10, 2014 at 11:34 AM
      //කරුණාකර රාවය පුවත් පතට ඔබගේ මෙම ලිපිය සංස්කරණය කොට යවන්න.//

      මම මේගැන දැමු කමෙන්න්ට් එක් පවා දින 4 ක් ගතවෙලාවත් රාවය වෙබ අඩවියේ පල කර නැත. ඔවුන්ට අවශ්‍ය මෙවැනි දේ සාකඡ්චාවට පත්කිරීම නොව තම මතය එළිදැක්වීමයි. චානුක වැනි මුදලට ලිපි ලියන පුද්ගලයන් ලාවා රාවය ලියවන්නේ ඔවුන්ට අවැසි මතය වේ යයි අපට උපකල්පනය කිරීමට පුළුවන.

      Delete
    5. චානුක ගැන යම් පමණකට දන්නා අයෙක් වශයෙන් කිව හැක්කේ ඔහු අද දවසේ ලිපි සපයන්න් මුදලට නොව කමා පෙනී සිටින ජාතිවාදි විරා‍ේධී මතවාදදය ප්‍රමා‍ේට් කිරීමටයි

      Delete
  8. ම.ක.සි.
    මෙවැනි ලිපියක් පලකිරීම හොඳයි.(මාතලන්ටත් මේකත් තමන්ගෙ අඩවියෙ දාන්න හිතෙනව නං වැඩියත් හොඳයි).

    මගේ අදහස නම්,
    ඉලක්කම් කියන්නෙ ඕන පැත්තකට කරකවල තමන් හරි කියල පෙන්නන්න පුළුවන් දෙයක්. ඉලක්කම් වලින් නැති දේ ඇති කරන්නත් ඇති දේ නැති විදියට පෙන්වන්නත් පුළුවන්. උදාහරණයක් විදියට මුස්ලිම් මිනිසුන් එක තැනක මුල්බැසගැනීම වගේ කාරණා ඉලක්කම් වලින් විස්තර කරන්න හැකියාවක් ඇත්තේම නෑ.(මම කියන්නෙ ඒ මිනිස්සු එකට ඉන්න එක වැරදියි කියල නෙවේ)

    මුස්ලිම් සහ අනෙකුත් ජාතිවාදයන් ගැන මගේ සරළ අදහස මේකයි,
    ජාතිවාදයන් පෝෂණය වෙන්නෙ අනෙකුත් ජාතිවාදයන් මත. එක වර්ගයක විතරක් ජාතිවාදයකට පැවැත්මක් නෑ. ජාතිවාදයන් එකිනෙක පෝෂණය කර ගනිමින් වර්ධනය වන දෙයක්.
    මුස්ලිම් ගහනය 2260 වෙද්දි සිංහල ඉක්මවා යනවා නම් සහ ඒක අවුලක් වෙන්නෙ ඒ වෙද්දිත් අද තියන තත්වයේ ජාතිවාදී ස්වරූපයක් පැවතුනහොත් පමණයි. මගේ අදහස නම් මිනිස්සු අධ්‍යාපනයෙන් දියුණු වෙද්දි ටික ටික ජාතිවාදී අදහස් ඉවත්වෙන්න පුළුවන්. මැෂින් වගේ ළමයි හැදිල්ලත් නවතින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම මේක මගේ ගූගල් හා ෆේස්බුක් මිතුරන් අතරේ බෙදා ගත්තා. කිසි අවුලක් නෑ.

      Delete
    2. @රාජ්
      ඕන තැනක මෙය හෝ මෙහි අදහස සහ අන්තර්ගතය පලකලාට මගේ අකමැත්තක් නැත. ප්‍රස්ථාර වලට පවා වෝටර් මාක් දැම්මේ නැත්තේ හිතාමතාම වේ.

      මුස්ලිම් මිනිසුන් කියන්නේ මාස්ටර් ප්ලෑන් එකකට වැඩකරන පිරිසක් ඔවුන් හැමතැනම ජාතිවාදී වෙනවා. ඔවුන්ගේ ආගමම ජාතිවාදීයි. එහි අරමුණම අල්ලා එකම දෙවියෝ ලෙස අදහන පිරිස හොඳින් හෝ නරකින් වැඩිකිරීම ලෝකයම ඒ දර්ශනයට ගිය දිනක තමයි ඉස්ලාම් කියන එකේ තේරුම උදාවෙන්නේ.

      //මගේ අදහස නම් මිනිස්සු අධ්‍යාපනයෙන් දියුණු වෙද්දි ටික ටික ජාතිවාදී අදහස් ඉවත්වෙන්න පුළුවන්. මැෂින් වගේ ළමයි හැදිල්ලත් නවතින්න පුළුවන්.//
      අනිවාර්යෙන්ම එහෙම උනොත් හොඳයි හොඳම විසදුම ඒ තත්වය ඇතිකරන්න පාර කපන එක. බොදුබලසේනා හෝ හෙළ උරුමය ඒ පාරේ යන්නේ නැහැ

      මේ ජාතිවාදය ගැන මම ඉහත ලිපියේම මේ තැන්වල කමෙන්ට් කළා
      jagath pathirana ට දුන් පිළිතුර
      //සිංහල ජාතිකත්වය මෑතකදී ඉස්මතුවුයේ දෙමල ජාතිකත්වයේ සහ ඉස්ලාම් ජාතිකත්වයේ ව්‍යාප්තිය නිසා උදාහරණ ලෙස ගත්තොත් ජාතීන් නියෝජනය කරන පක්ෂ පවා මුලින් ඇතිකළේ ඔය කියන ජාතීන්. එයට ප්‍රතිචාරයක් ලෙසයි සිංහල ජාතිකත්වය ඉස්මතුවුයේ හෙළ උරුමය වැනි පක්ෂ ආවේ. ශ්‍රී ලාංකික ජාතිකත්වයක් බවට පරිණාමය වෙන්න තියෙන බාදාව සිංහල ජාතිකත්වය නොවේ සුළුජාතීන්ගේ ජාතිකත්වයයි. ශ්‍රී ලාංකික ජාතිකත්වයයක් ඇතිවූ විට සිදුවන්නේ ප්‍රධාන සිංහල ජාතිය තුලට අන් ජාතීන් අවශෝෂණය වී අවසානයේ ශ්‍රී ලාංකික ජාතිකත්වය ලෙස සිංහල ජාතිකත්ව මතුවීමයි මෙය තේරුම් ගත් සුළුජාතීන් ශ්‍රී ලාංකික ජාතිකත්වය ඇතිවීම වැලක්වීමට තම ජාතිකත්වය වර්ධනය කරගන්නා ලදී. අවසානයේ සිංහල ජාතිකත්වයේ පිබිදීමට හේතුවද එය විය. ලොකුම හේනේ වුයේ වන්නේ සිංහල ජාතිකත්වය නොවේ//

      ඉහත පිළිතුර ප්‍රශ්න කල හෙනහුරාට දුන් පිළිතුර
      //3) //දෙමළ ජාතිවාදී දේශපාලන ව්‍යාපාරය ඉස්මතු වෙන්නෙ 1956දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව වීම නිසායි.// එයට කලිනුත් තිබුනා 1956 පෙනෙන ලෙස වර්ධනය උනා නමුත් නිදහස ලබෙන්න්න පෙර දෙමළ නායකයන් බලාපොරොත්තු උනේ රාජ්‍ය නායකත්වය තමන් අතේ තියාගන්න. සර්වජන චන්ද බලය නිසා එය සිහිනයක් උනා එක නිසා තමයි ඔවුන් පස්සෙදී ඊලමක් පස්සේ යන්න ගත්තේ.//

      Delete
  9. There are loads of "Sinhalese" men who converted in to Islam just because they could not get a divorce.... (YES, Muslims in Sri Lanka have special privileges!!).

    I could like to see if anyone knows such people.

    ReplyDelete
    Replies
    1. ජාතීන් අනුව නීති වෙනස් කිරීමත් ලංකාව වරද්දා ගත් තැනක්. ජාතීන් අනුව නීති හදනවා කියන්නේ ජාතීන් වෙන්ව සලකන බව. එනම් ජාතිවාදයේ මුල.

      Delete
    2. The reason Muslims seek for such a privileged law is for safeguard their 'Iiman' faith towards 'Allah' Showing the faith is obeying the orders of Allah accordingly. Man or woman having an illicit relationship willingly is a great sin and it is going against Allahs commands. So, there is no faith. A Muslim can loose anything than the faith. When there is no faith, he/she is face difficult in obtaining the 'heaven' the final destination in his or her life after death. Heaven the destination is the final and endless according to the Muslim belief.

      In the other hand, Countries where sharia law in power, punishment for such offence is severe. lashes are given to the man or woman who committed the offence still not get into wedded life. Stoning until death punishment is applicable to whom who had committed the offence while in wedlock.

      Peace loving Muslim

      Delete
    3. @Peace loving Muslim
      හොඳ පැහැදිලි කිරීමක්.
      ඔබ ෂරියා නීතිය අගය කරනවාද? එහෙම නම් ඔබට සාමකාමි මුස්ලීම් භක්තිකක් වෙන්න බැහැ නේද (සාමකාමී කෙනෙකකුට තව කෙනෙක් මරන්න ගල් ගහන්න බැහැ නේ) ඔබ ෂරියා නීතිය අගය නොකරනවානම් ඔබ සැබෑ මුස්ලීම් භක්තිකක් නොවේ(ෂරියා නීතිය අල්ලාගෙ නීතිය නිසා)

      Delete
    4. ම​.ක​.සි@

      මම සාමකාමී මුස්ලීම් භක්ත්කයෙක් වන්නේ ෂරීයා නීතිය අගය කරන නිසාමයි, මා එසේ නොකලානම් සමහර විට මා සාමකාමී වෙන්න පුළුවන් මුස්ලීම් භක්තිකයෙක් වෙන්න බෑ. මා එසේ කීවේ ඉස්ලාමය සාමකාමී නොවන්නක් ලෙස කියන්න නොවෙයි, ජීවිතය ජය ගන්න සාමකාමී වූවා පමනක් මදියි කියන එකයි. ලෝක මාද්‍යයන් සත්‍ය විකුර්ති කර පෙන්වූවාට මොකද ''ඉස්ලාමය සාමයේ සංකේතයයි''

      ඔබට මෙවැනි ප්‍රශ්න/සැක මතුවන්නේ ඔබ ඉස්ලාමය හා එහි ඇති ෂරියා නීතිය දෙස බාහිරයෙන් පමනක් බලන නිසා විය යුතුයි. ඒ ඔබ සතුව ඇති ඉස්ලාමික දැනුම අවම නිසයි, හරියට මා සතුව ඇති බුදු ධහම හෝ අනෙකුත් ආගම් ගැන ඇති දැනුම වගේයි. ආගමක් හා ආගමික නීතින් එහි අඩංගු කරුනු පිටත සිට බලන කල එයේ නියම හරය වැටහෙන්නේ නෑ, එය සංකීර්නයි/මා ත්‍රිපිටකය හෝ එවන් ග්‍රන්තයක් කියවන්න ගත්තොත් කරකවල අතෑරියා වගේ ඇතියි කියල මාත් දන්නවා. ඔබ තරමක් හෝ ඉස්ලාමය ගැනයි ෂරියා නීතිය ගැනයි මුස්ලීම් විද්වතෙක් හරහා දැනුමක් ලබා ගෙන මෙවන් ප්‍රශ්න නගන්න, මා පිළිතුරු දෙන්නම්. ඔබ ඒ දේ කලා නම් ඔබට මෙවන් ප්‍රශ්න පැන නගින්නේ නැති බවත් මා දන්නවා. මුස්ලීම් නොවන්නෙක් ඒ දැනුම ලබා ගත යුතුමයි කියන්නෑ නමුත් බ්ලොග් කරුවෙක් වශයෙන් නොයෙකුත් දේ දැන ගැනීම වටිනවා නේද​?

      සාමකාමී මුස්ලීම් භක්තිකයා.

      Delete
    5. ෂරියා නීතිය අගය කරනවා නම් ඔබ ගල්ගසා මිනිසුන් මැරීම සහ වෙනත් ආගමක් ඇදහීම නිසා දඬුවම් කිරීම වැනිදේ හොඳ යයි සිතනවා. එසේ නම් ඔබ සාමකාමී සාමකාමී මුස්ලීම් භක්තිකයෙක් වන්න බැහැ නේද?

      Delete
  10. ඉස්ලාම් යනු ආගමක් වුවත් ඔවුන් වෙනත් ජාතියක් මෙන් අනන්‍යව සිටිනවා. සිංහල කියුවම සාමාන්යෙන් සලකන්නේ ඉස්ලාම් අදහන සිංහලයන් හැර අන් අය දෙමල කියුවමත් එසේමයි. මුස්ලිම් ජනකොටසට අයත් වෙන්නේ ඉස්ලාම් අදහන සියලුම ජාතීන් නියෝජනය. ඉස්ලාම් වල අරමුණම ජාතිවාදී නිසා තමයි ඔවුන් වෙනත්ජාතියක් ලෙස වෙන්ව ඉන්නේ එසේ නොවේ නම් ඔවුන් සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා කතෝලිකයන් මෙන් සාමෙන් ඉඳීවි.
    මහා බැංකුවට මෙන්ම සංගණන දෙපාර්තමෙන්තුවටත් ලුණු සමග ලීක්ස් සංසන්දනය කරන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේම හැසිරීම නිසා.

    සිංහල හෝ දෙමල ඕනෑම කෙනෙකුට තම ආගම ඉස්ලාම් කිරීමෙන් මුස්ලිම් ජාතිකයෙක් වෙන්න පුළුවන් නමුත් ඔහු තම සියලු සංස්කෘතික ලක්ෂණ වෙනස් කරන්න ඕන. නමුත් ඔවුන්ට වෙනත් ආගමකට හැරිලා තම කතාකරන භාෂාව සහිත ජාතියට හැරීම අමාරුයි(අරාබිය නොවේ දර්ගා නගරය, මාලිගාවත්තේ වගේ ප්‍රදේශයක හිටියොත් මරුම් කන්න වෙන දෙයක්)

    ReplyDelete
  11. මකසි ගේ ගණිත සුත්‍රයට අනුව 2261සිංහල ජනගහනය අභිබවා මුස්ලිම් ජනගහනය වැඩිවන බව පැහැදිලියි.
    මගේ ප්‍රශ්නය දැන් අපි මොකද කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. පිහියක් අරගෙන කොන කපාගන්න ඔනේ..

      Delete
    2. //මගේ ප්‍රශ්නය දැන් අපි මොකද කරන්න ඕන//

      මොකෝ යොන් මැරිල්ල කරන්නද?ඒවා ගෝත්‍රික වැඩ. හොඳම දේ ජාතිවාදය නැතිකරන එක.

      Delete
    3. @Sa rasa
      //පිහියක් අරගෙන කොන කපාගන්න ඔනේ..// කපාගෙන විතරක් මදි දෙකට නැවිලා පුක උස්සලා අල්ලාහු අක්බාර් කියා ඔලුව බිම ගහන්න ඕන.

      Delete
  12. මකසි,
    මට හිතුනා උඹ මේ වගේ ලිපියක් ලියයි කියලා..
    සිංහල හෝ වේවා දෙමල හෝ වේවා මුස්ලිම් හෝ වේවා මිනිස්සු, මිනිස්සු විදියට හිතන්න තරම් ආකල්පමය සංවර්ධනයක් වෙනතුරු මෙම ගැටළුව දිගටම පවතීවි., ජාති, ආගම්, කුල, කළු, සුදු කියන සියල්ල බැහැර කලයුතුයි, එක් පාර්ෂවයක් නොවෙයි හැමෝම..

    ආයෙත් ලියපු එක ගැන සතුටුයි,

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. //සිංහල හෝ වේවා දෙමල හෝ වේවා මුස්ලිම් හෝ වේවා මිනිස්සු, මිනිස්සු විදියට හිතන්න තරම් ආකල්පමය සංවර්ධනයක් වෙනතුරු මෙම ගැටළුව දිගටම පවතීවි., ජාති, ආගම්, කුල, කළු, සුදු කියන සියල්ල බැහැර කලයුතුයි, එක් පාර්ෂවයක් නොවෙයි හැමෝම//

      විය යුත්තේ එයම තමයි විදානේ.
      අපේ රටේ ජාතික කොඩියේ වෙන වෙනම ජාතීන් නිරුපනය කරනවා. එක් එක් ජාතියට දේශපාලන පක්ෂ තියෙනවා. එක් එක් ජාතිය ඉන්නේ වෙන්වෙලා. චන්දෙ දෙන්නේ තම ජාතියේ එකාට ඔය සියලු බෙදීම් නැතිව එක ශ්‍රී ලාංකික ජාතියක් කියන හැංගීම එනකම් මේ රටේ බෙදීම තියේවි. එසේම අපි ශ්‍රී ලාංකික, අපි ඇමරිකන්, අපි චීන්නු කියලා හිටියොත් ලෝකේ බෙදීම පවතීවි එක නැතිවෙන්න නම් අපි හැමෝම මිනිස්සු කියන හැගීම් ඇතිවෙන්න ඕන ලෝකෙම ගැටුම් නැතිවෙන්න නම්.

      Delete
  13. උපත්පාලනය ඇතිවුනේ 80 දශකය මුලදී.80 දශකයේ උපන් බොහෝ දෙනෙකුට සහෝදරයන් හෝ සහෝදරියන් නැහැ.අපේ ගමේ අපේ ගෙදරත් එක්කම තියන ගෙවල් පේලියේත් (පාර දෙපස ) හා එම පාර ප්‍රධාන පාරට වැටෙන හන්දියේ සිට ලේන් දෙකක දවසක් අපි නිකම් ගනන් හදල බැලුව .පවුල් 21 ක ඉන්නෙ එක ළමයයි.ළමයි 3 හෝ 4 ඉන්න පවුල් 6 යි තිබුනෙ.ග්‍රාමීය ප්‍රදේශයක තත්වය එහෙමනම් ඒක නියැදියක් ලෙස රටේම තත්වය ලෙස ගන්න බැරි නැහැ.
    ඒ කියන්නෙ 80 දශකයේ ළමයි හැදුවෙ 50,60 දශකවල උපන් අයයි.ඒ අයගෙ පවුල්වල කීප දෙනෙක් හිටිය.මේ අය මියයන කාලයේදී ජනගහනය ඍණ අගයක් එයි.ජනගහනය හැකිලෙන්න ගනීවි.දැන් 20 දශකයේ උපන් අය එකිනෙකා මියයන කාලයයි.ඒ කියන්නෙ තව දශක තුනකින් අපට මේ තත්වය අත් විදින්න ලැබේවි.

    ඒත් ළමයි හදල මුස්ලිම් අය රට අල්ලනව කියන එකත් හිතන්න අමාරුයි.මට හිතෙනව අනාගටහ්යෙදි ජාතිය ආගම වෑ අගතීන් නැතිවෙලා එකම මානව සමාජයක් බිහිවේවි.එහෙම වෙන්නෙ තාක්ෂණයෙ දියුණුවත් එක්ක.අපි බලා ඉමු මොකද වෙන්නෙ කියල.
    හැම දේම අසුබවාදී වුනොත් ඉතින් ඒත් මොකෝ පිහියක් අරන් කොන කපාගන්න එකනෙ තියෙන්නෙ .D

    ReplyDelete
    Replies
    1. //ඒ කියන්නෙ 80 දශකයේ ළමයි හැදුවෙ 50,60 දශකවල උපන් අයයි.ඒ අයගෙ පවුල්වල කීප දෙනෙක් හිටිය.මේ අය මියයන කාලයේදී ජනගහනය ඍණ අගයක් එයි.ජනගහනය හැකිලෙන්න ගනීවි.දැන් 20 දශකයේ උපන් අය එකිනෙකා මියයන කාලයයි.ඒ කියන්නෙ තව දශක තුනකින් අපට මේ තත්වය අත් විදින්න ලැබේවි.// අනිවාර්යෙන්න්ම

      ///ඒත් ළමයි හදල මුස්ලිම් අය රට අල්ලනව කියන එකත් හිතන්න අමාරුයි.මට හිතෙනව අනාගටහ්යෙදි ජාතිය ආගම වෑ අගතීන් නැතිවෙලා එකම මානව සමාජයක් බිහිවේවි.එහෙම වෙන්නෙ තාක්ෂණයෙ දියුණුවත් එක්ක.// අනෙක් ආගමිකයෝ තාක්ෂනය සමහ ආගමෙන් වෙන් වෙනවා කියා සිතුවත් මුස්ලිම් අය එසේ වනවා අඩුයි. උන් මොන විද්‍යා උපාදි ගත්තත් අල්ලාහු අක්බාර් කියන එක නවත්වන්නේ නැහැ.

      මෙහෙම ගියොත් බොහෝ විට වන්නේ අපිටත් පන බේරගන්න කොන කපාගෙන අල්ලාහුලල්ලා කියන්න.

      Delete
  14. හොඳ කවුන්ටර් ඇටැක් එකක් , චානුකගේ ලිපිය වැරදියි කියන මට්ටමට මාව කන්වින්ස් කරන්න පුලුවන් ලිපියක් . ජාති බේදයකින් තොරව උපත් පාලනයට නිති සකස් නොවෙන තාක් , මුස්ලිම් වරුන් ශ්‍රි ලංකාවේ බහුතරය වීමේ අවධානමක් තියනවා ,

    හැබැයි ඔය දැනට තියන ජාතිකවාදි කියන සංවිධාන විසඳුම් හොයන්න විදිහ කිසිසේත්ම පිලිනොගන්නා බවත් කියල තියන්න ඕනි

    ReplyDelete
    Replies
    1. //ජාති බේදයකින් තොරව උපත් පාලනයට නිති සකස් නොවෙන තාක් , මුස්ලිම් වරුන් ශ්‍රි ලංකාවේ බහුතරය වීමේ අවධානමක් තියනවා , ///

      උපත් පාලනය අනිවාර්ය කර නිති දැම්මොත් මානව හිමිකම් කැඩීමක් වගේ නේ. කරනවා නම් දෙවන දරුවාගෙන් පසු නොමිලේ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය නොදීම වැනි දෙයක් කරන්න පුළුවන් නමුත් මානුෂික නැහැ වගේ නේ. එක නිසා මුස්ලිම් වරුන් ශ්‍රි ලංකාවේ බහුතරය වීමේ අනිවාර්යෙන් වෙනවා දැනට යන තත්වය ලොකු වෙනසක් නොවුනොත්.

      //හැබැයි ඔය දැනට තියන ජාතිකවාදි කියන සංවිධාන විසඳුම් හොයන්න විදිහ කිසිසේත්ම පිලිනොගන්නා බවත් කියල තියන්න ඕනි// අනිවාර්යෙන්ම අපි ජාතිවාදී වනවා කියන්නේ ඔවුන්ගේත් ජාත්හිවාදය වර්ධනය වෙනවා ප්‍රශ්නය උග්‍ර වෙනවා. දැනට තියන ජාතිවාදී සංවිදාන වලින් කරන්නේ ප්‍රශ්නය උග්‍ර කිරීම.

      මම ලියපු මේ ලිපිය උනත් මුස්ලිම් කෙනෙක් දැක්කොත් අනිවාර්යෙන්ම ඔහුගේ ජාතිවාදී ස්වබාවය වැඩිවෙන්න හේතුවෙන්න පුළුවන්. එක නිසා මෙවැනි ලිපි ලියන්න මම අකමැතියි නමුත් චානුකට පිළිතුරු දෙන්න සහ ඔහු කල මුලාවේ තරම අන් අයට පෙන්වීමට මෙය නොලිය බැරි වුනා.

      Delete
    2. මට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සර ඇනෝවෙක් කියපු "බුවා කියන්නෙ චානුක වත්තේගමයි" කියන කතාව.

      Delete
    3. හොඳම විහිළුව.

      Delete
  15. පැහැදිලි මදි...

    1. "ශ්‍රී ලංකාවේ ජාතීන් අනුව ජනසංඛ්‍යා වර්ධනය" යන වගුවට ඔබ පාවිච්චි කරන දත්ත //1991 සහ 2011 // වසර වල ඒවාද?
    2. //රටේ පැවැති යුදමය වාතාවරණය නිසා 1991 දී හා 2001 දී පවත්වන්ට තිබුණු ජන සංගණනයන් එවකට රජයේ පාලනය යටතේ නොපැවති පෙදෙස් හි පවත්වන්ට අවස්ථාවක් නොලැබේ// චානුක එහෙම කියලා තියනවා. ඉතිං 1991 දත්ත පාවිච්චි කරලා නිවරදි ගණනය කිරීමක් කරන්න පුළුවන්ද?
    3. ඇයි මේ වගු 1881 ඉඳන් පටන් ගන්නේ?
    4. ඇයි 1881 හැම වර්ගයකම ජනගහණය 0 ලෙස අරගෙන තියෙන්නේ?
    5. අනික වසර දෙකක පමණක් අගයන් භාවිතා කිරීමෙන්, සරල රේඛීය නොවන ප්‍රස්ථාර ලැබෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මුලින්ම මේක බලන්න
      http://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

      1. සහ 2. ප්‍රශ්න සඳහා. මෙතනදී ගැටළුවක් තිබුනා. 2001 දී සංගණනය ආසර්තකයි උතුරු සහ නැගෙනහිර දෙපලාතේ ම වැඩි තැන ආවරණය උනේ නැහැ. නමුත් 1991 දී උතුරු පළාත විතරයි අසාර්ථක එය මුස්ලිම් ජාතිය සඳහා ලොකු බලපෑමක් වෙන්නේ නැහැ නැගෙනහිර තියෙන නිසා. මම මේ සඳහා භාවිතා කලේ 1991 සඳහා නිමානය(Estimate) කල අගය. මම ඉදිරිපත් කල "ශ්‍රී ලංකාවේ ජාතීන් අනුව ජනසංඛ්‍යා වර්ධනය" නම් ප්‍රස්ථාරය බලන්න එහි සිංහල සහ මුස්ලිම් සදහා 1991 දී ඇති අගය වක්‍රය මත නැමීම් රහිතව පිහිටනවා ඒ කියන්නේ එම අගයන් සැබෑ අගයන් සමග බොහෝදුරට සමපාත වනවා කියා ගන්න පුළුවන්. එම නිසා එම අගය ඇසුරෙන් (කෙලින්ම ගත් මාධ්‍යයන්ය මගින් නොව වක්‍රය මගින්)මම 2001 සඳහා අගයක් නිමානය කරනවා. ඉන්පසු අවසාන වසර 10 සඳහා පැවතුන සාමන්‍යය වර්ධන වේග ඇසුරෙන් ඉතිරි අනාගතය ගණනය කරනවා. අපි 1981 සහ 2011 අගයන් කෙලින්ම අරගෙන සාමාන්‍ය වර්ධන වේගයක් ගන්න ගියොත් අනාවැකිය නිවැරදිව ගන්න බැහැ. හේතුව සිංහල ජන සමාජයේ උපත්පාලන වගේ දේවල් ඇවිත් ජන වර්ධන සීග්‍රතාව වෙනස් උනේ සිංහල සමාජයේ නිසා. මුස්ලිම් අයට ඒ සාධක බලපෑවේ නැහැ, මේ ගණනය කල ක්‍රමය අනුවත් අසාධාරණයක් යම් තරමකින්වත් වන්නේ සිංහල ජාතියට. 2001-2011 අතර සිංහල සබැ වර්ධන වේගය මම ගණනය කල අගයට වඩා අනිවාර්යෙන්ම අඩු අගයක් වෙනවා.

      3. ජාතීන් සඳහා වෙන වෙනම ජන සංඛ්‍යා ලබාගත හැකි මුල්ම සංගණනය නිසා (විකි යේ දුන් ලින්ක් එක බලන්න)

      4. 1881 දී 0 ලෙස අරගෙන නැහැ එම ස්ථාන වලට අගයක් හිමියි අනෙක් අගයන්ට සාපෙක්ක්ෂාව එම අගයන් ඉතා කුඩා නිසා ප්‍රස්ථාරය මත 0 වගේ පේනවා අවශ්‍ය නම් මම zoom කරපු ප්‍රස්ථාරයක් එවන්නම්.

      5. ජනග්‍රහණ වර්ධනය කියන්නේ ඝාතීය වර්ධනයක්(Exponential growth) රේඛීය (y=mx+c ආකාරයේ) වර්ධනයක් වන්නේ නැහැ. අනෙක් වසර වල අගයන් ඇසුරෙන් අදාළ ඝාතීය ශ්‍රිතය තෘප්ත වන අගයන් සොයන්න පුළුවන්. තව අවුරුදු 7 ක් වගේ නේ තියෙන්නේ 2021 සංගණනයට ඒ ප්‍රතිපල ආවට පස්සේ බලන්න සිංහල සහ මුස්ලිම් ජන ප්‍රමාන සහ මුළු ජනග්‍රහණය පිළිවලින් මම ගණනය කලඅගයන් වන මිලියන 17, 2.3 සහ මිලියන 22.25ට ආසන්න අගයන් වන බව.

      තව ගැටළු මතුවේවි එවාත් අහන්න. බලන්න කැමති අය ප්‍රමාණවත් තරම් ඉන්නවා නම් මෙයට පදනම් වන ගණිතය ගැනත් පොස්ට් කිහිපයක් ලියන්නම්.

      Delete
    2. ප්‍රස්ථාරයේ සැබෑ දත්ත ඇති කොටස සහ ඔබ ගණනය කල කොටස නොකැඩුන තනි වක්‍රයක තිබීමෙන් ඔබගේ උපකල්පන යටතේ ගණනය සාර්ථක බව පේනවා. නමුත් වසර 100ක් ඉක්මවන විට නම් අපි නොහිතන හේතු නිසා ගණනයන් වෙනස් වෙන්න පුළුවන් නිසා ගණනය කිරීම් සාධාරණ නැහැ නේද?

      Delete
    3. චානුක වත්තේගම කිසිම ගණනය කිරීමක් නැතුව සින්හලයනි බිය නොවවූ මේ කපේදී මුස්ලිම් අයට අපිව පරද්දන්න බැහැ.දැන් ඉතින් නිදහසේ නිදාගන්න කියනකොට නම්. ඔහොම අනුමාන කිරීම් සාධාරණ නැහැ නේද කියා අහන්න තොපිට හිතුනේ නැත්තේ ඇයි. මකසි සුපිරියට ගණන් හදලා තියෙනවා. මිනිහා කියනවා උපකල්පනය කරපු සාධක අනාගතයේදී නියත නොවන නිසා මේ අගයන් වලින් අපගමනය වනවා කියා. අපගමනය වෙන විදියත් ලස්ස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් ඔහුගේ ප්‍රකාශ අසාධාරණ වන්නේ කෙසේද?

      Delete
    4. @AnonymousSeptember 11, 2014 at 5:21 PM
      මම කියලා තියෙනවා දිගට යනවිට වෙනස්වන විදියත්. ලිපිය සහ කමෙන්ට් බලන්න

      @AnonymousSeptember 11, 2014 at 6:12 PM
      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  16. Replies
    1. එ කියන්නේ චානුක වත්තේගම කියන්නනේ වන්දි බට්ටෙක්. තම වාසියට ලිපි ලියන්නෙක්.

      Delete
    2. ඔය තියෙන්නේ ඔහුගේ හැසිරීම ගැන සාක්ෂි.

      Delete
  17. චානුක වත්තේගම ට කවුරු හරි ගිහින් කියල දෙන්න එයා මැරිල කියල. එයා තාම දන්නේ නෑ එයා මැරිල කියල.

    ෆේස් බුක් එකේ පොරක් වෙන්න දගලන චානුක ගැන අනුකම්පා හිතෙනව. එයාගේ කාලෙ ඉවරවෙලා සියවස් ගානක් ගෙවිලා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඔය පඬි ලිපි තමන් පොර අනෙක් අය මෝඩයෝ කියන අදහස සහිතව ලියන්නේ පොර වෙන්න තමයි.

      Delete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කුලේ ගැන කතා කරන්න එපා. සිංහලයන් තවත් භේද කරන්න එපා.

      Delete
    2. අපි ජීවත් වෙන්නේ සල්ලි වලට. පුක හෝදනවා රෙදි හෝදනවා කියන්නේ නරක වැඩක්ද? මිනිසුන්ට ජොබ් එක මත අපහාස කරන්න එපා. සිංහල සමාජයේ වගේ කුල බේද ඉස්ලාම් බැතිමතුන් තුල නැහැ. මගේ කුලය හෝ අනුන්ගේ පුකහොදනවා වැනි පදනමක්ක් නැති කතා මෙම මාතෘකාව සඳහා වලංගු නැත.

      Delete
    3. @AnonymousSeptember 11, 2014 at 5:32 PM
      චානුකගේ කුලය ගැන ප්‍රශ්නයක් අපට නොමැත. ඔහුගේ වැරැද්ද සිංහල සමාජය නොමග යවන ලිපි ඔහුගේ පුද්ගලික වාසි තකා ලිවීමයි.

      @Chanuka Wattegama
      ඔබට මෙම ලිපියේ කරුණු වලට දෙන්න පිළිතුරු නැතත් කුලය ප්‍රශ්න කල විට නම් දෙන්න පිළිතුරු ඇත.

      Delete
  19. ''ඉස්ලාම් වල අරමුණම ජාතිවාදී නිසා තමයි ඔවුන් වෙනත් ජාතියක් ලෙස වෙන්ව ඉන්නේ එසේ නොවේ නම් ඔවුන් සිංහල සංස්කෘතියට අවශෝෂණය වෙලා කතෝලිකයන් මෙන් සාමයෙන් ඉඳීවි''

    මෙයින් ඔබ අදහස් කරන්නේ කතෝලික ආගම ඇතුළුව අනෙක් ආගම් සියල්ල සාමකාමීයි හා ඉස්ලාම් ආගම සාම විරෝදීයි, 'ජාතිවාදීයි' තමන් ගැන පමනක්ම සිතන අයයි කියන එකනේ.

    ඔබ කියූ මුස්ලීම් වරු 'ජාතිවාදීයි' කියන දේ තරමක් විතර හරීයි කියලා පිළිගන්න වෙනවා නමුත් ඔවුන් සාම විරෝදීයි වැනි අදහසක් මතු කරපු එකට නම් පොඩි පැහදිලි කිරීමක් කරන්න සිතෙනවා. 'ජාතිවාදීයි' කියන එක 'තරමක් විතර හරීයි' ලෙස මා අදහස් කරේ රටේ ලෝකයේ ජාතිවාදීන් ලෙස හැසිරෙන්නේ 'මුස්ලීම්' පමනක් නොවන නිසයි. බෞද්ධයන් ජාතීවාදී බව පිළිඹුබු කරන තාලේ සිදුවීම්, ක්‍රියාවන් අද රටේ බොහෝ සෙයින් සිදු වෙනවා. මම පෞද්ගලිකව ජාතීවාදීවත්වය පිළිකුල් කරන අතර මගේ කැමැත්ත වන්නේ ආගම නියමාකාරයෙටම අදහන ගමන් සමාජවාදීව ජීවත් වීමයි. මුස්ලීම් වරුන් ජාතිවාදීන් ලෙස කැපී පෙනෙන්නේ ආගමික නීති පිළිපැදීමේ දී, එය වෙත අවධානය යොමු කිරීම සෙස්සන්ට වඩා තරමක් ඉහල බව නිසා විය යුතුයි.

    ( මම ආගමෙන් ඉස්ලාම් භක්තිකයෙක් හා ඒ ආනුකූලවම දිවි ගෙවන්නෙක්. අවුරුදු හතලිහ පසුකර, අනෙකුත් ප්‍රජාවන් සමඟ ඉතාම සාමකාමීව කටයුතු කරන මං අනෙකුන් සමඟ සංහිඳියාවෙන් ඉන්න, කිසි දිනක මගේ ආගම මට ප්‍රශ්නයක් වූ නැති බව සඳහන් කල යුතුයි. මා ඇසුරු කරන මුස්ලිම් නොවන කවුරුන් හෝ මාව ජාතිවාදියෙකු ලෙස නොදකීයි. මම හිතන්නේ, ඒ මං අදහන ඉස්ලාමය මා හරි හැටි තේරුම් අරගෙන අදහන නිසයි )

    යමක් ගැන භාහිරව පෙනෙන​, යමෙක් දැක​, යමෙක් කියූ හෝ මාද්‍යයන් කියූ පලියට විශ්වාස කිරීම ඤාණවන්ත නොවන බව ඕනෑම කාරනයක දී පොදුයි ( ගොරක දඩමස් කරන්න වුනත් මාද්‍යයන්ට පුළුවන් ) ඒ බවක් ඔබ ලියූ මේ ලිපියම සනාත කරනවා. මුස්ලීම් හෝ ඉස්ලාමය ගැන පැහැදිලි නිගමනයකට එන්න නම් කුරානය හා 'හදීස්' නබි වදන් අධ්‍යයනය කර බැලිය යිතුමයි​. මුස්ලීම් මිනිහෙක් කරන වැරදි දැකලා ඉස්ලාමය ගැන වැරදි අදහස් ඇති කර ගැනීම​, අඳුරේ අත පත ගෑමකි. වැරදි කරන්නන් අප කා අතරෙත් සිටීයි. උදාහරනෙකට​, අද අප රටේ සමහර චීවරධාරීන් හැසිරන ආකාරය සාමකාමීද​? ඔවුන් දැකලා බෞද්ධ නොවන්නෙකුට බුද්ධාගම ගැන වැරදි අවභෝදයක් ඇති කර ගන්න පුළුවන් නේද​? ආදාල කොමෙන්ටුවේ ඔබ, මුස්ලීම් ගැන එවැනි මතයක් දැරුවා සේම 'ඥානසාර වාදීන්' දැකී බුද්ධාගමෙන් පිට සිටින, බුදු පිළිවෙත නොදන්න, කෙනෙකුට බුද්ධාග​ම ගැන ඇතිවෙන්නෙත් එවැනි මතයක් මයි නේද​?

    සාමකාමි මුස්ලීම් භක්තිකයා

    ReplyDelete
  20. @සාමකාමි මුස්ලීම් භක්තිකයා
    ඔබගේ පැමිණීම සහ අදහස් දැක්වීම ඉතා අගය කරනවා. ඔබගේ කතාව සමග මම එකඟයි. මම කුරානය සහ 'හදීස්' නබි වදන් අධ්‍යයනය කර නැහැ අපි මුස්ලිම් වරු තේරුම් අරගෙන ඉන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපයෙන්. බහුතරයක් මුස්ලිම් වරු ජාතිවාදී.මුස්ලිම් කිසිම රටක ආගමික නිදහස නැහැ. නීතිය සාධාරණ නැහැ. ඇඳුම් ඇඳීමේ , අධ්‍යාපනයේ නිදහස (කාන්තාවන්ට) නැහැ. කොටින්ම කිවුවොත් අන්මත දරන්නන් ඉවසන්නේ නැහැ. ලංකාවේ බොහෝ මුස්ලිම් අය හොඳයි නමුත් දැන් අන්ත වාදීන් වර්ධනය වෙනවා. මගේ ගම මුස්ලිම් වරු බහුල ප්‍රදේශයක්. අපි පොඩිකාලේ දැකපු මුස්ලිම් සමාජය නොවේ දැන් තියෙන්නේ. මුස්ලිම් වරු ආගමික උනාට ප්‍රශ්නයක්ක් නැහැ අන්තවාදී නොවී. ඥානසාර වාදීන් ගේ හැසිරීම ඔය තත්වය තවත් වර්ධනය කරනවා. ආගමික සහජීවනයයි වැදගත්.

    ReplyDelete
  21. Here's another good analysis on Sinhala- Muslim issue:
    http://chandimagomes.blogspot.com/2014/07/blog-post_26.html

    ReplyDelete
  22. //නීතිය සාධාරණ නැහැ//

    මුස්ලිම් නීතිය සාදාරන නැහයි කියල දකින ඔබ මුස්ලිම් නීතියක් බල නොපැවැත්වෙන අපේ රටේ බලපැවැත්වෙන නීතියේ සාදාරන බවක් ඔබ දකිනවද​? නීතිය මොකක් වුනත් එය හසුරුවන්නා සාධාරන නැත්නම් ඕනෑම නීතියක් අසාධාරනයි බවයි මගේ අදහස​.



    නමුත්, අද ෂරීයා නීතියේ නාමයෙන් සමහර රටවල බලපැවෙත්වෙන අන්තෝනමතික නීතියන් හරහා කෙරෙන අසාදාරනකම් පිලිබඳව මාද ඔබ සමඟ එකඟයි. නියම ෂරියා නීතිය දරදඬුයි නමුත් සර්ව සාධාරනයි. ෂරියා නීතිය අකුරටම ක්‍රියාත්මක වන තැන වැරදි කරන්නාට මිස සෙස්සන්ට අහේනියක් නොවන බව තේරුම් ගන්න​. අවාසනාවකට ෂරියා නීතිය වුනත් සර්ව සධාරනව​, දේවබියව බලපැවැත්වෙන රටක් අද ලෝකයේ තිබෙනවාද කියා මට සිතන්න අමාරුයි. ෂරියා නීතිය අකුරටම බලපැවැත්වුනු වකවානුවක් මා සඳහන් කරන්නම් හැකිනම් අන්තර්ජාලය තුලින් අදහස් ලබා ගන්න​. ඒ ඉස්ලාමයේ දෙවෙනි කලීෆා වන 'උමර් ඉබ්නු කත්තාබ්' යන එවක මුස්ලීම් වරුන්ගේ නායකයාගේ රාජ්‍ය සමයයි.

    //ආගමික නිදහස නැහැ//

    ආගමික නිදහස නැහැයි කියල ඔබ බොහෝ විට අදහස් කරනවා ඇත්තේ සෞදි අරාබිය ගැනයි. සෞදි අරාබියේ පුරවැසියන් වන්නේ 100% ම මුස්ලිම් වරුන්‍ය​. සෙස්සන් ප්‍රවාසිකයොන්‍ය​. ඒ නිසා එහේ නීතිය හැදිලා ඇත්තේ සියල්ල මුස්ලීම් යන පදනමේ සිටයි. ඒ හේතුවෙන්ම මුස්ලිම් හැර අනික් ඇදහීම් ගැන සැලකිල්ලක් නොදක්වනවා ඇති. පුරවැසියාට හිමි වරප්‍රසාද ඒ ලෙසම ප්‍රවාසිකයන්ට හිමි නොවන බව කොයි රටටත් පොදුයි නේ. ඔබ මැලේෂියාව වැනි රටක් බලන්න, එහි පුරවැසිභාවය ලත් මුස්ලීම් නොවන්නන්ට ආගමික නිදහස තිබෙනවා නේද​? කෙසේ නමුත්, ආගමක් ඇදහීමේ පරම අයිතිය බුක්ති විඳින්න කොයි කවුරුත් නිදහස ලබා දිය යිතු බව මගේත් අදහසයි.

    *මුස්ලීම් වරුන්ට ප්‍රජා අයිතියක් තිබිය දීත් 'දඹුල්ල' බෞද්ධ පූජා භූමියක් යන කාරනය නිසානේද එහි ඇති මුස්ලිම් පල්ලිය ඉවත් කරන්න උත්සාහයක් ගැනෙන්නේ.

    //ඇඳුම් ඇඳීමේ , අධ්‍යාපනයේ නිදහස (කාන්තාවන්ට) නැහැ.//

    ඉස්ලාමීය විශ්වාසයට අනූව කෙටි ජීවිතයක් වන ලෞකික ජීවිතය සිපිරි ගෙයක්, මෙහි ජීවත් විය යුත්තේ අනුමත රාමුවක් තුලයි. ඒ කැපකිරීම වෙනුවෙන් ලැබෙනා ඉතා අගනා ජීවිතයක් අප සඳහා සූදානම් කර ඇති බව මුස්ලීම් වරු වශයෙන අපි විශ්වාස කරමු. ඒ නිසා අප ( නමින් පමනක් නොවන සැබෑ මුස්ලිම් භක්තිකයා ) බලාපොරොත්තු වෙන ඒ ජීවිතය ලබා ගැනීම සඳහා ලෞකිකව අප විඳින අපහසුතාවයන් අප කැමැත්තෙන්ම විඳ දරා සිටිමු. ඔබලාට නොපෙනුනාට භක්තිවන්ත මුස්ලීම් කාන්තාවන් ඒ ඇඳුම් අඳින්නේ ස්ව කැමැත්තෙන්මය​. අනෙකුත් රටවලට සාපේක්‍ෂව මැදපෙරදිග රටවල කාන්තාවන් ලිංගික අතවරවලට ලක් වීම අවම බව ඔබ මා සමඟ එකඟ වේ යැයි සිතමි.

    අධ්‍යාපන නිදහස ගැන තහනමක් තිබෙන බවක් මා එකඟ නෑ, නමුත් වරදේ පැටලීමේ අවධානය නිසා වැඩිදුර ආරක්‍ෂාව පතාත්, බොහෝ විට මුස්ලීම් කාන්තාවන් කොපමන ඉගෙන ගත්තත් අවසානයේ නවතින්නේ නිවසි කාන්තාවක් ලෙස නිසාත් එම දෙමාපියන්ම ඔවුන්ගේ වැඩි දුර අධ්‍යාපනය ගැන තැකීමක් නොදක්වයි. ඔබට වෙනසකට පෙනුනට මුස්ලීම් වරුන්ට එය සාමාන්‍ය දෙයක්. මේ ගැන අඳෝනා නගන මුස්ලීම්වරුන් සිටියොත් ඔවුන් ආගමේ හරය හරි හැටි නොදන්නා අය බවයි කිව යුත්තේ. කෙසේ නමුත්, අධ්‍යාපනයට සීමාවක් ආගමෙන් පනවලා නැති බව නම් නිසැකවම කිව හැකියි.

    //අන්මත දරන්නන් ඉවසන්නේ නැහැ//

    අන්මත දරන්නන් ඉවසන්නැත්තෙ මුස්ලීමුන් පමනක් නොවෙයි තමන්ගේ මතයට විරුද්දව මතයක් ඉදිරිපත් වෙනකොට තර්කෙට යෑම කාටත් පොදුයි.

    //දැන් අන්ත වාදීන් වර්ධනය වෙනවා//

    අන්තවාදීන් වර්දනය මුස්ලීම් වරුන් තුලින් පමනක්ද ඔබ දැක්කේ. සාපේක්‍ෂව, පවතින කාලයේ බෞද්ධ අන්තවාදය ඉතා ඉහල බව ඔබ පිලි ගන්නේ නැද්ද​? කෙනෙක් අන්තයට තම ආගම ඇදහීම හෝ ඒ පිලිබඳව කටයුතු කිරීම වැරැද්දක් බවක් මා දකින්නේ නෑ, නමුත් ඒ අන්තවාදය ත්‍රස්තවාදයක් කරා ගෙන යෑමයි වැරද්ද​.

    //මුස්ලිම් වරු ආගමික උනාට ප්‍රශ්නයක්ක් නැහැ අන්තවාදී නොවී//

    මේ වැකිය මුස්ලීම් වරුන්ට පමනක් නොවී කාටත් පොදුයි නේද?

    සාමකාමී මුලිම් භක්තිකයා

    ReplyDelete
  23. ඔබ වැනි අදහස් තියෙන මුස්ලිම් අය බහුලව ඉන්නවා නම් කිසිම අන්තවාදයක්ක් ඇතිවන්නේ නැහැ.

    බුදුදහම අනුව කෙනෙක් ආගමික වෙනවා කියන්නේ ඔහු අන්තවාදයෙන් ඈත් වන එකයි. නමුත් අල්ලා අදහන්නේ නැති අය මරන්න වැනි ප්‍රකාශ සහිත කුරානයක් පිළිගන්නා මුස්ලිම් අය ආගමික වෙනවා කියන්නේ අන්තවාදී වන එකයි.

    සිංහල කුරානයක් ඔන්ලයින් නැද්ද? කියවන්න ආසයි

    ReplyDelete
  24. ම​.ක​.සි@

    'අන්තවාදය' යන වචනයේ තේරුම මට පැහැදිලි කර දෙන්න ඔබට පුළුවන්ද​? මා අධ්‍යාපනය ලැබුවේ සිංහල වූ නමුත් මගේ මව් බස එය නොවූ නිසාසි සමහරවිට මා එය වැරැදියට තේරුම් ගෙන ඇති. මා එය තේරුම් ගෙන ඉන්නේ යමෙක් යමක් එහි 'අන්තයට' කරනවා බවයි. එය 'ත්‍රස්තවාදය' හෝ එයට ආසන්න නොවන නිසා එහි වැරැද්දක් මා නොදුටුවෙමි.

    //අල්ලා අදහන්නේ නැති අය මරන්න//

    ''අල්ලාහ් ඒකීයෙක් බව පිලිගෙන ඉස්ලාම් වෙන්න​, නැතිනම් 'ජිzසියා' නැමැති බද්ද ගෙවන්න එයත් බැරි නම් යුද්දෙට සූදානම් වන්න'' යන අර්තයෙන් අන කරන ලෙස පහල වූ කුර්-ආන් වැකියක් තිබෙන බව ඇත්ත නමුත් එයට සමගාමීව මුස්ලීම් නොවන්නන් සමඟ සංහිඳියාවෙන් හැසිරෙන ලෙස මුස්ලීම් වරුන්ට අන කරන කුර්-ආන් වැකිද තිබේ. මෙය තරමක් බැරෑරුම් හා වගකීමකින් පැහැදිලි කර යුතු දෙයක්, එය කිරීම සඳහා මා සතු කුර්-ආනික දැනුම බොහොම අවමයි, කුර්-ආන් වැකි පැහැදිලි කර දෙන්න පුළුවන් කෙනෙක්ගෙන් අසා ඔබේ සැකේ දුරු කර ගන්න​. ඔබ එය කල යුතුමයි, වැරදි වටහා ගැනීම සිතට වදයක්.

    මේක වැරදි වැටහීමක් බව මා දන්න නමුත් එය වටහා දෙන්න තරම් දැනුමක් මට නැති එක ගැන මගේ සිත වද දෙනවා.. නබි වහන්සේගේ කාලයේ හා ඔහුගෙන් පසු නායක කම දැරූ 'අමීර්' නොහොත් කලීෆා වරුන්ගේ, බල ආදිපත්තිය තමන් සතුව තිබූ කාලයේ රටේ විසූ මුස්ලීම් නොවන්නන් හා සංහිඳියාවෙන් කටයුතු කර ඇති බවට ඉතිහාස ඇත​. ඒවා මෙතන ලියන්න මා සතුව ඒවායේ විස්තර නැත​, සොයාගන්න හැකිවුනොත් පසු දිනක මෙහි ලියන්නම්.

    ReplyDelete
  25. අන්තවාදය කියන වචනය සහ මුලධර්මවාදය සමාන තේරුම් තිබෙන දෙයක්. මෙයට අදාල ඉංග්‍රීසි වචනය fundamentalism එවිට ඔබට තේරුම පැහැදිලිවේවි.

    මුස්ලිම් අන්තවාදය හෝ මුලධර්මවාදය කියන්නේ කුරානය අන්තයටම පිළිගැනීම සහ අනුගමනය කිරීම. ලංකාව බහුතරය මුස්ලිම් වී මුලධර්මවාදය ක්‍රියාත්මකක වුනොත් වන්නේ කුමක්ද? ඔබම පිලිගන්නවා 'අල්ලාහ් ඒකීයෙක් බව පිලිගෙන ඉස්ලාම් වෙන්න​, නැතිනම් 'ජිzසියා' නැමැති බද්ද ගෙවන්න එයත් බැරි නම් යුද්දෙට සූදානම් වන්න'' කියා කුරාන් වැකියක් තිබෙන බව ඉතින් ඔය කුරාන් වැකිය ක්‍රියාත්මක කරනවා කුරානය පිළිගෙන එවිට බුදුදහම අදහන්නන්ට වනදේ තවත් කියන්න ඕන නැහැ නේ. මුස්ලිම් අන්තවාදය හෝ මුලධර්මවාදය කියන්නේ ත්‍රස්තවාදයේම මුහුණුවරක්.

    සියලු ආගම් සමග සහජීවනයෙන් සිටින කලීෆා වරු ඉන්න ඇති නමුත් අන්තවාදීන් සහජීවනය දෙසට යන්නේ නැහැ ලෝකයම ඉස්ලාම් වනකම්.

    ලෝකයේ සර්වබලධාරී අල්ලාට ඉහලින් කිසිවෙක් නැත්නම් අල්ලා අනුගමනය නොකරන පිරිසක් ලෝකයේ බිහිවන්නේ ඇයි?

    ReplyDelete
  26. ලින්ක් වලට ස්තුතියි. අනිවාර්යෙන්ම අවබෝදයක් ගන්න ඕන කුරානය ගැන. හිමින් සැරේ බලන්නම්.

    ReplyDelete
  27. @සාමකාමී මුලිම් භක්තිකයා
    මුස්ලිම් මුලධර්මවාදය ගැන සඳහන් පහත ලිපියට ඔබ එකඟද?
    http://www.urbandictionary.com/define.php?term=Islamic+Fundamentalist

    ReplyDelete
  28. ඉතා හොඳ පැහැදිළි කිරීමක්. මම දැක්කා සමහර බ්ලොග් වල කමෙන්ට් වල නිර්නාමිකයන් ඔබට අපහාස වෙන විදියට කතා කියලා තියෙනවා. ඒවායින් සැලෙන්න එපා

    ReplyDelete
    Replies
    1. අපහාස කලාට වැරදි තියෙනවා කියුවට ඒවා පෙන්වන්න ඔහු අසමත්. ඔබ නිර්නාමිකයන් ලෙස පැවසුවද එහි සිටින්නේ එක් අයෙකි. ඒ බව එම කමෙන්ට් සියල්ලේ භාෂා විලාශය එකම වීමෙන් සනාථ වේ.

      Delete
  29. //ඥානසාර වාදීන් ගේ හැසිරීම ඔය තත්වය තවත් වර්ධනය කරනවා//

    ඔබේ පෙර කොමෙන්ටුවේ දුටු මේ වැකිය කියවීමෙන් මට නම් ඇති වන්නේ තරමක වෙනස් අදහසක්, ඥානසාර වාදීන් බහුල වීමෙන් මුස්ලීම් වරුන්ට අපහසුතාවයන්ට පත්වෙන්න වෙන බව නම් ඇත්ත නමුත්, මා එයේ හොඳ පැත්තකුත් දකිනවා. නමට පමනක් මුස්ලීම් වී දේව අන නොතකා සැප පහසුවට, මරනය අමතක වී, අන්තෝනමතිකව ජීවත් වෙන මුස්ලීමුන්ට, උද්ගත වී තිබෙන තත්වය නිසා අනිසි බියක්/මරන බිය ඇති වී ආගම හරි හැටි පිළිපදින්න උත්සාහ කරාවී, වැරැදි හදා ගනීවී, 'සංහිඳියාවේ' තේරුම සොයන්න උත්සාහ ගනීයි. පොදු ස්තානවල හැසිරෙන සැටි ගැන සැලැකිලිමත් වෙයි. මරන බිය මනුස්සයාගේ සිත පිරිසිදු කරයි. සැවෝම නැති වුනත් යම් ප්‍රතිශතයක් හරී නිවැරදී මාර්ගය තේරුම් ගනීයි. කොටින්ම කියනවා නම් ඥානසාර වාදීන් මුස්ලීමුන්ට වෙස්වලාගෙන පැමිනි ආශිර්වාදයක්. ලාංකීය මුස්ලීමුන්ව, අල්ලාහ් විසින් පරීක්‍ෂනයට ලක් කිරීමක්. එය අපට අවශ්‍ය දෙයක්.

    එය එසේ වෙද්දී, ඥානසාර වාදීන් බහුල වීමෙන් බෞද්ධයාට මොනවද වෙන්නේ? පුනරුදය​? බොහෝ දුරට මොවුන්ට ආකර්‍ෂනය වන්නේ (හරි වනය නම්, ගොදුරු වන්නේ) අවුරුදු 15+- වෙන තරුණ​/ තරුණියන්. ඒ යකඩ කෑවත් දිරවන හොඳ, නොහොඳ, සත්‍යය අසත්‍යය නොතේරෙන වයස නිසයි' නාඹර වයස​' ඒ පුතා පියාගේ වචනෙට එරෙහි වන, පිටුපා යන වයසයි. අලුත් දෙයක්, වෙනසක්, විප්ලවයක්,විපර්‍යාසයක් දකින්න ප්‍රිය කරන වයසයි. තරුණයන්ට අමතරව අන්තගාමී ආකල්ප දරන​, යම් විටක මුස්ලීම්වරයෙක්ගේ පිළිකුල් කරන ක්‍රියාවකට ලක්වී සිත් තැවුල් වුනු වැඩිහිටියන්ද මොවුන්ට ගොදුරු වෙයි.

    මොවුන් ඉදිරිපත් වී ඉන්නේ කාවෙනුවෙන්ද? මොන හේතුවකටද​? කාගේ කොන්තරාත්තුවක්ද​? අරමුනු මොනවද? සිංහලයාට ඇති ආලය නිසාමද? නැත්නම් මුස්ලීමුන් පැටව් ගසන නිසා දීර්ග කාලීනව (ඔබේ ලිපියට අනූව ) බෞද්ධයන් සුළුතරයන් වීමේ අවධානයෙන් මිදීමටද​? ඉහත මතු වී ඇති කුකුසන්ට පිළිතුරු වහක් බහක් තේරෙන සැවෝම දන්නවා. ඒක ප්‍රසිද්ද දැන් රහසක්.

    චේතනාව හොඳයි කියල අපි ගත්තත්, ඔවුන් ප්‍රවර්දනය කරන්නේ බුද්ධාගමමද​? ඔවුන්ගේ දේශනයන්වල/චර්‍යාවන්වල බුදු වදන් ප්‍රතිනිරූපනය වෙනවද? අදටත් අහිංසාවාදයට උදාහරනයට ගැනෙන බුදුන්ගේ පැවැත ගැන පනිවිඩය සමාජගතවෙනවද​?

    එය එසේ නොවන බව හොඳ හැටි අපට ප්‍රදර්ශනය වෙයි. එසේ නම් ඉදිරියේ වෙන්නේ මොනවද​? අවුරුදු 15 පමන තරුණ පරපුර අවුරුදු 35ක් පමන වී තැන්පත් වයසට පැමිනෙන විට ඔවුන් ප්‍රාතමික අවදියේ දී උගත් ශීලයයි පසු කලක උපයොදාගත් දුශ්ශීලයයි අතර මැදි වී අතරමං වෙනවා නොවේද​? වයසේ අවසන් භාගය එලඹෙත්ම ඇති වෙන මරන බිය හා ඇතිවෙන හොඳ කල් ක්‍රියා කිරීමේ අභ්‍යාසයේ දී හොඳ නොහොඳ අතර ඔවුන් පැටලෙනවා නේද​? මන කැලඹෙනවා නේද​? සිත අයාලේ යනවා නේද​? උන්හිටි තැන් නැති වී සිත කලකිරී අලුත් දෙයක් ගැන සෙවීමේ සිතක් ඇති වෙනවා නේද​? එවිට ඔබ ලිපියේ පෙන්වූ වගුවේ ජන සංයුතිය වෙනස්වේ යයි ඔබ අදහස් කල දෙයට පරිභාහිර විපර්‍යාසයක් ඇති වෙන්න ඉඩ තිබෙනවා නේද​?

    මා මෙයින් අදහස් කරන්නේ ඥානසාර වාදීන් අදූරදර්ශීව​ මුස්ලීමුන්ට කරන​ විනයට වඩා විශාල විනයක් කරන්නේ බෞද්දයන්ටම බවයි. 'අඟේ ඉඳන් ඔලුව කනවා' යන කියමන මෙතෙන්ට ගැලපෙනවා.

    සාමකාමී මුලිම් භක්තිකයා

    ReplyDelete
  30. මා ඉදිරියේදී පොස්ට් එකකින් කියන්න බලාපොරොත්තුවූ කරුණු වල සාරාංශයක් තමයි ඔබ ඔය ලියලා තියෙන්නේ. මේ කමෙන්ට් එක සමග සම්පුර්ණයෙන් එකඟයි.

    මුස්ලිම් මුලධර්මවාදය ගැන සඳහන් පහත ලිපියේ අන්තර්ගතයට ඔබ එකඟද?
    http://www.urbandictionary.com/define.php?term=Islamic+Fundamentalist

    ReplyDelete
  31. //මුස්ලිම් මුලධර්මවාදය ගැන සඳහන් පහත ලිපියේ අන්තර්ගතයට ඔබ එකඟද?//

    සමහරක් කරුනු මත එකඟ වෙන්න වෙන තරමට මොහු ලිපිය හසුරුවලා තියෙනව​, ඉදිරිපත් කර තිබීමෙ ස්වභාවය වෛරයකින් පෙලෙමින් ඉඳ ලියා, තනිකරම ඉස්ලාමය පිළිබඳව වෛරය පැතිරවීමට ගත් උත්සාහයක්. ඔහු කී ඔය කරුනු ටිකම මුස්ලීම් වරයෙක් ලිව්වානම් සමහර විට එය ලෝකයට (කනපිට පෙරලා ) සාධනාත්මක එකක් ලෙස පනිවිඩ දෙන්න පුළුවන්. ඕක කියවන කාට වුනත් 'අල්ලාහ්' හෝ ඉස්ලාමය ගැන බිල්ලා, යක්‍ෂයා වැනි චිත්‍රයක් තමයි මැවෙන්නේ. ඒ ලියන්නාගේ හැකියාව​. මෙය ලියල තියෙන කෙනා එක්තරාවූ අන්තවාදියෙක් බව තේරෙන්නේ නැද්ද​? අනික් කාරනේ, පොදුවේම සිතක් තමන් ප්‍රිය කරන තාලේ දෙයක් ගැන වැඩි වැඩියෙන් දැනුම ලබා ගන්නයි කැමැති. එවනි දේ අඩංගු ලිපි කියවන කොට සිත කුල්මත් වෙයි. අකැමැති දේ සත්‍යයක් බවක් දැනුනත්, ඒ ගැන දැනගන්න සිත මැලි වෙයි. එය ඔබට මට කාටත් පොදුයි. අප හිස් සිතකින් යුතුවයි ඕනෑම දෙයක් සොයා බලන්න ඕනේ. ඔබ ඔය පිළිබඳව මද්‍යස්තව ඉඳ ලියල තිබෙන ලිපියක් කියවල බලන්න, එවිට ඔබට පැහැදිලි වෙයි.

    ReplyDelete
  32. කොහොම වුනත් හොඳින් හෝ නරකින් ලෝකයම ඉස්ලාම් කිරීම අරමුණු කරගත් ආගමක අන්තවාදය ත්‍රස්තවාදයක් වීම වලකන්න බැහැ මුස්ලිම් මුලධර්මවාදය ගැන එම ලිපිය මුස්ලිම් කෙනෙකු ලියුවොත් බොරු තමයි ලියන්න වෙන්නේ

    ReplyDelete
  33. කරුණාකර ඔබේ ප්‍රස්ථාර දෙක සඳහා යොදාගත් දත්ත වගු ඉදිරිපත් කරන්න.

    ReplyDelete
    Replies
    1. වාස් අත් අඩංගුවට – දස වධ දීලා
      නමින් ලිපියක් පළකර වෙන කෙනෙකුට පොලීසිය වධ දෙන ආකාරය ලියා එම ලිපියට ලින්කය දුන් පොර නේද මේ කතාකරන්න්නේ. මකසියෝ මේකාට ඕවා දෙන්න එපා ඔය යකා එම දත්ත වලින් උගේ වගේ වෙන ලිපියක් ලියාවි. සිංහල මුස්ලිම් මාරුකරලා බොරු කරයි.

      Delete
    2. රැඩිකල් උන් කියන්නේ මෙලෝ දෙයක් දන්නැතිව පොර වෙන උන් වගෙයි. අර JVP කාරයොත් ඔය වගෙයි. දාස් කැපිටාල් පොතවත් නොදැකපු උන්.

      Delete
    3. පළමු ප්‍රස්තාරය සඳහා
      Sinhala Muslim Other
      1881 1846600 193000 720000
      1891 2041000 207000 759000
      1901 2331000 240000 995000
      1911 2716000 280000 1111000
      1921 3016000 298000 1184000
      1931 3473000 342000 1491000
      1946 4621000 432000 1605000
      1953 5617000 537000 1944000
      1963 7513000 716000 2354000
      1971 9131000 899000 2659000
      1981 10979000 1094000 2774000
      1991 12437000 1297000 3091000
      2001 13805000 1604000 3135000
      2011 15174000 1910000 3180000
      2021 16678000 2275000 3225000
      2031 18331000 2710000 3271000
      2041 20148000 3228000 3317000
      2051 22145000 3845000 3364000
      2061 24340000 4580000 3412000
      2071 26753000 5455000 3460000
      2081 29405000 6498000 3509000
      2091 32319000 7740000 3559000
      2101 35523000 9220000 3609000
      2111 39044000 10982000 3661000
      2121 42914000 13081000 3712000
      2131 47167000 15582000 3765000
      2141 51843000 18560000 3818000
      2151 56981000 22108000 3873000
      2161 62630000 26334000 3927000
      2171 68837000 31367000 3983000
      2181 75661000 37363000 4040000
      2191 83160000 44505000 4097000
      2201 91403000 53012000 4155000
      2211 100463000 63145000 4214000
      2221 110421000 75215000 4274000
      2231 121366000 89592000 4334000
      2241 133396000 106718000 4396000
      2251 146619000 127116000 4458000
      2261 161152000 151414000 4521000
      2271 177125000 180356000 4585000
      2281 194682000 214831000 4650000
      2291 213980000 255895000 4716000
      2301 235189000 304809000 4783000


      දෙවන ප්‍රස්ථාරය සඳහා
      Sinhala Muslim Other
      1881 67 7 26
      1891 68 7 25
      1901 65 7 28
      1911 66 7 27
      1921 67 7 26
      1931 65 6 28
      1946 69 6 24
      1953 69 7 24
      1963 71 7 22
      1971 72 7 21
      1981 74 7 19
      1991 74 8 18
      2001 74 9 17
      2011 75 9 16
      2021 75 10 15
      2031 75 11 13
      2041 75 12 12
      2051 75 13 11
      2061 75 14 11
      2071 75 15 10
      2081 75 16 9
      2091 74 18 8
      2101 73 19 7
      2111 73 20 7
      2121 72 22 6
      2131 71 23 6
      2141 70 25 5
      2151 69 27 5
      2161 67 28 4
      2171 66 30 4
      2181 65 32 3
      2191 63 34 3
      2201 62 36 3
      2211 60 38 3
      2221 58 40 2
      2231 56 42 2
      2241 55 44 2
      2251 53 46 2
      2261 51 48 1
      2271 49 50 1
      2281 47 52 1
      2291 45 54 1
      2301 43 56 1

      Delete
    4. මුලික වූ දත්ත
      http://en.wikipedia.org/wiki/Demographics_of_Sri_Lanka

      Delete
    5. මේකට මම කලින් ලිව්ව එක වෙනත් තැනක තිබ්බා වුණත්, මෙතන කොමෙන්ට් කරන්නම්.... මකසිගේ ගණනය කිරීම් වැරදි නැහැ. නමුත් මට නම් ඇති වුණු ප්‍රශ්න ඒවා නෙමෙයි. සිංහල සුළු ජාතිය වනවිට රටේ ජනගහණය මිලියන 200 වගේ වෙනවා. අද වගේ දහගුණයක්. ලංකාව වගේ රටකට මේක කොච්චර ප්‍රායෝගිකද? මේ ජනගහණ වර්ධනයත් එක්ක රටක් වශයෙන් පවතින්න නම් ලංකාව අතිශය දියුණු තාක්ෂණය සහිත ශක්තිමත් ආර්ථිකයක සිටිය යුතු වෙනවා. රටක් විදිහට ඒ වෙනකොට අපට තියන ප්‍රධාන ප්‍රශ්නය ජනවර්ග වල අනුපාතය නම් වෙන එකක් නැහැ කොහෙත්ම. තව කරුණක් තමයි, දැනට සුළුතර ජනකොටසක සාපේක්ෂව ඉහල අගයක් ගන්නා මෙම වර්ධන වේගය, එම ජනවර්ගයේ වර්ධනයත් එක්ක පවත්වාගන්න පුලුවන්ද කියන ප්‍රශ්නය. මේ ඉතිං ස්වාභාවික වෙනසක් කියලා තමයි පිළිගන්න සිද්ධ වෙන්නේ. ඒ විදිහට ජනගහණය වෙනස් වෙන එක ගැන නීති දාලා වැඩක් නැහැ.

      Delete
    6. තිසර කී දේට යමක් එකතු කරනවා නම් - කළ යුත්තේ මෙහි දක්වා ඇති
      ආකාරයේ ස්ථිතික තත්වයන් උපකල්පනය කර නොවේ. ගතික තත්වයන්ට අනුකූල වෙන්නයි.

      මේ සියළු මොඩල්වල කාලය සලකන්නේ වෙනස් නොවන මානයක් ලෙසයි. කාලයත් සමගම එක් එක් විචල්‍ය වෙනස් වීම මෙහි සලකා ඇත්තේ කාලයෙන් පරිබාහිරව සිදුවෙනවා කියායි. මෙය මූලික වරදකි.

      මා දහයේ පන්තියේ ඉගෙන ගත්තු කාරණයක් තමයි - යම් ගහණයක ඝණත්වය පාලනය වෙන ක්‍රම දෙආකාරයක බව. ඒ ඝණත්ව ස්වායත්ත සාධක සහ ඝණත්ව පරායත්ත සාධක වශයෙනුයි. මේ මොඩල්වලදී සලකා ඇත්තේ ස්වායත්ස සාධක කිහිපයකින් සිුවෙන ඝණත්වය වර්ධනය පමණි.

      Delete
    7. @තිසර
      මම කරපු ගණනය කිරීම අනුව සිංහල සුලුජාතිය වෙන කාලයේදී ජනග්‍රහණය මිලියන 320 විතර එහෙම වුනොත් ලංකාවේ මධ්‍යන්‍ය ජන ඝනත්වය ආසන්න ලෙස වර්ග කිලෝමීටරයට මිනිසුන් 4800 කියා ලැබෙනවා. දැනට ඔය අගයට ආසන්න රටක් තියෙන්නේ Gibraltar කියන බ්‍රිතාන්‍යට අයත් වර්ග කිලෝමීටර් 7 ක රටක් එය කුඩා වැඩි නිසා අපි හොන් කොන් ගනිමු එහි දැනට ජන ඝනත්වය 6500 වගේ. ඔය වගේ අගයකට අවොත් ලංකාවේ කෘෂිකාර්මික ආර්ථිකයක් යටතේ නම් තියෙන්න බැහැ. නමුත් මිනිසුන්ට ඉන්න පුලුවන්. එච්චර ලොකුවට හිතන්න ඕන නැහැ දැනට ඉන්න අය වගේ 15 ගුණයකට ලංකාවේ ඉන්න අමාරු වෙන්න එකක් නැහැ.

      නමුත් ඔය අගය එන්නේ නැහැ කියලා මම පිලිගන්නවා. අනිවාර්යෙන්ම ජනග්‍රහණය වැඩිවෙන විට ඇතිවෙන අනෙක් ගැටළු නිසා එම වේගය අඩු වෙනවා එහෙම වේග අඩු වුනත් දැනට තියෙන මුස්ලිම් ලමයින් හැදීමේ නැබුරුව දිගටම තිබුනොත් සිංහල වර්ධන වේගයට ඉහලින් මුස්ලිම් වර්ධන වේගය පවතීවි. එහෙම උනොත් මුස්ලිම් අය වැඩිවෙනවා. අපිට කවදාවත් අනාගත අගය 100% නිවැරදිව කියන්න බැහැ. එසේ වුනත් අපට කීමට අවශ්‍ය දෙය ට ප්‍රමාණවත් ගණිත ආකෘතියක් යටතේ අදාල දෙය අධ්‍යනය කරන්න වෙනවා.

      මෙතනදී මගේ අරමුණ කුමක්ද කියා මම කලින් තැනක කියුවා මම එය නැවත මෙතන උපුටා දක්වනවා //ලංකාවේ සිංහල හා අනෙකුත් සියළු ජනවර්ග ප්‍රතිශත 1911 සිට 2011 දක්වා විචලනය පෙන්වන වගුවක් පෙන්වා සිංහල ජාතිය දිගටම වර්ධනය වන බව පෙන්වීමට චානුක ගත් උත්සාහය වරදිබව පෙන්වීම මෙම ලිපියේ අරමුනයි. සිංහල, මුස්ලිම් සහ වෙනත් ජන ප්‍රතිශත නොගෙන සිංහල සහ වෙනත් ගැනීමෙන් සිංහල මෙන්ම මුස්ලිම් ජන ප්‍රතිශතයට වැඩිවන බව සැඟවීම සහ සිංහල ජනප්‍රතිශතය දිගටම වැඩිවී සිංහල සුලුජාතිය නොවන බව පෙන්වීම ඔහුගේ වෑයම වේ. එය වැරදි බව පෙන්වා දැනට ඇති ජන වර්ධන වේගයෙන් දිගටම ජන ග්‍රහණ වර්ධනය වේනම් සිංහල ජන ප්‍රතිශතය වැඩිවෙමින් පවතින්නේ තව දශක කිහිපයත් බවත් ඉන්පසුව දිගටම සිංහල ජන ප්‍රතිශතය අඩුවන බවත් පෙන්වීම මගේ වෑයම වේ..// සරලවම කියනවා නම් දැනට සිංහල වැඩිවෙන වෙගයට් වඩා මුස්ලිම් අය වැඩිවන වේගය වැඩියි. වේග නියත වුවත් නැතත් සිංහලයාට වඩා මුස්ලිම් අයගේ ළමයින් හැදීමේ නැබුරුවක් ඇත්නම් කවදාහෝ ඔවුන් සිංහලයන් ඉක්මවන බවයි ඔය කතාව චානුක වත්තෙගමට සහ මාතලන්ට සහ ඔවුන්ගේ දැක්ම වෙනුවෙන් කඩේ යන අයට නොපෙනුනාට මුලික ගණිත දැනුමක් සහිත 3 ශේණියේ ළමයකුට පවා තේරෙන දෙයකි.

      Delete
    8. @තිසර
      //මේ ඉතිං ස්වාභාවික වෙනසක් කියලා තමයි පිළිගන්න සිද්ධ වෙන්නේ. ඒ විදිහට ජනගහණය වෙනස් වෙන එක ගැන නීති දාලා වැඩක් නැහැ.///

      බොහෝ අය හිතන්නේ මුස්ලිම් අය වැඩිපුර ළමයින් හදලා ප්‍රමාණය වැඩිකර ගන්නවා නම් අපිත් ළමයින් වැඩිපුර බෝකරන්න ඕන නැත්නම් මුස්ලිම් අය ඝාතනය කරන්න ඕන වගේ අදහස් වල වෙන්න පුළුවන්. ළමයින් වැඩිපුර හදන එක ප්‍රයෝගික නැහැ මුස්ලිම් අය ඝාතනය කරන එක අපේ ආගමට ගැලපෙන්න්නේ නැහැ ඒ වගේම මානුෂික නැහැ. ළමයින් හදන්න එපා කියලා නීති දැමීම හෝ වැඩිපුර හදන ළමයින්ට නොමිලේ ලැබෙන දීමනා නැවතීම හෝ රජයෙන් දඩ ගැසීම මම නම් අනුමත කරන්නේ නැහැ. එහෙම නම් යායුතු පාර කුමක්ද? අපට ඒව බලව කියන්න පුළුවන් ධර්මයක් තියෙනවා. අන්න එක තමයි යා යුතු පාර ඔක්කොම ගැටළු ඉවරයි.

      Delete
    9. @කතන්දර කාරයා
      කාලය ස්වායක්ත විචල්‍යක් නොකර පරායක්ත විචල්‍යක් කර ගණන් හදන්න මම නම් දන්නේ නැහැ එහෙම මොඩලයක් හදලා මේ සඳහා ගණනක් හදා පල කරන්න. එහෙම ගණිතයක් තියෙන්නේ ආචාර්ය නලින්ද සිල්වා මහතා ළඟ නේ.

      ඝණත්ව පරායත්ත සාධක නම් බොහෝ විට ගහන දෙකටම එක විදියට බලපානවා නමුත් ගහන දෙකේ ආකල්ප මය වෙනස නිසා දැනට වැඩි වේගය දරන්න වැඩි වේගයක් සහිතව පස්සේ ඉන්න සම්භාවිතාව වැඩියි.

      ලංකාවේ සිංහල හා අනෙකුත් සියළු ජනවර්ග ප්‍රතිශත 1911 සිට 2011 දක්වා විචලනය පෙන්වන වගුවක් පෙන්වා සිංහල ජාතිය දිගටම වර්ධනය වන බව පෙන්වීමට චානුක ගත් උත්සාහයෙදී එම මොඩලයේ වැරද්දක් නොපෙනීම කනගාටුවට කරුනක්. ඔබලාට පෙන්නේ ඔබලා දරණ අදහසට විරුද්ද අදහසක් දරණ මොඩල වල නැති වැරදි පමණි.

      Delete
  34. Anonymous@

    මා ඉහත ප්‍රතිචාරයේ සඳහන් කලා සේ ආදාල බ්ලොගයේ ඇති ලිපියේ ඇති කරුනු ඔබ ප්‍රිය කරන සුළු ඒවා විය හැකියි. එය පිලිගන්න සූදානම් ඔබ 'මුස්ලීම් වරයෙක් ලිව්වොත් බොරුමයි ලියන්නේ' ලෙස කියන්නේ මුස්ලිම් වරයෙක් පැහැදිලි කිරීමේ ලිපියක් ලිව්වත් එය පිළිගන්න ඔබේ සිත සූදානම් නැහැයි කියන එකයි. අනික ඔබ කියූ පරිදි මුස්ලීම් වරයෙක් බොරු ලියලා තමන්ව සාධාරනීය කරන්න තනනවානම් ඔහු මුස්ලීම් වරයෙක් වෙන්න බැහැ. ඔහු කරන ඒ දේ ඉස්ලාමයට පටහැනියි.

    සාමකාමී මුලිම් භක්තිකයා



    ReplyDelete
  35. //''අල්ලාහ් ඒකීයෙක් බව පිලිගෙන ඉස්ලාම් වෙන්න​, නැතිනම් 'ජිzසියා' නැමැති බද්ද ගෙවන්න එයත් බැරි නම් යුද්දෙට සූදානම් වන්න'' යන අර්තයෙන් අන කරන ලෙස පහල වූ කුර්-ආන් වැකියක් තිබෙන බව ඇත්ත// ලෙස ඔබම කුරාන් වැකියක් ඉදිරිපත් කළා එමගින් පැහැදිලිව පෙනෙනවා හොඳින් හෝ නරකින් ලෝකයම ඉස්ලාම් කිරීම කුරානයේ දැක්ම බව එහෙම අරමුණු කරගත් ආගමක් අන්තවාදය කරා යනවා කියන්නේ ඉහත සඳහන් කල කුරාන් වැකි ක්‍රියාත්මක වන එක. එසේ වනවිට මුස්ලිම් මුලධර්මවාදය(අන්තවාදය) ත්‍රස්තවාදයක් වීම වලකන්න බැහැ නේද? මම හිතනවා ඔබ ISIS ලා අනුමත නොකරනවා කියා.

    ReplyDelete
  36. @AnonymousSeptember 14, 2014 at 11:38 AM
    //කොහොම වුනත් හොඳින් හෝ නරකින් ලෝකයම ඉස්ලාම් කිරීම අරමුණු කරගත් ආගමක අන්තවාදය ත්‍රස්තවාදයක් වීම වලකන්න බැහැ//
    මගේ අදහසත් එයයි

    ReplyDelete
  37. මගෙන් හුවමාරු වූ ප්‍රතිචාර කිහිපයකින් ඔබ මගේ සිත හඳුනා ගැනීම ගැන සතුටුයි, ඔව් මම අයිසිස් සමඟ එකඟ නෑ. ඔවුන්ගේ ක්‍රියාවන් ඉස්ලාමයට පටහැනියි.

    //හොඳින් හෝ නරකින් ලෝකයම ඉස්ලාම් කිරීම කුරානයේ දැක්ම//

    කුරානයේ දැක්ම සියළු මනුස්සයන් අල්ලාහ් එකම හා මැවුම්කරුවා ලෙස පිලිගැනීමයි. නමුත් 'නරකින්' කියන වචනය ආදාල වෙන්නේ නෑ. මම ''අල්ලාහ් ඒකීයෙක් බව පිලිගෙන ඉස්ලාම් වෙන්න​, නැතිනම් 'ජිzසියා' නැමැති බද්ද ගෙවන්න එයත් බැරි නම් යුද්දෙට සූදානම් වන්න'' යන අර්තය දෙන කුර්-ආන් වැකිය පල කලේ එවැනි දෙයකුත් කුර්-ආනයේ සඳහන් වන බව කියන්නයි. ඒ සමඟම සහජීවනය සංහිඳියාව පිළිබඳව කුර්-ආන් වැකිත් තිබෙනවා බවත් මා සඳහන් කලා. ඔබ ඒවා ගැන කරුනට නොගැනීම මන්දැයි මට තේරෙන්නේ නෑ. මා පෙර සඳහන් කලා රාජ්‍ය බලය හිමි කලීෆා වරුන් අල්ලාහ් පිලි නොගන්නන් සමඟ සහජිවනයෙන් ඉඳලා තිබෙන බව​. ඉතින් ඒ කුර්-ආන් වැකිය අනූව පමනක් ඔවුන් කටයුතු කර තිබුනානම් අද අරාබිකරේ මුස්ලීම් හැරෙන්න අනිකුත් ආගමිකයන් ඉන්න විදිහක් නෑ නේද​? අදටත් ඔය සෞදි අරාබිය වැනි රටවල් හැරෙන්න අනිකුත් රටවල වෙනත් ආගම් අදහන අය තවමත් ඉන්නවා නේද​? අනිකුන් ඉස්ලාමය තුලට ඇද ගන්නේ කඩුව ඉදිරියේ බය ගැන්වීම් කරලා කියලා ඔබ සිතනවද​? එවනි පිලිවෙතක් ඉස්ලාමයේ නෑ සහෝ. අනිකුන් ඉස්ලාමය තුලට ඇදී එන්නේ ඉස්ලාමය ගැන පැහැදීමකින් අනතුරුවයි. ඔබට මා සුළු උදාහරනයක් මා පෙන්වන්නම්, යුරෝපයේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන ආගම ඉස්ලාමයයි, ඉතින් ඔවුන් ඉස්ලාමය පිළිගන්නේ කඩුව ඉදියේද​? 9/11 ප්‍රහාරයෙන් පසු ඇමැරිකාවේ ඉස්ලාම ව්‍යාප්තය තවත් වැඩිවුනා. තමන්ගේ රටට මුස්ලීම්වරුන්ගෙන් දරුනු ප්‍රහාරයක් එල්ල වී තිබියදීත් ඔවුන් එය පිළිකුල් නොකර තව තවත් ඉස්ලාමය තුලට ඇදී එන්න වුයේ ඇයි. ( 9/11 ප්‍රහාරය බුෂ් රෙජිමයේ තනිකරම නාටකයක් බව වෙනම කාරනයක් ) දැන් ඉන්න පෝප් වහන්සේට පෙර සිටී පොප් වහන්සේ තම කාලය අවසන් වෙන්න කලින්ම ඒ දූරයෙන් අයින් වුනේ හෝ අයින් කරනු ලැබූවේ මොන හේතුව නිසාද​? හේතුව මා කියන්නේ නෑ, ඔබම සොයා බලන්න​. මා මෙතන කියන්නේ බලෙන් ආගමට වද්දාගැනීමේ පිලිවෙතක් ඉස්ලාමයේ නැහැයි කියන එකයි.

    ReplyDelete
  38. //අයිසිස් සමඟ එකඟ නෑ. ඔවුන්ගේ ක්‍රියාවන් ඉස්ලාමයට පටහැනියි.// එසේම සියලු මුස්ලිම් මුලධර්මවාදීන්ගේ ක්‍රියා ඉස්ලාමයට පටහැනිකියා මම හිතමි. එසේම බුදුදහම වෙනුවෙන් ප්‍රචන්ධත්වය වපුරන පුද්ගලයන්ගේද කියා බුදු දහමට පටහැනිවේ. යම් ජාතියක හෝ ආගමක සිටින ප්‍රචණ්ඩත්වය වපුරන මුලධර්මා වාදීන් ගෙන් එම ජාතියේ හෝ ආගමේ සියලුම පුද්ගලයන් මැනීම වරදක් බව තේරුම් ගෙන.මුලධර්මවාදයට සහය නොදීම අපසතු වගකීමයි එය අප සැවොම තේරුම් ගත යුතුය.

    ReplyDelete
  39. There is a fundamental mistake in this calculations. It can be proved wrong easily.

    Take this simple example. A country has three races P, Q and R. For simplicity say the populations P = 50, Q = 50 and R = 100 (majority). Take individual growth rates as P => 6%, Q => 2% and R => 5% per annum.

    If you take only P and R it is clear one day P will be more than R despite its current smaller population because the growth rates are higher. This is the argument of this writer.

    Now take all three populations. After one year P = 53 Q = 51 and R = 105. so P+Q together is 104 and R is still 105 - more than that. so the argument of this writer is wrong. You should take all parties concerned together and not individually. Taking just two communities individually will be misleading.

    Work out with other number and see if you don’t believe.

    ReplyDelete
    Replies
    1. //If you take only P and R it is clear one day P will be more than R despite its current smaller population because the growth rates are higher. This is the argument of this writer.//
      අනිවාර්යෙන්ම එය තමයි තර්කය ප්‍රමාණය අඩු වුනත් වර්ධන වේගය වැඩි කෙනා කවදා හෝ බහුතරය වෙනවා වර්දන වේගය දිගටම අනන් අයට වඩා වැඩිපුර තියාගන්නවා නම්. එම තර්කය නිවැරදියි.

      Now take all three populations. After one year P = 53 Q = 51 and R = 105. so P+Q together is 104 and R is still 105 - more than that.

      ඔබ කියපු වේග සහ ජන සංඛ්‍යා අනුව වසරක් 2 තුල P සහ Q එකතුව R ඉක්මවන්නේ නැහැ ඔබ ඔය ගණනය කිරීම අවුරුදු 65 සඳහා කරන අවුරුදු 66 වසරේදී P+Q එකතුව R ඉක්මවනවා. එම ගණනය යට වෙනම කමෙන්ට් එකක දක්වන්නම්

      //You should take all parties concerned together and not individually. Taking just two communities individually will be misleading.//
      සිංහල වර්ධනයට තියෙන සාධක මුස්ලිම් අයට වඩා වෙනස් ඒවාට වඩා දෙමල අයගේ වෙනස් ඔවුන් ඉන්නේ සමාජ 3 ක. ඔවුන්ගේ වර්ධනය ගණිතමය වශයෙන් කියුවොත් ශ්‍රිත 3 ක් මත රඳාපවතින සංඛ්‍යා 3 ක්. එක එක ශ්‍රිතය වෙන වෙනම ගණනය කර තමයි සිංහල සහ මුස්ලිම් සහ වෙනත් ලෙස අරගෙන තියෙන්නේ. ඔබට මුස්ලිම් සහ වෙනත් ගන්නවා නම් එයට අදාල අගයන් වෙන වෙනම ගණනය කර එකතුව ගන්න ඕන ඔබ P+Q එකතුව ගත්තා වගේ. ඔබට P+Q ගන්න වෙන්නේ P සහ Q වෙන වෙනම හොයලා එකතු කිරීමෙන් ඔබ කලින් කළා වගේ. ඔබත් කරලා තියෙන්නේ වෙන වෙනම හොයලා එකතු කිරීමක් තමයි මට බණ කියුවට.
      පුලුවන්නම් ඔය උදාහරණයේ P සහ Q වෙන වෙනම හොයනේ නැතිව එකවර හොයලා පෙන්වන්න.


      මෙන්න ඔබගේ උදාහරණයේ මම කියන විදියට P+Q අහය R ඉක්මවන හැටි
      P Q R P+Q
      53.00 51.00 105.00 104.00
      56.18 52.02 110.25 108.20
      59.55 53.06 115.76 112.61
      63.12 54.12 121.55 117.25
      66.91 55.20 127.63 122.12
      70.93 56.31 134.01 127.23
      75.18 57.43 140.71 132.62
      79.69 58.58 147.75 138.28
      84.47 59.75 155.13 144.23
      89.54 60.95 162.89 150.49
      94.91 62.17 171.03 157.08
      100.61 63.41 179.59 164.02
      106.65 64.68 188.56 171.33
      113.05 65.97 197.99 179.02
      119.83 67.29 207.89 187.12
      127.02 68.64 218.29 195.66
      134.64 70.01 229.20 204.65
      142.72 71.41 240.66 214.13
      151.28 72.84 252.70 224.12
      160.36 74.30 265.33 234.65
      169.98 75.78 278.60 245.76
      180.18 77.30 292.53 257.48
      190.99 78.84 307.15 269.83
      202.45 80.42 322.51 282.87
      214.59 82.03 338.64 296.62
      227.47 83.67 355.57 311.14
      241.12 85.34 373.35 326.46
      255.58 87.05 392.01 342.64
      270.92 88.79 411.61 359.71
      287.17 90.57 432.19 377.74
      304.41 92.38 453.80 396.78
      322.67 94.23 476.49 416.90
      342.03 96.11 500.32 438.14
      362.55 98.03 525.33 460.59
      384.30 99.99 551.60 484.30
      407.36 101.99 579.18 509.36
      431.80 104.03 608.14 535.84
      457.71 106.11 638.55 563.83
      485.18 108.24 670.48 593.41
      514.29 110.40 704.00 624.69
      545.14 112.61 739.20 657.75
      577.85 114.86 776.16 692.71
      612.52 117.16 814.97 729.68
      649.27 119.50 855.72 768.78
      688.23 121.89 898.50 810.12
      729.52 124.33 943.43 853.85
      773.30 126.82 990.60 900.11
      819.69 129.35 1040.13 949.05
      868.88 131.94 1092.13 1000.82
      921.01 134.58 1146.74 1055.59
      976.27 137.27 1204.08 1113.54
      1034.84 140.02 1264.28 1174.86
      1096.93 142.82 1327.49 1239.75
      1162.75 145.67 1393.87 1308.42
      1232.52 148.59 1463.56 1381.10
      1306.47 151.56 1536.74 1458.03
      1384.86 154.59 1613.58 1539.44
      1467.95 157.68 1694.26 1625.63
      1556.02 160.83 1778.97 1716.86
      1649.38 164.05 1867.92 1813.44
      1748.35 167.33 1961.31 1915.68
      1853.25 170.68 2059.38 2023.93
      1964.44 174.09 2162.35 2138.54
      2082.31 177.57 2270.47 2259.88
      2207.25 181.13 2383.99 2388.37
      2339.68 184.75 2503.19 2524.43

      Delete
    2. What you do is called bluffing. You do the same mistake so you get the same results. I clearly said not to take each group seperately. So why do that? Add P and Q together. Take their combined expansion rate (4%) R is increasing at 5%. (P+Q) increases at 4%. Isn't this smiple enough? Work out and show me where the lines cross each other?

      Did you see your mistake now? Or you are still you do not have guts to accept it? But that is the truth. Bye!

      Delete
    3. ඔබගේ තර්කය ගණිතමය ලෙස වැරදිය. P සහ Q එකම අගයක් ගන්නා අවස්ථාවලදී පමණක් දෙකේම එකතුව 4% වැඩිවීමක් පෙන්වන නමුත් වෙනත් අගයන් වලදී එසේ නොහැසිරෙ.

      ඔබ මෙහෙම අගයන් ගත්තා
      P = 50, Q = 50 මේ දෙකේ වැඩිවීමේ සීග්‍රතා පිළිවලින් 6% සහ 2%එවිට වසරකට පසු
      P=53 , Q=51
      දෙකේ මුල් එකතුව 100 පසු එකතුව 104 නිසා ඔබ කියනවා P සහ Q හි සංයුක්ත වර්ධන වේගය 4% කියා ඔබ මෙතනදී P + Q හි වැඩිවීම සෙවුවේ වෙනවෙනම නම් ඉන් පසු වසර සඳහාද එම තර්කය වලංගු වේ
      එවිට
      P=56.18 , Q=52.02
      P + Q = 108.20
      පෙර වසරට වඩා P + Q හි වැඩිවීම 108.20 - 104 =4.2
      එම වසරේදී P + Q වැඩිවීමේ ප්‍රතිශාතය =(4.2 /104 )*100 = 4.03 %
      ඔබ හිතන පරිදි P සහ Q වෙනස් අගයන් ගන්නාවිට සංයුක්ත ප්‍රතිශතය කලින් අගයේම නියත නොවේ.

      //Take their combined expansion rate (4%) R is increasing at 5%. (P+Q) increases at 4%. Isn't this smiple enough? Work out and show me where the lines cross each other?// ඔබට පිළිතුර අවශ්‍ය පරිදි ඔබට වර්ධන සංයුක්ත වර්ධන වේග ගත නොහැක.

      //Did you see your mistake now? Or you are still you do not have guts to accept it? But that is the truth. Bye!// වැරැද්ද මගේ නොව ඔබ හිතන විදියේය. ඔබට සත්‍ය ලෙස පෙනෙන දෙය සත්‍ය නොවන බව ඔබට මෙය හොඳින් අධ්‍යනය කලොත් පැහැදිලි වෙවී.

      ඔබට මෙවරද මම කියන දෙය නොතේරේ නම් ගණිතය හොඳින් දන්නා කෙනෙක් ගෙන් මේ පිළිඹදව අසා දැනගන්න. අනුන් සමග වාද කිරීමට පෙර එයට අදාළ නිවැරදි කරුණ ඔබ ඉගෙන ගෙන සිටීම වඩා වැදගත්ය.

      Delete
    4. ඔබ අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙලින් එහාට ගණිතය ඉගෙන නැතිබව හොඳටම පැහැදිලියි. ඔබට සාමාන්‍යපෙළ මට්ටමේ වත් ගණිත දැනුමක් නැත.
      ඔබ කියන විදියට වෙනස්වීමේ ප්‍රතිශත දෙකට සංයුක්ත අගයක් ගෙන එම අගය නියතයි සලකා ගණනය කිරීම සම්පුර්ණයෙන් වැරදි ක්‍රමයකි. සාමාන්යෙන් මෙවැනි දෙයක් ගණනය කරන විට වෙන් වෙන්ව ගණනය කර එකතුව සෙවිය යුතුය. ගණිතයේ නියම ක්‍රමය එයයි. මම ගණිතමය ලෙස ඔබ වැරදි ඇයි සරලවම පෙන්වා දුන්නා. ඔබට එය තේරුම් ගත නොහැක්කේ ඔබට සරල ගණිත සංකල්ප පිළිඹඳ අවබෝධයක් නැතිකමයි. ඔබ මෙහි නිවැරදිතාව පිලිම්බන්දව අඩු තරමින් සාමාන්‍යපෙළ ගණිත ගුරුවරයෙක්ගෙන් හෝ අසා දැන ගන්න. කරුණාකර සංවාදයක් ගෙනයන විට ආචාරශීලී වන්න. හැදියාවක් මෙන්ම කිසිදු දැනුමක් නැති මෝඩයෙක් වගේ අන් පුද්ගලයන්ට අපහාස කිරීමෙන් වලකින්න. ඉංග්‍රීසියෙන් ලියන්න කියවන්න දත් පමණින් මහත්මයකු විය නොහැක. ඔබ මේ ගැන ගණිතය දත් කෙනෙක්ගෙන් අසා දැනගත් විට ඔබ මෙතන කල මේ අශෝබන හැසිරීම පිළිබඳව ලජ්ජාවට පත්වනු ඇත. එවිට ඔබ ඉහත සඳහන් කල පහත ප්‍රකාශය 100% ගැලපෙන්නේ ඔබටම ගැලපෙන බව අවබෝධ වනු ඇත.
      You are doing the same mistake and even fail to understand it. And it is others fault! Get a life man!! If you don not know simple maths go and learn. Pity that our education system developes idiots like you.

      Delete
    5. @මහා කළු සිංහලයා
      I think he cannot understand Sinhala. Your explanation is correct. I think he is a real idiot.

      Delete
  40. බ්ලොග් එකකුත් ලියන්න ප්‍රොෆයිල් එකක් හැදුවානම්.

    ReplyDelete
  41. ම.ක.සි.

    මෙයට අදාල වගුව කමෙන්ට් එහෙක දන්න මම දන්නෙ නෑ. ඒ නිසා කමෙන්ට් එක පබ්ලිෂ් කරන විදිය ඔබ තීරණය කරන්න.

    මම ඔය වගුවෙ තීන දත්ත ගත්තෙ විකියෙ මෙන්න මෙතනින්.

    වඩා පහසුව මම "ලාංකික දෙමළ සහ ඉන්දියානු දෙමල " එකට දැම්ම. ඒ එක්කම ඉන්දියානු මුවර්" නම් 1971 දක්වා වෙන දක්වා තිබූ ජන කොටස "වෙනත්" යන ගොන්නට ඇතුල් කරා.

    දැං මේ වගුව අනුව පැහැදිලියි සමස්ථ ජන ඝහනයම සලකල, සියළු ජන වර්ග වල වර්ධනය සැලකිල්ලට අරගෙන බැලුවත් "වර්ථමාන වර්ධන වේගය ඉදිරි වසර 80 තුල වෙනස් නොවේය" යන උප්කල්පනය මත ගණනය කරාම, දෙදාස් එකසීයෙදි සිංහලය සුළු ජාතියක් වෙන බව.

    දැ න් මේ ගණනයෙ තීන වැරදි හෝ අඩුපාඩු හැටියට මම දකිණ ප්‍රධාන දේ තමයි අර කිව්ව වෙනස්වීමේ අනුපාතය නියත ලෙස සැලකීම.

    චානුක තමන්ගෙ කමෙන්ට් කරල තිබ්බ "ඉදිරියේදි ලංකාවෙ ජනඝහන වර්ධනය සෘන වෙන්නත් හැකිබවට පුරෝකතනය වෙලා තීනව, ජනඝහනය අතින් සංතෘප්ත නිසා මේ වර්ධන අනුපාත ඉදිරියට පවතින්නෙ නැත" කියල.

    ඔව් ඒක වෙන්න ඉතාම ඉඩ තීනව. නමුත් ඒ එහෙම් වෙන්නෙ කුමන ජන වර්ගයද? බොහෝ විට එහෙම වර්ධන වේගය අඩුවෙන්න ඉඩ තියෙන්නෙ සිංහල සහ දෙමළ. එතනදිත් "ලංකා දෙමළ" නම් උතුරු නැගෙනහිර පිරිස.

    මොකද සිංහල ජන කොටසට සහ උතුරු නැගෙනහිර දෙමළ කොටසට තමයි වැඩි පුරම ආර්ථික සහ දේශපාලනික ප්‍රශ්ණ වලින් තැලෙන්නෙ. ඒක එහෙම උනොත්, සිංහල සුළු ජාතිය වෙන එක තවත් වේගවත් වෙනව.

    එතකොට ඔයිට අමතරව සිවිල් යුධ ප්‍රශ්ණ වගේ දේත් සිදුවෙන්න පුලුවන්. එහෙම තත්වයකිදිත් අදල ජන කොටස සහ සිංහල ජන කොටසෙ වර්ධනයට තමයි ඒකත් බලපාන්නෙ.

    දැං ඔය කොයි විදියට ගත්තත්, අනාගතෙ සිංහල ජන සංක්‍යාවට මුස්ලිම් ජන සංක්‍යාවෙන් තර්ජනයක් එල්ල වෙනව.

    ඒ වගේම අපි හිතුවත් මේ මුස්ලිම් ගහනය සංක්‍යාත්මකව තව වසර සීයකටවත් වැඩිවෙන්නෙ නෑ කියල වෙනත් හේතු නිසා වෙන ජන වර්ධනයෙ අඩාලවීම් නිසා.

    නමුත් වර්ධනය වෙන ලාංකික මුස්ලිම් ජන ඝහනය පැහැදිලිවම අනාගත දේශපාලන සහ ආගමික සමගියට ලොකු බලපෑමක් කරනව. දැන් ලංකාවෙ ඉන්නෙ මුස්ලිම් 11% උනාට, තීන්ත බුරුසුවෙ ඉඳල හලාල් කරන්නත්, එකක් හැර අනෙක් සියළු බැංකු වල වෙනම මුස්ලිම් බැංකු ක්‍රමයක් පවත්වගෙන යන්නත් සිද්ධ වෙලා තියෙනව.

    ඒ විතරක් නෙමෙයි, අවු 14 වැඩි මුස්ලිම් දැරියන්ට විවාහ වෙන්නත්, තුන්වරක් කියූ පමණින් නීත්‍යානුකූලව දික්කසාද වෙන්නත් වගේ, රටේ අනෙක් ජන කොටස් වලට නැති නීතිමය වරප්‍රසාද තියෙනව.

    එතනින් එහාට ගියාම නීති විද්‍යාලෙ සමත් වෙන ප්‍රතිශටහ් වෙනස් කිරීම, මුස්ලිම් ගම්මාණ මැදින් යන එන සිංහලයන්ට වෙන අපහසුතා, මුස්ලිම් ප්‍රදේශවල ඇති හෙල්මට් නැතුව පැදවීම, ලයිෂන් නැතුව රිය පැදවීම වැනි සාමාන්‍ය සිංහල ජන සමාජය තුල එලිපිට සිදු කල නොහැකි වැරදි සිදුවීම වගේ දේත් තීනව.

    තවත් පැත්තකින් දහස් ගණනින් පකිස්ථානු, මාලදිවයින් සහ ඉන්දීය මුස්ලිම් වරු ලංකාවට පැමිණ පදිංචි වීම සහ ජනාවාස ඇති කිරීම කියන දේත් තීනව.

    මේ සේරම නිසා ඉදිරියෙ සංක්‍යාත්මකව සිංහලයා සුළු තරයක් වීමට පෙරම මුස්ලිම් බලය සිංහලයා අභිබවනව. ඒක හොඳින් වර්ථමානයෙ දැනෙන්නෙ මුස්ලිම් ජනතාව බහුල ප්‍රදේශයක මායිමක හිටපු හෝ ඉන්න කෙනෙකුට විතරයි.

    අප් කල යුත්තේ "සිංහලයා දෙවනි වන්නේ නැතිය කියා ඉල්ලක්ම් හරඹ කොට තවත් නිදි වැදීම නොව, මේ අනතුර දෙස ජාතිවාදී නොවන, අන්තගාමී නොවන ඇසකින් බලා කල යුත්තේ කුමක් දැයි සාකච්ඡා කිරීමය.

    ( වගුව ම.ක.සි ට ගූගල් ප්ලස් හරහා ෂෙයා කර ඇත )

    ReplyDelete
    Replies
    1. තව දෙයක් තියෙනව. ලංකාවෙ සිංහලය සුළුතරය වෙන්නෙ අද තියෙන ජනඝහනය අට ගුණයකින් වැඩිවෙනකොට. අන්න ඒ තත්වය උදාවෙයිද? නැත්තං ඊට කලින් මේක යුද්ධෙකට මැදිවෙලා බලහත්කාරෙන් මුස්ලිම් වෙයිද, දෙකට කැඩිල විනාස වෙයිද කියන එක හිතා ගන්න බෑ!!

      Delete
    2. here is the table

      http://2.bp.blogspot.com/-vD308-8zsV4/VBgTRm8EPyI/AAAAAAAAAGs/pwxZp1jHo-Y/s1600/census.jpg

      Delete
    3. ඉන්දික උපශාන්ත විසින් තම කාලය කැප කර ගණනය කිරීමක් ඒවා තියෙනවා ඕන කෙනෙකුට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් ලෙස

      එම වගුව බැලීමට මෙතන ක්ලික් කරන්න.

      අවසාන යෙදී මතුවූ වැදගත් කමෙන්ට් එකක්. ඔබගේ මහන්සියට බොහොම ස්තුතියි. ලංකාව වගේ බහුජාතික රටක ජන ග්‍රහණ වර්ධනට බලපාන ආර්ථික සාමාජීය සහ ආකල්පමය සාධක ජාතිය අනුව වෙනස් වෙනවා එක නිසා එක් එක් ජාතීන්ට තියෙන්නේ වෙනස් වර්ධන වේග. එක නිසා අනාගත ජනග්‍රහණ අගයන් නිමානය කිරීමකදී අනිවාර්යෙන්ම එක් එක් ජාතිය සඳහා වෙන වේනම ගණනය කලයුතුයි. සමහර පුද්ගලයන් මතුකළ සිංහල වෙනමත් අන්ජාතීන් සියල්ල වෙනමත් එක් එක් කර ගණනයක් කරන්න බැහැ. ඒ බව ඔබගේ සිංහල හැර වෙනත් ජන වර්ධන වේගය නියත නොවීමෙන් කලින් කමෙන්ට් එකේ ඇනෝ කල තර්කය අහෝසි වෙනවා. ජන වර්ධන වේගයන් ගණනයට කල උපකල්පන වෙනස් නිසා ඔබට ලැබෙන පිළිතුර මගේ පිළිතුරෙන් වෙනස්වී තිබෙනවා. අප දෙදෙනාගේම ගණනයන් ගෙන් පෙනෙන්නේ එකම කරුණයි එනම් චානුක පවසන ලෙස අනෙක් ජාතීන්ට සාපේක්ෂව සිංහල ජාතිය දිගටම වර්දනය වීම නොව. එහි පරස්පරය වන කරුණයි.

      //අප් කල යුත්තේ "සිංහලයා දෙවනි වන්නේ නැතිය කියා ඉල්ලක්ම් හරඹ කොට තවත් නිදි වැදීම නොව, මේ අනතුර දෙස ජාතිවාදී නොවන, අන්තගාමී නොවන ඇසකින් බලා කල යුත්තේ කුමක් දැයි සාකච්ඡා කිරීමය.// අනිවාර්යෙන්න්ම විය යුත්තේ මෙයයි නමුත් බහුතරය කරන්නේ මෙවැනි සාකාච්චා දෙස ජාති වාදී කෝණයකින් බලා මගහැර යාමයි. මෙම ලිපිය කියවපු අයගෙන් කමෙන්ට් කර ඇත්තේ 5% අඩු පිරිසක් වීමෙන් ඒ බව සනාථ වේ.
      අනිවාර්යෙන්ම අපි කල යුත්තේ අනාගතයේ වන කරුණු ජාතිවාදයෙන් තොරව විසඳන මං සෙවීමයි. නැත්නම් නුදුරු අනාගතයේම ISIS වැනි ඉස්ලාමිය ත්රස්තවාදීන්ගේ නවාතැන් පොලක් බවට ලංකාව පත්වනු නොඅනුමානය.

      //තව දෙයක් තියෙනව. ලංකාවෙ සිංහලය සුළුතරය වෙන්නෙ අද තියෙන ජනඝහනය අට ගුණයකින් වැඩිවෙනකොට. අන්න ඒ තත්වය උදාවෙයිද? නැත්තං ඊට කලින් මේක යුද්ධෙකට මැදිවෙලා බලහත්කාරෙන් මුස්ලිම් වෙයිද, දෙකට කැඩිල විනාස වෙයිද කියන එක හිතා ගන්න බෑ!!// එහෙම අවදානමක් ඇතිවෙන්න හැකියාවක් ඇති බව ඉස්ලාමය වර්ධනයක් සමග ත්රස්තවාදය මතුවන අනෙක් රටවල් දෙස බැලීමෙන් පැහැදිලිව අවබෝධ වේ.

      Delete
    4. //චානුක තමන්ගෙ කමෙන්ට් කරල තිබ්බ "ඉදිරියේදි ලංකාවෙ ජනඝහන වර්ධනය සෘන වෙන්නත් හැකිබවට පුරෝකතනය වෙලා තීනව, ජනඝහනය අතින් සංතෘප්ත නිසා මේ වර්ධන අනුපාත ඉදිරියට පවතින්නෙ නැත" කියල.//

      චානුක කියන විදියට ලංකාවේ ජනඝහනය අතින් සංතෘප්ත වෙලා ජන ග්‍රහණ වර්ධන වේග - අගයක් ගන්න කලින්. දැනට සිංහලයන්යේ පවුලකට සිටින ළමයි ගණන යන අගය දැනට ඇති අගයේ නියතව තිබුනොත් 1980 දශකයේ උපත්පාලනය ව්‍යාප්ත වෙන්න කලින් බිහිවූ දැනට සිටින සිංහල ප්‍රජාව මිය යාම සමග අනිවාර්යෙන්ම සිංහල ජන වර්දනය වේගය ඍන අගයක් ගන්නවා ඒ බව යකා සරල උදාහරණ මගින් පැහැදිලි කිරීමට කමෙන්ට් කර තියෙනවා.

      Delete
  42. අදහසට​ ස්තූතියි.

    ReplyDelete
  43. අන්වර් මනතුංග මහතා ගණිතය පටලවාගෙන ඇත ඔහු මුස්ලිම් ජනයාට වඩා වේගයෙන් සින්හල ජනයා වැඩි වන බව කියන්නේ කාලය සමග ජනන සංඛ්‍යා නිරූපිත වක්‍රයේ ආනතියෙනි(අනුක්‍රමනයේනි) සිංහයාගේ එම අගය වැඩි නිසා සිංහල ජනයා වේගයෙන් වැඩි වන බව පවසයි. ජන සංඛ්‍යා වර්දනය ගණනය කිරීමට බවිතා කරන්නේ වසරකට ජන ප්‍රමාණය වැඩිවීමේ සීග්‍රතාව නොව. වසරකට ජන ප්‍රතිශතය වැඩි වීමේ සීග්‍රතාවයයි. සිංහලයා දැනට විශාල ප්‍රමාණයක් සිටින නිසා වසරකට ඔවුන් වැඩිවන ප්‍රමාණය වැඩි වුවාත් ඔවුන් වැඩිවන ප්‍රතිශතය අඩුය එබැවින් කාලයක් ගතවන විට මුස්ලිම් අය සිංහල අය ඉක්මවයි. වාහන වල වේගය මනින විදියට ජන ග්‍රහණ වර්ධන වේගය මැනීමට යාම අන්වර් මනතුංග කල වරද්දයි.

    මේ ගැන විස්තර කිරීමට සරල උදාහරණයක් ගන්නම් සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව කියන්නේ තරඟයක යන වාහන දෙකක් යයි සලකමු. යම් මොහොතක සිංහල වාහනය යන වේගය මුස්ලිම් වාහනය යන වේගයට වඩා වැඩි වේ ඒ දැක අන්වර් මනතුංග කෑ ගහනවා. අනිවාර්යෙන්ම දිනන්නේ සිංහල වාහනය කියා. නමුත් සිංහල වාහනයේ තවරණයට(පිකප් එකට, ගැම්මට) වඩා මුස්ලිම් වාහනයේ තවරණය වැඩිය එබැවින් අනිවාර්යෙන් දිනන්නේ මුස්ලිම් වාහනය වේ.

    මෙම උදාහරණය අනුව ගත්තොත් අන්වර් මනතුංග සහ චානුක වත්තේගම තර්ක කරන්නේ වේගය සලකාය. ත්වරණය වන පද්ධතියක තවරණය නොසැලෙකීම ඔහු කල වරදයි. මේ ගැන මම, ඉන්දික උපශාන්ත(ඔහුගේ ගණනය බැලීමට මගේ බ්ලොග් එකේ ඔහු කල කමෙන්ට් එක බලන්න) සහ ජීවන ෆනැන්ඩො ගණනය කලේ තවරණය සහ වේගය සලකාය. එමගින් දල අදහසක්ක් ගත හැකි වුවත් සම්පුර්ණයෙන් නිවැරදි නොවේ. නමුත් දිනන්නේ පරදින්නේ කවුද කියා දල වශයෙන් කීමට මෙම ගණනය ප්‍රමාණවත් වේ. නමුත් හරියටම දිනන විට මුස්ලිම් වාහනය යන වේගය. එවිට එය සිංහල වාහනය පසුකර ගිය දුර(ලීඩ් එක) හරියට කීමට මෙම ගණනය ප්‍රමනවත් නොවේ. වැඩ නිවැරදි ගණනයක් කිරීමට නම්, වාහනයේ වේගය අනුව එන්ජිමේ ක්ශාමතාව විචලනය, එන්ජින් ධාරිතාව, මාර්ගයේ තත්වය, රෝද වල ස්වභාවය, වේගය අනුව වාහනය මත වායු ගතික බල ඇතිවන ආකාරය. වැනි බොහෝ සාධක ගත යුතුව ඇත. කෙසේ ගණනය කලත් කවාදාවත් 100% නිවරදි ප්‍රතිපලයක් ගත් නොහැක. ගණනයට යොදාගන්නා සාධය වැඩි වන විට පිළිතුර යාතර්තයට සමීප වේ.

    සාමාන්‍ය දැනුමක් සහිත කෙනෙකුට මේ දේ පැහැදිලි ක්කිරීමට මෙයට වඩා සරල ක්‍රමයක් මට නැත. ජන සංඛ්‍යාලේකන ගණනය බොහෝ දෙනෙකුට ආගන්තුක නිසා මම සරල(සාමාන්‍ය පෙළ මට්ටමේ) භෞතික විද්‍යා උදාහරණයක් ගත්තේ බොහෝදෙනෙකුට පැහැදිලි වන නිසාය.

    ReplyDelete
  44. This is my first time visit at here and i am genuinely pleassant to read all at alone place.


    Take a look at my web site :: Funny Cat Vine

    ReplyDelete