Wednesday, July 9, 2014

ඔබ සැමට අබ සරණයි!!! (#@#!@#! ^%$^$ @@##@$)

අබසරණයි කියන ප්‍රකාශය පසුගිය දිනවල ලොකු ආන්දෝලනයක් ඇතිකළා. සිංහලයන්ගේ සිංහල දැනුම පිළිඹඳ හෙළුව එමගින්ම ලස්සනට පේනවා. අබ කියන වචනයේ එක අර්ථයක් බුදුන් වන බව දන්නේ කීදෙනෙක්ද? අබසරණයි කියන ප්‍රකාශයේ නියම තේරුම් බුදු සරණයි කියන එකම බව දන්නේ නම් ඔය වචනය ගැන ලොකු කතාවක් යන්නේ නැහැ නේද? අපගේ භාෂා දැනුම ගැන ලජ්ජා වෙන්න ඕන.

කාටර් ශබ්ද කෝෂය අනුව අබ කියන වචනය යෙදෙන තැන්
1. අදස්න (page 24) අදසුන්, a. E. for P. අදස්සන, fr. අදර්‍ශන: invisible. අදස්න, n. mustard, අබ. අදහනවා, v. t. to believe in, trust in, worship; pret. ඇදහුවා; v. n. ඇදහීම.
2. අබ (page 49) අඵලකම, අ ඵලතාව, අ ඵලත්වය, n. unfruitfulness &c., ඵලනැතිකම &c., fallowness, පුරන් කම. අබ, n. cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of
3. අබ (page 49) n. unfruitfulness &c., ඵලනැතිකම &c., fallowness, පුරන් කම. අබ, n. cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ
4. අබ ඇටය (page 49) අබ, n. cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ කුප්පිය, n. mustard-cruet.
5. අබ ඇටය (page 49) cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ කුප්පිය, n. mustard-cruet. අබතුර. n. E. of
6. අබ කුප්පිය (page 49) අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ කුප්පිය, n. mustard-cruet. අබතුර. n. E. of අභ්‍යන්තරය: the inside, ඇතුළ. අබතුරු, n.
7. අබ පිටි (page 49) අබන්ධුර, a. unlovely, displeasing. E. S. අ බඳ, ad, continually, නිබඳ, නිතරම. අබ පිටි, n. mustard flour, ground mustard. අබ්බ, n. name of one of the hells; a number, ගණනක්.
8. අබ බෙහෙත් කඩ (page 49) පිටි, n. mustard flour, ground mustard. අබ්බ, n. name of one of the hells; a number, ගණනක්. අබ බෙහෙත් කඩ, n. mustard poultice, sinapism. අ බය, a. See අභය. අ බර, a. not heavy, light:
9. අබලුව (page 49) අබලිවෙනවා, v. i. to waste away, become feeble, බෙලහීන වෙනවා, perish, නාස්තිවෙනවා. අබ ලුව, n. lobe of mustard seed, අබපියල්ල. අබවස, n. E. of අභ්‍යවකාශ, open place, එළිමහන.
10. කටුක (page 145) කටුක, a. pungent, piquant, acrid, කුළු, කට දන; severe, painful, සැර. කටුක, n. mustard, අබ; compound of three pungent substances, viz. black pepper, long pepper and dried ginger. කටුකකම, කටුක රස, n. pungency &c. (see adj.), කුළු
11. ආසුරී (page 98) n. for ආශීවිෂයා. ආසුර, n. black salt, කළු ලුණු. ආසුරී, n. mustard, අබ. ආ සේචනය, n. (ආ on, සිච් to sprinkle), sprinkling, ඉසීම. ආ සේධය,
12. තීක්‍ෂණ•ගන්‍ධා, තීක්‍ෂණගන්‍ධිනී (page 260) n. acute person, precisian. තීක්‍ෂණ•ගන්‍ධා, තීක්‍ෂණගන්‍ධිනී, n. mustard, අබ. තීක්‍ෂණ•දෘෂ්ටි, a. lit. and fig. sharp-sighted, quick-sighted.
13. තීව්‍රා (page 261) තීත්‍රතාව, තීව්‍රය, n. sharpness &c. තීව්‍රා, n. medicinal plant, black mustard, කළු අබ; name of a river in Eastern Bengal, පද්මවති. තු, int. fie, shame.
14. පස්•මල් (page 370) වසවර්‍තතියා, අභි සංස්කාරය. See පංචමාර. පස්•මල්, n. pl. five kinds of flowers or flower-like substances, viz. හෙළ අබ, සුන්සාල්, දෑස මන්, ඊතණ, විලඳ. පස්•මස්, n. dry-ground food, viz. කුරක්කන්, which is not grown in a swamp.
15. රාජික, රාජිකා, රාජිය (page 535) n. (රාජ ආ:), royal seat, throne, සිංහාසනය. රාජික, රාජිකා, රාජිය, n. black mustard, අබ; field, පිට්ටනිය, row, range, පේළිය. රාජිත, a. (රාජ් to shine), shining, irradiated, resplendent,
16. වලයබරණය (page 568) sore throat, වණවූ උගුර inflammation of the throat, උගුර දැවිල්ල; army, යුද්ධ සේනාව. වලයබරණය, n. (•වලය අබ:), ring-ornament, viz. armlet, bangle, අත්වළල්ල වලයා, a. kind of fish. වලයිත, a. (වල
17. වැලබරණය (page 581) වැලපෙනවා, v. i. to utter lamentation, lament, wail, mourn; pret. වැලපුණා. වැලබරණය, n. (වැල් අබ:), row or string of jewels, as a necklace, bracelet &c. වැලමිට,වැලිමිට, n. elbow; pl. වැලමිටි, වැලිමිටි.
18. ශ්වේත•සර්‍ෂප (page 632) ශ්වේත•ශෝඵය, n. white swelling. ශ්වේත•සර්‍ෂප, n. white mustard, හෙළ අබ. ශ්වේත•සීස, n. white-lead, සුදු ඊයම්. ශ්වේත•හංසයා,
19. සරිෂප (page 663) සරි•ලනවා, v. t. to meet, find, receive, සම්බ වෙනවා; get, සම්බකරගන්නවා. සරිෂප, n. mustard, අබ. See ශර්‍ෂප. සරිසපයා, n. See සරිසෘපයා. සරීසෘපයා,
20. සිතසර්‍ෂප (page 679) සිතව්ව, n. confusion of mind, perplexity, සිත් වියවුල. සිතසර්‍ෂප, n. white mustard, හෙළ අබ. සිතාංකයා, n. (සිත white, අංක mark, spot), a species of fish, lacertus cincus.
21. සිදු•බිජු (page 680) සිදු•පෙණ, n. sea foam: see මුදුපෙණ. සිදු•බිජු, n. mustard seed, mustard, අබ. සිදුර, n. E. of ජීද්‍රය: hole, cavity, perforation; pl. සිදුරු.
22. හබ (page 714) v. c. of හපනවා: to cause to touch or strike against; pret. හැප්පුවා; v. n. හැප්පීම. හබ, n. mustard, අබ. හබක, n trap or snare, උගුළ; pl. හබක්. හබකරනවා, v. to dispute, quarrel,
23. අබ (page 735) අපත්‍ර, see පතුක්. අපරාජිත, see නිල්කටරොළු. අබ, mustard, Brassica juncea (Crucif.). අභය, see අරත්න and සැවැන්දරා. අභයා, see
24. අසුරී (page 736) අසිපත්‍ර, අසි•පත්‍රක, lit. sword-leaf: sugar-cane, Saccharum officinarum, උක්. අසුරී, black mustard, Sinapis nigra, see අබ. අසෝක, see අශෝක. අස්•කන්, E. of අශ්වකර්‍ණ.
25. කදම්බි, කදම්බික (page 740) a sp. of plantain. කදම්බි, කදම්බික, see කොළොම් and පොළොල්; also for mustard, Sinapis campestris, අබ. කදම්බි•පුෂ්පී, a medicinal plant, see මුඩමහණ. කදලී.

වැඩි විස්තර සඳහා මෙය බලන්න.
https://www.facebook.com/groups/SinhalaBasha/permalink/320645758101828/


36 comments:

  1. ඔය විච්චූරණ අදහස් විසි පහම බොරු.. ඒක නිසා ඒවා මං කියෙව්වවෙත් නෑ..

    අබ කියන එකේ තේරුම තමා = සාමකාමි විරෝධය පෑම

    ReplyDelete
    Replies
    1. දේශක කියන්නේ mustard වලට අබ කියුවත් වැරදි කියලනේ. අලුත් අර්ථදැක්වීම මගින් පරණ ඒවා ඔක්කොම override වෙලාද?

      Delete
  2. අයියෝ මකසි, අදනම් කම්මැලි හිතුන කියවන්න.

    ReplyDelete
    Replies
    1. තේරුම දැනගත්තා නම් ඒ ඇති. ඔක්කොම මම කියෙවුවෙත් නැහැ.

      Delete
  3. මට නම් තේරුණා මකසි, $**%%@@@&-=(=*-0()=&*(0&%#@&*-*##$*-=(=/(($$& නේද?

    මේක කියව ගන්න බැරි උනත් ටයි කො‍රපු මටත් අබ සරණයි.

    ReplyDelete
  4. කියවන්න කම්මැලි වගේ ..අයේ ඇවිත් කියවන්න ඕන ;)))))))))

    ReplyDelete
    Replies
    1. කියවන්න දෙයක් නැහැ අබ කියන එකේ එක තේරුමක් තමයි බුදු කියන එක.

      Delete
  5. බලාගෙන ගියාම අබ කියන වචනේ පුදුම භයානක වචනයක්නේ. ආපහු පාවිච්චි කරන කොට නම් මේ තේරුම් ඔක්කොම මතක් වෙයි.

    ReplyDelete
  6. අනේ මන්දා බං...එදා කිව්ව ඒ වචනෙට මේ තරම් අර්ථ විවරණ ලැබේවි කියලා මම නම් හීනෙකින්වත් හිතුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අබසරණයි කියපු සාදුවත් ඕක නොසිතන්න ඇති

      Delete
  7. කියවන්න නං බෑ මකසි.කියවන එකාටත් අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. වැඩිය කියවන්න එපා අබ = බුදු කියලා හිතුවානම් ඇති.

      Delete
  8. අනේ ගොනෝ ඉඳල ඉඳල ඇවිල්ලා දැම්ම මෙලෝ රහක් නැති එකක්..

    අබ සරණයි....ර්‍ර්‍
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ලබන පාර දානවා තමන්ගේ ඉඩම තනියෙම මනින විදිය කියලා දෙන ටියුටෝරියල් එකක් උබට අබ සරණම වෙන්න.

      හොඳ දෙයක් ලියන්න වෙලාවක් ලැබුනේ නැහැ. මුහුණු පොතේ සිංහල බස ගැන තියෙන ගෘප් එකක සාකච්චාවක ගිය දෙයක් බෙදාගත්ත එකයි කලේ.

      Delete
  9. අනේ මන්දා ඉතින් අපිට ලගදිම අබ සරණයි තමයි පේන හැටියට..

    ReplyDelete
  10. Replies
    1. අබ = බුදු වෙනවිට මඤ්ඤං නොවුනා නම් තමයි පුදුමේ.

      Delete
  11. වචනෙට තේරුං අම්බානෙට තියනව තමයි.. ඒත් ඒ වචනෙ භාවිතා වෙන වෙලාව එතකොට යෙදෙන තැන් සලකලා ඒ වචනෙ තේරුම් ගන්න ඕන...
    නැත්තං ඇත්තටම අබ සරණයි තමා..

    ඇත්තටම අබ සරණයි කියන එකට මකසි වෙනම අරුතක් දෙන්න හැදුවත් ඕ වචන චෙක වීදි නැත්තං ඉලංදාරි සංස්කෘතියෙ වචන දෙකක්... ඇත්තටම ඒ වෙලාවෙ ඒකෙ තේරුම වෙන්නෙ බුදු සරණයි වත් ඒ වගේ වෙන ප්‍රාර්ථනාවක් වත් නෙවී උට බබා හරි වගේ තේරුමක්...
    වීදි සංස්කෘතිවෙ වචන එහෙමත් නැත්තං ඉතංදාරි ශබ්දකෝශය ගැන කතා කරනව නං ඕන තරම් ලියන්න පුූලුවං
    ඒකට හොදම උදාහරණය තමා අපි යූස් කරන චාටර්(Charter) කියන වචනෙ...අපි ඒක යොදාගන්නෙ වෙනම තේරුමකින් වුණාට මලලසේකරය සහ ඔක්ස්ෆර්ඩ් දෙන්නෙ වෙනම අරුතක්...
    එහෙම බලපුවාම භාෂාවක් ගැන ඇත්තටම රාමුගත නිගමනයක් ගන්න බෑ...

    මකස් මේ කියපු දේට වැරැද්ද්ක් කීව නෙවෙයි...
    ඒත් අපි තේරුං ගන්න ඕන ඇත්තටම අවස්තාව මොකද්ද කියල

    ReplyDelete
    Replies
    1. ඕ වචන චෙක///
      ඕ වචන දෙක ලෙසත්...

      ඉතංදාරි ශබ්දකෝශය///
      ඉලංදාරි ශබ්දකෝශය ලෙසත්
      නිවැරදි විය යුතුය

      Delete
    2. අර සාදු අබසරණයි කියුවෙත් ඉලංදාරි ශබ්දකෝශය මගින් වුනාට. අදහස් කලේ වෙන දෙයක් වුනාට. කවුරුත් නොහිතපු විදියට අබසරණයි = බුදු සරණයි වෙලා නේ.

      Delete
  12. අබ සරණයි කියලා ගහපු බෝඩ් ටිකක් ප්‍රින්ට් කරානම්...ප්‍රයිවට් බස්වල එල්ලගන්න විකුණන්න තිබුනා.

    හැබැයි මකසි....නානාසාර හාමුදුරුවන් අබ සරණයි කිව්වේ අබ පුපුරන මූණක් දාගෙන.

    ReplyDelete
    Replies
    1. සමහර විට දැනටම කට්ටිය ප්‍රින්ට් කරනවාද දන්නේ නැහැ. ත්‍රීවීල් එහෙක ගහන්නත් කියාපු වචනේ

      Delete
  13. අබසරණයි අප්පා ... නානාබසරණයි කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. නානාට අබසරණයි කියපු නිසානේ මේ ඔක්කොම.

      Delete
  14. අබ කියන එකේ තේරැම බුදු කිව්වට අබ සරණයි කිව්වම බුදු සරණයි කිව්වා වගේ භක්තියක්, ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇතිවෙනවද?
    අබ කිව්වාම අබ ඇටමයි මතක් වෙන්නේ. ඔච්චර ලස්සන බුදු කියලා වචනයක් තියෙද්දි මොනවට අබ වගේ වචනයක් යොදනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්,
      අබසරණේ නියම වාචික තේරුම බුදුසරණ ම බව නොදැනීම නිසාම නේ එය අද වෙනස් අර්ථකින් දකින්නේ.

      Delete
  15. මේ මා ඇතුලුව බහුතරයකට සිංහල බෑ තමයි.
    එකනේ අමාරු එක අතඇරලා කඩ්ඩ පස්සේ දුවන්නේ..... :D

    මෙහෙමවත් පොස්ට් එකක් දාලා අපේ එවුන්ට මේක තේරුම් කරන්න උත්සහ කරපු එක ලොකු දෙයක් බං....

    කමෙන්ට් බලපුවහම් එකෙක්ටවත් තේරිලා නැද්ද මන්දා....

    ReplyDelete
  16. දන්නවනේ බුදුහාමුදුරුවෝ කිසාගෝතමියට කිව්වා කවුරුවත් නොමළ ගෙදරකින් අබ මිටක් ගෙනෙන්න කියලා කිසාගෝතමියගේ මළ දරුවාට පණදෙන්න. ඒ විදිහට ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීම තමයි අබ සරණයි කියන්නේ. මේ ශබ්ද කෝෂයේ වෙනමම පෙන්වලා නැහැ 'අබ සරණයි' යනුවෙන් යෙදුමක්.

    ReplyDelete
  17. #@#!@#! ^%$^$ @@##@$ මේ කියන්නෙත් අබ සරණයි කියලද?

    ReplyDelete