Friday, December 27, 2013

අපි කප් ගැසුවේ sex වලින් පමණද?(Sri Lanka Sex Search)

මෙම වසර අවසාන වීම සමග බොහෝ තැන්වල පළවූ උණුසුම් පුවතක් වුයේ මෙවරත් ගුගල් හි sex නම් වචනය වැඩිපුරම සොයා ඇති රට ලංකාව බවය. මෙම පුවතට මුල් වුයේ google trends හි මෙම වාර්තාවයි. මෙය අනුව අංක 1 ශ්‍රී ලංකාව වන අතර එයට පසුව පිළිවලින් සිටින්නේ ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව, බංගලාදේශය, නේපාලය, සොලමන් දුපත්, පකිස්ථානය, පැපුවා නිවුගීනියාව, සහ වියට්නාමයයි. මෙම රටවල සමානතා කිහිපයක් ඇත. ඉංගිරිසිය දෙවන භාෂාව වීම, ලිංගික නිදහස සීමා වීම ඉන් විශේෂ වේ.
Sex search in Sri lanka

sex යනු ඇසැබි වෙබ් අඩවි සෙවීමට භාවිතා කරන එක් යෙදුමක් පමණි. එය මේ අංශයේ ඇති ඉතා ප්‍රථමික යෙදුමක් වන අතර ඉංග්‍රීසි ප්‍රවීනයන් එම වචනය මේ සඳහා භාවිතා නොකරයි. එබැවින් ඉංගිරිසිය දෙවන භාෂාව වන රටවල් මේ වචනයෙන් ඉදිරියට එම පුදුමයක් නොවේ. ඇසැබි වෙබ් අඩවි වලට පිවිසීමට හැකි සෙවුම් වචන ඉතා විශාල සංඛ්‍යාවක් පවතී ඉංගිරිසිය හුරු පුද්ගලයන් තම රුචිකත්වය අනුව සෙවීමට යොදන යෙදුම වෙනස් වන බැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් වල ඇසැබි වෙබ් අඩවි සොයන්නෝ එකම වචනයකට කේන්ද්‍ර ගත නොවේ. එබැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් මෙවැනි වාර්තාවල පසුපසට යෑම පුදුමයක් නොවේ. එසේම ප්‍රංශය, ජර්මනිය, රුසියන් රටවල්, චීනය,ජපානය වැනි බොහෝ රටවල් ඇසැබි වෙබ් අඩවි සොයන්නේ ඔවුන්ගේ බසින් විනා ඉන්ගිරිසි sex යන වචනය යොදා නොවේ. එසේම ලොව සමහර රටවල ජනප්‍රිය සෙවුම් යන්තරය ගුගල් නොවේ. එසේම  ඇසැබි වෙබ් අඩවි වලට යන එම අංශයේ ප්‍රවීනයන් කෙලින්ම එම සයිට් වල නම් භාවිත කර ඇතුල් වන අතර නොඑසේ නම් බුක් මාර්ක් යොදා ගනී.

එබැවින් අප තේරුම් ගත යුත්තේ මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ ලංකාව sex යන වචනය යොදා ගුගල්කරන රටවල් වලින් අංක එක නමුත් වැඩිපුරම ඇසැබි වෙබ් අඩවි වලට යන්නන් සිටින රට නොවන බවය.

කෙසේ නමුත් ලංකාවේ පුද්ගලයන් මෙම අඩවි වලට හුරුවී වටිනා කාලය  විනාශ කරන බව අමතක නොකළ යුතුය. එයට හොඳම සාක්ෂිය වන්නේ ලංකාවේ ජනප්‍රිය අඩවි අතර ලෝකයේ ප්‍රධාන ඇසැබි අඩවිද පැවතීමයි.

ඇසැබි වෙබ් අඩවි වලට යාමට භාවිතා කල හැකි තවත් ප්‍රථමික සෙවුම් වචන වන porn, xxx, sex videos මෙන්ම ජනප්‍රිය වෙබ් අඩවි වල නම් google trends යොදා සෙවූ විටද ඉහත රටවල් සෙට් එකම පෙරමුණ ගනී. එනම් මෙම රටවල ලිංගික නිදහස සීමා වීම නිසා යම් අසහනයක් මෙම රටවල තිබීම මෙම වාර්තා මගින් ප්‍රකට වේ. ඇසැබි වෙබ් අඩවි තහනම් කිරීම මගින් මෙම සමාජ ව්‍යසනය නතර කල නොහැකි බව බලධාරීන් තේරුම් ගත යුතුය.

බොහෝ මිනිසුනේ සිරිත වැරදි සෙවීම විනා හොඳ දැකීම නොවේ. අපේ අය බොහෝ වැදගත් තොරතුරු සෙවීම අතින් ද ඉදිරියෙන් සිටී. 2013 සඳහා ගත් එවැනි  සෙවුම් කිහිපයක් google trends වාර්තා මගින් මම පෙන්වන්නම්.

Spoken English පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Spoken English

Internet money  සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක
Internet money

Web hosting පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Web hosting

Web design පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Web design

තවද house design, house plans, c#.net, vb.net, asp.net, java, php වැනි බොහෝ සෙවුම් වලදීද ලංකාව පලවෙනි තැන නොවුනත් මුල් පිහිටුම් වල සිටී.

මේ මම සෙවූ කිහිපයක් පමණි. අපරටට වඩා මිනිසුන් විශාල ලෙස සිටින බොහෝ රටවල් අතරින් අන්තර්ජාලයේ විවිද දේ සෙවීම් අතින් ලංකාව ඉදිරියට පැමිණීම ලංකාවේ පරිගණක සාක්ෂරතාවයේ දියුණුව පිළිබිඹු කරයි.  ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහල රටක එය හොඳ මෙන්ම නරක පැත්තටද යෙදීම පිළිඹඳ තාක්ෂණයට බය විය යුතු නොවේ. සිදු විය යුත්තේ පිළිකාවක් මෙන් පැතිර ඇති ලිංගික අසහනය අප සමාජයෙන් තුරන් කිරීමයි.



85 comments:

  1. සෙක්ස් කෑල්ල පමණක් මුලට ගෙන එය ප්‍රචාරණය වෙද්දී ඔබේ මේ ලිපිය අතිශයින්ම වටිනවා මචෝ
    බොහෝ දෙනකුගේ ඇස් මෙයින් පෑදේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්. මගේ බ්ලොගයේ පළමු අදහස් දක්වන්නා ඔබයි.

      Delete
    2. නලීන්,
      ඔබ මේ ලිපිය සොයා ගත්තේ මොන වචනය දමා සර්ච් කරලාද?
      ;-)

      Delete
  2. මේකේ ෆලෝවර් ගැජට් එක එල්ලන්න

    ReplyDelete
    Replies
    1. මම නවකයෙක් නිසා ඔය ගැජට් ගැන තේරුමක් නැහැ. ඔබ කියුවා නිසා ගැජට් එකක් එල්ලුව. හරි එකද කියා දන්නේ නැහැ. මේකේ ෆලෝවර් ගැජට් එක දැනට එල්ලලාද නැද්ද කියා පෙන්වනවාද?

      Delete
    2. මම හිතන්නෙ නලීන් අයිය කියල තියෙන්නෙ layout එකේ Add a Gadget ගියහම තියෙන More Gadget එකේ followers කියන ගැජ්ට් එක විය යුතුයි..
      මෙහි දැනට එය පාවිච්චි කරල නෑ

      Delete
    3. ගොඩක් ස්තුතියි දුල්ෂාන්. මම More Gadget දැක්කේ නැහැ.ඒක දැන් එල්ල ගත්තා.

      Delete
  3. හොඳ ලිපියක්..
    හැමදාම නරකම විවේචනය කර කර ඉන්නවට වඩා, හොඳ පැත්ත පෙන්නපු එක ගොඩක් වටිනව..
    ඇත්තෙන්ම අපේ රට අතින් ඉහල තැනක ඉන්නව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුල්ෂාන්.

      Delete
  4. ඉතාම වටිනා ලිපියක්. හොඳ ආරම්බයක් දිගටම යන්න.
    ගිය අවුරුද්දෙත් ඔය ලංකාව sex හොයා එක වුන වෙලේ මම වෙන keywords දාලා බැලුවා. එතකොට මට මතක විදියට c# tutorials වගේ programing සම්බන්ද අධ්‍යාපනික කරුණු වලින් ලංකාව එක හිටියා. මේ වසරේ ඉන්දියාව ඒවායින් ඉහලට ඇවිත්. මම keywords ටිකක් චෙක් කරලා කමෙන්ට් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විශ්ව.
      මේ වසරේ ලොකු වෙනසක් වෙලා. ඔබේ සහයෝයත් ලබා දෙන්න.

      Delete
  5. සිරාවට ඇත්ත... අපේ රට පල්ලෙහාට ඇදල දාන්න තමා මීඩියා කාරයො හැම තිස්සෙම බලාගෙන ඉන්නෙ... කාලකණ්නි හැත්ත...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගාලු යාලු.
      බොහෝ අය කරන්නේ ඕක තමයි. අන්තිමට නරක වලට වඩා හොඳ තිබුනත් නරකින් හොඳ වහනවා.

      Delete
  6. වෙනත් පැත්තකින් නිරීක්ෂණයක් කරල තියෙන්නෙ. බොහොම හොඳයි. නමුත් වැඩේ තියෙන්නෙ මේව කියන්න මාධ්‍ය නැති එකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් මේ පැත්තේ ආවාට. මේව කියන්න මාධ්‍ය නැති එකද? තොරතුරු නිසිපරිදි විශ්ලේෂණය කල හැකි මාධ්‍ය කරුවන් නොමැති එකද?

      Delete
  7. මචං ඔය ඊ මනි ගැන හොයන්නේ සල්ලි නැති නිසානේ. නැතිනම් ආදායම් මාර්ගයක් කර ගන්නනේ. එතකොට ලංකාවේ රැකියා හිඟකම කියවෙනවද කොහෙද

    වෙබ් හෝස්ටින් ගැන හොයනකොටත් එහෙමනේ. ලංකාවේ නැති පහසුකම් පිටින් හොයන්න එපායැ. ඒ උනාට අනිත් රටවලට ඒක හොය හොයා ඉන්න දෙයක් නෑනේ. බඩු හෑව්. එකෙන් තොරතුරු තාක්ෂණය තාම දියුණු නෑ කියලා කියනවද මන්දා.

    බොලා දන්නවාද අද ආණ්ඩුවේ, ප්‍රයිවර්ට් කන්තෝරු ගත්තාම එවාගේ ඉන්ටර්නට් තියෙනවානම් අනිවාර්යෙන් කොම්පුයුතරවල වෛරස් තියෙනවා කියලා. ඒ කියන්නේ බඩු හෑව්. උන් වෛරස් හුඟාක් ආසාදනය කර ගන්නේ ඔය සැක්ස් සයිට් වලින්නේ. කැම්පස් කොමිපුයුතර ලැබ්වල කොහොමද වෛරස්!. ස්ටර්ට් මෙනුවේ ඉඳලා කර්නල් ෆයිල් එක වෙනකන්ම වෛරස්.
    මේ වැඩ කොර කොර ඉන්න ගමන් බුක් ගාලා කකුල් ගාතයක් මොනිටරයට වැටෙනවා. එක පාරක් ආචාර්ය පොරක් ප්‍රසන්ටෙන්ෂන් එකක් කොරනකොටත් වැඩේ උනානේ. අපරාදේ කියන්න බෑ. පොර ඒ දකිනකොට පෙරහැර ගිහින් ඉවරයි.

    හැබැයි ඕකට පිළියම විදිහට සැක්ස් නීති ගත කරලා ගණිකාපුරයක් හදනවානම් හරියට අර 5 ශිෂ්‍යත්වය නැති කොලා වගේ වැඩක්. ගූගල් සර්ච් එකට යන එකා යයි. නොයන එකා නොයයි. රටේ සංස්කෘතිය හරියට හැඳුවානම් මිනිස්සු පිරිහෙන්නේ නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. //ඊ මනි ගැන හොයන්නේ සල්ලි නැති නිසානේ// ඊ කතාව හරි කා වා. ඒ වගේම ගොඩක් අය හොයන්නේ නිකන් ඉඳන් සල්ලි හොයන ක්‍රම. එක නේ ළඟදී මිනිසුන් ලොකු වංචාවකට අහුවුනේ. ඊ මනි වලින් සාර්ථකව සල්ලි හොයන්න් නම් ජොබ් එකක් කරන හා සමාන හෝ එයටත් වැඩි දැනුමක් සහ කැපවීමක් අවශ්‍යයි. නමුත් මෙහෙ අය ඊ මනි චාටර් කරගෙන ඉන්නේ(ඊ ළඟ ලිපිය ඒ ගැන)

      //වෙබ් හෝස්ටින් ගැන හොයනකොටත් එහෙමනේ// එහෙම කියන්න අමාරුයි බොහෝ ලෝකයේ වෙබ් අඩවි හිමියන් වෙබ් සර්වර් තියන් ඉන්නේ නැහැ. කොහෙන් හරි ගන්න එක කරන්නේ. ලංකාවේ තියන අන්තර්ජාල වියදම එක්ක ලංකාවේ මෙය ව්‍යාපාරයක් විදියට කරන්න බැහැ. ඒක නිසා පිටින් ගන්න වෙනවා. වෙබ් හෝස්ටින් ගැන සොයන එකෙන් වෙබ් අඩවි ඇති හැදීමට නැබුරුව පේනවා. ඔය අංශය හරියට දියුණු කලොත් විදේශ විනිමය කජ්ජක් නැතිව හොයන්න පුළුවන්.

      ඔබේ අවසන් ඡේද දෙකේ අදහසට සම්පුර්ණයෙන් හරි.

      Delete
  8. නලින් අයියගේ සමකය වටෙන් මේ පැත්තට ආවේ.ඇත්තටම මේක ගැන මං දැනන් හිටියේ නෑ.හැම තැනින්ම ආරංචි උනේ සෙක්ස් වලින් පළමු තැන ලංකාව කියලා.අනිත් ඒවා ගැන කවුරුවත් දන්නේ නෑ.මේක ගැන දැනුවත් කලාට තෑන්ක්ස්.ඔන්න මාත් ෆලෝ කලා.දිගටම කරන් යන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල් මල්,

      Delete
  9. බොහොම වටිනවා මේ ගැන ලිවීම. බොහෝ දෙනා මේ ගැන දන්නවා වුණත් ලියන්නේ නැති වෙලාවක තමයි ඔබ ඉදිරියට ආවේ. මේකෙන් එලි වන එක දෙයක් තියෙනවා. අපේ ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය වල ඉන්න අය නිසි හොයා බැලීමකින් තොරව කවුරු හරි කියන එක ඔහේ කියාගෙන ගියා කියන එක. මේකට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ අන්තර්ජාල සුලභතාව(Internet Penetration) වැඩි වීම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ පැමිණීම ගැන .
      සමාජයේ විවිද ස්තර අතර හොඳින් අන්තර්ජාලය ව්‍යාප්ත වීම අතින් අපි ඉන්දියාව, පකිස්ථානය වැනි රටවලට වඩා ඉදිරියෙන්. ගොඩක් සෙවීම් වලින් ඔය රටවල් එක ලගින් ඉන්නේ. ලංකාවේ ජනග්‍රහණය අඩු උනත් ඔවුන් සමග සිටින්නේ අන්තර්ජාල සුලභතාව අතින් අපි ඉදිරියෙන් බවයි.

      Delete
    2. සහ අනිත් "Penetration" අඩු වීම

      Delete
  10. බොහොමත්ම වටිනා ලිපියක්..

    අපේ රටේ නරක පැතිම පෙන්වන්න උත්සහ කරන බොහෝ දෙනෙක් අතරේ ඔබ මෙවන් ලිපියක් ලිවීම ගැන බෙහෙවින්ම සතුටුයි සහෝ..

    දිගටම ලියන් යමු.පුලුවන් හැම වෙලවෙම මේ පැත්තටත් එන්නම්.

    ජයම වේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි දමිත්.

      Delete
  11. ගොඩක් වටින ලිපියක්..
    අපිට මාධ්‍යයන් වලින් පෙන්වන්නේ ඔවුන්ට විකුණගන්න පුළුවන් දේ විතරයි. sex ඇර අනික් මාතෘකා විකුණගන්න පුළුවන් උනානනම් එව්වත් කියාවි. (අර සියදිවි නසාගැනීම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ වගේ)

    දිගු ගමනකට සුභපැතුම්!!
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි විදානේ.
      මාධ්‍යයන් වලට ඕවා විකුණගෙන කන්න පුළුවන් වන්නේ අපේ අයත් ඕවා කුණු රසයට තලු මර මර බලන නිසා නේ

      Delete
  12. මේකනම් සාධනීය වෙනසක් මචං.

    අලුත් බ්ලොග් එකට සුභ පැතුම්! දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. පැමිණීම පිළිඹඳ බොහොම ස්තුතියි නාඩියා.

      Delete
  13. හැමෝම කියල තිබෙන නිසා ඒ වචන වලින් උත්තර දුන්න කියල තවත් මාව නාවයි.
    පටන් ගැන්ම එකෙන්ම එල.
    ලියාගන පලයන් මේ විස්තරේ සුපිරි.
    මතක තියා ගනින් හිතාගන්න බැරි සර්පයෝ පොඩ්ඩක් ඉන්න සුන්දර වනාන්තරක් බව.
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. පැමිණීමට, ඇගයීමට සහ උපදෙස් වලට ස්තුතියි කෙන්ජි සහෝදරයා.

      Delete
  14. ඔබ එක්කෝ දැන, බොහෝ විට නොදැන, කර ඇති දෙයක් නම් මේ ලිපියේ මාත්‍යකාවට ඉංගිරිසි යන වචනය යෙදීමයි.

    දැන් ඉතිං අර අංක එකේ ගූගල් සෙවුම් වලදී මේ ලිපියත් පෙන්වනවා නියතයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කතන්දර දිගටම එන්න. ඒ වචනේ හිතලා දැම්මේ නැහැ. නිතර භාවිතා වෙන වචනය නිසා යෙදුවා. ඔබගේ බ්ලොග් එකේ ගන්න ගොඩක් දේ තියෙනවා. ලිපිය තැනින් තැන ලින්ක් දමා වෙනත් ලිපිවලට සම්බන්ද කිරීම සහ මාත්‍යකාව සිංහලෙන් ලියා වෙනම ඉංගිරිසි අනුවර්තනයක් දැමීම. මමත් ඒ ක්‍රම ඉස්සරහට ගන්නවා. SEO උපදෙසක් ලබාදුන්නට ස්තුතියි.

      Delete
  15. ඔයා අළුත් කෙනෙක් වෙන්න බැ කියලා මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීම ගැන ස්තුතියි.
      අලුත් කිවුවේ බ්ලොග් ලියන්න සහ කියවන්න විතරයි.

      Delete
  16. ලංකාව sex සොයලා ලෝකයේ පළමු තැන ලබලා තියනවා කියලා මහා ප්‍රචාරණයක් දෙන්නෙ කවුද ? ගූගල් ආයතනයෙන්මද ? ඇයි දන්නෑ ලංකාව අනිත් අංශ වලිනුත් ඉදිරියෙන් ඉන්නවා කියන එක හයිලයිට් වෙන්නැත්තේ ?

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිණීම ගැන ස්තුතියි සෙන්නා.
      //ගූගල් ආයතනයෙන්මද ?// නැත. ගුගල් ට්‍රෙන්ඩ්ස් හරහා එවැන්නක් නොවේ. වෙබ් සහ බ්ලොග් අඩවි හිමියන්ට තම අඩවි දිවුණු කිරීමට අවශ්‍ය දත්ත ලබාදීම හැර වෙන දෙයක් ඔවුන් නොකරයි. ඕනම කෙනෙකුට එමගින් ඕනෑම දෙයකට අන්තර්ජාලයේ ඇති ඉල්ලුම පිළිඹඳ වාර්තා සකසා ගත හැක.
      //ලංකාව sex සොයලා ලෝකයේ පළමු තැන ලබලා තියනවා කියලා මහා ප්‍රචාරණයක් දෙන්නෙ කවුද ? // යම් යම් මාද්‍ය සහ news සහ gossip වෙබ් අඩවි. ඔවුන්ගේ පුවත් ප්‍රමාණය වැඩි කරන්න. sex කියන වචනය දැක්කොත් ඕන කෙනෙකුට එම news බලන්න හිතෙනවා නේ.
      //ඇයි දන්නෑ ලංකාව අනිත් අංශ වලිනුත් ඉදිරියෙන් ඉන්නවා කියන එක හයිලයිට් වෙන්නැත්තේ ?// මම නොදනී.

      Delete
  17. බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළිගන්නවා....!!! මේ ලිපියෙන් ලංකාව පහතට දාල කතාකරන ලාංකික මීඩියා පොරවල් වල ඇසුත් ඇරෙනවනම් කොයිතරම් හොඳද. හොඳ ආරම්භයක්. ජයවේවා...!!

    ReplyDelete
    Replies
    1. පැමිණීම සහ ඇගයීම ගැන බොහොම ස්තුතියි නංගී.
      //ලංකාව පහතට දාල කතාකරන ලාංකික මීඩියා පොරවල් වල ඇසුත් ඇරෙනවනම් කොයිතරම් හොඳද// එක තමයි මෙම ලිපිය සඳහා මගේ අරමුණ.

      Delete
  18. ආඩම්බරයි පුතේ ... :)

    අලුත් කියල සුවර්ද ? :P

    ReplyDelete
    Replies
    1. පැමිණීම ගැන ස්තුතියි සමී.

      //අලුත් කියල සුවර්ද ?// හොඳටම ෂුවර්.

      Delete
    2. හ්ම්ම් ඒක තමයි සමියෝ මාත් හිතුවේ

      Delete
  19. මෙම සංක්‍යලේඛන සකස් කරන්නේ ජනගහණයට සාපේක්ෂව ද? නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැත !! වෙන්න බෑ... මේක අනිවාර්යයෙන්ම ජනගහනයට සාපේක්ශව ප්‍රතිශතයක් වෙන්න ඕනා. බිලියන එකයි දශම ගානක් ඉන්න ඉන්දියාවෙ අනිවාර්යයෙන් අපිව පහු කරලා යනවා නිකන්ම සංඛ්‍යා විතරක් සළකලා බැලුවනම්...ඔවුන් දෙවෙනියට ඉන්න නිසා කොහොමත් එහෙම වෙන්න තියන ඉඩ වැඩියි..

      Delete
    2. ජනගහණයට සාපේක්ෂව නොවේ එම පෙදෙසෙන් එන සම්පුර්ණ සෙවුම් ප්‍රමාණයට සාපේක්ෂව. (data has been normalized by the total searches from each region)
      https://support.google.com/trends/answer/4365533?hl=en&ref_topic=4365599

      Delete
    3. එහෙනම් ඉතින් අපේ අය සෙක්ස් කප්පිත්තො තමා... ස්තූතියි මකසි.

      Delete
  20. කිව්වත් වගේ පොඩ්ඩක් කැටගරි අනුව හොයලා බලපුවාම ලංකාව අහලකවත් නෑ.

    ReplyDelete
    Replies
    1. යක්ෂයාගේ පැමිණීම ගැන බොහොම ස්තුතියි.

      Delete
  21. ඇසැබි වෙබ් අඩවි වලට යාමට භාවිතා කල හැකි ප්‍රථමික නොවන සෙවුම් වචන මොනවාද ?

    ReplyDelete
    Replies
    1. බොලාට වැල බලන්නත් tutorials හදන්න ඕන ද?

      Delete
  22. මේක නං ෂෙයා කරන්න වටින පෝස්ටුවක්! දිගටම කරගෙන යන්න..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පැමිණියාට බොහොම ස්තුතියි රජතුමණි. ඔබටත් රාජ සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා!!! සුභ වේවා!!!

      Delete
  23. නියමයි. නොදැන හිටපු කරුණු ගොඩක් දැන ගත්තා.

    මේවට මූලික වැරද්ද 'ලිංගිකත්වය' කියන දේ වහලා මහා බල සම්පන්න මැජික් එකක් බවටපත් කරලා තියෙන අපිම මේ දාන් ඉන්න සීමා මායිම්.

    ReplyDelete
    Replies
    1. පැමිණ අදහස් දැක්වුවට ස්තුතියි.

      Delete
  24. අපි මේව දැනගෙන හිටියෙ නැහැනෙ.ඇයි අපේ රටේ කයිවාරු ගහන මාධ්‍ය කාරයන්ට බැරි මේ දේවලුත් ඉස්සරහට දාන්න..මහා කළුව හොද වැඩක් කොරල තියෙනව..මේ දේවල් කියවලවත් මිනිස්සුන්ගෙ ඇස් ඇරෙනවනම් ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. පැමිණ අදහස් දැක්වීම ගැන ස්තුතියි. දිගටම එන්න.

      Delete
  25. ලන්කාවේ සින්හල මාද්ය ගැන නම් කතා කරල වැඩක් නැහැ. ගවේශනාත්මක කලාව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැහැ. කොහෙන්හරි ඇහිච්ච දෙයකට අතිනුත් දාලා හෑල්ලක් ලියනව.

    හොද ලිපියක් සහෝ.. දිගටම එන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැමිණ අදහස් දැක්වීම ගැන. දිගටම එන්න. තාක්ෂණයට සම්බන්ද දේ ලියන විට ගේෂණයක් නැතිව කෙලින්ම අහපු දේ ලියනවා නැත්නම් පරිවර්තනය කරනවා. දැන් බොහෝ පුවත් පත් වල එසේ පරිවර්තන කරන ලද තාක්ෂණික පුවත් වල යෙදුම් වැරදියට මම දැකලා තියෙනවා බොහෝ විට.

      Delete
    2. ගේෂණයක් ලෙස වැරදියට ලියවුනේ ගවේෂණයක් යන්නයි

      Delete
  26. හොද කතාවකින් මුල පුරලා තියෙන්නේ....වැඩේ ඇත්ත. අපි දුපතක් විදිහට තාම දකින්නේ මහ පටු විදිහට. කියන වචනාර්ත්‍ය විතරයි...අපි තව ගොඩක් දේවල් උගන යුතුයි. නැත් නම් අපි හැමදාම මෙතන ඉදී. උබ තව හොද ලිපි ටිකක් ලියපං. බොලඳ කතා වල කොටු වෙන් නැතුව. සුභ සහෝ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රස්තියාදු.
      ඇත්ත මචන් අපි එක තැන කොටු නොවී බොහෝ දේ උගත යුතුයි. English වලින් බ්ලොග් ලියන්නන්ට සහ වෙබ් අඩවි හිමිකරුවන්ට google trends කියන්නේ හොඳ මෙවලමක්. අපේ අය එක යොදා ගන්නේ රට පහත් කරලා කතා කරන්න

      Delete
  27. සෙක්ස් කිව්වත් ඇති කට්ටිය එනවා.. හැක්.. හොද ප්‍රෙව්ශයක්... ජය වේවා

    ReplyDelete
    Replies
    1. පැමිණ අදහස් දැක්වීම ගැන ස්තුතියි දේශක. ඔබටත් ජය.

      Delete
  28. වටිනා ලිපියක්.කිවුවත් වගේ ජන මාධ්‍ය තමා ලංකාව මුල් තැනට ඉන්නේ කිය කියා බෙරිහන් දෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බට්ටී නැවත එන්න.
      බෙරිහන් දුන්නේ ගුගල් නොවේ, අපේ අයම තමයි.

      Delete
  29. ඔයා හොද මාතෘකාවක් ගැන ලියලා තියෙන්නේ .. පේනවනේ ඔක්කොමලා ඇවිත් ඒ වගේම ගොඩක් වැදගත් ලිපියක් .. මාත් එහෙන් මෙහෙන් අහලා තිබ්බට මෙතනින් තමයි පැහැදිලිව දැක්කේ අනෙකුත් කාරනා ගැන.

    තව දෙයක්,, ලංකාවෙන් පිටරටවල ගිහින් ජිවත් වෙන රැකියා කරන අයත් මේ ගොඩට එකතු වුනානම් එකයි දෙකයි දෙකම අපිට.. දිගටම ලියන්න .. ඔයාට සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
    Replies
    1. පැමිණීමට සහ අදහස් වලට ස්තුතියි ඕමයා. සිංහල බ්ලොග් වලට ආගන්තුක වූ මගේ පළමු ලිපිය සාර්ථකයි කියා සිතනවා. තව ලිපි වලට අදහස් තියෙනවා ටික ටික ලියන්නම්. ඔබටත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්.

      Delete
  30. ගවේශනාත්මක ලිපියක්, හොඳ ප්‍රවේශයක්
    දිගටම එනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි අනූ, දිගටම එන්න.

      Delete
  31. ම.ක.සි

    මහx xළු සිංහxයා

    ජස්ට් අ ජෝක් මේට්!

    වෙල්කම් කිව්ව.

    ඉස්සර මෙහෙම අලුත් උන් හොයන් ගිහින් උන්ව නග්ගල ගත්තෙ දුකා, බිඟුව, පස්සෙ අර DDT කියන හාදය. දැන් උන් එකෙක්වත් බ්ලොග් ලියන්න බලන්නෙ නෑ කරුමෙට!

    උඹ අල්ලල තීන නිලෙ හොඳයි. හැබැයි ලිපිය සහ කමෙන්ට් බැලුවම පේනව බ්ලොග් වලට අලුත් කිව්වට පරිඝනක තාක්ෂනයට පුරුදු මිනිහෙක් බව.

    සුභ අලුත් අවුරුද්දකට වගේම සුභ ගමණකට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. පැමිණීම සහ ඇගයීම ගැන බොහොම ස්තුතියි ඉන්දික.
      අකුරු ඉවත් කලවිට එන නම් මරු.
      කිහිප දෙනෙක් මතුකරලා තිබුන දෙයක් තමයි ආධුනිකයෙක් නොවන බව. ඇත්තටම මම බ්ලොග් වලට ආධුනිකයෙක් නමුත් තොරතුරු තාක්ෂණයට නම් පරණ කෙනෙක්.

      සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්.

      Delete
  32. ඔන්න මමත් ඇවිත් ගියා. මම හිතන්නේ මේ අපේ ට්විටරයේ හිත මිතුරාද කොහෙද.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැමිණීම ගැන. දිගටම එන්න.

      Delete
    2. සියලු අරමුණු ඉටු වන සුබ නව වසරක් වේවා.

      Delete
  33. ඔබේ ප්‍රවේශය ගොඩක් හොඳයි,අර කිව්වත් වගේ ඔබගෙ ආධුනික බවක් නං පේන්න නෑ,දිගටම ලියාගෙන යමු.ජයවේවා සිරි සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලප අයියටත් ගොඩක් ස්තුතියි පැමිණ ඇගයීම ගැන. සියලු අරමුණු ඉටු වන සුබ නව වසරක් වේවා.

      Delete
  34. කවදත් ඉතින් හොද දේ ඉස්සරහට ආවේ නැහැනේ.. නරක දේ තමයි උළුප්පලා දෙන්නේ.. මමත් ඔය අනික් දේවල් ගැන දැන ගත්තේ මේ ලිපියෙන් තමයි..

    ReplyDelete
    Replies
    1. පැමිණීම ගැන බොහොම ස්තුතියි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්.

      Delete
  35. නොදකින පැත්තක්! ස්තූතියි! ගොඩක් වෙලාවට දකුණු ආසියානු රටවල් ලාභදායී ක්‍රම වලට මුල්තැන දෙනවා වැඩියි. ඉතින් අන්තර්ජාලය කියන්නේ ඒ වැඩේට කියාපු තැනක්.
    සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. පැමිණ ඇගයීම ගැන ස්තුතියි. ඔබටත් සුබ නව වසරක්

      Delete
  36. මෙච්චර පුන්චි රටක් උනත් මේ වගේ දක්ෂ කොල්ලො ඉන්න එක ගැන ආඩම්බර වෙන්න ඕනේ. නිකන් චාටර් කන් නැතිව.මමත් මේ ගැන දන්නේ දැන්. ලන්කාවේ හැමෝම මේක දැනගන්නවනම් ගොඩක් වටිනවා.ස්තූතියි මේ ගැන දැනුවත් කලාට,

    ReplyDelete
    Replies
    1. දක්ෂයෝ ඉන්නවා මලේ එත් උන් කරන වැඩ නොවේ නේ ප්‍රසිද්ද වෙන්නේ. පැමිණ අදහස් දැක්වීම ගැන ස්තුතියි. සුබ නව වසරක් ඔබට.

      Delete
  37. හැමතැනම sex 1st, sex 1st කියලම තිබ්බට අනිත් පැත්ත ගැන දැනගත්තේ මේ ලිපියෙන්...ජය වේවා දිගටම ලියන්න...! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැමිණීම ගැන. සුබ නව වසරක්.

      Delete